පරණ කොස් ලෑලි කෙතරමි වටිනවා වුවත්, සියල්ල අලුතෙන්ම ලබාගත යුතුය යන සංකල්පය මත එම කොස් ලෑලි ඉවත්කර නොවටිනා ලීයක් පොලිස් කරමින් භාවිතයට ගන්න අවස්ථා නැතිවා නොවෙයි. ලූණූ මිදෙල්ල වැනි ලීයක් පොලිස් කර දුන් විට එය ලබාගනී.
මිනිසුන් තුළ තිබෙන මෝඩකමයි උද්ධචිචකමයි නිසා මිනිසුන් විශාල පාඩු සිදුකරගනී. අප ලඟ තිබෙන මෝඩකමයි උද්ධච්චකමයි අපගේ දියුණුවට බාධකයක් වෙලා තිබෙනවා.විවාහ වන ෙවිගයට වඩා වැඩි ෙවිගයකින් විවාහ කැඩීමි දක්නට ලැබෙනවා. එසේ සිදුවීමට හේතුව සොයනවා මිස ප්‍රශ්නය සෙවිමෙන් පලක් නැති බව බුදු දහම තුළ සඳහන් වෙයි.සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් තිබෙනවා. ප්‍රශ්නයක් පැමිණෙන විට උත්තර ලබාදුන හොත් එම පිළිතුරම නැවත ප්‍රශ්නයක් වීමට ඉඩ තිබෙනවා. ඊට වැඩිය බුද්ධ්මත් ක්‍රමයක් තෝරාගත යුතුයි. ප්‍රශ්නය ඇතිවීමට හේතුව කුමක්ද? කියා සෙවිම බුද්ධ්මත්ම ක්‍රමයයි.හේතුව සොයාගෙන එයට විසඳුම ලබාදීම තුළින් රෝගය සුවවෙයි. හේතුව නොසොයා තමන්ගේ ආවේග තුළින් හා තමන්ගේ මනසේ තිබෙන උද්ධචිචකමෙන් ප්‍රශ්නය විසඳීමට උත්සාහ කරයි. ප්‍රශ්නයක් විසඳීමට නමි, පළමුවෙන්ම තමන්ගේ මනස නිරවුල් කරගත යුතුයි.අසතුටකින්, වෛරයකින්, කේන්තියෙන් හෝ තරහවකින් මනස අවුල් වෙලා තිබෙනවා නමි,එම අවුල ලිහාගෙන ගැටළුව විසඳිය යුතුයි.පිරිසුදුකම
මෙම සූත්‍රයේ දෙවන කාරණාව ලෙස සඳහන් වන නිවසක් තුළ දිරාගිය කැඩී බිඳී ගිය කොටස් පිළිසකර කළ යුතු බවයි. තමන්ගේ නිවස පිළිබඳව උනන්දුවක් දැක්විය යුතුයි. තමා ජීවත් වන නිවසට වැඩිය තමන්ගේ මුහුණ පිළිබඳව උනන්දුවක් දැක්වීම වරදක් නොවුණත් තමා ජීවත් වන ගෙදර පිළිබඳව ද උනන්දුවක් තිබිය යුතුයි. තමන්ගේ ශරීරයසේම තමා ජීවත් වන නිවසත් පිරිසුදුව තිබිය යුතුයි. ඇතැමි විට බඩගිනි අවස්ථාවල මුළුතැන් ගෙය සොයා යයි. ඇතැමි මුළුතැන් ගෙවල් තුළ පවතින අපිරිසුදු තත්වය කෙතරම්ද ?කියනවා නම්, ඔක්කාරයට එන තත්වයට ද පත්වෙනවා.කම්මැලි කම නිසා පිරිසුදු නොකර සිටීමෙන් අපිරිසුදුකම තවත් වැඩිවෙයි. ගෙදරක සිටින ගෘහණිය කම්මැලි නම්,එම ගෙදර දියුණු වන්නේ නැහැ. ගෙදරක සිටින ගෘහපතියා කම්මැලි නමි, එම ගෙදර දියුණු වන්නේ නැහැ. මුදල් කෙතරම් තිබුණත් දියුණුවක් නැහැ. දියුණුවේ එකම සාධකය මුදල්ම නොවෙයි. තමාගේ වත්ත පිටිය තිබෙනවා නමි, තමන්ට අවශ්‍ය භව බෝගයක් වවාගැනීමට තරම් දක්ෂකමක් හැකියාවක්, වුවමනාවක් ආසාවක් තිබිය යුතුයි.වර්තමාන ගෘහණිය බොහෝදුරට කම්මැලියි. රූපවාහිනිය ළඟ සිට කේක් හදන ආකාරය බලාගෙන සිටින්න, විවිධ කෑම වර්ග හදන පිළිවෙල බලා සිටීමට , මනාලියන්ට අන්දන ආකාරය බලා සිටීමට ආසයි. සියලු කාරණා වෙළෙඳ දැන්වීමටවලටම හුරුවීමක් දක්නට ලැබෙනවා. විවාහ වෙන දවස එක දවසක් වුණත් විවාහයට පසුව වැඩි වැඩ කොටසක් තිබෙන බව සිතීම අවශ්‍යයි.
දිරාගිය බඩු, විනාශ වුණ දේවල් හෙවත් ආධ්‍යාත්මිකව සිදුවුණ හානි නැවත ගොඩනගා ගත යුතුයි.
අරපිරිමැස්ම
ගෙවල් තුළ ආහාරපාන වර්ගවල සීමාවක් නැහැ. තමන් වියදමි කරන මුදල සහ වෙළෙද සංකීර්ණයට ගිය විට එහි දක්නට තිබෙන බඩු බාහිරාදිය ගන්නවා මිස තමන්ට අවශ්‍ය දේ ගන්නවා අඩුයි. අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් රැගෙන යනවා මිස කිසිදු වගකීමක් නැතිව අරපරෙස්සම පිළිබඳව සිතන්නේ නැහැ. ආහාර පාන තුළ වුවත් සීමාවක් තිබිය යුතු බවට බණ පොත තුළ සඳහන් වෙයි.ගෙදරකට තමන්ට ලැබෙන මුදල අනුව අරපිරිමැස්ම තිබිය යුතුයි.
කෑම බෙදා ගැනීමට ගිය විට බුපේ එක තුළ තිබෙන සියලු ආහාර වර්ග බෙදා ගන්නවා.කිරට පිස තිබෙන මාළුත් , බැද තිබෙන මාළුත් ,මිරිසට පිස තිබෙන මාළුත් යන වර්ග තුනම බත් පිඟානට බෙදා ගන්නවා.පිස තිබෙන සියලුම කෑම ඔහුට හෝ ඇයට පමණක් කෑම සඳහා සාදා නොතිබෙන බව දන්නේ නැහැ. ඒ පිළිබඳව සිතන්නේ නැහැ.සියලුම කෑම වර්ග තමාට කෑම සඳහා පමණක් සාදා ඇති බව සිතයි.කුස තුළ තිබෙන ඉඩ ප්‍රමාණය නොසිතන නිසා විශාල කෑම ප්‍රමාණයක් ඉවත දමනවා.ගෙදරක් තුළ එක් දිනකට කෙතරම් ප්‍රමාණයක් කෑම ඉවතට දමනවාද?
අපේ පැරණි මිනිසුන් රාත්‍රියට පසින ලද බත් වැඩිවුණ අවස්ථාවල එම බත් ටික සෝදාගෙන ලූණු මිරිස් කපා දමා දියබත් සදා උදේ ආහාරයක් ලෙස පිළියෙල කරගත්තා.මෙම ක්‍රමවලට වඩා පාමසියෙන් ලබාගනු ලබන බෙහෙත් පෙත්තට හුරුවෙලා අවසානයි. කොස් හැදෙන කාලයට ගස්වල කොස් හැදිලා වැල ඉදිලා බිමට වැටිලා යනවා. පැරණි අම්මලා මේ කොස් ඇට ඉවතට නොදමා වැලිකොස් ඇට හැදුවා. කොස් නැති කාලයට මේවා ආහාරයට ගත්තා. අදවන විට වැලි කොස් ඇටයක් සොයා ගන්නත් නැහැ. වැලි කොස් ඇට හදපු අම්මාලත් අද නැහැ.
වෙළෙඳ දැන්වීම් යොදා කරනු ලබන ආහාර පානවර්ග වලට හුරුපුරුදු වෙනවා.අපේ අම්මල වැඩි කොස් තම්බල වේලලා අටුකොස් හදලා දුමේ තිබ්බෙත් කොස් නැති කාලයට ආහාරයට ගැනීමටයි.අහක දමන කෑම ටික කුරුල්ලන්ට කෑම සඳහා වෙනම ස්ථානයක් හදල තිබිබා. කුරුල්ලන් කෑම කන දෙස බලාගෙන සිටින විට සිතත් සැහැල්ලු වෙනවා. අද ඉතිරිවන ආහාර පාන කසල බඳුනට දමනවා. රුපවාහිනිය දෙස බලා සිටිනවාට වඩා කුරුල්ලන් දෙස බලා සිටිම තුළ මානසික සැහැල්ලුවක් ඇතිවෙනවා.
තමන්ට ගැටළුවක් පැමිණි අවස්ථාවක කුරුල්ලන් ගේ දර්ශනයත් මනසට සැහැල්ලුවක් ගෙනෙයි.අතීතයේ අම්මාවරුන් ආහාර පිසීමට සුදුළුණු ගමිමිරිස් යොදාගත් නිසා එම ඖෂධයම ආහාරය බවට පත්වුණා. වර්තමානය වන විට ආහාර වෙනම ලබාගෙන ඖෂධ වෙනම ලබාගන්නා තත්වයට සමාජය පැමිණිලා තිබෙනවා. වර්තමාන සමාජය අයහපත් සහ අතීත සමාජය යහපත්ය යන කාරණාව ෙමි තුළ සඳහන් වන්නේ නැහැ.වර්තමාන සමාජ ක්‍රමය අතීත සමාජයත් සමඟ අර්ථවත් ආකාරයෙන් ගලපාගත යුතුයි. අතීත අම්මාවරුන් සහල් වල වී අහුරන අස්ථාවන් වල කුඩා දරුවන්ද සම්බන්ධ කරගන්නා ක්‍රමයක් එදා සමාජය තුළ පැවතුණා. වී ටික අහුලන විට,එලවළු කපන විට,ගෙදර වැඩකටයුතුවලදී අම්මා සහ තාත්තා එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන දරුවා සමඟ කතාබස් කරමින් දරුවා ගුණවත් දරුවකු කිරීමේ අඩිතාලම යොදාගන්නවා.
වර්තමාන සමාජ ක්‍රමය
වර්තමානය වන විට අම්මා එක පරිගණකයක සිටින විට දරුවන් වෙන වෙනම පරිගණක තුළ සිටී. නිවස තුළ කතාබහ අඩුකමින් ඔවුනොවුන් හුදකලා වෙලා වගෙයි.කතාබහ කිරීමේදීත් අනෙකාට අවශ්‍ය කාරණාව පමණක් ප්‍රකාශ කරයි. නිවස තුළ සුහද කතාබහක් නැහැ. තමන් ජීවත්වන කුලකය සතුටෙන් සමඟියෙන් සැහැල්ලුවෙන් ජීවත් වීමට අවශ්‍ය කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.මුදල් අවශ්‍ය බව සත්‍ය වුවත් ඇතැමි පිරිස් මාසික වැටුප ලැබෙන තුරු බලාසිටීමට පුරුදුවෙලා සිටිනවා. ඇතැමි කාන්තාවන් දවසම රූපවාහිනිය නරඹමින් සිටිනවා මිස, එම අවස්ථාව තුළ අතිරේක කාර්යයක් ලෙස මැහුම් ගෙතීම වැනි කටයුත්තක හෝ නිරත වෙනවාද?
කිසියම් පුරුෂයකුගේ කිසියම් ස්ත්‍රියකගේ දුස්ශීල බව තිබෙනවා නම්,ඔහු හෝ ඇය මුදල් වියදමි කරන තැනැත්තා හෝ තැනැත්තිය නම්,එම ගෙදර තත්වය ඉතාමත්ම භයානකයි. දුෂ්ශීල පුද්ගලයෙකුට භාණ්ඩාගාරය නොදිය යුතුයි. ඇතැමි පුද්ගලයන් දුම්පානයට සහ මත්පැන් පානයට ඇබ්බැහිවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් විනාශ කරනවා.ඇබ්බැහි මානසිකත්වය විසින් ඔහු එම තත්වයෙන් මිදීමට උත්සාහ කරන්නේ නැහැ.ඇබ්බැහි මානසිකත්වය තමාගේ ච්ත්ත ශක්තිය තුළින් වෙනස් කළ හැකියි. සිතිවිල්ල ආසාව ආස්වාදය ඇබ්බැහිය දක්වා ක්‍රමානුකූලව ගමන් කරනු ලබයි. ඕනෑම අවස්ථාවක තමාට වුවමනාවක් තිබෙනවා නමි ඇබ්බැහියාව නවතා ගත හැකියි
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 22 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment