Labels

Thursday, March 31, 2016

උපාසකයෙකු සතු ලක්ෂණ


බෞද්ධයන් වශයෙන් අපේ භාවිතයේ දී නිතර යොදා ගන්නා වචනයක් වන්නේ උපාසක උපාසිකා යන්නයි. ගමේ පළාතේ වයසක කවුරු හෝ මිය ගිය විට පන්සලේ හාමුදුරුවොත් ගමේ රටේ කොයිකවුරුත් කියනවා අහවල් උපාසක මහත්මයා මිය ගියා.

සමථකරණය


බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර අභිප්‍රාය වූයේ මහා කරුණාව හා මහා ප්‍රඥාව තුළින් ප්‍රචණ්ඩත්වය පරදවා මිනිසා සතු මානුෂීය ගුණාංග මල්ඵල හට ගැනීමට ආර්යය පිළිවෙතක් දායාද කිරීමය. එහි පදනම වූයේ  පංචශීලයයි.

ස්වභාව ධර්මයෙන් අසුරයන් පැරද වූ අවස්ථාවක් ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 25)


බුදුදහමෙහි අපාය සංකල්පය නම් මාතෘකාව යටතේ පළවන ලිපි මාලාවේ අද දින පළවන්නේ විසිපස් (25) වන ලිපියයි. මෙම ලිපියෙන් උක්ත මාතෘකාව යටතේ පළ වූ ලිපි මාලාව අවසන් කරන්නට තීරණය කළෙමු. එබැවින් අද දින පළවන්නේ එහි අවසන් ලිපියයි.

අභය දානය දෙමු පර පණ නොනසමු


බොහෝ දෙනා කල්පනා කරන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටීම පමණක් ප්‍රමාණත් වේ යැයි කියාය. මේ නිසා ඇතැම් අය ආගමික හැඟීමක් නැති වුවත් වෙනත් සතෙකුගේ ජීවිතයට හානි නොකරන නමුත් තව කෙනෙක් පර පණ නසන විට ඊට අනුබල දෙති. මේ පායන කාලයේ සිඳී යන වැව් අමුණු හෝ ඇළවේලි වල මාලු අල්ලන අය දුටු විට ඇතැම් අය ඒ වටේ රැස් වී සිනහ වෙමින් එය විනෝදයක් කරගන්නා අතර අසරණ මාලුවෝ ජීවිතය රැක ගැනීම සඳහා මරුවා සමඟ සටන් කරති.

Sunday, March 27, 2016

ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය


එකම මනුස්සයා තුළ දෙදෙනෙකු සිටිනවා. සමහර අවස්ථාවල මිනිසුන් කියනවා මේ මනුස්සයා හරියට යකෙක් වගේ කියා. තවත් අවස්ථාවක කියනවා ඔහු දෙවියෙක් වගේ කියා. එකම මනුස්සයා යක්ෂයා සහ දෙවියා කියා අමතන්නට ඇති හේතුව කුමක්ද? බුදුදහමට අනුව අපේ සිතේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය, පලිගැනීම වගේ අකුසල චෛතසික ඉස්මතු වූ විට අප නොදැනීම යක්ෂයා ආරූඪ වෙනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි උදාර ගුණාංග සිතිවිලි අපට සමීප වනවිට, සමීප කරගන්නා විට අප තුළ සිටින දෙවියා මතුවෙනවා.

Thursday, March 24, 2016

ශ්‍රද්ධාව සහ භක්තිය


‘ශ්‍රද්ධාව‘ යනු නිවන් මගේ මූලාරම්භයයි. ඒ ශ්‍රද්ධා නමැති බීජය සුදුසු තැනක රෝපණය වුවහොත් පැළයක් මතුවන්නේමය. ඒ ශ්‍රද්ධා නමැති කුඩා බීජය වර්ධනය වීමට තව තවත් බලය ලබාදීමටත් ශ්‍රද්ධාවට ශක්තියක් ඇත. බලවත් වූ ශ්‍රද්ධාව, සසර ම සුවපත් කරන ධනයක් ද වන්නේ ය. එය තවත් වර්ධනය වන කල්හී ශ්‍රද්ධාව, මහාධනයක් වී සසර ජීවිතය මෙහෙයවන ඉන්ද්‍රියයක් (නායකයා) බවට පත් වන්නේ ය. මෙසේ සංවර්ධනය කරගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තාට එයින්ම නිවන් මග පෑදෙයි.

අභිවෘද්ධිය සලසාගන්නේ කෙසේද?


යම් ජාතියක, රටක, වර්ගයක, කුලයක අභිවෘද්ධියක්ම බලාපොරොත්තුවෙන් ඒ ඒ කණ්ඩායම්වලට ආදරය කරන ඇත්තන්, ඒ ඒ කණ්ඩායම් උදෙසා නොයෙකුත් ක්‍රියාකාරකම්වල තම අභිමතය පරිදි යෙදෙති. නමුත් බොහෝවිට එම ක්‍රියාකාරකම් නිසා ඒ ඒ කණ්ඩායම් තුළ පරිහානියක්ම, අසමගියක්ම ඇතිවන අවස්ථා බොහෝ විට පෙනෙන්නට ඇති සුලභ කරුණකි. අවංකව කැපවී,

Wednesday, March 23, 2016

දැනුම හා අවබෝධය ඇති කරමු


දුව හෝ පුතා දෙමාපියන් විසින් තමන්ගේ ජීවිතයේ බරක් කර නොගත යුතුය. දරුවන්ට අවුරුදු 18ක් 19ක් වන විට දරුවන් විවාහ කරදිය යුතු බවට ඇතැම් දෙමාපියන් විශාල බරක් ලෙස සීතීමට පෙළඹෙයි. මගේ ඇස් දෙක පියවෙන්න කලින් දරුවන්ගේ කටයුතු කළයුතුයි. දරුවන් ගෙදර සිටියදී මට මැරෙන්නවත් නිදහසක් තියෙනවද? ඇතැමි දෙමාපියන් ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවේ. ඔබලා මරණය පැමිණෙන විට මැරෙන්න. දරුවන් අවශ්‍ය කාලය වන විට විවාහ වෙයි. ඔබලා මැරුණා කියල සිතමින් දරුවන් විවාහ නොවී සිටින්නේ නැත. බොරු කාරණා මනස තුළට ඇතුළු කර නොගෙන සැනසිල්ලේ තමන්ගේ වැඩ කරගෙන ජීවත් වෙමින් සැනසිල්ලේ මැරෙන්න උත්සාහ කරන්න.

කුසලතා පූර්ණ නිර්මාණශීලී දරුවකු බිහිකළ යුතුයි


ඉගෙන ගන්නා දරුවන් ක්‍රිඩා කටයුතු වලින් වැළකිය යුතුයි, ඉගෙන ගන්නා දරුවන් සෞන්දර්යාත්මක කටයුතුවල නියැලීමෙන් වැළකිය යුතුයි, ඉගෙන ගන්නා දරුවන් සමාජයේ පොදු වැඩවලට සහභාගි නොවිය යුතුයි, ඇතැම් වෙලාවට සමහර ගෙවල්වල දරුවන් අතුªගෑම පවා නොකර සිටියි. දරුවා ඉගෙන ගන්න නිසා අම්මා බත් කවයි.

සාර්ථක ගිහියකු වීමට නම්...


සම්මුති ලෝකය තුළ වැඩ කටයුතු කිරීමේදී සම්මුති ලෝකය තුළ කෙරෙන ගණුදෙනු වලදී අනෙකාගේ සිත තුවාල කරගන්නේ නැතිව සිටින ආකාරය පිළිබඳව දැනුුමක් තිබිය යුතුය. අනෙකා සමඟ රන්ඩු සරුවල් නොවී සිටීමට සිටිය යුතු ආකාරය ඉගෙන ගත යුතුවෙයි. කුඩා කල සිටම දරුවන්ට එය ඉගැන්වීමට උත්සාහ ගනු ලබන්නේ එම හේතුව නිසයි. වැඩි හිටියන් බවට පත්වුවද, සම්මුති ලෝකය තුළ තිබෙන දැනුම වැඩි ප්‍රමාණයක් අත්පත්කර ගැනීමට අප උත්සාහ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව, දැන උගත්කම වැඩි වන විට කාම රාග සහ පටිඝ මඳක් හෝ තුරන් වී යයි. අනෙකා සමඟ අප ගැටුමට යවන චෛසිකය වන පටිඝය හෙවත් දෝමනස්සය මුල්වන කාරණාව අපෙන් ක්‍රමානුකූලව හෝ බැහැර වී යනු ලබන්නේ දැනුම අවබෝධය අප තුළ වර්ධනය වීමත් සමඟයි

වගකීම හා වගවීම


සුළඟට අල්ලමින් උඩ යවන සරුංගලයක් වගේ උඩ යවන්නේත් ජීව්තයම තමයි. සරුංගලයක් වූ විට එය උඩ යන්නත් ඕනෙ වගේම සරුංගලය ලස්සන වෙන්නත් ඕනෙ. ඒ වගේම ජීව්තයත් උඩ යන්න ඕනෙ වගේම ලස්සන වෙන්නත් ඕනෙ. ඇඳුමක් වගේ, ඇඳුම ඇන්ඳ විට ලස්සන වෙන්න අවශ්‍ය වගේම සුව පහසු වෙන්නත් අවශ්‍යයි. මෙම කාරණා දෙකෙන් එකක් පමණක් තිබුණොත් එය අර්ධ සම්පූර්ණයි. ලස්සන වෙනවා වගේම හරවත් වීම ජීව්තයකට ඉතාම වැදගත් වෙනවා. කවියක් වගෙයි. කවියක අර්ථයක් තිබිය යුතුවා සේම කවියක තාලයක්ද තිබිය යුතුයි. ජීව්තයට තාලයක් තිබිය යුතු සේම අර්ථයක්ද තිබිය යුතුයි. අර්ථවත් සහ තාලසම්පන්න ජීව්තයක් ගොඩනගා ගත යුත්තේ කෙසේද?

Tuesday, March 22, 2016

සැදැහැති බෞද්ධකම හඳුනාගනිමු


බෞද්ධ සැදැහැවතුන් වෙනදාට වඩා දැඩි උද්‍යෝගයෙන් යුක්තව ධර්මය ශ්‍රවණයට සහ පුණ්‍යකාමි කටයුතුවලට සහභාගි වන බවක් දක්නට ලැබීම සතුටට කරුණක්. එහෙත් මෙසේ සහභාගි වන්නන්ගෙන් කී දෙනෙක් ධර්මය පිළිපදිනවාද? ප්‍රතිපත්ති ගරුකව සිටිනවාද? යන්න ගැටලු සහගත දෙයක් බව ප්‍රකාශ කළ යුතුය.

භාවනාවේ සැබෑ අරුත


භාවනා යනු වැඩීමයි. වැඩි දියුණු කිරීමයි. කුමක් වඩන්නේද වැඩිදියුණු කරන්නේද යත් සිතද නුවණද වඩන්නේ ය. දියුණු කරන්නේය. සිත දියුණු කරලීම චිත්ත භාවනාවය. එය සමථ භාවනා නමින් ද හැඳින්වෙයි. නුවණ වැඩීම ප්‍රඥා භාවනාවයි. එයම විපස්සනා නමින්ද හැඳින්වෙයි.

බුදුන් වදාළ පරිදි සීලයෙහි පිහිටා සිතද නුවණ ද වැඩිය යුතු ය. එය මැ සසර දුක් නිවාලන මගයි. “මහණෙනි, මෙතරම් වැදගත් වූ මූලික වූ අන් කිසිඳු දහමක් මම නොදකිමි. වැඩිදියුණු නොකිරීමෙන් බොහෝ අවැඩ සිදු වන්නා වූ ඒ දහම නම් සිතය. සිත වැඩිදියුණු නොකිරීමෙන් (පිරිහෙන්නට ඉඩ හැරීමෙන්) මහත් මැ අවැඩ සිදු වන්නේය.” “මහණෙනි, වැඩිදියුණු කිරීමෙන් බොහෝ වැඩ සිදු වන මෙතරම් වැදගත් වූ මූලික වූ අන් දහමක්ද මම නොදකිමි. ඒ දහමද සිතය. සිත වැඩිදියුණු කරලීමෙන් (භාවනාවෙන්) මහත්මැ වැඩ සැලසෙන්නේය.”

සිත පිරිහීමෙහිලා මූලික වන්නේ රාග, ද්වේශ, මෝහාදී කෙලෙස්ය. ඒවා වැඩෙන්නට ඉඩ හැරීම විවිධාකාරයෙන් පුද්ගලයා පිරිහීමට පත්කරයි. දුසිරිතට යොමු කරයි.

උතුම් පිහිට තෙරුවන් සරණ යාමය


නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
එතං ඛො සරණං ඛේමං
එතං සරණ මුත්තමං
එතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්ඡති

පින්වත්නි,

Saturday, March 19, 2016

සීලයෙන් පිරිපුන් ජීවිතය සැමදා සතුටින්


සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි නවම් මස අමාවක පෝදා සද්ධා සම්පදාව, සීල සම්පදාව, චාග සම්පදාව, සහ පඤ්ඤා සම්පදාව විග්‍රහ කර බලන්නට ආරම්භ කළ අතර අද ශීල සම්පදාවේ සිට ඉදිරියට විවරණය කර බලමු.

සැබෑ ඉවසීම ජීවිතයට වැදගත්


මෙලොව මිනිසත් බව ලැබූ සෑම දෙන අතරින් බෞද්ධ ප්‍රතිපදාව පූරණය කරන්නන්ගේ විශේෂත්වයක් නම් බුදුන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියමං කිරීම හා එමඟින් ජීවිතාලෝකය උදාකර ගැනීමට වෙහෙසීමය. උන්වහන්සේ සරණ ගිය අප බෞද්ධයන් වශයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න උන්වහන්සේගේ දේශනා අනුසාරයෙන් සිහි කටයුතු ය. ලෞකික ජීවිතයත් ලෝකෝත්තර දිවියත් කෙරෙහි අතිශයින් බලපාන කරුණු ඕනෑතරම් බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. ඒ සියල්ලෙන් ම සම්භාවනාවට පාත්‍ර වන එක් ධර්මතාවකි ‘ඉවසීම’ යනුවෙන් හඳුන්වන්නේ.

Wednesday, March 16, 2016

අසුරයන්ගේ පිරිහීම හා දෙවියන්ගේ දියුණුව ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 24 )


මිනිසුන් අතරෙහි මව් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, පියා කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි යහපත්සේ පිළිපදින්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි මොනවට පිළිපදින්නාවූ, කුලදෙටුවන් පුදන්නාවූ, උපෝසථ සිල් රකින්නාවූ, පෙර ගමන් පසු ගමන් වශයෙන් උපෝසථ සිල් රකින්නාවූ, කරන්නාවූ මිනිසුන් බොහෝ වෙත්ද, ඒ මේ කරුණු සිව්වරම් මහරජවරු සුධර්මා නම් වූ සභාවෙහි රැස්වූ තව්තිසා දෙවියන්ට ප්‍රකාශ කෙරෙත්.

Tuesday, March 15, 2016

ආධ්‍යාත්මික සුවය ගෙන දෙන කුසල් සිතිවිලි


යමෙක් යම් අකුසල් සිතිවිල්ලක් ඔස්සේ සිත මෙහෙයවන විට කාරණා තුනක් මුල් වේ. එනම්, ආශාව, තරහව, මුලාව. මෙම ප්‍රබල අකුසල මූලයක් සිතිවිල්ල සමඟ වැඩේ. මෙම සිතිවිලි දහරාවන් නිරතුරු සිතේ වැඩෙන විට සිත අපිරිසුදු වේ. ආර්ය ශ්‍රාවකයා මේ බව හඳුනා ගනී. ඔහු තමන් මෙහෙයවන සිතිවිලි කුසල සිතිවිල්ලක් දෙසට වහා මෙහෙයවයි. එවිට ලෝභ, ද්වේශ, මෝහ අකුසල් සිතිවිලි සිතින් දුරස් වේ.

Monday, March 14, 2016

අභය දානයෙහි අනුසස්


තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි.

සිතෙහි සැඟවෙන ගිනි පුපුර


අනුන්ගේ සැප සම්පත් නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාව නම් වේ. එය අටුවාවෙහි විග්‍රහ වන්නේ පරසම්පත්ති ඛීයණ ලක්ඛණය ඉස්සා” යනුවෙනි. ඊර්ෂ්‍යා සහිත පුද්ගලයා තමාට නැති අනුන් කෙරෙහි දක්නා හැකියාවන්ට බලයට, ධනයට, උගත්කමට, කථිකත්වයට, රූපයට, ප්‍රඥාවට, පරිත්‍යාගශීලි ගුණයට, සිලවත්කමට, නිරෝගිබවට, ආදි සියල්ලට ඊර්ෂ්‍යා කරයි. ඔහු හැමවිටම දුකෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසුතැවෙමින් ජීවත්වෙයි.

Sunday, March 13, 2016

පින සහ නිවන


රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති.
ලාභ උපදවන මඟ එකෙකි. නිවන් මඟ අනෙකකි.

Saturday, March 12, 2016

බෝධි පූජාව


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

යස්ස මූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සම්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධි පාදපං

සුපින්වත්නි,

ජෙන්තා මහරහත් තෙරණින් වහන්සේ


සංසාර සාගරයට හසුවූ සියලු සත්ත්වයෝ අනන්ත අප්‍රමාණ දුක්විඳිති. සසරෙහි බියදැක ලැබූ මිනිස් ජීවිතයේ දී කුසල් දහම් සම්පූර්ණ කොට සියලු පාරමී දහම් සපුරා සසරින් එතෙර වූ උත්තමයෝ කෙතරම් වීර්යවන්ත වන්නට ඇතිද පෘථග්ජන සත්ත්වයෝ සිතේ අකුසල චෛතසිකයන් නිසාවෙන් බොහෝ සෙයින් අකුසල ක්‍රියාකාරකම් සිදුකරනවිටදී විරාගි සිතක්, ක්ලේශයන්ගෙන් වියුක්ත වූ සිතක්,

Wednesday, March 9, 2016

සියල්ලෙන් නිදහස්‌වන්න


බෞද්ධයාගේ දහම බුදුදහමයි. බෞද්ධ හෙවත් බුද්ධ යනු බුද්ධිමත් බවයි. බෝසත් යනු සත්‍යයෙහි ඇලුනාවූ නොහොත් සත්‍ය සොයායන උතුමෝය. බෝසත් උතුමෝ අසත්‍ය අතහැර සත්‍ය වෙතද මිත්‍යාදෘෂ්ටිය අතහැර සම්මා දිට්‌ඨිය වෙතද පියමං කරති. සත්‍යාවබෝධය සඳහා සතිය අත්‍යවශ්‍යයි.

සිත ක්ෂේමභූමියක් කරගන්නේ කෙසේද


අනේපිඬු සිටාණන්හට තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කළ උතුම් දහම් කරුණු සතරෙන්, සතරවන දහම් කරුණ පිළිබඳව අද සුපසන් ජීවිතයකට මාතෘකාව යටතේ විස්තර කර බලමු.

Tuesday, March 8, 2016

ජීවිතය බුදුදහම සහ ඉලක්කය


අප අපේ ජීවිත වඩාත් යහපත් ආකාරයෙන් ගත කරන්නේ කොහොමද භෞතික වශයෙන් යහපත් කර ගන්න සුඛිත මුදිත කරගන්නේ කොහොමද හැමගේම උත්සාහය සාර්ථක ජීවිතයක්. නැහැ, බැහැ නොකියන ජීවිතයක්. මෙහිදී ඉලක්කය ජීවිතයේ විවිධ අවස්ථාව විවිධ විය හැකියි. දරුවෙකුට, තරුණයෙකුට, වැඩිහිටියෙකුට ජීවිත වයස් අනුව ඉලක්කද වෙනස් විය හැකියි. ඒ ඉලක්කවලට ජීවිතය යොමුකරවා ගන්න බුදුදහම තුළින් වඩාත් නිවැරැදි ආදර්ශයක් ලබාගත හැකියි.

යුද්ධයේදී පරාජය වූ වේපචිත්ති අසුරේන්ද්‍රයා ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 23 )


පසුගිය ලිපියෙන් විස්තර කළේ සතර අපාය අතර වන අසුර අපායේ දුක්ඛිත තත්වය පිළිබඳවයි.අසුර අපාය පිළිබඳ හෙවත් අසුරයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ සූත්‍ර කිහිපයක් එයි. එයින් එකක් විස්තර කිරිමටයි අද ලිපිය වෙන් වන්නේ.

උපේක්ෂාවේ හා මිත්‍රත්වයේ කොටස්කරුවකු වන්නේ කෙසේද


කිසි දිනෙක වෛර කිරීමෙන් වෛරය නොසංසිඳේ. වෛර නොකිරීමෙන් වෛරය සංසිඳේ. මෙය සනාතනික ධර්මයයි. ධම්මපදයේ පළමු වග්ගයේ පස්වන ගාථාවෙන් ඉදිරිපත්කරන උපදේශය මෙයයි.

බෞද්ධ මූලාශ්‍රයාගත රෝග හා රෝග නිදාන


ආචාරවිද්‍යාව හා බැඳුණු දර්ශනයක් වන බුදුදහම මෙවැනි ප්‍රතිකාර ක්‍රම පිළිගැනීම සම්බන්ධයෙන් අපගේ දැක්ම විචාරශීලි විය යුතුය. රෝගය හා රෝගියා සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දක්වන ආකල්පය මෙයින් අනාවරණය වේ

Monday, March 7, 2016

භයානක සසර ජය ගැනීම


දිනක් භාග්‍යවතුන් වහන්සේ අසලට ආ දේවතා පිරිසක් අසනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, රාත්‍රිය උදාවෙනවා. රාත්‍රිය ගෙවී යනවා. දවල් උදාවෙනවා. දවල් ගෙවී යනවා. රාත්‍රිය දවල් ගෙවන එක නොවේ ප්‍රශ්නය. ස්වාමිනි, රාත්‍රී දවල් දෙකේදීම ගෙවෙන්නේ ආයුෂ නේද මනුස්සයාට තිබෙන්නේ බොහෝම අල්ප ආයුෂයි. දෙවියන්ට වගේ ගොඩක් සැපයකුත් නැහැ. භූත, පේ‍්‍රතයන්ට වගේ ගොඩාක් දුකකුත් නැහැ. මේ පුංචි ආයුෂ ගෙවීයන්නේ පුංචි දිය කාණුවක් දවල් සූර්යයා පෑයු ගමන් වතුර ටික සිඳී වේලී යන්නා සේ මේ ජීවිත ආයුෂ ඉවර වීමෙන් මරණ ස්වභාවයට පත්වෙනවා

සත්වයාගේ සසර ගමනට හේතුව කුමක්ද


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තථාගත දේශිත නෛර්යාණික ධර්මයෙහි සඳහන් පරිදි සත්වයාගේ සසර ගමනට හේතු වන ප්‍රබල සාධකය තණ්හාවයි. පස් පව් දස අකුසල් හෝ වෙනයම් කවර හෝ සමාජ විරෝධී ක්‍රියාවකට යමෙකු පෙළඹෙන්නේ තණ්හාව නිසාය. සෑම බෞද්ධයෙකුගේම පරමාර්ථය වන නිර්වාණාවබෝධය වළක්වා ලන මෙම තණ්හාව බුදුපියාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනයේදීම එකසිය අට වැදෑරුම් කොට දක්වා වදාළහ. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අතීත, වර්තමාන, අනාගත, රූපාදී අරමුණු සය, ආධ්‍යාත්මික බාහිර වශයෙන් එකසිය අට වැදෑරුම් වෙයි.

Sunday, March 6, 2016

මිනිස් සිරුරේ ස්වරූපය




බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.

Saturday, March 5, 2016

කිසිදා බිඳිය නොහැකි සෙනෙහසේ වරපට



ඔය ශක්තිමත් කියන වරපට, ශක්තිමත්ය කියන යදම් සත්‍ය වශයෙන්ම ශක්තිමත් ඒවා නොවෙයි. මොන තරම් ශක්තිමත් වුවත් ඊට වඩා වැඩි ශක්තියකින් ඇදපු අවස්ථාවලදී හැම වරපටක්ම කැඩිල බිඳිල යනවා. නමුත් එසේ නොකැඩෙන වරපටක් තියෙනවා. එම වරපට තමයි සෙනෙහස, දයාව කියන බැමි. ගෘහ ජීවිතය තුළ අඹුදරුවන් කෙරෙහි මිනිසා ඇතිකර ගනු ලැබූ සෙනෙහසේ බැම්ම කැඩී බිඳී යන්නේ නැහැ

Friday, March 4, 2016

දුර්ලභ වූ දහම් කරුණු හතර අවබෝධයෙන් දකින්න


සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අද දවසෙ බලාපොරොත්තු වෙන්නෙ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් “පත්තකම්ම” නම් වූ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දහම් කතාවක් පෙන්වා දෙන්නයි.

Thursday, March 3, 2016

අසුර අපාය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 22 )


අසුරයන් යනු දේව නමින් හඳුන්වන පිරිසටත් ප්‍රේත නමින් හඳුන්වන පිරිසටත් අතරමැද ජීවත් වන පිරිසක් ලෙසය. ඔවුන් දෙවියන් තරම් පුණ්‍යවන්ත හා සෘද්ධි සම්පන්න නොවන අතර ප්‍රේතයන් මෙන් දුක්ඛිත හා කටුක ස්වභාවයන්ට ද පත් නොවන පිරිසකි. මොවුන් ඇතැම් විට සැප විපාක ද තවත් විටෙක දුක් විපාක ද අනුභව කරති. එබැවින් මේ පිරිස පෙර අත් භවයන්හි පුණ්‍ය ක්‍රියා මෙන්ම පාප ක්‍රියා ද කළ අය බව හඳුනාගත හැකිය

බියකරු සසර තවත් බියකරු කරවන ඇලීම සහ බැඳීම


ගෞරවණීය ස්වාමින් වහන්ස, ගිහිගෙදර සිටින අප දැඩිලෙස ඇලීම් බැඳීම් වලට ලක්වෙලා. මෙයින් සිත මුදා ගන්නේ කෙසේද?

නුවණැති සිතක් සකස් කරගන්නේ කෙසේ ද?



පෝය දින කීපයක් පුරා සුපසන් ජීවිතයකට දේශනා පෙළ මගින් “මක්කට” නම් වූ වඳුරෙක් හෙවත් වානරයෙක් උපමා කොට දෙසූ දහම් පෙළක්, විස්තර කළා. සාමාන්‍යයෙන් ධර්ම කතාවෙහි අභාවිත සිතක් වානරයකුගේ මනසත් ඔහුගේ හැසිරීමටත් සමාන කොට දක්වා තියෙනවා. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ මහත් සේ කරුණාවෙන් අපට පැහැදිලි කර තිබෙන මේ වදන්පෙළ නැවත නැවතත් ඔබ කියවා බලන්න. සිහිපත් කරන්න.

පිරුවානා පොත්වහන්සේ පිළිබඳව කෙතරම් දැනුවත්ද?



අප හැම දෙනාම දැනගත යුතු පරිහරණය කරන වටිනා ධර්ම ග්‍රන්ථයක් වන්නේ ඒ පිරුවානා පොත් වහන්සේයි. “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසා මෙය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.
මේ පිරුවානා පොත් වහන්සේ පාලියෙන් හඳුන්වන්නේ ‘චතුහාණාවාරපාලි’ කියායි. ‘චතු’ කියන්නේ හතරටයි.

Wednesday, March 2, 2016

ප්‍රභාස්වර සිත යනු කුමක්ද?


ත්‍රිලක්ෂණයෙන් යුත් ලෝකයෙහි ආත්ම වශයෙන් ගත යුතු හෝ ගත හැකි කිසිවක් හෝ කිසිවකු නොමැති බව බුදුදහමෙහි මූලික ඉගැන්වීමයි. මෙය කාගේ නොසතුටට, අවාසියට, අමනාපයට හේතු වුවත් එනයින් හැඳින්වෙන්නේ ස්කන්ධ සංස්කෘතියක් පමණි. මෙහි ස්වරූපය, ප්‍රවෘත්තිය පෘථුල අන්දමින් විග්‍රහ කරන බුදුදහම ස්කන්ධ ඒකකය නාම රූප වශයෙන් දෙකකට බෙදා දක්වයි. සත්ව පුද්ගල නාමයෙන් හඳුන්වාලන ස්කන්ධ ඒකකයෙහි චෛතසිකමය අංශය නාම නමින් සහ කායිකමය අංශය රූප නමිනුත් ගැනේ.

Tuesday, March 1, 2016

තමා තුළ නැති ගුණ දම් පෙන්වීමට උත්සාහ කිරීම යනු කුමක්ද?


විශාලා මහනුවරට නොදුරු ප්‍රදේශයක එක්තරා තරුණයකු වාසය කරනු ලැබූ අතර, එම තරුණයා එක දවසක බොහෝ පිරිස රැස්කරවා කුඹුක් ගසක් මුදුනට නැඟ උපවාසයක් ආරම්භ කළා. මගේ ඉල්ලීම් නොදුන්න හොත් මෙම කුඹුක් ගසෙන් පැන සියදිවි හානිකර ගන්නා බවට උපවාස කරමින් ඔහු ප්‍රකාශයකුත් කරනු ලැබුවා. එම ප්‍රකාශය නිසාම ප්‍රදේශය තුළ ජීවත් වුණ බොහෝ පිරිස් බයට පත්වුණා. මොහුගේ ඉල්ලීම් නොදුන හොත් ඔහු මරණයට පත්වන බව සිතමින් ඔවුන් බියට පත්වුණා.