Labels

Sunday, August 16, 2015

ප්‍රඥාවෙන් යුක්ත සැබෑම උපේක්ෂාව


 උපේක්ෂාව බොහෝ විට අපට හඳුනා ගන්නට දුෂ්කර මනෝභාවයක්. ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේම මනසේ ආකාරයට අවධිවන විශේෂ ලක්ෂණ තිබෙන ගුණාංග අපට හඳුනා ගන්නට පහසුයි. නමුත් උපේක්ෂාව හුඟක් වෙලාවට හඳුනා ගන්නට අපහසු වෙන්නේ එහි තිබෙන මධ්‍යස්ථභාවය නිසායි. ඒ මධ්‍යස්ථභාවය නිසාම බොහෝවිට උපේක්ෂාව අප වැරැදි ආකාරයට හඳුනා ගන්නවා.

සිය කටයුතු සලකා බැලිය යුතු


ඇය බොහෝම සතුටින් තම පුතා ළඟට කැඳවා පුතේ, අද ජේතවනාරාමයට ගොස් අසවල් දිනේ අපේ නිවසට දානෙට බුදුරජාණන් වහන්සේට වඩින්න ආරාධනා කරන්න. මෙය පිළිගත් පුතා ජේතවනාරාමය බලා ගමන ආරම්භ කළා. යන්නට තිබෙන්නේ තම සුළු පියා වැඩ කරන කුඹුර මැදින්, මෙය දුටු තම සුළු පියා කතා කර යන්නේ කොහෙද? කියා විමසුවා.

සද්පුරුෂ මනුෂ්‍යයෙක් වෙමු


ගුණබර වූ අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන ලද කැපකිරීම අපට සිතා ගන්නට පුළුවනි. මෙහි කැප කිරීම යැයි අදහස් කරන්නෙ, දෙමව්පියන් විසින් දරුවන්ට දෙන හෝ දෙන්නට බලාපොරොත්තු වන ගේ - දොර, ඉඩකඩම්, ධන ධාන්‍ය, ලෞකික වස්තූන් පිළිබඳව නොවෙයි.
දරුවෙක් තම කුසේ දරාගෙන, මෙලොවට බිහිකළ දා සිට ඒ දරුවන් පවින් වළක්වන්න, යහපතේ පිහිටුවන්න, අකුරු ශාස්ත්‍රය කියා දෙන්න, අනාගත ජීවිතය සුදුසු ආකාරයට ආවාහ – විවාහයන් කර දෙන්න, අවසන දෙමාපියන් සතු යම් වූ ද වස්තුවක් නිසි ලෙස පවරා දෙන්න, දෙමාපියන් සිතන එක හා ක්‍රියා කරන ආකාරයම මොනතරම් වූ කැපකිරීමක් ද?

Saturday, August 15, 2015

ආදරය ගොඩබිම නම් රාගය මහ මුහුදයි


ආදරය ගොඩබිම නම් රාගය මහ මුහුදයි . ඉහත කවි දෙපදය පළමුවරට මා නෙත ගැටුණේ මෙයින් වසර 20කට පමණ පෙර එක්තරා ජාතික පුවත්පතකිනි. ඡායාරූපයක් සඳහා ලියැවුණු නිසඳැස් කාව්‍යයක අවසන් පද දෙක වූ එය මා සිතට තදින් ඇතුළු විය.

අපේ තරුණයන් යහපත් ලොවක් ගොඩනඟනු නියතයි


අප ජීවත් වන මේ යුගය අපේ රටේ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් යුගයක් ලෙස මා දකිනවා. ධර්මය පුළුල් ලෙස පැතිරී තිබෙනවා. ධර්ම ග්‍රන්ථ විශාල වශයෙන් මුද්‍රණය වෙනවා. නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සිංහල – ඉංග්‍රීසි දෙබසින් ධර්ම ග්‍රන්ථ පළ කරමින් සිදු කරන සේවාව ඉන් එකක්.
 අපේ තරුණ පරපුර ධර්මයට යොමු වී ඇති සැටි ද මේ යුගයේ විශේෂත්වයක්. සුරාපානයෙන් ද, දුම්බීමෙන් ද, සූදුව ආදි දුරාචාරයෙන් ද වැළකුණු ලක්ෂ ගණන් තරුණයන් අද අපේ සමාජයේ සිටිනවා. ඒ අයගෙන් සෑහෙන පිරිසක් දහම් පොත් කියවා භාවනාවට යොමු වී ඇති ආකාරයක් ද පෙනෙනවා.
මේවා සිත සනසන පුවත්. එහෙත් අපේ මාධ්‍ය උලුප්පා දක්වන්නේ පියා විසින් කුඩා දියණියකට හදි කළ හැටි කියවෙන පුවත්. අපරාධ වැඩි වන අයුරින් අපරාධ ගැන ලියනවා. කවරකු හෝ කළ අධම කටයුත්තකට ඉහළ ප්‍රසිද්ධියක් දෙනවා. එහෙත් සදාචාරාත්මක ගුණගරුක ජීවිත ගත කරන අපේ තරුණයන් පිළිබඳ පුවත් සඟවනවා. මේ නිසා හොඳ දේ ගැන අසා මා ලබන සතුට බොහෝ අයට ලබන්නට ඉඩක් නැහැ.

යොවුන් වියේදී දහමට යොමු වෙමු


 උසස් හෙට දවසක් සඳහා අද තරුණයා තමා තුළ ඇති කරගත යුතු ගුණාංග මේ ලිපියෙන් දැක්වේ

ජීවිතයේ සුන්දර වූ සමය තරුණ අවධිය යි. මෙම අවධිය චිත්ත ආවේගයන්ගෙන් සමන්විත නොසන්සුන් වයසක් ලෙස සමාජය හඳුන්වයි. මෙසමයෙහි තරුණ-තරුණියෝ සිත් ඇද-බැඳගන්නා දේවලට නිරායාසයෙන් ඇදී යති. තරුණ වයස ශාරීරික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද විවිධ වෙනස්කම්වලට ලක් වන අතර, නවමු සිතුම්-පැතුම් පිබිදී, නව අත්දැකීම් ලැබීමට පෙලඹෙන්නේ එම අවධියේ ය. ඇතැම් තරුණ-තරුණියෝ තම සිත් ගන්නා අරමුණුවලට පහසුවෙන් ඇදී යති. මේ නිසා බොහෝ විට නිවැරදි මාවතින් බැහැර යෑමෙන් ඇතැම් ජීවිත අකාලයේ විනාශ කරගනිති. ඔවුන් නිසි මගට ගත හැකි එක ම ක්‍රමය නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සදහම් මාවතෙහි ගමන් කරවීම යි. විනෝදකාමී සරාගී ජීවිත ගත කළ ‘භද්දවග්ගිය’ කුමාරවරුනට බුදු රදුන් දේශනා කළේ අනුන් ගැන සෙවීම පසෙක ලා, තම-තමන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කරන ලෙස යි. ආත්මාර්ථකාමීත්වය වැදගත් බවත් පරාර්ථකාමීත්වය නොසලකා-හැරිය යුතු බවත් මෙයින් අදහස් නොකැරේ. “අත්තාහි අත්ථනෝ නාථෝ” යි තමාට පිහිට වන්නේ තමා ම බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව කටයුතු කළ භද්දවග්ගිය කුමාරවරු සදාකාලික විමුක්තිය උදා කරගැනීමට උත්සුක වූහ

Friday, August 14, 2015

ඉන්ද්‍රිය සංවරය ඇති කර ගනිමු

 

විශේෂයෙන් “ඉන්ද්‍රිය සංවර” සකසා ගන්න. සම්පජඤ්ඤය හොඳින් හදා ගන්න. ඒවා බාහිර කාටත් පේන්නෙ නෑ. ඒවා තමන් තනියෙන් හුරු කර ගන්න. ඒ විදියට ඉන්ද්‍රිය සංවරයත්, සම්පජඤ්ඤයත් හුරු කර ගත් කෙනාගෙ සීලයට හානි වෙන්නෙ නෑ. සීලය රකින එක එයාට පහසුයි. එයාට වාඩි වෙලා භාවනා කරනවිට පහසුවක් තියෙයි.

සමථ භාවනාව හා ධ්‍යාන


 ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය රූපය නිසා රාග ද්වේශ මාන ආදී අකුසල් ඔහු තුළ රැස් වෙයි. මිහිරි හඬ, මිහිරි සුවඳ, මිහිරි රස, මිහිරි පහස, ඇති දෑ නිසා ද යට කී පරිදි ම කෙලෙස් උපදී. මෙකී පි‍්‍රය රූප, පි‍්‍රය ශබ්ද, පි‍්‍රය ගන්ධ, පි‍්‍රය රස,

බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය

  

ප්‍රඥාවට බුදුදහමේ දී ප්‍රධාන තැනක් දී ඇත. බුදුදහම ගැඹුරු ය. එය අවබෝධකරගත හැක්කේ ප්‍රඥාවන්තයාටය. ප්‍රඥාව නැති අයට ධර්මය අවබෝධ කරගත නොහැකිය. “පඤ්ඤා වන්තස්සායං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ යන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වෙයි. 

තපස යනු කුමක්ද ?

 

ඉන්දීය සාහිත්‍යයේ රජුන් තුළ ඇති විශේෂ ගුණයක් ලෙස ආත්ම සංයමය දක්නට ලැබේ. රඝුවංශයේ දිලීප රජුගේ ස්වභාවය පිළිබඳව මෙසේ කියයි. “ ප්‍රජායෛ ගෘහමේධිනාම්” රජුට අග මෙහෙසියක් හා අන්තඞපුරයක් පැවැති නමුත් රජු අන්තඞපුරයට නොගිය අතර, ඔහුට අගමෙහෙසිය අවශ්‍ය වූයේ දරුවන් බිහි කිරීමටය. අන්තඞපුරයට රජකුට ආභරණයක් වෙත් රජෙක් එහි නිති ඇලීම දුර්වලකමකි. දිලීප රජුට සම්පත් තිබෙද්දී හැඟීම් පාලනය කරගත් සංයත වූ විශේෂ රජෙක් ලෙස රඝුවංශය ඔහු හඳුන්වයි. ක්ලේශ ධර්මයන්ට හුරු වූ අයකුට දන්දීම ( අත්හැරීම ) සිල් රැකීම අපහසු කාර්යයකි. සිල් රැකීමට, දන් දීමට, සෘජු වීමට, පරිත්‍යාගයට, මෘදු වීමට තපස අත්‍යවශ්‍ය කරුණක් වන අතර දසරාජ ධර්මය එකට බැඳුණු අවස්ථාවක් ලෙස තපස දැක්විය හැකිය.

බුදු දහම ලොව පැතිරවීමේ නව මාවත අන්තර්ජාලයයි


බුද්ධාගම යනු කිසියම් ජාතියකට තනි අයිතියක් කිවහැකි දහමක් නොව එය විශ්ව ආගමකි. ලෝකයේ ප්‍රධාන ආගම් අතුරින් භූගෝලීය පිහිටීම, සංස්කෘතික හා භාෂාමය සීමාවන් බිඳදමමින් ලොවෙහි පැතිරුණ මුල්ම ආගම බුදුදහම යි. මට හැඟන පරිදි බුදු දහම පැතිර යාමට 1. ධාතු වන්දනාව, 2. ප්‍රතිමා නිර්මාණය, 3. බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය, 4. ආගමික ග්‍රන්ථ පදනම් වී ඇත.
1. ධාතු වන්දනාව - මරණය හා මළ සිරුර බොහෝ දෙනකුට බිය උපදවන දෙයකි. එසේ වුවත්, බෞද්ධයෝ මරණයට බිය නොවෙති. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මරණය ගැන පැහැදිලි කර දී තිබේ. එමනිසා, පූජනීය උතුමකුගේ ආදාහනයෙන් පසු ධාතු තැන්පත් කොට ඒ ආශි‍්‍රතව ආගමික චාරිත්‍ර ද පැවැත්වීම බෞද්ධයන්ගේ සිරිතකි. ඒ සර්වඥ ධාතු නොයෙක් ප්‍රදේශවලට ගෙනගිය නිසා බුදුදහම පැතිර ගියේය. ආසියාවේ බෞද්ධ රටවලට ගිය විට එලෙස පූජනීය සර්වඥ ධාතු තැන්පත් කොට තැනූ ස්තූප හා කරඬු ඔබට දකින්නට පුළුවන.

බුදු දහම තරුණයන්ගේ දහමකි


පුද්ගලයකුගේ ආගමික දිවි පෙවෙත ඇරැඹිය යුත්තේ යොවුන් විය ඉක්ම ගිය පසුව යැ’යි වැරැදි අදහසක් සමාජයේ පවතියි. ඒනිසා බුදු දහමෙ ගිහි පිරිස හැඳින්වීමට පොදුවේ යෙදෙන උපාසක, උපාසිකා යන වචන දෙක වර්තමාන භාවිතයේදී වයස්ගත පිරිසට සීමා වෙයි. කිසියම් තරුණයකු බණ අසමින්, බවුන් වඩමින් දැහැමි දිවි පෙවෙතකට යොමු වුණොත්, මොක ද දැන්ම ම සංසාරේ කලකිරුණේ, ගැහැණු ළමයා අමනාප වුණා ද? වැනි උපහාසාත්මක වදන් සම වයසේ අයගෙන් ඔහුට අසන්නට සිදුවේ. පොහොය දිනවල පන්සල්වල, වැඩිපුර දකින්නට ලැබෙන්නේ වයස්ගත පිරිසයි. ජීවිතයේ සැඳෑසමය විවේකයෙන් ගතකරන වැඩිහිටියෝ වැඩි වශයෙන් ආගමට නැඹුරු වෙති. මෙ අනුව බුදුදහම යනු ජීවිතයේ සියලු කම්සැප විඳ නිමා කළ පරලොවට සමීප වූ මිනිසුන්ට අදාළ වූ දහමක් යැයි ඇතැම්හු සිතති. එසේ සිතීම වැරැදිය.

ලෝක සාමය සඳහා බුදුදහම


අපේ පාලනය නතු කර ගත නොහැකි, ඉන් පරිබාහිර තවත් අපමණක් දේ ඇති බව අප විසින් පිළිගත යුතු යථාර්ථයයි. ඒ කෙසේ වෙතත්, අපට තෝරා ගැනීමට යමක් ඇත. එක්කෝ බාහිර ලෝකය වෙතින් අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයක් අපට නොලැබෙන විට නොසැලී සිටීම හෝ නැතහොත් අප ඉදිරිපිට අපෙන් බාහිර ලෝකය සිඳී බිඳී යන විට නිදහස්ව සිටීම හෝ එසේත් නොවේ නම් අපට බාහිර ලෝකයෙන් සාධාරණයක් ඉටු නොවන කල්හි එය දරා සිටීම වැනි දේවල් ය. ඒ අතර මානව ජීවින් ලෙස බාහිර ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි නොසලකා, අභ්‍යන්තර වශයෙන් දුසිරිත්වලට එරෙහිව සටන් කරන්නට තීරණය කිරීම මගින්, කෝපය, භීතිය, ඊර්ෂ්‍යාව , තෘෂ්ණාව ආදි කෙලෙස් මැඩ පවත්වා ගැනීමේ ශක්තියක් අපට ඇත.

නිවැරැදි මගට සිතිවිලි හරවන හැටි


සැවැත් නුවර ජේතවනාරාමයේ ගඳ කිළියෙන් නික්මුණු ශාන්ති නායකයාණන් වහන්සේ ඊට සමීපව පිහිටි දම් සභා මණ්ඩපයේ බුදු සිරියෙන් වැඩ සිටි සේක. “අචිරවතී” නදිය දෙසින් හමා එන මඳ සුළඟ ගත සිත සනසයි. මුලු පරිසරයම නිහඬයි. ශාන්තයි. අද ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නේ කුමන ධර්මයක්ද යන්න ඇසීමට උන්වහන්සේ පිරිවරා ගෙන සිටින භික්‍ෂු ශ්‍රාවක පිරිස නොඉවසිල්ලෙන් බලා ඉන්නව. අයං ධම්මස්සවණ කාලෝ.!
“ මහණෙනි, අද ඔබලාට කියා දෙන්නට හදන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමට පෙර ඒ ආසන්නයේම මා ලැබූූ පෙර අත් දැකීමක්.” බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කළා. මහනෙල් මල් සුවඳ ජේතවනය සිසාරා පැතිර ගියා.
“ බාහිර දේවල් ගැන සොය සොයා ඉන්න එකෙන් පලක් නැහැ කියල මට වැටහුනා. ඒවා සමග සැම මොහොතකම සම්බන්ධ වන මගේ ස්වභාවය දිහා නුවණින් යුක්තව බලන කොට සිතේ ඇතිවන නොයෙකුත් සිතිවිලි ක්‍රියාත්මක වෙන හැටි පෙනුනා. මට දැනුනා නොයෙකුත් සිතිවිලි උපදින ආකාරය. ඒවා නුවණින් විමසමින් ගොඩවල් දෙකකට වෙන් කළා.”

Thursday, August 13, 2015

ඉවසීමෙන් සැනසීම ලබමු



ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයාට සැනසිල්ලක් නොමැත. තම තමන්ගේ ආවේගකාරී හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහවන්ත විය යුතුය. ධර්ම මාවතට පිවිසෙන පුද්ගලයාට තමන්ගේ දුර්වලතා හඳුනාගත හැකිය. ඒවා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය හැකිය. තමා තමාටත් සමාජයටත් අපි‍්‍රය පුද්ගලයෙකු වන්නේ නො ඉවසිලිමත් ලෙස කටයුතු කරන බැවිනි. ඒ අනුව හැකි සෑම විටම කෝපය මැඩලිමට පුද්ගලයා පියවර ගත යුතුවේ. තමාටත්, සමාජයටත් දුක්ඛදායක ප්‍රතිඵල ඇතිකරන අයහපත් සිතිවිලි මැඩපවත්වමින් සත්පුරුෂ ගුණදහම් වඩා වර්ධනය කරගත යුතුය. සත්පුරුෂ ගුණදහම් වර්ධනය කරගැනීම උදෙසා ඉවසීම ප්‍රගුණ කළ යුතුමය. තමා තුළ අනෙකුත් ගුණධර්ම වගා කර ගැනීමට අවකාශ උදාවන්නේ ඉවසීමෙන් පමණකි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ



සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක. ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය. කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රහාණය කළ සේක.

ඉවසීමෙන් භාවනාව හුරු කර ගනිමු


ආධුනික කෙනෙක් විදියට භාවනාව පුරුදු වෙන කෙනාගේ සිතේ කළබල ගතියක් ඇතිවෙන්නට පුළුවන්. එහෙම වන්නේ ආධුනික බව නිසා. අපි ඒ කළබල ස්වභාවය බැහැර කරගන්නට කල්පනා නොකළොත්, අපිට ආධුනික බවෙන් මිදෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ආරම්භයේදී ම, භාවනාව පුරුදු වෙන කෙනෙක් සිතේ කළබල ස්වභාවයක් ඇති කර නොගෙන, සිත සංසුන්ව පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ඒ වගේ ම කයත් සැහැල්ලුවෙන් පවත්වාගන්නට පුරුදු වෙන්නට ඕන. ගොඩක් අය කයත් සැහැල්ලුවෙන් තියාගන්නේ නෑ, සිත සැහැල්ලුවෙන් තියාගන්නෙත් නෑ. ඒ නිසා ම තමයි කළබල බවක් ඇති වෙන්නේ. එයාට භාවනා අරමුණ පවත්වගන්නට අමාරු වෙනවා. ඒ භාවනාව හොඳින් දියුණු කරගන්නට එයාට අමාරුයි. එතකොට භාවනාව කරදරයක් විදියට තමයි එයාට තේරෙන්නෙ. ටික දවසකින් එයා භාවනා කිරීම අතහැරල දානවා.

බෞද්ධ භාවනාව මනෝචිකිත්සාවක් ලෙස භාවිත කරමින් රෝග සුවකර ගැනීම


එදිනෙදා ජීවිතයේ දී ඇතිවන අවුල් වියවුල් දරලා මානසික සුවයෙන් ජීවත්වීම සියලු දෙනාගේම අභිප්‍රාය යි. ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය වන්නේ භාවනාවයි. භාවනාව යනු සිත එකඟ කර ගැනීමයි. සිත වර්ධනයකර සමාධිය වෙත යොමුකර ඉමහත් ප්‍රතිඵල ලබා ගැනීමට භාවනාව බෙහෙවින් උපකාර වේ. මෙම භාවනාව නූතන මනෝවිද්‍යාව තුළ මනෝචිකිත්සාවක් වශයෙන් යොදා ගත හැකි ය.
බුදුන් වහන්සේ රෝග සූත්‍රයේ දී දේශනා කොට ඇත්තේ මිනිසාගේ රෝගාබාධ මානසික හා ශාරීරික වශයෙන් දෙකොටසකට බෙදිය හැකි බවයි. මනුෂ්‍යවර්ගයා අතුරෙහි යමෙක් ස්වස්ථයා යයි කීමට සුදුසු ද ඔහුගේ මානසික හා ශාරීරික ක්‍රියා සමවිය යුතු යැයි සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ. එබැවින් රෝග විඥානයටත්, ස්වාස්ථ්‍ය විඥානයටත් රෝග නිදාන පිළිබඳ දැනීම වැදගත් වේ. මෙම රෝග නිදාන දැනගැනීමෙන් රෝග කාරක හේතු වලක්වාලීම හෙවත් චිකිත්සාව පහසු කරයි.

භාවනාවේ මනෝ විද්‍යාත්මක වැදගත්කම


බුදුදහම කායික හා මානසික යහපැවැත්ම පිළිබඳ ඉගැන්වීම් වලින් පරිපූර්ණ ය. එහි ඉගැන්වෙන භාවනා මගින් ලබා ගත හැකි කායික මෙන්ම මානසික වාසි අපමණ ය. බුදු දහමේ සමථ හා විදර්ශනා වශයෙන් භාවනා ක්‍රම 02 කි. මෙයින් සමථ භාවනාව කෙරෙහි අවධානය යොමු කරමින් එයින් පුද්ගලයාට ලෞකික වශයෙන් ලැබිය හැකි වාසි මනෝ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි

විරියෙන් වැඩිය යුතු කායගතා සතිය


වෙසක් පොහෝ දිනට පෙර දින සිදුහත් තවුසාණෝ බෝධි මූලයෙහි කුසතණ අතුරා එහි පලක් බැඳ වැඩහුන්හ. එතුමාණෝ තිර අදිටනක් ඇති කැර ගත්හ. එනම් ‘සර්වඥතා ඤාණය ලබාගෙන මුත් මෙයින් නොනැගිටින්නෙමි’ යනුවෙනි. ඒ අනුව වෙසක් පුන් පොහෝ දින අලුයම වනවිට සකල ක්ලේශ ප්‍රහීණ කිරීමෙන් උතුම් සර්වඥතා ඤාණය අවබෝධ කැරගෙන බුද්ධත්වයට පත් වූහ.

සොබාදහමින් බුදු දහම දැකීම


නමෝ තස්ස භගවතෝ අරහතෝ
‍සම්මා සම්බුද්ධස්ස.

යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේ සංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ


Wednesday, August 12, 2015

පළමු දම් දෙසුමට යන අතරමඟදී බුදුරදුන්ට උපක ආජීවක හමුවේ



ඇසල පොහොය කාටත් වැදගත් වන්නේ බුද්ධ චරිතය සම්බන්ධව සිදුවූ සුවිශේෂි සිද්ධීන් හේතුකොටගෙනය. ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ පළමු ධර්ම දේශනයයි. මිහිමත කෙනකුට කරන්නට බැරි තරම් කැප කිරීමක්‌ කරමින් බුද්ධත්වය ලබාගත් බුදුරජාණන් වහන්සේ එය දේශනා කිරීමේ සුවිශේෂි අවස්‌ථාව ඇසල පොහොය හා සම්බන්ධව පැවැතීම ඉතා වැදගත් වේ.

පක්‌ෂීන්ට ආහාර ජලය තැබීම වර්ගභේදයෙන් තොර සත්ව අභයදානය දීමකි



 පක්‌ෂීන්ට, ලේනුන්ට පමණක්‌ නොව කුඩා පෙනෙන නොපෙනෙන කෘමීන්ට වර්ග භේදයකින් තොරව ආහාර හා ජලය දානය දීම අති විශිෂ්ට ගණයේ කුසලයකි. ඒ සඳහා ඔබට වැඩිමනත් මුදල් වැයකිරීමක්‌ සිදුනොවන අතර ආපසු ඔබ කරා එන කුසලය දිට්‌ඨධම්ම වේදනීය පමණක්‌ නොව භවයක්‌ පාසා ලැබෙන අපරාපරීය වේදනීය ප්‍රබල කුසල කර්මයක්‌ද වනු ඇත. උදාහරණ වශයෙන් සිවලී මහරහතන් වහන්සේ කළ සුළු කුසල කර්මය භවයක්‌ භවයක්‌ පාසා පිහිට ලැබෙමින් අවසන් රහත්ඵලයේදීද අන්‍ය භික්‌ෂුන්ට පවා පිහිටවූ කුසලයක්‌ වූයේ කෙසේද යන්න සොයා දැනගන්න. කුහුඹුවන්ට, මීමැස්‌සන්ට උඩකින් ලෑල්ලක්‌ තබා පොල් ටිකක්‌ සමග සීනි ටිකක්‌ කලවම් කර තබන්න. වතුර බේසමක්‌ද තබන්න. ඉඳුල් බත් නොව පිරිසිදු ආහාර ස්‌වල්පයක්‌ උසකින් සවි කළ ලෑල්ලක තබන්න.

සසුන රැක්‌කොත් එහෙමයි සසුන නැසුවොත් මෙහෙමයි...



පීංවත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළ ශක්‌තිමත්වෙන්න. හේතුඵල ධර්මයන් නිසාම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ වර්ණය සැපය බලයට ඊර්ෂ්‍යයාකරන්න එපා. ද්වේශ කරන්න එපා. ඒ හේතුවෙන් පළිගන්න එපා. සම්මාදිට්‌ඨියේ අර්ථයන් තුළ සිටිමින්ම ඉහත අර්ථයන් විග්‍රහකරගන්න දක්‍ෂවෙන්න.

නිවන් පිළිවෙත



දුක නැති කිරීමේ මාර්ගය පිළිබද ආර්ය සත්‍යය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.

Tuesday, August 11, 2015

ඇගේ දුක ඔබේ ම දුකක් සේ සලකන්න





 * නිවන් සුවය සඳහා මෙන් ම ලෞකික ජීවිතය සුවපත් කරගැනීම සඳහා ද අවශ්‍ය මග පෙන්වීම බෞද්ධ දර්ශනයෙන් නොමඳ ව ලැබෙන බව ඔබේ අදහස යි. ඒ අදහස ඔබ තවදුරටත් පැහැදිලි කරන්නේ කෙසේ ද? 

යොවුන් මදය



යොවුන් විය සුන්දර ය; ශක්තිමත් ය. ඒ ගැන වාදයක් නොමැත. ජීවිතයේ සුන්දර ම කාලපරිච්ඡේදය යොවුන් විය යි. දැනට වැඩිහිටි බවට පත් ව සිටින වැඩිහිටියන්ගෙන් විමසුව හොත් ඔවුන් තමන්ගේ යොවුන් විය පිළිබඳව මහත් උජාරුවෙන් කතා කරනු ඇත.

“මම කොල්ලා කාලේ හොඳ හොඳ වැඩ කළා...”

Monday, August 10, 2015

තිලොවම එකලු කළ සදහම් දෙසුම



ඇසින් රූප දකින කල්හි ඒවා සුබ වශයෙන් නොගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහාගෙන රූපයෙහි නොඇලී නොගැටී අනිත්‍යාදි වශයෙන් හඳුනා ගත යුතුවේ.

සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දුන් දිනය, ඇසළ පොහෝ දිනයයි. වර්ෂ 2604 කට පෙර කසීරට බැරණැස ඉසිපතනය මිගදායේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ලදී. ගයාවේ සිට යොදුන් දහ අටක් පමණ දුර ගෙවා ඉසිපතනය වඩින අතරතුරදි බුදුමුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම භාග්‍යවත් අවස්ථාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය ඇත්තාවූයේ උපක ආජීවක තෙමේය. ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැස නුවරට වඩිමි. අවිදු අන්ධකාරයෙන් වැසී ගිය දෙවියන් බඹුන් මිනිසුන් සහිත සත්වයන් උදෙසා අමාදම් බෙර වයමි.

මව්පියන්ට ගරු කිරීමේ අනුසස්



මව්පියෝ පෙරදිග ලෙස හඳුන්වා වදාළේ.දරුවනට සකලාර්ථ සිද්ධියම එතුමන්ගෙන් ලැබෙන බැවින්ය. පෙරදිග සංඛ්‍යාත මව්පියන්ට පස් ආකාරයකින් දූ දරුවන් විසින් සංග්‍රහ කළ යුතුය.

“යෝ මාතරං වා පිතරං වා
මච්චෝ ධම්මේන පොසති
ඉධේචනං පසංසන්ති
පෙච්චසග්ගේ පමෝදති” 


ආශාව දුකට මුලයි



බුදුපියාණන් වහන්සේ මල්ල දනව්වේ උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගමක වැඩ වසන දවසක භද්‍රක ගාමිණී නමැත්තෙක් උන්වහන්සේ වෙත එළඹියේය. බුදුරදුන්ට වැඳ පසෙක හුන් හේ බුදුරදුන්ගෙන් මෙබඳු ඉල්ලීමක් කළේ ය. භාග්‍යවතුන් වහන්ස, මට දුක හටගැනීමත් දුකේ නැතිවීමත් දේශනා කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ මෙය ඉතා සරල දෙයකින් පැහැදිලි කළ සේක. ‘අහං චේ තේ ගාමිණි අතීතං අද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයං ච අත්ථගමං ච දෙසෙය්‍යං, ඒවං අහෝසි අතීතමද්ධානංති. තත්‍ර තේ සියා ඛෝ කංඛා සියා විමති. අහං චේ තේ ගාමිණි අනාගතමද්ධානං......’

Wednesday, August 5, 2015

නිවනට දියුනුවට බාධා කරන ලාමක පිළිවෙත්



පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාල ය. ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීම යි.

Tuesday, August 4, 2015

බෞද්ධ අධිකරණ ක්‍රමය


බුදුන් වහන්සේ භික්‍ෂූන්ගේ පැමිණිලි විභාග කිරීමට ක්‍රම 04 ක් පෙන්වා දුන්හ.එයට අප සංඝාධිකරණ යැයි කියමු. එම සංඝාධිකරණ ක්‍රම 04 නම්,

සසර පෝෂණය කරන ආහාර


ශරීරය පෝෂණය කිරීමට ගන්නා ආහාර පිළිබඳ බොහෝ දෙනකුට අවබෝධයක් තිබුණ ද සසර පෝෂණය කරන ආහාර පිළිබඳ අවබෝධයක් නැත. සත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේ ද සුවිශේෂී ආහාර සමූහයක් හේතුවෙනි. ඒවා පිළිබඳ ප්‍රඥාගෝචරව විමසීමෙන් එහි යථාර්ථය අවබෝධ වේ.  

ආගමික ප්‍රතිපදාවට පුද්ගලයා යොමු කෙරෙන ආනුපුබ්බික දේශනාව



ආනුපුබ්බික දේශනාව අනුව සසුන් පිළිවෙතට අවතීරණය වන කාමභෝගී ගිහියා විසින් දන් දීමත්, පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීමත්, පුණ්‍ය කර්මයන්හී නිරත වීමත් අවශ්‍ය වේ. මෙම ක්‍රියා තුන කෙනෙකුට ඉතා සරල දෙයකැයි සිතිය හැකිය. එහෙත් මෙම ක්‍රියා අනුගමනය කිරීමේදී එය මහත් උත්සාහයකින් ක්‍රියාත්මක කළ යුතු බව විස්තර කිරීම අනවශ්‍ය වේ. බෞද්ධ ආගමික ජීවිතයට හුරු වූ අයට පමණක් නොව සෙසු ආගමිකයනට වුව ද මෙම ආනුපුබ්බික දේශනය වැදගත් වේ.


ඉඳුරන් පිනවූ පමණින් සතුටක් ලැබේ ද?


ලොව ඉපදෙන සත්වයන්ගේ වින්දනය විවිධාකාර වන්නේ ය. එකම පවුලේ සාමාජික සාමාජිකාවන් ගත්තත් ඒ අයගේ ද වින්දන ස්වභාවන්, ගති පැවැතුම්, ආකල්ප, ක්‍රියා පටිපාටිය, සසර වාසනා ගතිය, උගත් නූගත්කම්, වැටහීම් ආදිය එකිනෙකාට වෙනස් වන්නේ ය. ද්වාරයන්ගෙන් ලබන වින්දනය තුළින් සිතේ හටගන්නා ක්ලේෂ ධර්ම නිසා විවේකය හා නිදහස ද සීමා වන්නේ ය. එසේ විවේකය අහිමි කරගනිමින් භෞතික ලෝකයේ සතුට සොයා ගියත් සිත් තැවුල් ශෝක පරිදේවයන්ගෙන් අඩුවක් නැත.


බුදුරදුන්ගේ මාර්ගෝපදේශන සුවිශේෂතා



ප්‍රථම ධර්ම දූත කණ්ඩායම වූ පළමු රහතන් වහන්සේ සැට (60) නම ධර්ම දූත කාර්යයෙහි නිරත කිරීමේ දී බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමෙහි දැකගත හැකි සුවිශේෂතා පිළිබඳ සාකච්ඡා කිරීම, මෙම ලිපියේ අරමුණයි. ධර්ම දූත මෙහෙවරට මඟ පෙන්වීමෙහි දී දැක ගත හැකි සුවිශේෂතා විමසීමට පෙර, බුදුන් වහන්සේගේ ධර්මයෙහි දැකිය හැකි සුවිශේෂතා විමසා බැලීම මේ සඳහා වඩාත් වැදගත් ප්‍රවේශයකි.

Monday, August 3, 2015

පැමිණි බර සහ නො පැමිණි බර



අනාගතේ ලෙඩ වෙයිද හොඳ රැකියාවක් ලබන්න පුළුවන් වෙයිද? විවාහයට සුදුසු කෙනෙක් ලැබෙයිද? බලාපොරොත්තු වන විදිහට යාන වාහන ගේදොර ඉඩකඩම් ව්‍යාපාර පවත්වාගන්න හැකි වෙයිද? අනාගතය පිළිබඳව මතුවෙන මෙබඳු හැම කරුණකදීම මනසින් දුක්විඳින්න නෙවෙයි, හිත සැහැල්ලු කරගෙන ඒ ගැටලු ජයගන්න අවශ්‍ය සාධක සැලසුම් කිරීම ඤණවන්තයින්ගේ ලක්‍ෂණයයි. ඒවා ගැන ඍණාත්මකව සිතමින් සිත කරදර කරගැනීම අඥානකමක්. අනාගතය ගැන පමණක් නෙවෙයි අතීතය ගැන වුණත් හිත හිතා යමෙක් දුක්වෙනවා නම් ඒක අඥානකම. යම් තැනක් අපට වැරදුනා නම්, පසුව තේරුණොත් එහෙත් හානියක්. පාඩුවක් අලාභයක් නේද සිදු වුනේ් කියලා පසුතැවීම නොවෙයි කළ යුත්තෙ. නැවත එබඳු වරදක් සිදු නොවෙන්නට අධිෂ්ඨාන කර ගැනීමයි මුලින්ම කළ යුත්තෙ. ඊට පස්සෙ සිදු වුණු වරද නිවැරදි කරන්න හෝ යහපත් පැත්තට හරවන්න හෝ යමක් කළ හැකිනම් හොයලා බලලා කළ යුතුයි. වෙනස්කළ නොහැකි දේ ගැන නැවත නැවත සිතමින් දුක්විඳීම අඥානකමක්.

කර්මයට දාසයන් නොවෙමු



පූර්ව කර්ම බලයෙන් දිළින්දෙකුව උපන්නත් ප්‍රඥානුගත ක්‍රියා ශූරත්වයෙන් හෙවත් මෙලොවදී කරන යහපත් කර්ම බලයෙන් ඔහුට මහා ධනවතකු විය හැකි බව මී කුණක් විකුණා ලත් තුට්ටුවෙන් සාරමසක් තුළ මසු දෙලක්‍ෂයක් උපයාගත් බව චුල්ල සිටාණන්ගේ කතාවෙන් පෙනේ. එය එසේ නම් පූර්ව කර්මය සලකමින් කළ අපල යැයි කියමින් තැවි තැවී සිටීම බෞද්ධයන්ට කිසිසේත් නොහොබිනා ක්‍රියාවකි. පූර්ව කර්ම වර්තමාන කර්මයෙන් යටපත් කළ හැකි ය


ප්‍රථම දේවදූතයා

 
උපන් බිලිඳා ඒ මොහොතේම හැඬීමට පටන් ගනී. දරුවාට, යම් කෙනකු තම ළපටි ශරීරය අතගානවිට, නෑවීම් සේදීම් කරනවිට අපමණ දුකක් දැනෙයි. දරුවාට ඒ මොහොතේ දුක පවසා ගැනීමට හැකියාවක් නැති නිසා හැඬීම විනා වෙත කිසිවක් කර කියා ගැන්මට හැකියාවක් නැත්තේ ය. මෙය උප්පත්ති දුකේ යථා ස්වභාවයි. ‘පළමුවැනි දේවදූතයා’ අපට ලබාදෙන මේ පණිවුඩය අපි නිසි පරිදි වටහා ගනිමු.

දිවි මඟ පි‍්‍රය නෑයා වන පින



නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති 

 

සුබුද්ධික සුපින්වත,

හිතුවක්කාරකම් භයානකයි



 අද සමාජය තුළ දරුවන් පිළිබඳව ඇති කරගෙන තියෙන්නේ හාත්පසින්ම වෙනස් වු ආකල්පයක්. විවාහ ජිවිතයේ තමන්ට දරුවෙන් නැතිවුනොත් තමන්ගේ වඳ භාවය පිළිබඳ සමාජය උපහාසාත්මකව බලනවා. එතනින් වළකින්නට තමන්ට දරුවෙක් ඕන. ඒ වගේම තමන්ගේ පරම්පරාව පවත්වන්න තමන්ගේ ඉඩකඩම් ගේ දොර බලා ගන්න තමන්ට දරුවෙක් ඕන. වයසට යනකොට වතුර පොදක් දෙන්න කන්න ටිකක් දෙන්න රැක බලා ගන්න තමන්ට දරුවෙක් ඕන. මෙන්න මේ විදිහේ පටු ආකල්ප මත හිරවෙලා තමයි අද දරුවන් හදන්නේ. ඒ නිසා මව් කුසේ ඉඳැද්දීම ඒ දරුවාට කාවදින්නේ පොදු මනුෂ්‍ය ආකල්ප නෙමෙයි ආත්මාර්ථකාමී පටු ආකල්ප අද මානව විද්‍යාඥයින් සනාථ කරගෙන තියෙනවා. මව් කුසේ සිටියදීම දරුවෙකුට විවිධ සිතුම් පැතුම් ආකල්ප කාවද්දන්නට පුළුවන් බව. මේ කාරණය විද්‍යාඥයින් විසින් කියන්නටත් පෙර අතීතයේ පටන් අපේ මව්පියො දැනගෙන හිටියා. බොහෝ දැන උගත්කම් නැතත් අකුරු නොදන්නවා වුනත් ඒ මව්පියෝ දරුවන් හැදීමේ නිවැරැදි ක්‍රමශිල්ප හඳුනා ගෙන හිටිය නිසා මේ ස්වභාවය තේරුම් අරගෙන මව් කුසේ සිටියදීම දරුවන්ව යම් යම් යහපත් ආකල්ප වලින් පෝෂණය කරන්නට ඒ අය ක්‍රියාත්මක වුණා.

පතන තැනක යළි උපදිමු!


බුද්ධ දේශනාවේ මූලික වශයෙන් අපට උගන්වන්නේ සංසාර දුකින් නිදහස්වීමයි.සංසාර දුකින් නිදහස්වීමට අපට සුදුසුකම් කිහිපයක් තිබිය කිහිපයක් තිබිය යුතුයි. ඒ සුදුසුකම්වලින් කිහිපයක්ම බණ අසන, බණ දහම් කියවන ඔබ සතුව තිබෙනවා. මිනිසත් බව, ක්ෂණ සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය සහ ඥානවන්තකම යන අවශ්‍යතා අතරින් වැදගත්ම කරුණ නම් ඥානවන්ත භාවයයි. යමෙක් ඥානවන්ත නැතිනම් ඔහුට හෝ ඇයට බුදු දහම තේරුම් කරගන්න අපහසුයි. ඒ අය වෙනුවෙන් කොපමණ කරුණු කාරණා ප්‍රකාශ කළත් දහමේ හරය අවබෝධ කරගැනීමේ හැකියාවක් ඔවුන් සතුව නැහැ. ඥාන සම්ප්‍රයුක්ත ජීවිතයක් ගත කරන අතරම, තමන් නිවන් අවබෝධ කර ගත යුතුයි කියන අදහස අවංකවම පවතින්න ඕන. එසේ නැතිනම් අවම වශයෙන් කෙසේ හෝ මම දුකින් නිදහස් වෙනවා කියන අධිෂ්ඨානය දිවියට කාවැදී තිබිය යුතුයි. යම් කෙනකුට ඥානවන්ත නැතිනම් දුක පවතින බව අවබෝධ වෙන්නේ නැහැ. එවැනි අවබෝධයක් නැති අයට දුකින් නිදහස්වීම පිළිබඳව හැඟීමක් ඇතිවෙන්න් නැහැ. නැණවත් බවින් තොරව හෝ අවශ්‍යතාවකින් තොරව කොපමණ ධර්මය ඇසුවත් ඒ අයගේ ජීවිතයට සැබෑ සැනසීමක් ළඟාකරගන්න අපහසුයි.

තෙළෙස් ධුතාංග



අප්පිච්ඡතා, සන්තුට්ඨිතා කියන ගුණ දෙක නොමැති පැවිද්දාට හෝ ගිහියාට සැපතක් අත් විඳීමට නොහැක. මෙම ගුණ දෙක නැති පුද්ගලයාට ජීවිතය සිරගෙයක් මෙන් හැඟෙයි. මෙම ගුණ දෙකෙන් යුතු පුද්ගලයාට මුළු ජීවිතයම සැපයක් මෙන් වැටහෙයි.

වඩා වටින්නේ සීලය ද ? ප්‍රඥාව ද ?



සීලයේ හා ප්‍රඥාවේ වටිනාකම මෙන්ම ඒ දෙකෙහි ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව පිළිබඳව දේශිත වටිනා සම්බුද්ධ දේශනාවක් දීඝනිකයාන්තර්ගත සීලක්ඛන්ධ වර්ගයෙහි ඇතුළත් වෙයි. මෙම දම් දෙසුම නම් කොට ඇත්තේ ‘සෝණදණ්ඩ ‘ සූත්‍රය ලෙසය. ඊට හේතුව මෙය බුදුරජාණන් වහන්සේ හා සෝණදණ්ඩ නමැති බ්‍රාහ්මණයෙකු අතර ඇතිවූ ධර්ම සාකච්ඡාවක් නිසාය.

පරිසරය යි - විනය නීතිය යි


වස්සාන සෘතුවේ වස් විසීම පෙර මනුලොව පහළ වූ දීපංකරාදී බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ අනිවාර්ය සිරිතක් වුවද සමාජ අවශ්‍යතාව භික්‍ෂු ජීවිතයට සම්බන්ධවන තුරු අප බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් අනුමත කළේ නැත. පරිසර වෙනස්වීම සමාජ ජීවිතයටත් එයින් අන්‍ය ආගමික චින්තනයටත් යළි භික්‍ෂු ජීවිතයටත් බලපාන අයුරු මෙම වස් විසීමේ විනය කර්මවලින් මනාව පැහැදිලි වෙයි.


Sunday, August 2, 2015

මරණානුස්සතිය


 අපි නිතර පුරුදු කළ යුතු භාවනාවක් විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන “ මරණ සතිය, “මේ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක්, පිහිටක්, පිළිසරණක් ලබා ගන්න කැමැති කෙනකුට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා කර ගන්න හොඳින්ම පුළුවන්කම තිබෙනවා මරණ සතිය පුරුදු කර ගැනීමෙන්.

ආර්ය රැකවරණය සැබෑම රැකවරණයයි


දීඝ නිකායේ තිබෙනවා ‘ජනවසභ’ කියල ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව කරන සමයේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ‘නාදිකා’ කියන ගමේ. ඔය ගමේ වැඩ ඉන්න අතරේ හදිසියේම වගේ ගමේ හිටපු මින්ස්සු පිරිසක් මරණයට පත්වුණා. බුදුරජාණන් වහන්සේ ඒ මියගිය පිරිස ගැන ඒ අයගේ ගති, චුති ආදිය ගැන ලොකු හෙළිදරව්වක් කරනවා. උපාසකවරුනි, ඒ මියගිය අයගෙන් පනහකට වැඩි පිරිසක් අනාගාමී වෙලයි හිටියේ. ඒ නිසා ඒ ඇත්තෝ මරණින් මත්තේ ශ්‍රද්ධාවාසයෙහි ඉපදිලා එහිදීම පිරිනිවන් පානවා. ආයේ ඒ අය මිනිස් ලෝකයට එන්නේ නැහැ. ඒ වගේම ඒ මියගිය පිරිස අතරින් අනූවකට වැඩි පිරිසක් සකෘදාගාමී වෙලයි හිටියේ. 

වෙනස හමුවේ නොසැලී සිටින්නට



 අපේ ජීවිතවල ස්වභාවයක් තියෙනව, මේ ලෝකය වෙනස් වෙලා යනකොට ඒ ඔස්සේ අපි කනගාටු වීම, එහෙම නැත්නම් සතුටු වීම. ඒ අනුව අපි අනාගතය ගැන ප්‍රාර්ථනා කරනවා, අතීතය ගැන පසුතැවෙනවා. මොකද කරන්නෙ කියල සැලසුම් සකස් කරනව. මේ ලෝකය මෙහෙම වෙනස් නොවෙනවා නම් හොඳයි කියලයි අපි සැලසුම් කරන්නෙ. එතකොට අපිට කවදාවත් පීඩාවලින් ගැලවෙන්ට බෑ.

ලස්සන වෙන්න ඔබත් කැමතිද?



 අපි කැමතියි ලස්සන ඇඳුම් අඳින්න, ලස්සනට කොණ්ඩේ පීරන්න,නියපොතු-තොල් ලස්සනට පාට කරන්න, පිරිසුදුව පිළිවෙළට ඉන්නත් අපි හැමෝම කැමතියි. ඇත්තටම ලස්සනට ඉන්න එක කොයි තරම් හොඳ දෙයක් ද? අපි ලස්සන ඇඳුම් ඇඳලා, කොණ්ඩේ පීරලා,තොල්-නිය පාට කරලා ලස්සනට ඉන්නවා වගේ අපට පුළුවන් නම් අපේ හිතත් ලස්සන කරගන්න? ඒත් කොහොමද මේ හිත ලස්සන කරගන්නේ? මොහොතක් හිතන්න... ලස්සන වෙන්න කැමති අපි ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න වෙලාවක අපේ ඇඟට මැරිලා කුණුවෙච්ච සතෙක් වැටුණොත් අපි මොකද කරන්නේ?

ප්‍රියයන්ගේ වියෝවට ඔබ සූදානම්ද?



මේ වනවිටත් ඔබ, තමන් බෙහෙවින් ළෙංගතු වූ සමීපතමයෙකුගේ වියොවින් උපන් ඉතා තියුණු කර්කශ දුක්පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට තවම ඔබට එවැනි දුක් පීඩාවක් ස්පර්ශ නොවී තිබෙන්නටත් පුළුවන්. නමුත්... අනාගතයේ යම් දිනයක ඔබ අප සැමගේ ජීවිත කරා ඒ අමිහිරි වේදනාව අනුකම්පා විරහිත, නො සිතූ නිමේෂයක පැමිණේවි. අපගේ ජීවිත කඳුළේ ම සිරකොට, දුකට ම ඇද දමාවි. ඔව්... නියත වශයෙන් ම ඒක සිදුවෙනවා ම යි. අපි හඬද්දි, වැළපෙද්දී ම අප බෙහෙවින් ආදරය කළ අපේ මව්පියන් අපව අතහැර යනවා ම යි. සෙනෙහසින් ළඟින් ම සිටි ආදරණීය ස්වාමියා, බිරිඳ යම් දිනෙක නො එනා ගමන් යෑම අපට වළක්වන්නට බැරි වෙනවා ම යි. හුරතලයෙන් ළඟ දැවටුණු ආදරණීය දුවා දරුවන්, සෙනෙහෙබර සහෝදරයන් අපගෙන් ඈත් වී යද්දි කර කියා ගන්න දෙයක් නොමැති අපි අසරණ වෙනවා මයි. අපි කොතරම් අකැමැති වුණත් ඒ අසරණකම සසර ගමනේ අපේ උරුමයක්. ඒ වෙනුවෙන් අපේ දෙනෙත්වලින් ගලා ගිය කඳුළු සයුරක් පසුකොටයි අපි මේ ඇවිත් තියෙන්නේ.
සිතන්න මොහොතක්... නො සිතූ මොහොතක එවන් අමිහිරි අත්දැකීමක් ජීවිතය යටකරගෙන පැමිණියහොත් ඔබ ඊට මුහුණදීමට සූදානම් ද? නැතිනම් දුක දරා ගත නො හැකිව විකල් වූ මනසින් නො දරුවෙකු සේ හැසිරෙන්න ද ඔබේ සූදානම? “දැන් ඉතින් අඬා පලක් නෑ” කියල එදාට ඔබට කොච්චර කිව්වත් ඔබේ කඳුළු නවතින එකක් නෑ. ඒ නිසා ඔබ ඊට සූදානම් විය යුත්තේ අද අද ම යි.

ලොව පවතින ඒ සනාතන සත්‍යයට එරෙහිව කළ හැකි දෙයක් නැත අපට. එය අවබෝධය කරනවා හැර... ඒ අවබෝධය ජීවිතයට උදාකරදෙන අභිමානය, රැකවරණය පුදුමාකාර දෙයක්. ඒ අවබෝධය ජීවිතයට සමීපකරගත් නුවණැති මිනිසුන්ගේ ලෝකය කඳුළට යටවුණේ නෑ. කඳුළ ඔවුන් හමුවේ පරාජිතව සැඟවුණා. එවන් අභිමානවත්, නො හඬන, නො වැළපෙන ජීවිතයකට ඔබත් කැමති ඇති. මේ සටහන තැබෙන්නේ ඔබේ ඒ කැමැත්ත යථාර්ථයක් බවට පත් කිරීමට පිටිවහලක් වශයෙන්...
බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල නම් බමුණු ගමක් විය. එහි බොහෝ සතුටින් වාසය කළ සාමාජිකයන් හයදෙනෙකුගෙන් යුත් පවුලකි. එහි විසූ බ්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, තමන්ගේ ආදරණීය පුත්‍රයා ද දියණිය ද ලේලිය ද සමඟින් සෙනෙහසින් ජීවත් වූහ. එම නිවසේ විසූ දාසිය ද නිවැසියෙකු සේ ම ඔවුනට ළෙංගතු විය. ඔවුන් සියල්ලන්ගේ ම සතුටුදායක ජීවිත රටාවට හේතු පාදක වූ සුවිශේෂී කරුණක් විය. එනම් ඔවුන් තමන්ගේ ජීවිතයේ සත්‍ය ඉරණම හැමදාම සිහිපත් කිරීම යි. තමනුත්, අන් සියලු දෙනාත් මරණය උරුම කරගෙන සිටින බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඩීම ඒ හැමදෙනාගේම ජීවිත තුළ හොඳින් පුරුදු පුහුණු වී තිබුණි. ඒ වැටහීම කොතරම් දියුණු වී තිබුණා ද යත් ඔවුන් අතුරෙන් අයෙක් නිවසින් පිටට යන විට අන් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. එසේ අන් අයට අවවාද කොට හෙතෙම ජීවිතාපේක්ෂාවෙන් තොරව පිට වී යයි.
සුපුරුදු පරිදි එදිනත් බ්‍රාහ්මණතුමා තම පුත්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලුව තමන්ගේ රාජකාරිවල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනි දල්වමින් සිටි තම අදරැති පුත්‍රයා ඇද වැටෙනු දුටු බ්‍රාහ්මණතුමා ඉක්මනින් ම එතැනට පැමිණුනි. ගිනි රස්නයෙන් උරණ වූ අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙයි. ඒ වන විටත් තම සෙනෙහෙබර පුත්‍රයාගේ හුස්ම රැල්ල නතර වී ඇත. කරන්නට දෙයක් නැත. ඔහු මිය ගොසිනි... ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි. එක්වරම බ්‍රාහ්මණතුමාගේ සිතට නැගුණේ බ්‍රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල සිටි මිනිසෙකු ඇමතී ය.
“යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට ස්නානය කොට පිරිසුදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙසට දන්වන්න” යැයි කීවේ ය. ඔහුගේ පණිවුඩයෙන් විශේෂ යමක් සිදු වී ඇති බව තේරුම්ගත් නිවැසියෝ සියලු දෙනා ම ඉක්මනින් එතැනට පැමිණෙන්නට වූහ. සිදුවී ඇති විපත දැන් සියලු දෙනාගේම ඇස් පනාපිට ය. සියල්ලෝ ම සුළු මොහොතක් ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියහ. සිදුවූ විපත ගැන කනගාටුවක් නැත්තේමත් නො වෙයි. නමුත් කිසිවෙකු තුළින් ඉකිබිඳුම් හඬක් නො ඇසෙයි...
මේ උදාවූයේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය නේ ද යයි ඔවුන් සිතනවා විය යුතුයි. බ්‍රාහ්මණතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා දැරකඩක් මෙන් ගිනි දැල්වීය. සියල්ලෝ ම හැඬුම් වැළපුම් නැති, එහෙත් කිසියම් සංවේගයකින් එදෙස බලා සිටිති.
මිය පරලොව යන්නට යෙදුණු බ්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජ ව ඉපිද සිටියේ ය. තම ඤාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.
“පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.”
“නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.”
“කිම මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”
“නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මහා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත්‍රයා ය.”
“අහෝ පුදුමයකි...! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”
බ්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.
“සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලුරිය කරනවා.
ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය පුතා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”
එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වූ බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.
“මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
“පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත්‍රයායි.”
“මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුළු ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?”
“පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද?
ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය පුතා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”
මව් බැමිණියගෙන් ලැබුණේ ද, පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.
“නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”
“මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.”
“නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?”
“ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. ඒ හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි.
ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”
ඊළඟ වාරය බිරිඳගේ ය.
“පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
“පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.”
“සොහොයුරිය, ස්ත්‍රීන් නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?”
“පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්.
ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”
බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.
“නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”
“බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.”
“එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය... ඔහු මට දඬුවම් කළා. මා ඔහුට වතාවත් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා...’ කියා ඔබ සිතනවා ඇති.”
“එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදූ දරුවෙක් බඳුයි.”
“එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?”
“පින්වත් බ්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි.
ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”
තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොෙී සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩියහ. අන් සියලු දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඩීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත්හ.
මරණානුස්සති භාවනාව නම් වූ එකම එක ගුණධර්මය ජිවිතයට පුරුදු කරගැනීම නිසාවෙන් ම යි ඔවුන් සියලු දෙනා ම මෙලොව දී කඳුළු නො හෙළුවේ. මරණින් මතුත් ඔවුන් සුගතිය කරා ම යි පියනැගුවේ. නමුත්, මරණය ගැන මොහොතක්වත් නො සිතන බොහෝ දෙනා මෙලොව දී ම කඳුළු සයුරේ කිමිදෙනවා. මරණින් මතුත් කඳුළ ම උරුම කර ගන්නවා.
අපි හැඬුවත්, නැතත් ප්‍රියයන්ගෙන් වෙන් වීමට සිදු වීමේ දුකෙන් අපට මඟ හැර යා නො හැකියි. අපට කළ හැක්කේ එකම එක දෙයයි. ඒ, ‘අපි කවුරුත් මැරෙන අය බව’ අවබෝධ කරගැනීම යි. ජීවිතයේ උද්ගත වන නොයෙකුත් කලකෝලහාලවලටත් විසඳුම එය ම වේවි.
‘අනාගතයේ ඒ දුක ඔබව ස්පර්ශ කරද්දී ඔය දෙනෙතින් කඳුළු කඩා නො හැළේවා! ඒ අභිමානවත්ව සත්‍යයට මුහුණ දීමේ ශක්තිය උදා වේවා!’ යන මෙත් සිතිනි.

ඇසුර : උරග පේතවත්ථුව - බුද්දක නිකාය


2014 ඔක්තෝබර් මස 01 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි