මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, August 16, 2015
සිය කටයුතු සලකා බැලිය යුතු
ඇය බොහෝම සතුටින් තම පුතා ළඟට කැඳවා පුතේ, අද ජේතවනාරාමයට ගොස් අසවල් දිනේ අපේ නිවසට දානෙට බුදුරජාණන් වහන්සේට වඩින්න ආරාධනා කරන්න. මෙය පිළිගත් පුතා ජේතවනාරාමය බලා ගමන ආරම්භ කළා. යන්නට තිබෙන්නේ තම සුළු පියා වැඩ කරන කුඹුර මැදින්, මෙය දුටු තම සුළු පියා කතා කර යන්නේ කොහෙද? කියා විමසුවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.......
නපරේසං විලෝමානී
නපරේසං කථා කතං
අත්තතෝව අවෙක්ඛ්‍යෙ
කථා නී අකතානීච
සුපින්වතුනි,
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ එක් සමයක ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ එනුවර සිටු පවුලක් දැහැමි ජීවිකාවක් ගත කළා.
අම්මයි, තාත්තයි, පුතයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල භක්තියක් ශ්‍රද්ධාවක් මේ තුන්දෙනා අතර ඇති වුණා. දන් පැන් පුජාකරමින් බණ අසමින් ධර්මානුකූලව දැහැමි දිවිපෙවෙතක් ගත කළා. මෙහෙම ජීවිතය ගත කරන මෙම පවුලේ ප්‍රධානියා (ස්වාමියා) හදිසියේ මිය පරලොව ගියා. අම්මාටත්, පුතාටත් අවාසනාවන්ත කාලයක් උදා වුනා. කාලයාගේ ඇවෑමෙන් මේ කාන්තාව වෙනත් විවාහයක් කර ගත්තා. මේ පුද්ගලයා මිථ්‍යා දෘෂ්ටිකයෙක්. බුදුරජාණන් වහන්සේට නිගරුකරන දෝසා රෝපණය කරන මහා අධම පුරුෂයෙක්. අම්මටයි පුතාටයි දනක්, පැනක් දීමට තියා බණක් දහමක් ඇසීමට පවා තහනම් කළා. ගමේ අසල්වාසීන් තෙල් මල් රැගෙන ජේතවනාරාමයට යනවා බණ අසන්නට, මේ අම්මයි, පුතයි ඒ දෙස බලා දුක්වුනා. අනේ අපට කවදානම් දවසක් උදාවේද? දවසක් මේ අම්මා තම ස්වාමියාගෙන් අවසරය පැතුවා බණ ඇසීමට ජේතවනාරාමයට යන්න. තව ස්වාමියා තදින්ම බැණ වැදී එය ප්‍රතික්ෂේප කළා. ඇය නැවත නැවතත් මතක් කළා. මේ හැම වාරයකදීම බණ ඇසීමට යාම මවට හා පුතාට තහනම් කළා. ඇය බොහෝ දුකින් තම ස්වාමියාගෙන් අහනවා මටත්, පුතාටත් බණ ඇසීමට ජේතවනාරාමයට යන්න ඕනෑ නැහැ. එකම එක දවසක් අපේ නිවසට බුදුරජාණන් වහන්සේ වඩමවා දානයක් දීම සඳහා එකම අවස්ථාවක් ලබාදෙන්න කියා ඇය අවසර පැතුවා. මෙය ඇසූ මිථ්‍යාදෘෂ්ටික ආජීවකයා කිසිත් නොකියා කුඹුරට ගියා.
ඇය බොහෝම සතුටින් තම පුතා ළඟට කැඳවා පුතේ, අද ජේතවනාරාමයට ගොස් අසවල් දිනේ අපේ නිවසට දානෙට බුදුරජාණන් වහන්සේට වඩින්න ආරාධනා කරන්න. මෙය පිළිගත් පුතා ජේතවනාරාමය බලා ගමන ආරම්භ කළා. යන්නට තිබෙන්නේ තම සුළු පියා වැඩ කරන කුඹුර මැදින්, මෙය දුටු තම සුළු පියා කතා කර යන්නේ කොහෙද කියා විමසුවා. සියලු තොරතුරු තම සුළු පියාට දැන්වූවා.
තම සුළුපියා කල්පනා කර පුතාට පවසනවා පුතේ ඔය කියන දානෙට ආරාධනා කළාට ගෙදරට එන පාර විතරක් කියන්න එපා. මෙයත් ඇසූ මේ පුතා ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදී බැලුවා මේ මව පුතා පින්බර වාසනාවන්ත මාර්ගඵල ලබා ගැනීමට හේතු සම්පත් ඇති දෙපලක් බව.
බුදුරජාණන් වහන්සේ මෙම ආරාධනාව පිළිගත්තා. පුතා බොහොම සතුටින් ආපසු තම නිවස බලා පිටත් වුණා. මඟදී මුණගැසුන තම සුළු පියා අහනවා, පුතේ මා කියූ දෙය එලෙසෙම කළාද? ඔව් මම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. තම නිවසට එන පාර කිව්වේ නැහැ. බොහෝ සතුටට පත්වුන මේ මිනිසා වැඩ අවසන් කර තම නිවස බලා පිටත් වුණා.
දිනය එළඹෙන තෙක් බලාසිටි මේ පුද්ගලයා පුතාට ප්‍රකාශ කරනවා පුතේ, අපි දෙන්නාට හොඳ හැටියට හිතේ හැටියට අම්මා ඔය හදන රසමුසු ආහාර අනුභව කරන්න එදාට පුළුවනි. බුදුරජාණන් වහන්සේට එන්න පාර දන්නෙ නැහැනේ කියා.
තම ස්වාමි දියණිය අසල්වාසීන් සමඟ පිරිවරාගෙන දර දිය ඇද සූදානම් කර රසමුසු ආහාර පිසින අතර තම ස්වාමිපුරුෂයා පුතා සමඟ කාමරයට වී දොරගුලු දමාගෙන දවල් වෙනතුරු බලා සිටියා බොහොම සතුටින්, මොකද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරන මේ ප්‍රණීත වූ ආහාරය අප දෙදෙනාට කන්න පුළුවන්නෙ කියා. ඔය කියන බුදුහාමුදුරුවන්ට අපේ නිවසට එන්න පාර දන්නේ නැහැ කියා.
පින්වතුනි, දැන් කොටසක් දාන ශාලාව සූදානම් කරනවා. කොටසක් පාර සරසනවා. තව කොටසක් පා දෝවන ආදිය සූදානම් කරනවා. තමන්ට පැවරුණු වැඩ කොටස් අවසන් කර මඟ දෙපස රොක් වී බලා සිටියා. බුදුරජාණන් වහන්සේ වඩිනතුරු. මේ දර්ශනය ජනෙල් කවුළුවෙන් බලා හිටියා අර මිථ්‍යා දෘෂ්ටිකයා. මේ අතර නියමිත වෙලාවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩම කළා.
මිනිසුන් සාධු හඬ දී දී බුදු රජාණන් වහන්සේ වැඩම කරවා වත් පිළිවෙත් කර වඩාහිඳුවා බණ අසන්න සූදානම් වුණා. සාධු හඬ දී බණ අසන පිරිස කෙරෙහි තද කෝපයෙන් පසු වුන මිථ්‍යා දෘෂ්ටිකයාගේ බලාපොරොත්තු සුන්වීමත්, බුදුරජාණන් වහන්සේ වැඩමවීමත් තම ස්වාමි දියණියගේ සතුටත් නොරිස්සු මිථ්‍යා දෘෂ්ටික ආජීවක වෛරයෙන්, කෝපයෙන්, ඉවසා ගත නොහැකිව කාමරයෙන් පිටවී අර සෙනඟ මැදට පැන බුදු හාමුදුරුවන්ටත් තම භාර්යාවටත් දෝෂා රෝපනය කර රසමුසු ආහාර කැවිලි ආදිය විසිකර දමා තම භාර්යාවට තලා පෙලා එම නිවසින් යන්නටම යන්න ගියා.
මෙම සිදුවීම නිසා පුතාටත් අම්මාටත් ලජ්ජාවක් හා දුකක් ඇති වුණා. ඒ සිදුවීම අරමුණු කරගෙන ඉහත සඳහන් ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළේ. මෙම ධර්මය ඇසූ මෙම තැනැත්තිය සෝවාන් මාර්ගයට පත් වුණා. පින්වතුනි, ඉහත සඳහන් ගාථාවේ කෙටි අදහස නම් අනුන්ගේ දොස් පරොස් නොසොයන්න. තමන්ගේ දොස් පරොස් සොයා අඩු පාඩු සකසාගන්න යන්නයි. පින්වතුනි ඇසෙන් දැකිය යුත්තේ තමන්ගේ අඩු පාඩුකම් හා වෙන වැරදි ක්‍රියාකාරකම් සකසා ගැනීමටය. යහපත් සිතිවිලි උදාකරගන්න.
හොඳ දේ යහපත් දේ ශ්‍රවණය කරන්න. අනුන්ගේ දෝසාරෝපන, කේලාම්, ප්‍රලාප හිස් වචන නොවෙයි සිත නිවෙන මෛත්‍රීය, දයාව, කරුණාව, අනුකම්පාව ඇති වෙන ආකාරයට මෙත් සිතක් පහළ වන සුභාසිත වචන භාවිතා කරන්න. ශ්‍රවණය කරන්න. ඔබට පුළුවන් වේවී මෙලොවත් ජයගන්න. පරලොවත් ජයගන්න. ඔබට සෑම දෙනාම පි‍්‍රය කරාවි. සිත, කය, වචනය සංවර කරගන්න.තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති ව කටයුතු කරන්න.
සැමට තෙරුවන් සරණයි.
බයව අවුලේගම කැලේගම පුරාණවිහාරයේ
හිඳව සෝභිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ මැයි 14 වන දා බදාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment