මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Thursday, August 13, 2015
බෞද්ධ භාවනාව මනෝචිකිත්සාවක් ලෙස භාවිත කරමින් රෝග සුවකර ගැනීම
එදිනෙදා ජීවිතයේ දී ඇතිවන අවුල් වියවුල් දරලා මානසික සුවයෙන් ජීවත්වීම සියලු දෙනාගේම අභිප්‍රාය යි. ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය වන්නේ භාවනාවයි. භාවනාව යනු සිත එකඟ කර ගැනීමයි. සිත වර්ධනයකර සමාධිය වෙත යොමුකර ඉමහත් ප්‍රතිඵල ලබා ගැනීමට භාවනාව බෙහෙවින් උපකාර වේ. මෙම භාවනාව නූතන මනෝවිද්‍යාව තුළ මනෝචිකිත්සාවක් වශයෙන් යොදා ගත හැකි ය.
බුදුන් වහන්සේ රෝග සූත්‍රයේ දී දේශනා කොට ඇත්තේ මිනිසාගේ රෝගාබාධ මානසික හා ශාරීරික වශයෙන් දෙකොටසකට බෙදිය හැකි බවයි. මනුෂ්‍යවර්ගයා අතුරෙහි යමෙක් ස්වස්ථයා යයි කීමට සුදුසු ද ඔහුගේ මානසික හා ශාරීරික ක්‍රියා සමවිය යුතු යැයි සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ. එබැවින් රෝග විඥානයටත්, ස්වාස්ථ්‍ය විඥානයටත් රෝග නිදාන පිළිබඳ දැනීම වැදගත් වේ. මෙම රෝග නිදාන දැනගැනීමෙන් රෝග කාරක හේතු වලක්වාලීම හෙවත් චිකිත්සාව පහසු කරයි.
බුදු දහමට අනුව පුද්ගලයා යනු යථාර්ථ වශයෙන් පඤ්චස්කන්ධයට යෙදෙන ව්‍යවහාරයක් වේ. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යනු පඤ්චස්කන්ධය යි.
මෙයින් රූප යනු ඇස, කන, නාසය, දිව සම යන ඉන්ද්‍රියන් හා ඉන්ද්‍රියන් සමඟ නිරතුරුව සම්බන්ධ වන බාහිර ලෝකයේ වර්ණ හා හැඩයන්, ශබ්ද, ගන්ධ, රස හා ශීත උෂ්ණාදි ස්පර්ශයන් ද අදහස් කරනු ලැබේ. ජීවත්වීම යනු මෙම ඉන්ද්‍රියයන් බාහිර අරමුණු සමඟ ගැටීම මඟින් ආස්වාදය ලබමින් යළි යළිත් එම ආස්වාදය ලබා ගැනීමට අප්‍රමාණ උත්සාහයක යෙදීම යි.
මෙම උත්සාහය මෙහෙය වනු ලබන්නේ පුද්ගල මනසේ ක්‍රියාත්මක වන විවිධ වූ සංකල්ප මඟිනි. මෙම මානසික ක්‍රියාකාරිත්වයෙන් මුළු ජීවිතයෙන් පහෙන් හතරක් ම සම්බන්ධ වන එක්තරා විශේෂ කොටසකි. මෙහි සඳහන් වූ, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ස්කන්ධයන්, පුද්ගලයාගේ මානසික අංශයට සම්බන්ධ වූ එම කොටස් හතර වේ. එ මඟින් ගැටීම මඟින් වින්දන හටගනී. මෙම වින්දන ප්‍රබල වූ තරමට මතක සටහන් වශයෙන් මනසෙහි තැන්පත් වේ.
සංඥා වශයෙන් හඳුන්වන්නේ එය යි. මතක සටහන් නැවත මතක් කර ගැනීමෙන් ඊට අදාළ වින්දන නැවත නැවත ලබාගත හැකි ය. මෙම වින්දන නැවත නැවත ලැබීමෙන් ඒවා ප්‍රබල වේ. ඒවා දැඩි සංකල්ප නොහොත් සංඛාර වේ. ඉÁද්‍රියයන් බාහිර අරමුණු සමඟ ගැටීම නිසා හටගන්නා සිත හෙවත් විඤ්ඤාණය ඉහත සියල්ලට ම පදනම සලසයි. අපගේ ජීවිතයේ දී කරනු ලබන ක්‍රියා සිදුවන්නේ ඉÁද්‍රියයන් හා අරමුණු ඔස්සේ ය. එම කටයුතු කිරීමේ දී විවිධ අවශ්‍යතා මතුවේ.
නූතන මනෝවිද්‍යාඥයන්ගේ අදහස් අනුව මිනිස් අවශ්‍යතා තුන්ආකාර වේ. එනම්,
1. පුද්ගල පැවැත්ම සඳහා අවශ්‍ය වන ආහාර හා වස්ත්‍ර ආදිය
2. කීර්තිය හා ප්‍රශංසාව වැනි අපේක්ෂා හා බලාපොරොත්තු.
3. ආධ්‍යාත්මික අවශ්‍යතාව එනම්, සත්‍ය සහ යථාර්ථය අවබෝධ කිරීම.
යනාදිය යි.
බුදු සමයට අනුව අපට සහජයෙන්ම උරුම වූ මානසික ලක්ෂණ කිහිපයක් ඇත. එනම්, රාගය, ද්වේශය, මෝහය හා අස්මිමානය යි. රාගය යනු ඇල්ම වශයෙන් ද ද්වේශය යනු විරුද්ධවීම වශයෙන් ද, මෝහය යනු රාගය, ද්වේශය නිසා සිතෙහි හටගන්නා අසහන තත්ත්වය වශයෙන් ද, අස්මිමානය යනු මම යන හැ¼ඟීම වශයෙන් ද සලකා ගත හැකි ය. අප සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයකු තුළම මෙම රාග, ද්වේශ, මෝහ, අස්මිමානය යන ලක්‍ෂණ කිසියම් ප්‍රමාණයකට දක්නට ඇත.
මෙම ලක්‍ෂණ අඩු කරගත් තරමට ලෞකික ජීවිතය සාර්ථක වන අතර මෙම ලක්‍ෂණ වැඩි වන නිසාම ජීවිතයේ බොහෝ ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ. “සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා” - සියලුම පෘතග්ජන පුද්ගලයන් මානසික ලෙඩුන් ලෙස සේල සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එබැවිනි. එසේම සල්ලේඛ සූත්‍රයේ දී මානසික රෝග හතලිස් හතරක්, බුදුන් වහන්සේ නම් වශයෙන්ම දක්වා ඇත. මෙම මානසික රෝග වලට ප්‍රතිකාර කිරීම මනෝරෝග චිකිත්සාවයි.
මනෝරෝග චිකිත්සාව යනු මානසික අපිළිවෙළට බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීමයි. මහාකාශ්‍යප හිමියන් හා මුගලන් හිමියන් ද දැඩි සේ ගිලන්ව සිිටි අවස්ථාවන් දෙකකදීම බුදුන් වහන්සේ, එතුමන් වහන්සේලා බැහැ දැකීමට ගොස් සුව දුක් විචාරා එම රෝගී තත්ත්වයෙන් මිදීම සඳහා බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දී ඇත.
මනෝරෝග චිකිත්සාවේ දී බෙහෙත් වර්ග හෝ වෛද්‍ය්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීම වඩාත් උචිත බව බුදුන් වහන්සේ විසින් බොජ්ජංග භාවනාව වඩන ලෙස උපදෙස් දීමෙන් ම පැහැදිලි වේ. භාවනා සම්බන්ධයෙන් ත්‍රිපිටකයෙන් උපුටා ගත හැකි සූත්‍ර දේශනා රාශියක් දැකිය හැකි ය. සතිපට්ඨාන සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය, අනාපානා සති සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, යනාදිය ඉන් කිහිපයකි.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
වෛද්‍ය කීර්ති බංඩාර රත්නායක,
ආයුර්වේද අංශ ප්‍රධාන,
මහ නගර සභාව, මීගමුව
2013 ඔක්තෝබර් මස 09 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment