දරුවන් බුද්ධ්මතුන් බවට පත්වූවා නම්, පින්තූරය හෝ දාන් ලෑල්ල හෝ තාරාවන් පිළිබඳව පමණක් නොවේ, මුළු ලෝකය පිළිබඳවම සිතාවි. අම්මාට දුකක් දැනෙන විට දුක හිතේවි. තාත්තාට බරක් දැනෙන විට එම බරෙන් කොටසක් දරුවාටත් දැනේවි. අම්මා දරුවන් කුසින් බිහි කරන විට විඳින්නාවූ ෙවිදනාව ඔවුනටත් ඇයටත් පසුකාලයකදී දැනේවි. තාත්තා අප පෝෂණය කිරීමට දැරෑ වෑයම ඔහුටත් ඇයටත් පසුකලෙක දැනේවි. ගහක වටිනාකම දැනේවි.
සමනලයාගේ සොඳුරු බව අතට නොගෙනම විඳගැනීමේ හැකියාව ඔහුට තිෙබිවි. ගලා බස්නා දිය දහරවල විසිතුරු කම ජලයට කෙළ නොගසාම විඳගැනීමේ හැකියාව ඔහුට ලැෙබිවි.මහ මඟ සැරිසරණා මිනිසුන්ගේ මිනිස්කමත් අහසෙහි සැරිසරණා සියොත් කැළගේ අහිංසකත්වයත් පිළිබඳව දැනගනීෙමි හැකියාව ඔහුට ලැෙබිවි. සිතන්න හැකි නම් පමණක් මේ සියල්ල ඔහුට දැනේවි. එසේ නොවුනහොත් කුමක් වේද මල පිළිබඳව ඉගෙන ගන්නාවූ පුද්ගලයා මල පිළිබඳව මල් පැළය පිළිබඳව ඉගෙන ගෙන අවසානයේ ඔහු ලබන්නේ ඉගෙනීම පමණක් නම්, ඔහු දන්නේ මලක මිළ කීයද මල අලෙවි කළ හැක්කේ කීයකටදමලෙන් ලැබිය හැකි ලාභය කොපමණද මල පිළිබඳව ඉගෙන ගන්නා පුද්ගලයාට ලැබෙන දෙය එයයි. ඒත් මල පිළිබඳව බුද්ධියෙන් සිතන්න සහ විමසන්නත් බුද්ධියෙන් සිතන්නත් එය ආස්වාදනය කරන්නත් දත් බුද්ධ්මතාට මල තමාගේ පිවිතුරුකමත් මේ මනස්කාන්ත ලෝකයේ තවත් අයස්කාන්ත දැක්මක් ලෙසත් එම මල දෙස බලාගෙන අසිරිමත් වින්දනයක් ලද හැකි තැනට ඔහුව පත්වේවි. අප අපේ දරුවන් හැදිය යුත්තේ මල් විඳගන්නවුන් බවටද නැතහොත් වල්මත් වූවන් බවටද මල්වත් වූවන් බවටද
පුත්තා වත්ථු මනුස්සානං මිනිසුනට සිටින ලොකුම වස්තුව දරුවන් වුවද, අප දරුවන් හදා වඩා තිබෙන්නේ උගතුන් කරන්නයි. ලොකු රැකියාවකට යන්නට වුවමනා නිසාත් දරුවා ලොකු පාසලකට යවා ලොකු විභාග සමත් කරන්න අවශ්‍යයි. විභාග සමත් කිරීමට නම්, ටියුෂන් යවන්නම අවශ්‍යයි. දැනුම ලබන්නම වුවමනායි. ඉංග්‍රීසි දැනුම නැත්නම් ඔහු පවුලට ගැලපෙන්නේ නැහැ. විභාගය සමත් නොවුයේ නම්, එහා පැත්ත ගෙදරට ගැලපෙන්නේ නැහැ. එම තනතුරට ඔහු නොගිය හොත් අපේ පවුල් සම්ප්‍රදායට ගැලපෙන්නේත් නැහැ. නොසිතුවේ ළමයාගේ මනුස්සකම පිළිබඳව පමණයි.කල්පනා කරනු ලැබුවේ දරුවා මිනිසකු වන්නේ කෙසේද කියා නොව ඔහු සල්ලි කාරයකු වන්නේ කෙසේද කියා පමණයි. පමණමයි. එවැනි සමාජයක් තුළ පුත්තා වත්ථු මනුස්සානං කියන බුද්ධ ප්‍රකාශයට තුවාල කරන්නේ නැතැයි කියා කිව හැක්කේ කෙසේදඇතැමුන් දරුවන් විකුණමින් දරුවන් වස්තු ලෙස පාවිචිචි කරනු ලබයි. එය දරුවන් වස්තුව වශයෙන් පාවිච්ච් කිරීමක් නොවේ. සත්‍ය වශයෙන්ම දරුවන් මුදලට අලෙවි කිරීම එක්තරා ආකාරයක දැවැන්ත ඛේදවාචකයක්. එසේ නොකර කරනු ලබන්නේ දරුවන් අලෙවි කිරීමම නොවේද දරුවාගේ විභාගයේදී දරුවා අලෙවි කරන්නේ නම්, දරුවාගේ විවාහයේදී දරුවා අලෙවි කරන්නේ නමි, දරුවාගේ රැකියාවේදී ද දරුවා අලෙවි කරන්නේ නමි, එයත් දරුවන් අලෙවි කිරීමක්මයි. පුත්ථා වස්තු මනුස්සානං නමි, මිනිසුන් වස්තුව රැකිය යුත්තේ වස්තුවට තුවාල නොකරන ආකාරයෙනි. දරුවන් වස්තුවක් ලෙස බුදුපියාණන් වහන්සේ සෘජු වචනයෙන්ම වදාරනු ලැබුෙවිද එම නිසයි. වස්තුවට හානි නොකළ යුතුයි. වස්තුව ක්ෂය කරන්නේ නැත. දරුවන් හැදීමට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත්තේ ඒ ආකාරයෙනි. එම නිසා අපේ දරුවන් බුද්ධිමතුන් බවට පත් කරමු. දරුවන් බුද්ධිමතුන් වනවිට ඔවුන් ගුණවතුන් ෙවිවි. සිතීමට හැකියාව ඇති මිනිසුන් හා සිතීමේ හැකියාව නැති මිනිිසුන් අතර පවතින්නාවූ දැවැන්ත මෙහෙය කෙතරමිද ඉතාම පහසුවෙන් බෝම්බයක් නිෂ්පාදනය කළ හැකිද සුවිශාල දැනුමක් නැති ව බෝම්බයක් නිපදවිය නොහැකියි. දැනුමක් නැති පුද්ගලයකුට පරිගණක වෛරසයක් නිපදවිය හැකිද පරිගණක වෛරසයක් නිපදවිය හැක්කේ විශාල උගතකුට පමණයි. විශාල බැංකු මූල්‍ය වංචාවක් නූගතකුට කළ හැකිද එය දැවැන්ත උගතකුට කළ හැකි කාර්යයක්. උගත්කම යනු දැනුමට හිරවීමයි. එම කාරණා නිවැරැදි බවට මම ඉගෙන ගෙන තිබෙන නිසාම එම කරුණ නිවැරැදිමයි. එය එසේමයි . එක එකතු කිරීම එක සමානයි කීයද කියා විමසුවහොත් දෙක යනුවෙන් උත්තර දෙයි. එය දන්නේ කෙසේද එය ඉගෙන ගෙන තිබෙන්නේ එලෙසයි. ඒ ආකාරයට එක බුලත් කොළයකට එක බුලත් කොළයක් එකතු කළ විට බුලත් කොළ දෙකක් ලැබෙයි. එය පෙනෙන්න තිබෙන නිසයි. එක එකතු කිරීම සමානයි දෙකයි බව ඇත්ත. උගතාට වැටහෙන්නේ එකයි එකයි දෙකයි කියා පමණයි. බුද්ධ්මතකුට එයට වඩා වෙනස් ආකාරයකට එය සිතිය හැකියි. වතුර බිංදුව එකතු කිරීම වතුර බ්ංදුව සමානයි වතුර බිංදු කීයද වතුර බිංදු එක නම් එය සූත්‍රයක් වන්නේ කෙසේද වතුර බිංදුව එකතු කිරීම වතුර බිංදුව සමානයි එක වතුර බිංදුව නමි, එක එකතු කිරීම එක සමානයි එක ෙවි. එකයි එකයි දෙකද විය හැකිවා සේම නොවියද හැකියි. එය බුද්ධ්මතාගේ ස්වභාවයයි.
අපගේ ආදරණිය වස්තුව වන දරුවන් අප පුරුදු කළ යුත්තේ බුද්ධිමතුන් කිරීමට මිස උගතුන් කිරීමට නොවේ. අම්මලා දුක් ගත යුත්තේ පුතුන් බුද්ධ්මතුන් කරන්න පමණයි. ඔවුන් සිතන්න වුන් කරන්නයි. එසේ වුවහොත් මේ රට තුළ ඉතාම විශිෂ්ට දරු පරපුරක් බිහිෙවිවි. මහ මඟ දෙස බලන විට අප අවට වෙසෙන යෞවනය හා භද්‍ර යෞවනයට සිතන්න හැකියාව තිෙබිද කිසියම් උත්සවයකදී හෝ වෙනත් ස්ථානයකදී යෞවනය හා භද්‍රයෞවනය යනු සිතන්නවුන්ද කියා සිතා බැලිය යුතුයි. භද්‍ර යෞවනය සහ යෞවනය අනාගත ය බාර ගැනීම සදහා සිටින්නාවූ ශ්‍රීලාංකික තරුණයා හා තරුණිය සිතන්න පුළුවන් පිරිසක්ද කියා විමසා බැලිය යුතුයි. රටට විය හැක්කේ කුමක්ද ප්‍රශ්නයත් පිළිතුරත් ඔබ ඉදිරියේ ඇ.ත. එහි වගකිව යුත්තාද ඔබමයි. එය විසඳිය යුත්තාද ඔබමයි. ඒ බුදුපියාණන් වහන්සේගේ ප්‍රශ්නයයි. බුදුපියාණන් වහන්සේගේ දැක්මයි
කැලණිය විශ්ව විද්‍ර්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 13 වන සිකුරාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment