Labels

Friday, May 13, 2016

අනාගතය බාරගන්නා වූ ශි‍්‍ර ලාංකික තරුණයා හා තරුණිය සිතන අයද



අප ආරම්භයේ සිටම මහ පොළොවෙහි පෑගෙන්නාවූ ඇත්තත් සමඟ බලන විට වෑයම් කරනු ලබන්නේ දරුවන් උගතුන් කරන්නටද උගතුන් කරන්න උත්සාහ කිරීම සහ බුද්ධ්මතුන් කරන්න උත්සාහ කිරීම යනු පැහැදිළි්වම දෙකක් මිස එකක් නොවේ. උගතුන් කිරීම සහ බුද්ධිමතුන් කිරීම යන දෙක පටලවාගන්නේ නැතිව නිර්වචනය කරගන්නේ කෙසේද උගත් කිරීමයි බුද්ධිමත් කිරීමයි අතර විශාල වෙනසක් තියෙනවා. උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙක් මිස එක් අයකු නොවේ. උගත් කමින් කළ හැකි දේ බුද්ධ්යෙන් කළ නොහැකියි.

බුද්ධ්මත් කමින් කළ හැකි දෙය උගත්කමින් කළ නොහැකියි. මිනිසකු උගත් යනු, ඉගෙන ගත් යන්නයි. ඉගෙන ගන්නවා යනු අධ්‍යාපනය ලැබීමයි. ඉගෙන ගත් පුද්ගලයාට විභාග ලිවීමට ලැබෙයි. විභාග ලිවීමෙන් පසු සහතික ලැබෙයි. සහතික සඳහා රැකියා ලැබෙන අතර රැකියාවෙන් මුදල් ලැබෙයි. උගත්කම සමඟ ගිය ගමනේ අවසාන වශයෙන් ඉතිරිව ඇත්තේ මුදල්ය. මෙය අයහපත් හෝ වැරැදි යැයි කියා විග්‍රහ කරනවා නොවේ. බුද්ධිමතා වූ පුද්ගලයාට විභාග ලිවීමට ලැබෙන්නේ නැත. බුද්ධිය ලැබී තිබෙන්නේ අලුතෙන් සිතන්නයි. බුද්ධිමතාට චින්තනයක් ඇත. බුද්ධිමතාට අලුතෙන් සිතීමේ හැකියාව තිබෙන අතර බුද්ධිමතාට පරිකල්පන ශක්තිය පවතී. බුද්ධිමතාට සංවේදීතාවය තිබෙනවා මෙන්ම හැඟීම් දැනීම් ද ඇත. බුද්ධිමතාට රට සමාජය ලෝකය අම්මා අප්පච්ච් සහෝදර සහෝදරියන් පිළිබඳව හැඟීමි තිෙබි. උගතාට ඉගෙන ගත්තාවූ ශාස්ත්‍රය පිළිබඳව දැනුම ඇත. උගතාට බුද්ධිය තිබිය හැකිසේම නොතිබිය ද හැකියි. බුද්ධිය ඇති අයෙකුට උගතකු වීමට හැකියාව තිබිය හැකිවා සේම නොතිබිය ද හැකියි. සොක්‍රටීස් , ප්ලේටෝ , ඇරිස්ටෝටල්, කම්පියුසියස්ලාට විභාග තිබුණාද සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් නැහැ. සොක්‍රටීස්ට ආචාර්ය උපාධි තිබුණේ නැති අතර ඔහු මහාචාර්ය වරයකුද නොවුණාට සොක්‍රටීස්ට සිතීමේ හැකියාව ඇත. බුද්ධ්මතකු උගතකු නොවේ. මහාචාර්ය වරයකු සිතිය නොහැකි උගතකු විය හැකියි. එම උගතාට උගත් දෙයක් තිබෙන නිසාම සිතීමට අවශ්‍ය වන්නේ ද නැත.

අප ලොවිතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේට විභාග තිබුණාද බුදුහිමියන්ට සම්මත සහතික තිිබුණාද ලෝකයට අලුතෙන් යමක් එක්කළාවූ සියලු දෙනාටම සහතික තිබුණාද ඔවුනට තිබුණේ අලුතෙන් සිතීමේ හැකියාව පමණයි . උගත්කම යනු සහ ඉගෙන ගන්නවාය යනු අලුතෙන් සිතන්න පුරුදුවන එක නොවේ.
ප්‍රශ්න සහ ගැටළු යනුවෙන් වර්ග දෙකක් ඔබ අසා ඇති . ප්‍රශ්න යනු එක කාරණාවක් වන අතර ගැටළු යනු වෙනත් කාරණාවක් ද වෙයි .
ප්‍රශ්නයකට උත්තරයක්ද ගැටළුවකට විසදුමක්ද ලැබෙයි. ප්‍රශ්නයකට උත්තර සොයන්නේ නැතිව විසඳුම් සෙවිය නොහැකියි. ගැටළුවකට විසඳුම් සොයනවා විනා උත්තර සෙවිය නොහැකියි. ගැටළුවකට උත්තර සෙවිවහොත් හෝ ප්‍රශ්නයකට විසඳුම් සෙවිවහොත් ඒ දෙක එකට ගැලපෙන්නේ නැත. ප්‍රශ්නයි ගැටළුයි අතර පවතින්නේ දැනුමයි බුද්ධියයි අතර වෙනසයි. ලංකාවේ දිඟම ගඟ මහවැලි ගඟ වූවාට එය කවුරුන් හෝ මැන්නාද ලංකාවේ දිඟම ගඟ මහවැලි ගඟ බව දැන ගන්නට ලැබුණේත් කවුදෝ කියා තිබෙන නිසා. ඔහුටත් වෙනත් කවුදෝ කියා තිබෙනව. ඔහුට දැනගන්නට ලැබුණෙත් වෙනත් කවුදෝ ලියලා තිබුණ දෙයකින් . ලංකාවේ උසම කන්ද පිඳුරුතලාගල කන්ද බව මැන්නාද ඒ පිළිබඳව කවුදෝ කියා තිබෙනවා. එයාටත් වෙන කවුදෝ කියලා තිබෙනවා. ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල කන්ද බව මැන්නාද ඒ පිළිබ ඳව කවුදෝ කියා තිබෙනවා. ලංකාවේ උසම කන්දයි දිගම ගඟයි කුමක්ද කියා විමසුවහොත් එය පැහැදිළි ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් සදහා නිශ්චිත එක උත්තරයක් තිබෙනවාමයි. තිබෙන්නේ එක උත්තරයක් පමණයි. එවැනි ප්‍රශ්නයකට පිළිතුරු දීමට අවශ්‍ය වන්නේ දැනුම පමණයි. දැනුම යනු වෙනත් කවුදෝ කියපු දෙයක්මයි. අලුතෙන් සිතන්න දෙයක් එය තුළ නැත.


විලක් තුළ තාරාවන් ගමන් කරනවා දකින අයෙකු එහි තාරාවන් කී දෙනකු සිටිනවාද යනුවෙන් විමසුව හොත් එය එකපාරට කිව නොහැකිය. එය එයට කලින් දැන නොතිබුණ නිසාත් එය කීමට සිතිය යුතුයි. ලංකාවේ දිගම ගඟ උසම කන්ද ඇසූ පමණින් උත්තර දීමට හැකි වූයේ මීට පෙර අසා තිිබුණ නිසා ඒ තුළ සිතීමට අවශ්‍යතාවයක් නැත. ඊට කලින් කියලා තිබුණා නම් අප එය දන්නාවූ කාරණාවක්. දන්නවා යනු දැනුමයි. කාරණාවක් පිළිබඳව සිතිය යුත්තේ බුද්ධියෙන් මිස දැනුමෙන් නොවේ. හතර , පහ , හය ශ්‍රේණිවල දරුවන්ට වැඩි පුරම ගැටළු විසඳන්නට දරුවන් හැඩ ගස්වනුයේ දරුවන්ගේ බුද්ධිය පෝෂණය කිරීමටයි. ගුරුවරුන් වැඩිපුර වෙහෙසක් දරනු ලබන්නේ දරුවන්ට සීතීමට පුරුදු කිරීිමටයි. ය-යට සමාන වන්නේ නම් එච් සමාන වන්නේ කුමකටද එය එම මොහොතේ සිතිය යුතු කාරණාවක්. . . එය කලින් දැනගෙන සිටි කාරණාවක් නොවේ. බිත්තියක එල්ලා තිබෙන්නා වූ පින්තූරයක් දෙස බලාගෙන සිටි කුඩා දරුවකු ප්‍රකාශ කරනුයේ මට එකම සහෝ්දරයකු නැති වූවාට මෙම ජායාරූපයේ සිටින තැනැත්තා මගේ තාත්තා නොවේ.යන්නයි. ලංකාවේ උසම කන්ද ඇසුව ගමන් ප්‍රකාශ කළ හැකියි. පරිණාමවාදයේ පියා කවුද යන ප්‍රශ්නයට පිළිතුරු දිය හැකියි. ජායාරූපයේ සිටින්නේ කවුද කියා ප්‍රකාශ කළ නොහැක්කේ එය බුද්ධියට අදාල ගැටළුවක් වන අතර පෙර සඳහන් නොකළා වූ ද දැනුමට අදාල වන්නාවූ ද ප්‍රශ්නයක් වේ. දරුවන් හැදිය යුත්තේ බුද්ධ්මතුන් ලෙසද උගතුන් ලෙසද කියන කාරණාව තීරණය කිරීමට ඔබට බාරයි.






කැලණිය විශ්ව විද්‍ර්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 06 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment