බුදුන් වහන්සේ නොයෙක් වර විවිධ සිදුවීම් මුල් කරගනිමින් දේශනා කළ උපදේශ ඇතුළත් කෘතියක් ලෙස ධම්මපදය පෙන්වා දිය හැකිය. පුද්ගල ජීවිතය මෙලෝ පරලෝ වශයෙන් දියුණු භාවයට පත්කර ගැනීමෙහි ලා උත්සාහශීලි පුද්ගලයාට ඒ දේශනාවන් මහත් පිටිවහලක්‌ම ය.
එසේ පෙන්වා දුන් එක් උපදේශයක් වන්නේ නොපමා බවේ අනුසස් හා පමා බවේ විපාකයන් ය. අප්පමාද වග්ගයේ ඇතුළත් පහත ගාථාව එහි දී කදිම නිදසුනක් සපයයි.
උට්‌ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්‌ස නිසම්ම කාරිනෝ
සඤ්ඤ තස්‌ස ච ධම්මජීවිනෝ
අප්පමත්තස්‌ස යසෝභි වඩ්ඪති
බුදුන් වහන්සේ මේ ගාථාව දේශනා කරමින් වැදගත් කරුණු රාශියක් පෙන්වා දුන් සේක. විශේෂයෙන් ම මෙකී ගාථාව දේශනා කර ධර්මදේශනා කිරීමට හේතු වූයේ එක්‌තරා සිදුවීමකි. එය ධම්මපද නිධාන කතාවේ සඳහන් වන අන්දමට පහත පරිදි ය.
බුදුන් වහන්සේ බිම්බිසාර මහරජු පූජා කළ වේළුවනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි කුම්භඝෝෂක නම් තරුණයෙකු මුල් කර ගනිමින් මේ ගාථාව දේශනා කළ සේක. රජගහනුවර සිටු කුලයකින් පැවත එන එම කුමරා කුඩා වියේ දී 'අහිවාතක' නම් රෝගයක් නිසා පවුලේ සිටුවරයා මෙන් ම අනෙක් සියලු දෙනා මරණයට පත්විය. තම පුතා කෙරෙහි අවධානය යොමු කළ සිටුවරයා තමන් මෙතෙක් ඉපයූ ධනය ඇති තැන පවසා මේ රෝගයෙන් බේරී පලා යන ලෙස අයෑද සිටියේ ය. තම මවුපියන් විඳි දුක ඉවසා දරා තම පියාගේ ඔවදන් පිළිපදිමින් ඔහු නගරයෙන් පිටවී ගොස් වෙනත් පෙදෙසක ජීවත් විය. රෝගය උත්සන්න වූ කල්හි සිටුවරයා හා බිරිඳ හා අනෙකුත් පිරිස මියගියහ.
මෙසේ තම නිවෙසින් බැහැර ගිය කුමරු වෙනත් පෙදෙසක ජීවත්ව වසර දොළසක් ඉක්‌ම ගිය පසු නැවත තම නිවසට පැමිණි අතර තම පියාණන් ධනය ඇති තැන බලා ධනය සුරක්‌ෂිතව තිබෙනු දුටු කුමරු තමා මෙසේ ක්‌ෂණිකව පැමිණ එකවර ධනය පරිහරණය කිරීම සුදුසු නොවන බව වටහා ගෙන දුගී ස්‌වරූපයක් මවා ගෙන දුප්පත් සිටු කුමරෙකු මෙන් ජීවත් විය. වසර ගණනාවක් පුරා තමන් ඈත පෙදෙසක ජීවත් වූ නිසා ඔහු හඳුනන කිසිවෙක් එහි නොවීය. අනුන් නොහඳුනන බැවින් එකවිටම ධනය පරිහරණයට පෙළඹීම තමාගේ විනාශය පිණිස හේතුවන බව නුවණින් අබවෝධ කර ගත් ඔහු ගෙයින් ගෙට ගොස් බැලමෙහෙවර කොට එයින් ලැබෙන මුදලින් හා ආහාරවලින් දිවි සරි කර ගත්තේa ය. ටික කලක් ඉක්‌ම ගිය විට ඔහුට කම්කරුවන් අවදි කිරීමේ (කුම්භඝෝෂක) තනතුරක් ද ලැබිණි. හිරු උදාවට පළමුව අවදි වී ඔහු නගරයේ සේවය කරන කම්කරුවන් මෙන්ම ගොවියන්, වෙළෙන්දන් ආදිය උදෑසනම නැගිට වීමේ කාර්ය භාර විය. හිරු උදාවීමට පළමුව මෙසේ ගොවියන් කම්කරුවන් ආදීන් අවදිකරවීමට ඇති නිසා කල්යත්ම ඔහුට කුම්භඝෝෂක යන නාමය පටබැඳිණි. එදා සිට ඔහු ඒ නමින් ප්‍රසිද්ධ විය.
මොහුගේ හඬින් අවදි වූ බිම්බිසාර රජතුමා දිනක් ඔහුගේ හ`ඩ පිරික්‌සා බලා මොහු නම් එසේ මෙසේ අයෙකු නොවන බව වටහා ගත්තේ ය. මේ බව පිරික්‌සීම සඳහා එක්‌තරා උපායක් යෙදූ අතර එයින් ඔහු මහා ධනස්‌කන්ධයකට හිමිකම් කියන සිටු කුමරෙකු බව වටහා ගත්තේය. මේ නිසා තම රාජපුරුෂයින් ඇමතූ ඔහු වහාම ගොස් ඔහු රැගෙන එන ලෙස නියෝග කළේය.
රාජමාළිගාවට පැමිණි කුමරුගෙන් රජු විමසා සිටියේ කුමක් නිසා මෙතරම් ධනය තිබිය දීත් මෙවන් රැකියාවක් කරන්නේද යන්නයි. ඒ අවස්‌ථාවේ දී තමාගේ මවපියා ඇතුළු පිරිසට සිදු වූ ව්‍යසනය පිළිබඳ වටහාදුන් තරුණයා සියලු කරුණු හෙළි කළේය. ඔහුගේ උපායශීලිත්වය හා නුවණැතිභාවය කෙරෙහි පැහැදුණු රජතුමා ඔහුට බොහෝ සත්කාර සම්මාන කොට සිටු තනතුර ප්‍රදානය කළේය. ඉනික්‌බිතිව බුදුන් වහන්සේ වෙත පැමිණ සියලු විස්‌තර පැහැදිලි කළේ ය.
බුදුන් වහන්සේ ද රජතුමාගේ වදන් අසා තරුණයා දෙස බලා ඔහුගේ යහපත් ගුණාංගයන්ට ප්‍රශංසා කළ සේක. එහි දී සංවාදයේ යෙදුණු උන්වහන්සේ මහරජු අමතා ''රජතුමනි, මේ කුම්භඝෝෂක තරුණයාගේ ජීවිතය ධාර්මිකය, වීර්යවන්තය, නුවණැති බවෙන් යුක්‌ත ය. එවැනි අයගේ ජීවිත ආලෝකවත් වන බවත් ධනයෙන් යස ඉසුරෙන් හා අන්‍ය කීර්ති ප්‍රශංසාදියෙන් යුක්‌ත වන්නේය'' යෑයි පවසා ඉහත ගාථා පාඨය වඳාළ සේක.
එහි දී ඉහත ගාථාව මගින් කරුණු කිහිපයක්‌ම දේශනා කළ සේක. එකී යහපත් ගුණාංගයන්ගෙන් සමන්විත වූ විට යසස කීර්තිය වර්ධනය වන බව පෙන්වා දී ඇත. එකී කරුණු පහත පරිදි ය.
1. උට්‌ඨානවතෝ - උත්සාහයෙන් යුක්‌ත වීම
2. සතිමතෝ - මනා සිහියෙන් යුක්‌ත වීම
3. සුචිකම්ම - සිතෙහි පිරිසිදු බව හා පිරිසිදු ක්‍රියාවයි
4. නිසම්මකාරිනෝ - මනා වීමංසනය
5. සඤ්ඤතස්‌ස - මනා සංවර බව
6. ධම්මජීවිනො - ධාර්මික දිවි පැවැත්ම
7. අප්පමත්ත - අප්‍රමාදී බව
ඉහතින් පෙන්වා දුන් පළමු කරුණ නම් උත්සාහවත් භාවය යි. අපගේ ලෞකික ජීවිතයෙහි සැප සම්පත් හා සතුට සොම්නස රඳා පවතින්නේ අපගේ උත්සාහය මතයි. ජීවිතයකට උත්සාහය අතිශයින්ම වැදගත්ය. උත්සාහයෙන් තොර ජීවිතයක් බුදු දහමින් ප්‍රතික්‌ෂේපිත ය. මේ නිසා ජීවත් වීමටත් තමාගේ හා සමාජයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උත්සාහවත්ව ක්‍රියා කළ යුතු වේ. බෝසතාණන් වහන්සේ සමතිසක් පාරමිතා දහම් පූරණය කිරීමේ දී මනා උත්සාහයෙන් යුතුව ඒවා සැපිරූ බව පෙනේ. තමන්ට කොතෙකුත් කරදර හා බාධක පැමිණිය ද ඒ සියල්ල සම සිතින් ඉවසා දරා තමාගේ කාර්යඵල සාධනය පිණිස සිත එකඟ කරගෙන අදිටනින් යුතුව ඉදිරියට යැම වැදගත් බව ඒ කතාංගයන් මගින් මනාව ප්‍රකට වේ. පාරමිතා පුරන බෝසත්වරුන්ට මෙන් ම එදිනෙදා ජීවිතය සාධනය කිරීමේ නියුක්‌ත ප්‍රඥාවන්ත පිරිස උත්සාහශීලීව ක්‍රියා කළ යුතුය. කුඩා අවදියේ දී අධ්‍යාපන කටයුතුවල නිමග්න වන ළමුන් තම අධ්‍යයන කටයුතු සාර්ථක කරගැනීමට උත්සාහයෙන් ක්‍රියා කළ යුතුය. තරුණ අවධියේ පසුවන තරුණ තරුණියන් රැකීරක්‌ෂා කර තමන්ගේ ජීවිතයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙසිය යුතුය. මෙකී නොකී සියලු අවස්‌ථාවන්හි දී උත්සාහයෙන් පරිපූර්ණ වීම අතිශයින් වැදගත් වේ.
දෙවැනි කරුණ නම් මනා සිහියෙන් යුක්‌ත වීම (සතිමතෝ) යන්නයි. මෙය ද අතිශයින්ම වැදගත් කරුණක් බව නොකිවමනා ය. තමා කරන කියන දෑ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ඒ අනුව ක්‍රියා කිරීමට මනා සිහියක් තිබිය යුතුය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී සම්මා සති යනුවෙන් පෙන්වා දුන්නේ ද මෙකී ගුණාංගයයි. ලෞකික වශයෙන් ගත් කල්හි අධ්‍යාපන කටයුතුවලදීත් රැකීරක්‌ෂා කටයුතුවලදීත් සමාජයේ අන්‍ය කයුතුවලදීත් මනා සිහියෙන් යුතුව ක්‍රියා කිරීම වැදගත් වේ. ලෝකෝත්තර වශයෙන් ගත් කල්හි නිවන් සාක්‌ෂාත් කිරීම උදෙසා ඉවහල් වන පුණ්‍ය කටයුතු කිරීමට ද භාවනාදිය කිරීමට ද මනා සිහියක් තිබිය යුතු වේ. එකී ගුණාංගයේ වැදගත්කම මේ අනුව මනාව විශද වේ. සුචිකම්මස්‌ස යනුවෙන් දැක්‌වූයේ සිතෙහි කයෙහි වචනයෙහි පවිත්‍රතාවයි. කුසල් දහම් කිරීමේ දී සිතෙහි පිරිසිදු බව වැදගත් අංගයකි. ලෞකික ජීවිතයෙහි දී කය සංවර කර ගැනීම හා වචනය සංවර කර ගැනීම මගින් සතුටින් සොම්නසින් යුතුව දිවි ගෙවීමට අවස්‌ථාව ලබා දෙයි. ප්‍රාණඝාත, සොරකම් කිරීම්, කාමමිථ්‍යාචාරය ආදි මිථ්‍යාචාරවලින් වැළකී කුසල් දහම් රැස් කළ යුතු වේ. ඒ සඳහා සුපසන් සිතක් කයක් හා සංවරශීලී වචනය වැදගත් වේ.
අනුන්ගේ විපතට හේතු වන මුළාවට හේතුවන හා අපැහැදීමට හේතු වන බොරු, කේළාම්, පරුෂ, හිස් වචන බිණීමෙන් තොරව ප්‍රිය උපදවන සත්‍යයම ප්‍රකාශ කිරීමට, යහපත් වචන ප්‍රකාශ කිරීමට පුද්ගලයා යොමු වේ නම් ඔහුගේ දිවිය සැබැවින්ම සාර්ථක වේ.
නිසම්මකාරිනෝ යනුවෙන් පෙන්වා දෙන්නේ ද අතිශයින් වැදගත් කරුණකි. එනම් වෛද්‍යවරයෙකු යම් සේ රෝග නිදානය සොයා දැනගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්නා සේ ලෞකික ජීවිතය හා ලෝකෝත්තර ජීවිතය ආලෝකවත් කර ගැනීමට වීමංසනය වැදගත් වේ. කළයුත්ත නොකළයුත්ත පිළිබඳ නිසි වැටහීම ඇති වන්නේ වීමංසනය කිරීමෙනි. සැකය ඇති තැන ජීවිතය සරු කර ගැනීමට මංමාවත් හෙළි පෙහෙළි වන්නේ නැත. තමාට ඇති සැකමුසුතැන් මනාව හැඳින ගෙන ඒවා පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට මනා වීමංසනයෙන් කටයුතු කිරීම වැදගත් වේ. සඤ්ඤතස්‌ස යනුවෙන් පෙන්වා දෙන ඊළඟ කරුණින් ගම්‍ය වන්නේ සංවරශීලී භාවයයි. කය, වචනය, සිත යන තිදොර සංවර කරගැනීම පුද්ගල යහපත පිණිසම හේතු වේ. සීල සමාධි ප්‍රඥා යන උතුම් ගුණාංග වර්ධනය කර ගැනීමෙහිලා සිත කය වචනය සංවර කර ගැනීම වැදගත් වේ. බුදුන් වහන්සේ නිරන්තර එකී ගුණාංග ලෝකෝත්තර විමුක්‌තිය සඳහා බෙහෙවින් උපකාරි වන අන්දම පෙන්වා දී ඇත.
ධම්මජීවී හෙවත් ධාර්මික දිවි පැවැත්ම බුදුන් සරණ ගිය සියලු අනුගාමිකයින් තුළ පැවතිය යුතු ධර්මතාවකි. ජීවිතයේ සියලු කටයුතු සාධනයේ දී ආර්ථික පක්‌ෂය අතිශයින් වැදගත් වන අතර තමන් උපයන මිල මුදල් ආදිය ද ධාර්මික විය යුතු බව එහි දී පෙන්වා දී ඇත. සොරකම් කර හෝ වංචා කර හෝ වෙනත් අධාර්මික අන්දමින් රැස් කරගන්නා ධනය ඔස්‌සේ ධාර්මික ජීවිතයක් ගත කිරීමට නොහැකි බව එහි දී බුqදුහිමියන් පෙන්වා දී ඇත. තමන් රැස් කර ගන්නා කුඩා දේ වුව ද වංචාවෙන් තොරව තමාගේ මහන්සියෙන් හා ධාර්මිකත්වයෙන් උපයා ගත්තක් විය යුතු බව බුදුන් වහන්සේගේ දේශනාවයි. අවසන් කරුණ ලෙස දක්‌වා ඇත්තේ අප්‍රමාදී බවයි. කළ යුතු කාර්යය සුදුසු වේලාවෙහි සිදු කිරීමේ වැදගත්කම මෙයින් පෙන්වා දෙයි. මේ පිළිබඳ කියෑවෙන ඉතා වටිනා ගාථාවක් ධම්මපදයේ එයි.
අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජින්නකොඤ්චාව ඣායන්ති
ඛීණමච්ෙච්ව ඵල්ලලේ
තරුණ කාලයේ දී බ්‍රහ්මචරියාවේ නො හැසිර ඉගෙනීමේ කටයුතු ආදිය නිසි පරිදි සිදු නොකර කාලය කා දමන්නේ නම් ජලය නැති විලෙහි හ`ඩා වැටෙන කකුළුවා මෙන් වේදනාවට පත් වන බව පෙන්වා දී ඇත. තව ද අප්පමාද වර්ගය පුරාවටම පෙන්වා දී ඇත්තේ ප්‍රමාදී බවේ දුර්විපාක හා අප්‍රමාදී බවේ අනුසස් ය. එහෙයින් අප ද අප්‍රමාදී ජීවිත විහරණයෙන් යුක්‌ත විය යුතුම ය.
මෙසේ දැක්‌වූ උතුම් සප්ත ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් කීර්ති වර්ණනාව වර්ධනය වන්නේය. එසේම ලෝකෝත්තර දියුණුව විෂයයෙහි ද මහෝපකාරී වන්නේ ම ය. අපත් අපගේ ජීවිතය නිසි පරිදි සැලසුම් කර ගෙන අප්‍රමාදීව ජීවත් වීමට අදිටන් කර ගනිමු.
රාජකීය පණ්‌ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ
යල්කුඹුර, බිබිල.
2016 ජුනි මස 19 වැනිදා ඉරිදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment