පිළිගත් න්‍යායකට අනුව මනස අධ්‍යයනය කිරීම හෝ මනස අධ්‍යයනය කොට න්‍යාය ගොඩනැගීම මනෝවිද්‍යාවයි. බටහිර මනෝවිද්‍යාවේ ඉතිහාසය ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් යුගය තෙක් අතීතයකට උරුමකම් කියයි. එහෙත් පෙරදිග මනෝවිද්‍යාව ඊට ද වඩා සියවස් කිහිපයක් අතීතයට උරුමකම් සපයන බව අරණ්‍යක ග්‍රන්ථවල දැක්වෙන මනස දියුණු කරන ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාවලින් පැහැදිළි වෙයි. බෞද්ධ පිටක ග්‍රන්ථ තුළ දක්වන සුනෙත්ත, මුග්‍යක්ඛ, ආළාර, රාම, උද්දක වැනි ශ්‍රමණයන් ද මනස පිළිබඳ ප්‍රතිපත්තිමය ගවේෂණ සිදුකළ පුද්ගලයන් ලෙස දැක්විය හැකිය.
බටහිර මනෝවිද්‍යා අධ්‍යයනයන්හි ප්‍රධාන ශාඛා අතර චර්ය්‍යාවාදයට ප්‍රමුඛ තැනක් හිමිවෙයි. පුද්ගල චර්ය්‍යා අධ්‍යයනය මනස අධ්‍යයනයට ප්‍රමාණවත්ය යන අදහස චර්්‍යාවාදී මනෝවිද්‍යාඥයන්ගේ අදහස විය. බුදු දහම ද චර්ය්‍යාවාදයකැයි කියන තරමට මූලික සූත්‍රවල කරුණු තිබුණ ද බුද්ධ දේශනා අනුව පැමිණිය හැකි නිගමනය යන්නේ එම දේශනා මගින් ප්‍රකාශ කරනුයේ මනස වෙනස් කිරීම චර්ය්‍යා වෙනස් කරනුයේ මනස වෙනස් කිරිම චර්ය්‍යා වෙනස් කිරීමට ද මුල්වන බවයි. මනස මුල්වීමෙන් කයින්, වචනයෙන් ක්‍රියා සිදු කරයි. මිනිස් ක්‍රියා අධ්‍යයනයෙන් පමණක් පුද්ගලයා වටහා ගත නොහැකි බව කන්දරක හා සත්තජථිල යන සූත්‍ර මගින් ගම්‍ය වෙයි. එහි දී දක්වන්නේ සත්ත්ව චර්ය්‍යා සහ මනස අතර සමාන සම්බන්ධයක් තිබුණ ද මිනිසා එසේ නොවේ යනුයි. සතෙකු සිතින් කෝප වූ විට කයෙන් එය පෙන්වයි. එහෙත් මිනිසා එසේ නොවේ. සත්තජටිල සූත්‍රය දක්වන්නේ ඇතුළතින් අපිරිසුදු ඇතැමුන් බාහිර ක්‍රියාකාරකම්වලින් සුදනන් මෙන් පෙනී සිටින බවයි. මේ අනුව පැහැදිළිවන්නේ බෞද්ධ මනෝවිද්‍යාව චර්ය්‍යා අධ්‍යයනයෙන් පමණක් මනස අධ්‍යයනය කළ හැකිය යන අදහසෙහි නොපිහිටන බවයි. එය එසේ වූව ද චර්ය්‍යාවන් කළමනාකරණය මගින් මනස ක්‍රමවත් කළ හැකි අයුරු බුදු දහමෙහි ඇතුළත් වෙයි. ඊට සරල හා සංක්ෂිප්ත මගපෙන්වීම සිදු කරන ග්‍රන්ථයකි පටිසම්භිද්‍රාමග්ග පාළිය.
චර්යායනු ක්‍රියාකාරීබව නැතහොත් කය, වචන දෙකෙහි චලනයයි. එනම් සත්ත්වයාගේ ජීවන පැවැත්ම යි. ආර්ය්‍ය සහ අනාර්ය්‍ය යන සියලු සත්ත්වයන්ගේ චර්යා විසිහතරක් පටිසම්භිදාමග්ගය පෙන්වා දෙයි. මෙමගින් පුද්ගල ජීවිතය ක්‍රමවත්කර සදාතනික නිවීම, නිදහස උපදවයි.
ඉරියාපථ චර්යා - ඉරියාපථ චර්යා යනු ඉරියව් පැවැත්වීමයි. එනම් වාඩිවීම, හිටගෙනසිටීම, නිදාගැනීම, ඇවිදීම යන ඉරියව් හතරයි. මෙය සෑම සත්ත්වයකුට ම පොදුය. එම ඉරියව් පැවැත්වීමේ දී පමණ දැන අන් අයට බාධා නොවන පරිදි සිහිනුවණින් කටයුතු කිරීම චර්යා කළමනාකරණයයි. ආයතන චර්යා - ආයතන දොළහ කි.
තමා තුළ හයක් හා බාහිරව හයක් වශයෙනි. බාහිර ආයතන පවතින බව වැටහෙන්නේ ද තමා තුළ ආයතන පවතින නිසාය. මෙහි දී චක්චු, සෝත, ඝාන, ජිව්හා, කාය, මනෝ, රූප, සද්ද, ගන්ධ, රස, පොට්ඨබ්භ, ධම්ම යන ආයතන දොළහ ක්‍රියාත්මක වන විට ඒ පිළිබඳ සිහිය පිහිටුවාගෙන නුවණින් විමසා කටයුතු කිරීම මින් අදහස් කරයි. සති චර්යා - තම ශරීරය, වේදනා, සිත සහ විවිධ ධර්මයන් ගැනයොමුකළ සිතින් යුතුව ජීවත්වීම සති චර්යාවයි.
එනම් සතර සතිපට්ඨානය පිළිබඳ සිහිනුවණ සහිතව වාසය කිරීමයි. සමාධි චර්යා - පඨම, දුතිය, තතිය, චතුථි ධ්‍යානවලට අදාළව සිත තුළ උපදින විතක්ක විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන සිතිවිලි වර්ධනය කරමින් එහි ඇලී වාසය කිරීම සමාධි චර්යා නම් වෙයි. ඤාණචර්යා - ලොව සෑමදෙයක් පිළිබඳවම හේතු ප්‍රත්‍ය සහිත බව දක්නා නුවණින් වාසය කිරීම ඤාණචර්යාවයි. මග්ග චර්යා - සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් මාර්ග වැඩීමට යොමු වූ චර්යාව මග්ග චර්යාවයි. නැතහොත් දස සංයෝජන නැසීමට වීර්ය්‍ය වඩන්නාගේ චර්යාව මග්ග චර්යාවයි. පත්ති චරියා - සෝවාන් ආදී ඵලයන්ට පැමිණ විමුක්ති සුව විඳිමින් හැසිරීම පත්ති චරියාවයි. ලොකත්ථ චරියා - සත්වයන්ගේ මෙලොව පරලොව සැප පිණිස තමා පැමිණි මඟ කියාදීම නම් වේ. සද්ධාය චරති - තෙරුවන් පිළිබඳ අධික පැහැදීම නිසා යහපත් ජීවිතයකට එළඹ වාසය කිරීම, විරියෙන චරති - සසර භය දැකීම, ජීවිතය අල්ප බව දැකීම හෝ ජීවිතයේ විශාල අරමුණක් සාර්ථක කර ගැනීමට විර්යයෙන් කටයුතු කිරීම නම් වෙයි. සතියා චරති – නිතර සිහියෙන් යුතුව වාසය කිරීම. සමාදිනා චරති - සිත තුළ උපදවාගත් එකඟකම වැඩිදියුණු කරමින් කල් ගෙවයි. පඤ්ඤාය චරති – විදර්ශනා නුවණින් යුතුව, සියලු සංස්කාර නැසෙන අයුරු දැන දැක සිදු කරන ජීවන චර්යාව මේ අයුරින් හඳුන්වයි. විඤ්ඤාණචරියාය චරති – තම අත්දැකීම් මතකයන් සිහිකිරීම් වශයෙන් මනා දැනුමකින් කල්ගෙවීමයි. ආයතන චරියාය චරති – දැනට තමා ප්‍රගුණ කරන යහපත් චර්යාවන් ඒ අයුරින් රැකගෙන ඒවා වැඩිදියුණු වීමට අවශ්‍ය අයුරින් කල් ගෙවීම, විසෙසචරියාය චරති – තමා තුළ පවතින සියලු දුර්වලතා දුරු කිරීමේ උත්සාහයෙන් යුතුව වාසය කිරීම, දස්සන චරියා - සම්මා දිට්ඨියෙන් යුක්තව වාසය කිරීමයි. හරි වැරැද්ද දැනගැනීම හා ඊට දක්වන ලැදියාව සහිතව කල් ගෙවීමයි. අභිතරෝපන චරියා - අධිකලෙස සම්පත්පරිභෝජනයට පවතින රාගය සහ සමාජයට වෛර කිරීමේ සිතිවිලි දුරු කරමින් වාසය කිරීමයි. පරිග්ගහ චරියා - සාවද්‍ය වචනවලින් දුරුවී, සමාජය සමගි සම්පන්න කරන, මිනිසුන්ට පි‍්‍රය උපදවන හිත සුව පිණිස පවතින වචන සහිත අයගේ චර්යාව නම් වෙයි. සමුට්ඨාන චරියා - තමාටත් අනුන්ටත් අහිත පිණිස පවතින ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරාදියෙන් දුරුවී එසේ දුරුවී සිටීම කැමති වී වාසය කිරීමයි. වොදානචරියා - තමාටත්, සමාජයටත් අහිතකර ජීවන වෘත්තීන්ගෙන් ඉවත් වෙයි. සැමට සාධාරණ, සහනදායී යැපීම් ක්‍රමයකින් ජීවත් වීම. පග්ගහ චරියා - හීන වීර්ය දුරලා අකුසීතව, එළඹසිටි වීර්යය සහිතව, සියලු දෝෂ දුරුකර යහපත් චර්යා උපදවාගන්නට උත්සාහ ගැනීම. උපට්ඨානචරියා - නිතර එළඹසිටි සිහියෙන් යුක්තව අවබෝධය ඇතිවීමට හේතුවන ක්‍රියාවලම නිරත වීම. අවික්ඛෙප චරියා - සිත විසිරීමට ඉඩ නොදී මනාව රැක ගැනීම.
මේ අයුරින් ආකාර 24 කින් චර්යා කළමනාකරණ සිදුකිරීමට බෞද්ධ මනෝවිද්‍යාව උපදෙස් ලබා දී ඇත. එම සූවිසි චර්යා කළමනාකරණ ක්‍රමවේදය ඔස්සේ පුද්ගල ජීවිතය ගොඩනගා ගත හැකිය. එය සිදුවන්නේ වර්යාවට මනසත්, මනස සංවර්ධනයට චර්යා කළමනාකරණයත් අත්‍යවශ්‍ය වන බැවිනි.
“මහණෙනි මා දන්නාට හා දක්නාට) සියලු ගැටලු නැතිකළ හැකි බව පවසමි. එසේ නොකරන අයට ගැටලුවලින් මිදිය නොහැකිය.” (සම්බාසව සූත්‍රය)
මෙහි දක්වන ආකාරයට සතිචරියාවෙන් ගැටලු දැන දැක ඉන් නිදහස් වීම බෞද්ධ මනෝවිද්‍යාවේ දක්වන චර්යා කළමනාකරණය දැක්විය හැකිය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මාකොළ මංගල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 19 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment