Labels

Thursday, June 2, 2016

සදහම් දැනුම


ප්‍රශ්නය:
බෞද්ධ පවුල් ඒකකයක් තුළ බිරිඳගේ (භූමිකාව) පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමුවූ ආකාරය පැහැදිලි කරන්න

පිළිතුර:

බුදුරජාණන් වහන්සේ සමාජගත සෑම ක්‍රියාවක්ම සජීවිබවක් පැවැතිය යුතුය යන සිද්ධාන්තය මත පිහිටා දේශනා නියමයන් අනුදැන වදාළ බවට නිදර්ශනයක් අං:නි සත්ත භරියා සූත්‍රයෙහි දැක්වෙයි. එහි පළමුව දැක්වෙන්නේ වධක භාර්යාව ගැනයි. නිතර ද්වේශ සහගත සිතින් ක්‍රියා කරන (පදාට්ඨචිත්තා) සිය සැමියා පහත්කොට සිතන (අතිමඤ්ඤෙතපතිං) අනුකම්පාවෙන් තොරවූ (අහිතානුකම්පතී )අන් පුරුෂයන් කෙරෙහි ඇලුණු (අඥේඤසුරත්තා) ස්වාමියා වධයට පත්කිරීමට නිරන්තරයෙන් උත්සාහවත් වන (වධාය උස්සුකා) තැනැත්තිය වධක භාර්යාවයි.
මේ පිළිවෙත තුළ ගෘහ සමාදානයක් සිදුවිය නොහැකිය. එවන් පවුලක හැදෙන දරුවා මව්පිය ගෞරවය ඇති අයකු නොවේ . එවන් නිවෙස්වල මව්පියන් දරුවන්ගේ අතින් අතවරයටත් ඇතැම්විට මරණයටත් පත්වන අවස්ථා සමාජයේ කොතෙකුත් දැකිය හැකිය.

ප්‍රශ්නය:

දී.නි සිඟාලෝවාද සූත්‍රයෙහිදී ගෘහස්ථ පුද්ගලයා ඒ ඒ දිසාවන් හෙවත් සමාජ කොට්ඨාශයන් හා පවත්වා ගන්නා සබඳතාව හැඳින්වීමෙහි දී සුවිශේෂී වූ වචන තුනකින් බුදුන් වහන්සේ පැහැදිලි කළ සේක. සුවිශේෂී වූ මේ වචන තුන කුමක්දැයි පැහැදිලි කරන්න.

පිළිතුර:

සිඟාලෝවාද සූත්‍රයෙහි දී බුදුන්වහන්සේ ගෘහස්ථ පුද්ගලයා ඒ ඒ දිසාවන් හෙවත් සමාජ කොට්ඨාශයන් හා පවත්නා සබඳතාව හඳුන්වන්නේ නමස්කාරයක් වශයෙනි. එසේම පුද්ගල කාර්යය පච්ඡුපට්ඨානයන්ගෙන් ප්‍රත්‍යුපකාරය හෝ කෘතවේදිත්වය ප්‍රකාශ වෙයි. එය වගකීම යුතුකම් ඉටුකිරීම හා අයිතිවාසිකම් ලබා ගැනීම යන පටු සීමාවෙන් ඉක්මවූ උතුම් මිනිස් ගුණාංගයකි. අනුකම්පාය , සංවේදී බවකින් යුක්තබවද කෘතවේදිත්වය අනුකම්පාව දැක්වීම තුළ යහපත් සමාජයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙයි.
මෙහි සඳහන් නමස්කාරය දණගසා වැඳීමක් නොවන බවත් එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා ගෞරවයෙන් පැන නගින එකිනෙකාට උදව් උපකාර කරමින් මතුවන සුහද සබඳතාවක් බවත් පැහැදිලි වෙයි.

ප්‍රශ්නය:

වඩන ලද මෙත් සිතෙහි ආනිශංස එකොළහ පහදන්න
පිළිතුර:

සුඛං සුපති– සුව නින්ද සහ පිබිදීම
සුඛංපට්බුජ්ඣති – ආහාර ගැනීම පහසු වෙයි
පාපකං සුපිනං නපස්සති – නපුරු සිහින නොදැකීම
මනුස්සානං පියොහොති– මිනිසුන්ට ප්‍රිය වෙයි.
අමනුස්සානං පියො හොති– අමනුස්සයන්ට ද ප්‍රිය වෙයි.
දේවතා රක්ඛන්ති – දෙවියෝ රකිති.
නාස්ස අග්ගිවාවිසංවා සත්ථංවා තමති – ගිනි , වස, විෂ ආයුධ උවදුරක් නැත.
මුඛවණ්ණෝ විප්පසීදති – මුහුණ පැහැපත් වෙයි
අසම්මුල් හො කාළං කරොති – සිහි බුද්ධිය නොවෙනස්ව කලුරිය කරයි
බ්‍රහ්ම ලොකූපහො හොති – රහත්වීමට නොහැකි වී නම් මරණින් මතු බඹ ලොව උපදී

ප්‍රශ්නය: – පුද්ගල අභිවෘද්ධියට බාධක (මල) අටක් බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ මොනවාද

පිළිතුර: – අසජ්ඣාය මලාමන්තා ශාස්ත්‍ර හෙවත් උගත්කම නැතිවීම බාධකයකි.
අනුට්ඨාන මලා සරා – ගෘහස්ථයෙකුට කුසීතකම බාධකයෙකි.
මලං වණ්ණස්ස කොසජ්ජං– කුසීතකම ශරීර වර්ණයට බාධකයකි.
පමාතො රක්ඛතො මලං – ධනය ආරක්ෂා කරන්නකුට ප්‍රමාදය බාධකයකි.
මලිත්ථියා දුච්චරිතං– කාන්තාවන්ට දුෂ්චරිතය බාධාවකි.
මච්ඡෙරං දදතෙමලං – දානපතියකුට මසුරු බව බාධකයකි.
මලාචෙ පාපකා ධම්මා අස්මිංලොකෙ පරම්භිච– මෙලොව පරලොව පාපධර්ම – බාධක පිණිසම වේ.
නතො මලාවතරං අවිජ්ජා පරමං මලන්ති – අවිද්‍යා නමැති මහා බාධකය ඉහතින් සඳහන් බාධක සියල්ලන්ට වඩා විනාශකාරී බාධකයෙකි.

ප්‍රශ්නය: – බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙහි දී කෙනෙකු ගේ ඉහළ මට්ටමක බුද්ධිමත් බව තිබෙන බව දැනගත් විට සතිපට්ඨාන මූලපරියාය, මහානිදාන, වැනි සූත්‍ර සෘජුවම දේශනා කළ සේක. තෙරුවන් පැහැද අගාරික දිවිපෙවෙතට හුරු වූ ශ්‍රාවක සඳහා ආනුපුබ්බි කථා පිළිවෙළ අනුගමනය කළහ. මෙම දේශනා ක්‍රමය පිළිබඳ ව පැහැදිලි කරන්න.

පිළිතුර: – බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව පිළිබඳව ගවේශනයකර ධර්ම දේශනා කිරීමේ පිළිවෙළ අනුපුබ්බි කථා නමින් හැඳින්වේ.
දාන කථා, සීල කථා, සග්ග කථා කාමයන්හි ආදීනව ආදී අනුපිළිවෙළට හෙවත් අනුපුබ්බි කථා ක්‍රමයට සන්නිවේදනය කළහ. දන්දීමේ අගය සිල් සමාදන්වීමේ වටිනාකම, එහි ආනිසංස වශයෙන් දෙවිලොව ඉපදීමේ හැකියාව පැහැදිලි කළ සේක. දිව්‍ය විමාන සහ දෙව්ලොව දෙවියන් සැප විඳින ආකාරය ද පැහැදිලි කර දුන්හ. එහෙත් ඒ සමඟම කාමයන්ගේ විපාක ස්වභාවය ද විවරණය කළහ. මෙසේ අනුපිළිවෙළින් නුවණ මුහුකුරා යාමට ඉඩ හරිමින් ධර්ම දේශනා කළහ. අවබෝධ කරගැනීමේ ශක්‍යතාව අනුව ශ්‍රාවක ජනයා කොටස් හතරකට වෙන්කොට තිබේ.
1. උද්ඝටිතඤ්ඤ– (වහා අවබෝධ කරගන්නා පුද්ගලයා)
2. විපතිතඤ්ඤ – (මදක් විස්තර කිරීමෙන් පසුව අවබෝධ කරගන්නා)
3. ඤෙය්‍ය (අර්ථය සම්පූර්ණ විවරණය කිරීමෙන් පසුව අවබෝධ කරගන්නා)
4.පදපරම (වචන පමණක් විනා අර්ථය අවබෝධ කර නොගන්නා)
චුල්ලි පන්ථක වැනි තෙරවරුන් කෙරෙහි ප්‍රායෝගික ව ම මෙම තත්ත්වයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අත්හදා බැලූ බව ප්‍රකටය.

ප්‍රශ්නය: – ධර්ම දේශනා කිරීමෙහි දී ශ්‍රාවකයා තුළ පැවැතිය හැකි දුබලතා පිළිබඳව වැටහීමක් දේශකයාණන්ට තිබිය යුතුය. ධර්ම ග්‍රන්ථවල ඒ පිළිබඳ සටහන් වී ඇත. අං:නි ආවරණ සූත්‍රගත තොරතුරු අනුව පැහැදිලි කරන්න.

පිළිතුර: – එම සූත්‍රයට අනුව කරුණු හයකින් ශ්‍රාවක දුබලතා ස ඳහන් වෙයි. එනම්
1, කම්මාවරණ අතරක් නොතබා විපාක දෙන පංච ආනන්තරිය පාපකර්ම කළ පුද්ගලයා සදහම් මගට බැසීමට අභව්‍ය වෙයි.
2. කිලේසාවරණ– නියත මිසදිටු ගැනීම වැනි ක්ලේෂයන්ගෙන් ආවරණය වූ සිත් ඇත්තා දහම් ඇසූව ද පිළිවෙතට බැසීමට අභව්‍ය වෙයි.
3. විපාකාවරණ – ප්‍රබල ප්‍රතිසන්ධි විපාක ශක්තියක් නිසා සිදුවන බාධාවන්
4. අස්සද්ධො – ධර්ය ශාස්තෘවරයා දේශකයා පිළිබඳ පිළිගැනීමක් නොමැතිකම
5. අච්ඡන්දරිතා – දහම් මග බැසගන්නට රුචියක් නොමැතිකම
6. දුප්පඤ්ඤා – මන්ද බුද්ධිකභාවයෙන් යුතු බවය මෙයට අමතරව ශ්‍රාවක දුර්වලතා සයක් “සුසසූසත” සූත්‍රයෙහි දක්වා තිබේ.
1. නසුසසූසති – ධර්ම දේශනය පවත්වන කල්හි ඇසීමට නොපෙළඹීම
2. න සොතං ඔදහති – ඇසූවද මැනවින් සවන් යොමු නොකිරීම
3. න අඤ්ඤ චිත්තං උපට්ඨපෙති දහම් දැනුමට සිත යොමු නොකිරීම
4. අනන්ථං රිඤ්චති – සැබෑ අර්ථය බැහැර කිරීම
5. අත්ථං රිඤ්චති – සැබෑ අර්ථය බැහැර කිරීම
6. අනන්ද ලොම්කාය මත්තියාය සමන්නාගතොහොති – සසුන් මඟට අනුලෝමික රුචිකත්වයක් නොමැතිකම

ප්‍රශ්නය: – බුදුරජාණන් වහන්සේ සියලු මිනිස් ප්‍රජාව දේව නිර්මිතයක් හෝ බ්‍රාහ්මණ අධිකාරියක වහල් බවක් හෝ පිළිනොගෙන සමාජයේ ගතිගත්‍යාත්මක – අන්තර් පුද්ගල සම්බන්ධතා සහ සජීවි මිනිස් දම්වැලක් සේ (අඤ්ඤමඤ්ඤා උට්ඨාපන) සැලකූහ. ඒ සඳහා යොමුගත බුද්ධ දේශනා අතුරින් අං.නි. සංගත වත්ථු සූත්‍රාගත කරුණු බෙහෙවින් වර්තමානිකයනට බෙහෙවින් යෝග්‍ය බුද්ධානු ශාසනාවකි. සටහනක් කරන්න.

පිළිතුර: – ඉනංච පෙපයජ්ජක්ච
අත්ථචරියා ච යා ඉධ
සමානත්ත ච ධම්මෙසු
නත්ථ තත්ථ යථාරභං
එතෙ ඛො සංගභා ලොකෙ
රථස්සාණිව යායතො
එතෙ සංගතා නාසුසු
සමාතා පුත්ත කාරණ
ලභෙථ මානං ප්‍රාංචා
පතාවා පුත්ත කාරණ

දානය– ප්‍රිය වචනය – අර්ථචර්යාව සමානාත්මතාව මෙම සතර සංග්‍රහ වස්තු ජංගම (ගමන්ගත්) රියක, කඩ ඇණය මෙනි. මෙම සතර සංග්‍රහ ඔවුනොවුන් අතර නොපවතී නම් දෙමව්පිය දූ දරු සබඳතාව බිඳ වැටී ගෘහ ජීවිතයේ පදනම සිඳී බිඳී යන්නේය.






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 29 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment