Labels

Friday, June 3, 2016

සර්ප අනතුරු වළකාලන ඛන්ධ පිරිත


 බහුල වශයෙන් මිනිසුන් සර්ප අනතුරුවලට ලක්‌වන බවක්‌ දක්‌නට ලැබේ. බොහෝ පිරිස්‌ සර්පයන් මැරීමට උත්සාහවත් වනවා මිස සර්පයන්ගෙන් වන අනතුරු වළක්‌වා ගැනීමට අවශ්‍ය මග පිළිබඳ අවධානය යොමු නොකරති
. බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ දණ්‌ඩ වග්ගයෙන් දේශනා කර ඇත්තේ

සබ්බෙ තසන්ති දණ්‌ඩස්‌ස

සබ්බෙ භායන්ති මච්චුනෝ

අත්තානං උපමං කත්වා

න හනෙය්‍ය න ඝාතයෙ

යනුවෙනි.

එනම් තමා උපමාකොට අන් සතුනට තැලීම්, පෙලීම්, ගැසීම් නොකොට වැළකිය යුතු බවයි. එසේ වුවද අද සමහරදෙනාගේ මතය වී ඇත්තේ සර්පයන් විනාශ කිරීමටම ඉන්නා සත්ව කොට්‌ඨාශයක්‌ බවයි. බුදුදහමේ සියලු සත්වයෝම කී කල එම සතුන් ද ජීවත්වීමට ඇතුළත් වන සත්ත්ව කොට්‌ඨාශයකි. ඔවුන්ටද අන් සතුනට මෙන්ම කරුණාව, මෛත්‍රිය ලැබිය යුතුව ඇත. අද සමහර දෙනා සර්පයන් මරන්නේ 'විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා' යන පාඨය ද තම වාසියට හරවාගෙන විෂඝෝර සර්පයන් දැක දැක යන්ඩ හැරීම මෝaaඩකයකුගේ ලක්‌ෂණයක්‌ සේ සිතාය.

නමුදු එම පාඨය මුළුමනින්ම තේරුම් ගන්නේ නම් ජීවිතය හා ලෝකය පිළිබඳවත් යථාර්ථවාදීව දැකීමට උත්සුක වනවාට කිසිදු සැකයක්‌ නැත.

දෙරණ මත තුඹසයා

තුඹස තුළ නාගයා

විෂ ඝෝර සර්පයා

දැක නහරු මෝඩයා

දෙරණ හෙවත් පොළව තුඹසකි. තුඹස යනු රූප, වේදනා, සඤ්Æ, සංඛාරා, විඤ්Æණ යන කොටස්‌වලින් යුත් මේ පංචස්‌කන්ධයයි. ඒ තුඹස තුළ නාගයා තෘෂ්ණාවයි. විෂඝෝර සර්පයකු බඳු තෘෂ්ණාව අත් නොහරින්නා මෝඩයෙකි.

මේ ආදී වශයෙන් සර්පයන් මැරීමට අවශ්‍ය උපදෙස්‌ මිනිසා විසින්ම නිර්මාණය කොටගෙන එය සිදුකරනු ඇත. වෛද්‍ය ප්‍රතිකාර කිරීමට රෝහලකට යැමේදී වුවද නිශ්චිතවම බෙහෙත් කිරීමට නම් අදාළ සතාගෙන යැමටද අවශ්‍යය. ඒ අනුව ද සර්පයින් මැරීම අනිවාර්ය කොටගෙන ඇත. පැරැණි කාලයේ සිංහල වෛද්‍ය ක්‍රමය නිසිලෙස නිවැරැදිව කළ බැවින් ඕනෑම සර්පයකු දෂ්ට කළ විට ප්‍රතිකාරද සියුම්ව සිදුකරන ලදී. නමුදු අද බොහෝ විට සිදුවන්නේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය බැවින් හරියටම සතා හඳුනා නොගතහොත් බේත් කිරීමේදී එය බලපානු ඇත. මේ ආදී කරුණු පවතින බැවින් අප අපේ ආරක්‌ෂාව මනස තුළින් නිකුත්වන පිරිසිදු හා උතුම් චිත්ත ධාරාවන් ඔස්‌සේ සකසා ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා බුදුදහම ඕනෑම කෙනකුට ඉවහල් කරගත හැකිය.

බුදුන් දවස දස දහස්‌ ගණනින් භික්‌ෂුන් වහන්සේලා බණ භාවනා කිරීම සඳහා කැලයට වැඩියහ. නමුදු ඔවුනට සතා සිවුපාවුන්ගෙන් කිසිම මොහොතක අනතුරක්‌ කරදරයක්‌ සිදු නොවූහ. එයට හේතුව බුදුහිමි සර්පයන් සඳහාම දේශනා කළ බන්ධ පිරිත සඡ්ජායනා කිරීමය. මෙම පිරිතෙහි ශබ්ද ශක්‌තිය හා අර්ථ ශක්‌තිය තුළින් සර්පයන්ට එහි ඉඳීමට බැරි තත්ත්වයක්‌ උදාවනු ඇති අතරම ළංවීමේ ශක්‌තියද දුර්වලවී යනු ඇත. ශබ්ද ශක්‌තිය මහා බලගතු එකක්‌ බැවින් වායුගෝලයත් සමග වචනවලින් පිටවන ශක්‌තිය සර්පයන්ගේ ශරීරවලට වැදී ඪසඉර්එe (තිගැස්‌සීම) වැනි ස්‌වභාවයකට පත් කිරීමක්‌ කළ හැකිය. එබැවින් සර්පයන් මරනවා වෙනුවට එම සූත්‍රයේ ඇති ශක්‌තිය බලය හඳුනා ගැනීමත් එම සූත්‍ර ධර්ම ප්‍රයෝජනයට ගෙන සර්පයන්ගෙන් ආරක්‌ෂාවීමටත් සිතට ගත යුතුය.

ස.නි. බන්ධ වග්ග සංයුත්තයට අයත් වන බන්ධ පිරිත බුදුරදුන් දේශනා කළේ සැවැත්නුවර එක්‌තරා භික්‌ෂුවකට සර්පයෙක්‌ දෂ්ට කර කළුරිය කිරීමත් සමගය. අනෙක්‌ භික්‌ෂුන් බුදුහිමිට මේ කාරණය දැන්වූවාට පසු බුදුහිමි ඔවුනට මතක්‌ කරන ලද්දේ එම කළුරිය කළ භික්‌ෂුව සිවු නා රද කුලයන් වෙත මෙත් සිත නොපැතිර වීම ඔහුට සර්පයකු දෂ්ට කිරීමට හේතු වූ බවයි. එසේ කළේ නම් ඔහු එවැනි විපතකට හසුනොවන බව දේශනා කළහ. භික්‌ෂුන් වහන්සේලා දැන ගැනීම පිණිස බුදුහිමි එම නා රද කුල ඉදිරිපත් කළහ.

1. විරූපාක්‌ෂ නම් නා රද කුලය

2. ඒරාපථ නම් නා රද කුලය

3. ජඛ්‍යාපුත්ත නම් නා රද කුලය

4. කණ්‌හා ගෝතමක නම් නා රද කුලය

ආදී වශයෙන් සියලු නා රද කුලයන් කෙරෙහි මෛත්‍රී සිත පැතිරවීම එහි මූලික පරමාර්ථයයි. සියලුම සතුන් හා අමනුෂ්‍ය කොටස්‌ ද එහිදී හසුවන ආකාරය පැහැදිලි වේ. ඒ අනුව මෛත්‍රිය පැතිරවීම පිළිබඳ සිතීමේදී,

අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපාදකේහි මේ

චතුප්පාදෙහි මේ මෙත්තං - මෙත්තං බහුපදෙහි මේ

(මාගේ මෛත්‍රිය පා නැති, දෙපා, සිවුපා, බොහෝ පා ඇති යන සියලු සතුන් සමග වේවා)

මා මං අපාදකෝ හිංසි - මා මං හිංසි දිපාදකෝ

මා මං චතුප්පාදො හිංසි - මාමං හිංසි බහුප්පදොa

(පා නැති සතෙක්‌, දෙපා සතෙක්‌, සිවුපා සතෙක්‌, බොහෝ පා ඇති සතෙක්‌ මට හිංසා නොකෙරේවා).

සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතා ච කේවලා

සබ්බේ භද්‍රනි පස්‌සන්තු - මා කඤ්චි පාපමාගමා

(හැම සත්හු ද, හැම ප්‍රාණීහුද, හැම භූතයෝද යන සියල්ලෝම යහපත දකිත්වා, කිසිම සතෙක්‌ වෙත දුකක්‌ නොපැමිණෙත්වා).

සතාපදි යනුවෙන් සඳහන් වන්නේ පත්තෑයා, කන්වෑයා ආදී සියක්‌ පා ඇති සතුන්ය. උණ්‌ණානාභි යනු මකුළුවා ද, සරබු යනු හූනාද, මූසිකා යනු මීයා ද ආදී වශයෙන් සතුන් වර්ගකොට බෙදාගෙන මෛත්‍රිය පැතිරවීම සිදුවිය යුතුය. සිරිංසපා යන්න බඩගාන සතා යනුවෙන් අර්ථ ගන්වා ඇත. අභිවිච්äකා යන්නෙන් සර්පයන් පිළිබඳ ශාස්‌ත්‍රය නොහොත් විෂ වෙදකම යන්න කියවේ.

බන්ධ සූත්‍රයේ සඳහන් කරන ආකාරයට අන්තිමට සියල්ල කැටිකොට, තුණුරුවන්ගේ ගුණ අනන්ත බවත්, එම උතුම් ගුණ බෙලෙන් සියලු සර්පයන්ගෙන් අනතුරක්‌ නොවේවා, භූතයෝ ඉවත්ව යෙත්වා, මම බුදුන් වහන්සේට වඳිමි, සත් බුදුවරයන් වහන්සේලා වඳිමි මේ ආදී වශයෙන් කරුණු කාරණා විග්‍රහ කර තිබීම ඉතා වැදගත්වේ.

එම කරුණු හිතට ගෙන ගිහි පැවිදි අප කවුරුත් සර්පයන්ගෙන් වන අනතුරු වළක්‌වා ගැනීමට නිරන්තරයෙන් මෙම සූත්‍රය භාවිතා කළ යුතුය. එතුළින් අපගේ ජීවිතත්, එම අහිංසක සතුන්ගේ ජීවිතත් ආරක්‌ෂා වනු ඇත. මෛත්‍රී පූර්වකව අවංකව එම සිතුවිලි ධාරාව පතුරන්නේ නම් සන්දෘෂ්ටිකවම එහි විපාකද ලැබිය හැකිය. සියලු සත්වයෝ නිදුක්‌වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වාෘ යන මෙත් වැඩීම තුළින් තම ජීවිතයට ලොකු පිටිවහලක්‌ වන බව සියලු දෙනාම සිතට ගත යුතු වේ


සම්පුර්ණ විස්තරය  මෙතන්න - ඛන්ධ පිරිත


ගලගෙදර රතනවංශ හිමි


2016 මැයි මස 21 වැනිදා සෙනසුරාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment