Labels

Tuesday, June 28, 2016

ශ්‍රී ලාංකීය ජන හද බැඳගත් මිහිඳු මාහිමි


මිහිඳු මාහිමියන් අසන ලද ප්‍රශ්න සඳහා රජතුමා සපයන ලද පිළිතුරුවල ස්වරූපය අනුව එතුමා බුද්ධිමතෙකු බව වටහා ගත් උන්වහන්සේ රජතුමා ඇතුළු පිරිසට පළමුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළ සේක.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ දෙසීය තිස් හත්වැනි (237) වර්ෂයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩම කළ බව දීපවංසය, මහාවංසය මෙන්ම සමන්ත පාසාදිකාව ද සඳහන් කරයි. මහින්දාගමනය ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියක ආරම්භ විය. මිහිඳු මාහිමියන්ගේ විචක්ෂණශීලි බව හා දේශනා කෞශල්‍ය නිසාවෙන් දේවානම්පියතිස්ස මහ රජතුමා ප්‍රමුඛ ලක්වැසි ජනතාව බුදුදහම වැළඳගෙන, පෝෂණය කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. විශේෂයෙන් මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ මනෝවිද්‍යාත්මක වූ ද සමාජවිද්‍යාත්මක වූ ද ඉතාමත් තාර්කික පදනමකින් ලක් වැසි ජනතාවට දහම් දෙසන්නට සූත්‍ර දේශනා තෝරාගෙන ඇති බව පෙනේ. ඒ පිළිබඳ අපගේ අවධානය මෙහිදී යොමු කෙරේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්වැනි ශතවර්ෂයෙහි මුල් භාගයෙහි පාටලී පුත්ත නගරයෙහි දී පවත්වන ලද තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ හා භික්ෂු මහා සංඝයා ද ශ්‍රී ලංකාවට වැඩම කොට එහි සම්බුද්ධ සසුන පිහිටුවන ලෙස ආරාධනා කළහ. එම ආරාධනාව පිළිගත් මිහිඳු මාහිමියෝ ඊට සුදුසු කාලය දැයි විමසා බැලූහ.

Saturday, June 25, 2016

ඔබ අපේක්ෂා කරන දේ ඔබත් ලොවට දෙන්න


ඉපදුණු ලෝකය ලස්සන වන්නට අවශ්‍ය වන එකම දෙය, ආදරයයි. එය දෙන දෙයක් මිස බලෙන් ලබා ගත හැකි දෙයක් නොවේ. එය අවංකව ලබා දුන් විට තමාට ද ආදරය නො අඩුව ලැබේ. ආදරය පරිපූර්ණ වනුයේ, කරුණාවෙනි. ඒ තුළ වෛරය, ක්‍රෝධය වැනි හානිකර කිසිවක් නැත. සමාජයේ බහුල ලෙස දැකිය හැකි වනුයේ, කරුණාව නොමැති ආදරයකි. එය මහා හානිකර කෑදරකමකි. ඒකාධිපති ආදරයකි. එහි හිංසාව මුල්ව පවතී. තමා බලාපොරොත්තු වුණු දෙය නොලැබීමෙන් වෙඩි තැබීම් පිහි ඇනුම්. වස පානය කිරීම් ආදි ශෝචනීය සිදුවීම් අසන්නට ලැබේ. නියම ආදරය යනු ජාති, ආගම් බෙදීම් වලින් තොරව ගහකොළ ඇතුළු සියලු සත්වයන්ට නියම අයුරින් ආදාරය කිරීමයි.

Friday, June 24, 2016

නුදුන් දේ ගැනීම


සම්මුති ජීවිතය තුළ අනුන්ට අයත් වස්‌තුවක්‌, අයිතිකරුට හොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදානය ලෙස හැඳින්වේ. අදත්තාදානය හෙවත් සොරකම් කිරීම, කර්ම පථයක්‌ බවට පත්වීමට කාරණා පහක්‌ සම්පූර්ණ විය යුතුය.

දියුණුවට මග ධර්මයද? පුද පූජාද? ( කුරු ධර්ම ජාතකය ඇසුරින් )


මැති ඇමැතිවරුනි, කිමෙක්‌ද අප දැන් ගත යුතු පියවර? වැසි නැත, ජලය නැත, ආහාර හිගය තදින් බලපානවා. මේ කලිගු රට මහත් විපතකට පත් වෙලා. නියගය සමග මහා දුර්භික්‌ෂයක්‌. එපමණක්‌ද? භයානක වසංගත රෝග පැතිරිලා. රටෙහි සශ්‍රීකත්වය පතා කුරු රාජ්‍යයේ මංගල හස්‌තියා ගෙන ආවත් රටට සෞභාග්‍යය උදා වූයේ නැත. වැසි පතා මහා යාගයක්‌ කරමුද.? නොඑසේ නම් දහස්‌ ගණන් පරිෂ්කාර, ලක්‌ෂ සංඛ්‍යාත මල් පහන් රැගෙන මහා පූජාවක්‌ කරමුද? ඇතැම් රටවල කරන පරිදි පොල් ගසා දෙවියන්ට සැළ කර සිටිමුද ? මහ ඇමැතිය තොප කුමක්‌ කියන්නෙහිද?

නිවහල් වෙමු නිදහස්‌ වෙමු


'අත්ථදීපා විහරථ - අත්ථ සරණා - අනඤ්ඤ සරණා'

'තමන්ට තමන් පහනක්‌ වන්න, තමන්ගේ ආලෝකය තමන්ම වේ. තමන්ට පිහිට තමන් පමණයි. අනිකෙකුගේ පිහිටක්‌ නැත.'

ලොව වෙසෙන සෑම මිනිසකුගේම ප්‍රාර්ථනයකි නොවහල් බව, නිදහස්‌ බව. මිනිසාට නොවහල් බව හා නිදහස ලබා දෙන ලොව යම් දර්ශනයක්‌ දහමක්‌ වේ නම් එය බුදු දහමයි. අනෙක්‌ සියලු ආගමික හෝ වෙනත් දර්ශනවාද තුළින් සිදුකරනුයේ මිනිසා වහලකු කිරීමයි. තවකෙකුගේ දාසයකු කිරීමයි.

තමන්ට වැරදුණත්, අනුන් ගේ වැරැද්දෙනුත් දෙකෙන් ම සසරට යන්නේ අපයි



කාමයන් ගෙන් එතෙර වීම නිසා හටගත්ත ප්‍රමෝදයෙන් පටන්ගන්න සමාධියට කියනවා "විවිචෙචව කාමෙහි විවිචෙචව අකුසලෙහි - කාමයන් ගෙන් වෙන් වීම, අකුසලයන් ගෙන් වෙන් වීම නිසා හටගත්ත විවේකයෙන් උපන්න ප්‍රීතිය හා සැපය මුල් කරගත්ත සමාධියක්‌ ය" කියලා.

ප්‍රසන්න සිත පිරිසිදු ජලාශයකි


පැහැදිලි සිත පිරිසිදු ජලාශයක්‌ වගේ. පිරිසිදු ජලාශය විනිවිද දැකිය හැක. චංචල බවෙන් තොරවිය යුතුය. කුණු දූවිලිවලින් තොරවීමය sපිරිසිදු බවේ සංකේතය. නීවරණ ධර්ම සිත තුළ හටගත්තාම පිරිසිදු සිත අපිරිසිදු වන බව යෝගාවචරයා අත්දැකීමෙන්ම වටහා ගනී.

බුදුරදුන් අනිත්‍ය දෙසුවේ ඇයි?


බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික වේ. කල් නොයවාම ප්‍රතිඵල ගෙනදේ. එය හැම කාලයටම ගැළපෙන සනාතනික ධර්මයකි. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයකු වීමය. මනුෂ්‍යයකුට කළ නොහැකි කිසිවක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ.

නොපමා බවේ අනුසස්‌ ලැබෙයි දිවියට සොම්නස්‌

බුදුන් වහන්සේ නොයෙක්‌ වර විවිධ සිදුවීම් මුල් කරගනිමින් දේශනා කළ උපදේශ ඇතුළත් කෘතියක්‌ ලෙස ධම්මපදය පෙන්වා දිය හැකිය. පුද්ගල ජීවිතය මෙලෝ පරලෝ වශයෙන් දියුණු භාවයට පත්කර ගැනීමෙහි ලා උත්සාහශීලි පුද්ගලයාට ඒ දේශනාවන් මහත් පිටිවහලක්‌ම ය.

Wednesday, June 22, 2016

දිවි ගමන දිගු කරන සැප සදන - මහ රහස


එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ එක්ක කොසොල් රටේ බමුණු ගමක වාසය කළා. බුදුන් වහන්සේ වැඩම කළ බව දැනගත් ඒ බමුණෝ බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරමින් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. එහෙම ගිහිල්ලා ‘බුදුහාමුදුරුවනේ අපි අඹුදරුවන් සමඟ ගිහිගේ වාසය කරනවා. ඉතා වටිනා කසී සළු මල් ගඳ විලවුන් පාවිච්චි කරමින් ජීවිතය ගත කරනවා. ඒ විතරක් නොවෙයි අපට ඕන තරම් මිල මුදල් තියෙනවා. අනේ බුදුහාමුදුරුවනේ අපිට පංචකාම සැප නිවැරැදිව විඳින හැටි පැහැදිලිවන , මරණින් පස්සේ හොඳ තැනක උපත ලැබීමට හේතුවන දහමක් දේශනා කරන සේක්වා යැයි ආරාධනා කළා.

යහපතට ඇති අපහසුව


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුකරානි අසාධුනී -
අත්තනො අහිතානිච
යං වෙ හිතංච සාධුංච -
තං වෙ පරම දුක්කරං
පින්වත්නි !
අපි පෙර භවයන්හි පින් කළ ඇත්තෝ වෙමු. පෙර පින් බලය නිසාම අපි අංග විකල නොවී පූර්ණ මිනිසුන් ලෙස වාසනාවන්තව ජීවිත ගත කරමු. පින්වත් දෙමාපියන්ගේ දූ දරුවන් ලෙස, පින්වත් දූ දරුවන්ගේ දෙමාපියන් ලෙස අපි ජීවත් වෙමු. ඔබ අපි වාසය කරන්නේ පින්වත් දේශයකයි. සම්බුදු සසුන පවතින සමයක අපි ජීවත් වෙමු. ඒ සියල්ල ඇසුරේ කල් යවන අපි, අපි ගැනම මොහොතක් මෙනෙහි කරමු.

සොඳුරු ලොවකට දැහැමි මාවතක්


වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ රැල්ල සීඝ්‍රයෙන් වැඩිවෙලා. මානව දයාව නොපෙනෙන තරම් ඈතට ගිහිල්ල . ඇතැම් මිනිසුන් , නොමිනිසුන් බවට පත්වෙලා. සියල්ල මෙසේ සිදු වුවහොත් රටේ අනාගතයට අත්වන ඉරණම ඛේදනීයයි. මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම සඳහා කඩවත රාගම පාරේ පහළ කරහමුණ ජයතිලකාරාම වාසී තෙබුවන විපස්සි හිමියන් අප හා එක්වුණා.

Tuesday, June 21, 2016

අපේක්‌ෂාවෙන් නොව අවශ්‍යතාවයෙන් ජීවත්වෙමු

යථාලාභ සංතෘෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම ප්‍රයෝජනවත්, සැහැල්ලු, දිවිපැවැත්මට අනුබල දෙන බෞද්ධ ඉගැන්වීමකි. ඉවසීම, අයථා ක්‍රමවලින් ධනය ඉපැයීමෙන් වැළැකීම, තිබෙන දෙය මැනවින් කළමනාකරණය කිරීම ආදී ගුණාංග ආරක්‌ෂා කරවයි. අනෙක්‌ අතට ඉහත ගුණාංග තවදුරටත් වර්ධනය කරයි. එමෙන්ම මෙම දහම ගැන වැරදි අදහස්‌ද ඇත. එනම් පොහොසත්වීමට දිරිනොගන්වන ඉගැන්වීමක්‌ ලෙසය. මෙම ලිපියෙන් අපි නිවැරැදිව ලද දෙයින් සතුටුවීම ගැන අවබෝධ කරමු.

Monday, June 20, 2016

අනුබුදු හිමියනි, මෙම පින්බිමට අද ඔබ වහන්සේ වැඩියොත්...?


ධම්මරාජස්‌ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා

මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස මෙහි පැමිණියෙමු.

Sunday, June 19, 2016

සිංහල බුද්ධාගමේ විශේෂතා


ලෝකයේ බෞද්ධ සම්ප්‍රදායන් අතරින් ලංකාවේ බුදු දහම තරමක වෙනස් ස්වරූපයක් ගනී. එසේ වෙනස් වනු ලබන්නේ කාරණා කිහිපයක් මතයි. ලංකා බුදු දහම දාර්ශනික ආගමික හා සංස්කෘතික සංයුතීන්ගෙන් සමන් විතයි.

Saturday, June 18, 2016

මිහිඳු මාහිමි දෙසුම් හා සමාජ සාරධර්ම


සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගතවනවිට එනම් ක්‍රි.පූ. 306 – 307 අතර අවධියේ මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළා.

බෞද්ධ මනෝවිද්‍යාව හා චර්ය්‍යා කළමණාකරණය


පිළිගත් න්‍යායකට අනුව මනස අධ්‍යයනය කිරීම හෝ මනස අධ්‍යයනය කොට න්‍යාය ගොඩනැගීම මනෝවිද්‍යාවයි. බටහිර මනෝවිද්‍යාවේ ඉතිහාසය ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් යුගය තෙක් අතීතයකට උරුමකම් කියයි. එහෙත් පෙරදිග මනෝවිද්‍යාව ඊට ද වඩා සියවස් කිහිපයක් අතීතයට උරුමකම් සපයන බව අරණ්‍යක ග්‍රන්ථවල දැක්වෙන මනස දියුණු කරන ක්‍රමවේද පිළිබඳ සාකච්ඡාවලින් පැහැදිළි වෙයි. බෞද්ධ පිටක ග්‍රන්ථ තුළ දක්වන සුනෙත්ත, මුග්‍යක්ඛ, ආළාර, රාම, උද්දක වැනි ශ්‍රමණයන් ද මනස පිළිබඳ ප්‍රතිපත්තිමය ගවේෂණ සිදුකළ පුද්ගලයන් ලෙස දැක්විය හැකිය.

සිත නිවන දහම් මග


පංච නීවරණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡකුක්කුච්ඡ , විචිකිච්ඡා ආදියයි. එනම් ආශා කරන දේ සිහිවීම, තරහ මතුවීම, අලසකම හා නිදිමත ඇති වීම, නොසන්සුන්කම හා පසුතැවීම ඇතිවීම, සැකය මතුවීම ආදියයි. මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා සමථ භාවනා ක්‍රම මගින් සිත දියුණු කරගත යුතුය. භාවනා කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය තිබිය යුතුයි. ඒ සඳහා ශීලයක පිහිටා සිටිය යුතුයි. පන්සිල් , ආජීව අෂ්ඨමක සිල්, අටසිල් , දස සිල් ආදී වශයෙන් ගිහි පිරිසට උචිත පරිදි සුදුසු ශීලයක් සමාදන් විය හැක. සමාදන් වූ ශීලය නැවත නැවත ආවර්ජනා කිරීමෙන් පවත්වා ගෙන යාමට විරිය කළ යුතුයි. ඒ සඳහා සිහි නුවණ අවශ්‍යයි.

Thursday, June 16, 2016

කෙනෙක් මියගිය පසු කළ යුතු භාවනාව


ඕනෑම සත්ත්වයෙක් මරණයට පත්වන බව සදාතනික දහමකි. ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය පහව ගිය කල්හි මෙම ශරීරය දරකඩක් සේ මහ පොළොවට පතිත වන බව බුදුරදුන් දේශනා කළහ. නමුදු අද සමාජය තුළ කෙනෙකු මළ පසු එම මරණානුස්සති භාවනාව සිදු කරන්නේ කීදෙනෙක් දැයි කල්පනා කර බැලීම වටී.

මායාකාරී සිහින ලෝකයෙන් ඈත් වී සිතෙහි සැබෑව දකිමු


පවත්නා මේ ජීවිතයේ අප්‍රමාණ නින්දාවන්ට දඬුවම්වලට හා වැරැදිවලට දඬුවම් ලෙස සිරගෙයි දැමීම් වැනි විපත්වලට පැමිණිය හැකියි. ධර්මයේ සඳහන් කරන අයුරින් අත්ථානුවාද භයක් පැමිණිය හැකියි. මොනයම් වෙලාවක හෝ තමා තමාට දොස් කියා ගත හැකියි. නුඹ මෙවැනි බලවත් වූ පාපයක් සිදු කළ පුද්ගලයෙකි, පුද්ගලයෙකුයි. තමා තමාට ම දොස් කියා ගත හැකියි. පසුතැවීමට කරුණක් විය හැකියි. මරණ මංචකයේ දී හෝ මෙය මතක් වී දුගතියට පාර සාදා දිය හැකියි.

සසර දුක නසන මඟ


බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ විශ්වයටම සැලසුණේ මහත් ශාන්තියක්. සැබැවින්ම එය සැනසිල්ලක්. ධර්මය අමෘතයක් වගේ. එය පානය කරන්නාටයි එහි රසය දැනෙන්නේ. ධර්මය හා සමාන ඖෂධයක් තවත් නැත. එය පානය කිරීම තුළින් දුක නසන මඟ හඳුනා ගත හැකිය.

මිනිස් සිත ආක්‍රමණය කරන්නේ කවරෙක්ද?


බිරිඳ ස්වාමියාගේ කලණ මිතුරියයි කියන ප්‍රකාශය සම්මුති ලෝකය තුළ හොඳ තත්වයක්. පරමාර්ථ වශයෙන් එසේ සත්‍යයක් නැහැ. කලණ මිතුරන් පවින් වළක්වනවා මිස පවිවලට උපකාර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බිරින්දෑවරුන් ඔවුනට අවාසි වන පවිවලින් පමණක් වළක්වනු ලබනවා. පාණාති පාතා හෙවත් ප්‍රාණඝාත අකුසලයෙන් වළක්වනු නොලැබුවද, කාමේසු මිච්ඡාචාරා හෙවත් කාමයෙහි වරදවා හැසිරීමේ වරදින් මුදවා ගැනීමට කෙසේ හෝ උත්සාහ දරයි. මත්පැන් පානයෙන් වළක්වනු ලැබුවද, මුසාවාදා හෙවත් බොරුකීමෙන් වළක්වනු නොලබනුයේ ඇයගේ වැඩ කටයුතු කරගෙන යාමට ඔහු යොදා ගත නොහැකි නිසයි. සමිමුති ලෝකය තුළ ජීවත් වන මිනිසුන් එසේ පිළිගන්නා බවට පමණක් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. එය පටළවා වටහා නොගත යුතුයි.

නුවණ ඇතිව එක දවසක් ජීවත්වීම වුවද උතුම්ය


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යොචෙ වස්ස සතං ජීවෙ දුප්පඤ්ඤෝ අසමාහිතො
ඒකාහං ජීවිතං සෙය්‍යො පඤ්ඤාවන්තස්ස ඣායිනො
(ධම්මපදය සහස්ස වග්ගය)

සත්‍යය මත පිහිටීම

බුදු රජාණන් වහන්සේ ගිහි පැවිදි සැමට එකසේ අනුගමනය කළ යුතු පිළිවෙතක් ලෙසින් සත්‍යය හෙවත් මුසාවාදයෙන් තොරවීම හඳුන්වා දුන් සේක. නිත්‍ය ශීලය හෙවත් දිනපතා සමාදන්වන පංච ශීලයේ සෙසු සියලුම කර්මයන් කාය කර්මයන් වන අතර මුසාවාදය වාචික ක්‍රියාවක්.
මේ නිසා සත්‍යය මතම අප පිහිටා කටයුතු කිරීම ගැන සිහි තබා ගත යුතු වනවා. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම උදෙසා සම්පූර්ණ කළ දස පාරමිතා අතර සත්‍ය පාරමිතාවට විශේෂ තැනක්ද හිමි වන බව අප තේරුම් ගත යුතු වනවා. ඒ අනෙක් සියලු පාරමිතා පිරීම සඳහා සත්‍යය අත්‍යවශ්‍ය වන නිසාය. ලෝකයේ මෝහය මෙන්ම අවිද්‍යාව නිසා සත්‍ය යන්න නිරතුරුවම යටපත්ව පවතින බවද අපට බුදු දහම අනුවම තේරුම් ගන්නට පුළුවන්.
බුදු රජාණන් වහන්සේ විසින් සච්ච හෙවත් සත්‍යය යන්න කුමක්ද යන්න පැහැදිලිව මේ ගාථාවෙන් දක්වා තිබෙනවා.

ජීවිතයයි සංසාරයයි

බුදුරජාණන් වහන්සේගේ දේශනා සූත්‍ර වශයෙන් නම් කර ඇත. එම සූත්‍ර දිග ප්‍රමාණයෙන්ද, මධ්‍යම ප්‍රමාණයෙන්ද, කෙටි ප්‍රමාණයෙන්ද අන්තර්ගත වී ඇත. බුදුපියාණන් වහන්සේගේ දේශනා මුද්‍රණ වශයෙන් දිග වුවද, ප්‍රකාශ වශයෙන් ඉතාම කෙටියි. ඉතාම ගැඹුරු අර්ථයෙන් යුක්ත කෙටි වාක්‍යයයි.

සම්මුතිය තුළ ‘මම, මගේ’ යැයි පැවසුවත් තමා තමාටවත් අයිතිද?

භාරද්වාජ සූත්‍ර දේශනාවේ දී උදේන රජතුමා පවසන්නේ මේ අශ්‍රැතවත් පෘතග්ජන ලෝකයේ සිත්වල ස්වභාවය පිළිබඳවයි. මේ නිසා අසුබ වශයෙන් මෙනෙහි කරන්නට සුබ වශයෙන් ම අරමුණු අරගෙන රාගාධි, කාමාධි සිතිවිලි සකස් වෙනවා නම්, එවැනි අවස්ථාවක කුමක් කළ යුතුද? මේ භික්ෂූහු කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කරනවා. මෙහි දී භාරද්වාජ ස්වාමීන් වහන්සේ උදේන රජතුමාට මෙසේ සඳහන් කරනවා.

මහ රජ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, සිහිය පිහිටුවා ගන්න. ඉන්ද්‍රියන්හි වැසූ දොර ඇතුව වාසය කරන්න.

එථ තුමහෙ භික්ඛවේ

ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා විහරථ” මහණෙනි, ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතුව වාසය කරන්න. ඇසින් රූප දැකල නිමිති ගන්නට එපා. අනුව්‍යංජන වශයෙන් ගන්නට එපා.
යම් ආකාරයකින් ඇස නමැති ඉන්ද්‍රියේ අසංවරව වාසය කිරීම නිසා දැඩි ආශාවන් දෝමනස්සයං එනම්, තරහව වැනි ලාමක අකුසල් සිතිවිලි පහළවෙනවා, නම් එහි සංවරය පිණිස පිළිපදින්න. ඇස ආරක්ෂා කරගන්න. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න.

ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සමාජ සංවර්ධනය

 ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු හා දෙවන අංග මගින් පුද්ගල චින්තනය කෙසේ සකස්විය යුතුද යන්න පෙන්වා දෙයි. සම්මා දිට්ඨි යනු යහපත් දැක්මයි. එයින් හොඳ හා නරක පිළිබඳ මූලික අවබෝධය අදහස් වේ. මෙය සාමාන්‍ය මට්ටමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියෙන් බැහැර වීමයි. පුද්ගලයා තුළ හොඳ නරක, මෙලොව, පරලොව, කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය නොමැති විට අපරාධ සඳහා නැමියාවක් ඇති වේ. හොඳ, නරක, නීතිය, යුක්තිය නොසලකා කටයුතු කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් සමාජයක සාමය හා සංහිඳියාව බිඳ වැටේ. හොඳ නරක වෙන්කොට හඳුනාගෙන වැරදි දැක්මෙන් වෙන්වී නිවැරදි දැක්මක් ඇති කරගැනීමෙන් සමාජ සංවර්ධනය අර්ථවත් කළ හැකිවේ.

අකුසල් නොවන බව සිතාගෙන අකුසල් කර්ම රැස් කරයි


අප දැනුවත්ව කරන වැරැදි ක්‍රියා හෙවත් අයහපත් ක්‍රියා තුළින් අකුසල් රැස්වෙන අතර නොදැනුවත්ව කරන ක්‍රියාවලට අකුසල් රැස් නොවෙයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේත යිත්වා කම්මං කරෝති. මහණෙනි, මම චේතනාවම කර්මය යැයි දේශනා කරමි. සිතින් සිතා කර්මයන් රැස්කිරීම සිදුකරයි. යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. කර්මයක් සම්පූර්ණ වීම සඳහා බලපානු ලබන ප්‍රධානම කාරණාව නම්, එම පුද්ගලයා එම අවස්ථාව තුළ රාගය ද්වේෂය, මෝහය වැනි චෛතසික ධර්මයකින් යුක්තව දැනුවත්ව , කටයුතු කිරීම හෙවත් සවිඤ්ඤාණිකව සිටීමයි.

ආධ්‍යාත්මික දියුණුව නිවන් සුව පිණිසමයි


බුදුරජාණන් වහන්සේ වදාළා මේ මනස හදා ගැනීමෙන් පමණයි ජීවිත ශාන්තිය උදාකර ගත හැක්කේ කියා. මනස හික්මවා ගැනීම තුළිනුයි අපේ නිවැරැදි ගමන මෝදු වන්නේ. 

ධර්ම දේශනා ක්‍රමය ආරම්භ වීම හා නිවැරදි අර්ථ කථනය සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත්


පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘතීන් බුත්සරණ, අමාවතුර, දහම්සරණ, සඟසරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, ජාතක පොත් වහන්සේ ආදි ගද්‍ය කෘති වගේම සඳකිඳුරුදාවත, ලෝවැඩ සඟරාව, කාව්‍ය ශේඛරය , ගුත්තිලය, කුස ජාතකය ආදී පද්‍ය කෘති ද ලිය වී ඇත්තේ ධර්ම දේශනා සඳහාය. එසේම සන්න ගැට පද ආදී පත පොත ලියවී ඇත්තේ පාලි ත්‍රිපිටකයට අයත් බණපොත් හැදෑරීමට පහසු වනු පිණිසය. ඒ අනුව බැලීමේදී ධර්ම දේශකයකු වශයෙන් නිවැරදිව ධර්මය විස්තර කිරීමට නම් සිංහල පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳවත් ඒ භාෂාවන්ගෙන් ලියැවුණු ග්‍රන්ථ ගැනත් පැතිරුණු දැනුමක් ධර්ම දේශකයන් වහන්සේ නමකට තිබීම අත්‍යවශ්‍ය බව පෙනී යයි.

දැහැමි දිවියේ සැබෑ සතුට


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යෝ චේ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීලවන්තස්ස ඣායිනෝ

පින්වත්නි ,

Monday, June 6, 2016

වෙසක් සමයයි පොහොය දවසයි


බුදු රජාණන් වහන්සේ උදෙසා බෞද්ධයන් විසින් ගෞරව නමස්කාර කරනු ලබන වෙසක් සමය උදා වී තිබුණා. වෙසක් සමරනවා යන්න ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන බුද්ධ පූජාමය පින්කමක්. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා මේ බුද්ධ පූජාව වැරැදි ආකාරයෙන් සිදු කරනු ලබන බවයි පෙනෙන්නේ. එම නිසාම කුසල් රැස් කිරීම දුරස් වී අකුසල් රැස් කර ගැනීම කෙසේ වෙතත් මේ නිසා සමාජයේ පරිහානිගත ලක්ෂණ මතුවන බවයි පෙනෙන්නට ඇත්තේ. මේ නිසා වෙසක් පෝය දිනය කෙසේ සැමරිය යුතුද යන්න ගැන අප මනා අවබෝධයක් ලබා ගත යුතු වනවා.

Friday, June 3, 2016

සර්ප අනතුරු වළකාලන ඛන්ධ පිරිත


 බහුල වශයෙන් මිනිසුන් සර්ප අනතුරුවලට ලක්‌වන බවක්‌ දක්‌නට ලැබේ. බොහෝ පිරිස්‌ සර්පයන් මැරීමට උත්සාහවත් වනවා මිස සර්පයන්ගෙන් වන අනතුරු වළක්‌වා ගැනීමට අවශ්‍ය මග පිළිබඳ අවධානය යොමු නොකරති

ආමිෂය භවය සඳහාය, ප්‍රතිපත්තිය භව නිරෝධය සඳහාය


සත්‍යාවබෝධයේදී අනුගමනය කරන ප්‍රතිපදාවේ බොහෝ තේරුම්ගත යුතු කරුණු ඇත.'ප්‍රඥව' යනු මානසික සංවර්ධනයේ ඉහලම අවස්‌ථාවයි. අතිපාරිශුද්ධ වූ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන්මයි ඒ අවස්‌ථාව උදාවනුයේ. ඒ නිසා ශාන්තිනායක ගෞතමයාණන් වහන්සේ වදාරනුයේ 

Thursday, June 2, 2016

ගුණාත්මක බවෙන් පිරිපුන් දරුවකු රටට දයාද කරන්න


අපගේ රට තුළ ඊර්ෂ්‍යාව චෛතසිකය ඉතාම තදින් වර්ධනය වෙයි. ඇතැම් පවුල්්, පවුල් අතරත් ,ඉතාම ඊර්ෂ්‍යා සහගතයි. කිසියම් ආයතනයක එක අංශයක් යහපත් ආකාරයට ධර්ම දේශනාවක් පවත්වනු ලැබුව හොත් අනෙක් අංශය එම අංශය පිළිබඳවත් ඊර්ෂ්‍යාව කරනු ලබයි. බණටත් ඊර්ෂ්‍යාකරනු ලබයි. ඔවුන්ගේ වැඩ පිළිවෙළ අසාර්ථක බව සිතමින් ඔවුන් තුළ ගොඩනඟාගන්නා වූ හීනමානයක් සමඟ තව පිරිසකගේ වැඩ සටහනක සාර්ථකත්වය දැකිය නොහැකිය. සියයට අනූවක් යහපත් ආකාරයෙන් එම කාර්යය නිමාවට පත් වුවත් සියයට එකක් තරම් වූ පුංච් සිදුරක් අල්ලාගෙන කතා ගෙතීමට පෙළඹෙයි.

සදහම් දැනුම


ප්‍රශ්නය:
බෞද්ධ පවුල් ඒකකයක් තුළ බිරිඳගේ (භූමිකාව) පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමුවූ ආකාරය පැහැදිලි කරන්න

රාගයෙන් ගිලන් වූ සිතට ඖෂධය විරාගී දහමය


බක් අමාවක පෝදා (මැයි 06 වනදා) සිට සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අප කතා කරමින් පැමිණියේ ‘භාරද්වාජ සූත්‍ර’ දේශනාවයි. මේ සූත්‍ර දේශනාවෙන් පැවිදි ජීවිතයක් පිළිබඳව පෙන්වා දුන්න ද පෘතග්ජන වූ අශ්‍රැතවත් මුළු මනුෂ්‍ය සමාජයට ම මේ සූත්‍ර දේශනාව උතුම් දහම් අවවාදයක් ලෙස ලංකරගත හැකිය. ඒ පිළිබඳව අද දවසේ ද දහම් විවරණයක් කොට බලමු.
යම් විටක සංසාර ගමනේ පටන් අපේ ජීවිතවල පවත්වාගෙන එන කර්ම ශක්තීන්ට අනුව ආශාවත්, රාගයත්, ලෝභයත්, ද්වේෂයත් මේ ආදී කෙලෙස් පවතින්නට පුළුවනි.

සැපත ගෙනෙන දහම් මඟ


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛෝ


සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ රැස්වී සැප පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවට වැඩමකොට ඉහත ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.