තමාගේ වචන පරිහරණය කළයුතු ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබුෙවි කටින් වුවත්, එම කට ශ්‍රී මුඛය ලෙස හඳුන්වයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටතට දැමූ කාරණා ලෝකයටම ශාන්තියක් වූ නිසාත් සමාජයට අර්ථයක් වූ නිසාත්
,ශ්‍රී මුඛය ලෙස ගෞරවයෙන් යුක්තව හඳුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් ධර්මය දේශනා කළ අතර අප කටින් වචන පිටකරයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රි මුඛයෙන් එළියට දැමු වචන තුළින් සැමදාමත් ලෝකයට අර්ථයක් වන ආකාරයෙන් යුක්තව දේශනා කළ වචන ශ්‍රී සද්ධර්මය ලෙස හඳුන්වයි. තමාගේ කට තමාට පමණක් වැදගත් නොවන අතර තමාගේ නිවස තුළ තවත් පුද්ගලයන් සිටින බව දැන ගත යුතුයි. වචන තුළ පවතින කරුණාව සහ ප්‍රඥාාව එකකට එකක් වෙනස් වෙයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කිරීෙමිදී උන්වහන්සේගේ මනස තුළ මහා කරුණාව මහා ප්‍රඥාව
පැවතුණා.බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථනයන්හි ධර්මය දේශනා කරන විට මහා කරුණාවෙන් ධර්මය දේශනා කළ අතර ඇතැම් අවස්ථාවල මහා ප්‍රඥාවෙන් ධර්මය දේශනා කරනු ලැබුවා. ඇතැම් අවස්ථා තුළ ධර්මය දේශනා කරන විට කරුණාවත් ප්‍රඥාාවත් සමසේ තබා ගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ සුනීතට, සෝපාකට ධර්මය දේශනා කරන අවස්ථාවෙහි මහා කරුණාවෙන් යුක්තව ධර්මය දේශනා කළා.ආලවක වැනි පුද්ගලයන්ට ධර්මය දේශනා කරන්නට යෙදුණේ මහා ප්‍රඥාාවෙන් යුක්තවයි. වචනයට පුද්ගලයෙකු දමනය කිරීමේ හැකියාව පවතී.මිනිසුන් මෙල්ල කිරීම සඳහා ලෝකය තුළ කෙතරම් අවි අයුධ පැවතියත් ප්‍රඥාගෝචර වචන තුළින්ද මිනිසුන් දමනය කළ හැකිය.අප එදිනෙදා කතාකරන විට හිතා බලා ප්‍රඥාාවෙන් යුක්තව වචන පිට කළ යුතුයි. ප්‍රඥාාව නැති වචන සියයකට වැඩිය ප්‍රඥාසම්පන්නව කටින් පිටතට දමන වචනය වැදගත් වෙයි. ශරීරය තුළ තිබෙන්නාවූ සෑම අවයවයක්ම වැදගත් වුවත්, එම සියලු අවයවයන්ට වඩා කට වැදගත් වෙයි.දැනුමක් සහිත පුද්ගලයා කනෙන් ශබ්ද ලබාගන්නා විට මනසට වැදගත් ශබ්ද පමණක් ලබාගන්නා අතර නොදැමුණු පුද්ගලයා අවුල්කාරී ශබ්ද කනෙන් අසමින් මනස තුළට අවුල් දමාගනී.
විශාල ගෙවල් දොරවල් හදාගෙන, ලස්සනට ඇඳ පැළඳ ගෙන, යාන වාහන පාවිච්චි කරමින් සිටියත්, ඔහු කරන ක්‍රියාවෙන් ඔහුගේ තත්ත්වය පැහැදිලි වෙයි. එම සියල්ලම සිත විසින් මෙහෙවනු ලබයි.දැමුණු පුද්ගලයා තමාගේ ජීවිතයට වගේම සමාජයට යහපත වන ආකාරයේ යහපත් රූප ඇසෙන් ලබාගනී.නොදැමුණු පුද්ගලයා අවුල් සහගත අපිළිවෙළ රූප ඇසෙන් ලබාගනී.ඇසට විලාසිතා කරමින් කෙතරම් ලස්සන කළද වඩාත් වැදගත් වන්නේ ඇසෙහි යථාර්ථයයි. සියලු දෙනාටම ඇස් තිබුණත් ඒ ඒ පුද්ගලයන් ඇසෙන් ලබාගන්නාවූ ප්‍රයෝජන සහ අවබෝධය වෙනස් වෙයි.ඇස්, කන් දෙකක් වශයෙන් ලබාදී තිබුණත් එක කටක් පමණක් ලබාදී ඇත.බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම නායක්වය සැපයූයේද ශ්‍රී මුඛයෙන් නිසා අපටත් කට ඉතාම වැදගත් වෙයි. දේවදත්ත හාමුදුරුවන් අපායගාමී වීමට බලපෑවේද එම කටමයි.
ඇතැම් පුද්ගලයන් තකා කරන හඬ අසාගෙන සිටින විට නොතිබුණ කේන්තියක් මනසට ඇතිවෙයි. වෙනත් පුද්ගලයෙක් කතා කරන වචන නිසා අපගේ මනස කේන්තියෙන් ඇළලී යන අවස්ථා නැතිවා නොවෙයි. ඇතැම් පුද්ගලයන් කතා කරන වචන අසන විට අපගේ මනස තුළ පවතින කේන්තිය ක්‍රමයෙන් අඩුවෙලා යයි. මනස තුළ පැවැති මහා ප්‍රශ්න ගොඩ ලිහිල් වී ප්‍රශ්නයක් නොමැති තත්ත්වයට පත්වෙයි.
මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචන කතා නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ නීතියක් පනවා ඇත. කේන්ති මනසින් යුතුව නුසුදුසු වචන කතා කළ විට තමාට හානියක් වනවා මිස,ලාභයක් වන්නේ නැහැ. වර්තමාන සමාජය තුළ තරහෙන් කේන්ති ගන්නා පුද්ගලයන් වැඩි පුර දක්නට ලැබෙන අතර එය මානසික රෝගයක් වෙයි.වැඩිපුර කේන්ති ගන්නා පුද්ගලයන් මානසික රෝගියෙකු විය හැකිය. ඇතැම් අම්මාවරුන් නිතරම තරහෙන් කේන්තියෙන් වෛරයෙන් සිටින අවස්ථා දක්නට ලැබෙයි. ඇතැම් අවස්ථාවල අපගේ චර්යාවන් වෙනස් වීමට භාජනය වන්නේ අපටත් නොදැනීමයි. තමාගේ කේන්තිය සඳහා තමාට වාසි වන ආකාරයේ හේතුවක් ප්‍රකාශ කරයි. කේන්ති යාමට පවතින විසඳුම කේන්ති නොගැනීම මිස වෙන සාධාරණ හේතුවක් නැහැ. තමා වැඩ කරනු ලබන්නේ කේන්තියෙන්ද යන්න සැම විටම සිතිය යුතුයි. එසේ නොසිතීමෙන් තමාගෙන් විශාල අකුසල් ප්‍රමාණයක් සිදුවෙයි. තමන් කතා කළ වචනයක් නිසා කිසියම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවුවහොත්,තමා කතා කළ වචනය නිසා එම අසාධාරණය තිබෙන කම් තමන්ට අකුසල් සිදුවෙයි. තමන් කතා කළ වචනයක් නිසා වෙන අයෙකුගේ විවාහයක් කැඩී ගියහොත් එම විවාහය පිරිද්දෙන තුරු තමා කරගත් අකුසල් ඉවත් වන්නේ නැහැ. මල් වට්ටියක් පුජා කළාට එවැනි අකුසල් ගෙවන්න බැරි තරම් බරපතල වෙයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වචනය වැදගත් බව දේශනා කර ඇත. මනස තුළ කේන්තිය පවතින අවස්ථාවක වචනය පිට කිරීම තහනම් වන අතරම තමාගේ කටට එන වචන හොඳට සිතා බලා සමාජයට ප්‍රියශීලි වන ආකාරයට පමණක් පිට කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. අප්‍රිය ජනක අප්‍රියශීලී වචන එලියට දැමීම තහනම් වෙයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 12 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment