බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම දුර බැහැර ගමනක් යන පිරිසක් ලෙස බුදු දහම සඳහන් කර ඇත.පින් දහම් කරමින් සැප සම්පත් විඳිමින් දුක් විඳිමින් උපේක්ෂා සහගතව ජීවත්වෙමින් යන්නාවූ ගමනක් අප සතුව පවතී. ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් අවසන් නොවන ගමනක් ඇත. මරණින් ජීවිතය කෙළවර වුවද, සංසාර ගමන මරණින් කෙළවර නොවන බව බුදු දහම තුළ පමණක් සඳහන්ව ඇත.මරණින් මතු නැවත උපතක් පිළිබඳව වෙනත් ආගමක හෝ ආගමික පොත පතක සඳහන් වී නැත. ලෝකය පිළිබඳව සංසාරය පිළිබඳව පුළුල් දෘෂ්ටියක් බුදුදහමට ඇත.අකෙªත් ශාස්තෘවරුන්ට නොපෙනුණ කාරණා පිළිබඳව පුළුල් දෘෂ්ටියක් බුදරජාණන් වහන්සේ සතුව පැවතිණි. සංසාරය පිළිබඳව සංසාර ගමන පිළිබඳව වෙනත් ආගම් තුළ සඳහන්ව නැත.
මේ ලෝකය උත්තර තුළින් පිරී ඇති බවට බුදුදහම උගන්වා ඇත. මේ ලෝකය තුළ ප්‍රශ්න අඩුවන අතර උත්තර වැඩි වෙයි. බුදු දහමට අනුගතව බුදුදහමත් සමඟ ජීවත් වන පුද්ගලයෙකුට ෙමි ලෝකය තුළ පිළිතුරු බහුලව පවතින බව වැටහෙනු ඇත.අධ්‍යාපනය ලබන පිරිසට අධ්‍යාපන ප්‍රශ්න විවාහ වන පිරිසට විවාහය පිළිබද ප්‍රශ්න ,යෞවන පිරිසට යෞවන ප්‍රශ්න බලය සම්බන්ධ පිරිසට බලය පිළිබඳ ප්‍රශ්න, පවතී. ඔබට ලෝකය පිළිබඳව එසේ දැනුනද, බුදුදහමත් සමඟ ජීවත් වන පිරිසට මේ ලෝකය තුළ පිළිතුරු වැඩි බව දැනෙයි. ලෝකය තුළ පිළිතුරු වැඩි බව අපට වැටහෙන්නේ ද අපගේ මනස දියුණු වී ඇති තරමටයි. මනස දියුණු නැත්නම් ගේ දොර යාන වාහන මිල මුදල් විශාල වශයෙන් තිබුණාට ඵලක් නැත.මනස දියුණු නම් භෞතික සම්පත් නැතත් ගැටලුවකින් තොරව භෞතික සම්පත් ළඟා කරගත හැකිය. පරාර්ථචර්යාවෙන් හා ස්වාර්ථචර්යාවෙන් ඕනෑම ගමනක යෙදීමට නම්, මනස දියුණු වී තිබිය යුතුය.ඇතැම් අවස්ථාවල ව්‍යාපාර අලාභවන බව ප්‍රකාශ වන අවස්ථා නැතිවා නොවෙයි.
මනස දියුණු නම් උත්සාහය තිෙබි නම්, මී කුණක් විකිණීම වැනි කුඩා අවස්ථාවකින් ආරම්භ කළත් ඔහුට සිටු තනතුරක් වැනි ඉහළ ස්ථානයකට යාමට හැකිය කියන කාරණාව බුදු දහමෙහි සඳහන් වෙයි. ඒ සඳහා යායුතු ගමන් විලාශයක්ද ඇත. අද දවසේ මුදල් පොලියට ලබාගෙන අනිද්දා කෝටිපතියෙකු වීමට උත්සාහ කරන පුද්ගලයෙකු අසාර්ථක වනු ඇත. ආහාර පාන සඳහා වස විෂ මිශ්‍රකරමින් අලෙවිකර පොහොසත් වීමට උත්සාහ කරන පුද්ගලයෙකුට එය සාර්ථක කරගත නොහැකි වෙයි. සමාජයට හානිකරම්න් අනෙක් දෙමවුපියන්ගේ දරුවන් විනාශ වුණත් ප්‍රශ්නයක් නැහැ යනුවෙන් සිතා මත්ද්‍රව්‍ය අලෙවි කරමින් මුදල් ඉපයීමට උත්සාහ දරණ පුද්ගලයන්ට දියුණු විය නොහැකීය. මේ ලෝකය උත්තර තුළින් පිරී ඇති බව බුදුදහම සඳහන් කර ඇත. මේ ලෝකය උත්තර තුළින් පිරී ඇති බව යම් පුද්ගලයෙකුට වැටහෙන්නේද ඔහුගේ මානසික දියුණුෙවි ප්‍රමාණය මතයි. මනස දියුණු කිරීමට ජීවන අත්දැකීම් අවශ්‍ය වෙයි. ජීවන අත්දැකීම් නැති මිනිසෙකු, ජීවන අත්දැකීම් නැති ස්ත්‍රියක හෝ ස්වාමීන් වහන්සේ නමක් ජීවත් වුවාට එම ජීවිතයට වටිනාකමක් නැත. අත්දැකීම් ලබාගැනීම සඳහා ජීවත් විය යුතුයි. අත්දැකීම් ලබාගැනීම සඳහා වැඩ කළ යුතු සේම පුහුණුවීමද අවශ්‍ය වෙයි. එසේ නොමැතිව ජීවන අත්දැකීම් ලබාගත නොහැකිය. විඳින්න ලැබුණ ජීවිතය විඳවන බවට ඇතැමුන් ප්‍රකාශ කරන අවස්ථා ඇත. විඳින්න ජීවිත ලබාදී නැත. අවබෝධයෙන් ගමන් කිරීමට ජීවිතය ලබාදී තිබෙනවා මිස විඳීමක් නැත.
පෙරහර බලාගෙන සිටින විට පෙරහර ගමන් කරනු ලබයි. අපගේ ජීවිතයද පෙරහර මෙන් ගමන් කරනු ලබයි. පෙරහර ගමන් කරන්නාසේ අපගේ ජීවිතයද අප ගමන් කරනු ලබයි. ඇතැම් විට අපගේ ජිවිත සන්ධිස්ථාන තුළ යම් යම් අවස්ථාවන්හි අප පැමිණි මඟ පිළිබඳව ආපස්සට විමසන විට ජීවන අත්දැකීම් පිරී පවතී. අධ්‍යාපනය ලබන දරුවන්ට,තරුණ පිරිසට, වැඩිහිටි දරුවන්ට,විවාහ ජීවිතය ගතකරන පිරිසට අත්දැකීම් අවශ්‍ය වෙයි.අත්දැකීම් නොමැති පුද්ගලයෙකු කුඩා ප්‍රශ්නයකදී පවා සැළෙයි.ජීවන අත්දැකීම් සහිතව කුඩා දරුවා හදාවඩා ගැනීම දරුවෙකු බිහිකරනවාට වඩා වැදගත් බව අපගේ සංස්කෘතිය තුළ මෙන්ම බුදුදහම තුළද සඳහන්ව ඇත.
දරුවාට ජීවන අත්දැකීම් ලබාදීමට නම් ක්‍රියාකාරකම්වල යෙදවිය යුතුය. දරවා වැඩ කරන ප්‍රමාණය අනුව මේ ලෝකය පුළුල් බවත් ජීවිතය පිළිබඳව වැටහීමක් ලබාගනු ඇත. දරුවන් වැඩ කරන අවස්ථා තුළ ඔවුන්ට වැරදීම් විය හැකිය. ජීවිතය පිළිබඳව එක්වරටම නිවැරැදිම තීන්දු තීරණ ගන්නා පුද්ගලයන් අඩුයි. ඕනෑම පුද්ගලයෙකුට වැරදීම් විය හැකිය. වැරැදී වැරැදි නැවත නැවත කිරීම තුළ එය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය. ළමයින් ඉගෙන ගනු ලබන්නේද වැරැදි වැරැදී බවට අධ්‍යාපන විද්‍යාඥයකු ප්‍රකාශ කර ඇත. වැරැදි වැරැදි වැඩ කරන විට නිවැරැදි දෙය සොයාගෙන යනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේද එයයි.
අප වැඩ කරන අවස්ථාවල අපට වැරැදීම් සිදුවෙයි. අප ජීවත් වන විට ජීවන අත්දැකීම් අවශ්‍යයි. ජීවත්වීමේදී ඉවසීම අවශ්‍ය වන අතර ඇතැමි පුද්ගලයෙකු යම් ප්‍රශ්නයක් පැමිණි විගසින් දඩබ්බර ලෙස හැසිරුණද ,එවැනි ප්‍රශ්නයක් පැමිණි වෙනත් අවස්ථාවක ඉවසීමෙන් ඒ පිළිබඳව සිතීමට පෙළඹෙනු ඇත. තමන් විසින් කළාවු ක්‍රියාව යහපත් ක්‍රියාවක්ද, අයහපත් ක්‍රියාවක්ද, යනුවෙන් සිතීමට උත්සාහ කරයි. සිතීම තුළින් කල්පනා කිරීම තුළින් තමාගේ ජීවිතය දියුණු කර ගත හැකිය.
ඔබ ඔබගේ ජීවිතය තුළ දියුණුවක් ලබා තිබෙනවා නම්, ඔබ සිතා මතා කල්පනා කර සැළසුම් කරගත්තාවූ තීරණ තුළින් පමණක් ඔබගේ ජීවිතය සාර්ථක වී ඇත. උඩ සිට පහළට වැටුන ඇපල් ගෙඩි ආහාරයට ගත් මිනිසුන් ඕනෑතරම් සිටි අතර ඔවුන් මරණයට පත්ව අවසන් වුවද, මෙම ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ ඇයි ද? යනුවෙන් සිතීමට පටන් ගත් පුද්ගලයෙක්ද ජීවත් විය. ඔහුගේ සිතීමේ ප්‍රතිඵලය ලෙස ගුරුත්වාකර්ෂණ න්‍යාය ලෝකයට බිහි විය.
නිවැරැදිව පුද්ගලයෙකු සිතූව ආකාරයයි. එහි ප්‍රයෝජනය ලෝකයේ සියලු දෙනාම භුක්ති විඳී. එවැනි ආකාරයට අලුත් ආකාරයට සිතීමට විවිධාකාර සිතීමට පුරුදු විය යුතුය. ඔහු එම අවස්ථාව තුළ දෝෂාරෝපණය කරනු ලැබුවේ ඇයි ? යනුවෙන් සිතිය යුතුය. මගෙන් වරදක් වුණාද? මම එසේ ප්‍රකාශ කළ කාරණා හරිද? වැරැදිද? යනුවෙන් සිතිය යුතුයි. එසේ සිතීමට උත්සාහ කළ විට ඔබට ලෝකය දැකිය හැකිය.
සිතීම තුළින් විඳීමට හෝ විඳවීමට ලක් නොවි අවබෝධයෙන් යුක්ත ගමනක යෙදිය හැකිය. එවිට ඔබ කල්පනාවෙන් යුක්තව නිවැරැදිව ප්‍රවේශමෙන් ගමන් කරයි. කුම්මෝපම සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරමින්ම ධර්මය දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ එම උපමාව සඳහා ඉබ්බෙකු යොදාගත් අවස්ථාවක ඉබ්බාට කිසියම් විපත් සිදුවන බවට වැටහුන විට කකුල් හතරයි, හිසයි, කටුව ඇතුළතට දමාගන්නා ආකාරය දේශනා කරමින් පස්ඉඳුරන් පිළිබඳව ධර්ම කාරණා පැහැදිලි කර ඇත. ඉබ්බා අනතුර පහව යන තෙක් කිසිදු අවයවයක් එලියට නොදෙමින් පැය ගණන් වරුගණන් නොසෙල් වී සිටී. ඉබ්බා තමාගේ කකුල් හතර සහ හිස ආරක්ෂා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. ඉබ්බාට තිබෙන අවයව වැනි පංචඉන්ද්‍රියයන් පුද්ගලයාට තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
ඇස කන නාසය දිව ශරීරය යන පංචඉන්ද්‍රියයන් එළියට දමා තිබෙන අතර ඇතුළත සිත පවති. ඇසෙන් රූප බලමින්, කනෙන් ශබ්ද අසමින් ,නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රහණය කරමින්, දිවෙන් රස මිහිර විඳිම්න් ශරීරයෙන් පහස ලබයි. මේ ඉන්ද්‍රියයන් පහ එලියට දමා තිබුණාට මනස මෙහි පාලකයායි. ඉබ්බා අනතුරකදී තමාගේ ප්‍රවේශම සඳහා කටුව ඇතුළට තමාගේ අංගෝපාංග සියල්ල දමාගන්නවා සේ ඉතාම ප්‍රවේසමෙන් නිවැරැදි අවබෝධයෙන් ජීවත් වීම අවශ්‍යයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 28 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment