මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, August 29, 2015
බුදු පියාණන්වහන්සේගෙන් පැසසුම් ලද ආදර්ශවත් යුග දිවිය
නකුල පියාත්, නකුල මාතාවත් විවාහ දිවිය පිළිබඳ කර ඇති මෙම ශ්‍රේෂ්ඨ විග්‍රහය වර්තමානයේ විවාහ ජීවිතයන් සාර්ථක කරගැනීම සඳහා කෙතරම් ප්‍රයෝගික වන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. විවාහ ජීවිත සමඟ අඹු, සැමියන් අතර ඇතිවන නව බැඳීම සෙනහසින්, ආදරයෙන් මෙන්ම විශ්වාසයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ඇති කරගනු බැඳීමක් වන්නේ නම් විවාහ දිවියේ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ගොඩනැඟෙන්නක් බව මෙම කතා ප්‍රවෘත්තියෙන් කියා දෙයි
රටට වටිනා දරුවෙක් නිර්මාණය කිරීම මවුපිය වගකීමයි
දරුවා බුද්ධි සම්පන්න පුද්ගලයකු බවට පත්කිරීමයි වඩාත් වැදගත් වන්නේ. අනාගත ලෝකයට වැදගත්වන්නේ, රටේ තිබෙන සම්පත් ගිලගන්නා ශරීර වෙනුවට රටේ තිබෙන සම්පත් සංවේදීව පරිභෝගය කරන්නාවූ පිරිසක්. සංවේදී පාරිභෝගිකයෙක් අවශ්‍යයි. සංවේදී පාරිභෝගිකයා යනු සාමාන්‍ය පාරිභෝගිකයාට වඩා වෙනස් වූ පුද්ගලයෙක්. සාමාන්‍ය පාරිභෝගිකයා යනු අතෘප්තිකර ආශාවෙන් පාරිභෝජනයෙහි යෙදෙන්නා. සංවේදී පාරිභෝගිකයා යනු තමාද අනුන්ද දෙගොල්ලම පාරිභෝජනය කළ යුතු යැයි සිතන්නා
බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ
පෙරට යාමත්, වීර්ය වැඩීමත්, නිරෝගී වීමත්, යථාවබෝධයත් හා චිත්ත ඒකාග්‍රතාවයත් ‘සක්මනේ අනුසස්’ වේ. එහෙයින්, දිනෙන් දින රටින් රට සිට “සක්වළ සක්මන” ට එක්වන ප්‍රඥාවන්තයෝ බොහෝ වැඩි වෙති. එනම්, සසරක් තුළ දකින සක්වළ අසිරිය, වසරක් තුළ අප ඔබට සමීප කරන බැවිනි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල, මහ නා හිමියෝ සියවස් සපිරි ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන සක්වළ සක්මනේ නමවැනි පියවරයි මේ.
විඳින විඳවන විවිධ ලෝක
දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය හා අපාය යන ලෝකවලට මැදිව තවත් ලෝකයක් තිබේ. ඒ ප්‍රේත ලෝකයයි. නිජ්ඣමතණ්හා, ඛුප්පිපාසා හා කාලකඤ්ජා නමින් එහිද විවිධ ප්‍රභේද පවතී. දරුණු දුක් ගැහැට විඳි ප්‍රේත තතු ගැන ‘සද්ධර්මරත්නාවලියෙහි’ දැක් වේ. “සට්ඨිකූට ප්‍රේතයා” එවැන්නෙකි. මහ නාහිමියන්ගේ ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන “සක්වළ සක්මනේ “දහවන පියවරෙන් ප්‍රේත ලෝකය මෙසේ දැක ගනිමු.
උබ්බරී පේ‍්‍රත වස්තුව
තථාගතයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ එක්තරා උපාසිකාවක් වෙනුවෙන් මෙම උබ්බරී පේ‍්‍රත වස්තුව දේශනා කර වදාළා.
මේ තැනැත්තිය බඹදත් රජුගේ උබ්බරි නම් දේවියයි. මැයගේ ස්වාමියා වූයේ බ්‍රහ්මදත්ත නම් රජතුමා මියගියා. එදින සිට මළසිරුර භූමදානය කළ ස්ථානයට පැමිණ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත යැයි කියමින් හඬා වැලපෙනවා. එවිට තථාගතයන් වහන්සේ අර කුමරියට වදාළා “බ්‍රහ්මදත්ත” යන නම ඇති බොහෝ දෙනා මේ සොහොන්වල දවල තිබෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගේ කවුරු වෙනුවෙන් ද?’’
අභිජ්ජමානෙ පේ‍්‍රත වස්තුව
යම් යම් හීන දීන දිළිඳු පවුල් තියෙනවා.අන්න ඒ කුලවල තමයි උපදින්නේ.
ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත.ඇතැම් පේ‍්‍රතයන් ඉන්නේ
වැරහැලිවලින් විලි වසාගෙන. ඇතැම් අය තමන්ගේ් කෙස් රොදෙනුත්
විලි වසා ගන්නවා. පෙරේතයන් කෑම හොයගෙන යනවා එක එක
දිසාවලට . සමහර පේ‍්‍රතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි
දෙයක්නො ලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නේ ඉන්නේ. සිහියක් නැතුව ඉන්නේ.
ඉතා බලවත්ව පීඩා විඳල වේලිලා බිම ඇදගෙන වැටෙනවා.
‘අපාය’ යථාර්ථයක් ද?
පන්සිල් රැකීම අමාරුද ?
පන්සිල් රැකීම අපහසු බව කියමින් පන්සිල් සමාදන් කරන විට නිහඬව බලා සිටින අය ඔබට හමු වී ඇතුවාට සැක නැත. බොරු නොකියා ඉන්නේ කොහොමද? ඉඳහිට මදුරුවෙක් මරන්නේ නැතුව ඉන්නේ කොහොමද? වැනි ප්‍රශ්න නඟමින් ඒවා නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කිරීම අද සාමාන්‍ය දෙයක් වී තිබේ. එහෙත් පන්සිල් සමාදන් නොවූ පමණින් වැරැදි වැඩ නිවැරැදි වන්නේවත් අකුසල් සිදු නොවී සිටින්නේවත් නැති බව අප තේරුම් ගත යුතුය.
ආධ්‍යාත්මය සුරක්ෂිත කරන කලණ මිතුරා සොයමු
බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළ සාකච්ඡාවට භාජනය කරන මෙම කල්‍යාණ මිත්‍රත්වය අපට වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද? භෞතික දියුණුව වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැප වී වැඩ කරන ඔබගේ මනස ඔබත් නොදැනීම ඒ දියුණුවට ආශක්ත වන්නට වසඟ වන්නට පටන් ගන්නවා. එවිට එම ඇලීමට එම වසඟභාවයම ඔබ විසින් දියුණුව උදෙසා කළ යුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? කියන කාරණාව පිළිබඳව අවබෝධය ඔබට නැතිකිරීමට තරම් ප්‍රබල වන්නට හැකියාව තිබෙනවා.
අසංවර වූ සිතට නිසි ඖෂධය
භාවනාව තම ජීවිතයට සම්බන්ධ කළොත් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්. අසංවර වූ සිතට හොඳ බෙහෙතක් තමයි භාවනාව. සංවරවූ සිත දියුණු කර ගන්න හොඳ ප්‍රණීතම දේ භාවනාවයි. භාවනාව යනු හිතේ වැඩීමයි, හිත දියුණු කිරීමයි. එහෙමනම් හිත දියුණු කිරීමට බලාපොරොත්තු වන අය මේ භාවනාව ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්
ලිච්ඡවී රාජධානියේ වාසය කරන ලද රජවරු අමාත්‍යවරු, සෙන්පතිවරු, උසස් නිලධාරීන් නිතර නිතර රැස් වෙනවා. සාකච්ඡා කරනවා, සමඟිව වාසය කරනවා
අයාලයේ ගමන් කරන සිත
අප ලැබූ දුර්ලභ වූ මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත්ව සකස් කර ගැනීමට, එනම් ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් මනා වූ දියුණුවක් ලැබිය යුතුයි. එසේ දියුණුවක් ලබන්නට නම් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යයයි. අප පසුගිය සතියේ කතා කළා සේ අදත් ‘සතිය’ ගැන තවදුරටත් විමසා බලමු.
මනසේ යහපත් හා අයහපත් ප්‍රතිඵල
සැවැත්නුවර “තිස්ස” නමින් තෙරුන් වහන්සේ නමක් වැඩ වාසය කළහ. වස් කාලය එළඹුනාට පසුව වස්කාලය ගතකිරීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි තිස්ස හාමුදුරුවන් වහන්සේට එක්තරා ගමක පොඩි වෙහෙරක වස් සමාදන් වෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ වස්කාලය තුළ කිසියම් අධ්‍යාත්මික තත්වයකට පත්වෙනවාය කියන අධිෂ්ඨානය සිතේ තබාගෙන වස් සමාදන් වුණත්, උන්වහන්සේට ආධ්‍යාත්මික පක්ෂයේ දියුණුව නිවැරැදිව කරගන්න බැරි වුණා. වස් සමාදන් වීමේ කටයුතු කාරණා නිවැරැදිව සිදු කළා.
සප්ත බොජ්ඣංග ගුණාංග
අප තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් ලෝකයේ පහළ වූ මේ යුගයේ අපිට ඉගෙනගන්න ලැබෙන්නේ ඉතාමත් උත්තරීතර දේවල්. ඒවා ඉගෙනගෙන ප්‍රගුණ කර ගැනීම තුළින් අපට අපේ ආධ්‍යාත්මික සුවය සලසාගන්න පුළුවන්. බාහිර දියුණුව ඉතාමත් ප්‍රකට එකක් වුණත් කැපී පෙනෙන එකක් වුණත් අපේ ගුණ ධර්මවල දියුණුව තමයි අපට ඉතාමත්ම වටින්නෙ. ඉතිං මේ පිළිබඳව තව දුරටත් අපට දේශනා කළ උතුම් සූත්‍ර දේශනාවක් මුල්කරගෙන තමයි අද පින්වත් ඔබට කරුණු කියල දෙන්නෙ.
ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරදීම
බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ අටලෝ දහම ඕනෑම සත්ත්වයකුට පොදු ධර්මතාවක් බවයි.
අටලෝ දහම අපට අවශ්‍ය විදිහට සකසාගත නොහැකිය. අප අටලෝ දහමට අනුගත විය යුතුය. මෙය බුද්ධ දේශනාව මෙන්ම ලෝකයේ පවත්නා අප වටහාගත යුතු සත්‍ය තත්ත්වයයි.
මඟහැර නොගත යුතු දුර්ලභ අවස්ථාව
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණේ දුක් විඳින සියලුම සත්ත්වයන් ඒ දුකෙන් මුදවා ගැනීමට යි. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය තුළ යම් කෙනෙක් හික්මෙනවානම් ඔහු මේ මහ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙලා අමා මහා නිවන සාක්ෂාත් කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.
ලජ්ජා බිය නැතිකම නිවන්මඟ වැසීමයි
අභිධර්මයෙහි දී අකුසල ගණයෙහි එන සිතිවිලි දා හතරක් ගැන සඳහන් වෙනවා. එයින් ප්‍රබල අකුසල සිතිවිලි දෙකක් ලෙස අහිරික හා අනොත්තප්ප යන සිතිවිලි දෙක පෙන්වා දෙන්නට පුළුවනි. ‘අහිරික’ කියලා කියන්නේ ලජ්ජාවක් නැහැ කියන අදහසයි. මොනවාට ද? ලජ්ජාවක් නැත්තේ පහත් ලාමක පවිටු වැඩවල යෙදීමට යි. මේ අහිරිතකය හෙවත් ලජ්ජා නැතිකම තිබේ නම් ඕනම අකුසලයක් කරන්නට සිතට බලපෑමක් ඇති වෙනවා. අනිත් සිතිවිල්ල වන ‘අනොත්තප්ප’ කියලා කියන්නේ ලාමක පහත් පවිටු වැඩ කරන්නට සිතේ කිසිදු බියක් නැති ස්වභාවය යි.
ලෞකික සිතිවිලි තුළ ලෝකෝත්තරය දැකීම
බුදුපියාණන් වහන්සේ අපට වදාරනු ලබන්නේ, ලෞකික සිතිවිලි බැහැර කිරීමට නොවෙයි, ලෞකික සිතිවිල්ලේ ගමන් කරමින් එහි නො ඇලී, නොගැටී ඇතුළට කිඳා බැසීමටයි. එනිසා ලෞකික සිතිවිලි වැරැදි බව ප්‍රකාශ කරන්නේ නැත. එම ලෞකික සිතිවිලි විඳගත හැකි ඇත්ත වුවද
සැනසීම උදාකරන ඉවසීම
අප සමාජය දෙස මතුපිටින් බලනවිට එහි සන්සුන්බවක්, හෝ සාමකාමීබවක් දැකිය හැකිවුවත් කොයි මොහොතක කවරකෙනෙක් නොසන්සුන්ව ගැටුමක් ඇතිකර ගනීදැයි කිවනොහැක. මඟුල් තුලාවකදී හෝ අවමඟුල් නිවසකදී පුද්ගලයන් පුද්ගලයන් අතරත් සමූහයක් අතරත් හටගන්නා ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස් සිතෙහි සැඟවී සිටින ක්‍රෝධය නම් වූ ක්ලේෂ ධර්මයයි. ඒ ඒ පුද්ගලයන් අතර තිබෙන ක්‍රෝධයේ අඩුවැඩිකම් ද දැකිය හැක. ක්‍රෝධය බහුල තැනැත්තා ක්‍රෝධ රිතයා ලෙස හඳුන්වනු ලැබේ.
දෙලොව දියුණුව සලසා ගැනීම
අනුන් විසින් අඩුපාඩුකම් දක්වමින් සිදු කරනු ලබන ඇනුම් බැණුම් ආදියෙන් වැඩක් නැත. අනුන් විසින් කළනොකළ දෑ සෙවීම අනර්ථකරය. සෑම විටම තමාවිසින් කළයුතු නොකළ යුතු දෑ සෙවීම වැදගත්ය. ධම්ම පදයේ පුප්ඵවග්ගයේ දී සිව්වනක් පිරිසම අමතා බුදුරදුන් මෙසේ දේශනා කරනුයේ දෙලොව දියුණුව සලසා ගැනීමේ වුවමනාව පැහැදිලි කර දීම සඳහාය
Friday, August 28, 2015
පසේ බුදුවරයෙකුට මඟ පෙන් වූ සුනඛයා මරණින් මතු දෙව්ලොව උපදී
දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්‍ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්‍ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ.
ලෞකික ලෝකෝත්තර සැපයට උපකාරී වන දානය
අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්‍රමුඛස්ථානයක් ගන්නවා.
නියත මිථ්‍යා දෘෂ්ටිකයාට හිමි නිරය යි
බෞද්ධයන් ලොව පහළ වුණේ තථාගතයන් වහන්සේ ලොව පහල වුණාට පස්සේ. මීට අවුරුදු 2601 ට කලින් දිව්‍ය ලෝක තිබුණා. උන්වහන්සේ මිනිස් ලොවට වැඩියේත් තුසිත දෙව් ලොවින්. එනිසා මරණින් පස්සේ දිව්‍ය ලෝකයේ යන්නේ බෞද්ධයන් විතරයි කියන දේ බුදු දහමට එකඟ නැහැ. අප දන්නවා එක් ගෙම්බෙක් තථාගතයන් වහන්සේ ගේ ධර්මය අහගෙන ඉඳල ගොවියකුගේ කෙවිටට අසුවෙලා මැරිලා ගිහින් නන්දූපක කියලා දිව්‍ය රාජ්‍යයෙක් වෙලා ඉපදුනා. ගෙම්බා බෞද්ධ නොවේ. මැරෙන මොහොතේ සිත ප්‍රසන්න සිතකින් සිටීමයි.
මරණාසන්න අවස්ථාවේදී තල දෝතක් පූජා කිරීමෙන් මහත් වූ දිව්‍ය සම්පත් ලත් දෙවඟන
තිල දක්ඛිණා විමාන වත්ථුව
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, එක්තරා දුප්පත් ගර්භනී කාන්තාවක්, රජගහනුවර වාසය කළාය. එක් දිනක් ඇය තෙල් සිඳ ගැනීමේ අදහසින් තල ටිකක් සෝදා අව්වේ දමා වේලෙන තුරු පසෙකට වී බලා සිටියාය.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, එක්තරා දුප්පත් ගර්භනී කාන්තාවක්, රජගහනුවර වාසය කළාය. එක් දිනක් ඇය තෙල් සිඳ ගැනීමේ අදහසින් තල ටිකක් සෝදා අව්වේ දමා වේලෙන තුරු පසෙකට වී බලා සිටියාය.
රියසක සතර මත දිවි ගමන ඉදිරියට
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඒකක වග්ගයට ඇතුළත් චක්ක සූත්‍රය ද උපමාවක් ඇසුරින් දේශනා කරන ලද්දකි. චක්‍රය හෙවත් රෝදය උපමා කොට දෙසූ නිසා චක්ක යන නම ඊට භාවිත කෙරේ. තම ජීවන යාත්‍රාව නිරුපද්‍රිතව නිවැරැදි ඉලක්කය කරා ගමන් කරවිය හැකි රෝද සතරක් ගැන එයින් කියැවේ. එම රෝද සතර නම්, සුදුසු ප්‍රදේශයක වාසය, සද්පුරුෂ ඇසුර, තම සිතෙහි පිරිසුදු බව හා පෙර කරන ලද පින් ඇති බවයි.
ශීලය යනු කුමක් ද ?
මනා නුවණැත්තා ශීලයෙහි පිහිටයි. ශීලයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩයි. ශීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන ශීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. මල් සුවඳ උඩු සුළඟට නො හමයි. සත් ගුණවතුන් ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමයි. ශීලය තුළ ප්‍රධාන වශයෙන්ම පාපයට හා ලජ්ජාවට බිය පවතියි. ශීල ධනං, ශීලය ධනයකි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේ ද එය ශීල ධනයයි. සිල් සුවඳ සැම සුවඳකටම වඩා උතුම්. සඳුන් සුවඳ, මල් සුවඳ ආදී දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේය.
ධර්ම ශ්‍රවණයට සිතේ සංවරය ඕනෑ
ධර්ම දේශනාවක් පැවැත්වීමේ දී වගේම ධර්ම ශ්‍රවණය කිරීමද උතුම් පුණ්‍යකර්මයක්. ධර්ම ශ්‍රවණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් ඉතා වැදගත් වනවා.
බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා පවත්වන ලද අවස්ථාවක ආනන්ද හිමියන් විසින් විමසන ලද ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරු ගැන අප මඳක් අවධානය යොමු කර බැලිය යුතු වනවා.
දත යුතු සතර අපා තතු
අනේකවිධ දුක්ඛයන්ගෙන් යුක්ත වූ ප්‍රේත අපාගත උප්පත්ති ලබන්නෝ කවරහුද? තුන්සිත පහදවාගෙන දන් නොදෙන්නෝ, ඊර්ෂ්‍යාවෙන් හා ලෝභකමින් යුක්ත වූවෝ, මව්පියන් කෙරෙහි නිවැරැදි පිළිපැදීම් නැති අය සහ අගතියෙන් නොමඟ යන්නෝ ආදි අනේකවිධ පාපී ක්‍රියාවන්හි නියුක්ත වූවෝ මරණෙන් මතු ප්‍රේතලෝක උප්පත්ති ලබති.
පංචශීලයෙහි සදාචාරාත්මක අගය
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි සැවැත් නුවර ජේතවනාරාමයට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන උපාසක උපාසිකාවන් නිසා මහත් වූ සිරියාවකින් නිතරම බැබළෙන්නට විය.
එන්න ධර්මය දකින්න
2600 යේ සම්බුද්ධත්ව ජයන්තියට තව ඇත්තේ මාස ගණනකි. උදාවන මේ අසිරිමත් දිනය සැමරීමට අපි ලහිලහියේ සූදානම් වෙමු. පිළිවෙත් ගරුක වීමත්, බුදු දහම කුමක්දැයි දැන ගැනීමට උත්සුක වීමත් තුළින් නියමාකාරයෙන් මෙම අසිරිමත් දිනය සැමරිය හැකිය.
කර්මය මූලික නොවන වේදනාවෝ
බෞද්ධ කර්ම සංකල්පයේ සුවිශේෂත්වය වන්නේ චේතනා පූර්වක ක්‍රියා පමණක් කර්ම වශයෙන් පිළිගැනීමයි. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි “ චේතනාව කර්මය වශයෙන් වදාරන බුදුන් වහන්සේ සියලු දෘෂ්ඨීන් අභිබවා භාරතයේ නව චින්තන විප්ලවයක් ඇති කිරීමට සමත් විය. චේතනාවේ ක්‍රියාකාරිත්වය පුද්ගලයා දැන හෝ නොදැන සිදුවේ. එමගින් කර්මයේ ඇති බලවත් බව පැහැදිලි වේ.
නිවැරැදිව දම් දෙසමු
නිවැරැදිව පැහැදිලිව දහම් දේශනා කොට වදාළහ. වර්තමානයේ දී උන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම ඇතැම් අය ඉතාමත් වැරැදි සහගත ලෙසත් අනිසි ලෙසත් භාවිතා කර ධර්මයේ නොවනදේත් ඉදිරිපත් කරණ බවක් ද පෙනෙයි.
දන්දීමයි ආනිසංස ලැබීමයි
බෞද්ධයෝ දන් දෙන්න කොපමණ කැමති ද? එය එසේ වුවත් පූජා කරන දානය මහත්ඵල මහානිශංස කර ගන්නේ කොහොම ද? කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති බෞද්ධයන් ඉතා අල්පය. ඒනිසාම පුද්ගලික දාන, සාංඝික දාන ගැනත්, ඒවායේ ආනිසංස ගැනත්, දායකයා හා ප්‍රතිග්‍රාහකයා පිළිබඳවත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. මජ්ජිම නිකායේ විභංගවග්ගයේ ‘දක්‍ෂිණාවිභංග’ සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
පිපාසිත වූ භික්‍ෂූන් වහන්සේලාට පැන් පූජා කිරීමෙන් නැව් විමන් ලත් දෙවඟනගේ කථා පුවත
ඒ වස්සාන කාලයේ අවසන් සතියයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වෙසෙන සමයක භික්‍ෂුන් වහන්සේලා දහසය නමක් ඈත පිටිසර ගම්බද ප්‍රදේශයක වස් වසා සිටියහ. වස් කාලය නිමා වූ නිසා බුදුරදුන් බැහැදැකීම සඳහා සැවැත්නුවරට යාමට උන්වහන්සේලා කතිකා කර ගත්හ. වස් කාලය තුළ තමන් ගත් අත්දැකීම් උන්වහන්සේට දැනුම් දීමත් තම ධර්ම ඥානය වර්ධනය කර ගැනීම සඳහා ධර්මාවවාද ලබාගැනීමත් උන්වහන්සේලාගේ අපේක්‍ෂාව විය.
කලණ මිතුරුකම අගයන මිත්තානිසංස සූත්‍රය
සැබෑ මිතුරුකම අතුපතුර විහිදී ගිය ශක්ති සම්පන්න රුකක් බඳුය. එය සුළඟට පවා බිම හෙළිය නොහැකිය. එතරම්ම ශක්තිමත් වේ. කලණ මිතුරා ගේ ගුණයහපත්කම ඔහුගේ මෙන්ම සෙස්සන්ගේ ද දියුණුවට මහඟු පිටිබලයක්ම වේ. තමා තමන්ට හෝ අනුන්ට හෝ කිසිම වංචාවක් නොකරන නිසාවෙන් ඔහු මෙන්ම ඔහුගේ සිතද බොහෝ ශක්ති සම්පන්නය.
දුකසේ විඳින කර්ම විපාක
මිතුරෙකුගේ වේශයෙන් ඔබත් සමග යාලුවෙලා සිටි ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද? ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොනවගේ උපතකට ද? ශ්‍රමණ පේ‍්‍රතයාගේ ඔළුව උඩ තමා මම ඉන්නේ. ඒ පව්කළ ඔහු දැන් පේ‍්‍රත ලෝකයේ ඉන්නේ මම වගේම පේ‍්‍රතයකු වෙලයි. ස්වාමිනි, මගේ භෝජන මේවායි. අනෙක් උදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මම කනවා. මම වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පේ‍්‍රතයා කන්නේ
සියලු දානයන්ට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි?
ධර්ම දානයේ අනුසස් රැසක් තිබෙනවා. විශේෂයෙන්ම ධර්මය දේශනා කරවීමෙන් ධර්මය ශ්‍රවණය කරවීමෙන් දහම්පොත පත කියවීමෙන් ඒවා මුද්‍රණය කර බෙදාහැරීමෙන් ආදි වශයෙන් අස්සුතං සුණාති මීට පෙර නොඅසන ලද නොකියවන ලද දේ අසන්න කියන්න පුළුවන්. සුතං පරියො ද පෙති මීට පෙර අහපු දේ තව තවත් වඩවඩාත්ම සිතට අලවා ගන්න. එය නැවත නැවත කියවීමට ලැබීම තමන්ට පුළුවන්කම තියෙනවා. එහි අනුසස් ලබාගන්න
Thursday, August 27, 2015
තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න
ප්‍රශ්නය - සමහර ගිහි පැවිදි වැඩිහිටියන්ගේ මතයක් වශයෙන් අද ඇතැම් තරුණ පිරිස් පන්සලට ඇති නැඹුරුවීම් මඳ යැයි කීවොත් ...
නිරෝධ සමාපත්තිය
චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය. යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා. ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා
ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් තිබෙනවා ද?
ප්‍රශ්නය - පිනක් කරල හැමවිටම අනුන්ටත් පින් අනුමෝදන් කිරිම බොහෝ බොදුනුවන්ගේ සිරිතයි. පිනක් කිරීමේදී එසේ සිදු කරන වා නම් අකුසලයක් සිදු කර අනුන් වෙත අනුමෝදන් කළ නොහැකි ද?
මෙත් සිත පතුරවා ගත සිත සුවපත් කර ගත හැකි යි
මෛත්‍රී භාවනාව හරිහැටි කළොත් ලෙඩ රෝග සනීප කර ගන්න පුළුවන්. පළමුව තමා විසින් තමාට ම මෛත්‍රී කළ යුතුයි. හිසේ සිට පිළිවෙළින් පාදාන්තය දක්වා සුවපත් වේවා! යනුවෙන් නැවත නැවත මෙත් සිත වර්ධනය කර ගත යුතුය. මෙසේ මෛත්‍රී වැඩීමෙන් චිත්ත ශක්තිය ශරීරයට බලපානවා. අනුන්ට පෙර පළමුව තමන්ට මෛත්‍රී කිරීමට පටන් ගන්නා විට තමන්ගේ රෝග පමණක් නොව අනුන්ගේ රෝග පවා සුවපත් කරවන්න පුළුවන්
දිගාසිරි ලැබීමේ රහස සිතේ ඇති පෝෂණය යි
තමන්ගෙ සිත ද්වේශයට කාමයට පෙලඹෙන පොලඹවන මාර්ගවලින් පුළුවන් තරම් වෙන්වී ඈත් කර ගන්න ඕන. ඒ වගේ ශරීර සෞඛ්‍යයත් වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය ආහාර හැකිතාක් පිරිසුදුව ම පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට ශරීර පෝෂණය තුළින් පමණක් දීර්ඝායුෂ ලබන්න බෑ. සිතත් පෝෂණය කළ යුතුම යි. සිතේ පෝෂණයත් අත්‍යවශ්‍යය යි. ජීවිතය ආගමානුකූල නම් සිත පෝෂණය වෙනවා. පෘෂ්ටිමත් වෙනවා
අයහපත ගෙන දෙන වැරැදීම් කුමට ද?
උස්සූර සෙය්‍යං ආලස්සං
චණ්ඩික්කං දීඝ සොත්ථියං
ඒකස්සද්ධාන ගමනං
පරදාරූප සේවනං
එතං බ්‍රාහ්මණ සේමස්සු
අනත්ථං තෙ භවිස්සති
(ධම්මපදට්ඨ කථාව)
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, අනර්ථකර කරුණු පිළිබඳ විමසූ ‘අනර්ථ පුච්ඡක’ නම් බමුණාට බුදු හිමියන් විසින් දේශනා කරන ලද අනර්ථකර කරුණු සය දැක්වෙන ගාථාවයි ඉහතින් සඳහන් වන්නේ. පළමු අනර්ථකර කරුණ නම් උස්සූරසෙය්‍යාව යි. එනම්, හිරු උදාවන තෙක් නිදීමයි. දෙවැන්න ආලස්‍යය එනම් අලසකම හෙවත් කම්මැලිකමයි. තෙවැන්න චණ්ඩික්ක එනම් සැඩ ඵරුෂකමයි. සිව්වැන්න දීඝසොත්ථිය බව එනම් තමා වෙත පැවැරුණු කාර්යය අතපසු කිරීමයි. පස්වැන්න නම්
Subscribe to:
Posts (Atom)

















































