තථාගතයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ එක්තරා උපාසිකාවක් වෙනුවෙන් මෙම උබ්බරී පේ‍්‍රත වස්තුව දේශනා කර වදාළා.
මේ තැනැත්තිය බඹදත් රජුගේ උබ්බරි නම් දේවියයි. මැයගේ ස්වාමියා වූයේ බ්‍රහ්මදත්ත නම් රජතුමා මියගියා. එදින සිට මළසිරුර භූමදානය කළ ස්ථානයට පැමිණ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත යැයි කියමින් හඬා වැලපෙනවා. එවිට තථාගතයන් වහන්සේ අර කුමරියට වදාළා “බ්‍රහ්මදත්ත” යන නම ඇති බොහෝ දෙනා මේ සොහොන්වල දවල තිබෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගේ කවුරු වෙනුවෙන් ද?’’
සැවැත්නුවර විසූ එක්තරා උපාසිකාවගේ ස්වාමියා හදිසියේ මිය පරලොව ගියා. තම ස්වාමියාගේ වියෝවෙන් දැඩි ලෙස ශෝකී වූ මේ බිරිඳ ඔහු ආදාහනය කළ ස්ථානයට ගොස් නිතර හඬා වැටුණා. තථාගතයන් වහන්සේ ඇයට සෝවාන්වීමට තරම් පිනක් ඇතිබව දැක මහත් වූ අනුකම්පාවෙන් යුක්තව ඇයගේ නිවසට වැඩියා. ඒ උපාසිකාව ඉක්මණින් ආසනයක් පිළියෙල කර උන්වහන්සේ වැඩ හිඳවා නමස්කාර කොට එකත්පසව සිටියා.
“උපාසිකාවනි, ඔබ මෙතරම් ශෝක කරන්නේ ඇයි? දැයි විමසුවා.
“ස්වාමිනි පි‍්‍රයවිප්ප ශෝකය නිසා මම මෙතරම් ශෝකයෙන් සිටින්නේ”.
එවිට ඇයගේ දුක නැති කරනු පිණිස තථාගතයන් වහන්සේ අතීත කථාවක් ගෙනහැර දක්වමින් මෙසේ වදාළා.
පෙර දවස්වල පඤ්චාල රටේ කපිල නුවර “චූලනී” බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය පාලනය කළා. එතුමා ඉතාමත් ගුණධර්ම වලින් යුක්තයි. අගතිගාමි නොවී තමාගේ රටේ සියලු දෙනාම දසරාජ ධර්මය අනුව සලකමින් රට පාලනය කළා.
එක් දිනක් මේ රජතුමා තමාගේ රට වැසියන් තමාගේ පාලනය ගැන කුමක් කියන්නේ ද කියා දැන ගැනීමට සිත ගෙන සන්නාලියකුගේ වෙස් ගෙන තනිවම නගරයෙන් නික්ම ගමින් ගමට ජනපදයෙන් ජනපදයට ගමන් කළා. එහිදී මිනිසුන් ඉතා සතුටින් ජීවත් වෙනවා රජතුමා දුටුවා. නිවාසවල දොරවල් නොවසා ඔවුන් ජීවත්වුණේ ඒ නුවර සොර බිය නො තිබූ නිසයි.
රජතුමා ඉතාමත් සොම්නසින් තම රජ මැදුර වෙත එන අතරේ අග නගරයට ආසන්නව තිබූ එක්තරා දුගී වැන්දඹු ස්ත්‍රියගේ නිවසට ගියා. ඇය රජතුමා දැක “පින්වත ඔබ කවරෙක් ද? කොහි සිට එන්නේ දැයි අසුවා.
”මම සන්නාලියෙක්. කුලී පිණිස ඇඳුම් මසන්නෙමි. ඔබලාගේ නිවසටත් මාගේ සේවය අවශ්‍යදැයි මේ රජතුමා විමසා සිටියා. අපට එවැනි අවශ්‍යතාවයක් නැහැ. තිබුණත් ඔබට කන්න දීමට අපට පුළුවන්කමක් ද නැහැ. ඒ නිසා ඔබ වෙනත් අයෙකුට මේ සේවය ලබා දෙන්නැයි’’ කියා සිටියා.
නමුත් ඒ ස්ත්‍රියගෙන් අවසර ලබාගත් මේ රජතුමා දින කීපයක් මේ නිවසේ වැඩපල කරමින් සිටියා. නිවසේ සිටි බොහෝ පින්වන්ත දියණිය දුටු මේ රජතුමා ‘මෑණියනි මේ දියණිය කවරෙකු හා විවාහ ගිවිසෙගෙන ඇද්දැයි’ ඇසුවා. එසේ කිසිවෙකු නැතැයි කියා දැනගත් විට මැය මට විවාහ කර දෙන්න. මම ඔබලාට සුවසේ ජීවත් කරවීමට හැකියාව තිබෙනවා යැයි කියා සිටියා. ඒ අදහසට කැමැති වූ මෙම දුගී කත තම දියණිය ඔහුට විවාහ කර දුන්නා. ඇය සමඟ දින කීපයක් වාසය කළ මේ රජතුමා ඇයට කහවනු දහසක් දී ‘මම දින කීපයකින් එන්නම්. ඔබ පරිස්සමට ඉන්න’ පවසා නුවරට ගොස් නුවර හා ඒ ගම සම්බන්ධ වන ආකාරයට මාර්ගයක් කරවා සරසා මහත් තේජසින් යුතුව ඒ ගෙදරට ගොස් අර කුමරිය කහවනු රැසක් මත සිටුවා රන් රිදී කලස්වලින් පැන් නහවා “උබ්බරී” යයි නම තබා අගමෙහෙසිය කොට ඒ ගම ඇගේ නෑයින්ට දී මහත් රාජානුභාවයෙන් යුතුව රජමාලියට ඇය කැඳවාගෙන ආවා. ඉන්පසුව බොහෝ කාලයක් සුවසේ ජීවත් වෙලා ආයුෂ කෙළවර වූ කළ රජතුමා කලුරිය කළා.
මළ සිරුර ආදාහනය කළ කල්හි ද උබ්බරී දේවිය ස්වාමියාගේ වියෝ දුකෙන් දැඩි ශෝකී බවින් යුතුව රජතුමා ආදාහනය කළ තැනට ගොස් සුවඳ දුම් ආදිය පුදා රජුගේ ගුණ වර්ණනා කරමින් උමතුවෙන් මෙන් හඬා වැටෙන්නට පටන් ගත්තා. ආදාහනය කළ ස්ථානයට වැඳ නමස්කාර කිරීම පුරුද්දක් කර ගත්තා.
ඒ කාලයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ සෘෂිවරයෙකුව අභිඥා ඤාණ උපදවා ගෙන හිමාල පර්වතය සමීපයෙන් එකී වන පෙදෙසක වාසය කළා. ශෝක කරමින් හඬා වැටෙන්නා වූ උබ්බරිය දිවැසින් දැක සෘද්ධියෙන් ආදාහනාගාරය උඩින් අහසේ වැඩ සිටියා.
ඒ අසල සිටි අයෙකුගෙන් අසනවා මේ ආදාහනාගාරය කාගෙද? මේ ස්ත්‍රිය “බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත” කියමින් කවරෙකු සඳහා හඬා වැළපෙනවාදැයි ඇසුවා.
ස්වාමිනි, මේ තැනැත්තිය බඹදත් රජුගේ උබ්බරි නම් දේවියයි. මැයගේ ස්වාමියා වූයේ බ්‍රහ්මදත්ත නම් රජතුමා මියගියා. එදින සිට මළසිරුර භූමදානය කළ ස්ථානයට පැමිණ බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත යැයි කියමින් හඬා වැලපෙනවා.
එවිට තථාගතයන් වහන්සේ අර කුමරියට වදාළා “බ්‍රහ්මදත්ත” යන නම ඇති බොහෝ දෙනා මේ සොහොන්වල දවල තිබෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගේ කවුරු වෙනුවෙන් ද?’’
“ස්වාමිනි පංචාල රටේ යස ඉසුරුවලට අධිපතිව මේ රජ්ජුරුවෝ හිටියේ. මොහු චූලනී රජ්ජුරුවන්ගේ පුතා. මට කැමති හැමදේම ලබා දුන්නා. අන්න ඒ මගේ ස්වාමියා වෙනුවෙන් තමයි මම මේ ශෝක කරන්නේ.
‘පෙර මෙතැන දවාලු සියලුම රජවරුන්ට කියන්නේ බ්‍රහ්මදත්ත යන නාමයයි. ඔය හැමෝගේම පංචාලි රටේ යස ඉසුරුවලට අධිපතිවෙලා හිටියේ. ඒ හැමෝම චූලනි රජ්ජුරුවන්ගේ පුතුන් ලෙසයි හිටියේ. ඒ හැම කෙනෙකුටම අනුපිළිවෙලින් අගමෙහෙසිය වුණේ ඔබම යි. මීට පෙර හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ අත් හැරල අන්තිම රජතුමාට පමණක් අඬන්නේ මොකටද?
නිදුකාණන් වහන්ස, එතකොට මම මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ දිගට ම ආවේ ස්ත්‍රියන් වෙලාද එතකොට ඔබ කියන්නේ මම සංසාරේ බොහෝ වාර ගණනාවක් මේ ස්ත්‍රිත්වයද ලැබුවේ?
ඔබ ස්ත්‍රියක් වෙලත් තිබෙනවා. පිරිමියෙක් වෙලත් තියෙනවා. තිරිසන් යෝනියෙත් ඉපදිලා තියෙනවා. ඔය විදිහට අතීතයට ගිය ආත්මභාව ගැන නම් කෙළවරක් දකින්නට බැහැ.
‘ස්වාමිනි ගින්නට ඉසින ගිතෙල් වගේ දුකෙන් ගිනි ගත්තු මාව නිවිල ගියා. වතුර ඉහල නිවල දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා.
මගේ් පපුව ඇතුලේ ඇති වූ ශෝක මුල ඔබවහන්සේ උදුරලා දැම්මා. ස්වාමියා නිසා මම ශෝකයෙන් පෙලි පෙලී හිටියේ. මහ මුනිද්‍රයනි, ඔබවහන්සේ වදාළ දෙය තුළින් මම දැන් ශෝක හුල් උදුරා දැමුවා. මම දැන් නිවුන කෙනෙක්. සිසිල් වූ කෙනෙක්. මම දැන් ශෝක වෙන්නේ හඬන්නේ නැහැ.
ඒ ශ්‍රමණයන් වහන්සේගේ සුභාෂිත වචනවලට ඇය හොඳින් සවන් දුන්නා. පාත්‍ර සිවුරු අරගෙන ශාසනයේ පැවිදි වුණා. ඉන් පස්සේ ඇය බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවා.
ගමක් ගමක් පාසා සැරිසරා ගියා. ගම් නියම් ගම් පාසා රාජධානි පාසා සැරිසරා ගියා. උරුවෙල් ගම්මානය තිබෙන්නේ කොතැනද එතන තමයි ඇය කලුරිය කළේ. ඇය මෛත්‍රී සමාධිය උපදවාගෙන බඹ ලොව ඉපදුනා
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment