Labels

Saturday, August 29, 2015

අභිජ්ජමානෙ පේ‍්‍රත වස්තුව

  යම් යම් හීන දීන දිළිඳු පවුල් තියෙනවා.අන්න ඒ කුලවල තමයි උපදින්නේ. ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත.ඇතැම් පේ‍්‍රතයන් ඉන්නේ වැරහැලිවලින් විලි වසාගෙන. ඇතැම් අය තමන්ගේ් කෙස් රොදෙනුත් විලි වසා ගන්නවා. පෙරේතයන් කෑම හොයගෙන යනවා එක එක දිසාවලට . සමහර පේ‍්‍රතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි දෙයක්නො ලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නේ ඉන්නේ. සිහියක් නැතුව ඉන්නේ. ඉතා බලවත්ව පීඩා විඳල වේලිලා බිම ඇදගෙන වැටෙනවා.


අපගේ ශාස්තෘන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී එක් වැදි පේ‍්‍රතයකු උදෙසා මෙම “අභිජ්ජමානෙ” පේ‍්‍රත වස්තුව දේශනා කොට වදාළා. මෙම දේශනාවට අභිජ්ජමානේ කියා වදාළේ පා තැබීමෙන් නො කැඩෙන, නො බිඳෙන යන අර්ථය සඳහායි.


බරණැස් නුවරට බටහිර දිසාවෙන් ගඟක් එතෙර “වාසභ” නම් ගමට එහායින් “චුන්දත්ථික” නම් ගමෙහි එක් වැද්දෙක් වාසය කළා. ඔහු කැලෑවෙහි වෙසෙන මුවන් මරා ඒ මස් අගුරු මත පුච්චා ඒවා අනුභව කරනවා. ඉතිරි මස් පිළිවෙල කොට ගමට ගෙන යනවා. ඒ වැද්දා දකින දරුවෝ මස් අපට දෙන්නැයි ඉල්ලා පසුපසින් යනවා. එවිට ඔහු මස් ටික ළමුන් අතරේ බෙදා දෙනවා.
එක් දිනක් මස් නො ලැබුණ නිසා ඒ වැද්දා කොබෝලීල මල් පඳුරකින් මල් අතු ගෙන ගමට ගියා. සුපුරුදු පරිදි එදා ද අර ළමෝ දෑත් ඔසවා වැද්දා ඔහු ළඟට ගියා. මස් නැතැයි කියමින් ඔහු එදා සෑම ළමයකුටම මල් පොකුර බැගින් දුන්නා. කාලයක දී ඔහු මිය ගොස් පේ‍්‍රත ලෝකයේ ඕපපාතිකව උපන්නා. ඒ පේ‍්‍රතයා ඉතාමත් විරූපයි. බියකරු පෙනුමක් තිබුණේ. නිර්වස්ත්‍රයි. දැඩි කුසගින්නේ සිටියේ. ඒ පේ‍්‍රතයාගේ හිසේ කොබෝලීල මල් කලඹක් තිබුණා. ඔහු එක් දිනක් “චුන්දත්ථික” නම් ගමේ තම නෑයින්ගෙන් කිසියම් ආහාරයක් ලබන්නෙමියි කියා සිතා ගංඟා නම් ගෙඟහි දියමත උඩුඟං බලා ගියා.
ඒ කාලයේ බිම්බිසාර රජතුමාගේ මහ ඇමැති කෝළිය නමැත්තා කාහල කරගත් එක් ගමකට ගොස් නැවත ආපසු එමින් සිටියා.ඔහු එන අතර අර පේ‍්‍රතයා දුටුවා. පුදුමයට පත් මේ මහ ඇමැතියා පේ‍්‍රතයාගෙන් අයනවා.
පේ‍්‍රතය, ඔබ මෙහි ගංඟා නදියෙහි ජලය කලඹවන්නේ නැතුවයි යන්නේ. හැබැයි ඔබ නිරුවත්ව ඉන්නේ. ශරීරයෙන් උඩ කොටස් නම් පේන්නේ පෙරේතයකුගේ වගේ නොවෙයි. මල් මාලාවන් දරලා අලංකාරව ඉන්නවා. ඔබ මේ යන්නේ් කොහේද? ඔබ වාසය කරන්නේ් කොහේද?
එතකොට ඒ පේ‍්‍රතයා කියනවා මම මේ යන්නේ “චූන්දත්ඨික” කියන ගමටයි. ඒ ගම තිබෙන්නේ බරණැසට සමීපයේ. ඒ පේ‍්‍රතයා දුටු මහ ඇමැතිවරයා බොහෝ අනුකම්පා සිතක් ඇතිවී නවතා තිබූ නැවේ සිටි එක්තරා කරණැවෑමි උපාසකයෙකුට දානය සහ වස්ත්‍ර යුගලයකුත් පූජා කර පේ‍්‍රතයා ට පින් අනුමෝදන් කළා.
එවිට අර පේ‍්‍රතයා ලස්සනට වස්ත්‍ර ඇඳගෙන මල් මාලා දරා ගෙන අලංකාර වී ඒ පින අනුමෝදන් වුනා.
කෝලිය ඇමැතිවරයා ගඟ පහලට ඇවිත් ඉර උදාවන විට බරණැසට ආවා. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් සෘද්ධියෙන් එතැනට වැඩියා.
කෝලිය ඇමැතිවරයා ඉතාමත් සතුටුව උන්වහන්සේට වන්දනා කොට ස්වාමිනි, අද මේ මගේ් දාන වස්තුව අනුකම්පා කර පිළිගනු මැනයි ආරාධනා කළා. තථාගතයන් වහන්සේ එය පිළිගත් බව දැනගත් ඇමැතිවරයා ඉතාමත් රමණීය භූ®මියක අතු වලින් තැනු මඩුවක නානාවිධ වර්ණයෙන් සරසා විවිධ වස්ත්‍ර වලින් අලංකාර කොට අසුනක් පනවා උන්වහන්සේ වඩා හිදුවනු ලැබුවා.
සුවඳ ද්‍රව්‍ය හා මල් ආදියෙන් ද පුදා වැඳ එකත් පස්ව සිටිමින් තමාට හමු වූ පේ‍්‍රතයා පිළිබඳවත් ඔහු කී දේ පිළිබඳවත් තමා විසින් පේ‍්‍රතයා ට කී දේවල් පිළිබඳවත් කියා සිටියා. එවිට උන්වහන්සේ තම ශ්‍රාවක සංඝ රත්නය මෙතැනට පැමිණේවා යි අධිෂ්ඨාන කළා. බුද්ධානුභාවයේ අනුහසින් භික්ෂූ සංඝයා උන්වහන්සේ වටා රැස් වුණා. ප්‍රසාදයට පත් මහ ඇමැතිවරයා බුද්ධ පුම්‍රඛ මහ සංඝරත්නයට ප්‍රණීත වූ දානයක් සකසා පූජා කළා. දානයෙන් පසු තථාගතයන් වහන්සේ මහජනයාට අනුකම්පාවෙන් බරණැස සමීපවාසීන් පැමිණේවා යි ද අධිෂ්ඨාන කළා. ඒ සියලු දෙනා ද ඒ අවට රැස්වුණා. ඉන්පසු බොහෝ වූ පේ‍්‍රතයන් මහජනයාට පෙනේවා යි උන්වහන්සේ අධිෂ්ඨාන කළා. ඔවුන් අතරින් සමහර අය ඉරී ගිය රෙදි වැරහැලි ඇඳගෙන, සමහරු තමන්ගේ කෙස් වලින් ම විලිවසා ගෙන සිටියා. තවත් අය නග්නව ම සිටියා. සා පිපාසයෙන් පෙලෙමින් යමින් වසන ඇටකටුවලින් යුතු ශරීරවලින් යුතුව එහා මෙහා ඇවිදිමින් සිටි පේ‍්‍රතයන් ද මහජනයාට දැක ගන්නට ලැබුණා. සමහරු ඒ ගිය ගිය තැන ම වේලිලා බිම ඇදගෙන වැටෙනවා. කලින් ලැබුණු මනුස්ස ජීවිතයේ දී කිසි පිනක් දහමක් නොකර ජීවත් වෙලා අන්තිමේ දී ගිනි අව්වේ ගින්දරකින් පිච්චෙනවා වගේ් බඩගින්නෙන් පිපාසයෙන් පිච්චෙනවා.
ඉන් පස්සේ තථාගතයන් වහන්සේ ඒ පේ‍්‍රතයන්ව එක් තැනකට රැස්කර තම තමා පෙර කළ පාප කර්ම ප්‍රකාශ කරන ලෙස අධිෂ්ඨාන කළා.
ඔවුන් කියනවා අපට ඉස්සර පවිටු ගතිගුණ තිබුණා. අපට දන්පැන් වලට දෙන්න දේපල වස්තුව තිබුණා. නමුත් තමන්ට පිහිට ඇති ඒ පින්කම් අප කර ගත්තේ නැහැ. අපට ඉස්සර හරියට කෑම බීම තිබුණා. අප ඒවා හැංගුවා. යහපත් මාර්ගයෙහි ගමන් කරන පැවිද්දන් වහන්සේලා ට අප කිසි දෙයක් දුන්නේ් නැහැ. අප පින් කරන්න කැමැති වුණේ නැහැ. කම්මැලිකමෙන් හිටියා. මිහිරි දේට කැමැති වුණා. හැම තිස්සේම කකා හිටියේ. බත් පිඬක් වුණත් අනුන්ට දෙන කොට ඒක ලබාගන්න කෙනාට අපහසා කළා.
දැන් අපට ඒ ගෙවල් නැහැ. ඒ දාසියන් නැහැ. ඒ ආභරණ අපට නැහැ. දැන් ඒවා පරිහරණය කරන්නේ් වෙන උදවියයි. අපට අයිති වුණේ දුක විතරයි.
ඊට පස්සේ වෙන්නේ නිස්දනිය වූ බට පතුරු වියන ගෙවල්වල සොම්මර කුලයේ දුගී දුප්පත්ව උපදින්නයි. චණ්ඩාල කුලයේ දීන වෙලා උපදිනවා. ආයේ අයෙමත් උපදින්නේ ඒ වගේ හීන කුල වලයි.
යම් යම් හීන දීන දිළිඳු පවුල් තියෙනවා. අන්න ඒ කුලවල තමයි උපදින්නේ. ඕක තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත. ඇතැම් පේ‍්‍රතයන් ඉන්නේ් වැරහැලිවලින් විලි වසාගෙන. ඇතැම් අය තමන්ගේ් කෙස් රොදෙනුත් විලි වසා ගන්නවා. පෙරේතයන් කෑම හොයගෙන යනවා එක එක දිසාවලට . සමහර පේ‍්‍රතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි දෙයක් නො ලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නේ ඉන්නේ. සිහියක් නැතුව ඉන්නේ. ඉතා බලවත්ව පීඩා විඳල වේලිලා බිම ඇදගෙන වැටෙනවා.
සමහරු ගිය ගිය තැනම වේලිලා බිම ඇදගෙන වැටෙනවා. කලින් ලැබුණ මනුස්ස ජීවිතයේදී කිසි පිනක් දහමක් නො කර ජීවත්වෙලා අන්තිමේ දී ගිනි අව්වේ ගින්නකින් පිච්චෙනවා වගේ බඩගින්නෙන් පිපාසයෙන් පිච්චෙනවා.
අපට ඉස්සර පවිටු ගතිගුණ තිබුණා. ගෘහණිය වෙලා හිටියා. කුල මාතාවරු වෙලා හිටියා. අපට දන් පැන්වලට දෙන්න දේපල වස්තුව තිබුණා. නමුත් තමන්ට පිහිට ඇති ඒ පින්කම් අප කර ගත්තේ නැහැ.
පෙර ජීවිතවල පින් කර ගත්තු අය ඉන්නවා. එයාල දන් දෙන උදවිය. මසුරු නැහැ. ඔවුන් නිසයි දෙව්ලොව පිරෙන්නේ. නන්දන වනය බබලවන්නේ ඔවුන් තමයි.
ඒ අය වෛජයන්ත ප්‍රාසාදයේ තමා කැමැති පරිදි දිව්‍ය සැපයෙන් සතුටු වෙනවා. එ තැනින් චුත වුණාට පස්සේ හොඳ ධන සම්පත් තියෙන උසස් පවුල්වල උපදිනවා.
ඔය විදිහට මහා යසස් ඇති කුලවල ඉපදිලා කූටාගාරවල ප්‍රාසාදවල දිග ලොම් ඇති කොඳුපලස් අතුරපු යහන්වල මොණර පිලෙන් කරවපු විජිනිපත් වලින් (ඒවායින් ලැබෙන පවන සිසිලයි)පවන් සලමින් සැපසේ ජීවත් වෙනවා.
ඒ උදවියන් කුඩා කාලෙම මල් මාලා දරාගෙන අලංකාර වෙලා කිරි මව්වරුන්ගේ් ඇකයෙන් ඇකයට යනවා. ඒ කිරි මව්වරු ඒ දරුවන් ගේම සැප පතමින් උදේ සවස ඔවුන්ට උපස්ථාන කරනවා. මේවා ලැබෙන්නේ පින් නො කරන අයට නම් නොවෙයි. මේවා ලැබෙන්නේ් පින් කරපු අය ට ම යි. එතකොට දෙව්ලොව ඉපදිලා ශෝකයක් නැතිව රම්‍ය වූ නන්දන වනයෙහි සතුටු වෙනවා.
පින් කර ගන්නට බැරි වූ උදවියට මේ ලොවත් පරලොවත් සැපයක් නම් නැහැ. නමුත් පින්කළ උදවියට තමයි මෙ ලොවදී වගේම පරලොව දී ත් සැප ලැබෙන්නේ. ඒ දෙවියන් සමග එකතු වෙලා ඉන්ට කැමැති අය බොහෝ කුසල්මයි කරන්නට ඕන. පින්කර ගන්න උදවිය දෙව්ලොව දී සැප සම්පත් ලබා ගෙන සතුටු වෙනවා.
මේ පේ‍්‍රතයන්් තමන් විසින් කරන ලද කර්මයන්ගේ ස්වභාවය ද පින්කම්වල ස්වභාවය ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කෝලිය ඇමැතිවරයා ඉතාමත් සංව්ගයට පත්වුණා.
ඔහු ඇතුලු පැමිණ සිටි මහ ජනතාවට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළ අතර දේශනාව අවසානයේ දී අසූහාර දහසක් දෙනාට ධර්මය අවබෝධ වුණා.

 පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment