Labels

Saturday, August 29, 2015

අසංවර වූ සිතට නිසි ඖෂධය


භාවනාව තම ජීවිතයට සම්බන්ධ කළොත් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්. අසංවර වූ සිතට හොඳ බෙහෙතක් තමයි භාවනාව. සංවරවූ සිත දියුණු කර ගන්න හොඳ ප්‍රණීතම දේ භාවනාවයි. භාවනාව යනු හිතේ වැඩීමයි, හිත දියුණු කිරීමයි. එහෙමනම් හිත දියුණු කිරීමට බලාපොරොත්තු වන අය මේ භාවනාව ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්
ලිච්ඡවී රාජධානියේ වාසය කරන ලද රජවරු අමාත්‍යවරු, සෙන්පතිවරු, උසස් නිලධාරීන් නිතර නිතර රැස් වෙනවා. සාකච්ඡා කරනවා, සමඟිව වාසය කරනවා
. ඒ නිසා මේ ලිච්ඡවී රාජධානිය සොර සතුරෙකුටවත් අල්ල ගන්න පුළුවන් කමක් නෑ. ඒවගේම ඕනෑම ආයතනයක ඕනෑම නිවසක ඔවුනොවුන් එකතුවෙලා සාකච්ඡා කරනවා නම් යහපත් තීරණ ගන්නවා නම්, සමඟි සම්පන්නව ඉන්නවා නම් ඒ තාක් යහපතක් දියුණුවක් මිස පිරිහීමක් වෙන්නේ නෑ. ඒ නිසා කොයි කවුරු වුණත් සමඟිය, සමාදානය, ආරක්ෂා කරගෙන දියුණුව, යහපත සලසා ගැනීම වැදගත් කාර්යයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා. මේ තරම් වටිනා දහමක් ලෝකයේ කිසිම ආගමක කෙනෙකුට හම්බ වුණේ නෑ.
බෞද්ධ ජනතාවට ලැබුණු මේ උතුම් දායාදය ලංකාවාසී ජනතාවට උතුම් ලෙස ලැබුණා. එය නිවැරැදි ලෙස ඉදිරියට ගෙන යන්නට කවුරුත් හොඳින් කල්පනා කරලා සිහිනුවණින් යුතුව වැඩකටයුතු කරනවා නම් වටිනවා තමන්ගේ ජීවිතයට ‘භාවනාවන්’ එක අංගයක් ලෙස ඇතුළත් කළ යුතුයි. ඒ තුළින් දියුණුව, සංවරකම, හිතේ දියුණුව, නුවණ දියුණු කිරීමට උපයෝගී වෙනවා. 

භාවනාව තම ජීවිතයට සම්බන්ධ කළොත් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්. අසංවර වූ සිතට හොඳ බෙහෙතක් තමයි භාවනාව. සංවරවූ සිත දියුණු කර ගන්න හොඳ ප්‍රණීතම දේ භාවනාවයි. භාවනාව යනු හිතේ වැඩීමයි, හිත දියුණු කිරීමයි. එහෙමනම් හිත දියුණු කිරීමට බලාපොරොත්තු වන අය මේ භාවනාව ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන් ධ්‍යාන අවස්ථාව, විපස්සනා අවස්ථාව, මාර්ගඵල අවස්ථාව, නිර්වාණ අවස්ථාවන්ට කාටත් ඉදිරිපත් වෙන්න පුළුවන් ධර්ම දේශනාවලදී සූවිසි අසංඛ්‍යයක් නිවන් දැකලා තියෙන්නේ. බණ භාවනාවල යෙදුණු අයයි. එහි විපාක වශයෙන් බණ භාවනා නොකරපු අයට මේ කියන නිර්වාණය අවබෝධ කරගන්නට බැරි වුණා.
ලෝක ජනගහණය කෝටි 700 ක් වුණත් මේ ආගමට, දහමට ලැදිව කටයුතු කරන්නේ සුළු පිරිසක්. ධ්‍යාන, ශීල, භාවනා පින්කම් කරලා නිවන් සැප ලැබේවා කියලා යමෙක් හිතනවානම් ඔහුට හෝ ඇයට ඒ උතුම් ධර්මය, නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන මේ දෙදෙනාට නිවන් දකින්න බැරි වුණා. ඒවාගේම අසිත තාපසතුමාට, සංජය පරිබ්‍රාජකතුමාට, නිවන් දකින්න බැරිවුණා. එදා ජන සමාජයේ හිටපු දැන උගතුන්ට, මහා බුද්ධිමත් අයට, ධ්‍යාන අභිඥාලාභීන් හිත දියුණු කරගෙන ආවත් නිවන් සැප ලැබේවා කියන අදහසින් පින් කරලා නෑ. ඒ අය හිත දියුණු කරලා නෑ.
ඒ අයට බුදුරජාණන් වහන්සේ දැක ගන්නත් බැරි වුණා. ආලාරකාලාම, උද්දකරාම පුත්තට, අසිතතාපස තුමාට, මේගොල්ලන්ට බුදු බණ අහන්න පුළුවන්කමකුත් තිබුණෙ නෑ.
බුද්ධගයාවේ දී බුදුරජාණන් වහන්සේ ආලාරකාලාමයන්ට ඒ ධර්මය දේශනා කරන්න ඕන කියලා හිතුවා. දෙවි පුත්‍රයෙක් ඇවිදින් ප්‍රකාශ කළා ස්වාමීනි, ඒ දෙදෙනා අපවත් වෙලා බඹලොව ඉපදිලයි කියලා. ඒ අය අරූපාවචර බඹතලයේ උපත ලබලා. අසිත තාපසතුමා කල්වේලා ඇතිව මිය ගිහිල්ලා අරූපාවචර බඹතලයේ ඉපදුණා.
ඒකෙන් පේනවා මොනතරම් දියුණුව තිබුණත් අධ්‍යාත්මික දියුණුවෙන් නිවන් සැප ලබන්නට බැරි බව අනාගතයේ දී වත් නිවන් සම්පත් ලබන්නට බැරිවේවි පැතුමක් නැති නිසා. ඒ නිසා කොයි කවුරු වුණත් මේ සංසාර දුකෙන් නිදහස්වීමේ අදහස් ඇතිව පින් කළොත් නිවන් සැප ලැබේවා කියලා හිතාගෙන පින් කළොත් ඒ හැමෝටම පුළුවන්කම තියෙනවා සංසාර දුකෙන් නිදහස්වන්න, සංසාර දුකෙන් නිදහස්වෙලා නිවන්සැප ලබන්න පුළුවන්.
ගෞතම බුදු සසුන පාදක කරගෙන පින් දහම් කරන ලංකාවාසී බෞද්ධයෝ ඒ පින්කම අවසානයේ දී හිතන්නේ නිවන් සැප ලැබේවා කියලයි. එය බොහොම වැදගත්. දෙව්ලොවක් ගැන, බඹලොවක් ගැන හිතන්නේ නෑ. නිවන් සැප ලැබේවා කියලා හිතන්නේ මේ මුළුමහත් දුකෙන් නිදහස්වීමට පරම පවිත්‍ර වූ චේතනාව නිසයි. ඒ නිසා කොයි කවුරු වුණත් තම තමන් සිදු කරන පින්කම්වලදී අවසානයේ දී ඒ පැතුම තබා ගැනීම කාලෝචිතයි.
බුදු, පසේ බුදු, මහරහත් උතුමෝ දියුණුවෙන් ඉදිරියටම ගියා. මාර්ග ඵල අවස්ථාවෙන් කෙළවර වුණා. අනෙක් ජනතාව ඒ තත්ත්වය බලාපොරොත්තුවෙන් තමයි කටයුතු කරන්නේ.
ඉපදීම නැති කරපු උතුමාට කියන්නේ රහතන් වහන්සේ කියලයි. ‘අජාති’ නම් නිවනට පත් වූ මහරහතන් වහන්සේ. මරණය නැති කළා. නැවත ඉපදීමක් නෑ. නැවත මරණයක් නෑ. ‘අමත’ නම් නිවනට පත් වුණොත් රහතන් වහන්සේයි. අන්න ඒවා ගැන කොයිකවුරුත් දැන කියාගෙන තමන්ගේ ජීවිතය සැපවත්ය කියලා හිතාගෙන පිනට, දහමට, ගුණයට නැඹුරු වී කටයුතු කිරීම ඉතාම වැදගත්.
දියුණුව ලබන්න අවශ්‍ය අයට යා යුතු මඟ ක්‍රමය මෙයයි, තථාගත දේශනාවන්ට සවන්දීලා, පොත පත කියවලා ජීවිතයේ අඩුපාඩුකම් සකසා ගැනීමෙන් දියුණුව සාර්ථක කර ගන්න පුළුවන්.






අම්බලන්ගොඩ, කහව
ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment