ධර්ම දානයේ අනුසස් රැසක් තිබෙනවා. විශේෂයෙන්ම ධර්මය දේශනා කරවීමෙන් ධර්මය ශ්‍රවණය කරවීමෙන් දහම්පොත පත කියවීමෙන් ඒවා මුද්‍රණය කර බෙදාහැරීමෙන් ආදි වශයෙන් අස්සුතං සුණාති මීට පෙර නොඅසන ලද නොකියවන ලද දේ අසන්න කියන්න පුළුවන්. සුතං පරියො ද පෙති මීට පෙර අහපු දේ තව තවත් වඩවඩාත්ම සිතට අලවා ගන්න. එය නැවත නැවත කියවීමට ලැබීම තමන්ට පුළුවන්කම තියෙනවා. එහි අනුසස් ලබාගන්න
‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ යන්න අපට හොඳින් කටපාඩම් වී තිබෙන සම්බුදු වදනක්. ඒ සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් බව එහි දක්වා ඇති නිසයි.
සබ්බං රතිං ධම්ම රති ජිනාති
සබ්බං රසං ධම්ම රසො ජිනාති
මෙයින්ද අපට පවසන්නේ සියලු රසට වඩා සියලු ඇලීමකට වඩා ධර්ම රසය ඉහළින් සිටින බවයි. ධර්මයට ඇලෙන්නා ධර්මයෙහි රසය සොයන්නා ධර්ම දානය දෙනු ලබන්නා කුමන තත්ත්වයකටද පත්වන්නේ?
තණ්හක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති
කවදා හරි නිවන සාක්ෂාත් කරගන්නේ ධර්මයෙහි ඇලෙන, ධර්මයට රුචි පුද්ගලයන් බව මෙහි දැක්වෙනවා. ධර්ම දානය සියලු දානයට වඩා අගතැන්පත් වන්නේ ඇයි? ඊට එකම හේතුව තමයි එක පින්කමක් තුළදී පුණ්‍ය කර්ම දහයකුත් කුසල කර්ම දහයකුත් සම්පූර්ණ වීම. ධර්ම දේශනාමය පින්කමක්, ධර්ම දානමය පින්කමක් ධර්ම ශ්‍රවණය කිරීමට සලස්වන ඒ පින්කමේදි ද සිදුකෙරෙනවා.
ධර්මානුශාසනයට සවන් දෙන්නට ඒවගේම ධර්මානුශාසනාවක් පවත්වන්නට සුදානම් වන පින්වතුන් දස පුණ්‍ය ක්‍රියාව සපුරාගන්නවා. අනෙක් පින්කම්වලදි එම පුණ්‍ය ක්‍රියා දහයම එකවර කර ගැනීම අපහසුයි.
තමන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ සිත සමාධිගත කරගෙන පත්තිදාන ,පත්තානුමෝදනා, තමන් පින්අනුමෝදන් වෙලා අනුන්ටත් පින්අනුමෝදන් කරලා ඒ වගේම වෙයියාවච්ච, අපචායන,වත්පිළිවෙත් සිදු කරලා වැඩිහිටියන්ට ගරු කරලා ධර්ම දේශනා කරවා ධර්ම ශ්‍රවණයට සලස්වා සිත පිරිසුදු කර ගන්නවා.
මේ නිසා කුසල කර්ම දහයක් සපුරා ගන්නට පුළුවන්. ප්‍රාණඝාතයෙන් අත්මිදීම ,සොරකම කිරීමෙන් අත මිදීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම වගේම බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය, අභිධ්‍යා ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය යන අකුසලයන්ගෙන් වැළකෙනවා.
මේ කරුණු 10 ම එකම පින්කමකදි සිදු කර ගැනීමට හැකිනම් එය මහඟු අත්වැලක් බොහෝ විට එය කරගත හැකිවන්නේ ධර්ම දේශනා පින්කමකදි පමණයි. ධර්ම දානමය පින්කමක වැදගත්කම රඳා පවතින්නේ එම නිසයි.
එපමණක් නොවෙයි ධර්ම පොත් කියවීම, බෙදා හැරීම ධර්ම පුස්තක මුද්‍රණය වැනි කරුණුත් ධර්ම දානමය පින්කමට අයත් වනවා. ධර්ම පතපොත බොහෝ දෙනෙකුට කියවීමට සැලැස්වීම විශාල පින්කමක්. මේ වන විට මුද්‍රණ අංශයට අමතරව සංයුක්ත තැටි (සී ඩී / ඩී වීඩි) දක්වා ධර්මය ගබඩා කර බෙදා හැරීම සිදු කෙරෙනවා. ඒ වගේම තමයි දුර බැහැර ප්‍රදේශවලට චතුර ධර්ම කථික ස්වාමින් වහන්සේ වඩමවා ධර්මය ඇසීමට සැලැස්වීමත් මහඟු පින්කමක්. එයත් ධර්ම දානමය පින්කම අතරට අයත්වනවා. අතීතයේදි ගිරිලිපි,ටැම්ලිපි, ආදිය මඟින් ධර්මය අන්‍යයන්ට ලබා දී තිබෙනවා. ධර්මය චිරාත් කාලයක් නොනැසි පවතින්නට හේතුව මේ සංරක්ෂණ ක්‍රියාවලියයි. අදවන විට පැරැණි චිත්‍රපට පැරැණි ගීත ආදිය සංරක්ෂය පිණිස ඉදිරිපත්ව තිබෙනවා.
එ වගේම ධර්ම පතපොත සංරක්‍ෂණයට කටයුතු කරනවා නම් එයත් විශාල දානමය පින්කමක් වනවා. මේ සියල්ලටම වඩා තමන් ධර්මයට අනුව ජීවත් වනවා නම් තම ජීවිතය තුළින් ධාර්මික බව පෙන්වනවා නම් තමන් ප්‍රායෝගිකව එහි ප්‍රතිඵල පෙන්වනවානම් එමඟින් විශාල දානමය පින්කමක් සිදු කළ හැකිවනවා.
ධර්ම දානයේ අනුසස් රැසක් තිබෙනවා. විශේෂයෙන්ම ධර්මය දේශනා කරවීමෙන් ධර්මය ශ්‍රවණය කරවීමෙන් දහම්පොත පත කියවීමෙන් ඒවා මුද්‍රණය කර බෙදාහැරීමෙන් ආදි වශයෙන් අස්සුතං සුණාති මීට පෙර නොඅසන ලද නොකියවන ලද දේ අසන්න කියන්න පුළුවන්. සුතං පරියො ද පෙති මීට පෙර අහපු දේ තව තවත් වඩවඩාත්ම සිතට අලවා ගන්න. එය නැවත නැවත කියවීමට ලැබීම තමන්ට පුළුවන්කම තියෙනවා. එහි අනුසස් ලබාගන්න. කං කං විහරති.
තමන්ට ඇතිවන බුද්ධාදී අටතැන්හි සැකය (විචිකිච්ඡා) ඇතුළු සියලු සැක සංකා දුරු කර ගැනීමට ධර්ම ශ්‍රවණයෙන් අවස්ථාව උදාවනවා.
’දිට්ඨීං උජූං කරොති’ තමන් තුනුරුවන් කෙරෙහි යම් මතයක එල්බ ගෙන සිටීනම් එය වර්ධනය කරගත හැකිවනවා.
එය තත් පරායන ලෙසින් නැත්නම් තම දිවි පරදුවට තබා එසේ නැත්නම් ශිෂ්‍ය භාවෝපගත ලෙසින් (බුදුන් දහම් සඟුන් කෙරෙහි ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කරමින්) කටයුතු කරනවා. මෙයයි දහමට අනුව දිවිගෙවීමේ වැදගත්කම වන්නේ තුනුරුවන් කෙරෙහි වැඩි වශයෙන් ළඟාවීමට අප ධර්මය උපයෝගී කරගත යුතුමයි.
අපට නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරය පදනම් කරගගෙන මේ ධර්ම ශ්‍රවණය කිරීම නමැති පරතෝභෝෂ ඥානය තිබුණහොත් පමණි. චිත්ත මස්ස පසීදති තමන්ගේ සිත පිරිසුදු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ සිතේ පිරිසුදුකම කියන්නේ කුසල් සිත් පහළ වීමයි.
එසේ පහළවන කුසල් සිත් මගින් සෑම විටම යහපත් ක්‍රියාවක් කරා ඔබ මෙහෙයනවා. එය අපගේ සසර ගමන කෙලවර කිරීමට හෙවත් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට හේතුවනවා. ඒ බව තේරුම් කරගෙන කටයුතු කිරීමයි වඩාත් වැදගත් වන්නේ.
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ අප්‍රේල් 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment