මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Sunday, January 31, 2016
Saturday, January 30, 2016
හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවයි
ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබූ බව බෞද්ධ සාහිත්‍ය තුළ ආලවක සූත්‍රයේ සදහන් වෙයි. ආලවක යනු යක්ෂයෙක්ද? නැතහොත් යක්ෂ ගෝත්‍රය නියෝජනය කරනු ලැබූ ඉතාමත්ම බුද්ධිමත් පුද්ගලයෙක්ද? යන්න ආලවක විචාරනු ලැබූ ප්‍රශ්න දෙස බැලීමේදී ප්‍රශ්නාර්ථයක් ද මතු නොවනවාම නොවේ.
Friday, January 29, 2016
රාගය ගින්නකි ජීවිතය වනසනා
මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්හත්වෙනි මංගල කරුණ වූ “විරජං” නම් වූ රාගාදී කෙලෙස්වලින් බැහැර වූ සිතක සැනසුම පිළිබඳවයි. රජස් බැහැර කිරීම නම් කෙලෙස් නම් වූ දූවිලිවලින් බැහැර වීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස් තුනක් මතුකොට දක්වයි. එනම් රාගය( ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.
Thursday, January 28, 2016
Wednesday, January 27, 2016
Tuesday, January 26, 2016
අල්පේච්ඡතාව අරපිරිමැස්ම හා බුද්ධ චීවරය
බුදුරදුන්ගේ මෙන් ම ශ්‍රාවකයන් වහන්සේගේ ද ඇඳුම වූයේ බුද්ධ චීවරය හෙවත් අර්හත්ධජයයි. කෙලෙස් වැඩෙන ඇඳුම් අතර මෙය කෙලෙස් තවන ඇඳුමකි. බුදුරදුන් මෙන් ම ශ්‍රාවකයන් වහන්සේලා සිවුර නිර්මාණය කිරීමේ දී ද ඊට අනුකූල ක්‍රමවේදයක් සකසා ගත්හ. ඒ තුළ අල්පේච්ඡතාව හෙවත් අල්ප ආශා ඇති බව කැපී පෙනුණ ගුණාංගයකි.
මේ සෑම කාරණයකට ම වඩා වටිනා කාරණය වූයේ මේ තුළින් සමාජයට කියා දුන් අරපිරිමැස්ම හෙවත් සම්පත් අපතේ නොයැවීමයි. (බුදුරදුන්ගේ භාවිතයෙන් මෙන් ම පනවන ලද විනය නීති තුළින් එය මනාව පැහැදිළි වේ.)
Monday, January 25, 2016
Sunday, January 24, 2016
දවාලට ප්‍රේතයා රාත්‍රියට දෙවියෙක් වෙයි ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15 )
උඳුවප් අමාවක පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා උක්වනයේ උපන් පේ‍්‍රතයා පිළිබඳ කතා ප්‍රවෘත්ති විමසා බැලීමටයි.
අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් කතා ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.
Saturday, January 23, 2016
Friday, January 22, 2016
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් අනාවරණය වන සමබර ජීවිතය
දීඝජානු කෝලිය පුත්‍රයා අරබයා ඉහත සූත්‍රය දේශනා කරන ලදහ. එහිදී දීඝජානු බුදුරදුන්ගෙන් විමසනුයේ ලෞකික ජීවිතය ගතකරන පුද්ගලයන් දෙලොව දියුණුව සලසා ගනිමින් සමබරව තම ජීවිත කෙසේ පවත්වා ගන්නේද යන්නයි. ඊට පිළිතුරු ලෙස උන්වහන්සේ දෙලොවට වැඩදායි කරුණුූ 08 ක් දේශනා කරති. ඉන් කරුණුූ 04 ක්ම මෙලොව සැප පිණිස දේශනා කිරීම සුවිශේෂීය. අධ්‍යාත්මික දියුණුව විෂයෙහි මෙලොව ක්‍රියාකාරකම් ඉවහල් වන අයුරු මෙහිදී පළමුකොට පැහැදිළි කෙරේ. මෙලොව අරමුණු යහපත්ව ඉටුවන පරිසරයක් තුළ සංසාරික ප්‍රාර්ථනා ඉටුකර ගත හැකිය.
දුක පිරිසිඳ දැකීම
සම්මා දිට්ඨිය නැත්නම් දැක්ම නිවන් දකින්න , බණ භාවනා කරන්න යන ක්‍රමය හොඳට හදා ගන්න. ඔන්න මෙතනයි අපට අවශ්‍යම කාරණාව. මෙතනමයි අවශ්‍යම යතුර. මම පෙන්වන විශේෂම කාරණාවක්. නිවන් දකින්න, භාවනා කරන්න කියලා කරන්නේ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක හොඳට දකින්න. දුක පිරිසිඳ දැකල, සමුදය දුරු කළ යුතුයි. මට ඕනෑ විදිහට තණ්හාව නැති කරන්න බැහැ. දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා, මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැක්කා. ඉස්සෙල්ලාම සත්‍ය ඥානය , ඊට පස්සේ කෘත්‍ය ඥානය, කළයුතු වැඩසටහනක් තියෙනවා. ඔන්න දැන් මේ සත්‍ය දැනගත්තට පස්සේ දැන් මාර්ගය වඩන්න හම්බවෙන්නේ කොහොමද?
සම්මුතියට මම මගේ යැයි කීවත් පරම සත්‍ය නම් කුමක් ද?
උඳුවප් අව අටවක ජනවාරි 02 දා පෝය දින දහම් සාකච්ඡාවේ දී කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් කතාවේ පෙන්වා දුන් ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතිව වාසය කරන්න. එනම්, ඇස් දෙක පියාගෙන සිටින්න කියන අදහස ද නොවෙයි. එසේ නැතිනම් ඇසෙන් රූප බලන්න එපා කියන අදහස ද නොවෙයි. කනින් ශබ්ද අහන්න එපා කියන අදහස ද නොවෙයි. නාසයෙන් ආඝ්‍රහණය ලබන්න එපා කියන අදහස ද නොවෙයි. දිවෙන් රස බලන්න එපා කියන අදහස ද නොවෙයි. කයෙන් ස්පර්ශ ලබන්න එපා කියන අදහස ද නොවෙයි. සිතින් සිතිවිලි ඇති කර ගන්නට එපා කියන අදහස ද නොවෙයි. මනුෂ්‍යයෙක් හැටියට ඉපදුනා නම් මේ ඉන්ද්‍රියයන් අපට අවශ්‍යයයි. ජීවිතය පවත්වන විට රූප, ශබ්ද ආදී ඒ ආරම්මනයන් අපට ලබන්නට වෙනවා. මෙහි දී සංකේතයෙන් සඳහන් කරන්නේ කුමක් ද?
Thursday, January 21, 2016
දානයට ගැරහීම ප්‍රේත අත් බවට හේතුවකි බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15
ගියවර අපගේ අවධානය යොමු වූයේ පේතවත්ථුවේ සඳහන් අන් අයගේ දරුවන් මැරූ පවින් තමන්ගේම පුතුන් කන ප්‍රේතියගේ කථාවස්තුව විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ දන් දෙන තම සැමියා පිළිබඳ ද්වේෂ සිතක් ඇතිකරගෙන දන් දීමට පරිභව කොට සා ගින්නෙන් දැවෙන ප්‍රේත අත් බවක් ලද ස්ත්‍රියක් පිළිබඳ තොරතුරු සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා තවත් කතාවස්තුවක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමටයි.
Tuesday, January 19, 2016
Monday, January 18, 2016
සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය
සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.
Sunday, January 17, 2016
Saturday, January 16, 2016
Friday, January 15, 2016
ප්‍රේතියකට පින් අනුමෝදන් කිරීම ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 14 )
බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 13 පේත අපාය යනු කුමක්ද?
තෙරුන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන ප්‍රමාද කොට ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය කී නිවෙස වෙත වැඩම කළහ. ගේ හිමියා පැමිණ භික්ෂූන් වහන්සේලා දැක පැහැදී උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන දන් පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ප්‍රේතිය පිළිබඳ සියලු පුවත් ගේ හිමියා ඇතුළු පිරිසට දේශනා කළහ. එයින් කම්පාවට පත් සියලු දෙනා භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළහ.
Thursday, January 14, 2016
සසර ගමන නවතාලන ශක්තිමත් සිත
හරි ගිය හැම කෙනෙකුටම හරිගියේ සිත හොඳින් හදාගත් නිසායි. වැරැදුන හැම කෙනෙකුටම වැරැදුනේ සිත හදා නොගත් නිසායි. බුදුබණ ඇසීම හරහා නිවැරැදි වන්නේ සිතයි. සිත නිවැරැදි වීම තුළින් මේ ජීවිතය වගේම සසරත් නිවැරැදි වෙනවා. අස්ථිර ලෝකයේ ස්ථිර පැතුමන් ගොන්නක් ගොඩ ගහගෙන බර දරාගෙන මේ ගමන යන්නට බැහැ. මේ ලෝකයේ අපට ඕනෑම දෙයක් කරන්න බැහැ. අවශ්‍ය දේ පමණයි කරන්න පුළුවන්.
Wednesday, January 13, 2016
දන්දීමේ යහපත සහ අනුසස්
බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානාධික බව දුරුකරලීම සඳහා සැවැත්නුවරදී යමා මහ පෙළහර පානු ලැබූ සේක. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානු ලබන අසිරිය දෙස බලාසිටි බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ පිළිබදව ගෞරවයක්, පැහැදීමක් ඇතිකර ගනු ලැබූහ. සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි, ඉතාමත් අපහසු කාරණා වුවද ඉතා සරල ආකාරයෙන් සිදුකරන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් ඇතිකරගනු ලැබූහ. උන්වහන්සේගේ ගිහිකළ ඥාතීන් බුදුරදුන් පිළිබදව ප්‍රසාදයක් ඇතිකර ගනු ලැබුවේද මේ ආකාරයටයි.
Saturday, January 9, 2016
යහපත් ගුණසම්පන්න ජීවිතයක් ගතකරමු
ජිවිතය ඇති තුරා අපට කල්‍යාණ මිත්‍රයෝ ලැබේවා! හොඳ මව්පියෝ ලැබේවා. හොඳ ඥාතිවරු ලැබේවා. දන්දෙන්න ලැබේවා. භාවනා කරන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියල කවුරුත් මේ කියන උතුම් අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගත්තොත් බොහොම වටිනවා.
දවසක් අනාථපිණ්ඩික සිටුතුමා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න කලින් යන ගමනේ තමන්ගේ ආලෝකයකින් ඒ ආලෝකය අතුරුදන් වුණහම ආපස්සට එද්දී අති විශාල යක්ෂ සෙන්පතියෙක් මෙහෙම කිව්වා. “සිටුවරයා ආපස්සට එන්න එපා. ඉදිරියට යන්න. ඉදිරියට යන්න කියලා මහා පුදුම ශක්තියක් දුන්නා. ඔබ යන මේ ගමනේ විශාල බලයක් ලැබෙනවා. ලොකු ශක්තියක් ලැබෙනවා. ආපස්සට එන්න එපා. ඉදිරියටම යන්න. ඇත්තු ලක්ෂයක් , අශ්වයන් ලක්ෂයක්. ගවදෙනුන් ලක්ෂයක්, කිරිදෙනුන් ලක්ෂයක්, රන් ආභරණ පැළඳගත් කන්‍යාවෝ ලක්ෂයක් , යම්කෙනකුට ලැබෙනවාට වැඩිය බුදුන් දකින්න යන පා ගමන වටිනවා කිව්වා. ඒක විශාල පියවරක්. දාහෙන් පංගුවක්වත් කලින් කියපු වස්තු වටින්නේ නෑ කිව්වා. ඒ නිසා බුදුන්, දහම්, සඟුන් වඳින්න, පුදන අය සිහිකල්පනාවෙන් යුතුව යන එනවා නම් අන්න ඒගොල්ලන්ට උත්සාහය අනිවාර්යයි. උත්සාහය පදනම් කරගෙන යන නිසා ඒ කරන කියන සිතන දේ සරුසාර බවට පත්වෙනවා.
ඒ නිසා සෑම දෙනාම උත්සාහය පදනම් කරගෙන මේ වැඩ කටයුතු කළ යුතුයි. ආරම්භ ධාතු පටන්ගන්නා වීර්යය , නෙක්ඛම්ම ධාතු විවර කරගන්නා වූ වීර්යය පරාක්‍රම ධාතු අවසානය දක්වා යන වීර්යය යනුවෙන් කොටස් තුනක් තිබෙනවා.
Friday, January 8, 2016
Wednesday, January 6, 2016
බුදුරදුන් පෙන්වූ ධර්ම දේශනා මාර්ගය
ධර්මාශෝක අධිරාජයාගේ විදේශ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ. තෙවන සියවසේ දී සිරිලකට ද බුදු දහමේ ආලෝකය ලැබිණි. ඒ සොඳුරු ආලෝකය රැගෙන පළමු වරට මෙරටට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ය. එවකට සිරිලක රජ කළ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් මුණ ගැසුණේ මිහින්තලේදී බවත්, ඒ පොසොන් පසළොස්වක දිනයක බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි
Monday, January 4, 2016
Sunday, January 3, 2016
ධර්මය දකින්නාට ලෝකය සිහිනයකි
භාවනානු යෝගියා සමඟ කෙලෙස් සේනාව යුදවදී. ඒ සටනින් දිනීමට නම් සටන් විධි නම් වූ කල්පනා විධි හැගීම් මතවාද දුරුලිය යුතුය. දුක හෝ සතුටටද හේතුව මම නම් වූ උරුමකරුවා බව තේරුම් ගන්න. දුක් වර්ග දෙකක් ඇත. ඉන් එකක් දුක තව තවත් වැඩි කරගන්ට මග පෙන්වන දුකය. දෙවැන්න දුක නැත්තටම නැති කරන්නට දැනම විඳින දුකය. මේ දෙවැනි වර්ගයේ දුක් විඳින්ට අකැමැති නම් ඔබට කිසිදා දුක කෙලවර කර ගත නොහැකි වේ.
Tuesday, December 29, 2015
පේත අපාය යනු කුමක්ද? ( ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 13 )
බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 12 කරපු පවකින් නිරයෙ ඉපදී දුක් ගිනිද සසරෙදි විඳී
යම් අයෙක් මිය ගොස් දින හතකට පසු දානමානාදි පින්කම් කොට පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකුගේ සිරිතක් බවට පත්ව ඇත. එහෙත් අප දෙන මේ පින් මිය ගිය සෑම දෙනාටම අනුමෝදන් විය නොහැකි අතර එම පින් ලබාගත හැක්කේ ‘පරදත්තුපජීවි’ යන ප්‍රේත කොට්ඨාශයට පමණක් බව ධර්මයේ සඳහන් වේ.
Saturday, December 26, 2015
Friday, December 25, 2015
රහතන් වහන්සේ වැඩි මඟ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි
ලොව්තුරා තථාගත අර්හත් සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම තරම් උතුම් ශාන්තියක්, සැනසීමක් ගෙන දෙන තවත් කරුණක් නම් දෙව් මිනිස් ප්‍රජාව සහිත මේ තුන්ලෝකයටම නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුලින් තමයි අපට මේ සසර කතරින් නිදහස් වීමට අවකාශය ලැබෙන්නෙ. ඒ නිසා ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගෙන මේ සසරින් නිදහස් වෙන්න කල්පනා කරන්න ඕන.
Wednesday, December 23, 2015
පිරිත් පොත් වහන්සේ
පිරිත් දේශනාව බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රවූ දේශනා විශේෂයකි.වහන්සේ යන ගෞරව නාමයෙන් හඳුන්වන ග්‍රන්ථ දෙකක් අපේ ධර්ම සාහිත්‍යයේ ඇත. එනම් පිරිත් පොත් වහන්සේ හා ජාතක පොත් වහන්සේ යනුවෙනි. මෙලොව ආරක්ෂාව ඇති කරණ දේශනා ඇතුළත්ව ඇති බැවින් පිරිත් පොත් වහන්සේ යනුවෙන් හඳුන්වා ඇත. හුදී ජන පහන් සංවේගය පිණිස ලියන ලද සිංහල බණ කථාවක් බැවින් ජාතක පොතට ජාතක පොත් වහන්සේ යන ගෞරව නාමයෙන් සලකා ඇත.
සිත සාදාගැනීම
සිහිය, නුවණ තිබෙන කාලය තුළ දී අප අප්‍රමාදී ව ධර්මයේ සිත පිහිටුවාගෙන මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු වේ. සිහිමුලා වූවාට පසු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පිළිබඳව අවබෝධ නොවේ. සිහිමුලා වූ කෙනෙකුට ධර්මය කියා දී කුසලයක හිත පිහිටුවීමට නොහැකි නිසා ධර්මානුකූල නොවු තැන්තතා පරිපූර්ණ වූ ආශා ඇතිව නො සන්සිඳුණු ආශා ඇතිව නොයෙක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂා සහිතව මිය යාමට ඉඩ ඇත. ඔහුට කර්මය පිළිසරණ කරගෙන කර්මානුරූපීව උපතක් කරා යාම මිසක් වෙන පිහිටක් නැත. නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස් ය. සෑම විටම සිහියෙන් ඉන්න පුරුදු වූ නිසා මරණාසන්න මොහොතේදීත් කුසල ශක්තියෙන් යුක්ත වේ
Tuesday, December 22, 2015
කරපු පවකින් නිරයෙ ඉපදී දුක් ගිනිද සසරෙදි විඳී ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 12 )
මෙම ලිපියෙන් සතර අපායෙහි විස්තර වන නිරය හෙවත් නරකය පිළිබඳ විස්තරයන් අවසන් වන අතර සෙසු ලිපිවලින් ඉතිරි අපායන් වන ප්‍රේත තිරිසන් හා අසුරු යන අපායයන් පිළිබඳ විස්තර ඉදිරිපත් කරනු ලැබේ.
Monday, December 21, 2015
Sunday, December 20, 2015
Thursday, December 17, 2015
Tuesday, December 15, 2015
Sunday, December 13, 2015
නරකයට යන උවදුරු කිසිත් නොකරනු නිරතුරු ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 11 )
පසුගිය ඉල් අව අටවක පොහෝ දිනයේ පළවුණ ලිපියෙන් අප සාකච්ඡා කළේ වේළුනද නරකයේ පටන් ගීතග්ගි නරකය දක්වා නිරිසතුන් විඳින දුක්ගැහැට විමසා බැලීමටයි. අද දින ද තවත් එබඳු නරකයන් කිහිපයක් පිළිබඳ කෙටියෙන් විමසා බලමු.
Saturday, December 12, 2015
Friday, December 11, 2015
Wednesday, December 9, 2015
Tuesday, December 8, 2015
ආර්ථික කළමනාකරණය හා සදාචාරය
මුදල් සම්පාදනය කරගනිමින් ආර්ථික දියුණුව සලසා ගැනීමත් ඒ තුළ භෞතික දියුණුව ඇතිකර ගැනීම සම්බන්ධයෙන් බුදු දහම තුළ තහනමක් නැත. කාමභෝගී ගිහියන්ට මිල මුදල් අවශ්‍යය. මන්ද යත් දිළිඳු බව ගිහියාට දුකක් ලෙස බුදු දහම අවධාරණය කරන බැවිනි. එසේමුත් සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් සිදුකරන ආර්ථික කළමනාකරණයට හෝ මුදල් සම්පාදනය පිළිබඳ බුදු දහමේ එකඟතාවක් නැත.
Monday, December 7, 2015
Saturday, December 5, 2015
නිතර දුක් පැතිර ඇති තැනකි නරකය බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 10
බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 09 අකුසලයෙන් යනු එපා දුකින් පිරි තැන් අපා
ඉල් පුර පසළොස්වක පෝදා ලිපියෙන් අප සාකච්ඡා කළේ සිල්වතුන්ට ගරහා අපා දුක්වින්ද නිරිසතුන්ගේ ස්වභාවයන් විමසා බැලීමටයි. අද ලිපියෙන් නිරිසතුන් විදිනා විවිධ දුක් පිළිබඳ තවදුරටත් විමසනු ලැබේ.
Friday, December 4, 2015
අසහනකාරී මනෝභාවයන්ගෙන් නිදහස් වන්නේ කෙසේද?
සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තුළ මාන්නය පවතී. පෘථග්ජන සිතක සාමාන්‍ය ස්වභාවය එය වුවද මෙම සංසාර සාගරයෙන් එතෙර වීමට නම් මාන්නය මුලිනුදුරා දැමිය යුතුමය. විවිධාකාරයෙන් මනසට පැමිණෙන්නාවූ අකුසල සිතිවිලි ඉවත් කර ගැනීමට වෙර වීර්යය ගත යුතු අතර ඒ සඳහා කැපවන පුද්ගලයන්ට ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම අරහත් තත්වයට පත්වීමට එය උපකාරි වනු ඇත. අපගේ සිතට පැමිණෙන විවිධාකාර වූ මාන්නයන් පිළිබඳව අවබෝධයක් අප තුළ ගොඩනගා ගත යුතුයි.
Subscribe to:
Posts (Atom)
















































