Labels

Wednesday, September 2, 2015

කර්මයට අනුව සියල්ල සිදු වේ ද?

 

ප්‍රශ්නය – මහානායක හාමුදුරුවනේ මේ ලෝකයේ සිදුවන සියල්ලම කර්මයෙන් සිදු වෙනවා ද?

තමාට තමාවත් නැතිනම්...



යොවුන් බව ජරාවට, දිරීමට පත්වීමෙන් එනම් වයස්ගත වීමෙන් අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය, වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ. මේ පිළිබඳ සිහිනුවණින් මෙනෙහි කරන අයට ජීවිතයට නොබියව නොපැකිළව මුහුණ දිය හැකිය.

ජීවිතය දැකීම




 රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 27 වනදා බ්‍රහස්පතින්දා  දින ලිපිය

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - හාවෙතබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීනං මෙ – තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

මෛත්‍රිය පුරුදු කරන කඳ පිරිත


මෙත් සිතට සීමා මායිම් නැත.එකිනෙකා කෙරෙහි මෙත් සිත පැතිරවීමේ අනිශංස බොහෝ බුද්ධ දේශනාවලදී අවධාරණය කර ඇත. ඒ අතර කඳ සූත්‍රය හෙවත් ඛන්ධ පිරිතෙන් පෙන්වා දෙනුයේ උරග ප්‍රජාව විෂයෙහි මෙත් සිත් පතුරුවන්නන්ට විසකුරු සතුන්ගෙන් හානි නොපැමිණෙන බවයි.
සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් මෙම සූත්‍රදේශනාව ආශිර්වාදාත්මක සූත්‍රයක් ලෙස පිරිත් පොත් වහන්සේගේ පළමු බණවරට ඇතුළත් කර ඇත. පිරිත ආශිර්වාදාත්මක දේශනාවක් වනවාසේම එහි අන්තර්ගතය ප්‍රායෝගික ජීවිතයට එකතු කරගැනීම තුළින් ලැබෙන ආනිශංස මෙතෙකැයි කිව හැකි නොවේ.

මළ මිනියක් සේ දිවි ගෙවන අඹු සැමියන් සමාජයට අභියෝගයක්


ගෘහස්ථ ජීවිතය පිළිබඳව ඉතාමත් විවරණාත්මක විග්‍රහයක් අප භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ප්‍රථම සංවාස සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක. එම දේශනයට අනුව ස්වාමියා හා භාර්යාව අතර ගත වන ජීවිත වර්ග හතරක් තිබෙන බව උන්වහන්සේ දේශනාකොට වදාළ සේක.

දූරදර්ශී මව් පියන්ගේ දැක්ම

 

හැන්ඳෑව බොහෝම මනස්කාන්ත ලෙස පවුලේ සියලු දෙනාම එක්කාසු වී බුදුන් වැඳ, දෙමාපියන්ට වන්දනා කරලා, එකම වෙලාවට ආහාර අරගෙන පත්තර කියවීම, පොත් කියවීම, ලිවීම, ගැයීම, ඇතැම්විට වාදනය කිරීම්, කතන්දර කීම්, බුද්ධි පරීක්‍ෂණ, ගායනා සහ සාකච්ඡා කියන කොටස තමයි දිනපතාම කළ යුත්තේ. එය ආයෝජන ප්‍රවර්ධන  කාලයක් සහ කලාපයක් වන්නේ එවිටයි

Tuesday, September 1, 2015

හේතු ඵල දහම හඳුනා ගනිමු

 

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සො
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවො
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා, මරණ, සොක, පරිදෙව, දුක්ඛ
දොමනස්සුපායාසා සම්භවන්ති. එව මෙතස්ස කෙවලස්ස
දුක්ඛක්ඛන්ධස්ස සමුදයොහොති.

මහා කරුණාවෙන් දියත සිසිල් කළ බුදු සමිඳාණෝ



අප ජීවත් වන මේ ලෝක ධාතුව තුළ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ශ්‍රේෂ්ඨතම උත්තමයා ලෙස අප සලකන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. එයට හේතු රාශියක් තිබේ. කිසිදු මිනිසකු තුළ දැකිය නොහැකි අපරිමිත ගුණ සමුදායක් ලොව්තුරා බුදු හිමියන් තුළ පවතී. එම ගුණ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ සියලු ලෝසතුන් වෙත උන්වහන්සේ තුළ පැවැති අනන්ත දයාව හා කරුණාවය.

පිය උරුමය



“මහණෙනි, සිය පියසතු විෂයෙහි හැසිරෙන්න” ,මහණෙනි, ගෝචර වූ සිය පියසතු විෂයෙහි හැසිරෙන්නන් ගැන මරු අවස්ථාවක් නොලබන්නේය. මරු අරමුණක් නොලබන්නේය”

ශ්‍රද්ධාවෙන් පිළිගෙන ප්‍රත්‍යක්ෂ කළයුතු දහම


සිය්හ සේනාධිපති කියන්නේ නිගන්ඨනාථපුත්තගේ ශ්‍රාවකයෙක්. ඔහු ලිච්චවි කුමාරයෙක්. දවසක් මේ සිය්හ සේනාධිපතිට අසන්නට ලැබුණා මේ විශාලා මහනුවර පුරා පැතිරී ගිය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ. මොහුට සිතුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී සාකච්ඡාවක් කළ යුතුයි කියා.

තුනුරුවන් විශ්වාසයේ තබාගෙන කටයුතු කරන්න

 

උදෑසනම රතන සූත්‍රය සජ්ක්‍ධායනා කිරීමට අපට හැකියාවක් ඇත්නම් එය වඩාත් අගයකිරීමට පුළුවන්. තුන් සූත්‍රයෙන් ඉතිරි සූත්‍ර දෙක වන කරණීයමෙත්ත සූත්‍රයත්, මහාමංගල සූත්‍රයත් හවසට සජ්ක්‍ධායනා කරන්න පුළුවන්. හැකියාවක් ඇත්නම් වේලාවක් තිබේ නම් උදේ සවස දෙකෙහිම තුන් සූත්‍රයම හඬ නගා කියවීමට පුළුවන් නම් එය අපගේ ආරක්ෂාව සඳහා විශාල පිටිවහලක්

මිය ගිය ඥාතීන්ට නිවසේදී පින් දීම සුදුසු ද?



බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමඟ සාකච්ඡා කර 1997 වසරේ බුදුසරණ පුවත්පතෙහි පළවූ ලිපි පෙළ ඇසුරෙනි.

කසාවතක් අතුරා අසුනක් පිදූ පිනෙන් ස්වර්ණමය පීඨිකාවක් ලත් දෙවඟන

  

තෘතිය පීඨ විමාන වත්ථුව

මේ සා විශාල ඓශ්වර්යයක් ලැබීමට මිනිස් ලොව දී මා කළ පින්කම ඉතා ලඝු එකකි. මහත් වූ පුණ්‍ය කර්මයක් කිරීමට තරම් වත්කමක් මා සතුව නොතිබුණත් රත්නත්‍රය කෙරෙහි අතිමත් ශ්‍රද්ධාවෙන් මම පොහොසත් වීමි, එබැවින් මා කළේ අතිමහත් ශ්‍රද්ධාවෙන් යුතුව ලඝු කුසලයක් පමණි. එනම්, පිඬු සිඟා වැඩීමෙන් ලත් ආහාර වැළඳීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි සිල්වත්, ගුණවත් තෙර නමකට වැඩ හිඳීමට ආසනයක් පූජා කිරීම යි

නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතාවිය

 

සතරවන පීඨ විමාන වත්ථුව 

රජගහනුවර නගරාසන්නයේ එක්තරා දිළිඳු ස්ත්‍රියක් විසුවා ය. රත්නත්‍රය කෙරෙහි ප්‍රසන්න වූ ඇය තම ශක්ති ප්‍රමාණයෙන් අවස්ථානෝචිත ලෙස දානාදී පින්දහම් කරමින් දැහැමි දිවියක් ගත කළා ය. දිනක් එක්තරා රහතන් වහන්සේ නමක් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙමින් එම කාන්තාවගේ නිවස අභියසට වැඩම කළ සේක. මෙම දසුනින් අපමණ පී‍්‍රතියට පත් වූ ඕ තොමෝ වහාම උන්වහන්සේට ආරාධනා කළහ. ඇය විසින් නීල වස්ත්‍රයක් අතුරන ලද ආසනයක් භික්‍ෂූන් වහන්සේට ඉඳ ගැනීමට සැලැස් වූවා ය. දන් පිළියෙළ කළ ඇය එය මහත් ශ්‍රද්ධාවෙන් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වූවා ය.

උච්ඡු පේ‍්‍රත වස්තුව


’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි. එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වාසය කරන කාලයේ මෙම දේශනාව වදාළ සේක.

හදවත දුකෙන් වෙලා ගන්නා ශෝකයට පත්වීම යනු කුමක් ද?

  
ආරම්භක් කෙළවරක් පැනවීමට නොහැකි, ඝෝර දුක් ඇති සසර ගමනකටයි අප මේ වැටී සිටින්නේ. සංසාරය යනු දුකක්ම ය. සසර ගමනට වැටුණු කෙනා ඉපදීමෙන්, වයසට යාමෙන්, ලෙඩදුකට පත්වීමෙන්, මරණයෙන්, කායික, මානසික දුක්ඛ දෝමනස්සයන්ගෙන් අනන්ත අප්‍රමාණ දුකකට පත්වෙනවා.
දෙවියන් බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ කිසිවෙකුටත් නිදහස්වීමට නො හැකි වූ සසර දුකින් අත්මිදුණු අපගේ තථාගතයන් වහන්සේ ලෝ සතුන් පීඩාවට පත්කරවන ශෝකයට පත්වීම කුමක්දැ’යි වදාළා.

ජීවිතයට ධර්මෝපදේශ


සැවැත්නුවර ධම්මික නම් තරුණයෙක් වාසය කළේ ය. ආගම දහමට ද නැඹුරු ජීවිතය පිළිබඳ අවබෝධයෙන් කල්පනා කළ ධම්මික තරුණයා ගෘහ ජීවිතයත්, සමාජ ජීවිතයත් සමබරව පවත්වාගෙන ගියා. ඒ නිසා ධම්මික තරුණයා ගැන දෙමාපියන්ගේ හිත්වලත් හොඳ පැහැදීමක් තිබුණා. සමාජයේ අනෙක් අයගේ සිත් සතන්වලත් ධම්මික තරුණයා පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා.
ටික කලකට පසු මෙම තරුණයාට තරුණියක් විවාහ කරදීමට දෙමාපියන් කටයුතු කළා. කාලයක් විවාහ ජීවිතය ඉතා හොඳින් ගතකළ ධම්මික තරුණයා ජීවිතය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා විවාහ ජීවිතයට වඩා මහණ වී පැවිදි දම් රකින එක හොඳ යැයි කල්පනා කළා.

පිරිත් මණ්ඩපයක් නිවැරැදිව සකස් කරන්නේ කෙසේද?

  
නිවසක පිරිත් දෙසුමක් පවත්වන්නට බොහෝ දෙනා උත්සාහ ගනිතත්, එය මහා බැරෑරුම් කාර්යයක්.ඇත්තටම එම පිරිත් පින්කම බැරෑරුම් වන්නේ පිරිත් දේශනාවක නියම වත් පිළිවෙත් මෙන්ම පිරිත් මණ්ඩපය පිළිබඳව බොහෝ දෙනාගේ නොදන්නාකම නිසයි.

ධනය පිළිබඳ බෞද්ධ චින්තනයේ මූලික දැක්ම



මිනිසාගේ පැවැත්මට අදාළවනු ලබන මූලික අවශ්‍යතාවන්හි උච්චාවචනයන් රඳා පවතිනුයේ පුද්ගලයා සතුවන ආර්ථික ශක්තිය මතය. ඔහුගේ පැවැත්ම ද බෙහෙවින් ම ආර්ථිකය හා බැඳෙමින් ඉදිරියට ගමන් කරයි. ඒ නිසා සිය ජීවිතයේ වැඩි කාල පරිච්ඡේදයක් සිය ආර්ථිකය ශක්තිමත් කරලීම කෙරෙහි නිරන්තර අරගලයක නිරතව ඇති බවද පැහැදිලි කරුණකි.

යොවුන් සිත සහ අපේ සංස්කෘතිය



බුදුරදුන් වැඩ සිටි සමයෙහි රජගහ නුවර ගිරි මුදුනක සැණකෙළියක් පැවැත්වුණි. එය හැඳින්වුණේ ‘ගිරග්ග සමජ්ජ’ යනුවෙනි. කෝලිත සහ උපතිස්ස යන තරුණයෝ දෙදිනක් එහි ගොස් විනෝද වූහ. මේ අයුරින් සැණකෙළි සිරි විඳිමින් කාලය ගතකරනවාට වඩා ජීවිතයට සැනසීම ගෙන දෙන වැඩදායක දෙයකට යොමුවීම වඩා සුදුසු යැයි තුන්වන දිනයෙහි ඔවුහු කල්පනා කළහ.ඒ අනුව ජීවිතයේ සැබෑ සතුටක් සොයන්නට ඔවුහු තීරණය කළහ.

සසර පුරා ආරක්ෂිතයා කවරෙක් ද?


“චිත්තං පුනාතීති පුඤ්ඤං”, “හදයං පුනාතීති පුඤ්ඤං” යනුවෙන් එදිනෙදා අපි ‘පින’ අර්ථකථනය කරමු. ‘සිත පිනා යාම පිනයි’, ‘හදවත පිනායාම පිනයි’ වශයෙන් මෙහිදී පින අර්ථ ගැන්වේ. එය කෙතරම් දුරට සාර්ථක ද යන්න ගැඹුරින් කල්පනා කර බැලිය යුතුය. “පිනා යාම” යනු සතුට හැටියට ගත හැකිය. එසේ ගත් විට මිනිස්සු සතුටුවීම උදෙසා විවිධ දේ කරන්නාහ. සමහර පිරිසක් ඒකරාශී වී මත් වතුර බී සතුට ලබන්නාහ. තවත් අය සතුට උදෙසා විවිධ ක්‍රියාවන්හි නිරත වේ. සතුටින් ජීවත්වීම අරමුණු කොට සොරකම් කරන්නාහ. අල්ලස්, දූෂණ, වංචා කරන්නාහ. ‘සතුට හෙවත් පිනායාම’ අරමුණු කරගෙන මිනිස්සු එවැනි දේ කරනවා නම්, එය ‘පිනක්’ වශයෙන් දැක්විය නොහැකිය. එසේ ගත්විට ‘පින’ පිළිබඳ ගැටලුව අපි පළමුව නිවැරදි කොට ගනිමු.

දරුවන්ගේ හදවතට දිය යුතු දහම

 

දරුවන් සමඟ හැන්දෑවට බුද්ධ වන්දනාව සිදුකරන නිවෙස් මේ රටේ තවමත් තිබීම වාසනාවක්. නිවසේ සියලු දෙනාටම විවේකි  කාලයක් තෝරාගෙන එකටම බුදුන් වැඳීම, පිරිත් කීම සිදු කරනවා. ඒ වගේම විවේකි වෙලාවට ගමේ පන්සලට යනවා.බුදුන් වඳිනවා. පන්සලේ හාමුදුරුවන් ඇසුරු කරනවා. පන්සලේ අඩුපාඩු සොයා බලනවා. මේ ආකාරට යම් රටාවකට සිදුවීම් සිදු වෙනවා. මේ වගේ එදිනෙදා ජීවිතය තුළ යහපැවැත්මක් බෞද්ධ සමාජය තුළ තිබුණා. මේ දේවල් අපෙන් සොරා ගත්තේ නවීන තාක්ෂණය යි.

වයසෙන් බාල යැයි අවමන් නොකළ යුත්තෝ

 
භුජංගමං පාවකං ච
ඛත්තියං ච යසස්සිනං
භීක්ඛුං ච සීල සම්පන්නං
සම්මදෙව සමාචරෙ 

 

මේ ගාථාව ඇතුළත් ධර්ම දේශනාව අඩංගු වන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයේ පළමුවන ඛන්ධකයටයි. මෙය නම්කර ඇත්තේ දහර සුත්ත යනුවෙන්. දහර කියන්නෙ ළදරුවාට. එහෙයින් මේ සූත්‍රයෙන් දහර (ලාබාල) හෙවත් ළදරුවන් සිව්දෙනෙකු පිළිබඳ කරුණු සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

ක්‍රෝධය මෛත්‍රියෙන් ම ජයගත් උත්තරා සිටු දියණිය

 

නිතර නිතරම බුදුපාමොක් මහ සඟනට තම නිවසට ආරාධනා කොට තම දෝතින්ම දානය සකසා පිළිගැන්වූවාය. කල්යාමේදී මෙම සිටු දියණිය සිටුපුතුගේ බිරිඳ බව දැනගත් සිරිමා ගණිකාව ඇය වෙත වෛර උපදවා කුස්සියට ගොස් කැවුම් උයන පැසුණු ගිතෙල් බඳුනෙන් තෙල් හැන්දක් ගෙන සිටු දියණියගේ හිසට වත් කළාය. ඇය කෙරෙහි ක්‍රෝධයක් පහළ නොකොට මෛත්‍රියම උපදවා ගැනීම හේතුවෙන් උතුරන තෙල් සීතල විය. නැවත නැවත තෙල් වත්කළ විට එයින් කිසිදු හානියක් නොවීය.සිටු දියණියගේ අනෙක් සේවිකාවන් මෙය දැක සිරිමා ගණිකාවට අතින් පයින් තලා පෙළා ඇයගේ ඇඟට උණු තෙල් වත් කළහ.

බුදු සමයෙහි අගය කළ පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය


 බුදුසමය තුළ පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය අගය කර ඇත. පුද්ගල ශක්තිය හා ස්වාධීනත්වය යටපත් වී ගිය සමකාලීන භාරතීය ඉගැන්වීම් සියල්ලම පාහේ බුදු සමයෙන් ප්‍රතික්ෂේප කර ඇත. බුදු දහමට අනුව තමාගේ ස්වාමියා තමාම ය. එබැවින් තමාගේ ඉරණම විසඳා ගත යුත්තේ තමන්ම ය. තමා පිළිබඳව

දියේ ගිලෙන ක්‍රමවේදයෙන් ආර්ය පුද්ගලයා හඳුන්වා දීම


මිනිසා පිළිබඳව මිනිස් සමාජය පිළිබඳව විවිධ විග්‍රහ විවරණ බුදු දහමෙහි සඳහන්ව ඇත. ඒ සෑම විග්‍රහයක්ම මිනිසාගේ ඵෙහලෞකික හා පාරලෞකික හිත වැඩ පිණිසත්, අවසන සසර දුකින් නිදහස් වීම පිණිසත් හේතු වන සේ විග්‍රහ කොට තිබීම බුදුදහමෙහි ඇති විශේෂත්වයකි. අංගුත්තර නිකායෙහි අනුසය වග්ගයේ එන “උදකූපම පුද්ගල” සූත්‍රය ද මිනිසා පිළිබඳව එබඳු විග්‍රහයක් ඉදිරිපත් කරන අතිශයින් වැදගත් සූත්‍රයකි.
මෙම සූත්‍රයෙන් උදකූපම පුද්ගලයන් සත් දෙනෙක් පෙන්වා දී ඇත. එම සත් දෙනා මෙසේය

ලාමක අකුසල් දුරු කෙරෙන මාවත


සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම සකස්වන ආකාරය පිළිබඳ සාමාන්‍ය පුහුදුන් ලෝක සත්වයාට අවබෝධයක් නැත. අවිද්‍යාවෙන් යුක්ත බැවින් සිතට වහල් වී කර්ම රැස්කරයි. එම කර්ම විපාකදෙන බවත් එයින් බේරීමට ස්ථානයක් නොමැති බවත් පුහුදුන් සත්වයාට වැටහෙන්නේ නැත. සියල්ල අවබෝධ කර ගත් ලොව්තුරා බුදුන්වහන්සේ පමණයි කර්මය පිළිබඳ සත්‍ය වශයෙන් කරුණු කාරණා දේශනා කොට වදාළේ.

Monday, August 31, 2015

අසත්පුරුෂ කරුණු බැහැර කරමු


පාපී ආශාවන්ට ගොදුරු වෙනවා කිව්වම ඒවායේ ලාමක ආස්වාදයක් තියෙනවා. පාප මිත්‍ර ඇසුරේ ලාමක ආස්වාදයක් තියෙනවා. අවබෝධ වුණා කියලා එන මුළාවේ ලාමක ආස්වාදයත් තියෙනවා. ඒකයි ඒවට
යට වෙන්නේ. නමුත් අප තේරුම් ගත්තොත් මේවා අසත්පුරුෂ ධර්මයන් කියලා අපට ඒවයින් ගැලවෙන්ට පුළුවන්කම තියෙනවා. අසුනොවී ඉන්ට පුළුවන්කම තියෙනවා. අසු වුණොත් ගැලවෙනවා කියන කාරණාව නෙවේ අප තේරුම් ගන්ට ඕනෑ. ඒවාට අහු වුණොත් ගැලවෙන්න බැරි වෙන්න පුළුවන්

දරුවන් අතර මුදල් ගැවසෙනවා යැයි කියන්නේ ඔවුන්ට සර්පයෙක් ලබාදීමයි


දරුවන්ට ආහාර ලබා නොදී මුදල් අතට දුන් විට බොහෝ දරුවන් මව්පියනට ඉතිරි මුදල් ලබා දෙන්නේ නැහැ. ඔවුන් තමන්ට ලබා දුන් මුදල් වියදම් වීම සඳහා හේතු සාධක නිර්මාණය කරනවා. එයත් ඔවුන් මුසාවාදයට පෙළඹෙනවා. රැවටීමට යොමුවනවා. මේ නිසා පාසල් දූදරුවන් මුදල් පරිහරණයට යොමු කිරීම සමාජ ව්‍යසනයට හේතු සාධක වනවා. මුදල් ලබා ගැනීමට නොහැකිවූවිට සොරා ගැනීමට පවා පෙළඹෙන්නට පුළුවන්. එවිට අප දු දරුවන් සමාජයේ ඉදිරි මඟකට ගෙනයාමට හැකියාව ලැබේවිද ?

සද්ධර්ම ශ්‍රවණයට මූලික වන්නේ ශ්‍රද්ධාවයි


තථාගතයන් වහන්සේ ලොව පහළ නො වන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට හමුවවන්නේ නැත. සද්ධර්මය ලොව පහළ වන්නේත්, පවතින්නේත් කල්‍යාණ මිත්‍රයා නිසායි. සෝතාපත්ති අංගයන්හි දෙවැනි අංගය සද්ධර්ම ශ්‍රවණයයි. බණ ඇසීමෙන් සිදු වන්නේ දහම් දැනුම දියුණුවීම. අද අප සාකච්ඡා කරන්නේ සද්ධර්මය ශ්‍රවණය පිළිබඳවයි.

මසුරු මල දුරු කිරීම දෙලොව යහපත ගෙන දේ


කල්ප ගණනකින් මෙලොවට පහළවන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද උදාරතම පුණ්‍ය කර්‍මයකි දානමය පුණ්‍ය කර්‍මය. ඒ සඳහා තමාගේ සිත තුළ තිබෙන ලෝභ, චේතනාව දුරු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව අප තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකදී දේශනා කොට තිබේ. මසුරු බව දුරුකොට දිව්‍යමය තත්ත්වයේත් ඉහළම පදවිය වන ශක්‍ර පදවිය පවා ලබා ගන්නට දානය උපයෝගී කරගත් ආකාරය ‘දේවාසත්තවන පද’ සූත්‍රයේදී මැනවින් විස්තර වෙයි.

වරද නිවරද කර ගැනීමෙන් ජීවිතය බබළයි

  

යම් කෙනකු මුලදී වැරැදි අඩුපාඩු සහිතව ජීවත් වී පසුව එම වැරැදි අඩුපාඩු සකස් කරගෙන නිවැරැදි ජීවිතයක් ගත කිරීමට යොමු වන්නේ නම් ඔහුට තම ජීවිතය වැඩදායක බවට පත් කරගත හැකිය. සමස්ත සමාජයම ආලෝකමත් කළ හැකිය. අංගුලිමාල හිමි සහ ධර්මාශෝක මහරජතුමා වැනි චරිතවලින් ද එය සනාථ වෙයි

සොබාදහමේ මිහිරියාවෙන් මතුවන අවබෝධය


බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.


බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර වදාළ ධර්මය සසරින් මිදීමට පෙන්වන ලද ගමන් මාර්ගයක්. බුදුදහම විරාගී දර්ශනයක්. සසරින් ගැලවීමට මිස සසරෙහි ඇලීමට එහි උගන්වා නැහැ.
එවන් දහමක් දර්ශනයක් තුළ සාහිත්‍ය කලාවකට ඉඩක් තිබේද යන ප්‍රශ්නය යම් අයකුට ඇතිවිය හැකියි. රසාස්වාදය, රසවින්දනය හා සෞන්දර්යය වැනි සංකල්ප කරා විරාගී දර්ශනයක් ඇති අයකුට යෑමට පුළුවන් ද?

උත්තරමාතු පේ‍්‍රත වස්තුව


පේ‍්‍රත ලෝකයේ තොරතුරු අපට කියා දෙන්නේ පේ‍්‍රත වස්තුවෙන්. මනුස්සයා විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී සාපයන්ගෙන් නිර්ධිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙනගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිසාව නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුලුය. එමෙන්ම අකුසල කර්මයක් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ

Sunday, August 30, 2015

විශ්වයේ සම්භවය හා පරිණාමය විස්තාරිත අග්ගඤ්ඤ සූත්‍රය


බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරන්නේ මිගාරමාතුපාසාද නම් වූ පූර්වාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකය. (දීඝ නිකායේ පාථික වග්ගයේ සිව්වැනි සූත්‍ර දේශනාවයි.) වාසෙට්ඨ භාරද්වාජ යන බමුණු කුලයෙහි පැවිදි පඬිවරුන් දෙදෙනා නිමිති කරගෙන මෙම සූත්‍රය දේශනාකොට ඇත. බුදුරජාණන් වහන්සේ සවස් යාමයෙහි ඵල සමවතින් නැඟී සිටියේ, එළිමහනෙහි සක්මන් කරමින් වැඩ සිටි සේක. උන්වහන්සේ අනුව වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනම ද සක්මන් කළහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ භික්‍ෂු දෙනමගෙන් මෙසේ ප්‍රශ්න කරති

“තෙපි වූ කලි බ්‍රාහ්මණ ජාතික වූ බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූ බ්‍රාහ්මණයන් හැර ගිහිගෙයින් නික්ම සසුන් වන්නෝ වෙහු. තොපට බ්‍රාහ්මණයෝ ආක්‍රොශ නො කරත් ද? පරිභව නො කරත් ද? “

විවේකි සිතක් සකස් කර ගැනීම

 

තම සිතට යම් වූ ගැටලුවක් පැන නැඟි විට ඒ හැම දෙයක්ම බුදුන් වහන්සේ වෙත පැමිණ විසඳා ගැනීමට කොසොල් රජතුමා ක්‍රියා කළේය. එයින් එතුමා මානසික පීඩාවන් දුරුකර ගත්තේය. ලිහිල්භාවයට පත් විය. ශාසනික දායාදය මැනැවින් ඇතිකර ගත්තේය.

සදහම් දැනුම



 ප්‍රශ්නය :- මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාද වලින් උපුටාගත් කොටසකි. මෙහි අදහස ඔබේ වචනවලින් සිංහලයට නගන්න. පරිපක්කො වයොමයිහං පරිත්තං මම ජීවිතං පහාය , වො ගමිස්සාමි කතං මෙ සරණ මත්තණො අප්පමත්තා සති මන්තො සුසිලා හොථ භික්ඛවො සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ යො ඉමස්මිං ධම්ම විනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති.

පිළිතුර :- මගේ වයස මෝරා ගියේය.මගේ ජීවිතයෙ ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඔබ හැම අතැහර මම යන්නෙමි. මගේ කටයුතු සියල්ල මම කරගෙන ඇත්තෙමි. මහණෙනි! අප්‍රමාදීව සිහි ඇතිව සිල්වත්ව වාසය කරන්න. මනාව සමාධි ගත කළ සිතිවිලිවලින් සිය සිත රැකගන්න. යමෙක් මෙම ධර්ම විනයෙහි නොපමාව යෙදෙන්නේ නම් හෙතෙම සසර හැර දුක් කෙළවර කරයි.



මුළාවට පත් නොවී නිවන් මගට පිවිසෙමු

 
මේ දේශනාව අප භාග්‍යවතුන් වහන්සේ සිදු කළේ රජගහනුවර වේළුවනාරාමයේ කලන්දක නිවාපයේ දී ය. එදින උන්වහන්සේ පින්වත් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙසේ යැයි වදාළ සේක. “සබ්බ භික්ඛවේ අන්ධභූතං “ එයින් අදහස් කරන්නේ සෑම දෙයක්ම මුළාවෙන් මුළාවට පත් වී තිබේ “කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං “ මුළාවෙන් මුළාවට පත් වී ඇති සැම දෙය කුමක්ද? යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබේ.ඇස මුළාවෙන් මුළාවට පත් වී තිබේ.

දුගතියට යාමෙන් වළකිමු


 
සුන්දරී පරිබ්‍රාජිකාව බුද්ධ කාලයේ විසූ රූමත් තරුණියකි. ලාභ සත්කාරවලින් පිරිහුණු නිගණ්ඨයෝ බුදුරදුන් හා වෛර බැඳ බුදුරදුන්ට අභූත චෝදනාවක් කිරීමට ඇය උපයෝගී කර ගත්හ. ජේතවනාරාමයේ සිට හවස බණ අසා එන පිරිසට පෙනෙන සේ ආරාමය දෙසට යන ලෙසත් උදෑසන පිරිස ආරාමයට යන විට ඇය ජේතවනාරාමය දෙස සිට ආපසු එන ලෙසටත් නියම කළහ.

ගයන ගැයුම් නටන නැටුම් ගෙන දේවි ද ශෝක සුසුම් !

 
නළුතෙම රඟමැද නැටුම් මැද ද්වේශය වැඩිවීම පිණිස කරුණු කාරණා දක්වයිද, ඔවුන්ට ද්වේශ ගින්නම වැඩිවීම පිණිස හේතුවිය. පෙර සත්ත්වයෝ පහනොවූ මෝහ ඇතියහ. මෝහන්ධාකාරයෙන් ම බැඳුණාහ. ඔවුන්ට නළුකම රඟමැද නැටුම් මැද මෝහයට කරුණු කාරණා දන්වැයි ඔවුන්ගෙ මෝහය බෙහෙවින්ම වර්ධනය විය. මෝහ සහිත විය. මෙසේ නළුකමද මත්වී ප්‍රමාදයෙහි යෙදී අන්අයද මත් කරවා, ප්‍රමාද කොට මරණින් මතු පහාස නම් නිරයක් ඇත. එහි උපදිනු ලැබේ

ලොව උපන් සත්වයාට ජීවත්වීමේ ජීවනෝ

රාජදත්ත මහරහතන් වහන්සේ

 
අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රාගය යනු සිත කෙළෙසන අකුසලයක් බවයි. රාගය විසින් සත්වයාගේ නුවණැස අන්ධ කරවයි (අන්ධකරණෝ) නුවණැස විනාශ කර දමයි (අචක්ඛුකරණෝ) සත්වයාව අඥානයෙක් බවට පත්කරවයි (අඥානකරණෝ) දුකට ඇද දමයි (විඝාතපක්ඛිකෝ) නිවන අහිමි කර දමයි (අනිබ්බාන සංවත්තනිකෝ)

ත්‍යාගය භාවනාවකි



පරිත්‍යාගය හෙවත් ත්‍යාගය භාවනාවක් වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන, එසේ තමන් සිදු කළ ත්‍යාගය පිළිබඳ මෙනෙහි කිරීම මඟින්, දන් දීමෙන් ලබන කුසල ඵල වලට අමතරව, චිත්ත සමාධිය උපදවා ගැනීමට ද හැකි වෙයි. ඔබ ‘ත්‍යාගානුස්සති’ භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම්, ආහාරයට ගන්නා දෙයින් ස්වල්පයක් හෝ සුදුසු ප්‍රතිග්‍රාහකයෙකුට පිළිගන්වමියි කියන අදිටන ඇති කරගත යුතු ය.

ඉඳුරන්හි අනියත බව



ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව 

තුන්ලොවට තිලක වූ ශාන්තිනායක අමා මෑණි බුදුපියාණන් වහන්සේ උතුම් අභිසම්බෝධිය ලබා තදනන්තරව ලෝක සත්ත්වයා භයානක ඝෝර සසර කතරින් එතෙර කරවීම උදෙසා උත්තරීතර වූ සදහම් දේශනා කොට වදාළ සේක. අවිද්‍යාන්ධකාරයෙහි ගැලී වාසය කරන පෘථග්ජන සත්ත්වයාට සසර කතරින් එතෙරවීම උදෙසා ඒ ශ්‍රී සද්ධර්මය අමෘතයක් බඳු විය. උරුවේල කාශ්‍යප ඇතුළු දහසක් ජටිලයන් දමනය කොට උතුම් රහත්ඵලයෙහි පිහිටුවීම උදෙසා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව වූයේ ආදිත්ත පරියාය සූත්‍රයයි.

අකුසලෙන් මිදී කුසල්හි යෙදීම




නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ආයු ආරෝගියං වණ්ණං
සග්ගං උච්චා කුලීන තං රතියෝ පන්ථයන්තේන
උධාරේ අපරාපරේ
අප්පමාදං පසංසන්ති - පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
අප්පමත්තෝ උහෝ අන්ථෙ - අධි ගණ්හාති පණ්ඩිතො
දිට්ෙඨිව ධම්මේ යෝඅත්ථෝ - යො වත්ථෝ සම්පරායිකෝ
අත්ථාභිසමයා ධීරො - පණ්ඩිතෝති පවුච්චතිති

පිරිතේ බලයෙන් සුවය

 

 මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්‍රය

ආශිර්වාදාත්මක දේශනාව ලෙස බෞද්ධයෝ සලකනු ලබන පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර අතර බොජ්ඣංග තුනකි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත් මෙය බුදුරදුන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම විෂයෙහි චුන්ද හිමියන් විසින් දේශනා කළහ.

බුදු දහමේ චිරස්තිථියට තාරුණ්‍යයේ දායකත්වය


බුදුරජාණන් වහන්සේගේ දර්ශනය හුදෙක් පෙනෙන දේට වඩා ස්වභාවයට එකඟ වූ යථාර්ථවාදී වූ දර්ශනයකි. අපගේ තරුණ පෙනුම එක ලෙස සැමදා නොතිබෙනු ඇත. එබැවින් තරුණවිය තුළින් මහලුවිය දැකිය යුතුය. යථාර්ථවාදි දැකීම එයයි. මහලු වියට යෑමට පෙර එය අවබෝධ කරගැනීම යථාර්ථවාදි අවබෝධයයි. බුදු දහම ළඟට වඩා දුර දකින දර්ශනයකි. එබැවින් තරුණවියෙහි ලබන ශික්‍ෂණය, අවබෝධය අගය කරන්නකි. එය පසක් කිරීමට හොඳම නිදසුන නම් බුදුරදුන් වටා එකතු වූ තරුණ ජවයෙන් යුත් බොහෝ භික්‍ෂූන් බුදුරදුන් දේශනා කළ ධර්මය අවබෝධ කොටගෙන ධර්මාවබෝධය ලබා ගනිමින් තම ජීවිතය ශාසන බ්‍රහ්මචරියාව වෙනුවෙන් කැප කිරීමයි.

යොබ්බන මදය


අද අපට දක්නට ලැබෙන සමාජයේ තරුණයන් අතර බොහෝ දෙනෙකුගේ කායික විපර්යාසයන් දැකිය හැකිය. විවිධ කොණ්ඩා මෝස්තර වලින් හිස සැරසීම පච්ච කෙටීම, පා ඇඟිලිවලට මුදු දැමීම, බෙල්ලට විවිධ වර්ගයේ දන්වැල් දැමීම (පිරිමි අය) කරාඹු දැමීම ආදිය පමණක් නොව අඳින ඇඳුම් පවා විවිධ මෝස්තර වලින් සැකසුණු ඒවාය. පිරිමි පක්ෂය පමණක් නොව විශේෂයෙන්ම කාන්තා පක්ෂය ද තරුණවියට එළඹීමත් සමඟ විවිධාකාරයේ මෝස්තරයන්ට , විලාසිතාවන්ට යොමු වේ. මේ වෙන කිසිවක් නිසා නොව තරුණවියේ ඇතිවන මදය නිසාය.තරුණ සිතට මේවා ගැලපේ යැයි හැඟුණද බුද්ධිමත්ව සමාජය දෙස බලන අයට මේවා පෙනෙන්නේ විපර්යාසයන් ලෙසය.

යහපත් විවාහ දිවියකට මෙත්ත සූත්‍රයෙන් උපදෙස්

 
මෙවර අපගේ අවධානය යොමුවන්නේ සුත්ත නිපාතයේ උරග වර්ගයේ ඇතුළත් මෙත්ත සූත්‍රයේ සඳහන් උපදේශයන් සාර්ථක දිවියකට උපකාරි වන අයුරු විමසා බැලීමයි.
මෙම මෙත්ත සූත්‍රය බොහෝ දෙනෙක් දන්නා එමෙන්ම නිතර භාවිතවන ලොකු කුඩා බොහෝ පිරිසකට කට පාඩම් ඇති සූත්‍ර ධර්මයකි. මෙය අප අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘කරණීය මෙත්ත සූත්‍රය ‘ යන නමිනි. මෙහි නම මෙත්ත යන්නයි.මෙත්ත යන්නෙන් අදහස් කරන්නේ මෛත්‍රියයි. කරණීය යන්නෙන් කළ යුතුය යන්න අදහස් කර ඇත. මෙම පද දෙක එකට ගත් කළ මෛත්‍රිය කළ යුතු අයුරු යනුවෙන් අදහස ගත හැකිය. මෙයින් ඉදිරිපත් කරන්නේ ගිහි පැවිදි සියලු ජීවිතයන්ට වටිනාම දර්ශනයකි. විශේෂයෙන් අභ්‍යන්තර බාහිර යන දෙඅංශයෙන්ම දියුණුව ඇති කරගැනීමට අවැසි උපදෙස් මාලාවක් මෙහි ඇතුළත්ය.

යොවුන්විය සහ විවාහය


 කායික වාචසික මෙන්ම මානසික විපර්යාසයක් වන ‘යොබ්බන මදය’ පිළිබඳ විමසා බැලීමට යි. මෙවර අපගේ අවධානය යොමුවන්නේ යොවුන්විය හා විවාහය පිළිබඳ බුදුදහම ඇසුරින් විමසා බැලීමටයි. සෑම සමාජයකම මානව සබඳතාවන්ගේ ප්‍රාථමික ලක්‍ෂණ අඩංගු වන්නේ පවුල වශයෙන් ව්‍යවහාර කරන සමාජ සංස්ථාවේය. ඒ අතර විවාහයට හිමිවන්නේ තිරසාර වටිනාකමකි. පෙරදිග රටවල විවාහයට විශේෂ තැනක් හිමිවන අතර අවිවාහක ජීවිතය පිළිකුලට ලක්කරයි. ගිහිව සිටින්නේ නම් අනිවාර්යයෙන් විවාහ විය යුතුය යන්න ඒ සංස්කෘතීන්ගේ පිළිගත් මතයකි. විවාහ නොවී සිටින්නේ නම් තපස් දිවියක් ගත කළ යුතුය. නො එසේ නම් පැවිදි විය යුතුය යන්න පිළිගෙන ඇත. විවාහය කාල, දීප, දේශ, සංස්කෘති හා ආගම් අනුව විවිධාකාර වෙනස්කම්වලට භාජනය වුවද සමස්ත සමාජය තුළම දක්නට ලැබෙන විශේෂ බැඳීමකි.

නිතර භාවිතා කරන සම්බුද්ධ දේශනාව



තම භාර්යාවට මෙන්ම දූ දරුවන්ටද සැලකීම විශේෂයෙන්ම ස්වාමියාගේ යුතුකමකි. බොහෝ විට නිවසෙහි ආර්ථිකය ශක්තිමත් කරන්නේ ස්වාමියාය. බිරිඳ එය කළමනාකරණය කරමින් විය පැහැදම් කළ යුතුය.තම ස්වාමියා මහන්සියෙන් උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතුය. එය බිරිඳ සිය ස්වාමියාට කරන සංග්‍රහයකි. ස්වාමියා ද මිළ මුදල් උපයා දීමෙන් පමණක් නොව ආදරයෙන්, සෙනෙහසින් තම බිරිඳ රැකබලා ගත යුතුය. විශේෂයෙන් දූ දරුවන්ගේ අධ්‍යාපනාදී අවශ්‍යතාවයන් සපුරා දෙමින් නිසි මග පෙන්වමින් පෝෂණය කළ යුතුය