ප්රශ්නය :- මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාද වලින් උපුටාගත් කොටසකි. මෙහි අදහස ඔබේ වචනවලින් සිංහලයට නගන්න. පරිපක්කො වයොමයිහං පරිත්තං මම ජීවිතං පහාය , වො ගමිස්සාමි කතං මෙ සරණ මත්තණො අප්පමත්තා සති මන්තො සුසිලා හොථ භික්ඛවො සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ යො ඉමස්මිං ධම්ම විනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති.
පිළිතුර :- මගේ වයස මෝරා ගියේය.මගේ ජීවිතයෙ ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඔබ හැම අතැහර මම යන්නෙමි. මගේ කටයුතු සියල්ල මම කරගෙන ඇත්තෙමි. මහණෙනි! අප්‍රමාදීව සිහි ඇතිව සිල්වත්ව වාසය කරන්න. මනාව සමාධි ගත කළ සිතිවිලිවලින් සිය සිත රැකගන්න. යමෙක් මෙම ධර්ම විනයෙහි නොපමාව යෙදෙන්නේ නම් හෙතෙම සසර හැර දුක් කෙළවර කරයි.
ප්රශ්නය :- බුදුරජාණන් වහන්සේ සහ ආලවක හමුව ආලවක විසින් අසන ලද එක් ප්රශ්නයකි මේ. “මනුෂ්‍යයාට ඇති වටිනාම ධනය කුමක්ද? කුමක් මනාව ප්‍රගුණ කළ විට සැප ගෙන දේ ද? සියලු රස අතර මිහිරිම රසය කුමක්ද? කෙසේ ජීවත්වීම උසස් ම ජීවිත යැයි කියත් ද? මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුරු පැහැදිලි කරන්න.
පිළිතුර :- මිනිසාට ඇති වටිනාම ධනය ශ්රද්ධාවයි. ධර්මයම මනාව ප්‍රගුණ කළහොත් සැප ලැබෙයි. සියලු රස අතර ධර්ම රසයම උතුම්ය. ප්‍රඥාවන්තව ජීවත්වීම උසස් ජීවත්වීමයි.
ප්රශ්නය :- දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් මෙබඳු ප්රකාශනයක් කර ඇති බව දක්නට ලැබේ. “ඤණංච පනමේ දස්සනං උදපාදි අකුප්පා මෙ වෙතො විමුක්ති. අයමන්තිමා ජාති නත්ථිදානි පුබ්බභවොති”මෙය සිංහලයට නගන්න.
පිළිතුර – “ මට මෙබඳු විදර්ශනා ඤාණයක් පහළ විය. මගේ වෙතො විමුක්තිය අකමපය්යය මෙය මගේ අවසන් උපතයි. නැවත පැවැත්මක් සිදුවන්නේ නැත”
ප්රශ්නය :- පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කළ චිතකයට ගිනිදැල්ලුවද ගිනි නොගත් බවත් එක් මහරහතන් වහන්සේ නමක් අතගැසීමෙන් පසුවම ගිනිදැල් නැගුණු බවත් අප අසා ඇත. ඒ ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ කවුද?
පිළිතුර :- මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ
ප්රශ්නය :– බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරමයෙහි වැඩ වාසය කරද්දී බ්‍රාහ්මණ පරපුරක්ම බුදුරජාණන් වහන්සේ හමුව බුදුන් සරණ ගියහ. මේ බ්‍රාහ්මණ පරපුර කුමක්ද? ඒ අයගේ කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරන්න.
පිළිතුර :– භාරද්වාජ බ්‍රාහ්මණ පරපුර, භාරද්වාජ අක්කොසක භාරද්වාජ සුන්දරි භාරද්වාජ විලංගික භාරද්වාජ
ප්රශ්නය :- බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා ක්‍රෝධයෙන් වෙළී ගිය සිතැතියකුට මෙසේ වදාළහ. ශ්රාවකය -ක්‍රෝධය නසා සුවසේ කල් ගෙවිය හැකි ය.ක්‍රෝධය නසා ශෝක නොවී සිටිය හැකිය. නසාලිය යුතු එකම දෙය නම් ක්‍රෝධය බව මම සිතමි. මේ තැනැත්තා පසුව පැවිදිව රහත් විය. ඒ කවුද?
පිළිතුර :- භාරද්වාජ බ්‍රාහ්මණ
ප්රශ්නය :– මේ දෙදෙනෙකු අතර ඇති වු සංවාදයකින් උපුටා ගත්තකි. මේ දෙදෙනා කවුද? බමුණා යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට පරුෂ වචනය කියා පරිභව කරන විට ඔහු බණින තැනැත්තාට ආපසු පරිභව කරයි නම් ඒ බැණුම් ඒ දෙදෙනාම එකතු වී බෙදා ගැනීමක් තමයි කරන්නේ. ඒ නිසා බමුණ මා ඔබේ බැණුම් පිළිගන්නේ නැහැ. ඒවා ඔබම පිළිගන්න.
පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සහ අක්කොසන භාරද්වාජ අතර වු සංවාදයයි.
ප්රශ්නය :– කාන්තාවන් පිළිබඳ මේ කියමන බලන්න. “ආදරය, කරුණාව, දයාව, කැපවීම, ඉවසීම, අධිෂ්ඨානය හා ධෛර්යය” වැනි ලෞකික ගුණධර්ම පමණක් නොව මාර්ගඵල උසස් ආර්ය ගුණධර්ම කාන්තාවන්ට ප්‍රගුණ කළ හැකි බව. ඇය ලොවට පෙන්වා දුන්නාය.මේ ශ්‍රේෂ්ඨ කාන්තාව කවුද?
පිළිතුර – මහා ප්‍රජාපති ගෝතමිය
ප්රශ්නය :- රජගහනුවරටත් නාලන්දා නුවරටත් අතර බ්‍රහ්මපුත්ත නම් නුගරුක යට ඇති වූ සංවාදයකි.
මේ දෙදෙනා කවුද? මේ කරුණු තුනෙන් දේශක හා ශ්‍රාවක අතර ඇතිවන සද්භාවය කුමක්ද?
1. ස්ථවිර – නවක, මධ්‍යම යන සියලු භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගෞරවය හා ආචාර්ශිලි භාවය ඇතිව හැසිරිය යුතුය.
2. ධර්මය අසනවිට එය තමන්ට වැඩදායක යැයි සිතා මුළුසිතින්ම කන් යොමා ඇසිය යුතුය.
3.කය අනුව සිත විහිදුවාගෙන (කායගතාසතිය) ශරීරයෙහි නිස්සාර භාවය මෙනෙහි කළ යුතුය.
පිළිතුර :- බුදුරජාණන් වහන්සේ සහ පිප්පිලි බ්‍රාහ්මණ කුමරු තම ජාති මානය දුරුකිරීම පිණිස පළමු කාරණය ද බහුශ්‍රැත භාවය නිසා ඇතිවිය හැකි අහංකාරය දුරුකිරීම පිණිස, දෙවන කරුණ ද ශරීර ලක්ෂණ නිසා ඇතිවන මමත්වය දුරුකිරීම පිණිස තුන්වන කරුණද බුදුරජාණන් වහන්සේ වදාළහ.
ප්රශ්නය :- ශ්‍රී‍්‍ර ලංකාවේ දළදා පෙරහර පැවැත්වූ රජවරුන් අතරෙන් අවසන් වරට දළදා පෙරහර පැවැත්වූ රජතුමා කවුද?
පිළිතුර :– කීර්ති රාජසිංහ රජතුමා
ප්රශ්නය :- ධූතාංග ධාරින් අතරින් අග තනතුරු ලත් මෙම ශ්‍රාවකයාණන් වහන්සේ වරෙක බුදුරජාණන් වහන්සේ අමතා මෙසේ වදාළහ. ස්වාමීනි, මම බොහෝ කලක් ආරණ්‍යවාසය කළෙමි. දිගු කලක සිට පිණ්ඩපාතයෙන් යැපේ. පාංශුකූල සිවුරු දරමි. සැහැල්ලු දිවියක් ගෙවමි. එය මට රුචිය. මෙම ශ්‍රාවකයාණන් වහන්සේගේ නාමය කුමක්ද?
පිළිතුර- කරුණා ගුණණයෙන් හා නිහතමානී ගුණයෙන් යුතු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ.
ප්රශ්නය :- වාද අතරෙන් පානදුරා වාදය බුදුදහම විදේශයන්හි පවා ව්‍යාප්ත වීමට හේතු විය. ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරටට පැමිණ ඉමහත් බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීමට හේතු වූයේ පානදුරා වාදයයි.මේ පානදුරා වාදයේ නිර්මාතෘවර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාදිභසිංහ වු මුන්වහන්සේගේ නම කුමක්ද?
පිළිතුර – පරවාද මථනය කළ පැවිදි මිණිපහන විරුදාවලිලත් මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේය.
ප්රශ්නය :- පහත සඳහන් සංවාදය සිදුවූයේ කවුරුන් අතරද නාමිකව සඳහන් කරන්න. ‘රජතුමනි මානසික වශයෙන් මෙලොව පරලොව සැනසීම ලබාදීමට සමත් එකම උත්තමයා ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහනසේ දැනට ශ්‍රාවක පිරිස පිරිවරාගෙන අඹ උයනේ වැඩ වෙසෙනවා. අපි උන්වහන්සේ මුණ ගැසීමට යමු.’
පිළිතුර :- ජීවක වෛද්යාචාර්ය තුමා සහ අජාසත් මහ රජතුමා
ප්රශ්නය :- තමා අතහැර නොයන සෙවණැල්ලේ මෙන් කුසල කර්මයක් විපාක දුන් අයුරු පැහැදිලි කරන ශ්‍රාවක චරිත කතාවක් සඳහන් කරන්න.
පිළිතුර :– ලාභීන් අතරින් අගතනතුරු ලත් සීවලි මහරහතන් වහන්සේගේ චරිත කථාව
ප්රශ්නය :- පියමතුරා බුදුරදුන් සමීපයෙහි මම මතු බුදු සසුනක ධර්ම කථික භික්ෂූණීන් අතර අග තනතුර පතමි යනුවෙන් එතුමිය කළ ප්‍රාර්ථනය ඉටු කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසු කළෙක ධර්ම කථික භික්ෂුණීන් අතර අගතනතුර ලැබූහ. මෙම රහත් තෙරණිය කවුද?
පිළිතුර – ධම්මදින්නා රහත් තෙරණිය
ප්රශ්නය :– සිව්වනක් පිරිසෙහි තෙවැනි තැන හිමිවන්නේ උපාසකවරුන්ට ය. බුදුරදුන් වැඩ සිටි කළ ජීවත් වු විවිධ චරිත ඇත උපාසකවරුන් අතරෙන් උපාලි ගහපති. විත්ත ගහපති යන අය ගැන කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර :- උපාලි ගහපති, නිගණ්ඨනාථ පුත්තගේ ගිහි ශ්‍රාවක වු උපාලි ගහපති, නාලන්දා නුවර විසූ ඉතා ධනවතෙකි.
චිත්ත ගහපති බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්ම කථික උපාසකරුවන් අතුරෙන් අගතනතුර ලැබීය. පියමතුරා බුදුරදුන් සමයෙහි සිට බලාපොරාත්තු සහිතව පින්දහම් කළ චිත්ත ගහපතිතුමා මව්ජිකාභණ්ඩ නුවරෙහි සිටු තනතුරක් ද ලැබූහ.
අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ උඳුවප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
ජනවාරි 01 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment