උදෑසනම රතන සූත්‍රය සජ්ක්‍ධායනා කිරීමට අපට හැකියාවක් ඇත්නම් එය වඩාත් අගයකිරීමට පුළුවන්. තුන් සූත්‍රයෙන් ඉතිරි සූත්‍ර දෙක වන කරණීයමෙත්ත සූත්‍රයත්, මහාමංගල සූත්‍රයත් හවසට සජ්ක්‍ධායනා කරන්න පුළුවන්. හැකියාවක් ඇත්නම් වේලාවක් තිබේ නම් උදේ සවස දෙකෙහිම තුන් සූත්‍රයම හඬ නගා කියවීමට පුළුවන් නම් එය අපගේ ආරක්ෂාව සඳහා විශාල පිටිවහලක්
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ඕනෑම සූත්‍රයක් නිවසේදි සජ්ඣායනා කිරීම හෝ ආරක්ෂාව සඳහා යොදා ගැනීමට හෝ හැකි බව අප පසුගියදා කතා කළා.
උදෑසනම රතන සූත්‍රය සජ්ක්‍ධායනා කිරීමට අපට හැකියාවක් ඇත්නම් එය වඩාත් අගයකිරීමට පුළුවන්.තුන් සූත්‍රයෙන් ඉතිරි සූත්‍ර දෙක වන කරණීයමෙත්ත සූත්‍රයත්, මහාමංගල සූත්‍රයත් හවසට සජ්ක්‍ධායනා කරන්න පුළුවන්.
හැකියාවක් ඇත්නම් වේලාවක් තිබේ නම් උදේ සවස දෙකෙහිම තුන් සූත්‍රයම හඬ නගා කියවීමට පුළුවන් නම් එය අපගේ ආරක්ෂාව සඳහා විශාල පිටිවහලක්.
මහා මංගල සූත්‍රයේ ගාථාවක් ගාථාවක් පාසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ‘එතං මංගල මුත්තමං’ යනුවෙන් දක්වා තිබෙනවා. එය උතුම් මංගල්‍යයක්ම වේ යන්න සෑම ගාථාවකම අවසානයේ සඳහන් වෙනවා.
රතන සූත්‍රයේ බොහෝ ගාථාවල දක්නට ඇත්තේ ‘ඒතේන සච්චේන සුවත්ථිහෝතු’ යනුවෙනි. එහිදී ඔබට යහපතක්ම වේවා යනුවෙන් ආශිර්වාද කරනවා. එසේම කරණීයමෙත්ත සුත්‍රයේ වටිනාකම දෙඅංශයෙකින් අපට වැදගත් වනවා. එකක් ආරක්ෂක පිරිතක් ලෙසින් අනෙක රහත්ඵලයට පවා ළඟා විය හැකි කමටහනක් ලෙසින්. ඒ නිසයි මේ සූත්‍ර තුන තුන් සූත්‍රය යනුවෙන් අපි භාවිතා කරන්නෙ. මහා විහාර වංශික භික්ෂූන් වහන්සේ එදා පැහැදිලිව වෙන් කරගත් මේ සූත්‍ර තුන, තුන් සූත්‍රය ලෙසින් අප පිළි ගත්තත් වර්තමානයේ ඇතැම් මිත්‍යා දෘෂ්ඨිකයන් එය සදොස් බව දක්වමින් ජනතාව මුළා කරනවා.
අපේ ඇතැම් බෞද්ධයන්ට මතුවන තවත් ගැටලුවක් වන්නේ දානය පිරිනැමීමෙන් පසුව පිරිත් පින්කමක් සිදුකරනවාද? එසේත් නැත්නම් පිරිත් පින්කමෙන් පසු දානමය පින්කම කරනවාද යන්නයි.
සාමාන්‍යයෙන් අද දක්නට ලැබෙන්නේ පිරිත් පින්කමෙන් පසුව දානමය පින්කම පැවැත්වෙන බවයි. එසේ වුවත් සමාජයේ ඇතැම් අයගේ මතය වෙලා තියෙන්නේ. පිරිත් පින්කමෙන් අප ඈත් කරන අමනුෂ්‍යයන් වැනි අය දානමය පින්කමකදී පින් ලබා ගැනීමට පැමිණෙන බවයි.
ඇත්තෙන්ම මෙය ඔබේ නොදැනුවත්කමයි මෙවැනි මිථ්‍යා මත වපුරවන්නේ තමන් සියල්ල දත් යැයි පවසන අයයි. තමන් බුදුවරුයයි සෝවාන් වූවා යැයි පවසන අයයි. නැත්නම් ගිහි පිරිත් දේශනා කරනවා යැයි කියා ගන්නා ඇතැම් පිරිස් විසින් ගිහි පිරිතක් කියා එකක් බුදු දහමේ නැහැ. ගිහි අය පිරිත් කියා ගැනීම වරදක් නෙමෙයි. එහෙත් ගිහි පිරිතක් කියා කිසිවක් නැහැ. එසේම එසේ පිරිත්දේශනා කිරීමට වෙනමම ගිහියන් නැහැ.පිරිතක් දේශනා කරන ස්ථානයේ තිබිය යුත්තේ තුනුරුවන්. තුනුරුවන් නැති ස්ථානයේ පිරිතක් නැහැ. ධාතු කරඬුව ධර්ම රත්නය, සංඝරත්නය සිටින ස්ථානය පිරිත තියෙන්නෙ.
විශාලා මහනුවර තුන්බිය ඇතිවූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේටත් තිබුණ ගිහි පිරිසක් ලවා රතන සූත්‍රය සජ්ක්‍ධායනා කර පිරිත් පැන් ඉසීමට සලස්වන්න. එසේ නොකර ඇයි පිරිත් පැන් ඉසීම ආනන්ද හිමියන්ට ලබා දුන්නෙ. මෙයයි අප තේරුම් ගත යුත්තේ.
පළමුව පිරිත් සජ්ක්‍ධායනා කර දෙවනුව දානමය පින්කමක් පැවැත්වීම වඩාත් යෝග්‍ය බව පෙනෙනවා.
එමෙන්ම පිරිත යනු කුමක්ද කියා ඔබ වරදවා වටහා ගන්න එපා. පිරිත කියන්නෙ යක්ෂයන්ට පේ‍්‍රතයන්ට ගහල එළවන ගඩොල් බාග නැත්නම් පොල් කැබලි මිශ්‍රණයක් නෙමෙයි. ඇතැම් දෙනෙක් හිතන්නේ ආටානාටිය සූත්‍රය කියන්නේම යක්ෂයන් පේ‍්‍රතයන් එලවා දමන්නම කියා.
අද සමාජයේ බොහෝ විට පිරිත් පින්කමෙන් පසු දානමය පින්කම සිදු කරන බව අප කතා කළා. දානමය පින්කමට ඔබට නොපෙනෙන ලෙස සම්බන්ධ වීමට එන්නේ පින්ගැනීමට කැමති අවශ්‍ය අය පමණයි. එහෙත් දානමය පින්කමේදි ඔබ පුලුටු මස් මාංශ භාවිතා කරනවා නම්, මත්වතුර තිබේනම් මිත්‍යා දෘෂ්ඨික දේවතාවන් වැරැදි වැඩවලට සම්බන්ධ අය නොපෙනී එතැනට එන්න පුළුවන්.
ඒත් සමගම ඔබට මතුවන තවත් ප්‍රශ්නයක් වී ඇත්තේ පිරිතක බලය කොපමණ වේලාවක් රඳා පවතීද යන්නයි. ඒ වගේම පිරිත් පින්කමෙන් පසු දානයට භික්ෂූන් වහන්සේ වැඩම කරවන අවස්ථාවේදිත් පිරිත් මණ්ඩපය එලෙසම තිබෙනවා. ‘තුන් වරුවක් යනකල් මණ්ඩපය ගලවන්න හොඳ නැහැනෙ. පිරිතේ බලය තියෙන්නෙ තුන්වරුවනෙ.’
ඉතාම වැරැදි මිථ්‍යා දෘෂ්ටියක්. පිරිත් දේශනාවේ බලය මේ බුද්ධකල්පය පුරාවටම තිබෙනවා. එසේම අපේ සමාජයේ බෞද්ධයන්ට තිබෙන .තවත් ප්‍රශ්නයක් තමයි බුදු පහන තිබිය යුත්තේ කුමන පැත්තටද යන්න ගැන.තවත් සරලව කියනවානම් බුදුපහනේ දැල්ල පැවතිය යුත්තේ කුමන පැත්තටද යන්න අපේ අයට ගැටලුවක්.
බුදුරජාණන් වහන්සේ උදෙසා පහනක් දල්වනවා නම් එය බුදු පිළිමයට දැල්ල සිටින සේ දැල්විය යුතුවනවා.
පහන දැල්වීමේ අරමුණ මොකක්ද? අපේ බලාපොරොත්තුව මොකක්ද? ‘මෝහාන්ධකාරය දුරුවී ප්‍රඥාව පහළ වේවායි යන්න නම් පහනේ දැල්ල කුමන පැත්තට දැල්වුවත් ගැටලුවක් නැහැ.
පහනක් නිවන අවස්ථාවේදී එය කටින් පිබීමෙන් නිවා දැමීම නුසුදුසු දැයි අසනවා. එහි විද්‍යාත්මක සත්‍යය නම් පළමුවර පිඹීමේදී එය නිවා දැමීමට නොහැකි වුවහොත් දැල්ල තමන්ගේ මුහුණට පැමිණ මුහුණ පිලිස්සී යාමට ඉඩකඩ තිබෙනවා.බුදුපිළිමය නිවසේ කුමන දිශාවකට තැබිය යුතුද යන්නත් ඇතැමුන්ට තිබෙන ලොකු ප්‍රශ්නයක්.
බුදු කුටිය සකසා ගැනීමේදී වන්දනා කරන තැනැත්තා නැගෙනහිර බලාගෙන එසේත් නැත්නම් උතුර බලාගෙන සිටීම සුබයි යන්න මතයක් තිබෙනවා. ඒ විවිධ වාස්තු විද්‍යාවට අනුව.
මූලිකවම පැවසීමට ඇත්තේ බුදුරජාණන් වහන්සේට දිසාවක් නැහැ. උන්වහන්සේ තුන්ලෝකාග්‍රයි. බුදුරජාණන් වහන්සේට දිසාවක් කොහෙද?
එසේනම් ඔබ කළ යුත්තේ පහසුවෙන් යාමට හැකි පිරිසුදු සථානයක බුදු කුටිය තනාගැනීමයි. වාස්තු විද්‍යාව බුදු පිළිමයට අදාළ නැහැ.
එහෙත් ඔබ ඒ විද්‍යාවට ගරු කරනවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් එහි වරදක් නැහැ. එසේ වුවත් බුදුපිළිමය තැබිය යුත්තේ පිරිසුදු ස්ථානයකයි. ඒ වගේම අප මිථ්‍යා දෘෂ්ඨීකයන් විය යුතු නැහැ. එසේ වුවහොත් අප බුදු දහමට නිගා කරනවා. බොහෝ අය තමන්ට වැළෙඳන ලෙඩ රෝගවලට නිවස පාදක කර ගන්නවා.
‘උළුවහු වැරැදියි ලෙඩවෙන්නෙ ඒකයි’ මෙවැනි ප්‍රකාශ අපට ඇහෙනවා.
ඔබ වාස්තුවිද්‍යාව අගය කරනවා නම් එය වෙනමම කතාවක් .එහෙත් බෞද්ධයන් ලෙස ඔබ තුනුරුවන් කෙරෙහි විශ්වාසය තබා ගත යුතුවනවා. තුනුරුවන් කෙරෙහි ඔබ නිසි පරිදි විශ්වසනීයත්වයක් ඇති කර ගන්නවා නම් ඔබ කිසිදු වාස්තු දෝෂයකට බිය විය යුතු නැහැ.
දුම්රිය පාර අයිනෙ ගෙවල් හදාගෙන ඉන්න අයට දිසාවක් තියෙනවද? බටහිරට දොර නොදා ඉන්නවද? ටිකක් හිතල බලන්න. අපි කොට්ට හතර පහක් දාල නෙට් දාල දරුවන් පරිස්සම් කරනවා. ඒ අයට මේ කිසිම ලෙඩක් නැහැ. ඒත් අපේ සමහර දරුවන් අසනීප වෙනවා.
මේ තත්ත්වයෙන් අප තේරුම්ගත යුත්තේ කුමක්ද? ඔබ මිථ්‍යා දෘෂ්ඨිකයෙක් වන්නට එපා.
ඔබ කර්මය, කර්ම ඵලය විශ්වාස කරන අයෙක් නෙමෙයිද. සැබැවින්ම ඔබ උපාසක චණ්ඩාලයෙක් විය යුතු නැහැ. භූමියකට, ගෙයකට කරන්න පුළුවන් දෙයක් නැහැ.
ඔබ තුනුරුවන් අදහන්න . ඒ අනුව කටයුතු කරන්න. නිවසේ දොස් නොව ඔබ අතින් සිදුවන දොස් ගැන සිතා බලන්න
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ මාර්තු 19 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment