නිතර නිතරම බුදුපාමොක් මහ සඟනට තම නිවසට ආරාධනා කොට තම දෝතින්ම දානය සකසා පිළිගැන්වූවාය. කල්යාමේදී මෙම සිටු දියණිය සිටුපුතුගේ බිරිඳ බව දැනගත් සිරිමා ගණිකාව ඇය වෙත වෛර උපදවා කුස්සියට ගොස් කැවුම් උයන පැසුණු ගිතෙල් බඳුනෙන් තෙල් හැන්දක් ගෙන සිටු දියණියගේ හිසට වත් කළාය. ඇය කෙරෙහි ක්‍රෝධයක් පහළ නොකොට මෛත්‍රියම උපදවා ගැනීම හේතුවෙන් උතුරන තෙල් සීතල විය. නැවත නැවත තෙල් වත්කළ විට එයින් කිසිදු හානියක් නොවීය.සිටු දියණියගේ අනෙක් සේවිකාවන් මෙය දැක සිරිමා ගණිකාවට අතින් පයින් තලා පෙළා ඇයගේ ඇඟට උණු තෙල් වත් කළහ.
රගහනුවර සුමන සිටුවරයාගේ ගෙදර ‘පුණ්ණ’ නැමැති මෙහෙකරුවෙක් වෙයි. ඔහුගේ බිරිඳ උත්තරා වන අතර ඔවුන්ට දියණියක්ද වූවාය. බැලමෙහෙවර කිරීමෙන් ලැබෙන වැටුපෙන් පුණ්ණ මෙහෙකරුවා තම පවුලේ වියදම් පියවා ගනී. මේ අතරෙහි රටෙහි රජතුමා සැණකෙළි සතියක් ප්‍රකාශයට පත් කළ අතර සියලු දෙනා සියලු කටයුතු නවතා මෙම සැණකෙළියට සහභාගි විය යුතු බවට ප්‍රකාශ කෙරිණි. එහෙත් පුණ්ණ දාසයා මෙම සැණකෙළියට නොගොස් එය ධනවතුන්ගේ කාර්යක් බව පවසා සිටු මැඳුරෙහි මෙහෙවරෙහි නිරත විය.
එදින ඔහුට පැවරී තිබුණේ සිටුවරයාට අයත් කුඹුරෙහි සීසාන්නටය. ඒ සඳහා ගොනුන් ද නගුලද ගෙන පිටත් වීය. උත්තරා බිරිඳට ද ඒ බව දන්වා තමන්ට දෙගුණයක් ආහාර පිළියෙළ කොට රැගෙන එන්නැයි ද කියා පිටත්වීය.
මේ අතරෙහි සත්දිනක් නිරෝධ සම්පත්තියෙන් වැඩ සිටි සැරියුත් තෙරුන්ගේ නුවණ තුළට පුණ්ණ දිළින්දා යොමු විය. ඔහුගේ කුසල සම්පත්තිය අනුව ඔහුට මහා සම්පත් හිමි කරදී ඔහුගේ දිළිඳු බව අවසන් කරන්නට ඔහු වෙතට වැඩම කරන්නටද සැරියුත් හිමියෝ තීරණය කළහ. ඒ අනුව තමන් සීසාන කුඹුර අසබඩ වැඩ සිටි සැරියුත් තෙරණුවන් පුණ්ණ දිළිදාගේ අවධානයට යොමුවිය.
ඔහු සී සෑම නවතා ගොඩට පැමිණ තෙරණුවන්ට පසඟ පිහිටුවා වැඳ දැහැටි කූරක් දත්මැදීම පිණිස සකසා පිළිගැන්වීය. මුහුණ දෝවනය පිණිස පැන් පෙරා දුන්නේය. ඔහුට වඩාත් අනුගත කරන්නාට කල්පනා කළ සැරියුත් තෙරුණුවෝ ඔහුගේ බිරිඳ ද කුඹුරට එන තුරු වැඩ සිටින්නට සිතූහ.
මේ අතරෙහි දිවා කාලයෙන් සිය සැමියාට බත රැගෙන කුඹුරට එන්නට උත්තරා ද පෙරමඟට පැමිණි බව දැනගත් තෙරණුවෝ ඇය සමඟ ඉදිරි මගට වැඩම කළහ. අතර මඟදී උත්තරාවට සැරියුත් තෙරණූවන් හමු වූ විට ඇය කල්පනා කළේ තමන්ට යමක් දෙන්ට හැකිවූ කල්හි ආර්යන් වහන්සේ හමු නොවෙති. දන් දෙන්නටද දෙයක් ඇත.
පිළිගන්නට ද කෙනෙක් ඇත. තම සැමියාට සැකසූ ආහාර කොටස මුන්වහන්සේට පිළිගන්වමි’යි සිතා පසඟ පිහිටුවා වැඳ දානය ලෙස මෙය පිළිගන්නැ’යි ඉල්ලා සිටියාය. තෙරණුවෝද එය පිළිගෙන උත්තරාවට සියලු සම්පත් ලැබේවායි ආශිර්වාද කොට දානය වැළදූහ. උත්තරාවද නැවත ගෙට ගොස් බත සකසා ගෙන කුඹුරට පැමිණියාය.
මේ අතරෙහි දිවා ආහාරය පමා වීමෙන් සාගිනි ඉවසා ගත නොහැකිව ගවයින් නගුලෙන් මුදා රුක් සෙවණකට වී කෝපයෙන් බලා සිටියේය. තම සැමියා කෝපයෙන් සිටින බව දැනගත් උත්තරා දුර සිටම තමා කුසල කර්මය ගැන කිය කියා සිත පහදවා ගන්නැයි ඉල්ලා සිටියාය. ඒ කථාව ඇසූ පුණ්ණ තමාද උදෑසන කළ කුසල කර්මය බිරිඳට පවසා දෙදෙනාම සතුටු වී එම දෙදෙනාම කළ පින් අනුමෝදන් විය.
එයින් මහත් සංතෝෂයට පත්වු පුණ්ණ බත පමා වීමෙන් ඇති වූ ක්ලාන්ත ගතිය නිවා ගන්නට තම බිරිඳගේ ඇකයේ හිස තබා නිදන්නට විය. ඔහුට නින්දේදී තමා සීසෑ කුඹුර රන් ආකරයක් බවට පත්ව ඇති සැටි පෙනෙන්නට විය. දෑස හැර නැවත කුඹුරට බැස බලන්නේ සැබවින්ම ඔවුනට රත්‍රං උල්පතක් පාදා ගන්නට හැකි විය.
එකාන්තයෙන්ම සැරියුත් හිමියන්ට පිදූ දානයෙහි අනුහසින් මෙවැන්නක් අපට ලැබුණැයි සතුටුව ඒ බව සිටුවරයාට දැන්වීය.සිටුවරයාද එය පරීක්‍ෂා කර බලා රජුට දැන්වීය. රජු රාජපුරුෂයන් හා ගැල් යවා මෙම රත්‍රං ආහාරය හාරා රජ මිදුලෙහි ගොඩ ගැසීය. එහෙත් මේ සියල්ල පුණ්ණට හිමි රත්‍රං බැවින් ඔහුට සිටු තනතුර පිරිනමා ‘බහුධන සෙට්ඨි’ යනුවෙන් නම් කර මහත් භෝග සම්පත් හිමි කර දුන්නේය. එපමණක් නොව රමණීය සිටු මැඳුරක් ද තනවා දුන්නේය. එම නිවස ගෙවැදීම සඳහා සත් දිනක් පුරා බුද්ධප්‍රමුඛ මහා සංඝයාට දන් පිරිනැමීය.අවසානයේ බුදුහිමියෝ දානයෙහි අනුසස් වදාළහ. එය ඇසූ පුණ්ණ සිටුද උත්තරා ද ඇයගේ දියණියද සෝවාන් වූහ.
අනතුරුව රජගහ නුවර සිටුවරයා තම පුතුට මෙම ‘බහුධන සෙට්ඨි’ සිටුවරයාගේ සෝවාන් වූ දියණිය විවාහ කර දෙන්නට යෝජනාවක් ඉදිරිපත් කළේය. එම පුතු මිථ්‍යා දෘෂ්ඨික බැවින් සිටුවරයා එම යෝජනාව ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් බොහෝ දෙනා මෙම විවාහය කර දෙන්නැයි සිටුවරයාට බලපෑම් කළහ. ඒවාට සවන් දුන් සිටුවරයා තම දියණිය මෙම මිථ්‍යා දෘෂ්ඨික සිටු පුතුට විවාහ කර දුන්නේය.
එහෙත් එතැන් සිට සිදුවූයේ කුමක්ද? සිටු දියණියට බුදුරදුන් දකින්නට, සඟුන් දකින්නට හෝ දහම් අසන්නට කිසිදා අවකාශයක් නොලැබුණි. ඒ ගැන කලකිරී සිටු දියණිය ඒ බව තම පියාටද දන්වා යැවූවාය. පියා ද ඒ ගැන කනගාටු වී තම දියණියට සහායිකාවක ලෙස නගරයේ සුප්‍රසිද්ධ පුර ස්ත්‍රියක් වූ සිරිමා ගණිකාව ගෙන්වා දුන්නේය. දියණිය සිරිමා ගණිකාව තම සැමියාට පවරා දි තමා රිසි සේ පින්කම් කරන්නට පටන් ගත්තාය.
නිතර නිතරම බුදුපාමොක් මහ සඟනට තම නිවසට ආරාධනා කොට තම දෝතින්ම දානය සකසා පිළිගැන්වූවාය. කල්යාමේදී මෙම සිටු දියණිය සිටුපුතුගේ බිරිඳ බව දැනගත් සිරිමා ගණිකාව ඇය වෙත වෛර උපදවා කුස්සියට ගොස් කැවුම් උයන පැසුණු ගිතෙල් බඳුනෙන් තෙල් හැන්දක් ගෙන සිටු දියණියගේ හිසට වත් කළාය.
ඇය කෙරෙහි ක්‍රෝධයක් පහළ නොකොට මෛත්‍රියම උපදවා ගැනීම හේතුවෙන් උතුරන තෙල් සීතල විය. නැවත නැවත තෙල් වත්කළ විට එයින් කිසිදු හානියක් නොවීය. සිටු දියණියගේ අනෙක් සේවිකාවන් මෙය දැක සිරිමා ගණිකාවට අතින් පයින් තලා පෙළා ඇයගේ ඇඟට උණු තෙල් වත් කළහ.
අවසානයේ සිරිමා සියල්ල අවබෝධ කොට සිටු දියණිය ඇතුළු සියල්ලන්ගෙන්ම සමාව ගෙන බුදුරදුන්ගෙන්ද සමාව අයැද සිටියාය. එවිට බුදුහිමියෝ ක්‍රෝධය මෛත්‍රියෙන් ජය ගැනීමේ අනුහස් දෙසා වදාළහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානි
අගලකඩ සිරිසුමන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
පෙබරවාරි 14 වන සිකුරාදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment