රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 27 වනදා බ්‍රහස්පතින්දා දින ලිපිය
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - හාවෙතබ්බඤ්ච භාවිතං
පහාතබ්බං පහීනං මෙ – තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ
මෙම ගාථාව ඇතුළත් වනුයේ සුත්ත නිපාතයේ මහා වග්ගයේ සේල සූත්‍රයේ ය. බුදුන් වහන්සේ එහි දී මෙසේ දේශනා කරති.
පහාතබ්බං පහීනං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණාති
මම දැනගත යුතු දේ දැන ගතිමි. මම වැඩිය යුතු දේ වැඩුවෙමි. මම ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළෙමි. ඒ නිසා මම බුද්ධ වෙමි යනුවෙන් ප්‍රකාශ කර ඇත. බුද්ධත්වය කුමක්ද? යන්න අද බොහෝ දෙනා විමසන ගැටලුවකි.
පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙ නූපලිප්පති
ඒවං පුඤ්ඤෙ ච පාපෙ ච – උභයෙතත්වං න ලිප්පති
පුණ්ඩරිකං යථා වග්ගු - සුදු නෙළුමක් මඩෙන් මතු වී දිය මතු පිටට විත් ජලයෙහි නොතැවරේ ද, එසේ පින් හා පව් යන දෙකෙහි උන් වහන්සේ නොතැවරෙන සේක. සුදු නෙළුමක් මඩෙන් මතු වී දිය මතුපිටට විත් මතුපිට සුවඳවත් කරමින් ආලෝකවත් කරමින් බබළයි ද එමෙන් මෙ මිනිස් සමාජය නමැති මඩ ගොහොරුවෙන් ඉපිද මනුෂ්‍යත්වය උත්තරීතර මට්ටමට සංවර්ධනය කොට උත්තරීතර මිනිසෙක් ලෙස පැවතීම සම්බුදුරජාණන් වහන්සේ ගේ ස්වභාවයයි. සමාජය නමැති කසළ ගොඩෙන් මතු වී ඉහළ ආ සුදු නෙළුමක් ලෙස උන් වහන්සේ පිළි ගැනේ.
දසබලධාරී බුදුරජාණන් වහන්සේ බෞද්ධයා පිළිබඳ අපේක්‍ෂා කළේ මෙවන් පිරිසුදු තත්ත්වයකි. ඒ පිළිබඳව උන්වහන්සේගේ කල්පනාව මෙසේ විය.
යථා සඞකාරධානස්මිං - උජ්ඣිතස්මිං මහාපථෙ
පදුමං තත්‍ථ ජායෙථ - සුචිගන්ධං මනොරමං
යම් සේ මහාමාර්ගයක් අසල දමා ඇති කුණුවලක පියුමක් පිපේ ද, එය ඉතා සුවඳවත් වූයේ ද මනරම් වූයේ ද වෙයි.
එමෙන්ම
ඒවන් සඞකාරභූතෙසු - අන්ධභුතෙ පුථුජ්ජනෙ
මෙසේ කුණු ගොඩක් වන් අන්ධ බාල පෘථජ්ජන ලෝකයේ,
“අතිරොචති පඤ්ඤාය සම්මා සම්බුද්ධසාවකො”
සම්බුද්ධ ශ්‍රාවකයා සෙසු අය ඉදිරියේ ප්‍රඥාවෙන් බබළයි යනු යථොක්ත ගාථාවේ අදහසයි.
ඒ නිසා ජිනේන්ද්‍රයාණන් වහන්සේ දෙවියෙක්, යක්‍ෂයෙක්, වෙනත් උසස් ලොවකින් අපට ආ විශේෂ පණිවුඩකරුවෙක් හෝ විශේෂ ශාස්තෘවරයෙකු ලෙස නොව මනුෂ්‍යයෙක් වශයෙන් ඉපැදී මනුෂ්‍යත්වය මුහුකුරවාලිය හැකි උපරිම මට්ටමට මුහුකුරවා උතුම් සම්බෝධියට පත් උත්තරීතර මිනිසෙකු ලෙසින් සැලකිය යුතු ය.
මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ එදා බෝමැඩ දී අවබෝධ කළ ධර්මය කුමක්ද?
මේ බියකරු සසරේ අප දිගින් දිගට ගමන් කරන හේතුව ලෙස එදා නර ශ්‍රේෂ්ඨයාණන් වූ බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන ලද්දේ තෘෂ්ණාවයි. බුද්ධත්වය ලෙස අප සාකච්ඡා කරනුයේ තෘෂ්ණාව නැති කිරීමෙන් උන්වහන්සේ ලබාගත් විමුක්තිය අත්දුටු අවස්ථාවය. උන්වහන්සේ එදා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය හෙවත් දුක ඇති වීම, දුක නැතිවීම හා ඒ කාරණා දෙකට සම්බන්ධ හේතු ප්‍රත්‍යයන් දෙස බලමු.
දුක්ඛ සත්‍යය – පවත්නා තත්ත්වයයි. අපි හැම කෙනෙක්ම දුක්ඛ යන ස්වභාවයට මුහුණ දෙමින් ජීවත් වෙමු. දුක යන ස්වභාවය චක්‍රවර්ති රජුටත් ඉක්ම විය නොහැක
.
“දුකේඛ ලොකො පතිටිඨිතො”
මුළු මහත් ලෝකය ම දුක මත පිහිටා ඇත. ඒ හෙයින් සැප යැයි අප කල්පනා කරන කාරණාවලට දුක ඉක්මවිය නොහැක.
“ජාතිපි දුක්ඛා, ජරාපි දුක්‍ඛා, ව්‍යාධිපි දුෙක්‍ඛා, මරණම්පි දුක්‍ඛං, අප්පියෙහි සම්පයොගො දුෙක්‍ඛා, පියෙහි විප්පයොගො දුෙක්‍ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්‍ඛං”
“ජාතිපි දුක්‍ඛා - ඉපදීම දුකක් ලෙස පෙන්වයි. සච්ච විභංග සූත්‍රයේ මෙම කාරණාව මෙසේ පැහැදිලි කෙරේ.
“සඤ්ජාති අභිනිබ්බත්ති” හටගැන්ම, මතුවීම, සත්ත්වයෙක් ලෙස බිහිවීම ජාති නම් වේ. ඉපදීම දුකක් වුව ද සත්‍ය වශයෙන් සාමාන්‍ය ලෝකයේ උපත දුකක් ලෙස නොසැලකේ. උපන් දිනයේ දී විවිධ උත්සව පැවැත්වේ. උපන් දිනය විවිධාකාරයෙන් සමරති. එහෙත් බුදු දහමේ සඳහන් පරිදි ජරා මරණ ව්‍යාධි ආදී සියල්ල අපට හිමිවනුයේ උපත පදනම් කර ගනිමිනි. ඒ හෙයින් උපත දුකකි. උපත සැමරිය යුත්තේ එහි දුක අවබෝධ කොටගෙන උපත අවසන් කිරීමට හේතු භූත වන කරුණු ක්‍රියාත්මක කරමිනි.
ජාතිපි දුක්‍ඛා ගණයට අයත් වන දුක් ලෙස,
“ගබ්භොක්කන්ති මූලකාදිභෙදං දුක්ඛං”
ගැබ පිළිසිඳ ගැනීමේ දුක, මා හා ඔබ හැම උපරිම වශයෙන් මාස නවයක් පුරා ගැබක හිර වී සිටියෙමු. උපත නන්දනීය කරුණක් ලෙස සැලකුව ද, මාංශමය ශරීරයක් තුළ එනම්, මවගේ කුස තුළ අප කෙතරම් පීඩාවට ලක් වී ඇත්ද? යන්න අපට අනුමානයෙන් සිතිය හැකි ය.
“ගබ්භපරිහාරක මූලකං දුක්‍ඛං”
මව ගැබ පරිහරණය කිරීමේ දී විශාල දුක් කන්දරාවක් ඇති වේ. මවගේ හැසිරීම් පෙරළීම් ආදී හැසිරීම් රටාව තුළ අපට පීඩා ගෙන දේ.
“විජායනමූලකං දුක්‍ඛං”
මව දරුවා ප්‍රසූත කිරීමේ දී දුක හට ගනී. උපතින් පසුව ඇතිවන සියලු දුක් ජරා හා ව්‍යාධි ආදී දුක් ගණයට අයත් වේ.
ජරාපි දුක්‍ඛා - දිරීම, වයසට යාම (උපන් දා සිට සිදුවන්නකි)
ව්‍යාධිපි දුකේඛා - රෝගී වීම.
එක් භවයක දී මරණයෙන් එම භවයට පමණක් මේ දුක් අවසන් වේ. අපට ඇති දුක් ඉහත කී කොටස් පමණක් ම නොවේ. එම දුක් මොනවාදැයි බලමු.
“අප්පියෙහි සම්පයොගො දුකේඛා ”
අපි‍්‍රයයන් හා එක්වීම දුකකි. අපි හැම පින්කමක් ම කොට ‘මාමෙ බාල සමාගමො’ යනුවෙන් නිතර සජ්ඣායනා කරමු. මට දුර්ජනයන්ගේ හෝ බාලයන්ගේ ඇසුරක් නොවේවා! යනු එම ධර්ම පාඨයේ අදහසයි. මෙලොව කුමන මට්ටමේ කෙනෙකුට වුව ද අපි‍්‍රයයන්ගේ එක්වීම, හමුවීම දුක් වේදනා විඳීමට හේතු වන කරුණකි.
“පියෙහි විප්පයොගො දුකේඛා ”
පිය විප්පයෝගය ද දුකකි. අපගේ පි‍්‍රයයන් වෙන්වීම දුක අත්වීමට හේතු වන කාරණාවකි.
හිතවත් පිරිස සංවාදයක යෙදී සිටින අතර තුර ඉන් කෙනෙක් මම දැන් මැරුණහොත් ඔබ මොකද කරන්නේ යැයි විහිළුවට මෙන් අසන අවස්ථා අප අසා ඇත. එවන් අවස්ථාවක අනේ ඔයාට එහෙම වෙන්නේ නැතැයි කියනු ද අප අසා ඇත. එහෙත් එහෙම නොවී නැතහොත් මරණයට පත් නොවී අප සිටින්නේ කෙසේද? සත්‍ය නම් එයයි. මෙම කාරණාවට ජපන් සෙන් සාහිත්‍යයෙහි දැක්වෙන රසවත් උදාහරණයක් මෙසේ දක්වමු.
එක් ධනවත් ව්‍යාපාරිකයෙක් ඉතා විශාල අලංකාර නිවසක් තනා එහි ඉදිරියේ රන් ඵලසක් සවි කිරීමට අදහස් කොට, තමන්ගේ විහාරයේ ස්වාමීන් වහන්සේ වෙත ගොස් එම රන් ඵලකය භාර දී එහි සුදුසු ප්‍රකාශයක් සටහන් කර දෙන්නැයි ඉල්ලීමක් කළේ ය. එවිට එම හාමුදුරුවෝ ඔබගේ නිවසේ සිටින්නේ කවුරුන්දැයි විමසූහ. තමා, තමාගේ භාර්යාව, පුතා හා දුව පවුලේ සාමාජිකයන් ලෙස ව්‍යාපාරිකයා හඳුන්වා දුන්නේ ය. ඔවුන්ගේ වයස් පිළිවෙළ කියන්නැයි හාමුදුරුවෝ ප්‍රකාශ කළ කල්හි ඔවුන්ගේ වයස් අනුපිළිවෙළ ද දන්වා සිටියේ ය. පසුදින රන් ඵලකය ලබා ගැනීමට පැමිණි ව්‍යාපාරිකයා එය ගෙන බැලූ කල එහි ලියා තිබුණේ පහත සඳහන් පරිදි ය. පියා මැරේ, මව මැරේ, පුතා මැරේ, දුව මැරේ යනුවෙනි. එම කාරණාව අදහා ගත නොහුණු ව්‍යාපාරිකයා ඒ පිළිබඳව මෙසේ විමසීය. හාමුදුරුවනේ මම ලියන්න කීවේ ආශිර්වාදාත්මක පද කිහිපයක්. ඇයි මෙසේ ලියා තිබෙන්නේ? මෙය ශාපයක් නේද? එවිට හාමුදුරුවන්ගේ පිළිතුර වූයේ.
මේ ලියා ඇති ක්‍රමය තමයි හොඳම විදිහ. ඔබට අවශ්‍ය එය අනිත් පැත්තට ලියන්න ද? මුලින් ම දුව මැරේ. ඊළඟට පුතා මැරේ, ඊළඟට භාර්යාව මැරේ. ඊළඟට ඔබ මැරේ වශයෙන් ලිවීම ද ඔබට අවශ්‍ය වන්නේ යැයි පවසා ගෙදරකට ඇති ලොකු ම ආශිර්වාදය අනුපිළිවෙළට මියයන එකයි. උපදින අය කවුරුත් මියයන බව හාමුදුරුවෝ පවසා සිටියහ.
අප්පිය සම්පයොගය හා පිය විප්පයොගය අපට උරුම දෙයකි. එහෙත් ඒ තුළ මනස සකස් කර ගැනීමෙන් විශාල ආධ්‍යාත්මික සුවයක් ලැබිය හැකි වේ.
“යම්පිච්ඡං න ලභති තම්පි දුක්‍ඛං”
යමෙක් යමක් අපේක්‍ෂා කරයි ද? බලාපොරොත්තු ගොඩනගා ගනියි ද? එය නොලබයි ද? ඉන් දුක හට ගනී.
“ජයං වෙරං පසවති – දුක්‍ඛං සෙති පරාජිතො”
ජයග්‍රහණය කරන්නාට වෛරක්කාරයින් ඇති වන බවත් පරාජය වන අයට දුකෙන් සිටීමට සිදුවන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
“හිත්වා ජයපරාජයං - උපසන්තො සුඛං සෙති”
පුද්ගලයෙක්ට ඇති ලොකු ම සහනය උපශාන්ත වීමයි. ජය පරාජය දෙකම අතහැර දමමින් උපශාන්ත පුද්ගලයා සුවසේ වෙසේ. අපි කුමක් ජය ගත්ත ද ජයග්‍රහණය පරාජයේ ආරම්භය බව ධර්මානුකූලව තේරුම් ගෙන කටයුතු කළ යුතු ය. සදාකාලික ජයග්‍රහණ ලොව නොමැත.
“සබ්බෙ සඞඛාරා අනිච්චා”
සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප ලබා ඇති සියලු සැප සම්පත් අතහැර යාමට අවස්ථාවක් දිනෙක උදාවනු ඇත.
බුදු දහමේ දුක තෙයාකාරයකින් පෙන්වයි.
1. දුක්ඛ දුක්‍ඛ – අප නිතර කථා කරන දුක්,
2. සංඛාර දුක්‍ඛ - සංස්කාර පදනම් කොට ඇති වන දුක්,
3. විපරිණාම දුක්‍ඛ - වෙනස්වීම නිසා දුක් බවට පත් වීම.
විපරිණාම දුක්‍ඛන්තිඛො භික්‍ඛවෙ සුඛස්සෙතං අධිවචනං”
විපරිණාම දුක්‍ඛ යනු සැපය හඳුන්වන තවත් නමකි. පෙරළීම, වෙනස්වීම නිසා ඇතිවන දුක් මේ ගණයට අයත් වේ. දුකත් දුකකි. සැපත් දුකකි. දුකට ඇති පැහැදිලි ම අර්ථ කථනය අතෘප්තියයි. මිනිසාට කොපමණ කාරණා සම්පූර්ණ වුවත් අඩුවක් දැනේ. ඒ දුකෙහි ස්වභාවයයි.
“ඌනො ලොකො අතිත්ථො - තණ්හා දාසො”
ලෝකය ඌනය. මදිකමින් පෙළේ. අතෘප්තියෙන් පෙළේ. තණ්හාවට දාසකම් කරයි. අප මිදිය යුත්තේ දිළිඳු කමින් නොව තෘෂ්ණා දාසකත්වයෙනි. තෘෂ්ණා දාසකත්වයෙන් මිදුණ තැනැත්තා දිළින්දෙක් නොවේ. බුදු දහම අනුව දුක ඉතා විශාල පරාසයක් තුළ සාකච්ඡා කෙරෙන කාරණාවකි. දුක හටගන්නේ ඇයි?
බුදුන් වහන්සේ දුක හට ගැනීමේ හේතුව අවබෝධ කර ගත්තේ දුක්‍ඛ සමුදය සත්‍යය ලෙසිනි.
දැකිය යුතු දිවි මඟ
රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 5 වනදා සෙනසුරාදා දින ලිපිය
“යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනි සෙය්‍යථිදං කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”යායං තණ්හා - යම් මේ තෘෂ්ණාව වේද?
නන්දි - සතුටු වීම
රාග - ඇල්ම
තත්‍ර තත්‍රාභිනන්දිනි – ඒ ඒ භවයන්හි අලවන,
කාමතණ්හා - පංචකාම වස්තූන් කෙරෙහි ඇලිම.
භවතණ්හා - සසර භවයන් ප්‍රාර්ථනා කරමින් ශාස්තව දෘෂ්ටින් ලෙස නැතහොත් සදාකාලික ආත්මයක් අපේක්‍ෂා කරමින් ඇතිවන තෘෂ්ණාව
විභවතණ්හා - උච්ඡේද දෘෂ්ටිකයන් ලෙස ඇතිවන තෘෂ්ණාව.
යම් තැනක ඇතිවන තෘෂ්ණාව ඇල්ම හා බැඳී, පංචකාම වස්තූන්, භවය ආදී කරුණු නිසා දුක හට ගනී. මේ ත්‍රිවිධ තණ්හාවන් මුළු මහත් ලොව බැඳී ඇත.
“තණ්හාය ජාලිනියා විසත්ථිකා” – තෘෂ්ණාව දැලක් මෙනි.
යෙ රාග රත්තානු පතන්ති සොතං
සයං කතං මක්කටකොව ජාලං
කෙසේද යත් තෘෂ්ණාවෙන් බැඳුණු පුද්ගලයන් සසරේ ගමන් කරනුයේ මෙසේ ය. මේ පිළිබඳ සම්බුදුරජාණන් වහන්සේ කදිම උපමාවක් ඉදිරිපත් කර ඇත.
සයං කතං මක්කටකොව ජාලං - තමන් හදාගත් දැලේ පැටලී සිටින මකුළුවා මෙනි. දැල වියනුයේ මකුළුවා විසින් ම ය. මකුළුවා දැලේ එහා මෙහා නටමින් ගමන් කරමින් දැලට හසුවන සතුන් බුදිමින් දැල මත ආධිපත්‍යයක් පතුරුවයි. එහෙත් වියපත් මකුළුවාට තමන් විසින් වියාගත් දැලේ ඇවිදීම පවා අපහසුවන අතර දැල විශාල වන තරමට එය මකුළුවාට දැලක් බවට ම පත් වේ. සමාජ ස්වභාවයත් එසේ ය. අපි විශාල වශයෙන් වියාගන්නා සමාජ දැල තුළ ම අපි දිනෙක හිරවෙමු.
“යෙ රාගරත්තානුපතන්ති සොතං”
රාගයෙන් ලෝභයෙන් යුත් අපි දිගින් දිගට සංසාරේ ගමන් කර දුකට පත් වෙමු. තෘෂ්ණාව ක්‍ෂය කළ යුත්තක් බව බුදු හාමුදුරුවෝ පෙන්වා දී ඇත.
තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් ලබන තත්ත්වය කුමක්ද? මේ කාරණාව ධර්මයේ මෙසේ පැහැදිලි කෙරේ.
“යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො” සහ “තණ්හක්‍ඛයො විරාගො නිරොධො” යො තස්සායෙව තණ්හාය – යම් ඒ තෘෂ්ණාවේ
අසෙස - ඉතිරි නොකොට
විරාග - නොඇල්ලීම
නිරොධො - නිරෝධය
චාගො - අත්හැරීම
පටිනිස්සග්ගො - මුදාහැරීම
මුත්ති – මිදීයාම
අනාලයො - නොඇල්ම
තෘෂ්ණාව ඉතිරි නොකොට ඇල්ම ඇති කිරීම, අත්හැරීම, මුදාහැරීම, ඉන් මිදීයාම එහි නොඇලීම නිර්වාණය ලෙස හැඳින්වේ. රතන සූත්‍රයේ නිවන මෙසේ අර්ථකථනය කෙරේ.
“තෙ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථායංපදීපො”
නිවනට පත්වන්නෝ “ඛීණබීජ” ඉදිරියට පැවතීමට ඇති ශක්තිය ක්‍ෂය කළ පසු.
අවිරුළ්හිච්ඡන්දා – නැවත මතු නොවන ඡන්දයක්, කැමැත්තක් ඇති වී (නැවත සසර පැවැත්මට අදාළ ආශාවක්) නොඑන බවයි.
නිබ්බන්ති ධීරා යථොයංපදීපො - එවන් උත්තමයෝ මේ පහන නිවෙන්නා සේ නිවෙති.
සංස්කෘතයේ මෙම කාරණාව මෙසේ අලංකාර ලෙස දක්වා ඇත.
දීපො යථා නිර්වෘතිමභ්‍යුපෙතො
නෛවාවානිං ගච්ඡති නාන්තරික්‍ෂං
දිසන්න කාඤ්චිත් විදිසං න කාඤ්චිත්
ස්නේභක්‍ෂයා කෙවල යාතික්‍ෂාන්තිං
පහනක් නිවුණු පසු පහන් තිරය උඩට ගියේ ද? අන්තරීක්‍ෂයට ගියෙහි ද? කුමන දිශාවට ගියේ දැයි කිව නොහැක. තෙල් ඉවර වූ පසු පහන මුළුමනින් ම නිවේ. මරණින් පසු තවත් තැනක උපතක් හෝ තවත් ආශිර්වාදාත්මක පැවැත්මක් හෝ නොව මුළුමනින් ම සසර දුක අවසන් කිරීම යන අර්ථයෙන් අප නිවන අවබෝධ කොට ගත යුතු වේ. ඒ සඳහා අප අනුගමනය කළ යුතු මඟ කුමක්ද? එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදියයි. එම කාරණා විමුක්තිය සඳහා වන මාර්ගය යි
සම්මා දිට්ඨි – යහපත් දැක්ම
සම්මා සංකප්ප – යහපත් කල්පනාව
සම්මා වාචා - යහපත් වචන
සම්මා කම්මන්ත – යහපත් ක්‍රියා
සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම
සම්මා වායාම – යහපත් උත්සාහය
සම්මා සති – යහපත් සිහිය
සම්මා සමාධි – යහපත් ඒකාග්‍රභාවය
චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සඳහා වන්නක් නොව භාවිතයට ගතයුත්තකි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු කොටස දුක්‍ඛ සත්‍ය පමණි. තෘෂ්ණාව අවබෝධය සඳහා නොව ‘පහාතබ්බං’ – ප්‍රහාණය කිරීමට ඇති කාරණාවකි. විමුක්තිය හෙවත් නිරෝධ සත්‍යය අවබෝධය පිණිස නොව ‘සච්චිකා තබ්බං’ සාක්‍ෂාත් කිරීමට ය. මාර්ග සත්‍යය අවබෝධ කිරීමට නොව ‘භාවෙතබ්බං’ වැඩීමට ය.
චතුරාර්ය සත්‍යයේ අර්ථ හතරකි. දුක තේරුම් ගත යුත්තකි. සාමාන්‍යයෙන් ඇතිවන දොම්නස් සහගත දේවල් දුක් ලෙස ගිනිය නොහැක. සතෙකුට ගලක් ගැසූ විට ඒ සතා බිය වී කෑ ගසයි. ඌට දුක දැනේ. ඒත් බල්ලා දුක අවබෝධ කරන්නේ නැත. ප්‍රතික්‍රියා කරනු පමණකි. දුක්ඛ සත්‍යය ලෙස අවබෝධ කොට යුත්තේ එවන් කාරණා නොවන වග සිතට ගත යුතු ය.
දුක දැනීම නොව විමුක්තියට අරමුණ කර දුක තේරුම් ගැනීම, නිසරු බව තේරුම් ගැනීම දුක්‍ඛාර්ය සත්‍යයයි. දුක්‍ඛාර්ය සත්‍යය අවබෝධාත්මක දහමකි.
සමුදය සත්‍යය – ප්‍රහාණය කළ යුතු දහමකි.
මාර්ගය – වැඩිය යුතු දහමකි
නිරෝධය - සාක්‍ෂාත් කළ යුතු දහමකි.
එදා බෝසතුන් බෝමැඩ වැඩ සිටිමින් නිවන සාක්‍ෂාත් කර ගනිමින් සම්බුද්ධත්වයට පත් වූ සේක. නිවන අංග දෙකකි.
1. සෝපාදිසේස නිබ්බාණ
2. අනුපාදිසේස නිබ්බාණ යනුවෙනි.
එදා දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම, සුගත තථාගත සර්වඥයන් වහන්සේ බෝමැඬ දී ලබා ගත්තේ සෝපාදිසේස නිබ්බානයයි. උන්වහන්සේ සසර කළ කුසලාකුසලයන්ට අනුරූපව ලත් ශරීරයත් තබාගෙන, පැවැත්මත් සමඟ අවුරුදු 35 දී නිවන් අවබෝධ කළහ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වන අවස්ථාවේ එනම් වයස අවුරුදු 80 දී අනුපාදිසේස නිබ්බාණයෙන් පිරිනිවන් පෑ සේක.
ඒ අනුව උන්වහන්සේට පරිනිර්වාණ දෙකක් පැවතිණි.
ක්ලේෂ පරිනිර්වාණය - කෙලෙස් නැතිකිරීම.
ස්කන්ධ පරිනිර්වාණය - ස්කන්ධ අවසන් කිරීම හෙවත් සසර අවසන් කොට නැවත නූපදින තත්ත්වයෙන් පිරිනිවන් පෑමය.
බෞද්ධ අපගේ පරම අපේක්‍ෂාව විය යුත්තේ සසර ගමන කෙලවර කිරීම ය. බුදුන් වහන්සේ පෙන්වන සසර මෙසේ ය.
සංසාරොඝා මහබ්භයා
සසර මහා සැඩ දිය පහරක් මෙනි. සැඩ දිය පහරට හසු වුවහොත් පිළිවෙළකට ගසා නොයයි. යමෙක් අපේක්‍ෂා කරන අයුරු ගසාගෙන නොයයි. සැඩ දිය පහරට අවශ්‍ය ලෙස පුද්ගලයා ගසාගෙන යයි. අපි කුමන සමාජ, ආර්ථික මට්ටමක සිිටියත් මේ සසර ගමනට හසු වී සිටිමු.
පථව්‍යා ඒකරජ්ජෙන
සග්ගස්ස ගමනෙන වා
සබ්බලොකාධිපච්චෙන
සොතාපත්තිඵලං වරං
පථව්‍යා ඒකරජ්ජෙන – මුළු මහත් ලෝකයට ම එක ම රජු වීමටත් වඩා
සග්ගස්ස ගමනෙන වා - දිව්‍ය ලෝකයට යනවාටත් වඩා
සම්බලොකාධිපච්චෙන - සක්විති රජ වෙනවාටත් වඩා
සොතාපත්තිඵලං වරං - සෝවාන් ඵලය උතුම් ලෙස ගැනේ.
සෝවාන් වූ යාචකයා රජෙක්ට වඩා තෘප්තිමත් පුද්ගලයෙක් ලෙස හැඳින්වේ. එසේ වනුයේ ඔහු ‘සත්තක්‍ඛත්තු පරමතා’ වන බැවිනි. එනම් සෝවාන් ඵලයට පත්වූවෙක් උපරිම භව හතකට වඩා නූපදින හෙයින් වාසනාවන්තයෙක් වේ.
සසරේ අප නොයෙක් භවයන්හි ඉපැදෙන්නට ඇත. බෝසත් චරිතයේ ඇතුළත් තේමිය කුමරුගේ කථාව විමසා බලමු. තේමිය කුමරුගේ පියා රජෙක් වූ අතර, තම පියා විවිධ අයට විවිධ දඬුවම් පමුණුවන ආකාරය කුමරු දැක්කේ ය. කුමරුට ජාතිස්මරණ ඥානය පහළ වී තිබුණි. අතීත භව මතක් කරමින් එක් භවයක දී තමා ද රජෙකු වී වැරැදිකරුවන්ට දඬුවම් පැමිණ වූ ආකාරයත් ඒ තුළින් එදා සිදු වූ අකුසල හේතුවෙන් අපාගතව සිටි ආකාරයත් කුමරුට සිහිපත් විය. එහිදී තේමිය කුමරු කොරෙක්, අන්ධයෙක්, කුදෙක් මෙන් සයනයේ වැතිර සිටියේ ය. එවිට පියරජු කුමරු දැක මොහු රජමැඳුරට නොගැළපේ යැයි කැලයට දැමීමට කටයුතු කළේ ය. කුමරු වනයේ ගස් ගෙඩි, මල් ඵල බුදිමින් සිසිල් දිය ස්නානය කරමින් පානය කරමින් වැඩුණු අතර ශරීරය රන්වන් පැහැ ගත්තේ ය. දිනක් කැලෑවේ ඇවිද යන රජතුමාට කුමරු හමුවුවද හැඳින ගැනීමට නොහැකි විය. ඔබ කවුදැයි කරන ලද විමසීමට තේමිය කුමරු තමා රජතුමාගේ පුත් බව හඳුන්වා දුන්නේ ය. මාළිගයේ සියලු සැප සම්පත් මැද ද කුදෙක් මෙන් සිටි ඔබ කැලෑවේ දී මේ තරම් අලංකාර ශරීරයක් සහිතව ඉන්නේ කෙසේ දැයි රජතුමා කුමරුගෙන් විමසීය. තේමිය කුමරු මෙසේ පිළිවදන් දුනි.
අතීතං නානුසොවන්ති
නප්පජප්පන්ති නාගතං
පච්චුපන්නෙන යාපෙන්ති
තෙන වණ්ණො පසීදතී”
අතීතං නානුසොවන්ති – මම අතීතය පිළිබඳව සෝක නොකරමි.
නප්ප ජප්පන්ති නාගතං - මට අනාගතය ගැන සිතමින් බියවීමට කාරණයක් නොමැත.
පච්චුපන්නෙන යාපෙන්ති – මම වර්තමානය තුළ සතුටින් ජීවත් වෙමි.
තෙන වණ්ණො පසීදතී – ඒ හෙයින් මගේ ශරීරය ප්‍රසන්නය.
යනුවෙන් තේමිය කුමරු පියරජුට පිළිතුරු දුන්නේ ය. එදා කුමරු ගුණධර්ම පිරීම උදෙසා රජකම අත්හැරියේ ය. ගුණධර්ම පිරීමට රජකම බාධාවක් වන බව ඉන් අදහස් නොකෙරේ. තේමිය කුමරුගේ අතීතස්මරණ ඥානය හේතුවෙන් සසර මේ තාක් කල් දුක් විඳීමට සිදු වූ ආකාරය කුමරු දැන සිටි හෙයින් රජකමින් ඉවත් විය. මෙය වඩාත් පැහැදිලි වන්නේ තමන් තමන්ගේ ආධ්‍යාත්මික සුවය සංවර්ධනය කිරීමෙන් ලබන සුව භෞතික සම්පත් වලින් ලබන සුවයට වඩා උතුම් බව අප තේරුම් ගත් කල්හිය. එය ධර්මානුකූල කාරණාවකි. ධර්මයේ සසර මෙසේ දැක්වේ.
තමාට තමා ම පහනක් වන්න
රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 11 වනදා සිකුරාදා දින ලිපිය
යමෙක්ට පුණ්‍ය වේගය නිසා ඉහළින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කර ,යළිත් සුගතියට ඒමට වුව ද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් යා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ,ආශ්චර්යමත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරයේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. තමා, තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක්, ගොඩබිමක් සොයා ගත යුතු වේ. දීප යන්නෙහි අර්ථ දෙකකි.සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය යි.සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය යි. ඒ නිසා අප අපට ම පහනක් ආලෝකයක් විය යුතු ය.
“උක්ඛිත්වා පුඤ්ඤවෙගෙන
රූපාරූප ගතිං ගතා
භවග්ගතම්පි සම්පත්තා
පුනාගච්ඡන්ති දුග්ගතිං”
යමෙක්ට පුණ්‍ය වේගය නිසා ඉහළින් ඉහළට ගොස් භවාග්‍රය දක්වා ගමන් කර ,යළිත් සුගතියට ඒමට වුව ද ඉඩ ඇත. ඒ හෙයින් කුමන මට්ටමකින් මනස සංවර්ධනය කළත්, අහසින් යා හැකි වුවත් පොළොවේ කිමිදිය හැකි වුවත් ,ආශ්චර්යමත් දේවල් කොපමණ කලත් නිවන් අවබෝධ කර ගන්නා තෙක් මේ සංසාරයේ අප විවිධ කුලකයන්ට අයත් වී සිටිමු. එම කුලක බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන් ආදී විය හැකි ය. ඉන් මිදිය හැක්කේ සසර දුක් අවසන් කිරීමෙන් පමණි. ඒ හෙයින් සම්‍යක්සම්බුද්ධ සර්වඥයන් වහන්සේ දේශනා කර ඇත්තේ මේ සසර ඉන්නා සෑම කෙනෙක් ම දුකට හිමිකම් කියන බවයි. බෞද්ධයන් ලෙස අප මේ දුක් නැති කරන ප්‍රතිපදා මඟට පැමිණිය යුතු ය.
“අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනා ව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයෙ”
මේ පාඨය බෞද්ධයාගේ ආදර්ශ පාඨය වීමට තරම් අගනා ප්‍රකාශයෙකි.
අත්තනාව කතං පාපං - තමන් කරන වැරැදි
අත්තනා සංකිලිස්සති – තමාව කෙලෙසයි
අනුන් කරන වැරදිවලට තව කෙනෙක් වග නොකියනු ඇත.
අත්තනා අකතං පාපං
අත්තනා ව විසුජ්ඣති
තමා නොකළ පව් තමාව පිරිසුදු කරයි. තමා හොඳ දෙයක් කළ කල්හි තමා පිරිසුදු වේ.
සුද්ධි අසුද්ධි පච්චත්තං - පිරිසුදු බව, අපිරිසුදු බව අයත් වන්නේ තමන්ට ම ය.
නාඤ්ඤමඤ්ඤං විසොධයෙ – කාටවත් කාවවත් පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට හෝ හැකියාවක් නැත. ඒ හෙයින් ස්වතන්ත්‍රව තමන්ගේ ආධ්‍යාත්මය පිරිසුදු කර ගන්නා වැඩපිළිවෙළක් බෞද්ධයාට ඇත.
අත්තදීපා විහරථ භික්ඛවෙ අන්තසරණා නාඤ්ඤසරණා
තමා, තමාගේ දීපය, පහන, ආලෝකය වන්න. තමන් තමන්ට දිවයිනක්, ගොඩබිමක් සොයා ගත යුතු වේ. දීප යන්නෙහි අර්ථ දෙකකි.
සංසාර සාගරයේ ගමන් කරන අපට දිවයිනක් අවශ්‍යය යි.
සසර අවිඳු අඳුරේ යන අපට දීපයක් අවශ්‍යය යි.
ඒ නිසා අප අපට ම පහනක් ආලෝකයක් විය යුතු ය.
වක්කලී හිමියන්ගේ කථා වස්තුව ඔබ හැම දනී. අලංකාර රූපශි‍්‍රයක් හිමිව තිබූ බුදුරදුන් දෙස බලා සිටීම වක්කලී හිමියන්ගේ පුරුද්දක් විය. ඒ දුටු ශාන්ති නායකයාණන් වහන්සේ වක්කලී හිමියන්ට මෙසේ පැවසූ සේක.
“අපගමෙහි වක්කලි” – වක්කලී ඉවත් වෙලා යන්න.
කිං තෙඉමාය පූතිකායෙන දිට්ඨෙන
ඔබට මාගේ මේ කුණුවන ශරීරය දෙස බලා හිඳීමෙන් ඇති ඵලය කුමක්ද? පර්වත වනදුර්ග ඇත. එහි ගොස් බණ භාවනා කරන්න. ඒ තුළින් මා දකින්න යනුවෙන් ප්‍රකාශ කළ සේක.
“යො ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති”
ධර්මය දකින්නා මා දකී. බුදුරදුන් දේශනා කර ඇත්තේ ධර්මය තුළින් උන්වහන්සේ දකින ලෙසයි.
බුද්ධ පරිනිර්වාණය පිළිබඳ මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙසේ විස්තර කෙරේ. තුන්ලෝකාග්‍ර වූ බුදුරදුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න මොහොතේ රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇතිකර ගනිමින් ද පෘතග්ජන භික්‍ෂූන් වහන්සේලා වැළපෙමින් ද බුදුරදුන් සමීපයෙහි සිටියහ. ආනන්ද හිමියෝ මහා දුකකින් කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනෙහි එක් කෙලවරක පිහිටි ගෘහයක් වෙත ගොස් එහි අගුලේ එල්ලි එල්ලී ඇඬූ බව එහි සඳහන් වේ. එහෙත් ධම්මාරාම නම් හිමි නමක් වෘක්‍ෂ මූලික වී භාවනා කරමින් සිටියහ. මිනිස් සමාජය තුළ සිදුවන ඉතා සරල සිදුවීමක් එදා ද සිදු විය. එනම් පෘතග්ජන භික්‍ෂූන් වහන්සේ පිරිසක් බුදුරදුන් වෙත ගොස් කේලාම් කීමය. “ස්වාමීනි, ඔබ වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න හෙයින් රහතන් වහන්සේලා ධර්ම සංවේගය උපදවා ගනිමින් ද, පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලා හඬා වැළපෙමින් ද සිටින මුත් ධම්මාරාම හිමි ගසක් මුලට වී භාවනා කරන්නේ යැයි කේලාම් කීහ. එබස් අසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ “මට නිසි උපස්ථානය කරනුයේ ධම්මාරාම භික්‍ෂුවයි” යනුවෙනි.
බෞද්ධයන් ලෙස අප හොඳ ඇතුළාන්තයක් සකස් කරගෙන බුදු දහමට ඇති අභ්‍යන්තර, බාහිර බලවේග පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකර ගනිමින් ජාතියට දේශයට එරෙහිව ඇති විවිධ බලවේග පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතු වේ. නිවැරැදිව ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ධර්මය ජීවිතයට අනුගත කර ගැනීම මැනවි.
No comments:
Post a Comment