Labels

Friday, July 22, 2016

විදේශ ධර්ම ප්‍රචාරක භික්‌ෂුව කෙසේ විය යුතුද?

බෞද්ධ සන්නිවේදන කාර්යයෙහි මූලාරම්භය නිලවශයෙන් සිදුවූයේ බුදුන්වහන්සේ ජීවමාන අවධියේදීමය. බුදුන්වහන්සේ ප්‍රථම ශ්‍රාවක සැටනම අමතා බහුජන හිතාය බහුජන සුඛාය අFථාය හිතාය... යනුවෙන් දේශිත ධර්මවාදය තුළ බෞද්ධ සන්නිවේදන කාර්යයෙහි පරමාර්ථය කුමක්‌ද යන්න පැහැදිළි වේ. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙන්ම ස්‌වකීය භික්‌ෂුත්වයේ පරමාර්ථ සාධනය සඳහාම ධර්ම සන්නිවේදනයෙහි හැසිරිය යුතු බව මෙයින් ප්‍රකාශ වේ.
බුදුරජාණන් වහන්සේ ඉතා විධිමත්වූ ධර්ම සන්නිවේදන ක්‍රියාවලියක්‌ භික්‌ෂු සංස්‌ථාව මගින් සමාජගත කරන්නට අපේක්‌ෂා කළ බව පෙනේ. ඒ සඳහා භික්‌ෂුව අංශ දෙකකින් පෝෂණය ලබා තිබිය යුතු බව දහමෙහි දැක්‌වේ. ස්‌වාර්ථ සාධනය හා පරාර්ථ සාධනය යනු එම දෙඅංශයයි. ස්‌වාර්ථ සාධනය යනු භික්‌ෂුත්වයේ අධ්‍යාත්මික පළ දාධනය කිරීමය. එනම් සෝවාන් ආදී මගපල ලැබීමයි. පරාර්ථ සාධනය යනු එකී අධ්‍යාත්මික ඵල සාධනය සඳහා වීර්යය වඩමින් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස කටයුතු කිරීමයි. බුදුන්වහන්සේ පළමු රහත් භික්‌ෂුන් සැටනම ධර්ම චාරිකාවේ යෙදවූයේ මෙහි සඳහන් පළමු අංශය සම්පූර්ණවීමෙන් පසුව. එනම් ස්‌වාර්ථය සාධනය කළ විටය. නූතන ධර්මදූත මෙහෙවරෙහි නියුතු භික්‌ෂුව ද ධර්ම සන්නිවේදන කාර්යය කළ යුතු වන්නේ ස්‌වාර්ථයට යොමුවී ලැබූ අධ්‍යාත්මගත ශික්‌ෂණය මගිනි. ධර්මදූත. භික්‌ෂුව එසේ ශික්‌ෂණය නොලබා සන්නිවේදන කාර්යයට පිවිසිවිට විවිධ සමාජ ප්‍රවාහයන්ට හසුවී භික්‌ෂුත්වයට හානි සිදුකරගනිති.

බුදුන්වහන්සේ භික්‌ෂුවට පරාර්ථ සේවයට පිවිසිය හැකි හොඳම ක්‍රමය ලෙස දේශනා කළේ ධර්ම ප්‍රචාරයයි. තථාගත සාසනයෙහි සිවුවනක්‌ පිරිස බිහිකිරීමෙහි අපේක්‌ෂාව වූයේද හරවත් වූ විධිමත්වූ සන්නිවේදනක්‍රියාවලියක්‌ තුළින් පිරිසිදු දහම සමාජගත කිරීමය. වරක්‌ මාරයා බුදුන්වහන්සේ වෙත පැමිණ දැන් ඔබට පිරිනිවීමට සුදුසු කාලය යෑයි පැවැසූ විට බුදුන්වහන්සේ 'මාරය, භික්‌ෂු, භිaක්‌ෂුණී, උපාසික-උපාසිකා යන මාගේ සිවුවනක්‌ පිරිසම නියම ශ්‍රාවකභාවය ලබනතුරු, නුවණැත්තන් වනතුරු, මනාසේ පුහුණුව ලබා බහුශ්‍රැත වන තුරු, ධර්මය මැනවින් උගෙන ධර්මානුකූලව කටයුතු කරන තුරු, පිළිවෙත් රකිනාතුරු, ධර්මය හොඳින් ප්‍රගුණකොට අනුනටද ප්‍රගුණ කරවීමට සමත්වන තුරු මම පිරිනිවන් නොපාන්නෙමි' යෑයි දෙසූ පුවතක්‌ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ස්‌වාර්ථ සාධනයෙන් ශික්‌ෂණය ලැබූ භික්‌ෂු සංස්‌ථාවකින් විධිමත්වූ ධර්ම සන්නිවේදනයක්‌ බලාපොරොත්තු වූ බවයි. බුදුරජාණන් වහන්සේ එය ආදර්ශයෙන්ම ශ්‍රාවක සංඝයාට පෙන්වා දුන්හ. පළමුව තමන්වහන්සේ අධ්‍යාත්මික ශික්‌ෂණයෙහි කූටප්‍රාප්තියට පැමිණ දෙවනුව ලෝකයාට එම ශික්‌ෂණයෙහි ඵලය දේශනා කළහ. චූලසච්චක සූත්‍රයෙහි එන මෙම සඳහන ඊට හොඳම නිදසුනකි.

'ඒ භාග්‍යවතුන් වහන්සේ වූ කලී සත්‍ය අවබෝධ කළ සේක. සෙස්‌සන්ටද අවබෝධ කරවනු පිණිස දහම් දෙසති. වටහාගත් දහමින් හික්‌මීම ලද උන්වහන්සේ සෙස්‌සසන් වෙතද හික්‌මීම උදාකරනු පිණිස දහම් දෙසති. උසස්‌ හික්‌මීමෙන් ශාන්ත බවට පත් උන්වහන්සේ සෙසු ප්‍රජාවද එසේ ශාන්ත බවට පත්කරනු පිණිස දහම් දෙසති. සියලු කෙලෙස්‌ මල් බැහර කළභාග්‍යවතුන් වහන්සේ සෙස්‌සන්ද කෙළෙස්‌ මළින් බැහැර කරනු පිණිස දහම් දෙසති.'

චුල්ලසච්චක සූත්‍රයේ සඳහන් මෙයින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම සන්නිවේදනයෙහි ස්‌වරූපය ඉස්‌මතු වන අතර ශ්‍රාවක භික්‌ෂු සමාජය කුමන පිළිවෙතක පිහිටා ඊට අනුගත විය යුතු ද යන්න පෙන්නුම් කරයි. වර්තමානයෙහි දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ධර්ම ප්‍රචාරක භික්‌ෂුව සතු කාර්යභාරය ගැන අප නිගමනයකට එළඹිය යුත්තේද මේ පෙළ දහමට අනුගතවෙමිනි. ඒ අනුව නූතන ධර්ම ප්‍රචාරක භික්‌ෂුව සන්නිවේදන කාර්යයේදී කෙසේ පිළිපැදිය යුතුද යන්න ප්‍රධාන ශීර්ෂ ගණනාවක්‌ යටතේ සාකච්ඡා කළහැකිය. එනම්,

1.අධ්‍යාත්මික ශික්‌ෂණයට අදාළ ප්‍රතිපත්ති පූරණය කිරීම. (විනධරවීම)

2. ධර්මයෙහි බහුශ්‍රැතවීම. (ධර්මධරවීම)

3. නොකිලිටි, චරිතවත් භික්‌ෂු ප්‍රතිරූපය

4. ආමිසලාභාපේක්‌ෂාවෙන් තොරවීම

5. සමාජයට අනුයෝජනවීම

6. භාෂා ඥානය

7. අටලෝ දහමින් කම්පිත නොවීම

අධ්‍යාත්මික ශික්‌ෂණයට අදාළ ප්‍රතිපත්ති පූරණය යන්නෙන් අදහස්‌ වන්නේ බුද්ධ භාෂිත විනය දේශනාවන්ට අනුව තම පැවිදි මග සකසා ගැනීමය. එනම් ස්‌වාර්ථය සඳහා ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමය. ධර්ම සන්නිවේදන ක්‍රියාවලිය වූ කලී පරමාර්ථකාමී වූවකි. භික්‌ෂුව ස්‌වාර්ථයේ මෙන්ම පරාර්ථයේද ප්‍රතිමූර්තියකි. දසධම්ම සූත්‍රයේදී 'මාගේ භික්‌ෂු දිවිය පරාර්ථ සේවය සඳහා කැපවූවක්‌ය' යන්න හා දිවා රාත්‍රී ඉක්‌මයන්නේ භික්‌ෂුත්වය හා බැඳුණු පරමාර්ථයන් ඉටුවීමෙන්ද යන්න භික්‌ෂුව නිතර මෙනෙහි කළ යුත්තක්‌ ලෙස දක්‌වා ඇත්තේද ස්‌වාර්ථ සාධනය මෙන්ම පරාර්ථ සාධනයද භික්‌ෂු ජීවිතයෙන් අපේක්‌ෂා කළ බැවිනි. භික්‌ෂුත්වයට අදාළ ශික්‌ෂණයත්,සංයමයත් නොමැති පැවිදි දිවියෙන් සාර්ථක ධර්ම සන්නිවේදනයක්‌ සිදුනොවේ. බණකීම යනු කලාවකි.එය ශ්‍රාවක සිත්සතන් හඳුනාගෙනඊට අවැසි පරිදි සන්නිවේදනය කළ යුත්තකි.එසේ නොවූ විට දේශකයාගේ සන්නිවේදන ශ්‍රාවකයා ග්‍රහණය කරගන්නේ නැත. සන්නිවේදන නිවැරැදි අයුරින් සම්ප්‍රේෂණය නොවූ විට සිදුවන්නේ ශ්‍රාවකයා අතරමංවීමකි. එ නිවැරැදි ධර්ම සන්නිවේදනයට භික්‌ෂුවගේ පරමාදර්ශීබව අත්‍යවශ්‍යම සාධකයක්‌ වේ.දේශකයා පරමාදර්ශී නොවූ විට ශ්‍රාවකයා අනුගාමිකයකු වන්නේ නැත. නූතන දෙස්‌ විදෙස්‌ ධර්ම ප්‍රචාරක භික්‌ෂුන් පිළිබඳව සිවිල සමාජය මතවාදීවගැටෙන්නේ මෙකී පරමාදර්ශීබව භික්‌ෂුවගෙන් ක්‍රමයෙන් දුරස්‌ව යන බැවිනි.

එයට බලපාන හේතුසාධක රාශියකි. මුල් පෙළ දහමින් අනුමත කළ භික්‌ෂුත්වයට අදාළ චර්යා පද්ධතීන්ගෙන් භික්‌ෂුන් ක්‍රමයෙන් ඈත්වීම එක්‌ හේතුවකි. ධර්ම සන්නිවේදනක්‍රියාවලියේදී අවශ්‍යයෙන්ම ඇතිකරගත යුතු මෛත්‍රීය, කරුණාව මෙන්ම අන්‍යමත ඉවසීම වැනි ගුණාංග වර්ධනය කර නොගැනීම තවත් හේතුවකි. මේ සියල්ල සම්පූර්ණ වූ විට සන්නිවේදන ක්‍රියාවලිය පහසු වේ. මෛත්‍රිsය නම් මෙත් වැඩීමය. එය මනසෙහි ප්‍රගුණ කළ යුත්තකි. තමන් තුළ වර්ධනය කරගත් මිත්‍රත්වයක්‌ නොමැති භික්‌ෂුවකට සමාජයට කරුණාවක්‌ දැක්‌විය නොහැකිය. කරුණාව මගින් සිදුවන්නේ සිතෙහි ප්‍රගුණ කළ මිත්‍රත්වය ප්‍රායෝගිකව සමාජගත කිරීමය. තමන් තුළ වර්ධනය කර නොගත් මිත්‍රත්වයක්‌ ඇති භික්‌ෂුවට අන්‍ය මතයන්ට ගරු කළ නොහැකිය. ඔවුන් නිරතුරුවම උත්සාහ ගන්නේ ශ්‍රාවකයාට හරවත් ධර්ම සන්නිවේදනයක්‌ කිරීමට නොව තම ප්‍රතිවාදියාට දහමට මුවාවී වාග්ප්‍රහාර එල්ලකිරීමටය. ඒ සඳහා ප්‍රතිවාදියාගේ දොස්‌ම දකිමින් තමන් උසස්‌ යෑයි ශ්‍රාවකයාට හඟවනු ලබයි. එවිට සිදුවන්නේ ධර්මය බැබළීම නොව එකිනෙකාගේ දුර්වලතා ඉස්‌මතුවී පැහැදුණු බොදුනුවන්ගේ ප්‍රසාදය හීනවීමය. අධර්මය බැබළීමය. මෙය වර්තමාන ධර්ම සන්නිවේදනයේ යෙදෙන භික්‌ෂුqන් ශ්‍රාවකයන් කෙරෙන් බොහෝ දුරස්‌වීමට බලපෑ තවත් එක්‌ හේතුවකි.

එසේම දසධම්ම සූත්‍රයෙහි සඳහන්වන ආකාරයට ධර්ම ප්‍රචාරක භික්‌ෂුව මා සතු ශීලය නිසා සිත මාහට චෝදනා කරන්නේදැයි නිතර සිහිපත් කරන්නේ නම් සමාජගත දොaෂාරෝපණයෙන් මෙන්ම අධ්‍යාත්මගත දොaෂාරෝපණයෙන්ද නිදහස්‌ විය හැකිය. ඇතැම් විටෙක ධර්ම ප්‍රචාරක භික්‌ෂුහු කුල ගැරහුමට ලක්‌වෙති. එය නිර්මලදහමේ ව්‍යාප්තියට හානිවන තවත් හේතුවකි. සිවිල් සමාජයේ බහුතරය පුද්ගල කේන්ද්‍රêය දහමක්‌ වටා ඒකරාශී වී ඇති බැවින්ද ධර්ම සන්නිවේදනය කොතරම් හරවත් වුවද රසවත් වුවද දේශකයාගේ පිරිසිදු බව ඉහළින්ම නූතන සමාජය සලකන බැවින්ද භික්‌ෂුවගේ චරිතවත් බව ධර්ම ප්‍රචාරයේදී අත්‍යවශ්‍යම වේ. අංගුත්තර නිකායේ උදායී සූත්‍රයෙහි පෙන්වා දෙන්නේ තම අධ්‍යාත්මයෙහි පස්‌ ආකාර වූ ගුණ දහම් උපදවාගෙනම අනුනට දහම් දෙසිය යුතු බවයි. එම ධර්ම නම්,

1. පිළිවෙළ කතාව කියන්නෙමි'යි දහම් දෙසිය යුතුය

2. කරුණු දක්‌වන කථා කියන්නෙමි'යි දහම් දෙසිය යුතුය.

3. අනුකම්පා පිණිස කතා කියන්නෙමි'යි දහම් දෙසිය යුතුය

4. ලාභාපේක්‌ෂා නැතිව කතා කියන්නෙමි'යි දහම් දෙසිය යුතුය.

5. තමාද අනුන්ද නොතලා කතා කියන්නෙමි'යි දහම් දෙසිය යුතුය

මෙහි සඳහන් සතරවැනි කරුණ කඩකිරීම තුළින්ද භික්‌ෂුව නිරතුරුව සමාජ අපවාදයන්ට ලක්‌වේ. ධම්මපද පාලියේ දැක්‌වෙන්නේ භික්‌ෂුව මල්පෙති නොතලා මලෙහි රොන් උරාබොන බඹරෙකු සේ ගොදුරු ගමෙහි හැසිරිය යුතු බවයි. එසේම මේ ශාසනයෙහි ලාබසත්කාර උපදවන පිළිවෙත එකක්‌ බවත් නිවන් මාර්ගය තවෙකක්‌ වන බවත් එනිසා ලාභ සත්කාරයන්හි ගිජු නොවියයුතු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. නූතනයෙහි ඇතැම් ධර්ම ප්‍රචාරක භික්‌ෂුහු මුදල් පසුපස හඹායමින් සිය ලෞකික අරමුණු වෙනුවෙන් ශ්‍රාවකයා පැහැදවීමට වෙරදරති. දහමෙහි නොපහදවති. එවිට දහමට මෙන්ම ධර්මදූත භික්‌ෂුවටද සිදුවන්නේ අතිශය හානිදායක ප්‍රතිඵලයන්ය. ශ්‍රාවකයා දහමෙහි නොපැහැදී පුද්ගල ක්‍රියා කලාපයන්ට පැහැදුණහොත් යම් හෙයකින්

දේශකයාගේ සුළු වරදක්‌ දුටුවිටද ශ්‍රාවකයා අතිශයින්ම කළකිරී දේශකයාට අපවාද කරයි. විවේචනද කරයි. එයින් නොනැවතී දහමද විවේචනය කරයි. එනිසා ධර්මදූත මෙහෙවරෙහි නිරත භික්‌ෂුව ශ්‍රාවකයා දහමෙහිම පැහැදවිය යුතුය. එසේම ධර්ම සන්නිවේදනයේ නිරත භික්‌ෂුව ගිහි සමාජය හා බැඳීම් ඇතිකර ගැනීම වර්තමානයේ ධර්ම ප්‍රචාරක භික්‌ෂුන් මුහුණපාන තවත් ගැටලුකි. බුදුන්වහන්සේ කුල සංසර්ගය භික්‌ෂුවට අනුචිත බව දේශනා කළහ. සංයුත්ත නිකායේ චන්දූපම සූත්‍රය කුලයන් කරා යැමට සුදුසු භික්‌ෂුවකවර ගුණාංග සපුරා තිබිය යුතුදැයි පෙන්වා දෙන්නේ උපමාවක්‌ මගිනි. තම අත අහසෙහි චලනය කරවා ඒ අත අහරසේ නොඇලෙන්නා සේ අහස නොගන්නා සේ අහසෙහි නොබැඳෙන්නා සේ භික්‌aෂුවගේ සිතද කුලයන්හි නොඇලේ ද නොගැනේද නොබැඳේද, තමට ලැබුනු දේ ගැන සතුටුවන්නා සේ අනුනට ලැබෙන විට ද සතුටු වේද, එවන් භික්‌ෂුව කුලයන් කරා යැමට සුදුසු බව එහි පෙන්වා දී ඇත. නූතනයේ ඇතැම් ධර්මÊප්‍රචාරක භික්‌ෂුන් සීමා මායිම් ඉක්‌මවා කුලයන් හා මුසුවීම නිසා බෙහෝ උවදුරුවලට ලක්‌වීමට සිදුවී ඇත. සංයුත්ත නිකායේ දාරුක්‌ඛන්ධෝපම සූත්‍රයේ එවන් උවදුරු අටක්‌ ගැන සඳහන් වේ. භික්‌ෂුවක්‌ ගිහි සමාගමයෙහි

වාසය කරමින් ගිහියන් හා එක්‌ව සතුටුවේද, එක්‌ව ශෝකී වේද, සුවපත් වූවන් අතර සුවපත්වේද, දුකට පැමිණියවුන් අතර දුකට පැමිණේද, ගිහියන්ගේ යම් කටයුතු පැමිණි කල්හි තමාද ඒවායේ නියෑළෙනේද එබඳ භික්‌ෂුව මනුෂ්‍ය ග්‍රහණයට හසුවී භික්‌ෂුත්වය අහිමි කරගන්නා බව එම සූත්‍රයේ දැක්‌වේ.

වත්මනෙහි ධර්ම සන්නිවේදනයේ නිරත භික්‌ෂුන් මුහුණපාන තවත් ගැටලුවක්‌ වන්නේ ඒ ඒ සමාජයට අනුගතව දහම සමාජගත කිරීමට අපොහොසත්වීමය. තමන් ජීවත්වන පරිසරයට අනුව හැඩගැසීම සමාජ විද්‍යාවේදී හඳුන්වන්නේ සමාජනුයෝජන ක්‍රියාවලිය ලෙසය. සමාජ විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම වන්නේ ලෝකයේ ඒ ඒ සමාජ කුලකයන්ට අනුගත නොවූ කිසිදු දර්ශනයක්‌, සම්ප්‍රදායක්‌, දහමක්‌ සමාජයේ මුල්බැස නොගත් බවයි. මේ න්‍යාය ලොව්තුරු දහමටද පොදු වූවකි. විශේෂයෙන්ම විදේශීය ධර්ම ප්‍රචාරණයේ නියෑළී සිටින භික්‌ෂුන්ට මෙම සමාජ අනුයෝජනයවීම යන සිද්ධාන්තය අත්‍යවශ්‍යම සාධකයකි. බුදුන් ධරමාන කාලයේදී පුණ්‌ණ තෙරුන් සුනාපරන්තයට වැඩීමේ පුවත මෙහිදී සිහිපත් කරනු වටී. පුණ්‌ණ තෙරුන් චණ්‌ඩ පරුෂ සුනාපරන්තයට අනුගත නොවූයේ නම් උන්වහන්සේට එහිධර්ම සන්නිවේදනය අපහසුවීමට බොහෝ ඉඩකඩ තිබිණි. සමාජයට අනුගතවීම යන්නෙන් අදහස්‌ කරනුයේ ඒ ඒ දේශයන්හි ජාතික, සංස්‌කෘතික, ආර්ථික, දේශපාලනික, අධ්‍යාපනික හා ආගමික ආදී අංශයන් ගැන නිසි අවබෝධයක්‌ ඇතිව ඒ සියලු අංශයන් සමග මුසුවිය හැකි අයුරින් ධර්ම ප්‍රචාරය සිදුකිරීමයි. බුදුන්වහන්සේද ඒ ඒ සංස්‌කෘතීන්හි මුල් බැසගෙන ඇති ආචාර ධර්මයන්ට හානි නොවන අයුරින් ක්‍රියා කළ බව බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයෙන් දතහැකිය. එසේම ධර්ම සන්නිවේදනයට අත්‍යවශ්‍යම වූ ඒ ඒ දේශයට සරිලන භාෂා ඥනයකින්ද භික්‌ෂුව පෝෂණය ලබා තිබිය යුතුය. ඕනෑම අමිහිරි කටුක දුෂ්කරතාවකට මුහුණපෑමට ද එය විඳ දරා ගැනීමටද භික්‌ෂුව ශක්‌තිමත් විය යුතුය. ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා ආදී පරිසරයේ උච්ඡාවචනයන්ගෙන් කම්පිත නොවී ඊට මුහුණදිය හැකි මානසික තත්ත්වයක්‌ද ඇතිකර ගත යුතුය.

ඉහත සඳහන් කළ සූත්‍රපිටකාගත කරුණු විධිමත්වූ හරවත්වූ ධර්ම සන්නිවේදනයක්‌ සිදුකරන භික්‌ෂුවක්‌ තුළ තිබිය යුතු ගුණාංගයන් අතර ස්‌වල්පයක්‌ පමණි. දේශීය මෙන්ම විදේශීය ධර්ම දූත මෙහෙවරෙහි නිරතවන භික්‌ෂුන් තථාගත දේශනාවන්ට අනුගත වූ මෙකී සන්නිවේදන ක්‍රම ශිල්පයන් ක්‍රියාත්මක කරන්නේ නම් නිර්මල බුද්ධ දේශනාව ලොව පුරා ඉතා වේගයෙන් ව්‍යාප්තවනු ඇත. එකී දේශනාවන්ගෙන් ධර්ම සන්නිවේදන වියුක්‌ත වනවිට දහම බබළන්නේ නැත. එසේ නොවන්නට කටයුතු කිරීම වත්මන් ධර්මදූත භක්‌ෂුන්ගේ සිංහල මාස ක්‍රමයට අනුව ජුලි මාසය හඳුන්වන්නේ ඇහැළ මහ යනුවෙනි. මලින් පලින් පිරි ඇහැළ මහ අපට සිහිගන්වනුයේ සැණකෙළි සිරියකි. ඒ ඇසළ සැණකෙළි බෝසත් උපතටත් පෙර සිට ඉන්දියාවේ පැවත ආ බව කියවේ. ශාසන ඉතිහාසය හා බැඳුණු වැදගත් සිදුවීම් රැසක්‌ ද ඇසළ පොහෝ දිනය හා සම්බන්ධ වේ.

මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මනුලොව උපදින්නට මහාමායා දේවි කුස පිළිසිඳගත්තේ ද ඇසළ පුර පසළොස්‌වක පොහෝ දිනයේය. රාහුල කුමරු ඉපදුණු දිනම සසර කලකිරී තමන් ද දුකින් මිදී ලෝසතුන් දුකින් මුදවන්නට ගිහිගෙයින් නික්‌මී මහ බෝසතාණෝ මහබිනික්‌මන් (අභිනිෂ්ක්‍රමණය) කළේත් සියලු කෙළෙසුන් නසා බුද්ධත්වය අවබෝධ කොටගෙන මොහඳුර නසා දහම් ආලෝකය ලබා දෙමින් මංගල ධර්ම දේශනාව බරණැස ඉසිපතනයේදී පස්‌වග තවුසන්ට දේශනා කරන ලද්දේත් මෙවැනි ඇසළ පුර පොහෝ දිනකය. ධම්මචක්‌ක පවත්තන සූත්‍රය (දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව)

(ක්‍රි.ව. 301-328) අනුරාධපුර යුගයේ කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරිමෙවන්) රජ සමයේ කලිඟු රට ගුහසීව රජු භාරයේ පැවති වාම ශ්‍රී දළදා වහන්සේ රැගෙන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය මෙහි පැමිණීම මෙන්ම මහනුවර, කතරගම, දෙවිනුවර දෙවුන්දර, බෙල්ලන්විල සහ නවගමුව ඇසළ පෙරහැර පැවැත්වීම කාර්යභාරය විය යුතුය.


ප්‍රංශයේ පැරිස්‌ නුවර
ඡේතවනාරාමාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
පූජ්‍යමුරුංගගස්‌යායේ ඤාණිස්‌සර නාහිමි



2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment