දුරුතු පුර පසළොස්වක පොහෝය දිනය (ජනවාරි)
සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාහට සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලැබීම
ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම. (බුද්ධත්වයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050 ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇතිකිරීම)
බුදු රදුන් විශාලාවේ චාපාල චෛත්‍යයේදී ආයුසංස්කාරය අත්හැරිම
මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදු මහාවීරයන් වහන්සෙ මාරයා පරාජය කොට කෙලෙස් මරුන්ද පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තුන් ලෝකය පිබි දී ආලෝකය කරමින් දස දහසක් ලෝ ධතුව අකම්පිත කරමින් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්විම .
බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයින් සසර දුකින් මිදවීම සඳහා වූ සම්බුදු කිස නිම වු මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදු මහාවීරයන් වහන්සෙ වෙසක් පුර පොහෝදා රාත්‍රියේ අලුයම උදාවීමට පෙර තුන් ලෝකය පිබි දී ආලෝකය කරමින් දස දහසක් ලෝ ධතුව අකම්පිත කරමින් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය තම ජීවිතයෙන්ම ලොවට පසක් කරමින් නිරුපධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පැම.
බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම
බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම
සමනොළ සිරිපා සටහන පිහිටුවීම
විජය කුමරු ලංකාවට ගොඩබැසීම
ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැයුමෙන් දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම,
දුටුගැමුණු රජු රුවන්වැලි මහාසෑයේ වැඩ ඇරැඹීම
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාගමනය සිදුවීමෙන් ලක්දිව ථෙරවාදී බුදු සසුන පිහිටුවිම
සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන් හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.
මහාරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම
බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම,
නවම් පුර පසලොස්වක පෝය දිනය ( පෙබරවාරි )
බුදු රදුන් විසින් මහා සංඝරත්නයට භික්ෂූන් වහන්සේ උදෙසා වූ ශික්ෂා මාර්ගය දේශනා කිරීම
සැරියුත් සහ මුගලන් මහ රහතන් වහන්සේලාහට සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලැබීම
ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම. (බුද්ධත්වයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050 ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඇතිකිරීම)
බුදු රදුන් විශාලාවේ චාපාල චෛත්‍යයේදී ආයුසංස්කාරය අත්හැරිම
බුදුරදුන් සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව තමන් වහන්සේගේ පියතුමා ඇතුළු ඤාතීන් හමුවීම සඳහා බුදුරජාණන් වහන්සේ පළමු වරට කිඹුල්වත්නුවරට වැඩම කිරීම සුද්ධෝදන රජුට දහම් දෙසීම.
නන්ද හා රාහුල යන ශාක්‍ය කුමාරවරුන්ට ශාසනික දායාදය ලබාදීම හෙවත් උතුම් ප්‍රවාජ්‍යාවට පත් කිරීම
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම
බක් පුර පසලොස්වක පෝය දිනය ( අප්‍රේල් )
බුදුරදුන්ගේ දෙවන ලංකා ගමනය සිදුවිම
නාගදීපයට වැඩම කොට චූලෝදර හා මහෝදර අතර මිණි පළඟක් අරඹයා වූ ගැටුම සමථයකට පත්කිරීම.
වෙසක් පුර පසලොස්වක පෝය දිනය ( මැයි )
වෙසක් පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි
මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා මහාවීරයන් වහන්ස මිනිස් ලොව මව්කුස ඉපිද තුන් ලෝකය ආලෝක කරමින් දස දහසක් ලෝ ධතුව අකම්පිත කරමින් බිමට පා තැබූ පොළොවෙන් පැන නැගුණ පියුම් හතක් මත සත් පියවරක් ගමන් කරමින් “මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීම යි. නැවත ඉපදීමක් නැත” යනුවෙන් සිංහ නාද කරමින් ලෝවට පහල විම .
මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදු මහාවීරයන් වහන්සෙ මාරයා පරාජය කොට කෙලෙස් මරුන්ද පරදවා චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් තුන් ලෝකය පිබි දී ආලෝකය කරමින් දස දහසක් ලෝ ධතුව අකම්පිත කරමින් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්විම .
බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්ත්වයින් සසර දුකින් මිදවීම සඳහා වූ සම්බුදු කිස නිම වු මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදු මහාවීරයන් වහන්සෙ වෙසක් පුර පොහෝදා රාත්‍රියේ අලුයම උදාවීමට පෙර තුන් ලෝකය පිබි දී ආලෝකය කරමින් දස දහසක් ලෝ ධතුව අකම්පිත කරමින් සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය තම ජීවිතයෙන්ම ලොවට පසක් කරමින් නිරුපධිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පැම.
බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම
බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම
සමනොළ සිරිපා සටහන පිහිටුවීම
විජය කුමරු ලංකාවට ගොඩබැසීම
ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැයුමෙන් දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම,
දුටුගැමුණු රජු රුවන්වැලි මහාසෑයේ වැඩ ඇරැඹීම
පොසොන් පුර පසලොස්වක පෝය දිනය ( ජූනි )
පෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණයාම.
සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන් හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.
මිස්සක පව්වේදී පණ්ඩුක කුමාරයාගේ මහණ උපසම්පදාව සිදුකිරිම
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම
ඇසල පුර පසලොස්වක පෝය දිනය ( ජූලි )
මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා මහාවීරයන් වහන්ස මව් කුස පිළිසිඳ ගැනීම
මිනිසුන් හා දෙවියන් සසර දුකින් එතෙර කරනු සඳහා මහාවීරයන් වහන්සෙ බුද්ධත්වය පතා ගිහිගෙයින් නික්මීම
සකල ජන මන සනසන දසබලධාරී මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදු මහාවීරයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසුව බරණැස ඉසිපතනාරාමයේදී දස දහසක් සක්වළ දෙවි දේවතාවෝ සාධූනාදයෙන් පී‍්‍රති ඝෝෂා පවත්වද්දි දස දහසක් ලෝ ධතුව අකම්පිත කරමින් තුන් ලෝකය පිබි දී ආලෝකය කරමින් දම්සක් පැවැතුම් සූත්‍රයෙන් පස්වග මහණුන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ සේක.
රාහුල කුමාරයාගේ උපත සිදුවීම.
භික්ෂූන් වහන්සේ පෙහෙවස් සමාදන්වීම
ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු උපසම්පදාව ලැබීම.
ශ්‍රී ලංකාවට දළදා වැඩමවීම සහ දළදා පෙරහරේ ආරම්භය
භික්ෂූන් වහන්සේලා වස්සමදම් විම
නිකිණි පුර පසලොස්වක පෝය දිනය ( අගෝස්තු )
ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් එළඹීම.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන්කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ආරම්භ කිරීම.
බිනර පුර පසලොස්වක පෝය දිනය (සැප්තැම්බර් )
බිනර පොහෝදා මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ පැවිදිවීම සිදු වූ අතර එයම භික්ෂුණී සමාජයේ ආරම්භය විය.
තවද මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමිය ගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළ සේක. මෙලෙස බුදු සසුනේ කාන්තාවන් පැවිදිවීම ඉතාම දුක සේ, දැඩි සංවිධානයකින් සහ උත්සාහයකින් , ඉවසිලිවන්තභාවයකින්, අධිෂ්ඨාන ශක්තියකින් හා කැපවීමකින් යුක්තව කාන්තාවන් විසින්ම ලබා ගන්නා ලද ජයග්‍රහණයක් බව පැහැදිලි වේ. පූර්වෝක්ත අෂ්ටගරු ධර්ම පිළිබඳව විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ මෙසේ දැක්වේ.
1. උපසම්පදාවෙන් වසර සියයක් ගත වු මෙහෙණියක වුවද එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම්, හුනස්නෙන් නැගී සිටීම් ආදි ගෞරව කළ යුතුය.
2. භික්ෂුණීය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්ෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස් නො විසිය යුතුය.
3. අඩ මසක් පාසා මෙහෙණිය විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතුය. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීමද බලාපොරොත්තු විය යුතුය.
4. වස් විසූ භික්ෂුණිය වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.
5. බර ඇවතකට පත් භික්ෂුණිය දෙසතියකට නොඅඩු කාලයක් උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතුය.
6. උපසම්පදාව ලබනු කැමැති, මෙහෙණිය දෙ අවුරුද්දක් ම ශික්ෂමානවකව (හික්මෙන්නියක) මෙහෙණින් ළඟ විසිය යුතුය.
7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය භික්ෂුවකට ආ ක්‍රෝශ පරිභව නො කළ යුතුය.
8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන් ගේ අවවාද පිළිගත යුතුය
වප් පුර පසලොස්වක පෝය දිනය ( ඔක්තෝම්බර් )
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.
තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසා දඹදිව සංකස්ස පුරයට වැඩීම
පෙහෙවස් පවාරණය සහ කඨින චීවර පූජාව.
මහාරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම
ඉල් පුර පසලොස්වක පෝය දිනය ( නොවැම්බර්)
මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම
ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වු මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම
තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම
පසුවස් පවාරණය කළ යුතු දිනයවීම
චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනයවීම
අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන්පෑම
උඳුවප් පුර පසලොස්වක පෝය දිනය (දෙසැම්බර් )
සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීම
ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භ වීම
No comments:
Post a Comment