Labels

Thursday, July 21, 2016

උපාසක ගුණ හත

'සත්තිමෙ භික්‌ඛවේ ධම්මා උපාසකස්‌ස අපරිහාරිහානාය, සංවත්තන්ති කතමේ සත්ත?

'භික්‌ඛු දස්‌සනං නහාපේති

සද්ධම්ම සවණං න ප්පමඡ්ජති,

අධිසීලෙ සීඛති

පසාද බහුලො හොති භිඛුසු

ථේරේසු චෙව නෙච්සු මජධිමේසුව,

අනුපාරම්භ චිත්තො ධම්මං සුණාති

නරංධ ගවේසී

න ඉතො බහිද්ධා දක්‌ණෙය ගවේසති

ඉධව පුබ්බකාරං කතෝතීතී'

'ඉමෙ ඛො භික්‌ඛමෙ සත්ත ධම්මා උපාසකස්‌ස අපරිහානාය සංවත්තන්තීති'

පින්වත්නි, මෙම සූත්‍ර ධර්මය අංගුත්තර නිකායේ සත්ත නිපාතයේ ඇතුළත් කරමින් අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරනවා. උපාසක ඇත්තෙක්‌ නැත්නම්, බෞද්ධයකුගේ නොපිරිහීමට හේතුවන කරුණු හතක්‌ පිළිබඳවයි.

ඉහත කරුණු විස්‌තර කිරීමට ප්‍රථම අප විමසා බැලිය යුතුයි 'උපාසක - උපාසිකා' යනු කවරෙක්‌ද යන්න.

යම්කිසි කාලයක මෙම විශ්වය තුළ බුද්ධෝත්පාද කාලයක්‌ ඇතිවූ කාලයක සත්වයින් අතර, මිනිසත් බව ලබන්නවුන් අතරින් ජනකොටස්‌ හතරක්‌ පහළ වෙනවා. භික්‌ෂු-භික්‌ෂුණී, උපාසක - උපාසිකා යනුවෙනි. ශාසනයේ මොවුන් සිව්වනක්‌ පිරිස නමින් අමතනවා.

'යතො ඛො මාහානාම 

බුද්ධං සරණං ගතො හොති

ධම්මං සරණං ගතො හොති, 

සංඝං සරණං ගතො හොති

එත්තාවතා ඛෝ මහානාම 

උපාසකො හොති'

යම්කිසි පුද්ගලයෙක්‌ බුදුන් සරණ ගියා නම්, දහම් සරණ ගියා නම්, සඟුන් සරණ ගියා නම් එම තෙරුවන් සරණ ගිය පින්වතා, පින්වතිය උපාසක නමින් හඳුන්වනු ඇත. ලොව වෙසෙන රජ කෙනෙක්‌ සිටුවරයෙක්‌, ඇමැතිවරයෙක්‌, මහා පඬිවරයෙක්‌, මධ්‍යස්‌ථ පුද්ගලයෙක්‌ හෝ සාමාන්‍ය වැසියෙක්‌ තෙරුවන් සරණ ගියේද, මෙකී සියලු දෙනා අමතනු ලබන්නේ පින්වත, පින්වතිය යන උසස්‌ නාමයෙනි.' උපාසකං මං ගොතමං' අද ඉඳලා මං තෙරුවන්ට ලැදි උපාසකයකු සේ සලකන සේක්‌වාෘ කියල.

බුදුරාණන් වහන්සේ - මහණෙනි, ධර්ම පසකින් යුක්‌ත වූ උපාසක තෙම, 'උපාසක රත්නයක්‌' ද වේ. උපාසක පද්මයක්‌ද වේ. උපාසක පුණ්‌ඩරිකයක්‌ද (නෙළුම් මලක්‌) වේ. කවරේද එම ධර්ම පස,

සද්ධෝ හොති - ශ්‍රද්ධා ඇත්තේ වෙයි. සීලවා හෝතී - සිල් ඇත්තේ වෙයි. අකො තුහලික මංගලිකො හොති - අසන දකින දේවල් හොඳ-නරක, ශුභාශුභ සිද්ධි වෙතැයි නොගන්නේ වෙයි. කම්මං පච්ෙච්ති නො මංගලං - කර්මය සලකයි මංගල්‍යය නොසලකයි. න ඉතො ච බහිද්ධා දක්‌ණෙය ගවේසති ඉධච පුබ්බකාරං කරොති- බුදු සස්‌නෙන් පිටත පිනට දීමට සුදුසු අය නොසොයයි. පළමුකොට සසුනටම දෙයි.

තවද, බුදුරජාණන් වහන්සේ උපාසක තෙමේ චන්ඩාලයෙක්‌ද වෙයි. කරුණු පසෙකින් කෙසේ යත්, ශ්‍රද්ධා නැත්තේ වේද? දුස්‌සීලයෙක්‌ වේද? අසන දකින දේවල් හි හොඳ නරක දෙක ශුභාශුභ සිද්ධි වෙතැයි පිළිගන්නේ වේද? කෝතුහල මංගල දේවල් (පෙර නිමිති) මිස කර්ම පල නොසලකන්නේද වේද, බුදුසසුනෙන් පිටත දක්‌ෂිණෙයන් (පිනට දීමට සුදුස්‌සන්) සොයන්නේ වේද, මෙකී උපාසක තෙම චණ්‌ඩාලයෙක්‌ද වේ. උපාසක මලයෙක්‌ද වේ. උපාසක හීනයක්‌ද වේ යෑයි අනුදැන වදාරා ඇත.

කරුණු මෙසේ බැවින් අප විසින් මාතෘකා කරගත් ගාථාව පරිදි මෙම බුද්ධ ශාසනය තුළහි උපාසක ඇත්තන්හි දියුණුව නොපිරිහීමට හේතු කාරණා මොනවාදැයි විමසා බලමු.


01. 'භික්‌ඛු දස්‌සං නාහාපේති - උපාසක තෙම භික්‌ෂුන් වහන්සේලා දැකීම, ඇසුරු කිරීම කිසිදාක අඩුකරන්නේ නැහැ. එම හමුවීම දිගටම පවත්වාගෙන යා යුතුයි. සෑම බෞද්ධ පින්වත් උපාසක උපාසිකාවන්ගේ මාර්ග උපදේශක ගුරුවරයා වන්නේද භික්‌ෂුවයි. මෙලොව ජීවිතය පවත්වාගෙන යැමේදී හිත සුව ඉදිරිපත්වීම තුළින් එම ජීවිතය යහපත් වනු මෙන්ම පරලොව ජීවිතවලට සෙතක්‌ ශාන්තියක්‌ උදාවෙනවා. මේ නිසා ඈත අතීතයේ පටන් භික්‌ෂුව මිනිස්‌ සමාජය තුළ කුල දේවතාව වශයෙන් පිළිගැනීමක්‌ ඇත. මෙම සුබවාදී බව මහා මංගල සූත්‍රයේ 'සමණානංච දස්‌සනං ඒතං මංගල මුත්තමං' ශ්‍රමණයන් වහන්සේ නමක්‌ දැකීම මංගල කාරණයක්‌ ලෙස බුදුන්වහන්සේ අනුදැන වදාරා ඇත.


02. සද්ධම්ම සවණං න ප්පමඡ්ජති - බණ අහන්න පසුබට වන්නේ නැත. කම්මැලි නැත. බණ අසන තැනැත්තේ බණ අසන්න ලැබෙන තැනැත්තේ බුදු සසුනේ 'සමණානුත්තරිය' කුසල ධර්මය වැඩෙනවා. ඒ විතරක්‌ නොව, සසර බුදු කෙනෙක්‌ පහළ වීමකදී බුදුබණ අසා නිවන් අවබෝධ වෙනවා. සද්ධර්ම ශ්‍රවණය තමා මේ ලොව තිබෙන උතුම්ම අවස්‌ථාව. ඉස්‌සෙල්ලම බුදු කෙනකුන් පහළවෙනවා. දෙවනුව ධර්මය හා සඟරුවන ඇතිවෙනවා. අනතුරුව තමා උපාසක ගුණය පහළ වෙන්නේ 'සද්ධම්මො පරම දුල්ලභො' සද්ධර්මය අතිශයින් දුර්ලභයි.

අද වන විට උතුම් ධර්ම හැම අතින්ම සුලභව අහන්න ලැබෙනවා. ඒ නිසා ගාණක්‌ නැහැ. තැකීමක්‌ නැහැ. අගයක්‌ නැත. අබුද්ධෝත්පාද කාලයක රාජ්‍ය පාලකයකු වූ දහම්සොඬ රජතුමා බණ පදක්‌ අහන්න නැති මේ රාජ්‍ය පාලනයෙන් මට වැඩක්‌ නැතැයි රජකම අතහැර වනගත විය.


03. අධිසීලෙ භික්‌ඛති - අධී සීලයෙන් යුක්‌තවීම සෑම බෞද්ධයකුටම නිත්‍යසීලය පංච සීලයයි. එම සීලය නොරකින්නා දුශ්සීලයෙකි. රකින්නා මුළු ලොවටම අභයදාන දෙනවා. එම ජීවිතය හරියට වටිනවා. මෙහි අගය වටහාගත්තෝ අටසිල්, දසසිල් වශයෙන් විටින් විට උසස්‌ සීලයනට පත්වෙයි. කෙසේ වුවද යම් පුද්ගලයෙක්‌ පස්‌ පව් හා දස අකුසල්වලින් මිදී තම දිවි සකසා ගැනීමේ නම් ශ්‍රේෂ්ඨ ගුණය උපාසක ඇත්තන් සතුව ඇත.


04. පාසාද බහුලෝහෝති භිCඛසු, ථේරේසු ෙච්ව නෙච්සු මජCමේසුව - යහපත් උපාසකයකු වශයෙන් භික්‌ෂුන් වහන්සේලා කෙරෙහි ප්‍රසාදය වැඩිදියුණු වෙන්න ඕන. මහාථේර, ථේරි සාමණේර වශයෙන් භික්‌ෂු පරපුර රැකබලා ගන්න ඕනේ. උන්වහන්සේලාගේ දුක්‌ සැප විමසන්න ඕනේ. ගිලන් වූ කල ඊට සරිලන පරිදි සැලකිය යුතුයි. පුංචි සාමණේර වහන්සේලා තම දරුවන් සේ 

ආදරයෙන් බලාගත යුතුය. භික්‌ෂුන් වහන්සේලාගේ අම්මා, තාත්තා, උපාසක ඇත්තන්ය. උන්වහන්සේලා තමා ශාසනය පවත්වාගෙන යන්නේ. ධර්මය රැක ගන්නේ. සියයට අසූවක්‌ බෞදධයන්ගේ මේ රටේ භික්‌ෂුන් වහන්සේලා පනස්‌ දහසටත් අඩුයි. සමහර දිස්‌ත්‍රික්‌කවල සියයටත් අඩුයි. බුරුම, සියම වැනි රටවල ලක්‌ෂ සංඛ්‍යාත භික්‌ෂුන් වහන්සෙලා වැඩ සිටී. මෙම අවාසනාවන්ත තත්ත්වය ගැන බෞද්ධයා සැලකිලිමත් විය යුතුය.


05. අනුපාරම්භ චිත්තො ධම්මං සුණාති න රංධ ගවේසී - කවර භික්‌ෂුවක්‌ විසින් දේශනා කරන බණ දහම් හෑල්ලුවට ලක්‌ කරන්නේ නැතිව අසා දැන ඒවා තම ජීවිතයට හරවත් කර ගැනීම, අඩුපාඩු හදා ගැනීම මිස ධර්මයේ අඩුපාඩු ගැන සොයා නොබලන්නේ වේද නොවේ. අරමුණ දැහැමි වීමය.


6. න ඉතො බහිද්ධා දණෙය ගවේසති - ශාසනයෙන් පිටත වෙන තැන්වල ආයතනවල දක්‍ෂිණාචාර්යවරු සිරිනවාද සෙවීම කෙනෙක්‌ අග්‍ර දක්‍ෂිණෙයH වශයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පිදීම ශ්‍රේෂ්ඨ උත්තම පූජාවක්‌ හැටියට අප බුදුපියාණන් වහන්සේ එදා ප්‍රජාපතී ගෝතමී දේවියට අනුදැන වදාරා ඇත. 'සංඝෙ ගෝතමී දේවී' සංඝයාට පූජා කරන්න. එය මට පිදුවා හා සමානය.

සමහරු බුදුන් පුදනවා, තවත් දෙවියන් හා සර්ව බලධාරීන් කියා වෙනත් අයත් පුදනවා. දුව දුව හැමතැනම පුදනවා. අරමුණක්‌ නැහැ. බුදුන් ප්‍රමුඛ සඟරුවනට පුදා දෙවියන්ට පින්දීම තමා යහපත වන්නේ.


07. ඉධව පුබ්බකාරං කරොති - ශාසන දියුණුවට හා හිතකර දේ හරියට කිරීම, ශාසනයට අනර්ථකාරී දෙයක්‌ සිදුවේ නම් එය දැක වහාම ක්‍රියාත්මක වීමය. 'ශාසන පරිහානිං දිස්‌වා අභිවුද්ධිකා වායමති' දශ විධ බෞද්ධ ගුණවලින් එකකි. අතීතයේ අපේ බොදුවන් ශාසන චිරස්‌ථිතිය වෙනුවෙන් දිවි පූජා කළා. ඒ සුරැකීම නිසා අදත් බුදු සසුන දැකගතහැකිවී ඇත.

එබැවින් සෑම බෞද්ධ උපාසක ඇත්තන් විසින් මෙම ගෞතම බුදුසසුන රැක ගැනීමට අනුපමේපය දායකත්වයක්‌ ලබාදීම ශ්‍රේෂ්ඨ පින්කමක්‌ බව සිහිපත් කරමි.

පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි
ශ්‍රී විශුද්ධාරාමය, වාරියපොල.


2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment