සත්වයා සසරෙහි බැඳ තබන දස සංයෝජන නම්වූ රැහැන් දහයක් ඇත. එනම්,
1. සක්‌කාය දිට්‌ඨි
2. විචිකිච්චා
3. සීලබ්බත පරාමාස
දිට්‌ඨ හා සංයෝජන වේ. (කෙලෙස් ධර්ම)
4. කාම රාග
1. සක්‌කාය දිට්‌ඨි
2. විචිකිච්චා
3. සීලබ්බත පරාමාස
දිට්‌ඨ හා සංයෝජන වේ. (කෙලෙස් ධර්ම)
4. කාම රාග
5. පටිඝ
6. රූපරාග
7. අරූපරාග
8. මාන
9. උද්ධච්ච
10. අවිඡ්ජා වේ.
මේ දහයෙන් මුලින්ම සඳහන් තුන දිට්‌ඨි නිසා සංයෝජන වේ. දිට්‌ඨි යනු වරදවා පිළිගැනීමය. වැරැදි මතයට ඒමයි. නොපිටට සිතීමයි. මිත්‍යාදෘෂ්ටියයි. දිට්‌ඨිය යනු ඕඝයකි. භයාකම කෙලෙස් ධර්මයකි. ඒවා නැති කළ හැක්‌කේ විදර්ශනා භාවනාවෙනි.
සම්බුද්ධ ශාසනයක් පහළවූ කල - සද්ධර්මය ලොවට පහළවූ කල පමණක් මුලින් උපුටා දැමිය හැකි, අන් වෙනත් කිසිම කලෙක එසේ නැති කළ නොහැකි, විදර්ශනාවෙන්ම නැති කළ යුතු, දුරුකළ යුතු, සමුච්ඡේදනය කළ යුතු බැහැර කළ යුතු කෙලෙස් ධර්ම තුනකි. ආර්ය භූමියේ මුල්බැස ගැනීමට, සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර වීමට, ආර්ය ශ්‍රාවකභාවය ලැබීමට, නිවනට නියතවීමට, සම්බෝධි පරායන වීමට, සතර අපායෙන් සදහටම අත්මිදීමට ඉහතකී සංයෝජන මුලින් උපුටා දැමීම අනිවාර්ය වේ.
ඒ සඳහා මුලින්ම කළ යුතු පූර්වකෘත්‍යයක් හෙවත් පෙර සූදානමක් ඇත.එය සපුරාගත යුතුය. එනම්,
1. සත්පුරුෂ සංසේචනය

2. සද්ධර්ම ශ්‍රවණය
3. යෝනිසෝ මනසිකාරය
4. ධම්මානු ධම්ම පටිපදාවයි.
මෙකී ධර්මතා ඔබවෙත විද්‍යමාන වේ නම්, ඉහතකී ප්‍රතිලාභ ලැබීමට ඔබට හැකිය.එසේ නොමැති නම් අද අදම සතියෙන්. සිහියෙන්, යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රායෝගිකත්වයෙන් ප්‍රතිවේදයට පැමිණ නිවනට නියත වූවෙක් වන්න. සංයුත්ත නිකායේ දුතිය සාරිපුත්ත සූත්‍රයේ මේ බව වඩාත් පැහැදිලි කරදී ඇත.
ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ බුද්ධ පුත්‍ර ශාරිපුත්ත මහතෙරුන් වහන්සේගෙන් සෝතාපත්ති අංග කවරේදැයි විමසූහ.
'කථමන්නු ඛෝ සාරිපුත්ත, සෝතාපත්ති අංගන්ති,
- සපපුරිස සංසේවෝ හි භන්තේ සොතාපත්ති අංගŒ
- සද්ධම්මං සවණං සෝතාපත්ති අංගŒ
-යෝනිසෝ මනසිකාරෝ සොතාපත්ති අංගŒ
- ධම්මානු ධම්ම පටිපත්ති සොතාපත්ති අංගŒ
එහිදී ඉහත අයුරින් සෝතාපත්ති අංග පැහැදිලි කරදෙති.බුදුපියාණන් වහන්සේ සාධුකාරදී එය අනුමත කළහ.
ඉහත දැක්‌වූ ප්‍රතිපදාවට අනුගතවන ආර්ය ශ්‍රාවකයාට පහත දැක්‌වෙන ප්‍රතිලාභද හිමිවේ.
- ධර්මය ශ්‍රවණය කරන ආර්යය ශ්‍රාවකයා ආර්ය උතුමන් හදවතින්ම දකී.
- ආර්ය ධර්මය හ»නාගැනීමේ දක්‌ෂ වේ.
- ආර්ය ධර්මයේ හික්‌මීම ඇතිවේ.
- ආර්ය මගඵලලාභීන් දකී.
- සත්පුරුෂ ධර්මයේ දක්‌ෂ වේ.
- සත්පුරුෂ ධර්මයේ හික්‌මේ.
- මෙනෙහි කළ යුතු දහම දැනගනී.
- සිහි නොකළ යුතු පාපධර්මයන් මෙනෙහි නොකරයි.
සක්‌කාය දිට්‌ඨිය යනු කුමක්‌දැයි පළමුව හඳුනා ගත යුතුය. 'සක්‌කාය' යනු පංච උපාදානස්‌කන්ධයට හෙවත් හිතට කියන නමක්. හිත හටගන්නේ ගොරෝසු කය ආශ්‍රිතව ඇති ආයතන හය මුල්කරගෙනය. මේ හිතත්, කයත් දෙක එකතුවූ ජීවිත පැවැත්ම ස්‌වභාව ධර්මයකි. සුද්ධ ධර්මයන්ගේ හෙවත් ධාතූන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වයකි. මේ ධර්මතාවය හරිහැටි නොදැන මම - සතා - පුද්ගලයා යනුවෙන් නම් කරගෙන පරිපාලනයට යටත් කර ගැනීමට උත්සාහ කර උපාදාන තත්ත්වය ඇතිකරගෙන ඇත.සම්මුතිය හා පරමාර්ථය ධර්ම ගැන විදසුන් විමසුම මගින් ලෝක ව්‍යවහාරය හා පරමාර්ථ ව්‍යවහාරය පැහැදිලි කර ගැනීමෙන් 'සක්‌කාය දිට්‌ඨිය' නැතිකරගත හැක.
මඡ්Cධිම නිකායේ චුල්ලවේදල්ල සූත්‍රයේත් සංයුත්ත නිකායේ සක්‌කායදිට්‌ඨි සූත්‍රයේත් 'සක්‌කාය දිට්‌ඨිය' කුමක්‌දැයි නිරවුල්ව තේරුම්ගත හැකි ධර්ම විවරණයක් අනතර්ගතය.
චුල්ලවේදල්ල සූත්‍රයේ ධම්මදින්නා මහ රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ අනාගාමී උපාසකතුමාත් අතරවූ ප්‍රශ්නෝත්තර ධර්ම විවරණය ඉතා වැදගත් තැනක් ගනී.
විශාඛා උපාසකතුමා - සක්‌කායෝ සක්‌කායෝති අයෙ වුච්චති
කතමෝ නූ ඛෝ අයෙ සක්‌කෝ වුත්තෝ භගවතා
ආර්ය වෙනි, සක්‌කාය, සක්‌කාය යෑයි කියනු ලැබේ. කුමක්‌ද මේ සක්‌කාය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව?
ධමම්දින්නා රහත් මෙහෙණින් වහන්සේ - පංචඛෝඉමේ ආවුසෝ විශාඛ, උපාදානCඛෙJධා සක්‌කායෝ වුත්තො භගවතා.
විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ පංච උපානස්‌කන්ධයට සක්‌කාය යනු දේශනා කරති.
සෙයථිදං? ඒ කෙසේ යත් දැනගන්න.
1. රූප උපාදානස්‌කන්ධය

2. වේදනා උපාදානස්‌කන්ධය
3. සංඥ උපාදානස්‌කන්ධය
4. සංඛාර උපාදානස්‌කන්ධය
5. විඤ්න උපාදානස්‌කන්ධය
ඉමේ ඛො ආවුසෝ විශාඛ, පඤචූපාදානක්‌ඛනෙධා 'සක්‌කා' වුත්තො භගවතාති.
විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ පංච උපානස්‌කන්ධයට 'සක්‌කාය' යෑයි දේශනා කරති.
කය හා සිත එකට පරිබද්ධයි. කය වැඩ කරන්නේ හිතක් හටගත්තොත් පමණි. ඒ හිත හටගැනීමට කය උපකාරී වේ. ලෝකය හෙවත් හිත ක්‍රියාකිරීමට කය අත්‍යවශ්‍ය ය. මේ දෙකේ එකතුව සංඛාර ගොඩකි. සමූහයකි. පුංජයකි. හේතුවක් නිසා හටගත් ස්‌වභාවධර්මයකි. ශක්‌ති සමූහයක ප්‍රවර්තතනයකි. වේගයක් නිසා ශක්‌තියක් හටගනී. ශක්‌ති හතරක සාමූහිකත්වය රූපයකි. රූපදෙකක එකතුව විඤ්Æණයාගේ ප්‍රකටවීමකි. විඤ්Æනය හටගත් වහාම නාම ධර්ම ප්‍රකට වේ. සාමූහිකව ප්‍රවර්තනය වන ශක්‌ති සමූහයක ඇතිවෙමින් නැතිවෙමින් පවතින ග්‍රහ වස්‌තුවක් වේ. මෙයට සතා - පුද්ගලයා-මම- දෙවියා, බ්‍රහ්මයා වශයෙන් පනවාගෙන පුද්ගල අරෝපණයක් පනවා ගැනීමක් කරයි. ඒ ලෝක සම්මුතිය වේ. මේ සම්මුතිය නිත්‍ය, සැප, ආත්ම වශයෙන් අනවබෝධයෙන් වැරදි පිළිගැනීම දෘෂ්ටි ගතවීම එල්බ ගැනීම 'සක්‌කාය' දිට්‌ඨිය වශයෙන් හඳුන්වයි.
- රූපය යනු ස්‌වභාවධර්මයක්, ශක්‌තීන්ට ආවේණික ක්‍රියාකාරකමක්, වේගයක් නිසා හටගත් දෙයක්. මේ දැනුවත්බව නැති නිසා රූප උපාදානය වේ.
- වේදනාව කියන්නේ ස්‌වභාව ධර්මයක්. හේතු ප්‍රත්‍යයක් නිසා හටගත් දෙයක්. ඊට ආවේණික ක්‍රියාකාරකම් සිදුවීම ස්‌වභාවිකයි. නොදැනුවත් බව නිසා වේදනා උපාදානය කරගනී,
- සංඥව කියන්නේ ස්‌වභාවධර්මයක්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. ඊට ආවේණික ක්‍රියාකාරකම් සිදුවීම ස්‌වභාවිකයි. එහි යථාර්ථය ගැන නොදැනීම, නොදැනුවත් බව නිසා සංඥ උපාදානය කරගනී.
සංඛාර යනු ස්‌වභාවධර්මයකි. හටගත්තාවූ අර්ථයෙන් ක්‍රියාකාරක අර්ථයෙන් සංඛාර නම් වේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයකි. ඊට ආවේණික ක්‍රියාකාරකම් එහි විද්‍යමාන වේ. මේ යථාර්ථය නොදැනීම නිසා සංඛාර ධර්ම උපාදානය කරගනී.
- විඤ්Æනය යනු ස්‌වභාවධර්මයකි. සත්වයා සම්බන්ධව විද්‍යමාන වන ආයතන හෙවත් ස්‌වභාවධර්මයන් ඇසුරුකරගෙන ප්‍රකට වන තවත් ස්‌වභාවධර්මයකි. යථාර්ථය හෙවත් ප්‍රකෘතිය මූලස්‌වභාවය ගැන නොදැනගැනීම නිසා විඤ්Æණ උපාදානස්‌කන්ධය හටගනී.
මේ පංච උපාදානස්‌කන්ධය ස්‌වභාවධර්මයකි. පඨවි ආදී මූල ශක්‌ති පදනම්ව ප්‍රකට වන්නා වූ විද්‍යාමන වන්නාවූ ස්‌වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයකි. විදසුන් නුවණින් මේ බව නොදැනීම නිසා නොවෙනස්‌ව පවත්නා සතෙක්, පුද්ගලයෙක්, මමෙක්, පනවාගෙන නිත්‍ය, සැප, ආත්ම, සංඥවෙන් දෘෂ්ටිගත වීම සක්‌කාය දිට්‌ඨිය වේ.
අත්දැකීම්, විඳ ගැනීම්, හැඳින ගැනීම්, ක්‍රියාකාරකම් සලායතන සම්බන්ධයෙන් සිදුවේ. මෙහි පුද්ගලයකුගේ ක්‍රියාකාරීත්වයක් නොපළවේ. ක්‍රියාවක් ඇත, කරන්නෙක් නැත'. 'කම්මස්‌ස කාරකො නථි.'
නිවනට නියතවීමට මග හෙළිපෙහෙළි කරන සතර සතිපට්‌ඨානයේ කායගතානු සතිපට්‌ඨාන පරිච්ඡේදයේ ධාතු මනසිකාර පබ්බය නම්වූ කොටස හොඳින් අධ්‍යනය කර ලෝකය හෙවත් පංච උපාදානස්‌කන්ධය නම්වූ ස්‌වභාවධර්මය හටගත් ස්‌වභාවය යෝනිසෝ මනසිකාරයෙන් අධ්‍යයනය කර විදසුන් නුවණින් දැක භව නිරෝධය කරන්න

ගම්පහ සිරිසීවලී හිමි
2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment