Labels

Sunday, July 10, 2016

නැණවත් දරුවන් ගුණවතුන් ද විය යුතුයි

පුත්තා වත්ථු මනුස්සානං දෙමවිපියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන් බව බුදුපියාණන් වහන්සේ සඳහන් කර ඇති කරුණ ලෝකවාසී සත්වයාටම ප්‍රයෝජනවත් කාරණාවක් වෙයි. රටක් වශයෙන් අප දරුවන් පිළිබඳව සිතන ආකාරයත්, දරුවන්ගේ දියුණුව සැළකිය යුත්තේ කෙසේද? කියන කාරණෘවත් පිළිබඳව දැක්මක් හැටියට අප ජීවත් වන සමාජය බරපතළ වැරැදි කරන ස්ථානයක සිටියි.
විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව සිතූ ආකාරයත් දේශනා කළ ආකාරයත් ඉතාම වැදගත් වෙයි. අමාමෑණි ලොවිතුරා බුදුපියාණන් වහන්සේගේ දේශනාව පොත් වශයෙන් පනස් හතක් ත්‍රිපිටකයේ තිබෙන අතර එම මහා විශාල පොත් ගොන්නෙහි එක ගාථාවක හතරෙන් එක කොටසක් වශයෙන් “පුත්තා වත්ථු මනුස්සානං” යන පාඨය සදහන් කළ හැකියි.
පුත්තා යනු පුත්තු පමණක් නොවන අතර එයට සියලුම දරුවන් අයිතිවෙයි. මිනිසුන්ට දරුවන් වස්තුවක් වන්නේ කුමන ආකාරයෙන්ද? මිනිසුන් දරුවන් වස්තුන් ලෙස භාවිත කරන්නේ කෙසේද?
යන කාරණාව විග්‍රහ කළ යුතුයි. බුදුපියාණන් වහන්සේගේ කාලය තුළ දරුවන්ගේ චරිත පිළිබඳව කතා වස්තු කිහිපයක් සදහන් වෙයි. රාහුල කුමාරයාගේ කතාව, සෝපාක දරුවාගේ කතා ව, චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ කතාව, යන සෑම කතාපුවතකදීම බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව සිතූ ආකාරය පැහැදිළියි.
ශ්‍රී ලාංකිකයන් වන අප බොහෝ අවස්ථාවල උත්සාහ කරනු ලබන්නේ ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියන ශ්‍රී ලාංකික අධ්‍යාපන දැක්ම තුළින් මිනිසුන් බොහෝ දුරට බෞද්ධ අධ්‍යාපන දැක්මෙන් දුරස් වී තිබෙනවා. ලංකාවේ අධ්‍යාපන දැක්ම සමඟ බලන විට බුදුපියාණන් වහන්සේගේ අධ්‍යාපන දැක්මත් සමඟ සමරේඛිය වන්නේ නැහැ. සමපාත වන්නේ නැහැ. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු යන කිවියේ සඳහන් පරිදි එය තරම් හො ඳ අධ්‍යාපන දැක්මක් කිසිඳු පාසලක ඇතැයි කියා විශ්වාස කළ නොහැකියි. ඉතා ගරු කියන වචනයේ අර්ථයක් තිබෙන අතර එකම හොඳම ළමයා කියන අර්ථයට වඩා වැඩියෙන්ම හොඳම ළමයා කියන කාරණාවයි . ඉතා ගරු විය යුත්තේ ගුණ නැණ දෙකින් යුතුවයි. එය පැහැදිළිවම ලස්සන කාරණා දෙකක් බව ප්‍රකාශ වෙනවා.ගුණ එක බලයක් ලෙසද, නැණ තව බලයක් ලෙසද සඳහන් වෙයි බුදුපියාණන් වහන්සේ ගේ දේශනාවකට අනුව ශ්‍රී ලාංකික අධ්‍යාපනය පිළිබඳව බෞද්ධ දැක්මේදී ගුණ සහ නැණ වෙන්කර ගනු ලබන්නේ කෙසේද? නැණ යනු ඤාණයයි. ගුණ යනු ඤාණය නොවෙයි. කිසියම් දරුවකුගේ මස්තිස්කයට දත්ත පිරවීමෙන් සිදුවන්නේ දරුවා ඤාණවන්තයකු වීම මිස ගුණාත්මක වීම නොවේ. මස්තිස්කයට දත්ත ඇතුලත් කිරීම මගින් දරුවාගේ මස්තිස්කය තුළ දැනුම් ධාරිතාව වැඩිකළ හැකියි. දරුවා කෙතරම් ප්‍රමාණයක් දන්නවාද දන්න ඉංග්‍රීසි වචන ප්‍රමාණය කෙතරම්ද ප්‍රංශ , ජර්මන් ආදී විවිධ භාෂා මගින් එම වචන උච්ඡාරණය කරන ආකාරය දන්නවාද ? රසායන විද්‍යාව , භෞතික විද්‍යාව, ආර්ථීක විද්‍යාව ආදී වශයෙන් විවිධ නම් වලින් හඳුන්වනු ලබන්නාවූ සෑම විෂයයක තුළම පවතින්නේ දත්ත පමණයි. එම දත්ත දත්ත වශයෙන් පමණක් ලබාදීම අධ්‍යාපන ක්‍රමයයි. සාමාන්‍යයෙන් අධ්‍යාපනයෙහි ක්‍රම තුනක් පවතින අතර එය දැනුම, ආකල්ප ,කුසලතා , වශයෙන් සඳහන් වෙයි. අප උත්සාහ කරනු ලබන්නේ එම ක්‍රම තුනෙන්ම දැනුම ලබාදීමයි. එය සමස්ත වරදෙහි ස්වභාවයයි. ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව දක්වනු ලැබුවේ එවැනි ආකල්පයක් නොවෙයි. මේ ආකාරයෙන් විෂය වශයෙන් දත්ත දරුවාගේ මස්තිස්කයට මස්තිස්ක ගත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවාට ඉහළින් සමත් විය හැකියි.

ඉහළින්ම සමත් වීම යනු ඉහළ සහතිකයක් ලබාගැනීමයි. ඉහළ සහතිකයක් ලබාගැනීම යනු ඉහළ රැකියා අවස්ථාවක් ලබාගැනීමයි. ඉහල රැකියා අවස්ථාවක් ලබාගැනීම යනු ෙවිගයෙන් සහ ප්‍රමාණයෙන් වැඩි පුර ධනයක් එක් රැස් කර ගැනීමයි. අවසාන විග්‍රහයේදී එම දැනුම මස්තිස්ක ගත කිරීමේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ අනෙකා සතුව ඇති ධනය ක්‍රමයෙන් හෝ උපක්‍රමයෙන් තමා සතු කරගැනීමේ ක්‍රම වේදයක් සකස් කර ගැනීමයි. සාමාන්‍යයෙන් මිනිසුන්ට සල්ලි හදන්න බැහැ. මිනිසුන්ට සාමාන්‍යයෙන් සල්ලි නිපදවන්න බැහැ. කළ හැක්කේ බොහෝ දෙනාගේ සාක්කුවේ ඇති මුදල් ක්‍රමයෙන් හෝ උපක්‍රමයෙන් තමාගේ සාක්කුවට සේන්දුකර ගැනීම හා ඊට ක්‍රමවේදයක් සකස් කර ගැනීමය.ි ව්‍යාපාර ලෙසද, රැකියා ලෙසද, විවිධ නම්වලින් එය හැඳින්වුවද, අවසානයේ දී සිදුවන විග්‍රහය එයයි. යමි ස්ථානයක සියදෙනකු සිටිනවා යැයි සිතුවහොත් ඉන් එක් පුද්ගලයකු අතෙහි රුපියල් සියය ගණනේ තිබෙනවා යැයි අනුමාන කළහොත් මගේ ළඟ තිබෙන්නාවූ නිෂ්පානය ක්‍රමයෙන් හෝ උපක්‍රමයෙන් එම සියදෙනා අතර අලෙව් කිරීමට උත්සාහ කරයි. ඔවුනට අවශ්‍යතාවයක් ඇතිවන ආකාරයෙන් වෙළෙඳ උපක්‍රමයක් යොදාගෙන කටයුතු කරනු ලැබුවහොත් සියයක් වටිනා නිෂ්පාදනය රුපියල් පනහක මුදලකට අද දින අලෙවි කරනු ලැබුවහොත් සියදෙනාම රුපියල් පනහක මුදලක් මාහට ලබාදෙමින් එම නිෂ්පාදනය මිළදී ගනු ලබයි. ක්‍රමයෙන් හෝ උපක්‍රමයෙන් මට රුපියල් පනහ ගණනේ ලබාගැනීමට සැලැස්වීෙමි අවසන් ප්‍රතිඵලය වන්නේ මම රුපියල් පනස්දහසක අයිතිකරුවකු පමණක් වවීමම නොවේ. හමිබකිරීම යනු එවැනි සිදුවීමක් වන අතර බොහෝ දෙනා සියයෙන් පනහට වැටීම යනු එක් පුද්ගලයකු බිංදුවේ සිට පන්දාහ දක්වා ගමන් කිරීමයි. තවත් පැත්තකින් ප්‍රකාශ කරනවා නම්, එක පුද්ගලයකු ධනවත් වීම වනාහි බොහෝ පිරිසක් දුප්පත් වීමයි. අප දරුවකුට උගන්වනු ලබන්නේ හැකිතාක් දුරට කාගේ හෝ සාක්කුවල තිබෙන්නාවූ මුදල් නුඹේ සාක්කුවට ගනින් පුතේ කියන තැනක සිටිමින් නම්, එය බෞද්ධ අධ්‍යාපන දැක්ම නොවෙයි. එසේ බලාගෙන යන විට සමස්ත රෙටි අධ්‍යාපනය සැකසී ඇත්තේ බෞද්ධ ක්‍රම ‍ෙවිදයට නොවි. ගුණ නැණ බෙලෙන් යුතු වෙනුවට ගුණ කෙසේ වෙතත් නැණ පමණක් වත් ඉගෙන ගනින් පුතේ කියන තැනක බෞද්ධ නොවන අධ්‍යාපනයක දැක්ම ක්‍රියාත්මක වෙයි. එය සැලකිය යුතු කරුණක් වන්නේ ගුණ පිරීහීම වනාහි නැණයෙන් නිෂ්ප්‍රයෝජන තාවයකට හේතු වීමයි. ගුණ පිරීහීම යනු තමාගේ මෙන්ම රෙටිද සිත සුව පිණිස පවතිනු ලබන්නේ නැහැ. ගුණ සම්පන්න විය යුතු බවට බුදුපියාණන් වහන්සේ පුදුමාකාර ලෙස වදාරා ඇත.එම ගුණ සම්පන්න කිරීමත් සමඟම හැඟීමි දැනීම් ඇති දරුපිරිසක් බිහිකිරීමයි. දැනීමි යනු දත්ත කැවීමයි. හැඟීමි යනු දත්ත නොවේ. අධ්‍යාපන ක්‍රමය තුළ කෙතරමි වැරැදි සහගත බවක් තිබෙනවාද?කියනවා නමි, අප ලකුණු ලබාදෙන්නේද, සහතික ලබාදෙන්නේද, නැණට මිස ගුණට නොවේ. හැඟීමි දැනීමී දෙකෙන්, සළකා බලන්නේ දැනීම් මිස හැ ඟීමි නොෙවි. ආදරණීය අමිමා අප්පචිචිට තිබෙන්නාවූ ලෙන්ගතුකම මනින්න සහතික ක්‍රමයක් නැහැ. කෙතරමි දුරට දරුවා පාරසරිකද? නැතහොත් කෙතරමි දුරට දරුවා පරිසරයට පෙමිකරනවාද ඒ වෙනුවෙන් කටයුතු කරනවාද කියන කාරණාවට නිශ්ච්ත ලකුණු ප්‍රමාණයක් ඇගයීම් ක්‍රමයක් නැහැ. ගණිතය මෙතරමි ප්‍රමාණයක් නිවැරැදි වුවහොත් ෙමි තරමි ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතු බවට නිශ්චිත ක්‍රමයක් තිබෙනවා. එහෙත් මිතුරු මිතුරියන් සමඟ සුහදශීලිව හා සමාජශීලිව සමාජානුයෝජනයෙන් යුක්තව දරුවා ජීවත් වන්නේද? යන්න ඇගයීමට ක්‍රමයක් නැහැ.




කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment