මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Friday, August 28, 2015
පසේ බුදුවරයෙකුට මඟ පෙන් වූ සුනඛයා මරණින් මතු දෙව්ලොව උපදී
දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්‍ෂයක් ඇතිවිය. මේ රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්‍ෂය, මඟ හැරීම පිණිස පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක් ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි සිටියහ.
ලෞකික ලෝකෝත්තර සැපයට උපකාරී වන දානය
අසරණ සත්ත්වයන්ට සරණ වීමට ලොව පහළ වූ තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළා සසරින් එතෙර වෙන මාර්ගයක්. එහිදී මූලිකවම තම තමා පෞද්ගලිකව පුරුදුකළ යුතු ගුණාංග අතර “දානය” ප්‍රමුඛස්ථානයක් ගන්නවා.
නියත මිථ්‍යා දෘෂ්ටිකයාට හිමි නිරය යි
බෞද්ධයන් ලොව පහළ වුණේ තථාගතයන් වහන්සේ ලොව පහල වුණාට පස්සේ. මීට අවුරුදු 2601 ට කලින් දිව්‍ය ලෝක තිබුණා. උන්වහන්සේ මිනිස් ලොවට වැඩියේත් තුසිත දෙව් ලොවින්. එනිසා මරණින් පස්සේ දිව්‍ය ලෝකයේ යන්නේ බෞද්ධයන් විතරයි කියන දේ බුදු දහමට එකඟ නැහැ. අප දන්නවා එක් ගෙම්බෙක් තථාගතයන් වහන්සේ ගේ ධර්මය අහගෙන ඉඳල ගොවියකුගේ කෙවිටට අසුවෙලා මැරිලා ගිහින් නන්දූපක කියලා දිව්‍ය රාජ්‍යයෙක් වෙලා ඉපදුනා. ගෙම්බා බෞද්ධ නොවේ. මැරෙන මොහොතේ සිත ප්‍රසන්න සිතකින් සිටීමයි.
මරණාසන්න අවස්ථාවේදී තල දෝතක් පූජා කිරීමෙන් මහත් වූ දිව්‍ය සම්පත් ලත් දෙවඟන
තිල දක්ඛිණා විමාන වත්ථුව
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, එක්තරා දුප්පත් ගර්භනී කාන්තාවක්, රජගහනුවර වාසය කළාය. එක් දිනක් ඇය තෙල් සිඳ ගැනීමේ අදහසින් තල ටිකක් සෝදා අව්වේ දමා වේලෙන තුරු පසෙකට වී බලා සිටියාය.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි, එක්තරා දුප්පත් ගර්භනී කාන්තාවක්, රජගහනුවර වාසය කළාය. එක් දිනක් ඇය තෙල් සිඳ ගැනීමේ අදහසින් තල ටිකක් සෝදා අව්වේ දමා වේලෙන තුරු පසෙකට වී බලා සිටියාය.
රියසක සතර මත දිවි ගමන ඉදිරියට
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඒකක වග්ගයට ඇතුළත් චක්ක සූත්‍රය ද උපමාවක් ඇසුරින් දේශනා කරන ලද්දකි. චක්‍රය හෙවත් රෝදය උපමා කොට දෙසූ නිසා චක්ක යන නම ඊට භාවිත කෙරේ. තම ජීවන යාත්‍රාව නිරුපද්‍රිතව නිවැරැදි ඉලක්කය කරා ගමන් කරවිය හැකි රෝද සතරක් ගැන එයින් කියැවේ. එම රෝද සතර නම්, සුදුසු ප්‍රදේශයක වාසය, සද්පුරුෂ ඇසුර, තම සිතෙහි පිරිසුදු බව හා පෙර කරන ලද පින් ඇති බවයි.
ශීලය යනු කුමක් ද ?
මනා නුවණැත්තා ශීලයෙහි පිහිටයි. ශීලයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩයි. ශීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන ශීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. මල් සුවඳ උඩු සුළඟට නො හමයි. සත් ගුණවතුන් ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමයි. ශීලය තුළ ප්‍රධාන වශයෙන්ම පාපයට හා ලජ්ජාවට බිය පවතියි. ශීල ධනං, ශීලය ධනයකි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේ ද එය ශීල ධනයයි. සිල් සුවඳ සැම සුවඳකටම වඩා උතුම්. සඳුන් සුවඳ, මල් සුවඳ ආදී දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේය.
ධර්ම ශ්‍රවණයට සිතේ සංවරය ඕනෑ
ධර්ම දේශනාවක් පැවැත්වීමේ දී වගේම ධර්ම ශ්‍රවණය කිරීමද උතුම් පුණ්‍යකර්මයක්. ධර්ම ශ්‍රවණයේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් ඉතා වැදගත් වනවා.
බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා පවත්වන ලද අවස්ථාවක ආනන්ද හිමියන් විසින් විමසන ලද ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරු ගැන අප මඳක් අවධානය යොමු කර බැලිය යුතු වනවා.
දත යුතු සතර අපා තතු
අනේකවිධ දුක්ඛයන්ගෙන් යුක්ත වූ ප්‍රේත අපාගත උප්පත්ති ලබන්නෝ කවරහුද? තුන්සිත පහදවාගෙන දන් නොදෙන්නෝ, ඊර්ෂ්‍යාවෙන් හා ලෝභකමින් යුක්ත වූවෝ, මව්පියන් කෙරෙහි නිවැරැදි පිළිපැදීම් නැති අය සහ අගතියෙන් නොමඟ යන්නෝ ආදි අනේකවිධ පාපී ක්‍රියාවන්හි නියුක්ත වූවෝ මරණෙන් මතු ප්‍රේතලෝක උප්පත්ති ලබති.
පංචශීලයෙහි සදාචාරාත්මක අගය
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි සැවැත් නුවර ජේතවනාරාමයට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන උපාසක උපාසිකාවන් නිසා මහත් වූ සිරියාවකින් නිතරම බැබළෙන්නට විය.
එන්න ධර්මය දකින්න
2600 යේ සම්බුද්ධත්ව ජයන්තියට තව ඇත්තේ මාස ගණනකි. උදාවන මේ අසිරිමත් දිනය සැමරීමට අපි ලහිලහියේ සූදානම් වෙමු. පිළිවෙත් ගරුක වීමත්, බුදු දහම කුමක්දැයි දැන ගැනීමට උත්සුක වීමත් තුළින් නියමාකාරයෙන් මෙම අසිරිමත් දිනය සැමරිය හැකිය.
කර්මය මූලික නොවන වේදනාවෝ
බෞද්ධ කර්ම සංකල්පයේ සුවිශේෂත්වය වන්නේ චේතනා පූර්වක ක්‍රියා පමණක් කර්ම වශයෙන් පිළිගැනීමයි. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි “ චේතනාව කර්මය වශයෙන් වදාරන බුදුන් වහන්සේ සියලු දෘෂ්ඨීන් අභිබවා භාරතයේ නව චින්තන විප්ලවයක් ඇති කිරීමට සමත් විය. චේතනාවේ ක්‍රියාකාරිත්වය පුද්ගලයා දැන හෝ නොදැන සිදුවේ. එමගින් කර්මයේ ඇති බලවත් බව පැහැදිලි වේ.
නිවැරැදිව දම් දෙසමු
නිවැරැදිව පැහැදිලිව දහම් දේශනා කොට වදාළහ. වර්තමානයේ දී උන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම ඇතැම් අය ඉතාමත් වැරැදි සහගත ලෙසත් අනිසි ලෙසත් භාවිතා කර ධර්මයේ නොවනදේත් ඉදිරිපත් කරණ බවක් ද පෙනෙයි.
දන්දීමයි ආනිසංස ලැබීමයි
බෞද්ධයෝ දන් දෙන්න කොපමණ කැමති ද? එය එසේ වුවත් පූජා කරන දානය මහත්ඵල මහානිශංස කර ගන්නේ කොහොම ද? කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ඇති බෞද්ධයන් ඉතා අල්පය. ඒනිසාම පුද්ගලික දාන, සාංඝික දාන ගැනත්, ඒවායේ ආනිසංස ගැනත්, දායකයා හා ප්‍රතිග්‍රාහකයා පිළිබඳවත් මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. මජ්ජිම නිකායේ විභංගවග්ගයේ ‘දක්‍ෂිණාවිභංග’ සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.
පිපාසිත වූ භික්‍ෂූන් වහන්සේලාට පැන් පූජා කිරීමෙන් නැව් විමන් ලත් දෙවඟනගේ කථා පුවත
ඒ වස්සාන කාලයේ අවසන් සතියයි. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වෙසෙන සමයක භික්‍ෂුන් වහන්සේලා දහසය නමක් ඈත පිටිසර ගම්බද ප්‍රදේශයක වස් වසා සිටියහ. වස් කාලය නිමා වූ නිසා බුදුරදුන් බැහැදැකීම සඳහා සැවැත්නුවරට යාමට උන්වහන්සේලා කතිකා කර ගත්හ. වස් කාලය තුළ තමන් ගත් අත්දැකීම් උන්වහන්සේට දැනුම් දීමත් තම ධර්ම ඥානය වර්ධනය කර ගැනීම සඳහා ධර්මාවවාද ලබාගැනීමත් උන්වහන්සේලාගේ අපේක්‍ෂාව විය.
කලණ මිතුරුකම අගයන මිත්තානිසංස සූත්‍රය
සැබෑ මිතුරුකම අතුපතුර විහිදී ගිය ශක්ති සම්පන්න රුකක් බඳුය. එය සුළඟට පවා බිම හෙළිය නොහැකිය. එතරම්ම ශක්තිමත් වේ. කලණ මිතුරා ගේ ගුණයහපත්කම ඔහුගේ මෙන්ම සෙස්සන්ගේ ද දියුණුවට මහඟු පිටිබලයක්ම වේ. තමා තමන්ට හෝ අනුන්ට හෝ කිසිම වංචාවක් නොකරන නිසාවෙන් ඔහු මෙන්ම ඔහුගේ සිතද බොහෝ ශක්ති සම්පන්නය.
දුකසේ විඳින කර්ම විපාක
මිතුරෙකුගේ වේශයෙන් ඔබත් සමග යාලුවෙලා සිටි ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද? ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සේ පරලොව ගියේ මොනවගේ උපතකට ද? ශ්‍රමණ පේ‍්‍රතයාගේ ඔළුව උඩ තමා මම ඉන්නේ. ඒ පව්කළ ඔහු දැන් පේ‍්‍රත ලෝකයේ ඉන්නේ මම වගේම පේ‍්‍රතයකු වෙලයි. ස්වාමිනි, මගේ භෝජන මේවායි. අනෙක් උදවිය වැසිකිලි කරද්දී ඒ අසුචි මම කනවා. මම වැසිකිලි කරද්දී මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පේ‍්‍රතයා කන්නේ
සියලු දානයන්ට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි?
ධර්ම දානයේ අනුසස් රැසක් තිබෙනවා. විශේෂයෙන්ම ධර්මය දේශනා කරවීමෙන් ධර්මය ශ්‍රවණය කරවීමෙන් දහම්පොත පත කියවීමෙන් ඒවා මුද්‍රණය කර බෙදාහැරීමෙන් ආදි වශයෙන් අස්සුතං සුණාති මීට පෙර නොඅසන ලද නොකියවන ලද දේ අසන්න කියන්න පුළුවන්. සුතං පරියො ද පෙති මීට පෙර අහපු දේ තව තවත් වඩවඩාත්ම සිතට අලවා ගන්න. එය නැවත නැවත කියවීමට ලැබීම තමන්ට පුළුවන්කම තියෙනවා. එහි අනුසස් ලබාගන්න
Thursday, August 27, 2015
තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න
ප්‍රශ්නය - සමහර ගිහි පැවිදි වැඩිහිටියන්ගේ මතයක් වශයෙන් අද ඇතැම් තරුණ පිරිස් පන්සලට ඇති නැඹුරුවීම් මඳ යැයි කීවොත් ...
නිරෝධ සමාපත්තිය
චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය. යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා. ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා
ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් තිබෙනවා ද?
ප්‍රශ්නය - පිනක් කරල හැමවිටම අනුන්ටත් පින් අනුමෝදන් කිරිම බොහෝ බොදුනුවන්ගේ සිරිතයි. පිනක් කිරීමේදී එසේ සිදු කරන වා නම් අකුසලයක් සිදු කර අනුන් වෙත අනුමෝදන් කළ නොහැකි ද?
මෙත් සිත පතුරවා ගත සිත සුවපත් කර ගත හැකි යි
මෛත්‍රී භාවනාව හරිහැටි කළොත් ලෙඩ රෝග සනීප කර ගන්න පුළුවන්. පළමුව තමා විසින් තමාට ම මෛත්‍රී කළ යුතුයි. හිසේ සිට පිළිවෙළින් පාදාන්තය දක්වා සුවපත් වේවා! යනුවෙන් නැවත නැවත මෙත් සිත වර්ධනය කර ගත යුතුය. මෙසේ මෛත්‍රී වැඩීමෙන් චිත්ත ශක්තිය ශරීරයට බලපානවා. අනුන්ට පෙර පළමුව තමන්ට මෛත්‍රී කිරීමට පටන් ගන්නා විට තමන්ගේ රෝග පමණක් නොව අනුන්ගේ රෝග පවා සුවපත් කරවන්න පුළුවන්
දිගාසිරි ලැබීමේ රහස සිතේ ඇති පෝෂණය යි
තමන්ගෙ සිත ද්වේශයට කාමයට පෙලඹෙන පොලඹවන මාර්ගවලින් පුළුවන් තරම් වෙන්වී ඈත් කර ගන්න ඕන. ඒ වගේ ශරීර සෞඛ්‍යයත් වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය ආහාර හැකිතාක් පිරිසුදුව ම පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට ශරීර පෝෂණය තුළින් පමණක් දීර්ඝායුෂ ලබන්න බෑ. සිතත් පෝෂණය කළ යුතුම යි. සිතේ පෝෂණයත් අත්‍යවශ්‍යය යි. ජීවිතය ආගමානුකූල නම් සිත පෝෂණය වෙනවා. පෘෂ්ටිමත් වෙනවා
අයහපත ගෙන දෙන වැරැදීම් කුමට ද?
උස්සූර සෙය්‍යං ආලස්සං
චණ්ඩික්කං දීඝ සොත්ථියං
ඒකස්සද්ධාන ගමනං
පරදාරූප සේවනං
එතං බ්‍රාහ්මණ සේමස්සු
අනත්ථං තෙ භවිස්සති
(ධම්මපදට්ඨ කථාව)
දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, අනර්ථකර කරුණු පිළිබඳ විමසූ ‘අනර්ථ පුච්ඡක’ නම් බමුණාට බුදු හිමියන් විසින් දේශනා කරන ලද අනර්ථකර කරුණු සය දැක්වෙන ගාථාවයි ඉහතින් සඳහන් වන්නේ. පළමු අනර්ථකර කරුණ නම් උස්සූරසෙය්‍යාව යි. එනම්, හිරු උදාවන තෙක් නිදීමයි. දෙවැන්න ආලස්‍යය එනම් අලසකම හෙවත් කම්මැලිකමයි. තෙවැන්න චණ්ඩික්ක එනම් සැඩ ඵරුෂකමයි. සිව්වැන්න දීඝසොත්ථිය බව එනම් තමා වෙත පැවැරුණු කාර්යය අතපසු කිරීමයි. පස්වැන්න නම්
ආත්ම සංවරයෙන් සුරැකෙන සමාජ සදාචාරය
ආචාර විද්‍යාත්මක පසුබිමක් ඇති, සමානාත්මතාවට ඉඩ ලැබෙන, අතිධාවනකාරිත්වයෙන් මිදී යන සමාජ දර්ශනයක් ලෙසින් බුදුදහම ඉදිරිපත් කර ඇත. සමාජයක පවතින සංවරශීලීබව සමාජ ප්‍රගමනයේ එක් මූල සාධකයක් වේ. සන්සුන් මනැසක් හා සන්සුන් කාය – වාග් ක්‍රියාකාරිත්වයක් සමාජයෙහි වෙසෙන්නන් තුළ ඇති කල්හි සමාජයෙහි නිර්මාණය වන දහසකුත් ප්‍රශ්න අවමකර ගැනීමට එය මහත් රුකුලක් වන බව පැහැදිලි ය.
බාහිර පෙනුම සලකා තීරණ ගැනීම නොමැනවි
එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන අය ගැන ක්ෂණික තීරණ නොගත යුතුය. කෙනකු වටපිට නොබලා බිම බලාගන කථා කළ පමණින්, සංවර වූ ඉරියව් තිබූ පමණින් ඉක්මන් තීරණ ගැනීම නොවටී. කෙනකු අඳින ඇඳුමෙන්, මතුපිට ස්වභාවයෙන් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතුය. අසංවරව අඳින පළඳින කෙනකු තුළ සංවරව අඳින පළඳින අයකුට වඩා සිල්වත්, ගුණවත් බවක් තිබිය හැකිය. ගැහැනු ළමයකු දිහා කෙළින් නොබලන, සිගරැට්ටුවක් කටේ නොතබන, ගෙදරින් පිටතට තනියෙන් නොයන කෙනකු ගැන වුවත් ඉක්මන් තීරණ නොගත යුතුයි. කෙනකුගේ බුද්ධිමත්කම, සුසිල්වත්කම මැනිය හැක්කේ දුෂ්කර අවස්ථාවන්හිදී, ඒ තැනැත්තා හෝ තැනැත්තිය මුහුණ දෙන ආකාරයට අනුව ය.
හොඳ හිතින් කරන නරක වැඩ නරක හිතින් කරන හොඳ වැඩ
සාමාන්‍යයෙන් හොඳ වැඩ සහ නරක වැඩ කියලා වර්ග දෙකක් මිනිසුන් විසින් බෙදා ගනු ලබනවා. හොඳ වැඩ කළ විට හොඳයි, නරක වැඩ කළ විට නරකයි කියලා, තීන්දුවලට, තීරණවලට එළඹෙන්න පුළුවන්කම තිබෙනවා. එහිදී සමහර වෙලාවට හොඳ වැඩ නරක හිතින් කරන්නත්, නරක වැඩ හොඳ හිතින් කරන්නත්, පුළුවන්කම තිබෙනවා. එහෙම කරන්න පුළුවන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමී” යන ප්‍රකාශයත් එක්ක යම්කිසි ක්‍රියාවක් කළවිට එය පින් සිදුවෙන ක්‍රියාවක් ද ? පින් සිදු නොවන ක්‍රියාවක් ද? පව් සිද්ධ වෙන ක්‍රියාවක් ද පව් සිද්ධ නොවන ක්‍රියාවක් ද? යන්න තීරණය කරන්නේ ඒ ක්‍රියාවේ හැටියට නොවෙයි, ක්‍රියාවේ ප්‍රමාණයේ හැටියටත් නෙමෙයි.
සැබෑ අවබෝධය
තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධානුසාරී ආර්ය ශ්‍රාවකයා මෙම ආයතන පිළිබඳව සැබෑම අවබෝධයට පත්වීම නිසා ඇස පිළිබඳවත්, කන පිළිබඳවත්, නාසය, දිව, කය, මනස පිළිබඳවත් අවබෝධයෙන්ම කළ කිරෙයි. (චක්ඛුස්මිම්පි.... මනස්මිම්පි නිබ්බින්දති) කළකිරීම නිසා එම ආයතනවලට නොඇලෙයි. (නිබ්බින්දං විරජ්ජති) නොඇලීම නිසා නිදහස් වෙයි. (විරාගා විමුච්චති) එම ආයතනවලින් නිදහස් වූ පසු තමා දැන් නිදහස්ය යන අවබෝධයට පත් වෙයි
ආඝාතපටිවිනය හෙවත් ද්වේශයෙන් නිදහස් වීම
බුද්ධ දේශනාව මගින් සිදුකරනු ලබන්නේ ජීවිතය සහ ලෝකය පිළිබඳව යථාර්ථය විග්‍රහ කර දීමයි. එම ජීවිත යථාර්ථය තේරුම් ගැනීමට, කිසියම් පුණ්‍ය ශක්තියක් මෙන් ම විචාර බුද්ධියකින් යුතු මිනිසෙකු විය යුතුය. තණ්හාවෙන් බරිත වූ සමාජය තුළ මව පියා ගුරුවරයා සහෝදරයා සහෝදරිය ආදී පමණක් නොව අහිංසක දරුවන් ද මේ කිසිවෙක් නොසලකා හරියි. එනම් දීර්ඝ කාලයක සිට ශිෂ්ට සමාජයක් ලෙසින් ගොඩනැගූ සියලු හර පද්ධතීන් අකා මකා තම අභිප්‍රාය ඉටුකර ගැනීමට ප්‍රයත්න දරති. ආවේගකාරී මානසික මට්ටම තුළම ඇතිවන ද්වේශකාරී මානසික තත්ත්වය තේරුම් ගෙන පාලනය කිරීමට මෙන්ම
සදහම් නොදත් බාලයා රෝගියකු වැනිය
සිතින් නරකම සිතන්නේත්,කටින් නරකම කියන්නේත්,කයින් නරකම කරන්නේත් “බාලයා” බව දහමෙහි දක්වන නිසා පුද්ගල හැඩරුවින් සහ සිනාවෙන් පමණක් නොව ක්‍රියාකලාප අධ්‍යයනය කිරීමෙන් බාලයා තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ “බාලයා” හට සංසාරය දිගය යනුවෙන් දක්වා ඇත්තේ සංසාරය කෙටි වුවක් නිසා නොවේ. සංසාරය අනන්තය, අප්‍රමාණය. කෙළවර මේ යැයි කිව නොහැකි තරම්ය. නමුත් මෙහිදී දක්වන්නේ බාලයා සමාජයට කරනු ලබන නරක ක්‍රියා නිසාම ඔහු තමාගේ සංසාර ගමන තව තවත් දික්කර ගන්නා බවය. නරක දෙයම නිතර නිතර කීරිම සමාජයට මෙන්ම එය කරන්නාටද හානිකරය.නමුත් නරක දෙය කරන නරකයා එය කරන අවස්ථාවේ එ තුළින් කිසියම් මිහිරක් ලබයි එහි විපාක ගිනි පුපුර මෙන් පෙරළා තමා වෙතම හඹා එන බව ඔහු නොසිතයි
අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීමේ විපාක
ධම්මපදට්ඨකතාවෙන්
උදේනි රාජ්‍යයෙහි විසූ චණ්ඩපජ්ජෝත නම් රජු සියලු ධන සම්පතින් ආඪ්‍ය රජෙකි. දිනක් තම වැසියන් අමතා, තමා තරම් ඉසුරුමතකු මෙම රාජ්‍යයෙහි තවත් නොමැති බවට පුරසාරම් දෙඩීය. එවිට වැසියන් කීවේ, ඔබගේ මේ සම්පත් කුමක්ද? උදේනි නම් රජු මහා ඉසුරුමතකු බවයි. චණ්ඩපජ්ජෝත රජු ඒ පිළිබඳ තෘෂ්ණාව උපදවා ඒ සියල්ල අත්පත් කර ගන්නට යෝජනා කළේ ය. එවිට වැසියන් කීවේ එය කෙසේවත් කළ නොහැකි බවත් උදේනි රජුට ඇතුන් අල්වා ගන්නා සහ පලවා හරින්නා වූ හස්තිකාන්ත වීණාවක් ඇති බවත් ය. එබැවින් බොහෝ ඇතුන්ගෙන් පිරි ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව රටවැසියෝ රජුට පැහැදිලි කළහ.ලද දෙයින් සතුටුවීම මංගල කරුණකි
මංගල සූත්‍රයෙහි සඳහන් විසිහතර වැනි මංගල කරුණ වන්නේ “ සන්තුට්ඨි” නම් වූ ලද දෙයින් සතුටුවීම මංගල කරුණක් බවයි. මෙය ධර්මයෙහි “ යථාලාභ සන්තුට්ඨි” නමින් ද විස්තර කෙරේ. එමෙන්ම “ සන්තුට්ඨිතා” ගුණය ලෙස ද දක්වයි. මෙහි ලද දෙයින් සතුටුවීම යනුවෙන් අදහස් කරන්නේ දියුණුවීම පිණිස හෝ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට එපා නම් වූ අදහස නොවේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් නුවණින් ද, උත්සාහයෙන් ද, නොපසුබස්නා වීර්යයෙන් ද යුතුව කටයුතු කළ යුතුය. එනමුත් එමගින් ලද ප්‍රතිඵලය හෝ ලැබූ දෙය පිළිබඳව දුකට හෝ චිත්ත පිඩාවකට පත් නොවී සිටිය යුතු බව මෙමගින් අදහස් කෙරේ.
ඇලීම අත්හැර සැනසීම ලබන්න
නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අචිචෙන්තිකාල තරයන්ති රත්තියො
වයො ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්‍ඛ මානො
ලොකාම්සං පජතෙ සන්තිපෙක්ඛා
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින් පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්,
දෙව්ලොව හිමි බෞද්ධයන්ට පමණ ද?
හොඳ නරක පදනම් කරගත් සම්මා දිට්ඨිය තිබෙන්නේ බෞද්ධයන්ට පමණක් නොවේ. අබෞද්ධ අන්‍යාගමිකයන්ටත් එය තිබෙනවා. ඒ විශ්වාසය මත කවුරුහරි කෙනෙක් හොඳ කරමින් නරකින් වළකිනවා නම් ඒ අය වෙනත් ආගමික නායකයින් අනුගමනය කළත් කර්ම න්‍යායට අනුව අපායේ යන්නේ නැහැ. හොඳ ක්‍රියා අනුව දිව්‍ය ලෝකයේ යනවා. දිව්‍ය ලෝකයේ උපදින්නේ බෞද්ධයෝ විතරයි කියන තර්කය එයින් බිඳෙනවා
‘උඩට’ – ‘පහළට’ යන සිව් දෙනා
මෝහය නමැති ගණ අඳුර නිවා ප්‍රඥාව නමැති ආලෝකය හදෙහි දල්වන්නට බෞද්ධයෝ උත්සුක වෙති. භෞතික දියුණුවේත් ආධ්‍යාත්මික දියුණුවේත් නැණ පහන් දැල්විය හැක්කේ මෝහය නමැති ගණ අඳුර නිවා ප්‍රඥාව නමැති පහන දැල්වීමෙනි. ප්‍රඥාලෝකය නිවා මෝහාන්ධකාරය ජයගත හොත් භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත් වේ. ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සඳහා ප්‍රඥාලෝකය වැඩිය යුතු ය.
නිරෝගී වීමේ රහස පවසන පුද්ගල පැවැත්ම
මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ප්‍රතිලාභය නිරෝගී බව (ආරොග්‍ය පරමා ලාභා) යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේ්ශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ඒ නිසා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා ය යන අරුත් ඇති ‘මහාභිසක්ක’ යන්නෙන් බුදුරදුන් හැඳින්වේ.
දුකසේ ලැබිය යුතු සම්පත් සතරක්
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිච්ඡො බුද්ධානං උප්පාදො
Wednesday, August 26, 2015
නිබඳව රැස් කරන පින සහ පව
අප ජීවත් වන මේ සමාජයෙහි සිදුවන යාග හෝම, බලිබිලි, පුදපූජා පිළිබඳ අදත් අපට අහන්ට ලැබෙනවා වගේම ඒ පිළිබඳ විවිධ මතත් පළ වෙනවා. බුදුදහමෙන් නිරන්තරයෙන්ම පූජා විධි ප්‍රතික්ෂේප වන්නේ පුද පූජාවෙන් පමණක් බුදු දහමෙහි උගන්වන පරම විමුක්තිය වූ නිර්වාණය සඵල කර ගත නොහැකි වන නිසාය.
පාපයට- විපතට මඟ සලසන සතර අගතිය
යමක් සඳහා උත්සාහය සහ සැලැසුම අවශ්‍ය වූවත්, ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැටීම, සිතූ පරිදිම ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, සතර අගතියට උත්ප්‍රේරක ය. යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව ‘යද නිච්චං තං දුක්ඛං’ යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය.
දරුවන් ගැන මව්පියවරු සොයා බැලිය යුතුයි
සමාජයේ දරුවන් ගැන සොයා බලන්න කෙනෙක් නෑ. කාර්ය බහුලත්වය නිසා මව්පියන් දරුවන්ගෙන් ඈත් වෙලා. උදේ පාන්දර වෑන් එකට නග්ගල අම්ම තාත්ත වැඩට යනව. හවසට ඇවිත් අම්ම තාත්තට දරුවො ගැන හොයන්න වෙලාවක් නැහැ. දරුවොත් උදේ වරුවෙ පාසලේ හවසට ටියුෂන් යනවා ගෙදර එන්නෙ රෑ වෙලා. පාසලේ වැඩගැනවත් දරුවන් යන එන ඇසුරු කරන අය ගැනවත් හොයන්න අම්මට තාත්තට වෙලාවක් නැහැ. දරුවා නැවත හෙට උදේට පාසල් යන්න ඕන. අධ්‍යාපනය නිවැරැදිව ඔළුවට වැටෙන්නෙ නැහැ. ආතතිය තෙරපුම පීඩනය වැඩියි. මවට පියාට හොයන්න වෙලාවක් නැති නිසා දරුවන් නිදැල්ලේ යනවාදෝයි සිතෙනවා.
ත්‍රිලක්ෂණය
අනවබෝධය නිසා ඇතැම් අය කිසිදු උත්සාහයක් නොකොට තම කටයුතු පසක දමා කුසීතව මන්දගාමීව කල්පනා කරයි. සෑම දෙයක්ම ස්ථිර නැතැයි ‘අනිච්ච’ යන පදය අරුත් වරදවාගෙන මෙලොව පරලොව උභය දියුණුවට අවැසි මඟ අප්‍රමාදව සිදුනොකර පිරිහීමට පත්වෙයි.
Tuesday, August 25, 2015
මෝහය
සිගාල සිටු පුත් මුල්කරගෙන ගිහි සමාජයට ආචාර ධර්ම පද්ධතියක් දේශනා කරන බුදුන් වහන්සේ පුද්ගලයා අන්තගාමී නොවිය යුතු අගතිගාමී නොවිය යුතු කරුණු හතරක් දේශනා කරයි. ඉන් එක් අගතිගාමී කරුණකි මෝහය, හෙවත් මුලාව. මෝඩකම යනු ද එයම ය. මෝඩකම මැනිය හැකි එක් මිනුම් දණ්ඩකි පුද්ගල ක්‍රියාකාරීත්වය.
බය
දේවධර්මය, ලොව්තුරු ධර්මය, මේ සමාජ ආචාර ධර්ම තුළ තමන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි ද ? බාදා කම්කටොලු නැති තෘප්තිමත් ජීවිතයක් ගත කරයි. ප්‍රාණ ඝාතය ඇතුළත් පස් පව් දස අකුසල් ක්‍රියාත්මක කරයිද?
ද්වේෂය
සිගාල ගෘහපතියා මුල්කරගෙන සමාජයක ජීවත්වන මිනිසුන් උදෙසා ආචාර ධර්ම පද්ධතියක් දේශනා කරන බුදුන් වහන්සේ පුද්ගලයා අගතිගාමී අන්තගාමී නොවිය යුතු කරුණු හතරක් දේශනා කරයි. ඉන් එක් අගතිගාමී කරුණකි ද්වේෂය.
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය
පුල් විලක, පියුම් විලක තියන මල් වර්ග තුනක් ගැන අපි කලින් කතා කළා. ඒත් සමාජය නමැති විලේ ජීවත්වන සත්ත්වයන්ගෙ ස්වභාවය බුදුහාමුදුරුවො දකින්නේ ආකාර දහයකට. සත්ත්වයා කියන්නෙ මොන අර්ථයෙන් ද? “සත්ත” කියන පාලි වචනෙ ඇලුණු,පැටලුණු කියන තේරුමයි තියෙන්නෙ. ඒ අනුව රූප,වේදනා,සඤ්ඤා,සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙහි ඇලුණු කෙනාට තමයි සත්ත්වයා කියන්නෙ.
කර්මය සහ විපාකය
පුදුම සිදුවීම් නිතර නිතර ම ලෝකයත් ලෞකිකයාත් පිළිබඳ ව අසන්නට දකින්නට ලැබෙයි. සෑම දෙනෙකුන්ම තම තමා ගැන ම මවිතවන අවස්ථා එමට ය. මෙසේ නොසිතූ විරූ පරිදි බොහෝ දේ සිදුවීමට හේතුවක් - කාරණයක් තිබිය යුතු ය. නො එසේනම් කරවන්නෙක් නිර්මාපකයෙක් අවශ්‍යය. කෙනෙකුට යස ඉසුරු සැප සම්පත් අනෙකෙකුට වද වේදනා දුක් විපත් දීමට සුවපතුන් දුකටත් දුක්පතුන් සැපටත් අද තිබෙන දෙය හෙටට වෙනස් කරන්නටත් කෙනෙකුට හැකිදැයි සිතා බලා එබඳු විශ්ව බලයක් පුද්ගලාරෝපණයකට බාහිර විද්‍යාඥානයෙන් කෙසේවත් ඉඩ නොලැබෙන බුද්ධි යුගයක ජීවත්වන මිනිසා අනෙකුත් නොයෙකුත් හේතු සෙවිම නොවැලැක්විය හැකි ය.
ජීවිතය සුවපත් කරන සිල්වත්කම
පන්සිල් රැකීම දෙලොව දියුණුවට ඉවහල් වන අතර, තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියටද මඟ හෙළි කරයි. පන්සිල් රකින්නාගේ ගුණ සුවඳ සියලු දෙසට හමා යයි. කාගේත් ගෞරවයට ඔහු පාත්‍ර වෙයි. මෙලොව සැප ලබයි. පරලොව දී ද ඔහු ශ්‍රේෂ්ඨයෙක් වෙයි. නිවන් සුව ලැබීමට ද ඔහුගේ ශීලය හේතුවක් වෙයි. බුදුන්, දහම්, සඟුන් පිහිට කොටගත් උපාසකයා එබැවින් පන්සිල් පද උල්ලංඝනය නොකොට, නිති රැක ගැනීමෙහිලා උත්සුක වීම ඉතා වැදගත් වෙයි.
බුදු වදන පිළිගත් අය තුළ දුබල සිතුම් - පැතුම් නෑ
ධර්මය කෙරෙහි විශ්වාසයට එන්න බැරි ඇතැම් අය දේශනා කියවනවා. අන් අයට කියලත් දෙනවා. නමුත් ඒ අය කල්පනා කරනවා ‘ කොහොම ද සමාධිය ඇති කර ගන්නේ ‘කියලා . එයා කල්පනා කරනවා ‘කොහොම ද සම්මා දිට්ඨිය ඇති කර ගන්නේ ‘ කියලා. ඊළඟට යථාභූත ඤාණය ඇති කරගන්නෙ කොහොමද කියලා. මේ පංචඋපාදානස්කන්ධය අවබෝධ කරන්නේ කොහොම ද කියලා මොකක් ද මේ පංච උපාදානස්කන්ධය ? මේ රූපය මොකක් ද? කිය කියා ඉතින් හොයනවා. “ මොකක් ද කළ යුත්තේ “ කියන කරුණාව ගැන බොහෝ දෙනකුට තේරුමක් නැහැ. අඳුරේ අත පත ගානවා.
Sunday, August 23, 2015
කාය වාග් සංවරය
“ස්වාමීනි , ඔබ වහන්සේ අනුන් ඇසීමට අපි‍්‍රය අමනාප වචන ප්‍රකාශ කරන්නේද? රාජකුමාරය, එයට එක එල්ලේම පිළිතුරක් දිය නොහේ, කිවයුතු තැනදී කියමි. නොකිය යුතු තැනදි නොකියමි”
(අභයරාජ කුමාර සූත්‍රය – මජ්ක්‍ධිම නිකාය 52)
සියලු කායික ක්‍රියා අතර පුද්ගලයෙකුගේ මුවින් පිටකරනු ලබන වචනයෙහි ශක්තිය හා බලය අතිමහත්ය. පි‍්‍රයවූත්, මනාපවූත් වචනය අසන්නාගේ සිත ප්‍රබෝධමත් කරයි. සන්තෘප්ත කරයි. සිතෙහි අසීමිත පී‍්‍රතියක් ජවයක් උත්පාදනයෙහි සමත්වෙයි. අපි‍්‍රය අමනාප වචනය නිසා හටගන්නේ එයට ප්‍රතිවිරුද්ධ ඵලයකි. එවැනි වචන අසන්නාගේ සිත හකුළුවාලයි. කෝප සිතිවිලි ජනිත කරයි. හිංසනය වැනි කායික ක්‍රියාවන්ට පුද්ගලයා පොළඹවයි. අපි‍්‍රය අමනාප වචනය එය කියන්නාට මෙන්ම අසන්නාටද අයහපත්වූත්, අවැඩදායකවුත් ප්‍රතිඵල අත්කර දෙයි.
සිතේ දමනයට සතිය
සුපසන් වූ ජීවිතයකට ‘සතිය’ හෙවත් ‘සිහිය පිළිබඳව අපි කතා කරමු. අප ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් මනා වූ දියුණුවක් ලැබීමට නම් ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යමයි. සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවසන අන්දමට, සිහියෙන් වැඩක් කරන්නට නොහැකි කිසිදු පුද්ගලයෙකුට ජීවිතයේ කිසිදු දියුණුවක් ලබන්නට අපහසුයි.
Subscribe to:
Posts (Atom)

















































