Labels

Tuesday, August 25, 2015

බය


දේවධර්මය, ලොව්තුරු ධර්මය, මේ සමාජ ආචාර ධර්ම තුළ තමන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි ද ? බාදා කම්කටොලු නැති තෘප්තිමත් ජීවිතයක් ගත කරයි. ප්‍රාණ ඝාතය ඇතුළත් පස් පව් දස අකුසල් ක්‍රියාත්මක කරයිද?
බිය, අවිශ්වාසය, පසු බැස්ම, බියෙහි විවිධ අවස්ථාවන් හිදී සමාජය තුළ ක්‍රියාත්මක පස් පව්, දස අකුසල්, දස කුසල් ක්‍රියාත්මක කෙරෙයිද ? මරණ භයින් තොරව සිදු කරයි ද ? නිර්භය, භාවස්වභාවයයි.

තමන්ගේ ජීවිතයට මරණින් පසු ලබන්න තියෙන සමාජ භියත් සන්තාන ගත බියත් නැත්තේ නම් ඒ නිර්භාවයයි, (භය නැති ස්වභාවයයි) පාරමී පුරණ බෝසත්වරු වත්මන් ලෝකයේ මනාව සුජීවත් වෙයි. එබඳු උතුමෝ පරම ආත්ම පූජා කරති.
අගතිගාමී කරුණක් වශයෙන් භය පුද්ගල ජීවිතයේ ගොඩනැගෙන්නේ පාපි ධර්මයක් හැටියට යි. පස් පව් වලට දස අකුසල් වලට පුද්ගලයා බිය විය යුතුයි. භික්ෂුවක් සසරට බිය වෙයිි. භයං ඉක්ක තීති භික්ඛු’ සසරහි බිය කරු භව දුක් සහගත බව දකින විටත් දිවිය මනුස්ස සසරගමන හා නරක, තිරිසන්, ප්‍රේත, අසුර, දුක් ඇති සංසාර ගමනක් දකින නුවණැත්තා බිය ඇති කර ගනියි. ඒ තුළින් කුසලයට නැඹුරු වීමත් අකුසලය බැහැර වීමත් තුළින් මෙම අගතියෙන් නිර්භය තාවයට පත් වේ.
බෝධි සම්බාර ධර්ම පුරණ බෝසත්වරු මෙකී අගතියෙන් තොරව ජීවිතය පවා දන් දෙති. (පරමත්ථ පාරමී) ජීවිතය දන්දීම කුමක් සඳහා ද ජීවිතය දන් දෙන්නේ.
සතර අගතියෙන් අගතියට පත් සමාජයක් තුළ බොරුව, අසාධාරණය, අයුක්තිය හා මනුෂ්‍ය සමාජය වර්ගීකරණයට එරෙහිව ජීවිතය පරිත්‍යාග කරයි. බියෙන් අගතියට පත් වූවන්ට එබඳු ජීවිත පරිත්‍යාගයක් කළ නොහැක. රට, ජාතිය, ආගම, වෙනුවෙන් උදාර මෙහෙවරක් කරන ‘සාදු සමාජය’ (යහපත් සමාජය) බියෙන් අගතියට පත් නොවන්නාක් සේම නිර්භය තාවයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරයි.
යුක්ති ධර්මය ක්‍රියාත්මක කිරීමට භයෙන් අගතිගාමී නොවිය යුතුයි. නිවැරැදි දෙය කිරීමේ දී පුද්ගලයා සන්තාන ගත වශයෙන් මෙකී බියෙන් අගතියට පත් වේ. එසේ අගතිගාමී වූ සමාජයක සාධාරණත්වය ඉස්මතුªකළ නොහැක. උදාහරණය වශයෙන් බියෙන් අගතිගාමී නොවූ සේනාධිනායකයෙක් කළ යුත්ත කිරීම සඳහා අණ දෙයි. එබඳු අගතියෙන් තොර රණවිරුවා බියෙන් තොරව ඒ අණ පිළිපදී. සිය ජයග්‍රහණය තහවුරු කර ගනියි. ඒ අනුව අප රටෙහි යුද්ධය නිමා කිරීම මෙකී අගතියෙන් තොරවූ පිරිසකගේ ජයග්‍රහණයකි. නිවන්අරමුණු කර ගත් සාදු සමාජය තම විමුක්තිය උදෙසාම මෙකී අගතියෙන් තොරව කටයුතු කළ යුතුය. තවද වශයෙන් කිවහොත් මෙම භය විවිධ පැතිකඩ ආකාරයට විස්තර කළ හැකිය. මරණ භය, අමුණුස්සබිය, රෝග බිය මේ කරුණුය.

‘මරණ බිය’

මරණ බිය මිනිසා මෙම බියට අකමැති බියකි. ජීවත් වන්නා වූ පුද්ගලයා ඉපදෙන විටම අරගෙන පැමිණෙන බිය මරණ බියයි. මෙම මිනිසා මෙම බියෙන් නිදහස් වීමටයි පොර බදන්නේ. ඒ වාගේම ‘අමණුසසබිය’


අමණුස්සබිය’

අමණුස්ස බිය යනු අපට පෙනෙන්නැති පුද්ගලයාට අප අමණුස්ස යනුවෙන් හඳුන්වනු ඇත. හිතේ හටගන්නා වූ බිය තැතිගැන්ම අමණුස්ස බිය උපදවා ගැනීමය. උදාහරණයක් වශයෙන් යම් කිසි පුද්ගලයෙක් තනියෙන් ගමනක් යන විට පාර දෙපස තිබෙන ගස්, කොලන් සුළඟට සෙලවේ. ඒ ගස් කොලන් සෙලවෙන ඡායාව සඳ එළිය නිසා පාරට වැටී තිබෙනවා. ඒ එළිය ආධාර කරගෙන මේ යන පුද්ගලයා අර එළි වැටි පෙනෙන ගස් සෙලවෙනවා දැක බිය වෙනවා. ඔහුගේ්සිත කැළඹීමකට පත් වෙනවා. ඔහු බිය වෙනවා. අන්න අමණුස්ස බිය උපදනවා. අන්න ඒ ආකාරයටයි අමනුස්සබිය උපදින්නේ.

‘රෝග බිය’

රෝග බිය යනු යම් පුද්ගලයෙක් රෝගාතුර වීමට අකමැතිය. ලෙඩ වීම, තුවාල වීම යන ආදි විවිධ රෝග තිබේ. අන්න ඒ රෝග බියට ඒ පුද්ගලයා අකමැතිය. බුද්ධ දේශනයේ විවිධ රෝග හඳුන්වා තිබේ.
මිනිසා ඒ රෝගයන්ට බියවේ. ඒ රෝග බියෙහි උපදීමයි. මේකී ආකාරයෙන් භය නැතිනම් තැති ගැනීමෙන් අන්තයට පැමිණ පාපී පුද්ගලයා අගතිගාමී වෙයි. බුදු පියාණන් වහන්සේ විසින් සිඟාල ගෘහපතියට දේශනා කරන්න යෙදුන සතර අගතියේ තෙවන අගතිය වන්නේ ‘භය’ යන්නයි. තවද උන්වහන්සේ මේ ආකාරයෙන්ද විස්තර කරයි.

සතර අගතිය
ඡන්දා දොසා භයා මොහා
යො ධම්මං අතිවත්තති
නිහියති තස්ස යසො
කාල පෙක්‍ඛව ඡÁදිමාති
යනුවෙන් සතර අගති විස්තර කරන උන් වහන්සේ මෙම සතර අගතියෙන් මිදී අගතිගාමී නොවී උතුම් නිවන් සැප ළඟා කර ගැනීමට මෙම මිනිස් සමාජයේ උතුම් මිනිසුන්ට හේතු වාසනා වේවා. බයෙන් අගතියට නොගොස් එයට නිර්භය එකතු කොට උත්තරීතර නිවන් සැප ළඟා කරවා ගැනීමට මෙම නිර්භය උපයෝගී වේවා !

සැමට තෙරුවන් සරණයි.









දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment