Labels

Tuesday, August 25, 2015

ද්වේෂය


සිගාල ගෘහපතියා මුල්කරගෙන සමාජයක ජීවත්වන මිනිසුන් උදෙසා ආචාර ධර්ම පද්ධතියක් දේශනා කරන බුදුන් වහන්සේ පුද්ගලයා අගතිගාමී අන්තගාමී නොවිය යුතු කරුණු හතරක් දේශනා කරයි. ඉන් එක් අගතිගාමී කරුණකි ද්වේෂය.

ද්වේෂය යනු තරහව හෙවත් නොරුස්සන ගතියයි. ලොව සියල්ලෝ ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදුණද ඉන් විද්‍යාමාන වන්නේ පුද්ගල චරිත හයකි. ‘රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්‍ඛ චරිතය’ ඉන් එක් චරිතයකි ද්වේෂ චරිතය.
පුද්ගල සන්තානයෙහි මනො මූලිකව හට ගන්නැති ද්වේෂය එය පුද්ගලයාටත් ඔහුගෙන් පරිභාහිර සමාජයටත් විනාශයක් අවැඩක් සිදු කරයි. මින් අන්තගාමී පුද්ගලයා දාන ධර්‍මමාදී කුසල කර්ම කළද ප්‍රතිඵල රහිතයි. එසේ සිදු වන්නේ ද්වේෂ සහගත මමෝ කර්මයෙන් ද්වේෂ සහත වග් කර්මයෙන් ද්වේෂ සහගත කාය කර්මයෙන් යුක්ත බැවිනි. ද්වේෂයෙන් අගති ගාමී පුද්ගලයා මෙලොවත් පරලොවත් දෙලොවම පිරිහේ.

 මෙලොවද සම්පත් හීන වේ. එයට උදාහරණයක් වශයෙන් අඳුරේ පැය දෙක ගමනක් යන පුද්ගලයා ඒ අඳුරේ ගමන් කිරීමට ආලෝකයක් එළියක් භාවිතා කරයි. එසේ යන ඔහුට අඳුරට මුවා වී අඳුරේ සිට යම් ක්‍රියාවක් කරන දෙදෙනෙකු මුණ ගැසේ. ආලෝකය දරන්නා එම ගමන නවතා අඳුරේ සිටින දෙදෙනාට පැයක පමණ කාලයක් ආලෝකය අල්ලා සිටියි. එම දෙදෙනා ආලෝකයේ පිහිට ගෙන සිය කටයුතු කරගෙන මනාව පිටව යයි.
මෙහිදී ආලෝකය දරන්නා තම ගමනෙහි නිමාවට ගෙන ආ ආලෝක ශක්තිය තමන්ගේ ගමන නිමාවට ප්‍රමාණවත් නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමාට කරදර බාධා අවහිරතා මධ්‍යයේ තම ගමන නිම කිරීමට සිදු වේ. එය කෙටියෙන් කිව හොත් අනුන්ට පහන අල්ලන්න ගිය විට තමන්ගේ පහනේ තෙල් පිච්චේ. ඒ අයුරින් අන් අයට ද්වේෂ කරන්නාට තමන්ගේ දහය (ආධ්‍යාත්මිකත්වය) සම්පත් විනාශයට පත් වේ.
ද්වේෂය හෙවත් ක්‍රෝධය නසා සුවසේ ජීවත් විය හැකියි. ද්වේෂයනැති කිරීමෙන් පසු සො තැවුල් ඇති නොවේ. විස සහිත මුලක් හා මිහිරි වූ අග කෙලවරක් ඇති ද්වේෂය නම් වූ අකුසල දහම නැති කිරීම බුද්ධාදි ආය්‍ය¡යන් වහන්සේගේ ප්‍රසන්සාවට ලක් වේ.
විශේෂයෙන් ජීවන ප්‍රශ්න නිරාකරණය සඳහා අති ධාවනකාරී ගමනක යෙදී සිටින නුතන මිනිස් සමාජයේ බොහෝ දෙනාගේ හදවත් නිරතුරුව ද්වේෂ ගින්නෙන් දැවෙන බව පෙනේ. ගෙදර, මහාමාර්ගය, කාර්යාල, බස් රථය ආදි විවිධ ස්ථාන වලදී ඔහුට ඒ සඳහා ඉන්ධන සැපයේ. එසේ නිරතුරු ද්වේෂය ;හවත් ක්‍රෝධය අග්නි ජාලාවෙන්දැවෙන ඔහු කායික මානසික වශයෙන්ද අනේක පීඩාවන්ට ලක් වෙමින් අසහනකාරී ජීවිතයක් ගෙවයි. එපමණක් නොව එවැනි ආවේගකාරී අවස්ථාවල ඔහුගේ මුවින් පිටවන වචන හා කයින් සිදුවන ක්‍රියාවන්ද ඔහුට මෙන් සමාජයටද විපත් ගෙන දෙයි. පුද්ගලයාට සමාජයක ඉමහත් හානිදායක වූ මෙම ද්වේෂය යනු කුමක්දැයි දැන ගැනීම අප සැමට වැදගත් වෙයි. මිනිසාගේ සිතේ ඇතිවෙන අකුසල සිත් දාහතරක් ඇත.
ද්වේෂය ද ඉන් එකකි. ක්‍රොධය යනු ද්වේෂයට කියන තවත් නමකි. එයට අමතරව, කෝපය, පටිඝය, අඝාතය, ව්‍යාපාදය යන නම් ද එයට යෙදෙයි. ‘චක්ඛු, සොත’ ආදි තම පංච ඉන්ද්‍රියන්ට තමා අකමැති රූප ශබ්දාදි අරමුණක් යොමු වූ විට සිත දූෂණයට පත්වීම ද්වේෂය නමින් හඳුන්වයි. ‘දුසසතීත දෝසො’ එවිට සිත සැඩ පරුෂ වෙයි. දණ්ඩෙන් පහරලත් නයෙකුගේ ස්වභාවයට පත් වෙයි.










 දිනමින පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment