Labels

Monday, February 29, 2016

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


"භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට අවතීර්ණ වනු පිණිස බෞද්ධයකු සිය චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථාවලින් මනා කොට හෙළි කරනු ලැබේ. ඉහත කී දෙයාකාර සංවර්ධනයට අදාළ කටයුත්තෙහි දක්ෂ වූ නිවන් අරමුණු කොට ක්‍රියා කරන බෞද්ධයා අවශ්‍යයෙන්ම දක්ෂයකු විය යුතු ය."
සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් මෙත්ත සූත්‍රය අපේ බෞද්ධයන් අතර අතිශයින්ම සම්භාවනාවට පත්ව ඇති බුද්ධ දේශනාවකි. එය කරණීය මෙත්ත සූත්‍රය ලෙස හඳුන්වන බෞද්ධයෝ සජ්ඣායනය කරන්නවුනට එමඟින් දේවාශිර්වාද ලැබෙන බවද පිළිගනිති. එම ජනපි‍්‍රය පිළිගැනීමෙන් ඔබ්බට ගිය විට පෙනී යන ඉතාමත් ම වැදගත් කරුණ නම් එම සූත්‍රය සිය පෞද්ගලිකත්වය දියුණු කර ගනිමින් සමාජ හිතකාමියෙකු බවට පත්වීම සඳහා ඉතා හොඳ මඟ පෙන්වීමක් ද කරන බව ය.
භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට අවතීර්ණ වනු පිණිස බෞද්ධයකු සිය චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථාවලින් මනා කොට හෙළි කරනු ලැබේ.

Sunday, February 28, 2016

බුදුන් වහන්සේගේ වෛද්‍ය ඥානය



බුදුන් වහන්සේ වූ කලී සත්වයාගේ දුක් ව්‍යසන දුරුකිරීම සඳහා සාංසාරිකව දීර්ඝ කාලයක් තිස්සේ අනවරත පර්යේෂණයක නිරතව එහි ඵලප්‍රාප්තිය ළඟා කරගත් උතුමන් වහන්සේ නමකි. උන්වහන්සේගේ මූලික අභිප්‍රාය වූයේ කායික රෝග ව්‍යපසමනය කිරීම නොව මානසික රෝග මූලිකව පවතින දුක සමනය කිරීමයි. එහෙත් කායික රෝග ව්‍යපසමනයකින් තොරව මානසික සමනයක් ඇති කිරීමේ දුෂ්කරතාව උන්වහන්සේ මැනවින් දැන සිටියහ.

Saturday, February 27, 2016

තිරිසන් අත්බවෙහි කටුකත්වය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 21 )


"විශේෂයෙන් කරත්ත අදින ගවයා වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයින් බවට පත් වී විශාල වශයෙන් දුක්ඛයන්ට භාජනය වෙති. තම ස්වාමියා විසින් කරත්තයට පටවන සියලු බර නෑ, බෑ නොකියා ඔහු විසින් කියන තැනට ඇදිය යුතුය. මෙය සත්වයාට මහත් පීඩාවකි. "

Friday, February 26, 2016

බුදුගුණ


අප නිතර ම බුදුරජාණන් වහන්සේගේ ‘අනන්ත ගුණ’ ගැන කියනවා. අපේ පැරණි පොතපතේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නට බුදුගුණ කියැවෙන විවිධ නම් විශේෂ බුදුරජාණන් වහන්සේ කියන මේ වචනයට මුලින් යොදා තිබෙනවා. ඒ විතරක් නොවෙයි අනිත් අය බුදුගුණ ගැන කියනවා අහලත් තියෙනවා.එහි අදහස තමා බුදුගුණ අනන්ත බව.

Thursday, February 25, 2016

අභාවිත සිතකට පංචකාම ගුණ විපතක්ද? සැපතක්ද?


සුපසන් ජීවිතයකට දේශනා පෙළෙහි වානරයෙක් උපමා කොටගෙන දේශනා කළ ‘මක්කට’ නම් දහම් කතාවෙන් දුරුතු මස අමාවක පෝදා විග්‍රහ කළාසේ අස්‍රැතවත් පෘතග්ජන සිතක් දකින දකින දේ, ඇසෙන ඇසෙන දේ තමා සතු කර ගැනීමට යෑමේ දී ඇතිවන විනාශය කුමක් දැයි ඔබම තේරුම් ගත යුතුයි.

Wednesday, February 24, 2016

නිවන් මඟට පසුබිම



සිත එකඟ කර ගැනීම සමාධියයි. සැනින් අරමුණු ගනිමින් අරමුණින් අරමුණට මාරුවන සිත මොහොතකට නමුදු එක අරමුණක පිහිටුවා ගත හැකි නම් සිතෙහි ශක්තිය මතු කරගත හැකි ය. සිත ස්වභාවයෙන්ම ශක්තිමත්ය. බලවත්ය.

Tuesday, February 23, 2016

පින ලබා දෙයි සැපය



ඒ කාලයේ මනුෂ්‍ය ලෝකයේ පසේබුදු නමක් වැඩ සිටියා. මේ පුද්ගලයා හොඳ ගොවියෙක්. එදා මිනිසුන් ඒ පසේ බුදුවරයාණන් වහන්සේට දන් පූජා කළා. පැන් පූජා කළා. වන්දනාමාන කරමින් පින් රැස්කර ගත්තා. ඔවුන් ඒ සඳහා ගියේ මේ කුඹුර මැදින්. ගොවියාට යම් ශ්‍රද්ධාවක් තිබුණත් කුඹුරේ ගොයමට හානි සිදුවන නිසා එතැනින් යන පාර වසා දැමුවා. මිනිසුන් ඒ වැසූ පාර ඇරගෙන කුඹුර මැදින් ගියා.

Monday, February 22, 2016

සැමදා කුසල් කොට දන්නා උපායේ කිසිදා නොයන් මේ තිරිසන් අපායේ ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 20)


පසුගිය ලිපි කිහිපයෙන් සතර අපාය අතර එන පේ‍්‍රත අපාය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළෙමු. එයින් පේ‍්‍රත අපාය පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන ඇතැයි සිතමු. එබැවින් අද දින කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ තිරිසන් අපාය පිළිබඳවයි. තිරිසන් අපාය පිළිබඳ එන දීර්ඝ විස්තරයක් සම්බුදු මුවින් භාෂිත මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බාලපණ්ඩිත සුත්‍රයේ එයි.එහි දී බුදුරජාණන් වහන්සේ තිරිසන්ගත සතුන් හා ඔවුන්ගේ ස්වභාවයන් මෙසේ විස්තර කළහ.

Sunday, February 21, 2016

සොරකමෙන් පේ‍්‍රතියක් වූ රූමතිය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 19 )



ඒ සූඛරමුඛ පේ‍්‍රතයා මා විසින් ද දක්නා ලදිමි. ඔහු පැවසූ පරිද්දෙන්ම කාශ්‍යප බුදුන් දවස ඔහු කළ අකුශල කර්මයේ විපාක ඔහු තව බොහෝ කාලයක් විඳීයි. යනුවෙන් වදාරා එයම තේමා කොට ගනිමින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලාට දහම් දෙසූ සේක.

ඊර්ෂ්‍යා කරන්නා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී


අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය පඨිඝය තරහව යන ගැටෙන සුළු මානසික තත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.

Saturday, February 20, 2016

සපල නොවූ අදහස් ඇතිව මියයාම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තං පුත්තපසුසම්මත්තං
ඛ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව
මච්චු ආදාය ගච්ඡති

පින්වත්නි

Friday, February 19, 2016

සියලු දෙයට මනස මුල්වෙයි


උපදේශාත්මක ධර්ම ග්‍රන්ථයක් වශයෙන් ධම්මපදයෙහි වැදගත්කම ඉතා ඉහළය. ආගමික භේදයකින් තොරව සෑම අයෙකුටම තම ජීවිතය අර්ථවත් කරගැනීමට අවශ්‍ය උපදෙස් එහි ඇතුළත් වේ. ධම්මපදයෙහි පළමු වග්ගය යමක යනුවෙන් හඳුන්වන්නේ එහි අන්තර්ගත ගාථා යුගල වශයෙන් ඉදිරිපත් කර තිබෙන හෙයින්ය. එයින් එක් අතකින් යහපත් අංශයත් අනෙක් අතට අයහපත් අංශයත් පැහැදිලි කරයි.

Thursday, February 18, 2016

වැරැදි ලෙස විපර්යාසාකාරයෙන් දකින්නේ ඇයි?


"අප වරදවා ගත් සංඥාව වරදවාගත් සිත, වරදවා ගත් දැක්ම මුළුමණින්ම ජීවිතයම අඳුරට ගෙනයනවා. ඒ නිසා ඔබ ඔබේ විපල්ලාස තුනම නිවැරැදි කර ගැනීමට උත්සාහ කරන්න. මේ පංචස්කන්ධයේ තිබෙන නිසරුබව සරු ලෙස ගන්න එපා. මේ විපල්ලාස නිවැරැදි කරගත් විට ඔබටත් සසර ගමන කෙටි කරගෙන ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙන බව ඒකාන්තයි."

Wednesday, February 17, 2016

ආශා සහ අවශ්‍යතා හඳුනා ගැනීමට දුෂ්කර වන්නේ ඇයි?



සිල්වත්ව ජීවත්වීමට උත්සාහ දරන අපට එම සිල්වත් බව ආරක්ෂා කරගැනීමට නොහැකි වන ආකාරයේ චෛතසිකයන් ලෙස බාධාවන් පවතී. බූදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වු ශ්‍රී සද්ධර්මයට අනුව සිල්වත්කම යනු කායික හා වාචසික සංවර කමයි. ආර්යය විනයට හා ආර්යය ධර්මයට අනුව සංවරකමේ අර්ථය ලෙස දක්වා ඇත්තේ සාමාන්‍ය සම්මුති ලෝකය තුළ පවතින සංවරකම නොවේ. සම්මුති ලෝකය තුළ කය වචනය සංවර වීම තුළින් අදහස් වන්නේ,කළබලකාරී බවෙන් හා ඝෝෂා කිරීමකින් තොරව,

Tuesday, February 16, 2016

ජීවිතයෙන් ගත යුතු හරය කුමක්ද?


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘ඡ ඉමානී භික්ඛවෙ අනුත්තරියානී . කතමෙ දස්සනානුත්තරියං සවණානුත්තරියං ලභාණුත්තරියං , සික්ඛානුත්තරියං ,පාදචරියාණුත්තරියං අනුස්සුතාණුත්තරියං තී’

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි

Monday, February 15, 2016

පත්තකම්ම සූත්‍රයන් තුළින් හෙළිවන ජීවන දර්ශනය


පුද්ගල පැවැත්මේදී යහපත් ජීවන දර්ශනයක් තිබිය යුතුවේ. එසේ නොවන්නේ නම් එය තමාටත් අනෙකාටත් පරිසරයටත් මහත් අසහනයක් ගෙන දේ. දියුණුම සත්ව කොට්ඨාශය වන මිනිසාගේ දියුණුව මැනෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරම් තුළිනි. එය සත්ව ක්‍රියාවන් ඉක්මවූ ගුණසම්පන්නකම් පෙන්වාදෙන තත්ත්වයක පැවතිය යුතුය. ඒ සඳහා උපදෙස් ලබාදෙන ප්‍රධාන සුත්‍ර හතරක් ලෙස පත්තකම්ම සූත්‍ර හැඳින්විය හැකිය.

දියුණුවට හානි කරන සැකය උපදවන මෝහය එපා


සැකය හෙවත් විචිකිච්ජාව නමැති මනෝභාවය පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමිවලට අනුව, සැකය හෙවත් විචිකිච්ජාව මෝහ මූලික වූ මානසික පසුබිමකි. මෙම විචිකිච්ජාව , සැකය දුරුකර ගැනීමකින් තොරව සත්වයාට නිර්වාණාවබෝධය සඳහා ගමන් කිරීමට කිසිසේත්ම අවස්ථාව ලැබෙන්නේ නැහැ. පළමු මාර්ග අංගය වන සෝතාපන්න තත්වයට පුද්ගලයකු පත්වීමේදී,, සැකය ප්‍රහීණ වන බව ධර්මයෙහි සඳහන් වේ. සක්කායදිට්ඨිය, විචිකිච්ජාව සහ සීලබ්බත පරාමාස යන මූලික මනෝභාවයන් තුනක් ප්‍රහීණ වෙයි.

කල්ප ගණනක් දුක් විඳින පිඹුරු ප්‍රේතයා ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 18


දුරුතු පුර පසළොස්වක පොහෝ දින අපගේ අවධානය යොමු වූයේ කෙතරම් ධනය තිබුණත් දන් දීමට සිතක් නොවූ ධනපාල සිටුවරයා මරණනින් මතු කතරක එනමින්ම ප්‍රේතයෙක් ව උපන් ධනපාල පේතවත්ථුව හා ආත්ම පහකට පෙර සැරියුත් මහරහතන් වහන්සේගේ මව් වූ කාන්තාවක් ආහාර සඳහා ගෙදරට පැමිණි දුගී මගී යාචකාදීන් බැන එළවාගත් පවින් පේ‍්‍රතියක්ව උපන් තොරතුරු කියවෙන සාරිපුත්තථෙර මාතු පේතවත්ථුව විමසා බැලීමටයි.

Sunday, February 14, 2016

සිතීමේ හා විමසීමේ නිදහස


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“චථ තුම්හෙ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉති කිරාය, මා පිටකසම්පදානේන මා තක්කහේතු මා නය හේතු මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා , මා භබ්බරූපකාය, මා සමණො නො ගරු”ති

සැදැහැවත්නි,

Saturday, February 13, 2016

මමත්වය දුරුකිරීම


අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් සකල ලෝකවාසී සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ඒ සියලු සත්ත්වයන්ට සසර කතරින් එතෙරවීමට උපකාරි වන උතුම් දහමක් තමයි දේශනා කොට වදාළේ.

සසර ගමන තරණය කළ විශුද්ධි දෙවියන් කවුරුන් ද?


අදත් බුද්ධ අවවාදයක් ඔබට සමීප කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ලෝකය ඇති තතු ඒ පරිද්දෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අසිරිමත් අවබෝධයක් සඳහා යන්නට හැකි වටිනා දේශනාවක් අපට වදාළා.

Friday, February 12, 2016

මනසේ ඇති වරද හදා ගැනීම


දැන් අම්මා සිහි කරන්න පුළුවන් හැකියාව හිතේ තියෙන හැකියාව අම්මා කියලා සිහිකරන විටම වේගයෙන් එයා දුක පිරිසිඳ දකිනවා. මම අම්මා සිහි කරලා බලන්න කියලා ගියොත් ඇත්තටම එතන වෙන්නේ සතිපට්ඨානයට නුවණයි කන, බොන ආහාරයෙන් සැදුණු කෙස්, ලොම්, නිය, දත්, ආදී කුණුප කොටස්වලින් පිහිටලා තියෙන තැනක වර්ණ සටහන , චිත්‍රය ඇස් ඉදිරිපිටට එනවිටම , මේ දැන් තියෙන ගතිය මනසෙ සිහි වෙනවා නේද? දැන් එයාට යන්න පෙර සිටම නුවණයි, ගියවිට මට අම්මා හම්බවෙනවා නොවෙයි. අනාත්ම වූ ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට එනවිට මේ ආත්ම සංඥාව සිහිකරගන්නවා නේද කියලා ඇත්ත ඇති සැටියෙන් දකිනවා
මෙහෙ ඉඳලා ඉන්න කෙනෙක් ගැන සිතලා දුක් විඳින්න තරම් මෝඩ නැහැ. මගේ මනසෙයි මේ හැඟීම තියෙන්නේ. එහෙමනම් ඊයේ මම අම්මා දැක්කා කියන තැනට ගියොත් එහෙමනම් ඊයේ ද තිබිලා තියෙන්නේ ඕකම නේද අනාත්ම වූ කෙස්, ලොම්, නිය, දත් , සම්, මස් කියන කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනකොටම මේ මගෙ අම්මා කියන හැඟීම් ටික ප්‍රපංච ටික ආදරය සෙනෙහස කියන ගති ටික මනසේ ඉපදිලා නේද කියලා සිහි ගන්වනවා.

සිතකට සුවය විවේකයයි


කවුරුන් සමඟ කතා කළත් කියන කතාවක් තමයි විවේකයක්, සහනයක් නැති බව, රැකියා කරන අය වැඩ කටයතු බහුල නිසා ආතතියෙන් පෙළෙනවා. පාසල් දරුවන්ට පාසලට අමතරව අතිරේක පන්ති අමතර බාහිර ක්‍රියාකාරකම් නිසා පරිසරයෙ මිහිරක් විඳගන්න ලැබෙන්න කලාතුරකින්. මව්වරුන්ට පවුලේ හැම දෙනා වෙනුවෙන්ම ඇප කැප වෙනව මිසක් පොතක් පත්තරයක් බලන්නවත් කෝ ඉඩක්.

Thursday, February 11, 2016

යොනිසො මනසිකාර යනු කුමක්ද?


පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.

Tuesday, February 9, 2016

පා දෝවනය කළ පැන් ඉසීමෙන් උමතු බව දුරු විය


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා ඈත පළාතකට වැඩම කරනු ලැබුවා. කමටහන් ගැනීම යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ තමන්ගේ දැනුම, අවබෝධය අනුව බුදුරජාණන් වහන්සේ විසින් බණ භාවනා කිරීම සඳහා ලබාදෙනු ලබන මාතෘකා අනුව කටයුතු කිරීමය උන්වහන්සේත් ඒ ආකාරයට කමටහන් ලබාගෙන බණ භාවනා කිරීමට වැඩම කළා.

Monday, February 8, 2016

සුපසන් වූ ජීවිතයකට හිමිකම් කියයි ද?


අප තථාගත භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් අස්‍රැතවත් පෘතග්ජන වූ අපට කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී මහත් වූ කරුණාවෙන් දේශනා කර වදාළේ, තිරිසන් සතෙක් වූ ඉදිඹුවාට මනා වූ සිහිය පිහිටුවාගෙන සිවලාගෙන් ආරක්ෂා වීමට පුළුවන්කම ලැබුණ නම්, දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබූ උසස් මනසක් ඇති අපට මාරයාගෙන් ආරක්ෂා වීමට නොහැකි වන්නේ ඇයි ද? කුම්මෝපම සූත්‍ර දේශනාවේ අවසාන කොටසින් අප තව දුරටත් මාරයාගෙන් ආරක්ෂා වීම පිළිබඳව විවරණය කර බලමු.

Sunday, February 7, 2016

පවින් වැළකී පින්කරගැනීමෙන් ලැබෙන්නේ විශාල දියුණුවක්


ගුණය යනු ධර්මයක් මිස තණ්හාවක් නෙමෙයි. ඒ නිසා හොඳ අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගෙන කටයුතු කරන්න හැම දෙනාම බොහොම ඕනෑ කමින් කටයුතු කළොත් බොහොම වටිනවා. පිනට දහමට ගුණයට නැඹුරුව කටයුතු කිරීමෙන් තමන්ට පුදුම ගුණයක් ශක්තියක් ගොඩනංවා ගැනීමට පුළුවන්.

Saturday, February 6, 2016

දන්දීමයි අතහැරීමයි


මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. අතහැරීමට පුරුදු විය යුත ªවන්නේ, අතහැරිය යුතුම නිසයි. අතහැරීම අනිවාර්යයම වූ කාරණාවක් නිසා අතහැරීම තුළ මිනිසකුට යම් තෘප්තියක් ලැබිය හැකි නම්, ඔහු උත්තරීතර ගැඹුර හා ශක්තිමත් මනසක් තිබෙන පුද්ගලයකු විය යුතුයි.

Friday, February 5, 2016

සත්වයා සහ කර්මය


සත්වයාගේ ජීවිතය ආරම්භ වූයේ කවදා ද? ජීවිතයක් අවසන් වන්නේ කෙසේද? සත්වයන්ට ඇත්තේ මේ ජීවිත පමණක්ද? අතීත, වර්තමාන හා අනාගත ජීවිත සමඟ සම්බන්ධතාවක් තිබේද? මේ ජීවිතයට බලපාන බාහිර හෝ අභ්‍යන්තර බලවේග තිබේද? මේ ශරීරයත් ජීවයත් එකක් ම ද? නැත්නම් ශරීරයත්, ජීවයත් දෙකක්ද? ලෝකයට අන්තයක් තිබේද? ලෝකයට අන්තයක් නැද්ද? මෙවැනි ප්‍රශ්නවලට මිනිසුන්ට සැමදා ම නිශ්චිත පිළිතුරු නොමැත. එනිසා විවිධ දාර්ශනිකයෝ සත්වයා සහ ලෝකයා පිළිබඳ ව විවිධ මත පළකරති.

Thursday, February 4, 2016

ඊර්ෂ්‍යාව සුව කළහැකිද?


“ඊර්ෂ්‍යාව සුව කළ නොහැකි රෝගයකි” යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවත්නා ප්‍රකට කියමනකි. මෙම කියමනට අනුව ඊර්ෂ්‍යාව රෝගයකි. බුදු දහම තුළ රෝග වර්ගීකරණය විවිධය. එනම් කායික රෝග සහ මානසික රෝග වශයෙනි.

Wednesday, February 3, 2016

සැමට සෙත දෙන මෙත් සිත


පුහුදුන් සත්වයාගේ සිත නිරන්තරයෙන් ම පෙළෙන මූලික අකුසල් සිත් තුනට අප කියනවා ලෝභ, ද්වේෂ හා මෝහ කියලා. මේ සිත් තුනෙන් ම අපට අවැඩක් මයි ගෙන දෙන්නේ.

Tuesday, February 2, 2016

බෝසත් සිරිත


බෝසත් අවධියේ ප්‍රගුණ කළ සමාජ විඥානය බුද්ධත්වයෙන් තව තවත් තියුණු වූවා මිස මොට වූයේ නැත. යමෙක් එසේ සිතන්නේ නම් එය කෙතරම් අනුවණකමක්ද? උම්මග්ග ජාතකය කියැවීමෙන් බෝසතුන්ගේ ලෞකික හා අධ්‍යාත්මික ප්‍රඥා මහිමය තේරුම් ගත හැකිය.

Sunday, January 31, 2016

දානය වැළැක්වීම පේ‍්‍රත අත්බවට හේතුවකි ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 17 )


පසුගිය පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මිගලුද්දක පේතවත්ථුව හා කූටවිනිච්ඡක පේතවත්ථුව පිළිබඳ විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.

Saturday, January 30, 2016

හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවයි


ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබූ බව බෞද්ධ සාහිත්‍ය තුළ ආලවක සූත්‍රයේ සදහන් වෙයි. ආලවක යනු යක්ෂයෙක්ද? නැතහොත් යක්ෂ ගෝත්‍රය නියෝජනය කරනු ලැබූ ඉතාමත්ම බුද්ධිමත් පුද්ගලයෙක්ද? යන්න ආලවක විචාරනු ලැබූ ප්‍රශ්න දෙස බැලීමේදී ප්‍රශ්නාර්ථයක් ද මතු නොවනවාම නොවේ.

Friday, January 29, 2016

රාගය ගින්නකි ජීවිතය වනසනා


මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්හත්වෙනි මංගල කරුණ වූ “විරජං” නම් වූ රාගාදී කෙලෙස්වලින් බැහැර වූ සිතක සැනසුම පිළිබඳවයි. රජස් බැහැර කිරීම නම් කෙලෙස් නම් වූ දූවිලිවලින් බැහැර වීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස් තුනක් මතුකොට දක්වයි. එනම් රාගය( ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.

Thursday, January 28, 2016

අවිද්‍යාව තුළ සිටිනවාද?


කෙනෙක් කියලා සිහිවෙනකොටම මේ ප්‍රපංච නිමිත්ත ආපු හේතු ටිකට යන්න. යාළුවා කියලා සිතෙනවිටම , මම බලන්නේ මම මෙහෙම හිතද්දිත් එතැන තියෙන්නේ ගඩොල්, වැලි , සිමෙන්තියෙන් නිර්මාණය වූ බිත්තියකුත් බිත්තිය මත ඇඳි චිත්‍රයකුත් නේද? කියලයි බලන්නේ. අන්න එතකොට තමන්ගේ මෝඩකම චුට්ටක් අහුවෙනවා.

Wednesday, January 27, 2016

යහපත් වූ ජීවිතයක ධර්මානුකූල සතුටක්


සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි උඳුවප් මස අමාවක පෝය දින කුම්මෝපම සූත්‍ර දේශනාව එනම් ඉදිඹුවෙක් හෙවත් ඉබ්බෙක් උපමා කරගෙන අප තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් දහම් කතාවක් සැදැහැ සිතින් ඔබගේ ජීවිතය මනා වූ සිහියෙන් පවත්වාගැනීමට උපකාරයක් ලෙස අවධාරණය කළෙමි.

Tuesday, January 26, 2016

අල්පේච්ඡතාව අරපිරිමැස්ම හා බුද්ධ චීවරය


බුදුරදුන්ගේ මෙන් ම ශ්‍රාවකයන් වහන්සේගේ ද ඇඳුම වූයේ බුද්ධ චීවරය හෙවත් අර්හත්ධජයයි. කෙලෙස් වැඩෙන ඇඳුම් අතර මෙය කෙලෙස් තවන ඇඳුමකි. බුදුරදුන් මෙන් ම ශ්‍රාවකයන් වහන්සේලා සිවුර නිර්මාණය කිරීමේ දී ද ඊට අනුකූල ක්‍රමවේදයක් සකසා ගත්හ. ඒ තුළ අල්පේච්ඡතාව හෙවත් අල්ප ආශා ඇති බව කැපී පෙනුණ ගුණාංගයකි.



මේ සෑම කාරණයකට ම වඩා වටිනා කාරණය වූයේ මේ තුළින් සමාජයට කියා දුන් අරපිරිමැස්ම හෙවත් සම්පත් අපතේ නොයැවීමයි. (බුදුරදුන්ගේ භාවිතයෙන් මෙන් ම පනවන ලද විනය නීති තුළින් එය මනාව පැහැදිළි වේ.)

Monday, January 25, 2016

සසර සයුර තරණය කරන්නේ කෙසේ ද


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධාය තරතී ඕඝං
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති
“සුපින්වත්නි”

සුගත තථාගත තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර ආලවක යක්ෂ භවනේදී ආලවක යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මේ ගාථා ධර්මයද දේශනා කළ සේක.

Sunday, January 24, 2016

දවාලට ප්‍රේතයා රාත්‍රියට දෙවියෙක් වෙයි ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15 )


උඳුවප් අමාවක පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා උක්වනයේ උපන් පේ‍්‍රතයා පිළිබඳ කතා ප්‍රවෘත්ති විමසා බැලීමටයි.
අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් කතා ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.

Saturday, January 23, 2016

සත්‍ය කථා කිරීමද, නොකිපීමද, සුළු දෙයක් හෝ දීමද සැප ලැබීමට කරුණුය



දුරුතු පුර පසළොස්වක පෝදා දම් දෙසුම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සච්චංභණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාප්පස්මිම පි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ

පින්වතුනි.

Friday, January 22, 2016

උත්තරා මහරහත් තෙරණින් වහන්සේ


"මහරහත් උතුමෝ ද වසනුයේ රාගාදි කෙලෙස් මඩ වතුරින් පිරුණු ලෞකික ලෝකයේමය. එහිම පහළව එයින්ම පෝෂිතව දිවිගෙවුවද ඒ කෙරෙහි නොඇලෙති. නොඉක්මවා සිටිති. දුක් සහිත සසරින් එතෙර වූ පරතෙරට ගිය පහනක් නිවී ගියාක් මෙන් නිවීමට පත් වූ නුවණින් අග්‍රප්‍රාප්ත උතුමෝ වෙති. "

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් අනාවරණය වන සමබර ජීවිතය


දීඝජානු කෝලිය පුත්‍රයා අරබයා ඉහත සූත්‍රය දේශනා කරන ලදහ. එහිදී දීඝජානු බුදුරදුන්ගෙන් විමසනුයේ ලෞකික ජීවිතය ගතකරන පුද්ගලයන් දෙලොව දියුණුව සලසා ගනිමින් සමබරව තම ජීවිත කෙසේ පවත්වා ගන්නේද යන්නයි. ඊට පිළිතුරු ලෙස උන්වහන්සේ දෙලොවට වැඩදායි කරුණුූ 08 ක් දේශනා කරති. ඉන් කරුණුූ 04 ක්ම මෙලොව සැප පිණිස දේශනා කිරීම සුවිශේෂීය. අධ්‍යාත්මික දියුණුව විෂයෙහි මෙලොව ක්‍රියාකාරකම් ඉවහල් වන අයුරු මෙහිදී පළමුකොට පැහැදිළි කෙරේ. මෙලොව අරමුණු යහපත්ව ඉටුවන පරිසරයක් තුළ සංසාරික ප්‍රාර්ථනා ඉටුකර ගත හැකිය.

රහත් බව ලැබූ උතුමන්



සැවැත්නුවර එක්තරා තරුණයකු බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර උන්වහන්සේගේ දර්ශනය අවබෝධකොට ගෙන තමනුත් පැවිදි වී නිවන් මඟට පිවිසීම සුදුසු බව සිතා ඒ පිළිබඳව කල්පනාව ඇතිකර ගනු ලැබුවා.

සිත පිවිතුරු කර ගනිමු


බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේද රඳා පවතින්නේද සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස් කරන්නේද සසර කෙටි කිරීමට ප්‍රමුඛ වන්නේද සිතයි.

දුක පිරිසිඳ දැකීම



සම්මා දිට්ඨිය නැත්නම් දැක්ම නිවන් දකින්න , බණ භාවනා කරන්න යන ක්‍රමය හොඳට හදා ගන්න. ඔන්න මෙතනයි අපට අවශ්‍යම කාරණාව. මෙතනමයි අවශ්‍යම යතුර. මම පෙන්වන විශේෂම කාරණාවක්. නිවන් දකින්න, භාවනා කරන්න කියලා කරන්නේ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක හොඳට දකින්න. දුක පිරිසිඳ දැකල, සමුදය දුරු කළ යුතුයි. මට ඕනෑ විදිහට තණ්හාව නැති කරන්න බැහැ. දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා, මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැක්කා. ඉස්සෙල්ලාම සත්‍ය ඥානය , ඊට පස්සේ කෘත්‍ය ඥානය, කළයුතු වැඩසටහනක් තියෙනවා. ඔන්න දැන් මේ සත්‍ය දැනගත්තට පස්සේ දැන් මාර්ගය වඩන්න හම්බවෙන්නේ කොහොමද?

සම්මුතියට මම මගේ යැයි කීවත් පරම සත්‍ය නම් කුමක් ද?


උඳුවප් අව අටවක ජනවාරි 02 දා පෝය දින දහම් සාකච්ඡාවේ දී කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් කතාවේ පෙන්වා දුන් ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතිව වාසය කරන්න. එනම්, ඇස් දෙක පියාගෙන සිටින්න කියන අදහස ද නොවෙයි. එසේ නැතිනම් ඇසෙන් රූප බලන්න එපා කියන අදහස ද නොවෙයි. කනින් ශබ්ද අහන්න එපා කියන අදහස ද නොවෙයි. නාසයෙන් ආඝ්‍රහණය ලබන්න එපා කියන අදහස ද නොවෙයි. දිවෙන් රස බලන්න එපා කියන අදහස ද නොවෙයි. කයෙන් ස්පර්ශ ලබන්න එපා කියන අදහස ද නොවෙයි. සිතින් සිතිවිලි ඇති කර ගන්නට එපා කියන අදහස ද නොවෙයි. මනුෂ්‍යයෙක් හැටියට ඉපදුනා නම් මේ ඉන්ද්‍රියයන් අපට අවශ්‍යයයි. ජීවිතය පවත්වන විට රූප, ශබ්ද ආදී ඒ ආරම්මනයන් අපට ලබන්නට වෙනවා. මෙහි දී සංකේතයෙන් සඳහන් කරන්නේ කුමක් ද?

Thursday, January 21, 2016

දානයට ගැරහීම ප්‍රේත අත් බවට හේතුවකි බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15


ගියවර අපගේ අවධානය යොමු වූයේ පේතවත්ථුවේ සඳහන් අන් අයගේ දරුවන් මැරූ පවින් තමන්ගේම පුතුන් කන ප්‍රේතියගේ කථාවස්තුව විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ දන් දෙන තම සැමියා පිළිබඳ ද්වේෂ සිතක් ඇතිකරගෙන දන් දීමට පරිභව කොට සා ගින්නෙන් දැවෙන ප්‍රේත අත් බවක් ලද ස්ත්‍රියක් පිළිබඳ තොරතුරු සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා තවත් කතාවස්තුවක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමටයි.

Tuesday, January 19, 2016

පඤ්චසීල ප්‍රතිපදාව


සීලය යනු හික්මීමයි. එනම් කය වචනයන්හි මනා වූ පාලනයයි. එය සාමාන්‍ය ජීවිතයේ දී චාරිත්‍ර වාරිත්‍ර ලෙස අරුත් ගැන්වේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙනි.

Monday, January 18, 2016

සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය


සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.