Labels

Saturday, November 18, 2017

අවධානයෙන් රැකගත යුතු නිදානය


 අගහිගකම් ඇති අයෙකුට යම් මිතුරෙකු විසින් මේ නිධානයේ වගතුග කියා එය ලබා ගන්නා ආකාරය හිතවත් ව කියා දුන්විට ඒ අහිංසක දුප්පතා එම නිධානය ලබා ගෙන මහත් වූ සැපතකට පත්ව තමන්ගේ අගහිගකම් සපුරා ගන්නවා."

පුහුදුන් අප කා අතිනුත් වැරැදි සිදු වෙනවා. එහි මහත් බව හෝ කුඩා බව එක්වර ම නො වැටහෙන්ට පුළුවනි. එය හොඳීන් වැටහෙන්නේ අප දෙස බලාගෙන බැහැරින් සිටින අයට යි. වරද නිවරද, හොඳ නරක, උසස් පහත්, හොඳ නො හොඳ, යන මේවා සමාජයෙන් සමාජයට වෙනස් වන්නටත් පුළුවනි. මේවාට කියනවා “ආචාර ධර්ම” කියලා. හොඳ නරක වෙනස අපේ සමාජයේ මුල් බැහැලා තියෙන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව යි.

අතිශය බියකරු කර්ම විපාක

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කර්මය, කර්ම විපාකය පිළිබඳ පැහැදිලි කිරීම් කරගැනීම අවශ්‍යයයි. බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවට අනුව දුන්දෙය ලැබෙයි .නොදුන් දෙය නොලැබෙයි. තමන් විසින් සමාජයට ලබාදෙන යහපත තමන් ලබනවා වගේ ම තමන් විසින් ලබා දෙන අයහපත ද පෙරළා තමන්ටම ලැබෙයි.

සිත, කට, කය යන තුන්දොරින් මිනිසා උපන් දවසේ සිට මිය යන තෙක් විවිධාකාරයේ දේවල් සමාජයට ලබාදෙයි. සිතින් සිතිවිලි සිතයි. කටින් කතා කරයි. කයින් ක්‍රියාත්මක වෙයි. දොරටු තුනෙන් යම් යම් දේ සිදුකරයි. එම කරුණු යහපත අයහපත වශයෙන් බෙදිය හැකියි. පින පව හෝ කුසල අකුසල වශයෙන් බෙදිය හැකියි. සමාජයට ලබාදුන් ආකාරයටම තමාට ලැබෙයි. එම නිසාම යහපත් දෙයම සමාජයට ලබාදිය යුතු බව බුදුදහමෙහි සඳහන් වෙයි. සංසාරායේ සැප කැමැති පුද්ගලයන් සමාජයට යහපත් දේ ලබාදෙයි. සංසාරය පුරා දුක්විඳින්න කැමැති පුද්ගලයන් සමාජට අයහපත් දෙය ලබාදෙයි.

දිනක් මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ හාමුදුරුවන් වහන්සේ සමඟ ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට පහළට වඩම කළා. පහළට වැඩම කරන අවස්ථාවේ දක්නට ලැබුණු කිසියම් දර්ශනයක් හේතුවෙන් උන්වහන්සේ සිනහ පහළ කළා.

මෛත්‍රී පාරමිතාව ( සාම ජාතකය )

අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා පාරමි පුරණා සමයේ එක් කලෙක වනගතව විසූ තවුස් පවුලක එකම දරුවා ලෙස ඉපදුණා. මේ පුංචි කුමාරයාගේ ශරීරය ඉතා මෘදුයි. සියුමැලි යි. රන්වන් පාට යි. රන්වන් සිරුරක් තිබූ නිසා ම ඔහුට “සාම” යන නම තැබුවා. සාම කුමාරයා ඉතාමත් කාරුණික යි. අන් අය සැපෙන් ඉන්නවාට කැමැති වුණා. යහපතට කැමැති වුණා.


සාම කුමාරයා ඉතා කුඩා කාලයේ දී ම මව්පියන්ගේ ඇස් අන්ධ වුණ. එදා සිට මව්පියන් රැකබලා ගත්තේ, පෝෂණය කළේ මේ පුංචි සාම කුමාරයා යි. පුංචි වුණත් ඔහු මවුපියන්ට සැලකීම තමන්ට ලොකු පින්කමක් කර ගන්නට ලැබුණ අවස්ථාව යැයි සිතා ඉතාමත් සතුටින්, ඕනෑකමින් ඒ කටයුත්ත සිදු කළා.
ඉතාමත් අහිංසක මේ පුංචි කුමාරයා කිසිම සතෙකුට හිංසාවක් කළේ නෑ. කිසිවෙකු බියට, ත්‍රාසයට පත් කළෙත් නෑ. සෑම සතෙකුටම කරුණාව දැක්වූවා. මෛත්‍රිය කළා. ඒ නිසාම කැලේ සිටි ලොකු, කුඩා සියලු සතුන් කුමාරයාගේ හොඳ යාළුවෝ වුණා. සිංහයා, කොටියා වගේ දරුණු සතුන්ගෙන් පවා කුමාරයාට කිසිදු දිනක කිසිදු අනතුරක් සිදු වුණේ නෑ.

සතර අපායෙන් බලවත් ප්‍රේත ආත්මය

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව – අංක 11


කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීර ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි."

උපනත් පේතව පව් කොට නොපණ ත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණ ත්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණ ත්
මදකුත් පින් නො කළැකි මැයි සිතුණ ත්

“පව් කොට පේ‍්‍රත ආත්මයක් ලබා උපන්නොත් හදිසියේවත් සෙම් සොටු පමණවත් ආහාරයක් නො ලැබෙයි. ආකාශ ගංගාව ගලාගෙන ආවත් උගුරක්වත් නො තෙමෙන්නේ ය. සිතුණේ වී නමුත් කවර කලෙකවත් පින් කිරීමට නො හැකි ය”
පේ‍්‍රතයන් ප්‍රධාන වශයෙන් සතර කොටසකි. නිජ්ඣාවතණ්හික, ඛුප්පිපාසික, පාංශුපිසාච, පරදත්තූපජීවි යනුවෙනි. එහි නිජ්ඣාවතණ්හික නම් පේ‍්‍රත ලෝකයෙහි උපදින අයගේ සිරුර තුළ දැල්වු මහා ගින්නක් ඇති වෙයි. ඔවුහු නිතර ම සා පිපාසා දෙකෙන් පෙළෙති. ඛුප්පිපාසික නම් පේ‍්‍රත ලෝකයෙහි උපන් අය බුද්ධාන්තර ගණනක් නිරන්තරයෙන් සා පිපාසා දෙකෙන් පෙළෙති. පරදත්තූපජීවි පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අන් අය විසින් දෙන පින්වලින් සුලු හෝ සැපතක් ළඟා කර ගනිති. පාංශු පිසාච යන පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අසූචි පහ කරනා තැන්වල වාසය කරති. කැළිකසළ බහුල තැන්වල ද මේ අය උපදිති. අසූචි ආදිය නිරන්තරයෙන් අනුභව කරති. මෙයට අමතරව කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීරය ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි. සෙම් සොටු පමණක් යනුවෙන් ගෙනහැර දක්වා ඇත.

තිල දක්ඛිණ විමාන වර්ණනාව

විමාන වත්ථු කතා



තිලබීජ” යනු තල ඇටයට නමෙකි. “දක්ඛිණ” යනු පැහැදුනු, පූජාර්හ සිතින් සීලයෙන් උසස් වූ උතුමන් හට උත්තම දානයක් දුන් ලෙස ගැනේ. ඒ අනුව “තිල දක්ඛිණ” යනු පූජා සිතින්, උසස් ම සිල්වතෙක් හට දුන් තල දානයකි. දෙව්ලොව චාරිකාවෙහි යෙදුනු මහ මුගලන් මහරහතන් වහන්සේ දිනක් එක්තරා දේවතාවියක දැක, දේවතාවියනි, ඔබ සියලු දිසා බබළුවන ඕසධී තාරකාව මෙන් මනා රූපයෙන් සිටින්නී ය.
ඔබ මනුලොව කවර නම් පිනක් කොට මෙබඳු සිරුරු පැහැයක්, මන වඩන සම්පත්, සුචරිත ඵලයක් හා පුණ්‍ය සෘද්ධීයක් ලබන්නේ ද?
"මහත් අනුභාව ඇති පින්වත් ස්වාමීනි, මිනිස් ලොව මිනිස් දුවක් වූ මම දිනක් රාගාදී කෙලෙස් සියල්ල පහකළ, නො කැළඹුණු සිත් ඇති, දුටු සැනින් අතිශයින් ප්‍රසන්න වූ, හදවත සිසිල් කරන, සිත නිවෙන බුදුරදුන් දුටුවෙමි."
බුදුරජාණන් වහන්සේ දුටුවා වුවද පිදීමට ඇති මා සතු දෙය නොවටින්නක්ම විය. ඒ හෙයින් ගැන සිතමින් ම නො කැමැත්තෙන් ඉදිරියට පැමිණ බුදුරජාණන් වහන්සේට ඉතාම පැහැදුණ සිතින් සියතින් ම තල දෝතක් පූජා කළෙමි.
පින්වත් ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී ඒ දුන් දානයේ පිනෙන් මාගේ සිරුර පැහැය, මන වඩන සම්පත්තීහු මේ අයුරින් මට පහළ වන්නේ යයි දෙව්දුව කීවා ය.

අට මහා පින්කම්

කඨිනට්ඨපරික්ඛාරං –
වාසදානං ච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං –
ම්මස්ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්ස –
පටිමාකරණංපිච
කරණං වච්චකුටියා –
අට්ඨ පුඤ්ඤානි උච්ඡරෙ
මෙම ගාථාවෙන් ඉගැන්වෙන පරිදි කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස ( නිවාස) පූජාව. බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට සිදු කෙරෙන දාන පුජාව, ධර්මය ලියවීම, ඉඩකඩම් පූජාව, බුද්ධ ප්‍රතිමා තැනීම හා වච්චකුටි ( වැසිකිලි) තැනවීම අට මහා පින්කම් වේ.

කඨින පූජාව


අට මහා පින්කම් අතර පළමුවැන්න කඨින චීවර පූජාව යි. පෙළ පොතට හා අටුවා අනුව මෙය උසස් ම පින්කමකි. වස්සාන ඍතුවේ වැසි සාර මාසය අතුරෙන් මුල් මාස තුන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් සමාදන් ව වැඩ සිටින කාලය යි. මෙම සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පොහොයෙනි. සෑම වර්ෂයක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන මෙම වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලය ලෙස සැලකේ. මෙම කාලයෙහි සිදු කෙරෙන විශේෂ පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පුජා පුණ්‍ය මහෝත්සවයෙනි. වප් පුර පසළොස්වක පොහෝදා සිට කඨින මහා පින්කම් ඇරඹෙයි. එබැවින් වප් මහට චීවර මාසය යන නම ද ව්‍යවහාර කෙරෙයි. කඨින පින්කම් සිදුකළ හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහෝදා ය.

මහත්ඵල මහානිශංස උපෝසථ සීලය

අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගය ලෙස වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවෙන් යුතු වේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මුලින් ම හික්මෙන්නේ සීලය තුළ යි. නිති පන්සිල් සුරකින ඔහු පොහොය දිනට අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන් වෙනවා.


සීලයේ අනුසස්


උපෝසථ සීලයේ අනුසස් පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් “විශාඛා උපෝසථ සූත්‍රයේ” දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
පින්වත් විශාඛාවෙනි, අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන්වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි. මහත් යහපත ඇත්තේ වෙයි.

Friday, November 17, 2017

දෙව්ලොවට යන ඉණිමඟ

ආමිස දානය ප්‍රධාන කොටස් දෙකකි. පෞද්ගලික දානය හා සාංඝික දානය යනුවෙනි. පෞද්ගලික දානය යි කියන්නේ එක් පුද්ගලයෙකුට හෝ බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීමයි. එබඳු පෞද්ගලික දාන දාහතරක් පිළිබඳ අංගුත්තර නිකායේ දක්ඛිණා විභංග සූත්‍රයේ සඳහන් ය.

ලොවුතුරා බුදුරදුන්ට දෙන දානය, පසේ බුදු කෙනෙකුට දෙන දානය, රහතුන් වහන්සේට දෙන දානය, රහත් ඵලය ලැබීමට පිළිවෙත් පුරණ ආර්යයන් වහන්සේට දෙන දානය, අනාගාමී ආර්යයන්ට දෙන දානය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට විදසුන් වඩන ආර්යයන් වහන්සේට දෙන දානය, සකදාගාමී ආර්යයාට දෙන දානය, සකදාගාමී වන්නට, භාවනා වඩන්නාට දෙන දානය, සෝවාන් පුද්ගලයාට දෙන දානය, සෝවාන් වන්නට පිළිවෙත් පුරණ පෘථග්ජන සීලවන්ත උතුමෙකුට දෙන දානය, (තිසරණ ගත උපාසකයා ද මෙයට අයත් වේ), ධ්‍යාන අභිඤ්ඤා ඉපද වූ බාහිර තාපසයකුට දෙන දානය, කර්මවාදී බාහිරක සීලවන්තයෙකුට දෙන දානය, පෘථග්ජන දුස්සීලයාට දෙන දානය, තිරිසනාට දෙන දානය වශයෙනි.
මෙයින් අන්තිම වූ තිරිසන් සතෙකුට දෙන දානයෙහි පවා ආනිශංස ආත්මභාව සියයක විපාක දෙන්නක් බව බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි එම දක්ඛිණා විභංග සූත්‍රයේ ම සඳහන් වේ.

නිවන් මග පෙන්වන සීල විසුද්ධිය


" දස අකුසලයන්ගෙන් වැළකී වතාවත්වල යෙදෙන තැනැත්තාගේ සිතේ ඇතිවන්නේ සීලමය කුසල් සිතිවිලි ය. එසේ කායික, වාචසික වශයෙන් තැන්පත් වී, දුස්සීල බවින්, නරක පැවැත්මෙන් ,වැරැදි ආකාරයට දිවි ගෙවීමෙන් වැලකුණු තැනැත්තා තුළ සීල විසුද්ධිය ඇතිවෙයි."

බුදු දහමෙහි සාරාංශය දැක්වෙන දහම් කොටස් අතර සත්ත විසුද්ධිය ඉතා වැදගත් ය. සංසාර ගත සත්වයන්ට විමුක්තිය ලැබිය හැක්කේ මේ සත්ත විසුද්ධි ධර්මයන් වැඩීමෙනි. ඒ නිසා ම ඒවා විසුද්ධි නාමයෙන් හඳුන්වා ඇත. කෙලෙස් කුණු කහට සපුරා ඉවත් කොට විසුද්ධත්වයට පත් වීමට ධනයෙන්, ගෝත්‍රයෙන් , කුල පරම්පරාවෙන් නො හැකි ය. ඒ සඳහා ඇති නිවැරැදි පැහැදිලි මග මේ සත්ත විසුද්ධිය වැඩීම ය.

පළමු හමුවීම සේ පිළිගනිමු අවසන් හමුවීම සේ සමුගනිමු

තමා හමුවට පැමිණි අය සමඟ සිත් ගන්නා සුලු භාෂණයක නිරත වූ පුද්ගලයන් අතර බුදුරදුන්ට සමාන කෙනෙකු ලෝක ඉතිහාසයෙහි වාසය කොට නැත. ශ්‍රාවකයන් ලොමු දැහැගන්නා තරම් විස්මිත කතා බහක් කිරීමේ හැකියාවක් උන්වහන්සේ තුළ පැවතුණි.

මහා සීහනාද සූත්‍රය නම් සූත්‍රය, ලොමහංසපරියායසුත්ත එනම් ලොම් දැහැගන්වන සූත්‍රය, නමින් හඳුන්වා තිබීම මෙයට නිදසුනකි. තව ද බුදුබණ ඇසූ, අය ‘වදතංවරො’ කතා කරන්නන් අතර ශ්‍රේෂ්ඨ වූ, මඤ්ජුස්සරො, මිහිරි හඩ ඇති, කරවීකභාණී කෝකිලයෙකුට බඳු මධුර කථා ඇති “පදක” භාෂාව දන්නා වූ යනා දී විශේෂණ නාම බුද්ධ යන පදයට විශේෂණ වශයෙන් යොදා තිබීමෙන් ඒ බව පැහැදිලි ය. බොහෝ සූත්‍රවල දක්නා ලැබෙන පරිදි බුදුන් වහන්සේ තමන් හමු වීමට පැමිණි කවුරුන් සමග වුව ද ප්‍රියශීලී පිළිසඳරක යෙදී ඇත. මෙබඳු කතාබහකින් දැහැමි දේ ගැන කරන ලද සාකච්ඡාවට සවන් දුන් බොහෝ ශ්‍රාවකයෝ ඉතා මැනවි ස්වාමීනි,

නුවණින් දකින ජීවිතයේ යථාර්ථය ( ආර්ය පර්යේෂණ සූත්‍රය )


" සසරේ ඇති භයානක බව තේරුම් ගෙන ශෝක පරිදේවයන්ගෙන් ගැළවීමට නිවන් මඟට යොමු වෙන අතර, ක්ලේශ ධර්මයන්ට එකතුවීම නිසා සිදුවන ආදීනවය නුවණින් දැක කෙලෙස්වලින් පීඩාවක් නැති යෝගක්ෂේම වූ නිවන ම සොයන්නට මේ ප්‍රඥාවන්ත පුද්ගලයා පෙළඹෙනවා."
ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස් පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ.
ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්, දැණුනත් ඒ සියල්ලගේ ම උරුමය වී ඇත්තේ දිරාගෙන යෑම ය. අත්හැරීම ය. එය සිතට මෙනෙහි විය යුතු ය. එවිට දිරාගෙන යෑම තමන්ගේ සිතට ශෝකයක් නොවන්නේ ය. දිරාගෙන යෑම උරුමයක් බව, ස්වභාවයක් බව අවබෝධ කොටගෙන, දිරාගෙන යෑමෙන් තොර යම් ස්වභාවයක් වන්නේ ද, ඒ නොදිරන ස්වභාවය පිළිබඳව සිත යොමු කළ යුතුය. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට වැටහෙන්නේ ඒ නිවන ම වන බවයි. කෙලෙසුන් මුළුමනින් ම ප්‍රහාණය කිරීම වන බවයි. එවිට ඔහු දිරාගෙන යෑමේ ආදීනවය හොඳින් දැන, දිරාගෙන යෑමක් නැති උතුම් නිවන ම සොයයි. ඒ සඳහා වෙහෙසෙයි.

බුදු කරුණාව සියලු සතුන්ටයි

බුදු දහමෙහි සුවිශේෂත්වය , අනන්‍යභාවය ප්‍රකට වන එක් ප්‍රමුඛතම කරුණක් වන්නේ එහි ශාස්තෘවරයා මනුෂ්‍යයෙකු වීම ය. දෙවියෙකු, බ්‍රහ්මයෙකු, ගැලවුම්කරුවෙකු හෝ නියෝජිතයෙකු නොවීම ය. මිනිස් දෙමාපියන් නිසා මෙලොව උපත ලද බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර ජීවත්වෙමින් ඔවුන්ගේ ජීවිතය ද ඔවුන් වසන ලෝකය ද ගැඹුරින් දැන දැක ගත්හ. මානව ගැටලු විනිවිද දකිමින් අතිශයින් ම ප්‍රායෝගික වූ ද , ඵලදායක වූ ද සර්වකාලීන විසඳුම් පෙන්වා දුන්හ.


මිනිසා ශ්‍රේෂ්ඨ ය, බුදුවීමට, රහත්වීමට, හැකිවන්නේ ද, දේවත්වයට පත් වන්නේ ද මිනිසෙකැ’යි එහි ඉගැන්වෙයි. ඒ උපරිමයට වඩා වවාගත් සිය දැක්ම ද චර්යාව ද ඔස්සේ ය. මිනිසත් බව දුර්ලභ ය. උතුම් ය. මෙසේ නොයෙක් නයින් පින්කොට ලද හැකියැයි ඉගැන්වෙන මිනිසත් බව අගය කරමින් එයට කේන්ද්‍ර කොටගෙන දහම් දෙසූ නමුදු බුදුරජාණන් වහන්සේ විසින් මානව පැවැත්ම හා බැඳුණු තිරිසන් සතුන් සේම සප්‍රාණී තුරු ලතාවන් ද අමතක කොට නැත. උන්වහන්සේගේ අවධානය කරුණා, මෛත්‍රිය සියලු සත්ව ප්‍රජාවට යි.
සියලු සත්වයෝ යන්න සඳහන් කර ඇති බොහෝ තන්හි මිනිසුන්, දෙවියන්, තුරුලතා මෙන් ම තිරිසන් ගත සතුන් ද එමගින් අදහස් කර ඇති බව දේශනා තුළින් ඉතා පැහැදිලිව පෙනේ.

Thursday, November 16, 2017

අසිරිමත් පාරමී දම් පුරන සමයේ...

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 05


දීපංකර බුදුරජාණන් වහන්සේ එක්තරා නගරයකට හැටදහසක් මහා රහතන් වහන්සේලා සමඟ වඩින ගමනක් වුණා. ඉතිං ඒ වෙනුවෙන් ගම් වැසියන් ඒ මාර්ග සකස්කරමින් ඉන්න වෙලාවක්. සුද්ධ පවිත්‍ර කරමින් ඉන්න වේලාවක්. අහසින් වඩින සුමේධ තාපසයන් වහන්සේ මෙය දැක්කා. බිමට බැස මේ පිරිසගෙන් කරුණු අහල තමන්ටත් කොටසක් ඉල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සංඝයා වෙනුවෙන් උපස්ථානයක් වශයෙන් ශුද්ධ පවිත්‍ර කරන්නට.


න්වතුනි, මේ සියල්ලක් ම ධර්මතාවන්. මේ බෝසතාණන් වහන්සේ, නැතිනම් සුමේධ තාපසයාණන් වහන්සේට බුදුපියාණන් වහන්සේ මුණ ගැසෙන්න වුණ අවස්ථාවක්. ඉතින් ඒක නිසා ම තමන්ට ලැබුණේ මඩ වගුරු බිමක්. මෙය සකස් කරමින් සිටියත් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සමඟ වඩින වේලාව ළංවුණත් මෙය අවසන් කරගන්ට බැරි වුණා. ඉතින් තමන් වහන්සේගේ හිතේ තියෙන අධිෂ්ඨානය, හිතේ තිබෙන බලය, හිතේ තියෙන ගෞරවය, හිතේ තියෙන ප්‍රාර්ථනාව යටි හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනමඟට මේ මඩවගුරේ ඒදණ්ඩක් සේ දිග ඇරුණා. ‘බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ මඩ නොපාගා මගේ ඇග උඩින් වඩින සේක්වා’ කියන අධිෂ්ඨානයෙන්.

ධර්ම දූත සේවය ඇරඹුණු වගයි

අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව එළඹුණු මුල් වස් තුන් මාසය ගත වූ විට ලොව මුල්වරට මහ රහතන් වහන්සේලා සැට නමක් පහළ වූහ. ඒ අනුව එම මහරහතන් වහන්සේලා සැට නම ලොව මුල් වරට ධර්ම ප්‍රචාරක කටයුතුවලට පිටත්ව යාම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කිරීම, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන් වූ සාරි බැමිණිය සම්‍යග් දෘෂ්ටික වී මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම, සාරිපුත්ත මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ දී පිරිනිවන් පෑම, මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම වැනි වැදගත් ශාසනික සිදුවීම් රාශියක් ඉල් මස පුර පසළොස්වක පොහෝ දා සිදු වී ඇති අතර පසු වස් පවාරණය කළ යුතු දිනය මෙන් ම, කඨින චිවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය යෙදෙනුයේ ද ඉල් මස පුර පසළොස්වක පොහෝ දා ය."


බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේලා ද සමඟ පළමු වරට වස් සමාදන් වූ සේක. එම වස් කාලයේ දී ම උන්වහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශනාව පවත්වා එම පස්වග මහණුන් වහන්සේලාට රහත්වීමට මඟ පෙන්වා දුන් සේක. තව ද මෙම වස්කාලයේදීම උන්වහන්සේ යස කුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පනස් හතර දෙනෙකුට රහත් මගපල ලැබීමට මග පෙන්වූ සේක.

පිරිසුදු සිතින් පින් කරමු

චිරප්පවාසිං පුරිසං
දුරතෙර සොත්ථිවාගතං
ඤාති මිත්තා සුහජ්ජච
අභිනන්දති ආගතං
තථේව කත පුඤ්ඤම්පි
අස්මා ලෝකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
ජයං ඤාතී ව ආගතං
පින්වත්නි,

අද ඉල් පුරපසළොස්වක පෝය දිනය, මේ වර්ෂයේ කඨින පින්කම් කරන අවසාන දවස, මේ වන විට ඔබ එක කඨින පින්කමට පමණක් නොවෙයි. කඨින පින්කම් රැසකට, ඒ හා බැඳුණු තවත් පින්කම් බොහොමයකටත් සහභාගි වී ඇති. ඒ ඒ අවස්ථාවල පොදුවේ පින්කම් ගැන අසන්නටත් ඇති. අද පෝය දවසේ ඒවා නැවත සිහිපත් කර ගනිමු.


මොහොතකට සිතා බලන්න. අද ජීවතුන් අතර නැති, මිය පරලොව ගිය ඔබේ වැඩිහිටියන්ට නෑදෑ හිතවතුන්ට ඒ අය උපයා ගත් මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් ආදිය තිබෙන්නට ඇති. පරලොව යන විට ඒ අය ගෙන ගියේ මොනවාද? නෑදෑයෝ යහළු මිත්‍රයෝ ඔවුන් සමඟ ගියා ද? කිසිවෙක් නෑ. සුසාන භූමියට පමණක් ගිහින් ආපසු ආවා. එතකොට දේපළ ගියේත් නෑ. එකට සිටිය අය ගියේත් නෑ. කිසිවක් ම ගෙන ගියේ නැද්ද? ගෙන ගියා. ඒ පව් පින් දෙකයි. මරණින් මතු ජීවිතයට සම්බන්ධ වන්නේ පව් පින් පමණයි. පව් බලවත් වුණොත් පරලොව දී ලැබෙන්නේ දුක, පින ශක්තිමත් වුණොත් ලැබෙන්නේ සැප. අපි කවුරුවත් මෙලොව වශයෙන්වත්, පරලොව වශයෙන්වත් දුක් විඳීමට කැමැති නොවෙමු. කැමති සැපතටයි. දුකට අකැමැති නම් දුක ලැබෙන පව් නොකර ඉන්න ඕනෑ. සැපතට කැමැති නම් සැප ලැබෙන පින් කරන්න ඕනෑ.

නන්දා මහරහත් තෙරණින් වහන්සේ

සුන්දර වූ කයේ අසුන්දරත්වය දැක සුන්දර මනසක් ලද සුන්දරී  නන්දා මහරහත් තෙරණින් වහන්සේ



සුන්දර වූ රූපයක උරුමය ලැබෙන්නේ පෙර කරන ලද උසස් කුසලයකින් ම ය. ආකර්ශනීය වූ මන බඳින්නාවූ බාහිර රූපයක් ඇති සුන්දරියකට එහි අසුන්දරත්වය දකින්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකි. අවම උත්සාහයකි. එවන් රුවක් ලැබ සැබෑ යථාර්ථය පසක් කර ගනිමින්, ප්‍රඥාවෙන් සුන්දර මනසක් උරුමකරගත් සුන්දරී නන්දා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳ සිත පහදවා මහසඟ ගුණ සිහිපත් කරමු.

මිනිස් ආයුෂ සියක් දහසක් වූ කල පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි නන්දාවෝ මහාසාර සිටුකුලයක උපත ලැබුවා ය. උන්වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ වූ සද්ධර්මය ඇසීමේ භාග්‍ය ඕ තොමෝ ලැබුවා ය. සුපසන් සිත් ඇතිකොට ගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු මහා සංඝරත්නය උදෙසා මහා දානයක් පූජාකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් මුල වැටී ධ්‍යානලාභී භික්ෂුණීන්ගෙන් අග්‍රස්ථානය ලැබේවායි ප්‍රාර්ථනා කළා ය.

කඨින සිවුරේ පින්බර කථාව


“චීවරය” ලොව ඇති පැරැණිතම නිල ඇඳුම ලෙස දැක්විය හැක. එය ශ්‍රමණ සම්ප්‍රදායෙහි ආරම්භයට දිව යන්නකි. සාමාන්‍ය ජනතාවගෙන් වෙන්ව හඳුනාගත හැකිවන ලෙස සාටකයක්, උඩුකය ආවරණයක් භාවිතයට පුරුදුව ඇත. මුල් කාලවල ඒ සඳහා කොළ අතු, ගස්වල පොතු වර්ග, මළ මිනී, රෙදිපිළි ආදිය යොදාගන්නට ඇත. එය උඩුකය ආවරණයක් ලෙස පරිහරණය කර ඇති බව ආගමික වාර්තාවන්හි සඳහන් වෙයි. ආගමික ක්‍රියාවන්හි හා යාතු කර්මවලදී සාමාන්‍ය ජනයා ද උඩුකය ආවරණ වස්ත්‍රයක් ඇඳ ඇති අතර සිල්සමාදන්වීමේ දී පොරවනු ලබන උතුරු සලුව එහි අවශේෂයක් විය හැක. සිදුහත් බෝසතාණන් වහන්සේ මහා බ්‍රහ්මයා පිරිනැමූ තවුස් පිරිකරක් පැළඳ අභිෂ්ක්‍රමණය කළ පුවත ප්‍රකට ය.

ජීවිතය අපායක් කර ගන්නේ ඇයි?

එක් ගමක ප්‍රාතිහාර්යය පාන්නට සමත් ගුරුවරයෙක් සිටියේ ය. දිනක් ගෝලයෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේ ය.
“ගුරුතුමනි, ඔබට ප්‍රාතිහාර්යපාන්නට පුළුවන් කියන කතාව ඇත්තක් ද?”
“ඔව් මට පුළුවනි.” ගුරුතුමා පිළිතුරු දුන්නේ ය.
“එහෙම නම් ගුරුතුමනි, දිව්‍ය ලෝකයත්, අපායත් මවා පෙන්වනු මැනවි” යි ගෝලයා ඉල්ලීමක් කළේ ය. ගුරුතුමා ටික වේලාවක් නිහඬව සිටියේ ය. මොහොතකින් ඉදිරිපිට විශාල මේසයක් මැවුණි. එහි ඉතා රසවත්, සුවඳවත් බොජුන් පිරී තිබුණි. ඒ වටා මිනිසුන් පිරිසකි. වෙනස ඔවුන්ගේ අත් වැලමිට ළඟින් නමන්නට නොහැකිවීම ය. මේ නිසා ආහාර මුව අසළට ගන්නට අසීරු ය. ඔවුහු බොහෝ උත්සාහ කළහ. එහෙත් ආහාර ස්වල්පයක් හෝ ගන්නට නොහැකි විය. දැන් ඔවුන් බොහෝ තරහින් ය. පාලනයක් නැති කෝපය නිසා ඔවුහු මේසය මත වූ ආහාර ඒ මේ අත විසිර වූහ. කෑ කෝ ගැසූහ. නරක වචන කීහ. කලබල කළහ. ගුරුතුමා, ගෝලයා අමතා ‘දරුව, මේ තමයි අපාය’ යැයි කීවේ ය.
‘එහෙම නම් ගුරුතුමනි, දිව්‍ය ලෝකය මවා පෙන්වන්න’ යි ගෝලයා කීවේ ය.
පෙර පරිදිම රස බොජුන් පිරි මේසයක් මැවුණේ ය. මිනිසුන් ද විය. එහෙත් කලබලයක් නැත. ඔවුහු සිනාසෙමින්, සතුටින් කල්පනා කළහ. ටික වේලාවක් ගෙවුණි. එක් මිනිසෙක් අසළ මිනිසාට ආහාර කැව්වේ ය. ඔහු ද පෙරළා ඒ මිනිසාට ආහාර කැව්වේ ය. සියල්ලෝ ම එලෙස ආහාර අනුභව කළහ. කිසිදු ප්‍රශ්නයක් නැත. සුහදව බෙදා හදා ගත්හ. එය පෙන්වා “මේ තමයි දිව්‍ය ලෝකය” යැයි ගුරුතුමා කීවේ ය.

දැමුණු නොදැමුණු සිතෙහි ස්වභාවය

බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලයෙහි දී ඇතිවුණ කිසියම් සිද්ධියක් මුල්කරගෙන පොදු මිනිස් සිතෙහි අවලක්ෂණ ස්වභාවය සහ උපශාන්ත මිනිස් සිතෙහි ස්වභාවය පිළිබඳව වදාළහ. එය චුල්ල තිස්ස හිමියන් සම්බන්ධ සිදුවීමකි. චුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඥාති සම්බන්ධකමක් ද පැවතුණි. සිදුහත් කුමරුගේ පියාගේ සහෝදරියගේ පුතණුවන් ය. එසේ වුව ද අධ්‍යාපනික මට්ටම අතින් බොහෝ පහළ මට්ටමකය. ශරීර ස්වභාවය අතින් ද බුදුරජාණන් වහන්සේට තිබෙන ඥාතිත්වය අතින් ද බොහෝ උසස් චුල්ල තිස්ස හිමියන් අධ්‍යාපනික මට්ටම ද ගුණ සම්පන්න බව ද අඩු නිසාම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ද කල්පනා කරනු ලැබුයේ වැරැදි ආකාරයෙනි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ළඟම ඥාතිත්වය නිසාම ශාසනික සියලුම භික්ෂූන් වහන්සේලා තමන්ට ද ගෞරව පූර්වක ලෙස සිටිය යුතු බවය. නමුත් බුදු දහම තුළ එවැනි ආකාරයේ සැලකිලි පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ අනුමත නොකළහ. චුල්ල තිස්ස හිමියන්ගේ සාවද්‍ය චිත්ත ස්වභාවය අනුව උන්වහන්සේ කටයුතු කරති. බුදුරජාණන් වහන්සේට ලැබෙන රසවත් ආහාරපාන සුවසේ වළදා චුල්ල තිස්ස හිමියන් ශරීර ස්වභාවයෙන් ස්ථූල ගති ඇති වූ නමුත් උන්වහන්සේ් වත් පිළිවෙත් නොපිරූ කෙනෙකි. සිල් ගුණය අඩු ස්වාමීන් වහන්සේ නමකි.

එක් දිනක් පන්සල ඉදිරිපිට ලොකු පුටුවක වාඩිවී පන්සලේ ප්‍රධාන හාමුදුරුවන් මෙන් එහි වැඩ හිදිමින් උජාරු ලීලාවෙන් කල් ගෙවන්නට වුහ. එම අවස්ථාෙවිදී දුර බැහැර ප්‍රදේශයකින් ස්වාමීන් වහන්සේලා පිරිසක් ද ආරාමයට වැඩම කළහ. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැසුණු විට දැන් වස් කීයද? යන ප්‍රශ්නය විමසනු ලබයි. ඒ තුළින් අදහස්් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි. වස් ප්‍රමාණය අඩු භික්ෂුව පැවිද්දෙන් බාලය.

පිරිහීමේ දොරටු හා සහජීවනය

 අනවශ්‍ය ඒකරාශීවීම පුද්ගලයා ප්‍රචණ්ඩත්වයට ඇදදමයි. කල්ලි කණ්ඩායම් නිර්මාණය වන්නේ මේ තුළිනි. කෙනෙකුගේ සුදුසු වේලාව තවකෙනෙකුට නුසුදුසු ය. එය තේරුම් ගැනීමට නොහැකිවීම සමාජ ප්‍රශ්න රාශියකට හේතු වේ. අවශ්‍යතාවය හඳුනාගෙන සම්පත් භාවිත කිරීමට හිත හදාගැනීම අවශ්‍ය වේ. එසේ නොමැතිවිට ප්‍රශ්න මතුවේ. විවිධ සංස්කෘතීන් හඳුනාගෙන තම ගමන තීරණය කරගත යුතු ය. සමාජය සමඟ මුහුවියයුතු සේ ම එය පරිස්සම් සහගතව කළ යුතු වේ. "

සමාජය මෙන්ම පුද්ගලයා, පිරිහීමට පත්වන කාරණා හයක් සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කර ඇත. බොහෝ ප්‍රශ්න ගැටුම් ඇතිවීමට බලපාන හේතු අතර පිරිහීමේ දොරටු හෙවත් අපායමුඛ ප්‍රධාන වේ. එම පිරිහීමේ කාරණා මෙසේ ය. සුරාපානය, අවේලාවේ සංචාරය, සමාජශාලා රංගනය, සූදුව, පාප මිත්‍ර සේවනය හා අලසකම ය.

පූර්ණ මානසික සුවයක්වි ඳීමට නම්


 භෞතික සංවර්ධනයේදී , භෞතික රැස් කිරීම හා පරිභෝජනය තුළ , මානසික සුවය , මානසික නිරවද්‍යතාවය ඒ සමඟ ගැට ගැසී නොමැති නම්, එම සාර්ථකත්වය සාර්ථකත්වයක් ලෙස තථාගත ධර්මයට අනුව හඳුනාගත නොහැකියි."
භෞතිකව පුද්ගලයෙක් , පළාතක් , රටක් සංවර්ධනය වීම අත්‍යවශ්‍ය වෙයි. මේ ලෝකය දැකීමට දියුණු පරිසරයක් ගොඩනැඟුන විට ඔවුන්ගේ අධ්‍යාත්මික අංශය දියුණු කිරීම පහසුයි. පුද්ගලයෙකුගේ ගුණ ධර්ම වර්ධනය වීමට ඔහුගේ භෞතික සංවර්ධනය අතිශයින් වැදගත් වෙයි. උට්ඨාන විර්යෙන් , බාහු බලයෙන් ,දහ ඩිය මහන්සියෙන් ධනය රැස් කළ යුතු ය. ධනය උපයන ආකාරය යහපත් නැතිනම්,එම ධනයෙන් සතුටු නොවිය හැකි බවට බුදු දහම අවධාරණය කරයි. ඔහුට ධනය පැවතුන ද සතුටක් නැත.

පින් වැඩෙන පින්කම්

“ආරාමරොපා වනරෝපා යෙ ජනා සේතු කාරකා
පපඤ්ච උද්‍යානංච යෙ දදන්ති උපස්සයං
තෙසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ග ගාමිනො”
බුදුරජාණන් වහන්සේ විසින් සියලු මනුෂ්‍යයන්ගේ මෙලොව මෙන්ම, පරලොව ජීවිතය යහපත් කර ගැනීම සඳහා දේශනා කරනු ලැබූ අතිඋතුම් දහමෙහි නිතර පින් සිදුවන කාරණා කීපයක් ඇතුළත් වන දහම් පදයකි මේ. මෙය සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් “වනරෝප” සූත්‍රය යි. සාමාන්‍යයෙන් සියලු දෙනාගේ ස්වභාවය නිරතුරුව තමන් දෙස බැලීම යි. එය ආත්මාර්ථය යි. එහෙත් සමාජයේ ජීවත්වන අන් අය පිළිබඳව ද, තරමක් හෝ බලා කටයුතු කිරීමයි වැදගත් වන්නේ. බුදුදහම අනුව පෙනීයන්නේ ආත්මාර්ථය සලසා ගන්නා අතර, පරාර්ථය සඳහා ද සැලකිලිමත් විය යුතු බවයි.
බෝධිසත්වයන් වහන්සේ බොහෝ ආත්මවල දී පරාර්ථය උදෙසා තමා සතු සියලු වස්තු පමණක් නොව ජීවිතය පවා පරිත්‍යාග කළහ. දීපංකර පාද මූලයේ දී ම නිවන් අවබෝධ කර සසරින් එතෙර වීමට කුසල ශක්තිය තිබුණත් එය අතහැර නැවත සසර දුකට මුහුණ දෙන්නේ පරාර්ථය සඳහා ම ය. ඒ මම බුදුබව (අවබෝධය) ලබමි. අන් අයට ද අවබෝධය ලබා දෙන්නෙමි. මම සසරින් මිදෙමි. අන් අය ද මුදවමි” යන අධිෂ්ඨානය ඇතිකර ගනිමිනි.

සදහම් දැනුම

ප්‍රශ්නය - සසර සැරිසරන්නෙකුට අපූර්වතම දේශනාවක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
සොචති පුත්තේහි පුත්තිමා -ගොමිකො ගොහි තථෙව සොචති
උපධීහි නරස්ස සොචතා - නහි සො සොචති යො නිරුධති
පුතුන් ඇති හේ තම පුතුන් (දරුවන්) හේතුකොටගෙන ශෝක කෙරෙයි. ගව හිමියා ගවයන් හේතුකොටගෙන ම එසේම ශෝක කෙරෙයි. මිනිසාට උපධීහුම ශෝකය සඳහා ම හේතු වන්නේ ය. යමෙක් උපධී (කෙලෙස්) රහිත වූයේ ද හේ ශෝක නො කෙරෙයි. මෙම දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක් ද?

මිතුරා හා පසමිතුරා අතර වෙනස හඳුනා ගනිමු ( මිත්තාමිත්ත ජාතකය )

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි කොසොල් රජුගේ අමාත්‍ය මණ්ඩලයට අයත් එක්තරා යහපත් ඇමතිවරයෙකු අරභයා මෙම ජාතක කථාව දේශනා කොට වදාළහ. කොසොල් රජ්ජුරුවෝ එක්තරා ඇමතිවරයෙකු කෙරෙහි විශේෂ ලැදියාවක් දක්වමින් නොයෙක් ආකාරයෙන් ඔහුට උපකාර කළෝ ය. සෙසු අමාත්‍යවරු ඒ කෙරෙහි ස්වකීය අකැමැත්ත පළකොට එම අමාත්‍යවරයාගේ නොයෙක් දෝෂ පිළිබඳ රජුට කරුණු දැක්වූහ. රජතුමා ඒ සියල්ල අසා සිට ඔවුන් දක්වන දුර්ගුණ එම ඇමැතිවරයා තුළ පිහිටා තිබේදැයි පරීක්ෂා කොට එකී කිසි දෝෂයක් ඔහු වෙත නොදැක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මිත්‍රයාගේ යහපත් ගතිලක්ෂණත් අමිත්‍රයාගේ දුර්ගුණත් වෙන්කොට හඳුනාගන්නේ කෙසේදැයි විමසූහ. රජුගේ පැනයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ අතීතයේත් නුවණැති රජදරුවෝ මිත්‍රයා හා අමිත්‍රයා හඳුනා ගන්නා ලක්ෂණ කවරේදැයි විමසා ඇතිබව ගෙනහැර දක්වමින් ඔවුන් එකිනෙකා වෙන්කොට හඳුනාගන්නා ලක්ෂණ රැසක් ඇතුළත් අතීත කථාව දේශනාකොට වදාළහ.

මහා සුතසෝම ජාතකය (සත්‍ය පාරමිතාව )

අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක කුරු රට ඉඳිපත් නුවර සුතසෝම නම් රජ කෙනෙක් ලෙස බොහොම දැහැමින් රට පාලනය කළා.

මිනිසුන්ගේ මස් ආහාරයට ගන්නට පුරුදු වූ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ද ඒ කාලයේ සිටියා. නගරයේ ජීවත්වීමට නොහැකි ව ඔහු කැලෑ වැදුණා.

හුගේ නම පෝරිසාද.
මිනිසුන් මරා කමින් ජීවත් වූ කාලයේ දී ඔහුගේ පාදයේ විශාල තුවාලයක් මතුවුණා. මේ තුවාලය සුව කර දෙන්නේ නම් දඹදිව රජවරු මරා බිලි පූජා කරන්නෙමි යි ඔහු රුක් දෙවියෙකුට බාර වුණා.
කාලයක් යද්දී තුවාලය සුව වුණා. ඔහු සිතුවේ රුක් දෙවියා විසින් තුවාලය සුව කරනු ලැබූ බවයි.
ඉතින් මේ පෝරිසාද බාරය ඔප්පු කිරීමට රජවරු පැහැරගෙන ගොස් බැඳ තබනවා. දිනක් සුතසෝම රජු ද අල්ලා ගැනීමට පිටත් වුණා.

දුක හදන ඉපදීම ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ විසූ දවස පැවැතුණු උපමාගෙන ධර්මය දේශනා කළත්, වර්තමාන පරිසරයේත් බොහෝ කෙනෙක් නිදි නැතිව මෙන් ආශ්වාස, ප්‍රශ්වාසයට පවා අවස්ථාවක් නැතැයි කියන සංකේතයන් මතුකොට දක්වමින් උදේ සිට හවස් යාමය දක්වා ම මේ වෙහෙසෙන්නේ අනාර්ය පර්යේෂණයකට නොවේ දැයි නුවණින් මෙනෙහි කොට බලන්න.
රෝම කූපයක තරම්වත් සැබෑ අයිතියක් නැති සත්ත්වයෝ, පරම්පරා ගණනාවකට වූවත් සෑහෙන ධනයක් පවතිද්දීත් සිතේ හටගත් අසම්පූර්ණ ආශාවන්ගෙන් දිවා රාත්‍රී වෙහෙසෙති. ඔවුන්ගේ පර්යේෂණය නම් අනිත්‍ය ස්වභාවයට යුතු, එනම් ජාති, ජරා, ව්‍යාධි ධර්මයන්ට උරුම වූ වස්තූන් අල්ලා ගැනීමයි. එනම් තමා සතු කර ගැනීමයි.
අනාර්ය පර්යේෂණයෙන් යුතු මේ පුද්ගලයෝ පංචකාම ගුණයන්ගෙන් යුතු තෘෂ්ණාව නිසා තමාට හිමි නැති කයක් දරාගෙන අනිත්‍ය වූ වස්තූන් ම සොයන්ට ජීවිතයේ වැඩිපුර කාලයක් ගත කරති. එමෙන් ම සිතින් අල්ලාගෙන සිටීමෙන් තමා විසින් විඳින්නා වූ දුක ශෝකය පිළිබඳව අවබෝධයක් නැතිවා වගෙයි. ඒ අනාර්ය පර්යේෂණයේ ලක්ෂණය ම බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.
භාග්‍යවතුන් වහන්සේ විසින් ආර්ය පර්යේෂණය පිළිබඳව මෙසේ දේශනා කරති. මහණෙනි, ආර්ය වූ සෙවීම එනම් ආර්ය පර්යේෂණය නම් කුමක් ද?
මහණෙනි, මේ ලෝකයේ ඇතැමෙක් තමා ජාති, ධර්ම වූයේ, ජාති ධර්මයේ ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණය ම සොයනවා. තෙමේ ජරා ධර්ම වූයේ ජරා ධර්මයේ ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ ධර්ම මාර්ගය ම සොයයි. තෙමේ ව්‍යාධි ධර්ම වූයේ ව්‍යාධි ධර්මයේ ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන ම සොයනවා. තෙමේ මරණ ධර්ම වූයේ මරණ ධර්මයේ ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන ම සොයනවා. තෙමේ ශෝක ධර්ම වූයේ, ශෝක ධර්මයේ ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන සොයනවා. තෙමේ සංක්ලේශ ධර්ම වූයේ සංක්ලේශ ධර්මයේ ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යෝගක්ෂේම වූ නිවන සොයනවා. මහණෙනි, මේ ආර්ය පර්යේෂණයයි.

නිවන් මඟ ලබන්නට...


උතුම් නිර්වාණය ලැබීමට කැමැති ශ්‍රාවකයෙකු විසින් ඇතිකර ගත යුතු ප්‍රධාන කරුණු පහක් තිබෙ යි. නිවන තුළ හික්මීමට නම් අප තුළ අධ්‍යාත්මික සංවරකමක් තිබිය යුතු ය. එහි පළමුවන කරුණ “ශ්‍රද්ධාව” යි.
ශ්‍රද්ධාව ආකාර දෙකකින් පවතී. ඒ ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලික ශ්‍රද්ධාව යනුවෙනි. ආකාරවතී ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි පවතින, කඩ කරන්නට නො හැකි ශක්තිමත් ශ්‍රද්ධාව යි. එය සිතෙන් අයින් කළ නො හැකි යි. නො වෙනස් එකකි. ඒ ගුණාංගය වෙනස් නො වන්නේ කරුණු දැනගෙන ම ධර්මය කෙරෙහි පැහැදීම නිස යි. එනම්, බුදුරජාණන් වහන්සේගේ ගුණ, ගුණ වශයෙන් හඳුනාගෙන අවබෝධයට පත්වීම යි. ශ්‍රද්ධාව හොඳින් වැඩුණා ම ඉන්ද්‍රිය ධර්මයක් ලෙසින් ද වැඩේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල බල ධර්මයක් වශයෙන් ද දියුණු වේ. මේ ශ්‍රද්ධාව දියුණු කර ගන්නේ කෙසේ ද? බුදුරජාණන් වහන්සේ “අරහං” සියලු කෙලෙසුන් නසා ලූ උතුමෙකි. උන් වහන්සේ සම්මා සම්බුද්ධ යි.” බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් කිසිවක් ඉතිරි නොකර ම අවබෝධ කළ සේක. “විජ්ජාචරණ සම්පන්න” ලෝකයේ ශීලවතුන් අතර වඩාත් පිරිසුදු වූ සීලයක් තිබු සේක. “සුගත” බුදුපියාණන් වහන්සේ සුන්දර වූ නිවනින් සැනසී අන් අයට ද ඒ මඟ කියා දුන් සේක. “ලෝකවිදූ” සියලු ලෝකයන් පිළිබඳ උන්වහන්සේට විශාල දැනුමක් මෙන් ම අවබෝධයක් තිබුණ සේක. එසේ ම බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථි යන ගුණයෙන් යුතු වූ සේක. දමනය කළ නො හැකි දෙවි, මිනිසුන් උන්වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් දමනය කොට වදාළ හ.

ඇලීම් ගැටීම් දුරු වෙයි සිතෙහි තැන්පත් බව ඇති වෙයි


 ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයන් දියුණු තියුණු කර ගැනීමට භාවනා ක්‍රම අනුගමනය කළ යුතු යි. සිතේ ඇති කරදර, පීඩා, සංසිඳුවා ගන්න සමත් වෙයි. සිත නිශ්චල භාවයකට පත් වෙයි. මෙලෙස සිත එක අරමුණක පවතී. සියලු ම කොටස් බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. මඟ තොට යද්දී, රැකියාව අවසන් වී නිවසට යද්දී ගතවන පැය ගණනාවක කාලයේ භාවනා අරමුණක සිත මෙනෙහි කරන්න. කාලයක් ගත වෙද්දී "
ඒ සිතට ඉබේම භාවනා අරමුණු ගලා එයි. ඒ පින්බර සිත විදර්ශනා ඥානවලට හැරී යයි."

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කායගතාසති භාවනාව ක්‍රම ගණනාවකට දේශනා කොට වදාළා. ක්‍රම තිස් දෙකක් වන එය ද්වාතිංසාකාර භාවනාව, කායගතා සති භාවනාව, පටිකූල මනසිකාර භාවනාව, ධාතු මනසිකාර භාවනාව ලෙසින් පෙන්වා වදා

දීපංකර පාදමූලයේ දී සුමේධ මහ බෝසත්තුමා නියත විවරණ ලැබූ වගයි

සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 04

නෙයියෝ බෝධි සත්තෝ සද්ධාධිකෝ’

නෙයිිය කියන මහා බෝසතාණන් වහන්සේ ශ්‍රද්ධා අධිකයි. උන්වහන්සේ නියත විවරණ ගන්න මත්තෙන් සිතින් බුදු බව අසංඛෙය්‍ය හතක්, වචනයෙන් අසංඛෙය්‍ය නවයක් කියන අසංඛෙය්‍ය දහසයක් පාරමී පුරා අවසානයේ දී බුදුරජාණන් වහන්සේ නමක් ළඟ නියත විවරණ අරගෙන අසංඛෙය්‍ය දහසයකුත් කල්ප ලක්ෂයක් නැවත පාරමී පුරන්නට ඕනේ.


බුදු බව පතාගෙන, එනම් සොළසාසංඛය්‍ය කල්ප ලක්ෂයක් ය. මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ශ්‍රද්ධා අධික මහා බෝසතාණන් වහන්සේ නමක්. අපේ ශාන්ති නායක ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥා අධික මහා බෝසතාණන් වහන්සේ නමක්. දැන් පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිතුවොත් උන්වහන්සේ ඈත අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලයක ඉතාමත් ම හොඳ තරුණ ජීවිතයක් ගත කරන කාලේ තමන්ගේ අම්මාත් සමඟ මහ මුහුදෙන් වෙළෙඳාමේ යන අතරතුරදී විශාල කුණාටුවක් පැමිණ සම්පූර්ණයෙන් මේ නැව සුන්බුන් වීමෙන් මේ වයස් ගත අම්මා ලෑලි කෑල්ලක ආධාරයෙන් පණ ගැට ගහගන්න මහන්සි ගන්න හැටි මේ තරුණ ජවසම්පන්න දරුවා දැක්කා. මේ දරුවත් දැන් පණ බේරගන්න මහන්සිගන්නෙ.

පවට නැඹුරු සිත පිනට යොමු කරමු

සත්වයා සසර උපදින්නේ තෘෂ්ණාව හේතුවෙනි. බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ එක් එක් ආත්මවල ඉපදෙමින් අවසාන ආත්ම බවයෙහි ඉපිද ගිහි සැප හැර පැවිදි බිමට පත්ව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කොට උතුම් වූ ලොව්තුරා බුදු පදවිය ලැබූහ. එහි දී බුදුහිමි පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළහ.
අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං

නැවත නැවත ඉපදීම දුකකි. එහෙයින් මේ ආත්ම භවය නැමැති ගෙය හදන වඩුවා සොය සොයා ඔහු දකින්නට සමත් වූ නුවණ උපදවා ගත නොහැකි ව මේ සසර කතරේ නොයෙක් ජාතිවල ඉපදෙමින් නා නා පැතිවල ඇවිද්දෙමි.
වඩුව, මම තොප දිටිමි. මින්පසු ඔබ මට ගෙවල් නොසාදන්නෙහි ය. ගෙයි පරාල සියල්ල බිඳ දැමීමි. ගෙයි මුදුන ද සුණු විසුණු කළෙමි. දැන් මගේ සිත නිවනෙහි පිහිටියේ ය. තණ්හාව නැති වී ගියේ ය. මම අරහත් භාවයට පැමිණියෙ මි.
ඉහත කරුණ තුළින් තෘෂ්ණාව සසර ගමනට ප්‍රධාන සාධකයක් වූ බව පැහැදිලි වේ. පට්ච්ච සමුප්පාදය තුළ සඳහන් වන්නේ ‘වේදනා පච්චයා තණ්හා’ යනුවෙන් විඳීම හේතුවෙන් තෘෂ්ණාව පහළ වන බවයි. විඳීම ත්‍රිවිධාකාර ය.
සැප විඳීම, දුක විඳීම, මැදහත් බව යනුවෙනි. විඳීමේ දී සත්වයාට තෘෂ්ණාව ඇති වේ. එම තෘෂ්ණාව ක්‍රම තුනක් ඔස්සේ විකාශය වේ.
කාම තණ්හා (පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව) භව තණ්හා (නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව) විභව තණ්හා (නැවත නැවත නො ඉපදීම පිළිබඳ තෘෂ්ණාව) යනුවෙනි.

සසර කතරෙන් එතෙර වීමට


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අලුයම ලොව බලා මහා කරුණාවෙන් ලෝකවාසීනට පිහිටවීම සෑම බුදුවරයෙකුටම සුවිශේෂී වූ ලක්ෂණයකි. දිනක් හිමිදිරියේ බුදු කරුණාවට හසුවූයේ උදය බමුණා ය. පා සිවුරු ගෙන පෙරවරුවේ බුදුරදුන් උදය බමුණාගේ නිවසට පිඬු සිඟා වැඩි සේක. හේ කඩවසම් ය. යෞවන වයසේ පසුවන්නේ ය. මහත් භෝග සම්පත් ගෙනේ ය. එදින ද උදය බමුණාගේ නිවසේ රසවත් බොජුන් පිළියෙළ වී තිබුණි. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත තථාගත බුදුරජාණන් වහන්සේ නිවසෙහි ඉදිරිපිට පිණ්ඩපාතයේ වැඩ සිටිනු ,දුටු උදය බමුණා කිසිවක් කථා නොකර තමන් වෙනුවෙන් නිවසේ පිළියෙළ වී තිබුණු රසමුසු ආහාර ටික බුද්ධ පාත්‍රයට පූජා කළේ ය.

බුදුරදහු ආපසු දෙව්රමට වැඩම කරති. දෙවන දින ද පළමු දිනයේ මෙන් ම බුදු හිමියෝ උදය බමුණාගේ නිවසට ම පිණ්ඩපාතයට වැඩම කළහ. එදින ද බමුණු තෙම කිසිවක් කථා නොකර ම තමන්ට පිළියෙළ වී තිබුණු ආහාරය බුදුරදුන්ට පූජා කළේ ය. බුදුරජාණන් වහන්සේ ද කිසිවක් කථා නොකර විහාරයට වැඩම කළ සේක. තුන්වන දිනයේ ද පළමු හා දෙවන දින දෙකේ පරිදි ම උන්වහන්සේ හිමිදිරියේ පිණ්ඩපාතය සඳහා උදය බමුණාගේ නිවසට ම වඩිති. එදින ද භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පුරවන උදය බමුණා බුදුරදුන්ගේ මුහුණ දෙස බලමින් මෙසේ කියයි.

Wednesday, November 15, 2017

සංසිඳුණු ආශාව කුසලයට හේතුවෙයි

ලද දෙයින් සතුටු වීමේ චාම් දිවිපෙවෙත බෞද්ධ අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂි ගුණ ධර්මයකි. නමුත් නො සංසිඳෙන ආශාවන් පසුපස හඹායන වත්මන් ලෝකයේ ලද දෙයින් සතුටු වෙමින් සැපසේ වාසය කිරීමේ වාසනාව වේගයෙන් තුරන් වී යන සෙයකි.

ලද දෙයින් සතුටු වීමේ ගුණය යම් සමාජයකින් තුරන් වී ගිය කල එහි නොයෙකුත් අර්බුද, ගැටලු සහගත දෑ සිදුවීම නො වැළැක්විය හැකි ය. වත්මන් ලෝකයා බොහෝ සෙයින් කතා කරන සීීීඝ්‍රයෙන් ගුණ ධර්මයන්හි පරිහානියට ප්‍රබලතම හේතුවක් වන්නේ මෙය යි.

තේමිය ජාතකය - අධිෂ්ඨාන පාරමිතාව

එක් කලෙක අප මහා බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමරෙක් වී උපන්නා. ඒ කුමාරයාගේ නම තේමිය.

දිනක් රජතුමා තේමිය කුමරු උකුලේ හිඳුවාගෙන රාජ සභාවේ දී සොරුන්ට දඬුවම් නියම කරමින් සිටියා. ඒ දඬුවම් ඉතා දරුණු යි. එක් සොරෙක් සිර කරන්නටත්, තව කෙනෙකුට ආයුධවලින් පහර දෙන්නටත්, තව කෙනෙක් උල තබන්නටත් අණ කළා.

පුංචි තේමිය කුමාරයා හරිම නුවණක්කාර යි. විමර්ශනශීලි යි. ඔහුට මෙසේ සිතුණා.
”මගේ පියා මේ රටේ රජතුමා යි. අනේ! ඒත් ඔහු මොනතරම් නම් පව් කර ගන්නවා ද?” මෙසේ කල්පනා කරමින් සිටින කුමාරයාට පෙර ජාති සිහි කිරීමේ හැකියාව ඇති නුවණ පහළ වුණා. තමා මීට පෙර ජාතියක දී අවුරුදු විස්සක් රජකම් කර ඇති බවත්, ඒ කාලයේ දී කරගත් පව් ගෙවන්නට ඔසුපත් නමැති අපායේ ඉපදී අවුරුදු අසූ දහසක් විපාක විඳි බවත්, පුංචි කුමාරයාට සිහිවුණා. ඒ වෙලාවේ සිටම මේ කුමාරයා කල්පනා කළේ මේ ජීවිතයේ දී රජකම නො ගෙන එයින් ගැලෙන්නේ කෙසේද යනුවෙනු යි.
පෙර ජාතියක මේ කුමරුගේ අම්මා දේවතාවියක් වී ඉපදී සිටියා. ඇය කුමාරයා ඉදිරියේ පෙනීසිට මෙසේ කීවා.

දුන් දේ ගැන පසු නො තැවෙන්න අත්හළ ලෝභය යළි කැඳවා නොගන්න ( මය්හ ජාතකය)


දන්දීම උතුම් ක්‍රියාවකි. එය ලෝභය දුරුකිරීම අරමුණු කර ගත් උසස් අභ්‍යාසයකි. එබැවින් දුන් දේ පිළිබඳ පසුතැවීම අත්හළ ලෝභය නැවත කැඳවා ගැනීමකි.'
දන් දී පසු තැවීමෙන් පිනෙහි අගය අඩුවේ. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි ආගන්තුක සිටුවරයෙකු අරභයා මය්හ ජාතකය දේශනාකොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා සිටුවරයෙකුට බොහෝ ධන සම්පත් විය. එසේ නමුත් ඔහු කිසි දිනෙක කිසිවෙකුටත් නූල් පොටක් තරමක දෙයක් වුව නො දුන්නේය. ඉතා දැඩි ලෝභියෙකු වූ සිටුවරයා එක්තරා දරුණු රෝගයක් වැළඳීමෙන් අකාලයේම මිය පරලොව ගියේය. දරුවන් නොමැති මෙම සිටුවරයාගේ ධනය ඔහුගේ මරණින් පසුව රාජ සන්තක විය.

එම ධනය රාජ භාණ්ඩාගාරය වෙත ගෙන යාම සඳහා අඛණ්ඩව දින හතක් ගතවූ හෙයින් රජතුමාට බුදුරදුන් බැහැදැකීමට නොහැකිවිය. සත් දිනක් ඇවෑමෙන් බුදුරදුන් හමුවීම පිණිස දෙව්රම් වෙහෙරට ගිය රජු සිදුවූ සියල්ල සැකෙවින් දක්වා මේසා විශාල ධනයක් තිබියදීත් සිටුවරයා විසින් දන් නොදෙන ලද්දේ කවර හේතුවක් නිසා දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේය. මෙම ධනවත් සිටුවරයා පෙර ආත්මයක තගරසිඛී නම් පසේ බුදුරජාණන් වහන්සේ වීථියෙහි පිඬු පිණිස වඩිනු දැක උන්වහන්සේ තම සිටුමැදුරට වැඩමාගෙන ගොස් දන් පිළිගැන්වීමට සේවකයන්ට පවරා කිසියම් හදිසි රාජකාරී කටයුත්තක් සඳහා රජ ගෙදරට ගියේය


ගිය සැනින් රාජකාරිය නිමවා ආපසු නිවසට පැමිණි සිටුවරයා දන් පිළිගෙන වඩින පසේ බුදුරදුන්ගෙන් දන් ලැබුණේදැයි විමසීය. දන් ලබුණේයැයි පසේ බුදුරදුන් විසින් දැන් වූ කල්හී උන්වහන්සේගේ පාත්‍රයට එබී බලා මෙතරම් බත් ප්‍රමාණයක් මුන් වහන්සේට පිළිගැන්වූයේ කවර හේතුවක් නිසාද? මේ බත වෙන මිනිසෙකුට දුන්නේ වී නම් ඔහු මට නොසෑහෙන තරම් සේවය කරන්නේ යැයි පවසා සේවකයන් විසින් පසේ බුදුන්ට පිදූ පිණ්ඩ දානය පිළිබඳ දැඩි ලෙස නොසතුටට පත්විය.

බුදු ඇසින් දුටු ලෝ දහම (ආර්ය පර්යේෂණ සූත්‍රය)

"තෘෂ්ණාවෙන් මුසපත්වන මනුෂ්‍යයාට තමාගේ මරණ ස්වභාවය පිළිබඳව ද ඇති අමතකවීම ය. එනම් මරණ ස්වභාවය මෙනෙහි නොකිරීම ය. මරණය උරුමකොට ඇත්තෙකුට මරණය උරුම කොට ඇත්තෙකුගෙන් සනාථනික පිළියම, පිළිතුරක් සොයා ගැනීම කළ නොහැකි ය."

භාග්‍යවතුන් වහන්සේ විසින් පරමාර්ථ ධර්ම කතාවෙහි දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස පරිළාහ යනුවෙන් දුක් ස්වභාවය විස්තර කොට දේශනා කළහ.


උපන් සත්ත්වයා දිරාගෙන යෑමත්, ලෙඩදුක්වලට ගොදුරුවීමත් උරුම කොට ඇත. ඉන් ගැලවීමක් කිසිසේත් ම නැත. දිරාගෙන යෑමෙන් හා ලෙඩදුක් ආදියෙන් තමාටත් සැනසීමක්, පිහිටක් නොමැති ව පංචකාම ගුණයන්ට හසුවන සත්වයෝ, ඒ පංචකාම ගුණයන්ගෙන් සිත ඔසවා තබමින් සොයන්නේ ව්‍යාධි ධර්මයට ම උරුම වූ අඹු දරුවන් ය. දැසි දස්සන් ය. එළු බැටළු ආදී සත්වයන් ය. මුතු මැණික්, කහවනු ආදී සම්පත් ය. මේවාට තෘෂ්ණාවෙන් ගැටගැසී, මුසපත් වූ සිතින් ජීවිත පවත්වන බව මේ දහම් කතාවෙහි පැහැදිලි කරයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ දහම් පෙළ තමා තමාට ම ගළපා ගනිමින් මනසිකාරය කළ යුතුයි. එනම් මෙනෙහි කිරීම අවශ්‍යයයි. මේ පෙන්වා දෙන්නේ, සසරෙහි භයානක බව තේරුම් කොට දුකින් පිරුණු සසරෙන් එතෙරවීම නම් වූ නිවන් මඟයි. ආර්ය පර්යේෂණය යනු මෙහි මූලික කතාවයි.

මෙලොව පරලොව යහපත සලසන ද්වාතිංසාකාර භාවනාව

 කායගතා සති භාවනාව මෙනෙහි කිරීමේ දී තම සිතට ජීවිතයේ අස්ථිර බව, මරණයේ ස්ථිර බව, පිළිකුල හොඳින් වැටහී යයි. මේ භාවනාවට කෙනෙක් සිත යොමු කළොත් ඒ පින්බර සිත භාවනාවට ම ලෙන්ගතු වී භාවනානුයෝගී ව වාසය කරයි.
පසුගිය ලිපි මඟින් පංචක කිහිපයක් ද, චක්කයක් ද සඳහන් කළෙමු. අද අප සඳහන් කරන්නේ මුත්ත චක්කය යි. එවිට කායගතා සතියේ කොටස් තිස් දෙක ම මෙනෙහි කළා වෙයි. අස්සු(කඳුළු), වසා(වුරුණු තෙල්), ඛෙලො(කෙළ), සිංඝානිකා(සොටු), ලසිකා(සිරුරෙහි සන්ධිස්ථානවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සඳමිඳුළු), මුත්තං(මුත්‍ර) මෙම අපවිත්‍ර කොටස් හය පෙර ලිපි මඟින් සඳහන් කළා සේ මෙනෙහි කරන්න. (මේ කයෙහි කඳුළු වර්ණයෙන් පිළිකුල් ය. සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය ආදී වශයෙනි.) නුවණ ඇත්තෝ මුත්ත චක්කය තවත් ගැඹුරින් මෙනෙහි කරන්න. මේ කයෙහි කඳුළු සත්ත්වයෙක් නො වේ, පුද්ගලයෙක් නො වේ, ආත්මයක් නො වේ, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ කයෙහි කඳුළු අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මුත්ත චක්කයේ අනෙකුත් කොටස් ද මෙනෙහි කරන්න.

පිවිතුරු සිතින් දිවි ගෙවමු ( මිථ්‍යා දෘෂ්ටිය )

බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නයට වන්දනා මාන කිරීමෙන්, ශීල ආදී ගුණ ධර්ම පිරීමෙන් රැස්කරගන්නා පින දෙවියන්ට අනුමෝදන් කළ යුතු ය. එවිට දෙවියන් පවා ගුණ ගරුක පුද්ගලයාට ආශිර්වාද කරන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක."
සංසාරයේ උපත ලැබීමට සත්ත්වයා තුළ උපදින කර්ම හේතු වෙයි. ඒ නිසා සසර දුක තරණයට නිර්වාණාවබෝධය ලැබිය යුතු බව කෙනෙකුට නො සිතුණොත් ඒ මොහොත මිච්ඡා දිට්ඨි නම් වෙයි. මෙය තව දුරටත් අර්ථ කථනය කිරීමේ දී සංසාරය නිසි ලෙස දැක, එය දුක් සහිත බව ද, සංසාරයෙන් එතෙර වන්නට පුළුවන් බව ද, ඒ සඳහා ධර්මය උපකාර වන බව ද දේශනා කළේ බුදුන් වහන්සේ පමණ යි. එය විශ්වාස නො කිරීම මිච්ඡා දිට්ඨිය යි.
නිදසුනක් ලෙස ඇතැමෙක් ප්‍රාණඝාතය හෝ වෙනත් අකුසල් නිවනට බාධාවක් නැතැ’යි සිතමින් තමා මෙන් ම අන්‍යයන් ද ඒ වරදට පෙළඹවීම මිථ්‍යා දෘෂ්ටිය යි. එහි විපාකය නිරයෙහි හෝ දුගතියක උපත ලැබීම යි. නියත මිත්‍යාදෘෂ්ටිය නිසා අවීචි නිරයේ උපත ලබයි.
සිත මූලික වී මිනිසා සහ සත්ත්වයා ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ජීවියාගේ සිත මූලිකව කුසල්, අකුසල් සිදු වෙයි. එසේ ඇතිවන අකුසල් සිත් දොළහේ මෝහය මූලිකව, උද්ධච්ඡ සම්ප්‍රයුක්ත හා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් දෙක ඇති වෙයි. මෝහ මූලික සිත් දෙක හටගන්නේ උපේක්ඛා වේදනාව මූලිකව යි. ඉන්ද්‍රියයන් හයට ලැබෙන අරමුණු මත උපේක්ඛා වේදනාව ඇති වෙයි. ඉන්ද්‍රියන්ට එන අරමුණ නිසිලෙස නො දැක්කේ නම්, වේදනාවන් තුනක් හට ගනියි. සුබ අරමුණක දී සුඛ වේදනාව ද, දුක් සහගත අරමුණක දී දුක්ඛ වේදනාවක් ද ඇති වෙයි. මේ වේදනාවන් දෙකම නැති විට හටගන්නේ උපේක්ඛා වේදනාව යි. එය පදනම්ව හට ගන්නා චෛතසිකය වන්නේ මෝහ මූල සිත යි. ඒ අකුසල් චෛතසිකය පදනම් කරගෙන මිච්ඡා දිට්ඨිය ඇති වෙයි.

දැවෙන තැවෙන දේ එපා ( අභිජ්ඣා)


බුදු දහමට අනුව මිනිසා සසර සැරි සරන්නේ තම සන්තානගත කෙලෙස් මුල්කොටගෙන ය. නැති නොකළ කෙලෙස්, අවිද්‍යාවාදී හේතු නිසාත් සත්ත්වයා නැවත නැවත ඉපදෙමින්, මිය යමින් අනවරත ගමනක යෙදී සිටී. එය කෙළවර වන්නේ සන්තානගත සියලු කෙලෙස් නැවත නූපදින ලෙස නැති කොට නිවන් දැකීමෙනි.
ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ඥානයෙන් අවබෝධ කොට ලෝකයාට දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේත්, ඉන්පසුවත් ඒ මාර්ගය ඔස්සේ නිවනින් නිවී සැනහී ගිය සත්ත්වයන්ගේ ප්‍රමාණය සුළු පටු නොවේ. ධර්මය පිළිබඳ දැනුමක් නැති, අවිද්‍යා අන්ධකාරයේ ගිලී ගිය බොහෝ දෙනෙකු මේ කෙලෙස් පිළිබඳ නොදැන සිටීම පුදුමයට කරුණක් නොවේ. බොහෝ දෙනෙකු සිය සන්තානයේ ඇති මේ වැරැදි, නො එසේ නම් කෙලෙස් කෙලෙසකවත් නොදකිති. එයින් තමාටත්, අනුන්ටත් පොදුවේ සමාජයටත් සිදුවන අයහපත පිළිබඳ අංශු මාත්‍රයක හෝ අවබෝධයක් නැති බොහෝ දෙනෙකු බෞද්ධයන් අතර පවා නැත්තේ නොවේ. කෙලෙසුන්ගෙන් මිදීම කෙසේ වුවත්, මේවා නිසා තමා කෙලෙසීමට පත්වන බව අවබෝධ කොටගෙන තිබීමත් එක්තරා විදියක යහපතකි.

යහපත වළකා අයහපත සදන්නේ ව්‍යාපාදය යි

පිත කිපීමෙන් හටගත් රෝගියකුට කෙතරම් රසවත් මිහිරි ආහාරපාන ලබාදුන්නත් ඒ සියල්ල තිත්තව. අමිහිරි ව පවතින්නාක් මෙන් ව්‍යාපාද නීවරණයයි කියන ලද ක්‍රෝධය අධික තැනැත්තා මව්පිය ගුරුවරු ආදී හිතවතුන් විසින් කරන ලද සියලු අවවාද අනුශාසනාදිය තමාට විපත් පිණිස සලකන්නේ ය."
සිතෙහි පවත්නා යහපත් ගතිනිමිති වෙනස්කොට සිත විපතට පමුණුවමින් එම සිතෙහි පහළවන ක්‍රෝධය ‘ව්‍යාපාදය’ යනුවෙන් හැඳින්වේ. මෙහි දී විශේෂයෙන් ම අනුන් වැනසීමේ අදහසින් කටයුතු කිරීම ගැනේ. ක්‍රෝධයටත් වඩා ව්‍යාපාදය බලසම්පන්නබවක් දක්නට ලැබේ. ක්‍රෝධය වහා කිපෙන සුළුබවින් යුතු ව කෙනෙකුගේ සිත ඇනුම් බැනුම් ආදියට පොළඹවන නිසා ය. ව්‍යාපාදය සෙමින්, සෙමින් තම සතුරු තැනැත්තා නැසීම සඳහා උපක්‍රම භාවිත කරයි. සිතක උපදින ද්වේශය ම සිය සතුරා නැසීමට තරම් උග්‍රවූ විට ව්‍යාපාදය මතුව ඇවිත් මුළු සිතම දූෂ්‍ය කරයි.

Monday, November 13, 2017

සම්බුදු ගුණමහිම: පාරමී දම් පුරන සමයේ...

සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 03



මේ අම්මා දිනපතා උපස්ථාන කළා. ස්වාමීන් වහන්සේ වස්සාන කාලය තුළ පධන් වීර්යය වඩලා සිව්පිළිසිඹියා ඤාණ ලාභීව මහා රහත් භාවය ලබා ගත්තා. වස් අවසානයේ දී සංඝස්ථවිරයාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. එළිවෙනකම් දායක පිරිසට වස් පවාරණය කරන පොහොය දවසේ ධර්ම දේශනා කරන්ට කියලා. ඔය පණිවුඩය ලැබුණා කාට ද? මේ අම්මාට, දැන් අම්මාත් ගියා බණ අහන්ට. අම්මා හිතනවා ‘මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ මට දේශනා කළේ ‘සුඛිතා හෝතු දුක්ඛා මුච්චතු’ කියල විතරයි. නමුත් කොහොම ද එළිවෙනකම්ම බණ කියන්නේ ධර්මය දන්න කෙනෙක් ද’ කියලා බලන්ට තමයි මේ අම්මා ගියේ. පින්වතුනි, අර ධර්ම දේශනා කරන තැනම හිඳගෙන දැන් අම්මත් බණ අහනවා. බොහොම හොඳින් සිහිනුවණින් බණ අසනවා. මේ අම්මා දේශනාව කෙළවර දී සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගත්තා. බලන්න මොනතරම් භාග්‍යයක් ද? වාසනාවක් ද?

ඒ වගේ ම ‘ඕහිතසෝතේ ධම්මං සුණාති’ යම් කිසි කෙනෙක් හස්ථ විකාර, මුඛ විකාර නොකර එහෙට මෙහෙට සෙල්ලම් කරන්නෙ දුවන්නෙ පනින්නේ නැතිව නිශ්ශබ්ද ව සමාධියකට සම වැදුනාක්මෙන් සිහි නුවණින් බණ අසනවා නම් ඒ ඇත්තන්ට පුදුමාකාර ධර්ම ශක්තියක් ජීවිතයට ලැබෙනවා.

තුන් සිත පහදා දුන්නොත් දානය ඒ අය ගිය තැන ලැබෙයි නිධානය

දන් දීම ද යුද්ධ කිරීමක් හා සමාන යයි කියති. ජීවිතය කෙරෙහි ආශාවක් නැතුව ස්වල්ප දෙනෙක් සටන් වැදුණත් බොහෝ සතුරන් පරදවා ජය ගනිති.

එමෙන්ම කුසලය ස්වල්ප වුවද බොහෝ අකුසල් පරදවාලිය හැකිය. ස්වල්ප වූ හෝ යමක් පරිත්‍යාග කළහොත් පරලොව දී සැපවත් වීමට එම දානමය පින්කම උපකාරවත් වේ.
සතර සංග්‍රහ වස්තුවේත් දස පාරමිතාවලත් දස රාජ ධර්මයේත් මුලින්ම යෙදෙන්නේ දානයයි. කවරකු හෝ වේවා අරහත් මාර්ගයට පිවිසෙන්නේ නම් පළමුව කළ යුත්තේ දීමයි. දීමෙන් අදහස් කරනුයේ ඇලීම හෙවත් තෘෂ්ණාව අඩුකර ගැනීමයි. ඇලීමෙන් තොර නොවූ සිතින් ශීලයට හා භාවනාවට යා නොහැකියි. දානය සියල්ලටම මුල් වන්නේ එකී අරුතිනි.
බෞද්ධයන් ලෙස අපි අපගේ පවුලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට පෙර, උපන් දිනයක් අරමුණු කර ගනිමින් සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා ද සාංඝික දාන පිරිනැමීම අද දවසේ සිදු වේ. වැඩි දෙනකු කරන්නන් වාලේ කරන නමුදු දානයක් පිරිනැමීමේ නියම අරුත සහ කුසල් සිදුවන අයුරින් හීල් දානය, පේරු දානය, ආවාස දානය පිරිනමන්නේ කෙසේද යන්න අද සදහම් සෙවණින් දැන ගනිමු.
අප මහා සම්බුදු පියාණන් වහන්සේ දානය පිළිබඳව දක්වා ඇත්තේ විශිෂ්ටතම මනුෂ්‍ය ධර්මයක් ලෙසය.