විවාහය වනාහි මිනිසා විසින්
මිනිසාගේ යහපත හා සතුට සඳහා ප්‍රජනන ක්‍රියාවලියේදී කිසියම් ක්‍රමානුකූල
බවක් හා සුසංයෝගයක් ඇතිකරගැනීම පිණිස නිර්මාණය කැරුණු සමාජ සම්ප්‍රදායකි.
බහු-භාර්යා සේවනය ගැන පැරණි බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වුණ ද බුදුන් වහන්සේගේ
අවවාදය වශයෙන් දිස් වන්නේ පුද්ගලයකු එක් භාර්යාවකගෙන් තෘප්තිමත් වීම යෝග්‍ය
බව ය. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් බුදුන් වහන්සේ
වරින් වර
නොයෙකුත් අවවාද උපදෙස් දක්වා ඇත.
විවාහය ආගමික කටයුත්තක් නොව, හුදු පෞද්ගලික, ලෞකික කටයුත්තක් සේ
සැලකේ. එනිසා විවාහ වීම අත්‍යවශ්‍ය කටයුත්තක් සේ හෝ කෙනකු විසින් අනිවාර්යයෙන් ම
කළ යුතු ක්‍රියාවක් සේ
හෝ නො දැක්වේ. අවිවාහක ව සිටීම, සම්පූර්ණයෙන් බ්‍රහ්මචර්යාව
රැකීම හෝ එසේත් නැත් නම් විවාහ වීම පුද්ගල අභිරුචිය අනුව කළ හැකි ය. සංඝයා වහන්සේ
සම්බන්ධයෙන් නම් විවාහ
නොවිය යුතු බවට පමණක් නොව, සම්පූර්ණයෙන් බඹසර
රැකිය යුතු බවට විනය නීති පනවා ඇත.
පැවිද්දට පිවිසෙන්නේ ගිහි වාසය
බහු-සම්බාධ සහිත හෙයිනි. විවාහ ජීවිතය හා පවුල් සංවිධානය මේ සම්බාධ
අතර වේ. පැවිද්දට පිවිසීමේ අරමුණ සාර්ථක කරගැනීමට නම්, මේ සෑම සම්බාධයකින්
ම මිදීම අත්‍යවශ්‍ය ය.
බහු-භාර්යා සේවනයට අනුබල නොලැබෙන අතර, පරදාර සේවනයෙන්
වැළකීම විවාහ ජීවිතයත් පවුල්
සංස්ථාවත් ශක්තිමත් කිරීමට බලපාන බව
පිළිගැනේ. තුන් වන සිල් පදයෙන් කියවෙන්නේ පරදාර සේවනයෙන් වැළකීම
පිළිබඳ ව ය. වෛශ්‍යාවන් කරා යෑම එකල සමාජය පිළිගත් නිසා ඒ සම්බන්ධයෙන් වන බෞද්ධ
ආකල්පය නම්, එසේ
කිරීම පරාභවයට හේතුවක් බව ය. ස්ත්‍රීන්
කෙරෙහි ලොල් වීම භෝග අපායමුඛයක් වශයෙන්
ද හැඳින්වේ.
විවාහක යුවළකට අවශ්‍ය නම් දික්කසාද වීමට
ඉඩ ඇත. විවාහය දේව අභිමතය අනුව සිදු වන්නක් වශයෙන් බුදුසමය මගින්
නොසැලකෙන හෙයින් කෙසේ හෝ විවාහය පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය යැ යි
පිළිනොගැනේ. අඹු සැමියන්ට එකට ජීවත් විය නොහැකි යැ යි වැටහී ගිය හොත් දික්කසාද වීමේ
අයිතිය ඇති බව බුදුසමය පිළිගනී. ඒත් මේ නිසා ම,
අඹුසැමියන් අතර මතභේද ඇත් නම් දික්කසාද
වීම නුවණට හුරු යැ යි බුදුසමයෙන් පිළිගැනෙන බව සිතිය යුතු නැත. අඹු - සැමි ප්‍රශ්නවලට
විසඳුමක් වශයෙන් දික්කසාදය සැලකිය යුත්තේ වෙනත් කිසිදු පිළිගත හැකි විසඳුමක්
නැත් නම් පමණි. ඇත්ත වශයෙන් ම බුදුන් වහන්සේගේ අනුශාසනා අනුව අඹු-සැමියන් විවාහ
ජීවිතය ගත කරන්නේ නම්, දික්කසාද
වීමේ ප්‍රශ්නය පැනනොනගිනු ඇත.
සමාජ සම්බන්ධතා ශක්තිමත් කිරීමට උපයුක්ත
වන සංකීර්ණ ක්‍රියා ජාලය තුළ විවාහය ඉතා
වැදගත් ස්ථානයක් හොබවයි. විවාහ සංස්ථාව
ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ මනා සුසංගතියක් පමණක් නොව, සංස්කෘතික වර්ධනයට
හොඳ පදනමක් ද වේ. මෙම සුසංයෝගය හේතුකොට අන්‍යෝන්‍ය සම්බන්ධතාව, සුහදතාව, අවබෝධය, ගෞරවය ආදිය වර්ධන වේ.
ප්‍රීතිමත් විවාහයක ලක්ෂණයක්
වන්නේ අඹු-සැමි දෙදෙනා සම-සහකරුවන්
වශයෙන් එකිනෙකාට ගෞරව කරමින්, එකිනෙකා විශ්වාස
කරමින්,
ඔවුනොවුන්ගේ සතුට, යහපත සඳහා කටයුතු
කරමින් පවුලක් ගොඩනැගීමට එක් ව කටයුතු
කිරීම ය. මෙසේ ආත්මාර්ථය නොසලකා පවුලේ
යහපතට මුල් තැන දී ක්‍රියා කරන විට දික්කසාද වීමේ අදහස ඇති වන්නේ
නැත.
විවාහ ජීවිතයේ එක් පරමාර්ථයක් වන්නේ
දරුවන් ලැබීම ය. විවාහ ජීවිතයේ සාර්ථකත්වයට දරුවන් ලැබීම අත්‍යවශ්‍ය
වන අතර, එපමණකින්
ම විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් වන්නේ
නැත. ශක්තිමත් ආර්ථිකයක් තිබීම ආදි තව
නොයෙකුත් සාධක මේ සඳහා අවශ්‍ය වේ. පවුලේ
ආර්ථික තත්ත්වය දුර්වල වීම විවාහ ජීවිතය
ඉරිතළායෑමට ප්‍රධාන හේතුවක් වෙයි. මෙයට
ප්‍රතිකර්මයක් වශයෙන් පවුල් සංවිධාන
විධික්‍රම අනුගමනය කොට දරු උපත් පාලනය කැරේ. එවිට පවුලේ සාමාජික
සංඛ්‍යාව සීමාකොටගෙන ආර්ථික ප්‍රශ්න හා තවත් අදාළ ප්‍රශ්න රැසක් තුනී
කරගැනීමට හැකි වේ.
දරු උපත් පාලනය කිරීම ආගම් විරෝධී ක්‍රියාවක්
සේ සමහරු සලකති. බෞද්ධයින්ට නම් මෙය
ප්‍රශ්නයක් විය යුතු නැත. බුදු දහම දරු
උපතක් දේව ප්‍රසාදයකින් සිදු වන්නක් ලෙස
සලකන්නේ නැත. මව නියම ඍතුවේ සිටීම, මව්-පිය සංසර්ගය හා
ගන්ධබ්බයකු එනම්, පිළිසිඳ ගැනීමට
සැරසුණු ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් තිබීම මීට අවශ්‍ය වන සාධක තුන ය. උපත් පාලනයෙන්
සිදු කැරෙන්නේ මේ ප්‍රතිසන්ධි විඤ්ඤාණය පිළිසිඳගැනීමේ අවස්ථාව වැළැක්වීම පමණි.
ඉන් කිසිදු ප්‍රාණඝාතයක් සිදු නො වේ. ප්‍රාණඝාතයක් සිදු වීමට නම් කරුණු පහක් සම්පූර්ණ
විය යුතු ය. එනම්-
(1) ප්‍රාණියකු
සිටීම
(2) ප්‍රාණියකු
සිටින බව දැන සිටීම
(3) වධක
චේතනාව තිබීම
(4) මැරීමට
පියවර ගැනීම
(5) එම
පියවර ගැනීමෙන් මරණය සිදු වීම ය
උපත් පාලනයේදී මේ අවශ්‍ය මුල් ම සාධකය
වත් නැත. එනිසා ප්‍රාණඝාතයක් පිළිබඳ
ප්‍රශ්නයක් පැන නොනගින අතර, සම්මත උපත් පාලන ක්‍රම
උපයෝගී කරගෙන පවුල් සංවිධානය
සඳහා පියවර ගැනීම සදාචාර විරෝධී, ආගම් විරෝධී ක්‍රියාවක්
සේ බෞද්ධයින් විසින් සැලකිය යුතු නැත.
එහෙත් ගබ්සා කිරීම මීට පටහැණි ය. ගබ්සා
කිරීම යනු, ගැබ්ගත්
පසු එම ගැබ විනාශ කිරීමට
පියවර ගැනීම ය. ගැබ්ගැනීම යනු මව් කුස
දරුවකු පිළිසිඳගැනීම ය. එනම් ප්‍රතිසන්ධි විඤ්ඤාණය කුසට පිවිස, ප්‍රාණියකුගේ පැවැත්ම
ඇරඹීම ය. එවැනි ගැබක් විනාශ කිරීම
ප්‍රාණියකු විනාශ කිරීමකි. එහෙයින් එය
ප්‍රාණඝාතයකි.
කුමන හේතුවක් නිසා හෝ දරුගැබක් විනාශ
කිරීම බුදුදහමින් අනුමත කැරෙන්නේ නැත. සමහර අවස්ථාවක දරුගැබක්
විනාශ කොට නීතියේ රැහැනින් නිදහස් වීමට ඉඩ තිබිය හැකි ය. එහෙත් කර්ම
විපාකයන්ගෙන් මිදීමට නම් අවස්ථාවක් ලැබෙන්නේ නැත. කිසියම් ආකාරයක වධක චේතනාවක් නොමැති
ව, ගබ්සාවක්
කළ නොහැකි ය. දැනුවත් ව සිදු කැරෙන මෙවන් පාපයක විපාක අනිවාර්යයෙන් ම
කරන්නා පසු පස එනු ඇත.
දරු උපතක් සිදු වන්නේ දේව ප්‍රසාදය නිසා
නම්, දරුවා
දෙවියන්ගේ ප්‍රසාදයෙන් ලැබුණු
වස්තුවකි. එසේ නම් දරු උපත් වැඩි වීම
දෙවියන්ගේ ඉමහත් ප්‍රසාදය නිමා ම සිදු වන්නක් විය යතුª ය. දරු උපත් වැඩි වීම
නිසා ජනගහනය අධික වන හෙයින් මෙයත් දේව අභිමතය අනුව ම සිදු වන්නක් යැ යි
සමහරු සිතති.
පෙර කී පරිදි දරු උපතක් ඇති වීමට
දෙවියන්ගේ මැදිහත් වීමක් බුදුදහම නොපිළිගනී. ජනගහනය අධික වීමට
බලපාන සාධක රැසක් වේ. ජීවත් වීමට හිතකර කාලගුණික - දේශගුණිත පරිසරයක්
තිබීම, වෛද්‍ය
පහසුකම් ආදිය සුලභ වීම, එනිසා
සියලු ආකාරයේ මරණ අඩු වීම ආදි
නොයෙක් සාධක ජනගහන වර්ධනයට බලපායි.
ජනගහනය වැඩි වීම වර්තමානයේ උද්ගත වුණු
ප්‍රශ්නයක් ම යැ යි නිගමනය කිරීමට තරම්
ප්‍රමාණවත් සාක්ෂි නැත. පෙර අවධිවල ජනගහන ප්‍රශ්නයක් නොවී යැ
යි නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැත. පෙර අවධිවල ජනගහන ප්‍රශ්නයක්
නොවී යැ යි නිශ්චිත ව කීමට ඒ ඒ යුගයන්හි ජනගහන සංඛ්‍යා අපට සපයාගත හැකි ද? ව්‍යසනයන්ගෙන්
ජීවිතක්ෂයට පත් වුණු සංඛ්‍යා අප දැනගන්නේ කෙසේ ද?
දුර්භික්ෂ ආදිය නිසා විශාල පිරිස්
මිය-යෑමට එක් හේතුවක් නම් ජනගහනය අධික වීම විය නොහැකි ද? දියුණු ව්‍යාප්ත
වුණු ඉපැරණි ශිෂ්ටාචාර විනාශ වී ගොස් ඇත. ඒවාගේ ජනගහනය
සත්ත්වයින් ජීවත් වන්නේ පෘථිවියේ පමණක්
යැ යි සිතිය යුතු නැත. වෙනත් ග්‍රහලෝක ඇත. විශ්වයේ විවිධ ප්‍රතිසන්ධි
තල ඇති බව බුදුදහම පිළිගනී. කුසලාකුසල කර්ම අනුව ඒ ඒ ප්‍රතිසන්ධි තලවල
සත්ත්වයින් උත්පත්තිය ලබන බව බුදුදහම පැහැදිලි කරයි. ඒ ඒ සමයන්හිදී
සත්ත්වයින්ගේ කර්ම ශක්තිය අනුව පෘථිවියෙහි මිනිසත් බව ලබා උත්පත්තිය ලබන සංඛ්‍යාව
අඩු-වැඩි විය හැකි ය. නොයෙකුත් ප්‍රශ්න ඇති කරවන ජනගහන වැඩි වීම දෙවියන් වහන්සේ
විසින් සිදු කැරෙන්නේ නම්, මිනිසුන්ගේ
යහපත තකා උන් වහන්සේට ම එය පාලනය කළ
නොහැකි ද?
දුප්පත්,
ආහාර හිඟ රටවල ම ජනගහනය වර්ධන වීමට උන්
වහන්සේ සැලසුම් කරන්නේ
ඇයි?
මේ කිසිවක් දෙවියන් වහන්සේගේ සැලසුම් මත
සිදු වන ඒවා නොව, මිනිසා
විසින් ම සැලසුම්
කරගන්නා ඒවා ය. එනිසා ඒවාට මිනිසා විසින් ම සාධාරණ,
සදාචාරාත්මක වශයෙන් යෝග්‍ය
ප්‍රතිකර්ම සොයාගත යුතු ය. පවුල් සංවිධානය කිරීම එබඳු එක් යෝග්‍ය පිළියමකි.
මෛථුනයට,
ලිංගික සම්බන්ධතා පැවැත්වීමට මිනිසා නිජ
වශයෙන් ම නැඹුරුවක් දක්වයි. මේ
නැඹුරුව පාලනය කරනු නොලැබුණොත් සමාජයේ
නොයෙකුත් ප්‍රශ්න පැනනගිනු ඇත. එනිසා ආත්ම දමනය සියලු දෙනා
විසින් ම අනුගමනය කළ යුතු ය. ආධ්‍යාත්මික ගුණ වර්ධනයෙහි නියැලුණු අය
ආත්ම දමනය ප්‍රගුණ කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. එසේ නොකළ හොත් කාමාශාවන්
ආධ්‍යාත්මික දියුණුවට අනිවාර්යයෙන් ම බාධා පමුණුවනු ඇත. මෙය කළ හැක්කේ ඉන්ද්‍රිය
සංවරය, චිත්ත
දමනය මගිනි. එමගින් චරිතයේ විශාල වෙනසක් ඇති කොට සංවර පුද්ගලයකු බවට පත්
විය හැකි ය.
ආධ්‍යාත්මික ගුණ වර්ධනයෙහි පූර්ණ කාලීන
ව නිරත වන පැවිදි පිරිස් සියලු ලිංගික
සම්බන්ධතාවන්ගෙන් සම්පූර්ණයෙන් වැළකී
සිටිය යුතු බවට විනය නීති පනවා ඇත්තේ මේ
හේතුවෙනි. ගිහියන්ට මෙම නීතිය අදාළ නො
වේ. ඔවුන්ගෙන් අපේක්ෂා කැරෙන්නේ කාමයෙහි
වරදවා හැසිරීමෙන් වැළකී සිටීම ය. පැවිදි
වත සහ ගිහිවත අතර පුළුල් වෙනසක් ඇති බව
අමතක කළ යුතු නැත. ලිංගික අපචාරවලින්
සියලු දෙනා වැළකී සිටිය යුතු ය. එසේ
නොසිටියහොත් කායික-මානසික යන දෙඅංශයෙන්
ම දුකට පත් වීම නොවැළැක්විය හැකි ය.
මිනිසා තුළ සාමාන්‍යයෙන් කාමාශා ප්‍රබල
හෙයින් කම් සැප විඳීමෙහි දී ගිහි පිරිස
වුවත් කිසියම් සංයමයක් ඇති කරගත යුතු ය.
නැත හොත් මිනිසා තුළ සැඟවී සිටින තිරිසනා හිස එසවීමට ඉඩ ඇත.
එවිට මිනිස් සමාජයේ ලිංගික චරියාව තිරිසන් සමාජයේ ලිංගික චරියා බඳු
වනු ඇත. සමහර විටෙක ඊටත් වඩා තුච්ඡ විය හැකි ය.
ඈත අතීතයේදී මෙන් නොව, සංස්කෘතික වශයෙන්
බෙහෙවින් දියුණු යැ යි සැලකෙන වර්තමානයේ
කාමාශා සමනයට වඩා දැනවීමට යොමු වුණු
නොයෙකුත් ප්‍රචාරක කටයුතු, විවිධ
උපක්‍රම බහුලව උපයෝගී
කොට ගනු ලැබේ. මෙයින් උද්ගත වී ඇති අනිටු විපාක බොහෝ ය. කාමාශා සමනය කිරීම ඕනෑ
ම සංස්කෘතියක අනුගමනය කැරෙන මූලික ප්‍රතිපත්තියක් වූවත්, වර්තමානයේ සිදු වන්නේ එහි
කණපිට ය. එනිසා වර්තමානය ලිංගික ප්‍රශ්නවලින් අතිශයින් දූෂිත වී ඇත. තරුණියකට තබා
මැහැලියකට වත් අතවරවලින් මිදී සිටීම දැන් අසීරු වී ඇත. බිලින්දන් පවා කාමාතුරයන්ගේ
අතවරයට ලක් වන අවස්ථා බෙහෙවින් වැඩි වී ඇති බව විවිධ මාධ්‍යයන්ගෙන් දැනගන්නට
ලැබේ. වර්තමාන පිරිමියාගේ කාම තණ්හාව ඇවිස්සීමට එක්තරා දුරකට හෝ වර්තමාන සමහර
වනිතාවන්ගේ අසංවර ක්‍රියා කලාපයන් ද හේතු වී ඇතැයි පෙනේ. කාමාශා ඇවිස්සීමට රුකුල්
දෙන විලාසිතා, ඇඳුම්-පැලඳුම්, රංගන විලාස ආදියෙන්
වනිතාවන් වැළකී සිටීම වර්තමානයේ සිදු වන ස්ත්‍රී දූෂණ,
අපචාර ආදිය සුළු ප්‍රමාණයකින් හෝ අඩු
කිරීමට උපස්තම්භක
වනු ඇත
කාමාස්වාදය සඳහා එක්තරා ඍතුවක් අනුගමනය
නොකරන එක ම සත්ත්වයා මිනිසා විය යුතු ය. ඕනෑ ම වේලාවක, ඉඩ ලැබෙන ඕනෑ ම තැනක
ලිංගික ආස්වාදය ලැබීමට මිනිසා සූදානම් ය. මෙවන් නිජ ස්වභාවයක් ඇති
මිනිසාගේ කාමාශා ඇවිස්සීම ඉතා පහසු ය. මෙයින් වර්තමාන වෙළෙඳ ව්‍යාපාර ආදිය
අනිසි ප්‍රයෝජන ගන්නා අන්දම කා හටත් පැහැදිලි ය. මේ හේතුවෙන් වෙළෙඳ ව්‍යාපාර දියුණු
වන අතර ම සදාචාරයේ සෝදාපාළුව ද ශීඝ්‍රයෙන් සිදු වන බව එදිනෙදා පුවත්පත් බැලීමෙන්
පමණක් ම වුණත් දැනගත හැකි ය.
විවාහ ජීවිතයේ දී ලිංගික සම්බන්ධතා
වැදගත් ස්ථානයක් ගන්නා බව නොරහසකි. එහෙත්,
ඒ වැදගත්කමට ඕනෑවට වඩා
අවධාරණයක් දිය යුතු නැත. විවාහ ජීවිතයේදී ලිංගික අවශ්‍යතා බලෙන් යටපත් නොකළ
යුතු අතර, බලෙන්
ඇවිස්සිය යුතු ද නැත. අධික ලෙස කාමාශා තෘප්තිමත් ඛ්ල;මන් සිදු වන්නේ
කාමාශාවන්ගේ වහලුන් බවට පත් වීම ය. එයින් විවාහයේ පදනම ශක්තිමත් කරන
‘ආදරය’ පලුදු විය හැකි ය; අන්‍යොන්‍ය බැඳීම, සුහදතාව යටපත් විය
හැකි ය. ඒ නිසා කාමාස්වාදයේ
යෙදීමෙහිදී ද මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ය. විවාහය හුදෙක්
කාමාස්වාදය ලැබීමේ මාර්ගයක් බවට පත් කරගත යුතු නැත. බිරිය කම් සැප සපයන යන්ත්‍රයක්
සේ සැලකීම විවාහ ජීවිතයේ අත්තිවාරම බිඳදැමීමකි.
විවාහය වනාහි අඹු - සැමි වශයෙන් ස්ත්‍රිය
හා පුරුෂයකු අතර නීත්‍යනුකූලව, ජීවිතාන්තය
දක්වා පවත්වාගෙන යෑමට අපේක්ෂා කැරෙන
සම්බන්ධතාවකි. ඉවසීම, සහනශීලි
ගුණය, අවබෝධය ආදිය
මේ සම්බන්ධය ස්ථිරසාර කිරීමට ඉවහල් වන ගුණාංග ය. අඹු-සැමියන් ළං කිරීමට ආදර බැම්ම
ඉවහල් වන අතර, යහපත්
ආර්ථිකයක් තිබීම විවාහයේ ශක්තියට හේතු වේ. මේ අංශය ගැන සැමියා විශේෂයෙන් ම
අවධානය යොමු කළ යුතු ය. ආදරයෙන් පමණක් විවාහයක් නඩත්තු කළ නොහැකි ය. එහි
පැවැත්මට විවිධ භෞතික අවශ්‍යතා ද සපුරාලීම අත්‍යවශ්‍ය ය. ආත්මාර්ථකාමීත්වය
විවාහයට බාධාවකි. ‘ඔබේ’ - ‘මගේ යන හැඟීම වෙනුවට ‘අපේ’ යන හැඟීම දියුණු
කරගත හැකි නම් අඹු-සැමි දෙදෙනා අතර ඇති පරතරය හා අඬදබර බෙහෙවින් තුනීකොටගත හැකි
වනු ඇත. එවිට ඔවුනොවුන් අතර ‘රහස්’ පවතින්නේ
නැත; ඔවුනොවුන්
සැක කිරීමක් සිදු වන්නේ නැත; ඔවුනොවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් හට ගන්නේ නැත.
මෙවන් චර්යාවක් ඇති විට විවාහ ජීවිතය ප්‍රීතිමත්
වනු ඇත; විවාහ
ජීවිතය ගැන කලකිරී දුක් විඳීමට, පශ්චත්තාප වීමට සිදු නොවනු ඇත. විවාහ ජීවිතය අසාර්ථක වීම නිසා
සියදිවි නසාගැනීම්
පවා සිදු වන බව නොරහසකි. එහෙත්, බෞද්ධ උපදෙස් අනුව විවාහ ජීවිතය ගත කළ හොත් එබඳු දෙයක් ගැන
සිතීම පවා කිසිදාක අවශ්‍ය නොවන බව ඒකාන්ත ය.
ආචාර්ය පූජ්‍ය කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමි
2012 පෙබරවාරි නමස්කාර පුවත්පතෙහි පළ
වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment