එනම් :
දේවානම් පි‍්‍රයතිස්ස රජතුමා හත්තාලවක මෙහෙණවර සාදා සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේට පූජා කරන ලදී. සද්ධාතිස්ස රජුගේ වැඩිමහලු පුත් ලජ්ජිතිස්ස (බ.ව. 425 – 434) දවසද ඒ රජතුමා භික්‍ෂුණින් වහන්සේලාට අවශ්‍ය දේ සොයා බලා පූජා කළ බව සඳහන් වේ.
බු: ව: 467 – 482 කාලයේ රජකළ මහසිළු මහතිස් රජතුමා භික්‍ෂුණින් වහන්සේලා දොළොස් දහසකට තුන් සිවුරු පූජා කළ බවද සඳහන්ය.
වළගම්බා රජතුමා භික්‍ෂුණින් වහන්සේලාගෙන් බණ අසා පැහැදී භික්‍ෂුණින් වහන්සේලාට බෙහෙත් ආදි ද්‍රව්‍ය පූජා කළහ.
බු: ව: 552 – 564 කාලයේ රජ පැමිණි මහදැළිය මහා රජතුමා භික්‍ෂුණින් වහන්සේලාට කහවනු ලක්‍ෂයක් වැය කොට සිවුරු පූජා කළ බව සඳහන් වේ.
බු: ව: 684 – 698 කාලයේ රජ පැමිණි භාතිය තිස්ස රජතුමා භික්‍ෂුණින් වහන්සේලාට මහා දන් දුන් බව සඳහන් වේ.
බු: ව: 819 – 845 කාලයේ රජ කරන ලද මහසෙන් රජතුමා උතුරු අබාහෙබෙහි මෙහෙණවර දෙකක් කරවන ලදී.
බු: ව: 1040 – 1058 කාලයේ මුගලන් රජතුමා “රැජින” නම් මෙහෙණවරක් කරවා ජේතවන නිකායික භික්‍ෂුණින් වහන්සේලාට පූජා කළ බව සඳහන් වේ.
බු: ව: 1545 – 1560 කාලයේ රජ කළ සිව්වන මිහිදු රජු මහාමල්ලක
බු.ව. 1270 – 1276 කාලයේ රජ පැමිණි සිව්වන අග්බෝ රජතුමාගේ ජෙට්ඨා නමැති අග බිසව සිය නමින් මෙහෙණවරක් ඉදි කරවා එම ආරාමයට ගම් දෙකක් ද පුද කොට ඒ ගම් දෙකට නුදුරුව “බුද්ධ හෙල” නම් ගමක් ද ආරාමිකයන් (කැපකරුවන්) 100 යද දුන් බව සඳහන් වේ.
මිහිඳු නම් රජ ඔටුනු නොපැළදම බු.ව.1282 – 1285 කාලයේ රජය විචාරද්දි භික්‍ෂුණින් වහන්සේලාට සිය නමින් ආරාමයක් කරවා පූජා කරන ලදී.
බු: ව: 1411 – 1431 රජ පැමිණි පළමුවැනි මිහිදු රජතුමා රිදි මුවා බෝසත් රුවක් කරවා “සිලාමේඝ” නම් මෙහෙණවරක් කරවා භික්‍ෂුණින් වහන්සේලාට පූජා කරන ලදී.
පස්වන කසුප් රජුගේ පුත් සක් සෙනෙවියන්ගේ වජිරා නම් බිසව ශ්‍රී පාදස්ථානයෙහි මෙහෙණවරක් කරවා ථෙරවාද භික්‍ෂුණින්ට දුන් බව සඳහන් වේ.
බු: ව: 1457 – 1474 කාලයේ රජ පැමිණි 4 වන කසුප් රජතුමා “තිස්සරාම” නම් මෙහෙණවර ද මහින්දාරාම නම් මෙහෙණ වරක් ද කරවූ බව කුකුරුමහාදමන සෙල් ලිපියෙහි සඳහන් වේ.
මේ ආදි වශයෙන් තවත් බොහෝ කරුණු මහා වංශය පරීක්‍ෂා කර බැලීමෙන් භික්‍ෂුණි සමාජය උදෙසා පෙර රජ දරුවන් විසින් ඉටු කරන ලද රාජ්‍ය අනුග්‍රහය අවබෝධ කරගත හැකිය.
මේ ආකාරයට පෙර රජ දරුවන් භික්‍ෂුණි සමාජය වෙත චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලන්පස, යන සිව් පසයෙන් සංග්‍රහ කළා පමණක් නොව තම මව්වරු, බිසෝවරු, දියණිවරු මෙහෙණි සසුනේ පැවිදි කළහ. ඒ බවට උදාහරණ මහාවංශයේ සඳහන් වේ.
බු: ව: 1285 – 1288 දක්වා රජ කනර ලද අග්බෝ සලමෙවන් රජතුමා සිය දුවනිය මෙහෙණවරහි පැවිදි කළහ.
බු:ව: 467 – 482 කාලයේ රජ පැමිණි මකලන්තිස්ස රජතුමා තම මව් බිසව පැවිදි කරවා රජ මැදුරට නුදුරින් මෙහෙණවරක් කරවා පූජා කරන ලදී.
බු:ව: 1167 – 1172 රජ පැමිණි දෙටුතිස් රජ යුද්ධයෙන් පරදින බව වැටහුණු විට සිය මෙහෙසිය මතක් වී ඇයට පැවිදි වන්නටත් එසේ පැවිදි වී අභිධර්මය ඉගෙන ගෙන දේශනා කොට තමාට පින් දෙන්නටත් නියම කළේය. දේවියද රජු කී ලෙස කළාය.
දුටුගැමුණු රජුගේ සෙනෙවියකුගේ දියණියක වූ නාගා කුමරිය, කාවන්තිස්ස රජුගේ දියණිවරුන් වූ මහිලා හා සමන්තා යන රාජකුමාරිකාවනුත් ඒ රජුගේ පුරෝහිත බමුණාගේ දියණිවරුන් වූ දාසි ගිරිකාලි, සුබ්බපාසිකා, සංඛපාලි යන කුමරියත් පැවිදි වී භික්‍ෂුණි සමාජය බැබලවූ බව දීප වංශයේ සඳහන් වේ.
මෙරට භික්‍ෂුණී සමාජය ආරම්භ කරන ලද්දේ ද රජ බිසවක් වූ අනුලා දේවිය පැවිදි කිරීමෙන්ය.
එදා රජ දරුවන් මේ ආකාරයෙන් තමන්ගේ ඤාතීහු භික්‍ෂුණී ශාසනයේ පැවිදි කරවා සම්බුද්ධ ශාසනයේ ඤාතීන් බවට පත්විය. මේ ආකාරයට භික්‍ෂුණි සමාජය වෙත එවකට රාජ්‍ය පාලනය කළ සියලු බෞද්ධ රජ දරුවන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය ලැබුණු බැවින් එදා භික්‍ෂුණි සමාජය ඉතා දීප්තිමත්ව පැවැති බව පෙනේ. ඒ සඳහා සාධකද අපට වංශ කථාවලින්ම සොයා ගත හැකිවේ.
මෙහෙණි සස්න පිහිටුවා සියවස් එකහමාරක් පමණ ගතවන විට ලංකාවේ ලක්‍ෂ ගණනින් භික්‍ෂුණින් වහන්සේ වැඩ සිට ඇත. දුටු ගැමුණු රජතුමා විසින් පවත්වන ලද මහාථූප පූජෝත්සවයට භික්‍ෂුණීහු දාහතර දහසක් සහභාගි වූ බව මහා වංශයේ 18 වන පරිච්ඡේදයේ 69 වන ගාථාවේ සඳහන් වේ. එම චෛත්‍යයෙහි මංගල ශිලා පිහිටුවීමට දඹදිව දෙව්රම් වෙහෙරින් වැඩම කළාවූ පියදස්සි රහතන් වහන්සේගෙන් බණ ඇසූ තුදුස්දහසක් භික්‍ෂුණීහු රහත් වූ බව එම පරිච්ඡේදයෙහිම සඳහන්ව ඇත. මිරිසවැටි චෛත්‍යයේ කොත් වහන්සේ පලඳවන පූජෝත්සව අවස්ථාවේදී රැස්වූ පිරිස් අතර භික්‍ෂුණින් වහන්සේ අනුපන්දහසක් සිටි බව ථූපවංශයේ සඳහන් වේ. අනුරාධපුර මහා විහාරයේ වැඩසිටි භික්‍ෂුණින් වහන්සේලා එහි සිට විනය ග්‍රන්ථ පහ හා අභිධර්ම ග්‍රන්ථ හත ඉගැන්වූ බව දීපවංශයේ 18 වන පරිච්ඡේදයේ 14 වන ගාථාවේ සඳහන් වේ.
අභිධර්මය අධ්‍යයනය කෙරෙහි භික්‍ෂුණීහු රුචියක් දැක්වූ බව පෙනෙන්නට ඇත. වළගම්බා රජු දවස භික්‍ෂුණීන් විසි දහසකට ප්‍රධාන වූ උත්තරා නම් මෙහෙණිය ත්‍රිපිටකය උගන්වා ඇති බව දීප වංශයේ 18 පරිච්ඡේදයේ 19 –20 ගාථාවල සඳහන්ව ඇත. දෙවන පෑතිස් රජු දවස විසූ මහදේවි, පදුමා, හේමා යන භික්‍ෂුණීහු විනය ඉගැන්වූ බව දීප වංශයේ සඳහන් වේ.
ත්‍රිපිටකය ආරක්‍ෂා කර ගැනීම, මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන යාම කෙරෙහි භික්‍ෂුණී සමූහයා උනන්දු වූ බව වංශ කථා අපට කියයි. ඇතැම් භික්‍ෂුණීහු මේ අත්භවේදිම සසර දුකින් මිදෙනු සඳහා උට්ඨාන වීය¸යෙන් මහණදම් පිරුවාය.
මහින්දාරාම නම් මෙහෙණවර ඉදිරිපිට ආරෝග්‍යශාලාවක් වූ බව දහවන සියවසට අයත් කුකුරුමහන්දමන ටැම් ලිපියේ සඳහන්වේ.
භික්‍ෂුණින් වහන්සේ මේ ආරෝග්‍ය ශාලාවල ලෙඩුන් සුවපත් කිරීමේ කාර්යන් හි නිරතව සිටියාය. මෙම කරුණුවලින් අපට පෙනී යන්නේ භික්‍ෂුණින් වහන්සේලා ශාසනික වශයෙන් ලබා ගන්නා ලෝකෝත්තර විමුක්තිය කෙරෙහි මෙන්ම සමාජය සැපවත් කරලීමේ කාර්යේ ද යෙදී සිටිය බවයි. එපමණක් නොව, දේශ දේශාන්තරයන් හි භික්‍ෂුණී ශාසනයත්, බුදු දහමත් ව්‍යාප්ත කිරීමට එදා භික්‍ෂුණින් වහන්සේලා කටයුතු කරන ලදහ.
බු: ව: 954 – 975 රජ පැමිණි මහානාම රජතුමාගේ කාලයේ “නන්දි” නමැත්තෙකු සමග මේ රට ථෙරවාද භික්‍ෂුණීන් වහන්සේ අට නමක් චීන කාන්තාවන් උපමසම්පදා කරනු පිණිස සුවාංචියා චීන රජුගේ දෙවන වර්ෂයේ දී එරටට වැඩම කර එහි භික්‍ෂුණී සමාජය පිහිටවන ලදී. චීන රටේ “භික්‍ෂුණී අපදාන” නමැති පොතෙහි ද එය සඳහන්ව ඇත.
මේ ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබ ඉතා දීප්තිමත්ව පැවතුන අප රටේ භික්‍ෂුණී සමාජය සොලී ආක්‍රමණ ආදී නොයෙකුත් ව්‍යසන හේතුවෙන් අතුරුදහන් විය.
මෑත යුගයේ දැනට වර්ෂ 13 කට පමණ පෙර අප රට තුළ නැවත භික්‍ෂුණී සමාජය ආරම්භ විය.
ථෙරවාද භික්‍ෂුණී සම්ප්‍රදායට අයත් විනය නීති ආරක්‍ෂා කරමින්, තම ආධ්‍යාත්මික දියුණුව සඳහා වීර්යයෙන් යුතුව භාවනා වඩමින්, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මත්, බෞද්ධ ජනතාවගේ ලෞකික ලෝකෝත්තර දියුණුවත් උදෙසා නිහඬ සේවාවක යෙදී වැඩ වාසය කරති.
රත්විට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිශාස්ත්‍රපති මිහිරිපුර ධම්මප්‍රදිපා භික්‍ෂුණිය
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
|
No comments:
Post a Comment