Labels

Friday, December 29, 2017

පින්බර චුති සිත දෙව්ලොව උපත ගෙනෙයි


 මනු ලොව දී නිවනින් සැනසෙන්නට උත්සාහ නොදරා වෙනත් පිනක බල මහිමයෙන් මෙලෙස දෙව් ලොව උපත ලබන පින්වත් අය ද සිටිති. ඔවුහු දිව්‍ය සැප සම්පතින්, දිව්‍ය කාමයන්ට මුසපත්ව, නන්දන වනයට පිවිසෙමින් දෙවි දේවතාවුන් පිරිවරාගෙන ප්‍රීතියෙන් කාලය ගෙවති. ඇතැම් අය තමන්ගේ පින ගෙවී අවසන් වෙද්දී දිව්‍ය ලෝකයෙන් චුතව නැවත සතර අපායගාමී වෙති."

කවර ආගමක, කවර දෘෂ්ඨියක සිටිය ද, අසරණයෙකුට අනුකම්පාවෙන්, කරුණා පෙරදැරි ව උදවු උපකාර කිරීම පින්කමකි. මෙවැනි පින්කම්වල නියැළෙන ඇතැම් පිරිස් රැස් කරගන්නා පිනේ මහිමයෙන් සුගතියක උපත ලබයි. ඇතැම් විට දිව්‍ය තලවල පවා උපත ලබන්නට භාග්‍ය ලබයි. නමුත්, ඒ අය දෘෂ්ටි වශයෙන් සම්මා දිට්ඨියක් තුළ උපත ලබා නැහැ. එවැනි දෙවිවරුන්ට දෙව්ලොව දී ධර්මය ඇසුණ ද, ඒ අය ධර්ම මාර්ගයට යොමු වන අවස්ථා දුලභ ය. එහෙත් ඔවුහු සැප සම්පත්වල, දිව්‍ය කාමයන්හි මුසපත් වී විනෝදයෙන් සතුටෙන් ජීවිත ගත කරති. එවැනි දෙවිවරු චුත වන්නේ කෙසේද? යන්න බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.

‘මහණෙනි, බොහෝ දෙවිවරු පෙර පිනේ මහිමයෙන් දෙව් ලොව උපත ලබති. විමාන වත්ථුවෙහි සිය ගණනක් කතා අතර ඇත්තේ පෙර පින් මහිමයෙන් දෙව් ලොව උපත ලැබූ දෙවිවරුන්ගේ කතා පුවත් ය. එහි එක්තරා පින්වන්තියක්, මුගලන් මහ රහතන් වහන්සේට මෙලෙස පවසා ඇත. “ස්වාමීනි,

දිවි මඟට අත්‍යවශ්‍ය ප්‍රත්‍යක්ෂ ඤාණය ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

ධර්ම මාර්ගයතුළ යමක් අසන්නේ ද, එය මැනවින් සිතේ දරාගෙන එහි වෙසෙමින් දැනීමට පමණක් සීමානොකොට ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කෙටගෙන ම ඉදිරියට යා යුතු ය."
මෙම දහම් කතාව කියවන හැම කෙනෙකුට ම බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයේ දී පිළිවෙළින් තමන් වහන්සේ අවබෝධ කරගෙන පැමිණි ගමන පිළිබඳව අවබෝධයක් ඇතිකර ගත හැකියි.
මේ සූත්‍ර දේශනාව කියවා සිතින් අමතක නොකොට අපගේ ධර්ම මාර්ගයට එකතුකරගත යුතු කුමක් දැයි සිහිපත් කළ යුතුයි. මුල පටන් ම ඇති කරගත් අවබෝධයෙන් නිවන් මඟ ගමන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ ශ්‍රද්ධාවට පමණක් සීමා නොවී තමන් විසින් ම ප්‍රත්‍යක්ෂ කොටගෙන ම ඉදිරියට යා යුතු බව මේ ධර්ම කතාවෙන් පැහැදිලියි.
බොහෝ පිරිසක් ඇසූ දහම් කරුණු මතකයේ තබා ගනිමින්, තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කර නොගනිමින් ඉදිරියට යෑමෙන් ධර්මයේ සැබෑ ප්‍රතිඵල නොලැබෙන බව පැහැදිලියි. මේ නිසා පිළිවෙලින්

අනුපුබ්බ සික්ඛා
අනුපුබ්බ කිරියා

අනුපුබ්බ පටිපදා යනුවෙන් ධර්මයේ පැහැදිලි කරන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. එනම් අනුපූර්ව ක්‍රමයෙන් ම අප ඉදිරියට ගමන් කළ යුතුම ය. ආර්ය පර්යේෂණ සූත්‍රයෙන්, බෝධිසත්වයන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙන් අපගේ ජීවිතවලට ද එකතු කර ගත යුතු වූ දහම් උපදේශය එයයි.
ධර්ම මාර්ගය තුළ යමක් අසන්නේ ද, එය මැනවින් සිතේ දරාගෙන එහි වෙසෙමින් දැනීමට පමණක් සීමානොකොට ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කෙටගෙන ම ඉදිරියට යා යුතු බව මේ අනුව පැහැදිලි ය.

කෙලෙස් සතුරන් නැති කළ සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 12


" අපගෙන් යමක් පැහැර ගන්නේ සතුරෝ. ඒ වගේ අපේ කුසල් සිත, අපේ හොඳ හිත, අපේ පින් හිත, අපේ ශ්‍රද්ධා සිත පැහැර ගන්නවා. කවුද? අශ්‍රද්ධාවත් සතුරා. අපේ වීර්යය පැහැර ගන්නවා කවුද? කුසීත නමැති සතුරා. අපේ ඒකාග්‍රතාවය පැහැර ගන්නවා. උද්ධච්චය නමැති සතුරා. ඔය විදිහට ගත්තහම කෙලෙස් සතුරෝ තමයි අප විනාශ කරන්නේ."

එක් එක් ඉතිහාස කතාවන් හි සඳහන් පරිදි අපේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට කතා කරන්නේ වසලයා කියා යි. වසලයා කියා කතා කරනවිට මිනිසුන් කළකිරෙනවා. ඉන් පසුව චෝදනාවක් ලෙසින් මේ කාරණය බුදුපියාණන් වහන්සේ ළඟටත් ආවා. තථාගතයන් වහන්සේ මහා සංඝ රත්නයට මතක් කළේ ‘ඔය පිලින්දවච්ඡ මීට ආත්ම පන්සීයක් එනම් එක දිගට ම ආත්ම පන්සීයක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ තේජස නිසා ඒ කාලයේ මිනිස්සුන්ට කතා කර තියෙන විදිහ ‘වසලය, වසලයා’ කියා යි. ඒ අතීත පුරුද්ද තමයි අදටත් එන්නේ. ඒවා කෙලෙස් සිතෙන් මතුවෙන වචන නෙමෙයි පුරුද්දට කියවෙන වචන යි.


දැන් එහෙනම් බලන්න, බුදුපියාණන් වහන්සේත් එවැනි වචනයක් කිව්වොත් කොහොම වෙයි ද? බුදුරජාණන් වහන්සේට ඒ වාගේ සසර පුරුදු නැහැ. ඒ වාගේ සසර පුරුදු තිබුණොත් මිනිස්සු කළකිරෙනවා. එතකොට මිනිස්සු ප්‍රසාදයට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ සසර පුරුදු නැති කළා.

මධ්‍යස්ථව ඉවසිය යුතු දුක සහ සැප

" සද්පුරුෂයන් සැප විඳින කාලයේදීත්, දුක් විඳින කාලයේදීත් ශාන්තව සිටියි. කලබලයට පත් නොවේ. නුවණැති සද්පුරුෂයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සෑම දෙයක් කෙරෙහි ම ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන් ම ය. සිතේ එක් ආශාවක් තබාගෙන වචනයෙන් තව එකක් නො කියයි. දුකක් වුවත්, සැපයක් වුවත් ඉවසා ගැනීමට ඒ නුවණැත්තන්ට හැකි ය."
වේරඤ්ජ නම් බ්‍රාහ්මණ ගමකි. එහි ගම් ප්‍රධානියාගේ නාමය ද වේරඤ්ජ විය. පන්සියයක් භික්ෂුන් වහන්සේ සමඟ අප භාග්‍යවතුන් වහන්සේ වස් කාලය ආසන්නයේ වේරඤ්ජ ගමට වැඩි සේක.

වේරඤ්ජ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා තිබුණේ වැරැදි, අභූත, අසත්‍ය කරුණු ය . එනිසාම මේ බමුණාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදීමක් හට ගෙන තිබුණි.


වස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ ගමට වැඩි අවස්ථාවේ දී බ්‍රාහ්මණයා තමා පිළිගෙන තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසී ය. ඔහුට ලැබුණ පිළිතුරුවලින් පැහැදීමට පත් ඒ බමුණා තෙරුවන් සරණ ගියේ ය.
”භාග්‍යවතුන් වහන්ස, මේ එළඹෙන්නේ වස්සාන කාලය යි. ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වේරඤ්ජ ගමේ වස් සමාදන් වේ නම්, එය අපට මහත් වූ යහපතකි.”බමුණා කළ ආරාධනය භාග්‍යවතුන් වහන්සේ පිළිගත් සේක.
නමුත් සිදුවූයේ නො සිතූ දෙයකි. තමන් විසින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට වස් විසීමට ආරාධනා කළ බව ඒ තුන් මස පුරාවටම මාරයා සිත වැසීම නිසා වේරඤ්ජ බ්‍රාහ්මණයාට අමතකව ගියේ ය. දානය නො මැති නිසා භික්ෂුන් වහන්සේ දින ගණන් නිරාහාරව සිටිය හ. භික්ෂූන් වහන්සේලා අශ්ව වෙළෙඳුන් සමූහයක් නවාතැන් ගෙන සිටි ස්ථානයකට පිඬුසිඟා වැඩ එහි දී ලැබුණ යව හාල් වතුරෙන් පොඟවා කොටා මී පැණි මිශ්‍රකොට වැළඳු හ.

පුද්ගල විවිධත්වය

ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ දේශනා කළාවූ ශ්‍රී සද්ධර්මය සරවකාලීන වූ දහමක් වේ. උන්වහන්සේ පුද්ගල ස්වභාවය අධ්‍යයනය කරමින් ධර්මය දේශනා කළ සේක.අඳුරෙන් අඳුරට යන පුද්ගලයන්ද, අඳුරෙන් එළියට යන පුද්ගලයන්ද සිටින බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පුද්ගල ස්වභාවය අනුව යම් යම් උපමාවන් භාවිත කරමින් ධර්ම කාරණා පැහැදිලි කළ අවස්ථාවන් දක්නට ලැබේ. ඇතැම් දිනවල ගොරවනවා මිස එක වැහි බිඳුවක් වහින්නේ නැත. අහසට සාප කරන ඇතැම් පුද්ගලයන්ද ගර්ජනා කරනවා මිස ප්‍රතිපලදායක වැඩක් කරන්නේ නැත. කතාව පමණ ය. වැඩක් නැත. කතාව දෝලාවෙන් ගමන පයින්ය. ගර්ජනා කරන වැහි වළාකුළු මෙන්ය. ඇතැම් වළාකුළු ගර්ජනා නොකළ ද වර්ෂාව ලැබේ.

නමුත් අප එම වැස්සට කැමැති නැත. ඇතැමුන් ගර්ජනා නැති වුව ද කළ යුතු කාර්යභාර්ය ඉෂ්ට කරන පුද්ගලයන් බව මතක තබාගත යුතු ය. ඔවුන් කළ යුතු කාර්ය කරන, වැඩිය යුතු දෙය වඩන, සාක්ෂාත් කළ යුතු දෙය සාක්ෂාත් කරන, අවබෝධ කළ යුතු දෙය අවබෝධ කරගන්නා පුද්ගලයන් ය. එවැනි පුද්ගලයන් ලෝකයට නොපෙනෙන නිසා ප්‍රයෝජනයක් ලබාගැනීම ද අපහසුය.
කැලයට පිපුණ මල් මෙන්ය. මානව සම්පත කළමනාකරණය කිරීමේ දී එවැනි පුද්ගලයන් පිළිබඳ සැලකිළිමත් විය යුතු ය. ගොරවන්නේත් නැති ,වහින්නේත් නැති වැහිවළාකුළු ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඇතැම් පුද්ගලයන් ශබ්දයක් නැත. වැඩකුත් නැත. පෙනෙන්න මොකුත් ඇත්තේ ද නැත.

බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැත

‘එවමෙව ඛො රාහුල, යස්ස කස්සචි සම්පජාන මුසාවාදෙනත්ථි ලජ්ජා, නාහං කස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි’
පින්වත්නි,

අද ධර්මදේශනාවෙන් ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේ සැට එක් වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ සඳහන්වන වැදගත් කාරණයක් පිළිබඳවයි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍රයක්. රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව අප කවුරුත් හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ යසෝධරා දේවිය තම සත් හැවිරිදි පුතු රාහුල කුමරුට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී උන්වහන්සේගෙන් තමාට හිමි දායාදය ඉල්ලා ගන්නා ලෙස කියා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. තම උරුමය ඉල්ලා සිටි රාහුල කුමාරයාට දිය හැකි උතුම්ම දායාදය හිමිකර දීම සඳහා ඔහු පැවිදි කරවන ලෙස සැරියුත් හිමියන්ට නියම කළා. ඒ වන විට බුදු සසුනේ පැවිදිව සිටි විසිදහසක් පමණ වූ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කළ අයයි. යමෙක් තමාට පැවිදිවීමට අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට තමන් වහන්සේගේ 

Wednesday, December 27, 2017

තිසරණ සරණේ මහිම ය

අප රටේ රුහුණු ජනපදයේ සිය ජීවිකාව ගැල් කර්මාන්තය කරගත් එක් පුද්ගලයෙක් විසී ය. ඔහු දිනක් සහලින් පිර වූ කරත්තයක, නැග දුරු රටකට ගමන් කරමින් සිටියේ ය. ගැල ඇදගෙන ගියේ මහදත්ත නම් වූ ගවයකි. ගැඹුරු මඩ සහිත තැනක දී ගැල මඩෙහි එරුණි. මහදත්ත ගැල ඇදීමට මහත් වෙහෙසක් ගත්තේ ය. වෑයම අසාර්ථක විය. ගැල් හිමිකරුවා ගවයාට මෙසේ කීවේය. “නුඹ මේ ගැල අද ගොඩට අඳින්නේ් නම්, මින්පසු කරත්තයෙහි නුඹ නො බඳින්නෙමි”.
එය ඇසූ මහදත්ත උත්සාහයෙන්, වීර්යයෙන් ගැල අඳින්නට විය. හය වරක් උත්සාහ කළේ ය. එහෙත් මහලු බව නිසාම ගැල ඇදගත නො හැකි විය. සත්වෙනි වාරයේ දී වේගයෙන් ගැල ඇදීමේ දී ගවයා බොහෝ දුර්වල විය. එතැනම වැටුණේ ය. ගැල්කරු මහදත්ත එහි හැර දමා අන් ගවයෙකු ගැලෙහි බැඳ යන්නට ගියේ ය.
මරණාසන්න මහාදත්ත අසලින් එක්තරා වළං සාදන්නෙක් ගමන් කළේ ය. ඔහු ගවයා ජීවත් ව සිටියදී ම සම ගලවාගෙන මැටි ඇනීම පිණිස ගෙන ගියේ ය. තූර්ය භාණ්ඩ සාදන්නෙක් වීණාවක් සෑදීමට ගවයාගේ නහර කපාගෙන ගියේ ය. ඒ අසලින් ගිය වැද්දෙක් සුනඛයාට යැයි කියා ගවයාගේ මස් කපාගෙන ගියේ ය. අසළින් සිටි සුනඛයෝ වැටී සිටි ගවයාගේ මස් ඉරාගෙන ආහාරයට ගත්හ. මෙසේ ඒ ගවයා බොහෝ සේ දුකට පත් විය.

බුදු දහමේ මානව සම්පත් කළමනාකරණය

තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ ජීවමාන සමය තුළ ප්‍රායෝගිකව ගොඩනැඟූ ශාසනයෙහි මානව සම්පත කළමනාකරණය කිරීමේ දී කුලය, ජාතිය, වර්ගය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය සමාජ ස්වභාවයන් හේතු කොටගෙන උසස් හෝ පහත් ලෙස නොසැලකීම විශිෂ්්ට ලක්ෂණයක් විය. මානව සම්පත නිවැරැදිව යොදාගැනීමට සිතන ඕනෑම පුද්ගලයෙකු විසින් එම දාර්ශනික පදනම නිවැරැදිව හඳුනා ගත යුතු ය. මෙවැනි කාරණාවන් දෙස බැලීමෙන් තථාගත ධර්මය මානව සම්පත කළමනාකරණය කළ ආකාරය පැහැදිලි ය.
බ්‍රාහ්මණ කුලය මත ලබාදෙන තනතුර හෝ පවරන කාර්යය තථාගත දේශනාවෙහි අන්තර්ගත වී නැත. ක්ෂුද්‍ර කුලයෙන් පැමිණිය ද යන්න තීරණය වී නැත. ගංඟා හතරෙහි ම ජලය මුහුදට පැමිණි පසු එකම ලවන රසයෙන් යුක්ත ය.

ප්‍රඥාවෙන් අගතැන් සැරියුත් මහ රහතන් වහන්සේ

ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි වූයේ සැරියුත් මහරහතන් වහන්සේ ය. වංගත බමුණාගේ සහ රූපසාරී බැමිණියගේ පුත්‍ර රත්නයක් ලෙස ඉපදුණි. සාරී බැමිණියගේ පුත්‍රයා වූ බැවින් සාරිපුත්ත යන නමින් ප්‍රකට විය.
උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේ ය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පද ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ ය.
ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.
“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙකෙකුහට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳීන් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවී ය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන්ගේ දකුණත් සව් තනතුර දැරුවේ ද, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහපත් දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය.

සදහම් දැනුම


ප්‍රශ්නය – පරිසරය පිළිබඳව බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින් ප්‍රායෝගික ය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් ම දහම් පාසලේ දී ගුරු ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමුකළ යුතු ය. වාතය (සුළඟ) දූෂණය වළක්වා ගැනීම සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණු පැහැදිලි කරන්න.
පිළිතුර – (චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ)
දෛනික ජීවිතයෙහි දී වාතය දූෂණයෙන් වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දූවිලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු. ඉදින් පැසීම් දිගට, උතුරු දිගට දකුණු දිගට, උණුසුම් කාලයක නම් (වාකවුළු) ජනෙල් වසා තබා රාත්‍රී විවෘත කළ යුතු ය. ශීත කාලය වී නම් රාත්‍රිය ද වසා තැබිය යුතුය. දවල් විවෘත කළ යුතු ය. නිවහන සහ වටාපිටාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙසේ සඳහන් වෙයි. ඉඳින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළි කසළ සහිත වී නම් එය නැමැදිය යුතුය. එසේම දොරකොටුව, උවටැන්හල, ගිනිහල, වැසිකිළිය පැන් නොවී නම් පැන් එලවා තැබිය යුතු ය. වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි ජලය නොවේ නම් එහි ජලය පුරවාලිය යුතු ය.

පාපයෙන් අඳුර කුසලයෙන් ආලෝකය ( මහා කපි ජාතකය )


බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් විසින් උන්වහන්සේට ගල් පෙරලීමේ පුවත පසුබිම්කරගෙන මෙම මහා කපි ජාතකය දේශනා කොට වදාළහ.

දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර ඒ සියල්ල අසාර්ථක විය. අනතුරුව ගිජු කුළු පව් පා මුල සක්මන් කරන බුදුරදුන් ඝාතනය කිරීමෙහිලා උන්වහන්සේගේ හිස මතට ගලක් පෙරලී ය. දෙව්දත් තෙරුන්ගේ එම ව්‍යායාමය අසාර්ථක වූ හෙයින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර ඒ පිළිබඳ කතිකාවක් හටගත්තේ ය. දම්සභා මණ්ඩපයේ ඇති වූ සාකච්ඡාව දැනගත් බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව අතීත භවයන්හි ද එසේ කළේ යැයි දක්වමින් අතීත කථාව ගෙනහැර දැක් වූහ.



පෙර භවයක

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා වන ලැහැබක වඳුරෙකු ව උපන්නේ ය. එකල, එක්තරා ජනපද වැසි ගොවියෙකු තම කුඹුරෙහි සී සා ගවයන් මුදාහැර නියර බඳීමින් සිටියේ ය. බැම්මෙන් නිදහස් වූ ගවයෝ නිදැල්ලේ තණ කමින් මහා වනය දෙසට ගමන් කළහ. ටික වේලාවකින් ගොවියා තම කටයුතු නිමකර ගවයන් ගැන සොයා බලන්නේ උන් කිසිවෙක් එහි නොමැති බව දැන, ගවයන් සොයමින් වනය දෙසට ගමන් කළේ ය. වනයෙහි ඇතුළට වන් ගොවියා එහි අතර මං වූවේ ය. ආ අත හෝ ගිය අත සොයා ගැනීමට නොහැකිව මංමුලා වූයේ කැලෑවෙහි ඒ මේ අත ඇවිද්දේ ය. බඩගින්නෙන් හා පිපාසයෙන් දැඩි ලෙස පෙළුණු ගොවියා ඵල බර එක් තිඹිරි ගසක් දැක එයට නැඟ සිත් සේ තිඹිරි ගෙඩි කඩා කෑවේ ය. තිඹිරි ගෙඩි කඩා කමින් ගස මත සිටින ගොවියා එක් දිරාගිය අත්තක පය තැබීමේ හේතුවෙන් එය බිඳීගොස් ඒ අසල තිබූ මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ය. එයින් ගොඩ ඒ ගත නොහී දින දහයක් ප්‍රපාතයේ සිර වී සිටියේ ය. එක් දිනක බෝසත් වඳුරා තිඹිරි ගෙඩි කෑම සඳහා එහි පැමිණි අතර පහළ ප්‍රපාතයේ වේදනාවෙන් කෙඳිරිගාන මිනිසෙකුගේ හඬ අසා ඒ දෙස බැලී ය.

පරණ හණ මිටි තවමත් කර තබාගෙන ද?


" එහෙත් ඔහු ඊට එකඟ නොවී ය. ඔහු කීවේ තමන් මේ සා කාලයක් විශාල පිරිසකගේ ගුරුවරයෙක්ව සිට, ඒ තත්ත්වය නැති කරගෙන ශිෂ්‍යයකුගේ තත්ත්වයට පැමිණීමට නොහැකි බව ය. හැලියක් වී සිට හැන්දක් වීමට නොහැකි බව ය. එය තමන්ට මදිකමක් වන බව ය. "
ඒ, මානස නම් වූ මනහර විලකි. එහි ස්වර්ණ හංසයෙක් විය. දිනක්, මේ හංසයා ගමනක් යන අතරේ එක් ගසෙක අත්තක වැසුවේ ය. මොහොතකින් එහි කණ කොකෙක් ද ආවේ ය. දෙදෙනා කතා බහට වැටුණි.
“ඔබ ඉන්නේ කොහේද?”
කණ කොකා ස්වර්ණ හංසයාගෙන් ඇසුවේ ය.
“මාගේ වාසස්ථානය අර ඈත තිබෙන මනරම් මානස විලය. එහි රිදීවන් දිය දහරය. නේක වර්ණ පුෂ්පයෝ ද වෙති. සුදුවන් වැලි තලාවෙන් වටවී ය. වටපිටාව ද මල් ගසින් වට වී ය. ‘බොහෝ සුවඳවත් ය’ ස්වර්ණ හංසයා අපූර්ව වර්ණනාවක් කළේ ය. “ඔය විලේ මඩකරියන් එහෙම නැති ද?” නිදිමත ගතියෙන් සිටි කණකොකා ඇසුවේ එපමණකි. හංසයා ගැන හෝ, ලස්සන විල ගැන හෝ දැන ගන්නට කොකාට ආශාවක් නොවී ය. ඇවැසි වූයේ මඩකරියන් ගැන දැන ගැනීම පමණ ය.
සමාජයේ සමහර මිනිස්සු ද එවැනි ය. නොවටිනා දේ පසුපසම යන්නෝ ය. ලබා ගන්නට වෙහෙසෙන්නෝ ය. ඒ සඳහා යන මග ද වැරැදි ය. ක්‍රම ද වැරැදි ය. ජීවිතය ලස්සන කරන දේට වඩා අවලස්සන දේ පසුපසම යන්නෝ වැරැදි දේ ම තෝරා ගන්නෝ ය.

දෙව් ලොව - බඹ ලොව ධර්මය බහුල යි

බුදුන් වහන්සේ වදාළ සේ මනු ලොවට ආසන්නව ම දිව්‍ය කොටසක් සිටී. ඒ ගහ කොළ, කඳු පර්වතයන් ආදී මිනිස් ලොව ඇසුරු කරමින් ඉහළ අහස් තලයේ ජීවත්වන දෙවි දේවතාවුන් ය. ඒ අය හඳුන්වන්නේ භූමාටු දෙවියන් නමිනි. බුදුරජණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන් මුලින් ම ‘බුම්මානං දේවානං සද්ධං සුත්වා චාතුර් මහා රාජිකා දේවා සද්ධ මනුස්සා වේසුං’ යනුවෙන් ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ හ¾ඩ රැව් පිළිරැව් දී ඉහළ අහස් තලය සිසාරා අකනිටා බ්‍රහ්ම තලය දක්වා දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා.

පොළොව ආශ්‍රිත දේවතාවන්ගේ ආයුෂයන්හි යම් අඩු වැඩිකම් තිබුණ ද ඊට ඉහළින් පිහිටා ඇති චාතූර් මහා රාජිකයේ දිව්‍ය ආයුෂ එකම මට්ටමක පවතී. මනු ලොව වර්ෂ පනහක් චාතූර්මහා රාජිකයේ එක් දිනයක් ලෙස ගෙවී යයි. එනම්, මනු ලොව අවුරුදු පනහක් චාතූර්මහා රාජිකයේ දෙවියන්ට එක් දවසක් වෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, මනු ලොව වසර දෙදාස් පන්සිය හැට එකක් අවසන් වෙද්දී එය චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට දින පනස් තුනක් වෙයි. ඒ අනුව චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට මාස දෙකක්වත් නැතිවා වගෙයි. ඒ මඟ ඵල ලාභී දෙවිවරුන්ට බුදුන් වහන්සේ ළඟ ළඟ ම පිරිනිවන් පෑවා සේ දැනී යයි.

නොහඬා සිටීමට නම්

බුද්ධාදී උතුමන්ට ජීවිතය පිළිබඳව කිසිම ආශාවක් නැහැ. උන් වහන්සේ තම ආයුෂ ගෙවෙන තුරා ශාසන ප්‍රතිපත්තිය දියුණු කළා. බහුලව ම නිරෝධ සමාපත්තියෙන් තමන් අවබෝධ කරගත් නුවණට සම වැදුණා. ඒ නිර්වාණය බොහොම වැදගත්.


එය මඟ ඵල ලාභී උත්තමයන්ට මිස වෙනත් කිසිවකුට නොලැබුණ සම්පතක්. මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිවන, පූර්ණ සඳ මඬල අහසේ පායනවා සේ අසිරිමත් වූවා. උන්වහන්සේගේ සියලු ම පාපයන් දුරු ව ගියා. නැවත නූපදින තත්ත්වයට සිත සකසා ගත්තා. දස සංයෝජනයන් මුළුමනින් ම ඉවත්ව ආශ්‍රවයන් නැතිව ගියා. රහතන් වහන්සේගේ සන්ථානය බොහොම පිවිතුරුයි. කෙලෙසුන්ගෙන් නිරුද්ධ වූ උන්වහන්සේ අහසේ පාවෙනවා සේ සැනසුමේ සුවයෙන් වෙසෙනවා. ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන ආදී පාපයන් කිසිවක් නොමැති වූ රහත් උතුමෝ මෙලෙස සුවිශේෂී තත්ත්වයට පත් වුණා

එබඳු දිවි මඟට පත්වන්න කවුරුත් වෑයම් කළ යුතු යි. ඒ සඳහා නිබඳව ම දන් පින් පුරමින් සිල්, භාවනා වැඩිය යුතුයි. විශේෂයෙන් ම ගුණ ධර්ම දියුණු කළ යුතු යි. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති ආදිය අංග සතර දියුණුවෙන් සෝවාන් ආදී මාර්ග ඵල ධර්මයන් අවබෝධ කරගන්නට සමත් වෙයි.
ඒ සඳහා ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කළ යුතු යි. එය වරක් දෙවරක් නොවෙයි, සිය වර, දහස් වර, දස දහස් වර මෙනෙහි කළ යුතුයි. එමඟින් තමාට මතුවන කරදර පීඩා බාධක දුරු කළ හැකි යි. අපල පවා සංසිදුවා ගෙන, කායික මානසික සුවයක් මෙන් ම විශාල පිනක් ද ලබා ගන්නට සමත් වෙයි. ඒ පිවිතුරු සිතින් ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමා ආශ්‍රිතව මෙනෙහි කරන්න.
අවමඟුලකට සහභාගි වන ඔබ මෘත ශරීරය දෙස බලා ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ පාඩම මෙනෙහි කළ යුතු යි. ඒ සඳහා උපමාවන් ආශ්‍රයෙන් මරණ සතිය මෙලෙස මෙනෙහි කරන්න.
සියලු සම්පත් වනාහි විපත්තිය කෙළවර කොට ඇත්තාහ. ජීවිත සම්පත්තිය ද මරණයෙන් කෙළවර වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි මරණය නියත යි,

Monday, December 25, 2017

විශිෂ්ට ඤාණයෙන් අවබෝධයට ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

"ආලාරකාලාම මගේ ගුරුවරයා යි. ශිෂ්‍යයෙක් වූ මා තමාගේ සමාන තැනක ම තබා ගත්තේ ය. උසස් පූජාවකින් ද මා පිදීය. මහණෙනි, මට මේ අදහස ඇති විය. මේ ධර්මය සසර කළකිරීම සඳහා නොවේ. මේ ධර්මය මේ සසරේ ඇති ආදීනවය, භයානක බව දැක කළකිරීමකට, සංවේගයකට හේතු නොවේ. නො ඇලීම සඳහා නොවේ."


ආලාරකාලාමයන්ට ශ්‍රද්ධාව, වීර්යය, සිහිය, හා සමාධිය පවතිනවා. මටත් එලෙසින් ම ශ්‍රද්ධාව, වීර්යය, සිහිය හා සමාධිය පවත්වා ගන්න පුළුවන් බෝධිසත්වයන් වහන්සේ එසේ කල්පනා කළහ. ආලාරකාලාම යන් අවබෝධ කරගත් ඒ ආකිඤ්චඤ්ඤායතනය නම් වූ ස්වභාවයට තමන් වහන්සේගේ ම විශිෂ්ට ඤාණයෙන් උන්වහන්සේ පත් වූහ. බෝධිසත්වයන් වහන්සේ සෙවූ ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස් වූ නිවන එය නොවන බවට පැහැදිලි විය.


භාග්‍යවතුන් වහන්සේ මෙසේ නැවතත් දේශනා කළහ. “ ඉක්බිති මම ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ මෙසේ සඳහන් කළෙමි. ඇවැත්නි, කාලාමය, මෙපමණකින් ම ධර්මය තමන් විසින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙත් දැයි, එනම් බෝධිසත්වයන් වහන්සේ ප්‍රශ්න කරනු ලැබූයේ, ඔබ වහන්සේ දන්නේ මේ ප්‍රමාණය පමණක් ද, යන අදහසයි.
එවිට ඇවැත්ති “මම මෙපමණකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි’යි ආලාරකාලාම කීවේය.”

අත්හැර නොයන සැප හා දුක ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති



මිනිස්සු ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති. රැකී රක්ෂාවන්හි නිරත වෙති. එසේ දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සතුටෙන් ජීවත්වීමට ය. එහෙත් තමන්ගේ ජීවන මාර්ගයන් දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි වන්නේ කී දෙනෙකුට ද? තමන් ලබන සතුට ධර්මානුකූල ද? කියා සිතා බැලීමට පවා ඇතමෙක් නො පෙළඹෙති.
සෑම සමාජයක ම අතළොස්සක් පිරිස යමක් උපයා ගැනීමට කෙටි මාර්ග සොයති. වෙහෙස වී දිගු කාලීනව යමක් උපයා ගැනීමට උත්සාහ නො කරති. එහිදී අන් අයගේ දේ සොරකම් කරති. මහා පරිමාණයේ අල්ලස්, දූෂණ, වංචාවලට හසු වෙති. අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා දේ කූට උපක්‍රම මගින් සොරකම් කරති.
තවත් සමහරු තම නිෂ්පාදනවල ඉස්තරම් බව පවසමින් තත්ත්වයෙන් බාල භාණ්ඩ වෙළෙඳපොළට යවති. ජනතාවට වැඩි මුදලකට අලෙවි කොට බරපතල විපාක ලැබෙන වංචනික සොරකම්වල නිරත වෙති. ඒ අතර තවත් බොහෝ දෙනා තම ජීවනෝපාය වශයෙන් ඉතාමත් කටුක දුෂ්කර වෙහෙසකර රැකී රක්ෂාවන් හි නිරත වෙති. එසේ ධාර්මිකව යමක් උපයා ගෙන ජීවත්වීමට උත්සාහ දරන්නෝ ද නැත්තේ නොවේ.

දිගු ගමනක සුළු විවේකය



මේ සසර ගමන ඉතා දීර්ඝ ය. එහි මුලක්, මැදක්, අගක් නොපෙනේ. ඒ තරමටම අවිනිශ්චිත ය. බුදුරජාණන් වහන්සේ එම දීර්ඝ සසර ගමන පිළිබඳ ස.නි. අස්සු සූත්‍රය තුළින් දේශනා කළහ.
“සසර කාල වශයෙන්, අතීත කෙළවර සිහිපත් කළ නොහැකි ය. එබැවින් සසර පූර්වාග්‍රය පැනවිය නොහැකි ය. මහණෙනි, අවිද්‍යා නීවරණයන් ආවරණය වූ, තණ්හා සංයෝජනයෙන් බැඳුණු සත්වයන්ගේ සසර කාල වශයෙන් අතීතයට ගොස් පැනවිය නොහැකි ය. නුඹලා දිගු කලක් දුක් අනුභව කර ඇත. “
මේ උතුම් පාඨයෙන් මුළු මහත් සසර ගමන ම ඉතා පැහැදිලිව විවරණය කොට ඇත. දිගු ගමන යනු මේ දීර්ඝ සංසාරයයි. අප මොන තරම් මේ සසර ඇවිද ඇත්ද? ඒ එන ගමනේ දී අප මිනිසුන් ම වූවා ද? නැත. අපට වෙනත් ආත්ම ගණනාවක් ම පසු කර එන්නට සිදු වන්නට ඇත. භවයෙන් භවය සත්වයා මිනිස් ආත්මය තුළ පමණක් ම නොඉපදෙනු ඇත.
එසේ නම් දිගු ගමන යනු කුමක්ද,? දිගු ගමන යනු සංසාර චක්‍රයයි. එම සංසාර චක්‍රය තුළ අපට සැරි සරන්නට සිදු වන්නේ කුමන ආත්ම භවවලද? සංසාර චක්‍රයට කාම රූප අරූප ලෝක හසු වනු ඇත. නමුදු බොහෝ දුරට සත්ත්වයා සැරිසරන්නේ කාම ලෝකවල ය. මිනිස් ලෝකය, සදිව්‍ය ලෝකය, සතර අපාය යනු කාම ලෝකයයි. එයිනිදු සතර අපාවල වැඩිපුරම කල්ප ගණන් සත්ත්වයා සැරි සරනු ඇත. ඒ බව මනාව අවබෝධ වන්නේ මිනිස් ජීවිතයක් වැනි උසස් ආත්මයක් ලබා ගෙනත් එතුළින් ප්‍රයෝජනයක් නොගන්නා ආකාරය දැකීම තුළිනි.

Wednesday, December 20, 2017

දුක දුරු කරන පින

ස්වාමිනි, මට දානමාන දෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මම බොහෝ ධර්මය අසා තිබුණෙත් නෑ. එහෙත් ස්වාමිනි, මම කිසිවෙකු බොරුවෙන් රැවටුවේ නැහැ. වංචාවක් කළේත් නැහැ. කාටවත් හොර, බොරු නොකර සිටියා. නිතරම ඇත්ත කිව්වා."

මේ මනුස්ස ලෝකයේ අපට කෙ තරම් කාලයක් ජීවත් වීමට අවස්ථාව තිබෙනවා ද කියා අප දන්නේ නැහැ. ජීවත් වීමට තිබෙන අවස්ථාව ඕනෑම අවස්ථාවක අහිමි විය හැකි යි. යම් කෙනෙක් නිරන්තරයෙන් පින් රැස් කරනවානම්, ඔහු මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධයක් නො ලබා මිය ගියත්, යළිත් ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය කරන කලණ මිතුරු සම්පත්තිය සහිත වූ පරිසරයක උපදවන්නට ඒ පිනට පුළුවන්. ඒ නිසයි එකම පින වුවත් නැවත නැවත කරමින් පින් රැස් කිරීමට ආසා කරන්න කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මිනිසුන්ට පිනෙහි වටිනාකම ගැන හොඳ වැටහීමක් තිබුණා. එයට හේතුව අපගේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩ සිටීම. උන්වහන්සේ මේ බුදු සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. එසේ අග්‍ර වූණේ සෘද්ධි බලයෙනු යි. ඒ සෘද්ධි බලය දෙවැනි වුණේ බුදුරජාණන් වහන්සේට පමණ යි.
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ නිතර ම දෙව්ලොවට වැඩම කොට වදාළා. දෙව්ලොව සියලු විස්තර මනුලොව මිනිසුන්ට දැනුම් දෙනවා. ඒ විස්තර අසා මිනිසුන් අකුසල් දුරු කර, කුසල් දියුණු කර ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ නිසා මිනිසුන්ට සිදුවුණ යහපත නම් අපමණ යි.

අරහං ගුණ අර්ථ සාගරයකි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 11


බුදුරජාණන් වහන්සේට,සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා, සැරියුත් මහා රහතන් වහන්සේට. මේ දානයෙන් කොයි දානය ද මහත්ඵල වන්නේ? බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයයි. ඇයි? බුදුරජාණන් වහන්සේ තරම් දානය ගැන දන්න කෙනෙක් මේ ලෝකයේ නෑ. උන්වහන්සේ තමයි අග්‍ර. අන්න උන්වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කරපු දානය මහත්ඵලයි. මහත් ආනිසංසයි. ඒ නිසා තථාගතයන් වහන්සේ “අරහං” ගුණයෙන් යුක්තයි කියා කියන්නේ.
අපේ දාන දක්ෂිණාව පිළිගන්ට ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරනවා ද?, පහනක් පූජා කරනවා ද? සුවඳ දුම්, පැන් වීදුරුවක් යම් දෙයක් පූජා කරනවා නම් අග්‍ර දක්ඛිණෙය්‍ය ගුණයෙන් යුක්ත බුදුපියාණන් වහන්සේටයි මේ අපේ පූජාව කියලා පූජා කරන්න. එසේ ම ආලෝක පූජාවක් කරනවිට හිතන්න ‘අවිද්‍යාව නැමැති අඳුරෙන් මේ ලෝකය වැසුණු සමයක ප්‍රඥා ලෝකයෙන්, ධර්මාලෝකයෙන්, නිර්වාණ ආලෝකයෙන් ආලෝකමත් කළ බුදුපියාණන් වහන්සේටයි මගේ මේ ආලෝක පූජාව’ කියලා. ‘මේ ලෝකය ම සිල් සුවඳින්,ගුණ සුවඳින්,නැණ සුවඳින්,සඳහම් සුවඳින් සුවඳවත් කළ උතුමන් වහන්සේටයි මගේ මේ සුවඳ දුම් පූජාව’ කියල හිතන්ට. “මේ තුන් ලෝක ධාතුව එකම මල් ආසනයක් බවට පත් කරමි. එකම මල් දමක් බවට පත් කරමි.

සැදැහැ මාත්‍රයකින් සුගතියට යා හැකි ද?

"ශ්‍රද්ධාව ජනිත වන්නේ අවස්ථානුකූලවයි. එමෙන් ම ශ්‍රද්ධාව ජනිතවීමට මුල්වන අරමුණ ද එක හා සමාන නොවේ. අංගුලිමාල භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැද පැවිදි වුව ද, රහත් බව ලැබුවේ හදිසියේ ඇති වූ ශ්‍රද්ධා ආවේගයෙන් ඔසවා තබන ලද සිතෙනි."
යම් කෙනෙක් මා කෙරෙහි සැදැහැ මාත්‍රයක්,   ප්‍රේම මාත්‍රයක් උපදවා ගනිත් ද ඔවුහු සියල්ලෝ සුගතියට යති.”

මැදුම් සඟියෙ එන මේ කියමන වෙත සිත යොමු කරන කෙනෙකුට මෙය අදහාගත නොහැකි දෙයක් සේ පෙනී යාමට ඉඩ ඇත. මක් නිසාද ? බුදුන් සරණ ගිය ඕනෑම කෙනෙකුට සැදැහැ මාත්‍රයක් ඇතිකර ගැනීම පහසු යැයි සිතන හෙයිනි. එහෙත් සුගතිගාමීවීම හා දුගතිගාමී වීම පිළිබඳ දේශනාවේ සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමේ දී මේ කියමනේ මතුපිටින් පෙනෙන අරුතට එහා ගිය අරුතක් ඇති බව සිතිය යුතු ය .

Saturday, December 16, 2017

සකුලා මහරහත් තෙරණින් වහන්සේ

අප ගෞතම සම්බුදු පියාණන් වහන්සේ ලොවට පහළවීම පෙර කල්ප සියදහස කට පෙරාතුව ලොව පහළ වූ පදුමුත්තර සම්මා සම්බුදුපියාණන් වහන්සේ සියලු ලෝක සත්ත්වයන්ගේ යහපත උදෙසා උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සේක.

එකල්හි සකුලාවෝ හංසවතී නුවර රජුගේ රූමත් දියණියක වී උපත ලැබුවා ය. ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ, මවගේ සොහොයුරියකගේ දියණිය වූවා ය.ඇය සුරූපී ය. ධනවත් ය. අනුකම්පා සහගතය .ඒ නිසාම කීර්තිරාවය පැතර ගිය නන්දා නමින් ප්‍රකට වූවා ය. සිව් ආභරණයන්ගෙන් සැරසුණු, රාජ කන්‍යාවන් විසින් පිරිවැරූ පින්වත් නන්දා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත පිවිස මහත්වූ ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුබණ ඇසුවා ය.

එදින පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුණියක් දිවැස් ඇත්තියන් අතර අගතැනට පත්කරනු ලැබූහ. ඒ උතුම් අවස්ථාව දැක ශ්‍රද්ධාවට එළඹි නන්දාවෝ ද දිවැස් ඇත්තියන් අතර අගතනතුර පැතුවා ය. ඒ සිතින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන්දී පුද පූජා පවත්වන්නට වූවා ය. ඒ පැතුම සඵල වන බව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇයට පැවසූ සේක. මහත් වූ සතුටට පත්වූ නන්දා එම චේතනාව ම ඇතිකොට, උපාදාන සිතැතිව මිනිස් දිවිය අතහැර තව්තිසා දෙව්ලොව උපත ලද්දී ය. පසුව මේ උත්තරීතර මහා භද්‍ර කල්පයෙහි මහා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි හුදකලාව හැසිරෙන පරිබ්‍රාජිකාවක වූවා ය. පිණ්ඩපාත දානයෙන් ම තෙල් ටිකක් ලබාගත්තී ය. ඉතාමත් ශ්‍රද්ධාසම්පන්න පරිබ්‍රාජිකාවක වූ ඕ තොමෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව පිණ්ඩ පාතයෙන් ලබාගත්තා වූ තෙල්වලින් පහන් දල්වා බුදුරජාණන් වහන්සේ ගේ චෛත්‍යයට පිදුවා ය. මෙසේ කරන ලද පින් ඇත්තී මිනිස් දිවිය අතහැර තව්තිසා භවනෙහි මහත්වූ පහන් ආලෝකය අතරෙහි උපත ලැබුවා ය.

සතර බුදුවරුන්ගේ බෝධීන් රෝපිත අනුරපුර මහමෙවුනාව


කල්ප ගණනකට පසු සම්බුද්ධත්වයට පත් කෝණාගම නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මෙම දිවයින ‘වරදීප’ නම් විය. මහමෙවුනා උයන මහා අනෝම වන නම් විය. උයනට දකුණුදෙස පිහිටි උයන ‘වඪමානක’ පුරය නම් විය. එහි සමිද්ධි නම් රජු රජකම් කළේ ය. දේව කූටය සුමන කූට නම් විය. මෙකල බොහෝ කාලයක් වර්ෂාව වහින්නේ නැතිව දුර්භික්ෂයක් ඇති වී ආහාර නො මැතිව මිනිසුන් පීඩිත බවට පත් වූ කල්හි කෝණාගම බුදුරදුන් ප්‍රධාන තිස් දහසක් රහතන් වහන්සේලා සුමන කූටයට වැඩමවා දස දිසාව බලා වදාරා මුළු දිවයිනෙහි පිහිටි වැව් අමුණු පිරෙන්නට වැස්ස වසීවායි අධිෂ්ඨාන කළ සේක.
එකෙණිහි ම මහා වැසි වසින්නට පටන් ගෙන මුළු දිවයින පුරාම වැසි වැටී වැව් අමුණු පිරුණායින් පසු වැස්ස වැටීම නවත්වා බුදුන් වහන්සේ සියලු සත්ත්වයන්ට ම පෙනී සමාපත්තියට සම වැදී සියල්ලන්ගේම දාහය නිවා පර්වත මුදුන්හි රන් කඳක් සේ වැඩ සිටියහ. මේ මහා ආශ්චර්ය දැක බලා ගැනීමට හා ඒ පිළිබඳව ප්‍රසාදය ඇති කරගත් මහජනතාව බුදුරදුන් වෙත පැමිණ වන්දනාමාන කොට අනෝම උයන බුදුරදුන්ට පූජා කළ කෙණෙහිම මහ පොළොව ගිගුම් දෙන්නට විය.
ඉන් පසු බුදුරජාණන් වහන්සේ තිස් දහසක් ප්‍රාණින් සසරින් එතෙර කරවා සවස් වේලෙහි ශෝභන නම් නුවර ශෝභන නම් රජු ලවා උදුම්බර බෝධියෙහි දක්ෂිණ ශාඛාව සමඟ කනකදන්තා නම් භික්ෂූණිය ප්‍රධාන පන්සියයක් භික්ෂූණීන් මෙරටට ගෙන්වාගෙන සමිද්ධි නම් රජුහු ලවා දැනට බෝධිය පිහිටි ස්ථානයෙහිම උදුම්බර බෝධිය රෝපණය කරවා “නාගමාලක” නම් වූ ලෝවා මහා ප්‍රසාදයට වැඩමවා බණ දේශනා කොට විසිදහසක් ජනතාව මාර්‍ගඵලාවබෝධයට පත් කරවා එයින් ථූපාරාම භූමියෙහි වැඩ හිඳ ධර්මදේශනා කොට දස දහසක් පිරිස සංසාරයෙන් එතෙර කරවා උන්වහන්සේගේ පටී ධාතුව එහි තැන්පත් කොට ස්තූපයක් කරවීමට සලස්වා කනකදත්තා නම් භික්ෂුණිය ප්‍රධාන වූ පන්සියයක් භික්ෂූණීන් හා සුධර්‍ම නම් මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන වූ දහසක් භික්ෂූන් මෙහි රඳවා එයින් සුදස්සන මාලක නම් පිහිටි ස්ථානයේ දී වැඩසිටි සියලු සතුන්ට අවවාද දී දඹදිව බලා වැඩමවා ඇත.

සිරිලක බෝධිපූජා පුරාණය

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. දඹදිව සිට සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබී ය. මෙම බෝධි ශාඛාව දඹකොල පටුනේදී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිති කොට විශාල උත්සවයක් පවත්වා ඇත

බෝධි ශාඛාව අත්‍යලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තබා මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමවාගෙන පැමිණි බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහර සම්බන්ධයෙන් සමන්ත පාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහාවංසයෙහිත්, බෝධිවංසයෙහිත් සඳහන් ය. දඹකොළ පටුනෙන් පිටත් වූ බෝධි ශාඛාව රැගත් පෙරහර නාගදීපයෙහිත් , තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත්, පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංසයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර නගරයේ ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංසයෙහි 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.

සිළුමිණි සෑයට පිදූ උපුල් මල්

එකල රුහුණු ප්‍රදේශයේ කාම්බෝජ නම් ගමක් විය. එහි මලෙය්‍ය නම් රහතන් වහන්සේ නමක් විසූ සේක. උන්වහන්සේ දිනක් උදයේ කාම්බෝජ ගමේ පිඬුසිඟා වඩින මාවතේ උපුල් මල් මිටි අටක් ගෙන පැමිණි එක්තරා මිනිසෙකු තෙරුන් වහන්සේ දැක මල් මිටි අටක් පූජා කොට ගියේ ය.

උන්වහන්සේ ඒ උපුල් මල් ගෙන “මේ මල් මහා සෑයට පූජා කරන්නෙම් ද? සෑගිරියට පූජා කරන්නෙම් ද? ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්නෙම් ද? යැයි සිතූහ. සැණෙකින්, මම මේ මල් මිටි තවුතිසාවෙහි ඇති සිළුමිණි සෑයට පුදමි” සිතිවිල්ල ඇති වී අසුරු සැණින් අහසට පැන නැගීි තව්තිසා දෙව්ලොව පහළ විය. රහතන් වහන්සේ ඒ සිළුමිණි සෑය වෙත එළඹ අට තැනක ඒ මල් පුදා වැඳ ප්‍රදක්ෂිණා කළහ. සක්දෙවිඳු රහතන් වහන්සේ දැක පැමිණ වන්දනා කළේ ය.
”සක්දෙවිද, මෛතී‍්‍ර බෝසතාණන් වහන්සේ මෙහි එන්නෙහි ද?”

Friday, December 15, 2017

දරුවන්ගේ වගකීම් පැහැර හැරිය හැකි ද?

අප පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට නම්, මෙලොව ජීවිතය සාර්ථක කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙලොව සාර්ථක ජීවිතයක් ගත කරන බොහෝ පුද්ගලයන් පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ දරයි. ඒ සඳහා භෞතික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවද එක හා සමානව ගොඩනැඟිය යුතුය. අරමුණු එසේ වුවද, ශෝචනීය තත්ත්වයනට ඇද දමන ඇතැම් අවස්ථාවන් දක්නට නැතිවාම නොවෙයි.

ඇතැමුන් දුක් විඳිමින් හම්බකරන මුදලින් හැන්දෑවට මත්වතුර බොනවා නම්,අප හිඟන්නන් වීම වැළැක්විය නොහැකි ය. සමෘද්ධි ආධාර ලබාදීමෙන් එම ප්‍රශ්නය විසඳිය හැකිද? සමෘද්ධි ආධාර ලබන බොහෝ ගෙවල්වල පිරිමින් හැන්දෑවට මත්වතුර පානය කරයි. මිනිස්සු නැඟිටින්න නම්, ඔවුන් ප්‍රඥාවන්ත වීම අත්‍යවශ්‍යය. කවුරුන් හෝ පුද්ගලයෙකු කුසගිනි බවට ප්‍රකාශ කරගෙන පැමිණි විට ඔහුට බිලී පිත්තක් ලබාදිය යුතු බවත්, මාලුකූරියෙකු ලබානොදිය යුතු බවටත් චීන ප්‍රකාශයක් පවතී. එම උදාහරණය අපට නොගැලපුන ද , එයින් ගත යුත්තේ ඔහුට කුසගිනි නම්, හම්බකළ හැකි ක්‍රමයත්, නිෂ්පාදනය කළ හැකි ක්‍රමයත් සූදානම් කළ දිය 

විකසිත ප්‍රඥාවයි වැඩුණු චරිතයයි තරුණ විය බබළවයි

ජීවිතයක යාම තුනකි. බාල ළමා යාමය, යොවුන් තරුණ යාමය, මහලු වැඩිහිටි යාමය යනුවෙනි. ළමා වයස නම්, පෙරයම ය. තරුණ වයස නම් මැදියම ය. මහලු වයස පසු යම ය. තමා නිතැතින් ම පි‍්‍රයවන්නේ තමාටයි. ඒ බව දන්නා තැනැත්තා ඉහත කී ත්‍රිවිධ යාමයෙන් එකක දී හෝ නොකළ යුතු පව්කම් ආදිය නොකර කළ යුතු පින්කම් ආදිය කරමින් තමා රැක ගන්නේ ය, යනු බුද්ධ වචනයයි.

තාරුණ්‍යයෙන්, යෞවනයෙන් මත්වීම යොබ්බන මදයයි. එනම් උමතුවීම ය. සිත් විකෘති කර ගැනීම ය. යෞවන මදයෙන් මත් වූ, බුදු බණ නොදන්නා තරුණයා කයින් වචනයෙන් මෙන් ම සිතින් ද දුසිරිත් කරන්නේ ය. සිය තාරුණ්‍යය විනාශ කර ගන්නේ ය. මග වරද්දා ගන්නේ ය. මත්ව, උමතුව සිටින ඒ තරුණයාට වැරදි මග හරි යැයි හැඟෙයි, පෙනෙයි, සිතෙයි, නිවැරැදි මග වැරදි යැයි හැඟෙයි, පෙනෙයි, සිතෙයි. ඔහුට සත්‍යය, ප්‍රකෘතිය පෙනෙනුයේ අසත්‍යය, විකෘතිය ලෙස ය. මේ හේතුවෙන් හෙතෙම ආධ්‍යාත්මිකව ද, භෞතිකව ද පිරිහෙයි. නොයෙක් අයුරින් සිය අභිවෘද්ධියට දියුණුවට යහපත්ව යොදාගත හැකි තරුණකම විනාශයට පිරිහීමට පත් කරගනියි. එබදු තරුණයෙකු පිළිබඳ පුවතක් දම්පියා අටුවාවෙහි හමුවන්නේ ය. ඔහු මහධන සිටුපුත් නම් විය.


ධනවත් වංශවත් කුලයෙක උපන් හෙතෙම නිසි අධ්‍යාපනයක් ද නොලද්දෙකි. සිය පරපුරෙන් ආ ධනයකට හිමිකම් ලද මෙම තරුණ සිටුවරයා එබඳුම ධනවත් වංශවත්, නූගත් සිටු කුමරියක සරණපාවා ගත්තේ ය. නූගත්, බුද්ධි හීනයෙකු වූ හෙතෙම නොබෝ කලෙකින් ම නුසුදුසු සමාජ ඇසුරට යොමු විය. සිත කය දෙකම මත්වන, උමතුවන මද්‍යසාර භාවිතයට ද පෙළඹුණේ නිසැකව ම ඒ හා බැඳුණු තවත් දුසිරිත් ද නිසා තාරුණ්‍යය විනාශකර ගත්තේ ය. මත් ලෝලියෙකු මෙන් ම තරුණ සල්ලාලයෙකු ද වූ ඔහු තම පාරම්පරික ධන සම්පත් මෙන්ම තම බිරිඳ නිසා ලද ධන සම්පත් ද විනාශ කර ගත්තේ ය. ධනවත් අවදියෙහි සිටි මිතුරන් ඔහුට දැන් නැත. සමාජයෙහි පිළිකුළට ද භාජනය වූ හෙතෙම යාචකයෙකු වූයේ ඉඳුල් බත් කෑම පිණිස දෙව්රම් වෙහෙර දාන ශාලාව අසලට බිරින්දෑ ද සමග දිනෙක පැමිණ සිටියේ ය. ඔහු දුටු බුදුරජාණන් වහන්සේ වදාළ සදූපදේශය සිත් ගන්නා සුළු උපමා දෙකකින් යුක්ත විය. කෙටියෙන් වදාළ එම උපමාවන් තේරුම් ගත යුත්තේ මෙපරිද්දෙනි.

සදහම් දැනුම

ප්‍රශ්නය – බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු ප්‍රථම ධර්ම දේශනාව අවසානයෙහිදී ම දහම් ඇස පාදාගත් (ධම්ම චක්ඛුං උදපාදි) කොණ්ඩඤ්ඤ තවුසාණන්ට “එහි භික්ෂු” භාවයෙන් “පැවිදි උපසම්පදාව“ ප්‍රදානය කළ බුදුරජාණන් වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂූ සංස්ථාව පිහිට වූහ. මෙහි සඳහන් වන “එහි භික්ෂු” භාව පැවිදි උපසම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝ කර්මය කුමක්ද?

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් ධර්මදූත සේවයෙහි යෙදුණු ශ්‍රාවක භික්ෂූන්ගේ සහ පැවිද්ද අපේක්ෂා කළ නවකයන්ගේ පහසුව පිණිස තිසරණ ගත කිරීමෙන් පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම බුදුහිමියන් විසින් භික්ෂූන් වහන්සේලාට පවරා දෙන ලදී. බුදුබණ ඇසීමෙන් අනතුරුව පුරාකෘත පින් මහිමය මුහුකුරා ගිය අයකු බුදුරජාණන් වහන්සේ ‘මහණ මෙහි එවය’ ඇමැතීමෙන් පැවිදි උපසම්පදාව ලැබීම ඒහි භික්ෂූභාවය යි. මුල් යුගයෙහි දී බුදුරජාණන් වහන්සේ වෙතින්ම පැවිද්ද ලබාගත් ක්‍රමය මෙය යි. පසු කාලයේ දී ශ්‍රාවක ආධුනික පිරිස වැඩිවෙත් ම පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම සංඝයාටම පවරා දෙන ලදී.

Thursday, December 14, 2017

සියල්ල කර්මයට බාර දෙනවාද?


ලෝකයේ මෙතෙක් පහළවූ ශාස්තෘවරු අතර බුදුරජාණන් වහන්සේ අසහාය, ශාස්තෘවරයකු වේ. ඒ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය නිසා ය. අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක් පෙර අපර දෙදිග බුද්ධිමත් ජනතාව බුදුරජාණන් වහන්සේට අතිශයින් ගෞරව පුදකරන්නේ, තම සිත් සතන් ප්‍රබෝධමත් කළ හැකි සනාතන ධර්මයක් උන්වහන්සේ වෙතින් දේශිත බැවිනි. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය පිළිබඳ ඉගැන්වීම, පුනර්භවය, වැනි විශිෂ්ට දහම් කොටස්, එදා මෙදා තුර සුවහසක් ජනයාගේ බුද්ධි කලම්බනයට විෂයය වු සුවිශේෂ දහම් කොටස් ලෙස සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කර්මය පිළිබඳ විශිෂ්ට දේශනාව පොදු ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් ම වූයේ ය.

ආගමික ශාස්තෘවරු අතර අකිරියවාදී ශාස්තෘවරු මිනිසා විසින්, සිදුකරනු ලබන හොඳ – නරක කිසිම ක්‍රියාවක විපාකයක් පිළිනොගනී. ඒ අංශයෙහි ලා සලකන විට බුදුරජාණන් වහන්සේ ක්‍රියාවාදී ශාස්තෘවරයෙකි. මිනිසා විසින් සිදුකරනු ලබන හොඳ – නරක ක්‍රියාවන්ට සමාන විපාකයක් ඇති බව දේශනා කළ උන්වහන්සේ, හොඳ කර්ම නිසා මිනිසා පිරිසුදු වන ආකාරයත්, නරක කර්මතුළින් මිනිසා කෙළෙසීමට පත්වන ආකාරයත් දේශනා කළ සේක. මිනිසා උසස් අයකු හෝ පහත් අයකු වන්නේ තමන් විසින් ම සිදුකරනු ලබන හොඳ නරක ක්‍රියාවන් හේතුකොට ගෙන බව බුද්ධ මතය විය. කර්මය වූකලි සංකීර්ණ ධර්මයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ඤාණයකින් සිතා තීරණ ගැනීම උගහටය. අචින්ත්‍ය (නොසිතිය යුතු) ධර්ම කීපය අතරට කර්මය ද එකතු කොට ඇත.

එදා රහත් නොවූ මඟඵල ලාභීන් අද ඉන්නේ කොතැන ද ?

පනස් හතර කෝටියක් ධනය වියදම් කර ජේතවනාරාමය පූජා කළ අනාථ පිණ්ඩික සිටුතුමා අනාථ පිණ්ඩික දෙවියන් ලෙස දෙව්ලොව පහළ වුණා. එදා රාත්‍රියේ බුදුන් වහන්සේ හමුවට පැමිණි අනාථ පිණ්ඩික දෙවියන් බුදුන් වහන්සේ වන්දනා මාන කර අතුරුදන් වුණා.

බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන් ද මනු ලොව දී කළුරිය කර මාතෘ දිව්‍ය රාජයා නමින් දෙව් ලොව උපත ලැබුවා. විශාඛාව ද සෝවාන් වූ පින්වත් උත්තමාවියක්. ඇයගේ අවසන් මිනිස් භවය මෙය යැ’යි බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. විශාඛාව මරණින් මතු උපත ලැබුවේ නිම්මාණරතී දෙව් ලොව යි. එහිදී සකෘදාගාමී ඵලයට පත්ව පරනිම්මිත වසවර්ති දෙව්ලොව උපත ලබනවා. එහිදී ඇය අනාගාමී ඵලයට පත්ව ශුද්ධාවාස බඹ ලොව උපත ලබා පිරිනිවන් පාන බව සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එසේනම්, මාර්ග ඵල ලාභී සියලු ම ගිහි චරිත උපත ලබා ඇත්තේ දෙව් ලොව සහ බඹ ලොව යි.
දෙව් ලොව සම්මා දිට්ඨික මෙන් ම මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු වාසය කළ ද ඒ පින්බර ලෝක මාර්ග ඵල ලාභී දෙවි බඹුන්ගෙන් බහුලව පිරී තිබෙයි. “අප්පතිවත්තියා වා - සමණේන වා, බ්‍රාහ්මණේන වා - දේවේන වා, මාරේන වා, බ්‍රහ්මුණාවා ඛේනචි වා- ලෝකස්මිං” යනුවෙන් ලොවුතුරා බුදු කෙනෙකු මිස වෙනත් කිසිවෙකුට දේශනා කළ නොහැකි ධම්මචක්ක සූත්‍රයෙන් නිවන් මඟ වදාළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන්ගේ සිටම අකනිටා බඹ ලොව දක්වා ම දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ අනුව, දෙවිවරු බුද්ධ ශාසනයේ දියුණුව, චිර පැවැත්ම වෙනුවෙන් උදවු උපකාර කරන බව දේශනාවේ සඳහන් වෙයි.

පින කල් දාන්න එපා

මාප්පමඤ්ඥේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතේන
උදකුම්භො පි පූරති
පූරති ධීරො පුඤ්ඤස්ස
ථොකථොකම්පි ආචිනං

ධම්මපදයේ පාප වර්ගයේ එන මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී බිළාල පාදක සිටුතුමා අරභයා වදාළ ගාථාවක්.
එක්තරා තරුණයෙකුට මහා සංඝරත්නය උදෙසා දානයක් පූජා කිරීමට අවශ්‍ය වුණා. ඔහු “පිරිවර සමඟ එකතුව දන් දීම යහපති” සිතා දන්න හඳුනන පිරිස වෙත ගොස් තමන් දෙන දානය සඳහා දායක වන ලෙස ඉල්ලා සිටියා.
මේ ප්‍රදේශයේ ධනවත් ලෝභ සිටුවරයෙක් සිටියා. ඔහු වෙතටත් ගොස් මේ තරුණයා කාරණය කියා සිටියා. සිටුවරයා “දන් දෙන්න ඕන තමන්ට පුළුවන්නම් විතරයි. අපෙන් එකතු කර දන් දෙන්නේ මොකට ද?” යැයි සිතා තමාගේ අතේ ඇඟිලි තුනෙන් අල්ලා සුණු සහල් ටිකක් සහ ගිතෙල් ටිකක් ලබා දුන්නා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානය ඉතාමත් ඉහළින් පූජා කර, දානයට සම්බන්ධ වූ අයට පින් දෙන අවස්ථාවේ දී ඇඟිළි තුනකින් අල්ලා සුණු සහල් පූජාකළ සිටුවරයාටත්, බොහෝ වියපැහැදම් කළ සැමටත් එක සේ ඒ පින අනුමෝදන් කළා. සිටුවරයාට මේ කතාව ආරංචි වුණා. ඔහු ඒ ස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේ බැහැදැක සිදු වූ සිදුවීම කියා සිටියා. ඇඟිලි තුනෙන් අල්ලා දන් දුන් නිසා ඔහුට බිළාල පාදක කියා නමක් පටබැඳුණා.
ඒ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාව දේශනා කොට වදාළා. පින කියන දේ පොඩියි කියා නො සිතිය යුතුයි. ඒ පිනෙහි විපාක කවර අවස්ථාවක දී හෝ අප කරා පැමිණෙනවා. හරියට වැස්ස වෙලාවක දී කට ඇර තිබෙන කළයකට වැහි බිංදුව බිංදුව වැටී පිරෙනවා වගේ, ප්‍රඥාවන්ත පුද්ගලයා පිනෙන් පිරී යන බව වදාළා.

නිවන් මග හෙළි කරන සිත පිරිසුදු කර ගැනීම

සීල විසුද්ධියෙන් පිරිසුදු ව තමන්ගේ කය හා වචනය මැනවින් හික්මවා ගත් තැනැත්තා අනතුරු ව තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම නම් වූ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට දෙවන පියවර තබයි. ඒ පඤ්ච නීවරණයන්ගෙන් තමන්ගේ සිත මුදවා ගෙන අභ්‍යන්තරික පාරිශුද්ධත්වය ලැබීමට ය. මෙහි ලා පඤ්ච නීවරණ නමින් සැලකෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන කෙලෙසුන් ය.

රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ යන පඤ්චකාමයන් කෙරෙහි ඇති කර ගන්නා බැඳීම, ඇල්ම, ආශාව කාමච්ඡන්දය නමින් හැඳින්වෙයි. තරහව, ක්‍රෝධය, ද්වේෂය යන නමිවලින් හැඳින්වෙන්නේ ව්‍යාපාදය යි. ථීනමිද්ධය නම් චිත්ත චෛතසිකයන්ගේ පවත්නා අරමුණු ගැනීමේ අදක්ෂතාව, හෙවත් සිත, කය දෙකේ පවතින අකර්මණ්‍යතාවයි. උද්ධච්චය නම් සිතේ ඇතිවන නො සන්සුන් බවයි. කුක්කුච්ච නො කළ කුසල් ගැනත්, කළ අකුසල් ගැනත්, සිත - සිතා පසුතැවිලි වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ආදී කරුණු අටක් සම්බන්ධ සැක කිරීම විචිකිච්ඡාව යි. මෙම කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ නමින් හැඳින්වෙන්නේ ද ඒ අර්ථය සලකා ගෙන ය. එසේ ම ප්‍රඥාව නමැති ඇස වසාලන නිසා ද නීවරණ යැයි කියයි.

අසිරිමත් ආගමනයක ප්‍රබෝධය


සඟමිත් මෙහෙණින් වහන්සේගේ ආගමනයෙන් ලාංකීය කාන්තාවන්ගේ ජීවිතයට ද ලද ආලෝකය ඉමහත් ය. අනුලා දේවිය ප්‍රධාන විවිධ තරාතිරම්වලට අයත් කාන්තාවන් ශාසනික උරුමයේ හිමිකරුවන් වූවා පමණක් නොව සමාජීය වශයෙන් පිළිගැනීමට පාත්‍ර වූ බව දීපවංශය සඳහන් කරයි. දෙවන පෑතිස් රජතුමා විසින් මෙහෙණින් වහන්සේලා සඳහා චූලංගන , සිරි වඩ්ඩන, මහාංගන ආදී මන්දිර තුනක් ඇතුළු ආරාම දොළහක් කරවා ඇත. සඟමිත් තෙරණියගේ පහසුව සඳහා හත්ථාහල්ලක මෙහෙණවර කරවනු ලැබී ය. මෙසේ ශාසනික මෙන් ම සමාජයේ පිළිගැනීමට ලක්වූ කාන්තාව විනය පිටකය ඉගෙන දේශනා කිරීමට තරම් සමත් විය. රුවන්මැලි සෑය සඳහා මුල් ගල තැබීමේ උත්සවයට භික්ෂූණීන් වහන්සේලා අනූ දහසක් පැමිණි බව වංශකතා වල සඳහන් වේ. විවිධ රාජ සමයන්හි ලද විවිධ අනුග්‍රහයන් හේතුවෙන් භික්ෂුණී ශාසනයේ දියුණුවට මෙන් ම පරිහානියට ද හේතු විය.

Sunday, December 10, 2017

විශ්මිත ගුණ දෙන පිරිත් දේශනාව

   2000 වෙනි ලිපි
               

බෞද්ධයාගේ ආගමික චාරිත්‍රයක්, පුණ්‍ය කර්මයක් මෙන් ම මෙලොව, පරලොව සුවසෙත ශාන්තිය, රැකවරණය සලසන මහඟු ශාන්තියක් හා බලවේගයකි ‘පිරිත’. පිරිත යනුවෙන් අදහස් කරනුයේ කුමක් ද? සිංහල ව්‍යවහාරයට අනුව හඳුන්වන පිරිත පාලි භාෂාවේ පරිත්ත නමින් ද, සකු බසින් පරිත්‍රාණ යනුවෙන් ද දැක්වේ. පාලි අටුවාචාරීන් පිරිත විග්‍රහ කර දක්වනුයේ මෙසේ ය.
හාත්පසින් ම ආරක්ෂාව සලසන නිසා පිරිත වේග අන්තරාය දුරුකරමින් ආරක්ෂණය කරන හෙයින් පිරිත වේ. සියලු උපද්‍රවයන්ගෙන් ආරක්ෂා කරන බැවින් පිරිත වේ.
හාත්පසින් සත්ත්වයන්ගේ බිය ද, උවදුරු ද, අනතුරු ද, දුරුකොට ආරක්ෂා කරන බැවින් පිරිත වේ යනුවෙනි.
බුදුදහමට අනුව මිනිසා මවුකුසට පැමිණි දා සිට මරණය දක්වාත්, මරණින් පසුවත් ආරක්ෂාව, රැකවරණය ලබාදෙන මිල කළ නො හැකි ආශිර්වාදයක් ලෙස පිරිත හැඳින්විය හැකි ය. මහජනතාවගේ සුබ නැකැත් කටයුතුවල දී පැමිණෙන දෝෂ ද, ඇස්වහ, කටවහ, හෝවහ ආදී සියලු දෝෂ ද දුරු කරයි.

බුදු දහමෙන් මානසික රෝග සුවපත් කළ හැකිද?

මහණෙනි, කායික හා මානසික යනුවෙන් රෝගයෝ දෙදෙනෙකි. මෙයින් කායික රෝගවලින් නො පෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, තිහක්, හතළිහක්, පණහක් ඇතැම් විට අවුරුදු සියයක් නිරෝගී ව සිටින අය සිටිති. එහෙත් මානසික රෝගවලින් එක මොහොතක් හෝ නොපෙළි, පීඩා නොවිඳ සිටින අය රහතන් වහන්සේලා හැර සොයා ගැනීම දුෂ්කර ය. (අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය, රෝග සූත්‍රය)


හිතේ ලෙඩට බෙහෙත් කිරීමට බුදුහාමුදුරුවන් තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ලොව ඉපදී නැත. බුදුහු මිනිසාගේ සිතේ ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් හඳුනාගෙන රෝග නිධාන හොඳින් වටහාගෙන එයට සුදුසු ඖෂධ දුන්හ. උන්වහන්සේ සේල බමුණාට බමුණ, මම සම්බුද්ධ වෙමි.

දන මන පුබුදන පෞද්ගලික දාන

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 10


පුද්ගලික දාන විස්තර කරන විට, පෞද්ගලික දාන දාහතරක් විස්තර කරනවා. යම් කිසිකෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට යම් දානයක් පූජා කරනවා නම්, එය තමා අග්‍රතම, ශ්‍රේෂ්ඨතම පෞද්ගලික දානය. පසේ බුදුරජාණන් වහන්සේ ඊළඟට, ඊළඟට තමයි මහා රහතන් වහන්සේ. දැන් පැහැදිලි වෙනවා රහතන් වහන්සේ නමකට පූජා කරන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දක්ෂිණාව මහත්ඵලයි.

පසේ බුදුරජාණන් වහන්සේගේ දාන දක්ෂිණාවට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දාන දක්ෂිණාව මහත් ඵලයි.

මිනිස් ලොව විසූ දෙවියෙක් සහ දෙව්දුවක්

සීහළවත්ථු කතා ඇසුරිනි

අනුරාධපුයට බටහිරෙන් යොදුන් තිස් දෙකක් පමණ ගියවිට ‘භූමංගණ’ නම් ගමක් වෙයි. ඒ ගමෙහි කුලීවැඩ කරමින් ජීවත්වන පවුලක පුත්‍රයන් හත් දෙනෙක් විය. ඒ පවුලේ බාලයා තිස්ස ය.
ඔහු නිසි වයසේ දී සම කුලයකින් සුමනා නම් තරුණියක හා විවාහ විය. සුමනාගේ මව ඇයට දෑවැදි ලෙස සහල් නැළියක්, මෝල් ගසක්, වංගෙඩියක්, පියන සහිත කළයක්, ආහාර ගන්නා භාජනයක් දුන්නී ය. වෙනම නිවසක වාසය කරන්නැයි කී ය.
”සුමනා ඔබට ලැබුණ මේ සහල් නැළිය දෙකට බෙදා එක් කොටසකින් සංඝයා වහන්සේට සලාක දානයක් පිළියෙළ කරන්න. අනෙක් කොටස අපගේ පරිභෝජනයට සකසන්න” යැයි කීය.
සුමනා විහාරයට ගොස් දානය සඳහා සාමණේරයන් වහන්සේ නමකට ලුණුවිල කොළ සමඟ බතක් දානය සඳහා පිළියෙල කොට පූජා කළේ ය. සාමණේර හිමියෝ එම දානය රැගෙන දාන ශාලාවට වැඩිය පසු අනෙක් සාමණේරයන් වහන්සේලා පාත්‍රය දෙස බලා සිනාසුණහ. තිස්සට “ලෝණකතිස්ස” යැයි නමක් ද පටබැන්ඳේ ය. සාමණේර භික්ෂුව සුමනා බලා සිටියදී ම ඒ දානය ඉවත දැමුවේ ය.
එය දුටු සුමනා මහත් සේ ශෝක විය. නිවසට ගොස් අඬමින් සිටින විට තිස්ස පැමිණ මෙසේ ඇසුවේ ය.
“සුමනා ඔබ මෙසේ හඬා වැටෙන්නේ ඇයි?”
“හිමියනි, ඒ සාමණේර හිමියෝ මා බලා සිටියදී ම දානය වීසි කළහ. ඔබට ලෝණකතිස්ස යැයි නමක් ද පට බැන්ඳේ ය.

අපේ ඥාතීන්ට කුමක් වේද?


ඥාති’ යන වචනයට විවිධ වූ අර්ථ ඇත. ‘ඥාතීන්’ වශයෙන් සැලකෙන විශාල පිරිසක්, පුද්ගලයා වටා සිටී. ඒ අය අතර මව, පියා, දුව, පුතා, අයියා, අක්කා, නංගි, මල්ලී, සහෝදර සහෝදරියන්, නැන්දා, මාමා, ලේලි, බෑණා, මහප්පා, ලොකු අම්මා, පුංචි අම්මා, ආච්චි, ආතා, සීයා, ආත්තම්මා ආදී වශයෙන් පවුල් ඒකක හා සම්බන්ධ වෙන ඥාතීහු සිටිති. මෙම ඥාතීිත්වය හෙවත් සම්බන්ධය, සමාජ සම්මුතියට වඩා අධ්‍යාත්මික බන්ධනයක් වශයෙන් පෙරදිග දර්ශනවල විස්තර කෙරේ.
එනිසා බටහිර සමාජවල පවුල් ඒකකය තුළ පවතින භෞතිකමය වූ ඥාතිත්වයට වඩා අධ්‍යාත්මික වූ අධි භෞතිකමය සම්බන්ධයක් පෙරදිග පවුල්වල තිබේ. බටහිර සමාජවල ඇත්තේ ඓතිහාසික හා සම්බන්ධ වූ නීතිමය ඥාතිත්වයකි. පෙරදිග සමාජවල ඇත්තේ නීතිමය සම්බන්ධය ඉක්මවා ගිය පූජනීය වූ ඥාතිත්වයකි. බෞද්ධ කර්ම න්‍යායට අනුව සසරට සම්බන්ධ වූ ඥාතීහු ද සිටිති.
දරුවන්ට මුලින් ම හමුවෙන ඥාතීහු නම් මවුපියෝ ය. මවුපිය රැකවරණය දරුවන්ට අත්‍යවශ්‍ය ය. දරුවාගේ ආරක්ෂාව, පෝෂණය මෙන් ම අධ්‍යාත්මික ගුණ සංවර්ධනයට අදාළ වූ කරුණාව, මෛත්‍රිය, දයාව ආදියත් මවුපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු ය. හොඳ, නරක කියාදීම, යහමගෙහි යෙදවීම, සුදුසු අධ්‍යාපනයක් ලබාදීම, සුදුසු වියේ දී ආවාහ, විවාහ කරදීම, තමා සතු සම්පත් සුදුසු සේ බෙදාදීම මවුපියන් විසින් දරුවන්ට කළ යුතු ය. දරුවන් විසින් ද මවුපියන්ට ඉටු කළ යුතු වූ යුතුකම් රාශියක් ඇත. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු ඉටුකිරීම, කුල සිරිත් ආරක්ෂා කිරීම, මවුපියන්ගේ සම්පත් ආරක්ෂා කිරීම, ඔවුන් මියගිය කල්හි පින් අනුමෝදන් කිරීම දරුවන් විසින් කළ යුතු ය. මේවා කළ යුතු යුතුකම් වශයෙන් සලකා නොවේ. පින්කම් සේ සිතමිනි. ගෞරවයෙන් හා කරුණාවෙන් කළ යුතු වූ මවුපිය උපස්ථාන වශයෙනි.

පටු භේද ඉවතලා මනුෂ්‍යත්වය අගයමු

ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් ලොව පහළ වූ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ පරාර්ථ චර්යාවෙහි යෙදෙමින් ලොවට සැලසූ සෙත කියා ලියා නිමකළ නොහැකි ය.
දුකක්, හිරිහැරයක්, කරදරයක්, විඳීමට අපි අකැමැති වෙමු. ‘මා’ මෙන් නැතහොත් අපමෙන් දුක්, කරදර, හිරිහැර, විඳීමට අනෙකුත් අය ද අකැමැති බව නිතර සිහියට නගා ගත යුතුව ඇත. තමාට යම් දුකක් ඇතිවන විට එමගින් කෙතරම් වේදනාවක් ඇතිවේද? එසේනම් තමාට වේදනාව දැනෙන්නා සේ අනෙකාටද වේදනාව දැනෙන බව අවබෝධ කර ගැනීමෙන් අනෙකුත් අයට වන හිරිහැර කරදරවලින් දුරුවිය යුතු ය. තමන් ලබන්නට අකැමැති වේදනාවක්, හිරිහැරයක් අන් අයෙකුට ලබන්නට සැලැස්වීම කෙතරම් නපුරු ක්‍රියාවක්දැයි විමසා බැලිය යුතු ය.
මනුෂ්‍යයා කරන සෑම ක්‍රියාවක දී ම එසේ සිතීමෙන් හදවත් තුළ කරුණාව පහළ වේ. එසේ දියුණු කර ගන්නා කරුණාව, මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සියලු සත්ත්වයා දක්වා වර්ධනය කර ගත හැකි උසස් මානුෂික ගුණධර්මයක් වේ.
බුදුරජාණන් වහන්සේ දිනක් සැවැත්නුවර පිඬු සිඟා වැඩියහ. ඒ අවස්ථාවෙහි දී එක් ස්ථානයක ළමයි පිරිසක් ගැරඬියකුට හිරිහැර කරමින් සිටියහ. බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළහ. ‘ඔබ කුමක් කරන්නේදැයි’ ඒ ළමයින්ගෙන් විචාළහ. මේ විසකුරු සතාට හිරිහැර කරන බව ඒ ළමයි කීහ. ‘ඒ ඇයි දැයි’ බුදුරජාණන් වහන්සේ වදාළ විට මෙම සතා තමන් සපා කන බව ඒ ළමයි කීහ.

ආශ්චර්යවත් සම්බෝධියේ ආනුභා ගුණ මහිමය

සම්බෝධියේ පියවි නම ඇසතු වෘක්ෂයයි. ඇසතු වෘක්ෂය ගෞතම සම්බුදුපියාණන්ට බුද්ධත්වයට පත්වීමට උරදුන් නිසා එය සම්බෝධිය ලෙස ජන ව්‍යවහාරයට එක් විය. ගෞතම බුදුපියාණන් වහන්සේ, සිද්ධාර්ථ ලෙස මෙලොව පහළ වූ දා ඒ සමඟ තවත් කීප දෙනෙකු එදාම මොලොවට පහළ විය. යශෝධරා දේවිය, කන්ථක අසු, ඡන්න ඇමැති, ඇසතු වෘක්ෂය එම වස්තු අතර වෙයි. මෙයින් වසර දෙදහස් පන්සියයකට පමණ ඉහත දී උපන් මේ වස්තූන් අතර අදවනතුරුත් ජීවමානව පවතින්නේ සම්බුදුපියාණන්ගේ බුද්ධත්වයට උරදුන් ඇසතු වෘක්ෂය හෙවත් සම්බෝධිය පමණි.
බුද්ධත්වයට පත්වීමෙන් පසු ගෞතම සම්බුදු පියාණෝ සති හතක් පුරාවට සම්බෝධිය හාත්පස පරිසරයේ හිත නිවීගිය සුවයෙන් ගත කළහ. විශේෂයෙන් තමන්ට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් ඇසතු වෘක්ෂයට හෙවත් සම්බෝධියට කළගුණ දක්වමින් පුරා සතියක් මුළුල්ලේ දෑස් පුරා ඇසතු වෘක්ෂය දකිමින් අනිමිසලෝචන පූජාව පැවැත්වූ සම්බුදු පියාණෝ ‘කළගුණ සැලකීම’ බුද්ධ ජීවිතයේ ප්‍රථම පූජාව බව ලෝකයට පෙන්වමින් සම්බෝධිය බුද්ධ පුජාවට ද පත් වූ පූජනීය වස්තුවක් බව සනාථ කළහ.
සමහරදාට සම්බුදු හිමිපාණන් ජේතවනාරාමයේ නැතිදාට වැඳුම් පිදුම් කරන්නට එන බැතිමත්තු අසරණ වෙති. මේ ගැටලුව පිළිබඳව ආනන්ද හිමියන් විසින් සම්බුදු හිමියන්ට කරුණු කියා සිටි පසු ශ්‍රී මහා බෝධියේ පැළයක් ගෙනැවිත් ජේතවනාරාම භූමියේ සිටුවන ලෙසට ආනන්ද හිමියන්ට උපදෙස් දෙනු ලැබී ය. ජේතවනාරාමයේ ආනන්ද බෝධිය පිහිටවූයේ ඒ ආකාරයට ය. සම්බුද්ධ ජීවිතය හා බැඳුණ දෙවෙනි බෝධිය හැටියට ආනන්ද බෝධිය සැලකිය හැකි ය.
සම්බුද්ධ ශාසනය මෙරට පිහිටුවද්දී, සම්බුදු හිමියන් සත් සතිය ගතකළ සම්බෝධියේ දක්ෂිණ ශාඛාව ලබා ගැනීමට ද, මිහිඳු මහ රහතන් වහන්සේත්, තිස්ස රජතුමාත් දඹදිවට දූතයන් යවා ධර්මාශෝක රජුගෙන් ඉල්ලා සිටියහ. මේ පිළිබඳව එවකට වැඩසිටි මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට ගිය ධර්මාශෝක රජතුමාට සම්බුදු හිමියන් වෙත පැවැති පංච මහා අධිෂ්ඨානයන් පිළිබඳව විස්තර කර දෙන ලදී. එම පංච මහා අධිෂ්ඨානයන් මෙසේ ය.

ලක්දිව මෙහෙණි සසුන ඇරඹුණු වගයි

වසරේ අවසාන පොහොය වන්නේ උඳුවප් පොහොය දිනය යි. දුමින්දාගමනය හෙවත් සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ ප්‍රධාන එකොළොස් නමක් වූ භික්ෂුණීන් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීම ඇතුළු තවත් ශාසනික සිද්ධීන් රැසක් අනුස්මරණය වන පෝය දිනයක් ලෙස මෙම පෝ දිනය හැඳින්විය හැකිය.
සංඝමිත්තා රහත් තෙරණියගේ නාමය ලක් ඉතිහාසයේ සටහන් වනුයේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා ය. ඒ ලක්දිව මෙහෙණි සස්න පිහිටුවීම සහ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්දිවට වැඩම කරවීම යි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධයාගේ උතුම් සංකේතය ලෙසිනුත් ඓතිහාසික ඉපැරණි වෘක්ෂය ලෙසත්, ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වෙමින් අදටත් අනුරාධපුරයෙහි විරාජමානව වැඩ සිටිති.
සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ද රැගෙන තාම‍්‍රලිප්ත වරායෙන් නැව් නැග්ගා ය. බුද්ධ වර්ෂ 237 වැන්නෙහි උඳුවප් මස පුර පෑලවිය දවසෙහි ගමන් අරඹා උඳුවප් මස පුර දහතුන් වන දින ලක්දිව දඹකොළ පටුනට ළඟා විය.
ලංකාවේ අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන් ඒ වන විට පැවිද්ද බලාපොරොත්තු-වෙන් දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද උපාසිකාරාමයක විසූහ. කාන්තාවන් පැවිදි කරවීම, උපසම්පදාව කරවීම භික්ෂූණින් වහන්සේ නමක් විසින් කළ යුතු හෙයින් සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරන ලදී.