Labels

Thursday, August 27, 2015

ආත්ම සංවරයෙන් සුරැකෙන සමාජ සදාචාරය


ආචාර විද්‍යාත්මක පසුබිමක් ඇති, සමානාත්මතාවට ඉඩ ලැබෙන, අතිධාවනකාරිත්වයෙන් මිදී යන සමාජ දර්ශනයක් ලෙසින් බුදුදහම ඉදිරිපත් කර ඇත. සමාජයක පවතින සංවරශීලීබව සමාජ ප්‍රගමනයේ එක් මූල සාධකයක් වේ. සන්සුන් මනැසක් හා සන්සුන් කාය – වාග් ක්‍රියාකාරිත්වයක් සමාජයෙහි වෙසෙන්නන් තුළ ඇති කල්හි සමාජයෙහි නිර්මාණය වන දහසකුත් ප්‍රශ්න අවමකර ගැනීමට එය මහත් රුකුලක් වන බව පැහැදිලි ය.

බාහිර පෙනුම සලකා තීරණ ගැනීම නොමැනවි


එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන අය ගැන ක්ෂණික තීරණ නොගත යුතුය. කෙනකු වටපිට නොබලා බිම බලාගන කථා කළ පමණින්, සංවර වූ ඉරියව් තිබූ පමණින් ඉක්මන් තීරණ ගැනීම නොවටී. කෙනකු අඳින ඇඳුමෙන්, මතුපිට ස්වභාවයෙන් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතුය. අසංවරව අඳින පළඳින කෙනකු තුළ සංවරව අඳින පළඳින අයකුට වඩා සිල්වත්, ගුණවත් බවක් තිබිය හැකිය. ගැහැනු ළමයකු දිහා කෙළින් නොබලන, සිගරැට්ටුවක් කටේ නොතබන, ගෙදරින් පිටතට තනියෙන් නොයන කෙනකු ගැන වුවත් ඉක්මන් තීරණ නොගත යුතුයි. කෙනකුගේ බුද්ධිමත්කම, සුසිල්වත්කම මැනිය හැක්කේ දුෂ්කර අවස්ථාවන්හිදී, ඒ තැනැත්තා හෝ තැනැත්තිය මුහුණ දෙන ආකාරයට අනුව ය.

හොඳ හිතින් කරන නරක වැඩ නරක හිතින් කරන හොඳ වැඩ


 සාමාන්‍යයෙන් හොඳ වැඩ සහ නරක වැඩ කියලා වර්ග දෙකක් මිනිසුන් විසින් බෙදා ගනු ලබනවා. හොඳ වැඩ කළ විට හොඳයි, නරක වැඩ කළ විට නරකයි කියලා, තීන්දුවලට, තීරණවලට එළඹෙන්න පුළුවන්කම තිබෙනවා. එහිදී සමහර වෙලාවට හොඳ වැඩ නරක හිතින් කරන්නත්, නරක වැඩ හොඳ හිතින් කරන්නත්, පුළුවන්කම තිබෙනවා. එහෙම කරන්න පුළුවන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමී” යන ප්‍රකාශයත් එක්ක යම්කිසි ක්‍රියාවක් කළවිට එය පින් සිදුවෙන ක්‍රියාවක් ද ? පින් සිදු නොවන ක්‍රියාවක් ද? පව් සිද්ධ වෙන ක්‍රියාවක් ද පව් සිද්ධ නොවන ක්‍රියාවක් ද? යන්න තීරණය කරන්නේ ඒ ක්‍රියාවේ හැටියට නොවෙයි, ක්‍රියාවේ ප්‍රමාණයේ හැටියටත් නෙමෙයි.

සැබෑ අවබෝධය


තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධානුසාරී ආර්ය ශ්‍රාවකයා මෙම ආයතන පිළිබඳව සැබෑම අවබෝධයට පත්වීම නිසා ඇස පිළිබඳවත්, කන පිළිබඳවත්, නාසය, දිව, කය, මනස පිළිබඳවත් අවබෝධයෙන්ම කළ කිරෙයි. (චක්ඛුස්මිම්පි.... මනස්මිම්පි නිබ්බින්දති) කළකිරීම නිසා එම ආයතනවලට නොඇලෙයි. (නිබ්බින්දං විරජ්ජති) නොඇලීම නිසා නිදහස් වෙයි. (විරාගා විමුච්චති) එම ආයතනවලින් නිදහස් වූ පසු තමා දැන් නිදහස්ය යන අවබෝධයට පත් වෙයි

ආඝාතපටිවිනය හෙවත් ද්වේශයෙන් නිදහස් වීම

 
බුද්ධ දේශනාව මගින් සිදුකරනු ලබන්නේ ජීවිතය සහ ලෝකය පිළිබඳව යථාර්ථය විග්‍රහ කර දීමයි. එම ජීවිත යථාර්ථය තේරුම් ගැනීමට, කිසියම් පුණ්‍ය ශක්තියක් මෙන් ම විචාර බුද්ධියකින් යුතු මිනිසෙකු විය යුතුය. තණ්හාවෙන් බරිත වූ සමාජය තුළ මව පියා ගුරුවරයා සහෝදරයා සහෝදරිය ආදී පමණක් නොව අහිංසක දරුවන් ද මේ කිසිවෙක් නොසලකා හරියි. එනම් දීර්ඝ කාලයක සිට ශිෂ්ට සමාජයක් ලෙසින් ගොඩනැගූ සියලු හර පද්ධතීන් අකා මකා තම අභිප්‍රාය ඉටුකර ගැනීමට ප්‍රයත්න දරති. ආවේගකාරී මානසික මට්ටම තුළම ඇතිවන ද්වේශකාරී මානසික තත්ත්වය තේරුම් ගෙන පාලනය කිරීමට මෙන්ම

සදහම් නොදත් බාලයා රෝගියකු වැනිය


සිතින් නරකම සිතන්නේත්,කටින් නරකම කියන්නේත්,කයින් නරකම කරන්නේත් “බාලයා” බව දහමෙහි දක්වන නිසා පුද්ගල හැඩරුවින් සහ සිනාවෙන් පමණක් නොව ක්‍රියාකලාප අධ්‍යයනය කිරීමෙන් බාලයා තේරුම් ගත යුතුය. බුදුරජාණන් වහන්සේ “බාලයා” හට සංසාරය දිගය යනුවෙන් දක්වා ඇත්තේ සංසාරය කෙටි වුවක් නිසා නොවේ. සංසාරය අනන්තය, අප්‍රමාණය. කෙළවර මේ යැයි කිව නොහැකි තරම්ය. නමුත් මෙහිදී දක්වන්නේ බාලයා සමාජයට කරනු ලබන නරක ක්‍රියා නිසාම ඔහු තමාගේ සංසාර ගමන තව තවත් දික්කර ගන්නා බවය. නරක දෙයම නිතර නිතර කීරිම සමාජයට මෙන්ම එය කරන්නාටද හානිකරය.නමුත් නරක දෙය කරන නරකයා එය කරන අවස්ථාවේ එ තුළින් කිසියම් මිහිරක් ලබයි එහි විපාක ගිනි පුපුර මෙන් පෙරළා තමා වෙතම හඹා එන බව ඔහු නොසිතයි

අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කිරීමේ විපාක

 

ධම්මපදට්ඨකතාවෙන්

උදේනි රාජ්‍යයෙහි විසූ චණ්ඩපජ්ජෝත නම් රජු සියලු ධන සම්පතින් ආඪ්‍ය රජෙකි. දිනක් තම වැසියන් අමතා, තමා තරම් ඉසුරුමතකු මෙම රාජ්‍යයෙහි තවත් නොමැති බවට පුරසාරම් දෙඩීය. එවිට වැසියන් කීවේ, ඔබගේ මේ සම්පත් කුමක්ද? උදේනි නම් රජු මහා ඉසුරුමතකු බවයි. චණ්ඩපජ්ජෝත රජු ඒ පිළිබඳ තෘෂ්ණාව උපදවා ඒ සියල්ල අත්පත් කර ගන්නට යෝජනා කළේ ය. එවිට වැසියන් කීවේ එය කෙසේවත් කළ නොහැකි බවත් උදේනි රජුට ඇතුන් අල්වා ගන්නා සහ පලවා හරින්නා වූ හස්තිකාන්ත වීණාවක් ඇති බවත් ය. එබැවින් බොහෝ ඇතුන්ගෙන් පිරි ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කිරීම ඉතා අපහසු කාර්යයක් වන බව රටවැසියෝ රජුට පැහැදිලි කළහ.

ලද දෙයින් සතුටුවීම මංගල කරුණකි


මංගල සූත්‍රයෙහි සඳහන් විසිහතර වැනි මංගල කරුණ වන්නේ “ සන්තුට්ඨි” නම් වූ ලද දෙයින් සතුටුවීම මංගල කරුණක් බවයි. මෙය ධර්මයෙහි “ යථාලාභ සන්තුට්ඨි” නමින් ද විස්තර කෙරේ. එමෙන්ම “ සන්තුට්ඨිතා” ගුණය ලෙස ද දක්වයි. මෙහි ලද දෙයින් සතුටුවීම යනුවෙන් අදහස් කරන්නේ දියුණුවීම පිණිස හෝ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට එපා නම් වූ අදහස නොවේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් නුවණින් ද, උත්සාහයෙන් ද, නොපසුබස්නා වීර්යයෙන් ද යුතුව කටයුතු කළ යුතුය. එනමුත් එමගින් ලද ප්‍රතිඵලය හෝ ලැබූ දෙය පිළිබඳව දුකට හෝ චිත්ත පිඩාවකට පත් නොවී සිටිය යුතු බව මෙමගින් අදහස් කෙරේ.

ඇලීම අත්හැර සැනසීම ලබන්න




නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අචිචෙන්තිකාල තරයන්ති රත්තියො
වයො ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණෙ පෙක්‍ඛ මානො
ලොකාම්සං පජතෙ සන්තිපෙක්ඛා


ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ සඳහන් ඉතා වැදගත් ගාථාවක් පළමුව දැක්වෙනවා. මේ ගාථාව දේශනා කිරීමට හේතු වූයේ දෙවියකු විසින් දක්වන ලද අදහසක් නිමිතිකොට ගෙනයි. බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ සිටිය දී ‘නන්ද’ නමින් හැඳින් වූ දෙවියකු එක්තරා දිනක මධ්‍යම රාත්‍රියේ දී පැමිණ ගාථාවකින් කදිම අදහසක් ප්‍රකාශ කළා. එයින් පැවසෙන්නේ කාලය අනුක්‍රමයෙන් ගෙවෙමින් ගමන් කොට රෑ දවල් ඉක්ම යන බවත්,

දෙව්ලොව හිමි බෞද්ධයන්ට පමණ ද?

 

හොඳ නරක පදනම් කරගත් සම්මා දිට්ඨිය තිබෙන්නේ බෞද්ධයන්ට පමණක් නොවේ. අබෞද්ධ අන්‍යාගමිකයන්ටත් එය තිබෙනවා. ඒ විශ්වාසය මත කවුරුහරි කෙනෙක් හොඳ කරමින් නරකින් වළකිනවා නම් ඒ අය වෙනත් ආගමික නායකයින් අනුගමනය කළත් කර්ම න්‍යායට අනුව අපායේ යන්නේ නැහැ. හොඳ ක්‍රියා අනුව දිව්‍ය ලෝකයේ යනවා. දිව්‍ය ලෝකයේ උපදින්නේ බෞද්ධයෝ විතරයි කියන තර්කය එයින් බිඳෙනවා

‘උඩට’ – ‘පහළට’ යන සිව් දෙනා

  
මෝහය නමැති ගණ අඳුර නිවා ප්‍රඥාව නමැති ආලෝකය හදෙහි දල්වන්නට බෞද්ධයෝ උත්සුක වෙති. භෞතික දියුණුවේත් ආධ්‍යාත්මික දියුණුවේත් නැණ පහන් දැල්විය හැක්කේ මෝහය නමැති ගණ අඳුර නිවා ප්‍රඥාව නමැති පහන දැල්වීමෙනි. ප්‍රඥාලෝකය නිවා මෝහාන්ධකාරය ජයගත හොත් භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත් වේ. ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සඳහා ප්‍රඥාලෝකය වැඩිය යුතු ය.

නිරෝගී වීමේ රහස පවසන පුද්ගල පැවැත්ම

 
මිනිසාට ලෝකයේ ලැබෙන උතුම් ප්‍රතිලාභය නිරෝගී බව (ආරොග්‍ය පරමා ලාභා) යැයි දේශනා කළ බුදුරදුන් නීරෝගී බව නිරතුරුව රැක ගැනීම පිණිස අපගේ පැවැත්ම කෙසේ සකස් කර ගත යුතු ද යන කරුණ සිය දේ්ශනා මඟින් ලෝකයාට අවධාරණය කළ සේක. ඒ නිසා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා ය යන අරුත් ඇති ‘මහාභිසක්ක’ යන්නෙන් බුදුරදුන් හැඳින්වේ.

දුකසේ ලැබිය යුතු සම්පත් සතරක්



නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිච්ඡො බුද්ධානං උප්පාදො

Wednesday, August 26, 2015

නිබඳව රැස් කරන පින සහ පව


අප ජීවත් වන මේ සමාජයෙහි සිදුවන යාග හෝම, බලිබිලි, පුදපූජා පිළිබඳ අදත් අපට අහන්ට ලැබෙනවා වගේම ඒ පිළිබඳ විවිධ මතත් පළ වෙනවා. බුදුදහමෙන් නිරන්තරයෙන්ම පූජා විධි ප්‍රතික්ෂේප වන්නේ පුද පූජාවෙන් පමණක් බුදු දහමෙහි උගන්වන පරම විමුක්තිය වූ නිර්වාණය සඵල කර ගත නොහැකි වන නිසාය.

පාපයට- විපතට මඟ සලසන සතර අගතිය

 

යමක් සඳහා උත්සාහය සහ සැලැසුම අවශ්‍ය වූවත්, ඒවායේ දැඩි ලෙස ඇලීම හෝ ගැටීම, සිතූ පරිදිම ප්‍රතිඵල අපේක්‍ෂා කිරීම, සතර අගතියට උත්ප්‍රේරක ය. යමක් නිත්‍ය නොවන්නේ ද එය දුක් ගෙනදෙන බව ‘යද නිච්චං තං දුක්ඛං’ යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි. මේ අනුව නිත්‍ය නොවන ධර්ම කෙරෙහි හෝ ධර්මතා කෙරෙහි අගතියට යෑම, ඉච්ඡා භංගත්වයට හේතු වන්නේ ය.

දරුවන් ගැන මව්පියවරු සොයා බැලිය යුතුයි





 සමාජයේ දරුවන් ගැන සොයා බලන්න කෙනෙක් නෑ. කාර්ය බහුලත්වය නිසා මව්පියන් දරුවන්ගෙන් ඈත් වෙලා. උදේ පාන්දර වෑන් එකට නග්ගල අම්ම තාත්ත වැඩට යනව. හවසට ඇවිත් අම්ම තාත්තට දරුවො ගැන හොයන්න වෙලාවක් නැහැ. දරුවොත් උදේ වරුවෙ පාසලේ හවසට ටියුෂන් යනවා ගෙදර එන්නෙ රෑ වෙලා. පාසලේ වැඩගැනවත් දරුවන් යන එන ඇසුරු කරන අය ගැනවත් හොයන්න අම්මට තාත්තට වෙලාවක් නැහැ. දරුවා නැවත හෙට උදේට පාසල් යන්න ඕන. අධ්‍යාපනය නිවැරැදිව ඔළුවට වැටෙන්නෙ නැහැ. ආතතිය තෙරපුම පීඩනය වැඩියි. මවට පියාට හොයන්න වෙලාවක් නැති නිසා දරුවන් නිදැල්ලේ යනවාදෝයි සිතෙනවා.

ත්‍රිලක්ෂණය


අනවබෝධය නිසා ඇතැම් අය කිසිදු උත්සාහයක් නොකොට තම කටයුතු පසක දමා කුසීතව මන්දගාමීව කල්පනා කරයි. සෑම දෙයක්ම ස්ථිර නැතැයි ‘අනිච්ච’ යන පදය අරුත් වරදවාගෙන මෙලොව පරලොව උභය දියුණුවට අවැසි මඟ අප්‍රමාදව සිදුනොකර පිරිහීමට පත්වෙයි.

Tuesday, August 25, 2015

මෝහය


සිගාල සිටු පුත් මුල්කරගෙන ගිහි සමාජයට ආචාර ධර්ම පද්ධතියක් දේශනා කරන බුදුන් වහන්සේ පුද්ගලයා අන්තගාමී නොවිය යුතු අගතිගාමී නොවිය යුතු කරුණු හතරක් දේශනා කරයි. ඉන් එක් අගතිගාමී කරුණකි මෝහය, හෙවත් මුලාව. මෝඩකම යනු ද එයම ය. මෝඩකම මැනිය හැකි එක් මිනුම් දණ්ඩකි පුද්ගල ක්‍රියාකාරීත්වය.

බය


දේවධර්මය, ලොව්තුරු ධර්මය, මේ සමාජ ආචාර ධර්ම තුළ තමන් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි ද ? බාදා කම්කටොලු නැති තෘප්තිමත් ජීවිතයක් ගත කරයි. ප්‍රාණ ඝාතය ඇතුළත් පස් පව් දස අකුසල් ක්‍රියාත්මක කරයිද?

ද්වේෂය


සිගාල ගෘහපතියා මුල්කරගෙන සමාජයක ජීවත්වන මිනිසුන් උදෙසා ආචාර ධර්ම පද්ධතියක් දේශනා කරන බුදුන් වහන්සේ පුද්ගලයා අගතිගාමී අන්තගාමී නොවිය යුතු කරුණු හතරක් දේශනා කරයි. ඉන් එක් අගතිගාමී කරුණකි ද්වේෂය.

ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය



පුල් විලක, පියුම් විලක තියන මල් වර්ග තුනක් ගැන අපි කලින් කතා කළා. ඒත් සමාජය නමැති විලේ ජීවත්වන සත්ත්වයන්ගෙ ස්වභාවය බුදුහාමුදුරුවො දකින්නේ ආකාර දහයකට. සත්ත්වයා කියන්නෙ මොන අර්ථයෙන් ද? “සත්ත” කියන පාලි වචනෙ ඇලුණු,පැටලුණු කියන තේරුමයි තියෙන්නෙ. ඒ අනුව රූප,වේදනා,සඤ්ඤා,සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙහි ඇලුණු කෙනාට තමයි සත්ත්වයා කියන්නෙ.

කර්මය සහ විපාකය


පුදුම සිදුවීම් නිතර නිතර ම ලෝකයත් ලෞකිකයාත් පිළිබඳ ව අසන්නට දකින්නට ලැබෙයි. සෑම දෙනෙකුන්ම තම තමා ගැන ම මවිතවන අවස්ථා එමට ය. මෙසේ නොසිතූ විරූ පරිදි බොහෝ දේ සිදුවීමට හේතුවක් - කාරණයක් තිබිය යුතු ය. නො එසේනම් කරවන්නෙක් නිර්මාපකයෙක් අවශ්‍යය. කෙනෙකුට යස ඉසුරු සැප සම්පත් අනෙකෙකුට වද වේදනා දුක් විපත් දීමට සුවපතුන් දුකටත් දුක්පතුන් සැපටත් අද තිබෙන දෙය හෙටට වෙනස් කරන්නටත් කෙනෙකුට හැකිදැයි සිතා බලා එබඳු විශ්ව බලයක් පුද්ගලාරෝපණයකට බාහිර විද්‍යාඥානයෙන් කෙසේවත් ඉඩ නොලැබෙන බුද්ධි යුගයක ජීවත්වන මිනිසා අනෙකුත් නොයෙකුත් හේතු සෙවිම නොවැලැක්විය හැකි ය.

ජීවිතය සුවපත් කරන සිල්වත්කම


පන්සිල් රැකීම දෙලොව දියුණුවට ඉවහල් වන අතර, තමන්ගේ අධ්‍යාත්මික විමුක්තියටද මඟ හෙළි කරයි. පන්සිල් රකින්නාගේ ගුණ සුවඳ සියලු දෙසට හමා යයි. කාගේත් ගෞරවයට ඔහු පාත්‍ර වෙයි. මෙලොව සැප ලබයි. පරලොව දී ද ඔහු ශ්‍රේෂ්ඨයෙක් වෙයි. නිවන් සුව ලැබීමට ද ඔහුගේ ශීලය හේතුවක් වෙයි. බුදුන්, දහම්, සඟුන් පිහිට කොටගත් උපාසකයා එබැවින් පන්සිල් පද උල්ලංඝනය නොකොට, නිති රැක ගැනීමෙහිලා උත්සුක වීම ඉතා වැදගත් වෙයි.

බුදු වදන පිළිගත් අය තුළ දුබල සිතුම් - පැතුම් නෑ

  
ධර්මය කෙරෙහි විශ්වාසයට එන්න බැරි ඇතැම් අය දේශනා කියවනවා. අන් අයට කියලත් දෙනවා. නමුත් ඒ අය කල්පනා කරනවා ‘ කොහොම ද සමාධිය ඇති කර ගන්නේ ‘කියලා . එයා කල්පනා කරනවා ‘කොහොම ද සම්මා දිට්ඨිය ඇති කර ගන්නේ ‘ කියලා. ඊළඟට යථාභූත ඤාණය ඇති කරගන්නෙ කොහොමද කියලා. මේ පංචඋපාදානස්කන්ධය අවබෝධ කරන්නේ කොහොම ද කියලා මොකක් ද මේ පංච උපාදානස්කන්ධය ? මේ රූපය මොකක් ද? කිය කියා ඉතින් හොයනවා. “ මොකක් ද කළ යුත්තේ “ කියන කරුණාව ගැන බොහෝ දෙනකුට තේරුමක් නැහැ. අඳුරේ අත පත ගානවා.

සියලු බුදුවරුන්ගේ අනුශාසනාව



මේ සසර ජීවත්වන සත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගෙන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුණොත් එදාට අපට මේ සසර නිම වීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීප වීමේ හැකියාව ලැබෙනව.

Sunday, August 23, 2015

කාය වාග් සංවරය



“ස්වාමීනි , ඔබ වහන්සේ අනුන් ඇසීමට අපි‍්‍රය අමනාප වචන ප්‍රකාශ කරන්නේද? රාජකුමාරය, එයට එක එල්ලේම පිළිතුරක් දිය නොහේ, කිවයුතු තැනදී කියමි. නොකිය යුතු තැනදි නොකියමි”
(අභයරාජ කුමාර සූත්‍රය – මජ්ක්‍ධිම නිකාය 52)
සියලු කායික ක්‍රියා අතර පුද්ගලයෙකුගේ මුවින් පිටකරනු ලබන වචනයෙහි ශක්තිය හා බලය අතිමහත්ය. පි‍්‍රයවූත්, මනාපවූත් වචනය අසන්නාගේ සිත ප්‍රබෝධමත් කරයි. සන්තෘප්ත කරයි. සිතෙහි අසීමිත පී‍්‍රතියක් ජවයක් උත්පාදනයෙහි සමත්වෙයි. අපි‍්‍රය අමනාප වචනය නිසා හටගන්නේ එයට ප්‍රතිවිරුද්ධ ඵලයකි. එවැනි වචන අසන්නාගේ සිත හකුළුවාලයි. කෝප සිතිවිලි ජනිත කරයි. හිංසනය වැනි කායික ක්‍රියාවන්ට පුද්ගලයා පොළඹවයි. අපි‍්‍රය අමනාප වචනය එය කියන්නාට මෙන්ම අසන්නාටද අයහපත්වූත්, අවැඩදායකවුත් ප්‍රතිඵල අත්කර දෙයි.

සිතේ දමනයට සතිය


සුපසන් වූ ජීවිතයකට ‘සතිය’ හෙවත් ‘සිහිය පිළිබඳව අපි කතා කරමු. අප ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් මනා වූ දියුණුවක් ලැබීමට නම් ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යමයි. සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවසන අන්දමට, සිහියෙන් වැඩක් කරන්නට නොහැකි කිසිදු පුද්ගලයෙකුට ජීවිතයේ කිසිදු දියුණුවක් ලබන්නට අපහසුයි.

බුදු ගුණ නැණ මහිම


සම්මා සම්බුදු වරයෙකුගෙන් ම නියත විවරණය ලබා කල්පා සංඛ්‍ය ගණනාවක් සමතිංශත් මහා පාරමී ධර්මයන් පූරණය කළ සේක. මිනිස් භවයන්ට අවසන් භවය ලෙස ගෙන, මහාභිනිෂ්ක්‍රමණයෙන් සත්‍යය ගවේශනය අරඹා පුබ්බේ නිවාසානුස්සති උදව්‍ය ආදී අෂ්ට මහා ඥාන ස්වශක්තියෙන් ම උපදවා ගත්හ.
අනතුරුව සෝවාන් සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන සතර මහ සතර ඵල මස්තකප්‍රාප්ත කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළහ., සිව් පිළිසිඹියා - ෂඩ් අසාධාරණඤාණ – තුදුස් බුද්ධ ඤාණ – අටලොස් ආවේනික ධර්ම – දශබල – පටිසම්භිදා ඤාණ – චතූ වෛශරාද්‍යාදී අපරිමිත බුද්ධ ශක්ති පහළ කරගත් මහා පුරුෂයෙකු ගේ ගුණ බල මහිමය මෙතෙකැයි කියා කීමට සමතෙක් තුන් ලෝකයේ ම නැත. එක් ජල බිඳුවකට එක් බුදුගුණයක් බැගින් සමරූපනය කර මහ සයුර ජල බිංදු ගණනින් සංඛ්‍යාගත කළත් සයුර මිස බුදු ගුණ නොනිමවෙයි. බුදුවරයන් වහන්සේ නමක් අන්කිසි දහමක් නොවදාරා කල්පයක් මුළුල්ලේ ම බුදුගුණම කියාගෙන යතොත් කල්පය ගෙවී යන නමුත් බුදුගුණ නොනිමවෙයි. එහෙයින් බුදුගුණ අනන්ත වෙයි. අනවරාග්‍රවෙයි.

Saturday, August 22, 2015

සිල්වත් ජීවිතය

 


මනුෂ්‍යයෙකුට ප්‍රඥාව ලැබෙන්න ලැබෙන්න ජීවිතය පහසු වෙනවා. අප ජීවත්වෙනවා කියන්නේ ප්‍රශ්නවලට මුහුණදෙන එකයි. මනුෂ්‍යයෙකුට සත්‍ය අවබෝධකරගෙන ජීවත්විය හැකිනම්, ගැටළු සමනය කරගත හැකියි. ප්‍රඥාව දියුණු කර ගැනීමෙන්, මනුෂ්‍යයෙකුට සැප ලැබීමට හැකිවෙනවා. සැප යනු පුද්ගලයෙකුගේ කායික, මානසික, සමාජ, අධ්‍යාත්මික යහපැවැත්ම සුරක්ෂිත කර ගැනීමයි.

ඉන්ද්‍රිය සංවරය ඇත්තා මරු වසඟයට නොයයි

 


මේ ශරීරය හැදිල තියෙනවා කොටස් තිස් දෙකකින්, කෙස්වලින් පටන් අරගෙන යටිපතුල්වලින් අවසන් වෙන, මේ කොටස් තිස් දෙක කටපාඩම් කරගෙන, එම කොටස් එකක් එකක් ගැන වෙන වෙනම හොඳින් හිතන්න ඕන. එහෙම හිතනකොට මේවායේ තියෙන නියම ස්වභාවය ඒ කියන්නේ වෙනස්වන බව, කැඩෙන බිඳෙන බව අවබෝධ වෙනවා.

භාවනා කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු



අප කුමන ආකාරයේ යහපත් ක්‍රියාවක්‌ කිරීමට අදහස්‌ කළ ද එය වැළැක්‌වීමේ සිතිවිලි පහළ වීම ස්‌වාභාවිකය. කුමක්‌ හෝ භාවනාවක නිරත වීමේදී හෝ ඒ සඳහා උත්සාහ කිරීමේදී පමණක්‌ නොව, ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්‌ හෝ ගෘහණියක හෝ වෙනත් රැකියාවක්‌ කරන්නෙක්‌ විය හැක. එම කටයුතු කරන හැම අවස්‌ථාවකදීම කුසීත බවක්‌ අළස බවක්‌ ඇති වීමට පිළිවන. එම කුසීත බවට බොහෝ හේතු තිබිය හැකිය. එම හේතුන් ඉවත් කළ විට යළිත් උද්යෝගය ඇතිවී, එම කාර්යයන් හොඳින් කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ඇතැම් විට එම සිතුවිලිම ඉස්‌මතුව , ඒවාම ජයග්‍රහනය කරනු ඇත. ඒ අනුව ඔබ හැම අතින්ම අඩපන කරනු ඇත. එම කුසීත තත්ත්වයෙන් මිදී යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් විය හැකි නම් , එය ඔබේ ජයග්‍රහණයකි.

සිතේ සැනසිල්ලට ශෝකය බාධාවකි


සිතෙහි ශෝකයක්‌ හටගත් විට කොපමණ නම් අඳුරු ස්‌වභාවයක්‌ සිතෙහි හටගන්නේදැයි බොහෝ අයකුට ජීවිතයේ අත්දැකීම් ඇත. වරෙක එම අඳුරු ස්‌වභාවය විසින් ඔබගේ සිතෙහි තනිකම, පාළුව, එපාවීම, කළකිරීම, කිසිවක්‌ කෙරේ උනන්දුවක්‌ නැති බව ආදී දුර්වල සිතුවිලි ඇතිකරනවා ඇත. මෙය තරහව මුල් කොටගත් සිතුවිල්ලකි. මේ නිසා තරහව අකුසලයක්‌ බැවින් ශෝකය අකුසල් රැස්‌වීමටද හේතුවෙනවා ඇත. සිතේ ශෝකයක්‌ නැති බව උතුම් මංගල කරුණක්‌ වන්නේ එබැවිනි.

Friday, August 21, 2015

අප සතු ඒ වගකීම...




 අප්පකා තේ මනුස්‌සේසු
යේ ජනා පාරගාමිනෝ
අථා යං ඉතරා පජා
තීරමේවානුධාවති

Thursday, August 20, 2015

ආමිසයච ද? ප්‍රතිපත්තිය ද?



"සුඛෝ බුද්ධානං උප්පාදෝ" බුදුවරයාණන් වහන්සේලාගේ උප්පත්තිය සුඛයකි. ඒ සුඛය වත්මන් ලෝ වැසියාටද ලැබී තිබේ. එනමුත් සැබෑවටම ලොවැසියා සැපයේද? විමසා බලමු.

තථාගතයන් වහන්සේගේ ශ්‍රි ශරීරයේ පවත්නා අසූ අනු ව්‍යඤ්ජන ලක්ෂණ


තථාගතයන් වහන්සේගේ ශ්‍රි ශරීරයේ පවත්නා මහා පුරුෂ ලක්ෂණ අනුව පිහිටියා වූ, සම්බුද්ධ ශරීරයෙක පමණක් ප්‍රකට වන්නා වූ අසූ අනු ව්‍යඤ්ජන ලක්ෂණ ම අසූවෙ කි

ඉගෙනුම සඵල වන බුදු ඔවදන්


 මිනිස්සු උපතින් එක් එක් ආගම්වලට අයත් වෙති. නමුත් බුදුදහමේ ශ්‍රාවකත්වය ලැබෙන්නේ උපතින් නොවේ. ධර්මය අවබෝධය තුළිනි. ඇතැම් කෙනෙකු කේන්දරයට අනුව තමන් බෞද්ධයකු වේ යැයි සිතයි. එහෙත් සත්‍යය එය නොවේ. ධර්මය යනු කුමක්ද? ධර්මය නම් චතුරාර්ය සත්‍යයයි, හෙවෙත් උතුම් ඇත්ත හතරයි. එනම්

මඳක් සිතන්න


නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස,

“සන්තුස්ස කෝච සුභරෝච
අප්ප කිචෙචාච සල්ලවුක වුත්තී”


විශ්වයේ අතිශය චමත්කාර ජනක නිර්මාණයක් වන මිනිසා සත්ත්ව ලෝකය තුළ ඉතා උසස් මනසකින් යුතු සත්වයා ද වේ. විසල් විශ්වයේ ක්‍රියාකාරීත්වය මනුෂ්‍යයාගේ පැවැත්ම විෂයෙහි බොහෝ බලපෑම් එල්ල කරයි. මෙලෙස විශ්ව ශක්තියේ ක්‍ෂුද්‍ර අංශුවක් වන මිනිසා අද්‍යතයේදී විශ්ව න්‍යායන් හා සංකල්පයන් අභිබවා යෑමට සෑම විටම උත්සාහ කරයි. සැබවින්ම මිනිසා සතු ශක්‍යතාවන් බොහෝ ය. එසේ වීද ඔහු ස්වභාව ධර්මයට කරන අභියෝගයන් පිළිබඳ වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු ය.
දඩයම් යුගයේ දී මිනිසාගේ අවශ්‍යතා අතිශය සරලය සුළු ය.

බුදු සිරිත හා දහම ගැන අරිය පරියේසන සූත්‍රයෙන් විමසුමක්



ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ පහ අතරෙන් මජ්ක්‍ධිම නිකායේ ඔපම්ම වග්ගයට අයත් සූත්‍රයක් ලෙස අරිය පරියෙසන සූත්‍රය හඳුනාගත හැකිය. මෙම සූත්‍රය බුද්ධ චරිතය සහ බෞද්ධ දර්ශනයේ මූලික සිද්ධාන්ත හෙළි කරන සුවිශේෂ සූත්‍රයකි. සූත්‍රයේ ආරම්භයේම සඳහන් වනුයේ සූත්‍රය දේශනා කිරීමට පසුබිම් වූ කතා පුවතයි. මේ අනුව භික්ෂුහූ ආනන්ද තෙරුන් හමුවී බුදුරජාණන් වහන්සේගේ් දහම් දෙසුමක් බොහෝ කාලයකින් ශ්‍රවණය කිරීමට නොලැබුණු බවත් ඊට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

Wednesday, August 19, 2015

ජීවත්වීම යනු කුමක්ද?


  අධ්‍යාපනය සඳහා හඹා යන තැනදී බොහෝ වැරදි කරන්නට නොහොඹිනා දේ කරන්නට ඒ වගේම නොයෙක් අවස්ථාවන්හිදී මුසා දොඩන්නට අනෙකා පරයා තමන් ඉදිරියට යන්නට අනෙකාට ඉදිරියට එන්නට තියන ඉඩ කඩ අහුරා දමන්නට මෙසේ නොයෙකුත් නොමනා කම් කරමින් මනුෂ්‍යකම පවා කෙලෙසන තැනට පත් වෙලා තියෙන්නේ අධ්‍යාපනය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මිනිසුන්ගෙන් ගිලිහී ගිහින් තියෙන නිසයි. මෙයින් අපි අදහස් කරන්නේ අධ්‍යාපනය අවශ්‍ය නැහැයි කියන එක නෙමෙයි, අධ්‍යාපනය අවශ්‍යයි. නමුත් එය කුමක් සඳහාද කියන නිවැරැදි ආකල්පය මත පිහිටා ගොඩ නගනවානම් මනුෂ්‍යකම් ඇති සත්පුරුෂයින් බිහිකරන්න ඒ අධ්‍යාපනය දායක කර ගන්නට පුළුවන්.

බුද්ධ ප්‍රමුඛ සාංඝික දානය



හාර දානයෙන් ලබන තැනැත්තාගේ කායික පෝෂණය සිදුවේ. දානය සාංඝික දානය හා පුද්ගලික දානය යැයි දෙවැදෑරුම්ය. පුද්ගල බෙදීමකින් තොරව බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයාට දීම සාංඝික දානයයි. මජ්ජිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රයේ සාංඝික දාන හතක් දැක්වේ.
එනම්,

ධන ඉපයීම



මජ්ක්‍ධිම නිකායේ ඒසුකාර සූත්‍රයේ ධන පරිහානියේදී ලැබෙන ආනිසංසයන් පිළිබඳවද,ආදීනවද දක්වා ඇත. හුදෙක් ධනය තිබීම හෝ නොතිබීම මත පුද්ගලයා ඇගයීමට ලක් කළ නොහැක. “මහත් සේ භෝග ඇති බව උසස්යැයි මම නොකියමි. එසේම බමුණ, මහත්සේ භෝග ඇති බව පහත්යැයිද මම නොකියමි. මහත් සේ භෝග ඇත්තෝ ද බමුණ, සොරකමෙන් ,කාමයේ වැරැදි ලෙස හැසිරෙමින් ,බොරුවෙන් ද්වේෂ සහගතව වැරැදි අදහස් ඇතිව හැසිරෙති. ඒ නිසා උදාර භෝගතාව උසස් යැයි නොකියමි. මහත් සේ භෝග ඇති ඇතැම් හූ හිංසාවෙන් තොරව නිවැරැදි අදහස් අනුව ක්‍රියා කරති. ඒ නිසා උදාර භෝගතාව පහත් යැයි නොකියමි”. මේ අනුව මිනිසා උසස් හෝ පහත් වන්නේ ධනය තිබීම හෝ නොතිබීම මත නොව ලද ධනය පරිභෝග කරන ආකාරය අනුව බව බුදුදහම අවධාරණය කරන කරුණයි.

Tuesday, August 18, 2015

මවුපිය උපස්ථානය බෝසත් ගුණයක්


සම්බුද්ධ දේශනාවෙහි නොයෙක් මවුපිය ගුණ අගැයීමට ලක්කර තිබෙනවා. මවුපියන්ට සැලකීම ඉතා උසස් කොට දක්වන අතර මවුපියන්ට නොසලකන දරුවන් දෙලොවෙන්ම පිරිහෙන බව පෙන්වා දී තිබෙනවා. මවුපියන්ට සෙනෙහසෙන්, ඔවුන්ගේ අගය වටහාගෙන උපස්ථාන කළ උතුමන් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ඉතිහාස ග්‍රන්ථවලත් සඳහන් වනවා.
ලොවුතුරු බුදු පදවි ප්‍රාර්ථනා කරගෙන සසර පාරමී දම් පුරන අවධියේදි මවුපියන්ට සැලකීම උතුම් ගුණධර්මයක් ලෙස බෝසතාණන් වහන්සේ විසින් ද පුරුදු පුහුණු කරනු ලැබුවා. සැබැවින්ම මවුපිය උපස්ථානය උත්තම බෝධිසත්ව ගුණයක්.

මවු ගුණ ඔප කළ බුදු බණ



මිනිස් හෝ තිරිසන් හෝ කුමන ආත්මයක උපන්නත් මෑණියකගේ කුසයෙන් බිහිවීම ස්වාභාවික උපතක් වශයෙන් සැලකිය හැකිය. වත්මන් දියුණු යැ’යි සම්මත ලෝකයෙහි විද්‍යාත්මක මෙවලම් මගින් දරු උපත් සිදු කැරෙන බව ද අසන්නට ලැබේ. කෙසේ වුව, මවකගෙන් ලැබෙන සෙනෙහස, ආදරය, කරුණාව, වෙනත් කිසිවකුගෙන් ලැබේවි’යි සිතිය නොහැකිය. කවුරුත් අපට එරෙහි වුවද ප්‍රතික්ෂේප කළද,

තමා ගැනම සොයනු මැන

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අත්තනාවෝද යත්තානං
පඨිමාසෙ අත්තමත්ථනා
සො අත්තගුනෙනා සතීමා ගුතේතා
සුඛං භික්ඛු විහාසසි”

දෙලොවට හානිදායක වාචසික අසංවරය


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

පූරිසස්සහි ජාතස්ස
කුඨාරි ජායතෙ මුඛෙ
යාය ජින්දති අත්තානං
බාලෝ දුබ්භාසිතං භණං
(සංයුත්ත නිකාය
කෝකාලික සූත්‍රය )

අත්හළ යුතු අන්ත දෙක


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“ද්වේ මේ භික්ඛවේ අන්තා
පබ්බජිතෙන න සෙවි තබ්බා”

මී පැණි’ අමිහිරි වන හැටි

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං නපච්චති
යදා ච පච්චතී පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පින්වත!

Monday, August 17, 2015

පංචශීලය





සීලයේ විශේෂයෙන්ම ගතහැකි අරුත වනුයේ ආරක්ෂා වීම, ආරක්ෂා කර ගැනීම බව සඳහන් කළ හැක. ගිහියාගේ මූලික අඩිතාලම පන්සිල් ය.

බොරුවට - වංචාවට තැනක් නැති ජීවිතය


හැබෑ බෞද්ධයකුගේ ජීවිතය තුළ කිසිවක් අරබයා කිසිදු විටෙක බොරුවට වංචාවට තැනක් නොලැබේ. හෙවත් සත්‍යයම ජීවිතය වේ. සත්‍යවාදියකු වේ. සත්‍යවාදී නොවීම නැතිනම් බොරුකීම පස් පවට අයත් ප්‍රබල පාප කර්මයකි.

Sunday, August 16, 2015

බෞද්ධ විවාහයෙන් පෝෂණය කළ යුතු යෞවනයේ ආදර කතාව


තමාගේ පැවැත්මට හා සැනසිල්ලට හේතුවන වස්තුන් කරා හඹා යාමත්, ආත්මාර්ථකාමී ලෙස එම වස්තූන් තමා සන්තක කර ගැනීම සහ ඒ සඳහා වෙහෙසීමත්, ආදරය යනුවෙන් ඇතැම්හු අර්ථ දක්වති. එමෙන්ම පුද්ගලයකු තුළ වෙනත් අයකු අරමුණු කොටගෙන ඇලීම් ස්වරූපයෙන් පහළ වන සිත් ගන්නා සුළු බවත්, තමාගේ බලාපොරොත්තු සපුරා ගැනීමට උපකාරීවන වස්තූන් ආරක්‍ෂා කර ගැනීම සඳහා සිත්හි පහළ වන චිත්ත ස්වභාවයත් ආදරය යනුවෙන් අර්ථ දැක්විය හැකිය. සෑම සත්ත්වයෙකුම තමා පිළිබඳ ආරක්‍ෂාවකින් පසුවන අතර එය තමාගේ ජීවත් වීමේ පරමාර්ථය මූලික වූ සැප ලැබීමේ ආශාවන් පිරිවරා ගත් බලාපොරොත්තු සමුදායක් ආරක්‍ෂා කර ගැනීමකි. එම අපේක්‍ෂාවන් සපුරා දෙන පැත්තට ඇදී යාමද, ‘ආදරය’ යනුවෙන් ඇතැම්හු අර්ථ දක්වති.