මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ඇතිවෙනවා. පටිච්ජ සමුප්පන්නව උපාදානයයි ඊළඟ භවය සකස් කර දෙන්නේ. ඉහත කාරණය මැනවින් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් පහත සඳහන් කරනවා. අපි නිරතුරුවම පටිච්ජසමුපාද ධර්මයේ අර්ථයන්ට පිටින් ගොස් අපේ ජීවිතය දකිනවා. ඔබ සිතා සිටිනවා ඒ දැක්‌ම ධර්මය එකඟයි කියලා.
භික්‍ෂුව ධර්ම සාකච්ඡාවක් කරන අවස්‌ථාවක මැදිවියේ කාන්තාවක් බොහොම සතුටින් උදම්ඇනුවා ඇය මැරෙන්න බය නැහැ කියලා. 'හාමුදුරුවනේ, මම දැන් වුනත් මැරෙන්න බය නැහැ. මම ඕනෑ තරම් පිංකම් කරලා තිබෙන්නේ' කියලා. නමුත් භික්‍ෂුව ඇයගේ අදහස් තුළින් දැක්‌කා ඇය මොනතරම් පිංකම් කළා කීවත්, පංචඋපදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වඩලා නැහැ කියලා. මෙය සමාජයේ හුඟදෙනෙක් තුළ තිබෙන දුර්වලකමක්. තමන් කරන පිංකම් නිසාම පංචඋපාදනස්‌කන්ධයේ නිත්‍යභාවය වැඩිකර ගන්නවා. තමා මැරෙන්න බය නැහැ කියලා කියපු මැදිවියේ පිංවත් කාන්තාවද, තමා කරන පිංකම් ගැන කියමින් තමයි භික්‍ෂුව ඉදිරියේ උදම් ඇනුවේ. ඇය කීවා 'මම නිතරම දන්දෙනවා, සිල් ආරක්‍ෂා කරනවා, සමාජ සේවය කරනවා' කියලා. ශීලය ගැන, දානය ගැන තෙරුවන් ගැන ඇය දැනගෙන සිටියත් දැනගත යුතුම දෙය, එනම් දුක සකස් කරන තෘෂ්ණාව ගැන ඇය දැනගෙන හිටියේ නැහැ.
තමා මැරෙන්න බය නැහැ, පිංකම් කරලා තිබෙනවා කියපු එම කාන්තාවගෙන් භික්‍ෂුව ඇසුවා 'ඔබට දරුවන් කී දෙනෙක් සිටිනවාද?' කියලා. ඇය කීවා තරුණ දුවෙක් සහ පුතෙක් සිටිනවාය කියලා. පුතා තවම පාසල් යනවා. ඇයගේ ස්‌වාමිපුරුෂයා මියගිහින්. ඇය ව්‍යාපාරයක් කරමින් හොඳ ආර්ථික තත්ත්වයකින් ජීවත්වෙනවා. තම ව්‍යාපාරය වගේම දරුවන් උදෙසාද ඇය බොහොම වෙහෙස මහන්සි වෙනවා. දරුවන් දෙදෙනාට ඇය තමාගේ ජීවිතයටත් වඩා ආදරෙයි. මැරෙන්න බය නැහැ කියපු ඇයගෙන් භික්‍ෂුව මෙහෙම දෙයක් විමසුවා.
'මෙතැනට දැන් මහත්මයෙක් එනවා කියලා හිතන්න. ඒ මහත්මයා සත්‍යවාදී වචන කථා කරන මහත්තයෙක්. ඒ මහත්මයා ඔබට කියනවා මම ඔබව හෙට උදේම ඔබව ඇමරිකාවට එක්‌කරගෙන යනවා. එහිදී මනුෂ්‍යයකුට ලැබෙන උපරිම සැපසම්පත් දී මැරෙන තුරාවටම ඔබව රැකබලාගන්නවා. හැබැයි මට එහි රැගෙන යන්න හැකියාව තිබෙන්නේ ඔබව විතරයි. දරු දෙදෙනා රැගෙන යැමට මට අවස්‌ථාවක් නැහැ. ඒ අයව තියලයි යන්න වෙන්නේ. මොහු අවංකවමයි මේ ප්‍රකාශය කරන්නේ'
භික්‍ෂුව ඇයගෙන් විමසුවා ඔබ ඔහු සමග හෙට උදේම ඇමරිකාවට යන්න කැමති වෙනවද? කියලා. ඇය ගත් කටටම කීවේ 'මගේ දරුවො දෙන්නා දාලා මම කොහේවත් යන්නේ නැහැ' කියලා. මෙන්න මෙතැන තමයි උපාදානය කියන්නේ. ඇය මුළින්ම උදම් ඇනුවා මම පිංකරනවා, දන්දෙනවා, සමාජ සේවය කරනවා, සිල් ආරක්‍ෂා කරනවා. මම ඕනෑ වෙලාවක මැරෙන්න බය නැහැ' කියලා. නමුත් ඒවා සියල්ල යටපත්වී තෘෂ්ණාවේ බලවත්භාවය නිසා දරුවන් ගැන උපාදානය ඉස්‌මතු වුණා. ඉහත සත්‍යවාදී මහත්මයා ඇයට අඬගසන්නේ ඇමරිකාවේ සුපිරි සැපසම්පත් සහිත ජීවිතයක් ලබාදෙන්න. ඇය එම සැපය අතහැර තමා සැපයක් කරගත්ත දරුවන් උපාදානය කරගත්තා. පිංවත් ඔබ සිතන්න ඇය මේ මොහොතේ අසනීපයකින්, අනතුරකින් ක්‍ෂණික මරණයකට පත්වුනොත් ඇය දක්‍ෂවෙයිද අවසන් මොහොතේ තමා කළ පිංකම් සිහියට නගාගෙන සුගතියක උපතකට යන්න. එය එසේනම් පිංකම් අමතකවී දරුවන් ගැන උපාදානය සකස්‌වෙයිද?
පිංවත් ඔබ මේ කාරණය ගැන හොඳින් සිහියට ගන්න. මහ පොළොවේ පස් වලට සාපේක්‍ෂව අතට ගත් පස් පිඩක ප්‍රමාණයයි නැවතත් සුගතිගාමී ජීවිත ලබන්නේ කියලා බුදුරජාණන්වහන්සේ උපමාවක් සහිතව පෙන්නලා දෙනවා. මෙන්න මේ ප්‍රකාශය තුළ සැඟවුණු සත්‍යය ඔබ නුවණින් මෙනෙහි කළයුතු වෙනවා.
වර්තමාන සමාජයේ බහුතරයක් අප්‍රමාණ පිංකම් කළත්, එම පිංවතුන් තම දූ දරුවන්, දේපල, යානවාහන, නිලතල කෙරෙහි බැඳිලයි ජීවත්වෙන්නේ. දෘෂ්ඨ මතවාද වල කිමිදෙමින් ජීවත්වෙන්නේ. ඔබ සතර අපායෙන් මිදී නොමැතිනම්, අවම වශයෙන් ශීලයෙන්වත් පරිපූර්ණ නැතිනම් ඔබ මොනතරම් පිංකම් කර තිබුණත් ඔබ මියයන මොහොත හරිම භයානකයි. තීරණාත්මකයි. සැබැවින්ම මරණයේ භයානක කම ඇත්තේ සුනාමි, භූමිකම්පා, මිසයිල ප්‍රහාරයක නොවේ ඉහත සඳහන් ආකාරයේ අනවබෝධයයි භයානක. ඒ සඳහන් කළ කාන්තාව තමා මරණයට බය නැහැ කියලා උදම් ඇනුවත් ඊළඟ ජීවිතයේ දෙවියෙක් මනුෂ්‍යයෙක් වෙනවාය කියලා කීවත් එය කෙසේ නම් සිදුවෙන්නද? ඇය එසේ සිතාගෙන ඉන්න පුළුවන් නමුත් ක්‍ෂණික මරණයක් සිදුවුවහොත්, ඇයට තමන් කළ පිංකම් අමතකවී තෘෂ්ණාව වැඩි අරමුණ වන දරුවන් දෙපල මතකයට ඇවිත් පරදත්තරූපජීවී ප්‍රේතියක් වීමටයි සිදුවන්නේ. නමුත් ඇය සුගතියකට සිත පිහිටුවා ගැනීමට අවශ්‍ය තරම් පිං ජීවිතයෙන් රැස්‌කර තිබෙනවා. නමුත් වැඩි තෘෂ්ණාව සකස්‌වෙන්නේ සුගතිය කියන රූපයට නොවේ. දරුවන් දෙපල කියන රූපයටයි. මැරෙන මොහොතේ දිව්‍ය සංඥාවක් මතුවී දෙවියෙක් ඇවිත් ඇයට දිව්‍ය ලෝකයට එන්නයෑයි අඬගැසුවද (ඇමරිකාවට ගොස් උපරිම සැසම්පත් පිරිනැමීමට කරන ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්නාක් මෙන්) ඇය අල්ලාගන්නේ දෙවියන් නොව දරු දෙදෙනායි. බලන්න නොදන්නාකම නිසා වන විනාශයක මහත. අපි 'දන්නවාය' කියා සිටීමෙන් වන අත්වැරැද්ද, අපව කල්ප ගණනාවක් ඇද දමනවා. පිංවත් ඔබ ගැන ඔබ අතිශෝක්‌තියෙන් සිතා සිටින්නේ නම් මොහොතක් නිහතමානී වෙන්න. මොකද අතිශෝක්‌තිය කියන්නේ සක්‌කාය දිට්‌ඨියේ ළඟම ඥාතියෙක්.
ඔබට පුළුවන් ඔබ සැබැවින්ම අවංක නම් ස්‌වයං පරික්‍ෂණයක යෙදෙන්න. ඔබ භාවනාවක් කරන වේලාවක, රාත්‍රී නින්දට යන වේලාවක මොහොතකින් මනසින් මියයන්න. ඒ කියන්නේ මැරෙන්න. ඔබ සිතන්නේ මැරෙනවාය කියන කාරණය බෙහොම ලෙහෙසි කටයුත්තක් කියලා. මරණය පහසු කටයුත්තක් වෙන්නේ ශීලයෙන් පරිපූර්ණ කෙනෙකුට විතරයි. ඉන් මෙහා මරණය අතිදුෂ්කර කාරණයක්. එය සිනහවෙනවා, අඬනවා වගේ සරල, ලෙහෙසි දෙයක් නොවෙයි. නමුත් ඔබ මෙතැනදී මියයන්නේ මනසින්. ඔබ සැබැවින්ම මියයැමට පෙර මරණයේ ස්‌වභාවය අත්දැකිය යුතුයි. එම ස්‌වභාවය දිනපතා සිදුකිරීමෙන් එය ඔබට මරණානුස්‌සති භාවනාවක් බවටද පත්වේ. මනුෂ්‍යයා සෑම දෙයක්‌ම දන්නවා වුවද තමා මැරෙනා බව නොදන්නාකම නිසා, මැරි නැවත ඉපදෙන බව නොසිතනවාය කියන දෙයයි සමාජය දෙස බැලූ විට අපට පෙනෙන්නේ. එනිසා වරක් දෙවරක් ඔබ මනසින් මියයන්න. ඔබ අවංකවම සිතන්න තව මොහොතකින් ඔබ මියයාවී කියලා. එවිට ඔබට දැනෙනවා, මතකයට එනවා කුමන රූපයක් කෙරෙහිද ඔබේ තෘෂ්ණාව බලවත් කියලා. එය අඹුදරුවන්, යානවාහන, දේපල, මතවාද, දෘෂ්ඨියක් වේවා එය නිවැරදිව හඳුනාගෙන ඒවායේ අනිත්‍යය නිරතුරුවම විදර්ශනාවට ලක්‌කරන්න.
2013.06.23 වන ඉරිදා දින දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:
Post a Comment