පරිහරණය කිරීමට නොහැකි නම්, ඉවත දැමිය යුතුයි. ඇතැම් විට අපගේ ගෙවල් සහ කසළ බඳුන් අතර ලොකු වෙනසක් නැත. ගෙදර මුලුවල පරිහරණය නොකරන අපමණ දේ තබාගෙන තිබෙන්නේ අතහැරීමට බැරිකම නිසයි. අතහැරීමට යන විටම අවශ්‍ය වෙයි කියා සිතයි. සියලුම ගෙවල්වල පෘථග්ජන පුද්ගලයන් ජීවත් වන නිසා අස්කිරීමට යන විට අස්නොකළ යුතු බවට තණ්හාව ප්‍රකාශ කරයි. ඒ සඳහා අරපිරිමැස්ම කියමින් ලස්සන වචනයක් ද භාවිත කරයි. ආරක්ඛ සම්පදා යනුවෙන් කුණු ගොඩවල් ගොඩගසා ගත යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා නැත."
කඨීන පින්කමක දී ලැබෙන ප්‍රධාන අනිශංසය සතුටයි. එවැනි කටයුත්තක දී අල්පමාත්‍රයකින් හෝ උදවුවක් ,උපකාරයක් කරනවා නම්, ඒ දිව්‍ය ලෝක, අපාය පිළිගන්න, සංසාරයෙන් එතෙර විය යුතු යැයි සිතන සද්පුරුෂයන් පමණයි.
කඨින පින්කමක දී ඥාති මිත්‍රාදීන් ,අඛණ්ඩව උපකාර කරන අවස්ථාවන් දක්නට ලැබෙයි. පින්කමක් කිරීමේ දී සද්පුරුෂයා කවුද ? අසද්පුරුෂයා කවුද ? යනුවෙන් නිවැරැදි ව හඳුනාගත හැකියි. කල්‍යාණ මිත්‍රයා කවුද ? පින්කමක් සඳහා උපකාර නොකරන පාප මිත්‍රයා කවුද ? අනාගතයක් ගොඩනඟා ගැනීමට හැකි, නොහැකි පුද්ගලයා කවු ද ? යන්න දීර්ඝ කාලයක් පේවීී කරන පින්කමක දී සියලු දෙනා පරීක්ෂාවට භාජනය වන නිසා එම පින්කම සිදුවෙන තුන් මාසය අවසන් වන තෙක් දුරකතන ඇමතුමක් හෝ නොදෙන පුද්ගලයන් සිට්ිය හැකියි. මෙවැනි පින්කමක දී අසද්පුරුෂයන් සහභාගි වන්නේ නැත.
කඨින පින්කමක් සිදුවන තුන්මාසය පුරාවට තමන් සමඟ යමෙක් අඛණ්ඩ ව රැඳී සිටියා නම්, ඔවුන් සියලු දෙනා ම සද්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඥාතීන් වෙයි. යහපත් මිනිසුන් සමඟ යහපත් හැඟීමෙන් කඨීන පින්කමකට සම්බන්ධ වී ඔවුන් සමඟ තුන් මාසයක් ජීවත් වීමට ලැබීම කෙතරම් සුභ කාරණාවක් ද ? බෞද්ධයෙකු පින් කළ යුත්තේ අවබෝධයෙන් යුක්තව සිත පිරිසුදු කරගැනීමටයි. එසේ වූ විට කුමන දේ දුන්නත් එය දීමේ දී අතහැර දිය හැකියි. අල්ලාගෙන දීමෙන් නියම ආනිශංසයක් ලැබෙන්නේ නැත. බෞද්ධයාගේ දන් දීමයි, බටහිරයාගේ දන් දීමයි දෙකක් මිස එකක් නොවෙයි. බෞද්ධයෙකු දන් දෙන්නේ නිවන් දැකීම ට හෙවත් සංසාර ගමන නිමා කිරීමටයි.
කැනඩාෙවි ගෙවල් ඉදිරිපිට සති කිහිපයකට වතාවක් එම ප්‍රදේශයේ නිවෙස්වල තිබෙන සෙල්ලම් බඩු ඒකරාශි කරගැනීම සඳහා නිවස ඉදිරිපසින් පෙට්ටි වැනි භාජන ගෙනැවිත් තබයි. ඒ පළාතේ මිනිසුන් ගෙදර තිබෙන සෙල්ලම් බඩු පෙට්ටිවල අසුරමින් ගෙනැවිත් ගොඩ ගසයි. අවසානයේ ඉතා ම දුප්පත් ,ඉතාම අසරණ ,රටවලට බෙදාදෙයි. ඒ පිරිස එය පරිත්‍යාග කරන්නේ නිවන් දැකීමේ පරමාර්ථයෙන් හෝ සතර අපායෙන් බේරීමට බලාගෙන නොවෙයි. දුප්පත් පිරිසට ලබාදීමේ දී ප්‍රමුඛතාවය අනුව ලබාදෙයි.
එම ආධාරය ලබාදිය යුත්තේ ඉන්දියාව ට ද? අපි‍්‍රිකාවට ද? ඉතියෝපියාවට ද? එම ප්‍රමුඛතාවය අනුව ඔවුන් පරිත්‍යාග කරයි. නමුත් අපි දන් දෙන්නේ නිවන් දැකීමට බව ඔබ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිවන් දැකීමට දන් දෙන පිරිස අනෙක් පිරිසටත් වඩා අතහැර දන් දිය යුතුයි. ලෞකික දේ බලාපොරොත්තුවෙන් දන් නොදිය යුතුයි. ඔබ නිර්වාණාවබෝධය කරා යන ගමනේ දී ඔබගේ ලෞකික අරමුණු අපේක්ෂා ඉෂ්ට ෙවිවි. එහෙත් එය ඔබගේ ප්‍රාර්ථනාව නොවිය යුතුයි.
කඨිනයට අදාළ ආනිශංස කියවා ඒ තොරතුරු අනුව සක්විති රජවීමට බලාගෙන කඨින පින්කම නොකළ යුතුයි. නිවන් දැකීමට උත්සාහ කළ යුතුයි . නිවන අරමුණ විය යුතුයි. බෞද්ධයන් කඨින පින්කම් කිරීමේ දී ආනිශංසය ලෙස ලෞකික කාරණා මනසට යොදා නොගත යුතුයි. කළ යුත්තේ අතහැරීම පුරුදු පුහුණු කිරිමට මනස පිරිසුදු කිරීමට හැකි ආකාරයෙන් මේ තුන්මාසය ප්‍රයෝජනයට ගැනීමයි. දුකෙන් නිදහස් වීමට හැකිවන්නේ සිත පිරිසුදු කිරීමෙන් ම පමණයි. කෙලෙස් අඩුවෙන තරමට උපදින වාර ප්‍රමාණය අඩුවෙයි. ලෞකික දේ අත්පත් කිරීමට බලාගෙන පින්කම් නොකළ යුතුයි.
පින්කම් කි්රීමේ දී ලෞකික සම්පත් ලැබීම සාමාන්‍ය දෙයක් වෙයි. අපට තිබෙන උපාදානයත් සමඟ කෙසේ දිය හැකි ද ? ඇතැමුන් තමන්ගේ දරුවා අවුරුදු පහේ දී ඇඳි වස්ත්‍රය තවමත් ළඟ තබගෙන සිටියි. අවුරුදු පහේදී කුඩා දරුවා දණ ගෑ ආකාරය සිහියට නගාගැනීමට වස්ත්‍රය තබාගැනීම අවශ්‍යද? වර්තමානයේ ඔහුගේ වයස අවුරුදු හතළිස් පහක් නම්, ඔහු ළදරු කාලයේ පරිහරණය කළ ඇඳුම් ළඟ තබා ගෙන සිහිපත් කිරීමෙන් ඇති ඵලය කුමක් ද?
එවැනි දේ කාට හෝ ප්‍රයෝජනයක් ඇති කෙනෙකුට දිය යුතුයි. නැතහොත් පරිහරණය කි්රීමට නොහැකි නම්, ඉවත දැමිය යුතුයි. ඇතැම් විට අපගේ් ගෙවල් සහ කසළ බඳුන් අතර ලොකු වෙනසක් නැත. ගෙදර මුලුවල පරිහරණය නොකරන අපමණ දේ තබාගෙන තිබෙන්නේ අතහැරීමට බැරිකම නිසයි. අතහැරීමට යන විටම අවශ්‍ය වෙයි කියා සිතයි. අස්කිරීමට යන විට අස්නොකළ යුතු බවට තණ්හාව ප්‍රකාශ කරයි. ඒ සඳහා අරපිරිමැස්ම කියමින් ලස්සන වචනයක් ද භාවිත කරයි. ආරක්ඛ සම්පදා යනුවෙන් කුණු ගොඩවල් ගොඩගසා ගත යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා නැත.සිවුර අතහැර අලුත් සිවුරක් පරිහරණයට ගන්නවා නම්, එය ඇඳ අතිරිල්ලක් කළ යුතු බවට දේශනා කර ඇත. ඒ මොහොතෙහි ම තවත් දෙයක් සඳහා පරිහරණය කළ යුතු බවට මිස නිවස තුළ ගොඩගසාගෙන සිටින ලෙස දේශනා කර නැත.
ඇඳ ඇතිරිල්ල බුමුතුරුණකට පාවිචිචි කර නැවත ද පාපිස්සකට පාවිච්චි කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ආරක්ඛ සම්පදාවයි. අපේ කුම්මැහිකම ආරක්ඛ සම්පදාව නොවෙයි. අපේ ගෙවල්තුළ තිබෙන කුණු ගොඩවල් ඉවත දමනවා නම් මදක් හෝ සුවසම්පන්න ජීවිතයක් අත්වෙයි. ලෝකය තුළ පවතින රස්සනයත් සමඟ කැරපොත්තන් වැනි කෘමි සතුන් බෝ වෙන ප්‍රමාණය වැඩියි. ලෝකයේ පිරිසුදු ම ගුවන් තොටුපොළ අතර අංක එකේ ගුවන් තොටුපොළ වන සිංගප්පුරු ගුවන් තොටුපොළෙහිත් රාත්‍රියට මදුරුවන් සිටී. සිංගප්පුරු ගුවන් තොටුපොළ සුපිරි ගණයේ හෝටලයක් ලෙස ලස්සනට පිරිසුදු වුණත් ඒ තුළත් මදුරුවන් සිටිනවා නම්, මුලු ලෝකය පුරාම වැඩි වෙමින් තිබෙන රස්සනය කැරපොත්තන් ,මදුරුවන් වැනි සෞඛ්‍යට අහිතකර කෘමීන් වේගයෙන් වර්ධනය වීමට හේතු වෙයි. අපි කැලිකසළ සුද්ද කරමින් පිරිසුදු කරනවා නම්,අනවශ්‍ය තරම් ප්‍රයෝජනවත් දේ ගොඩගසා නොගෙන අතහැර දමනවා නම්, අපේ ගේ දොර සෞඛ්‍යාරක්ෂිත වෙයි.
හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment