භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම පැනය ඇසූ තැනැත්තා සහ මේ ගාථාවේ තේරුම කුමක් ද?
කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛ මාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛ මාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං
පිළිතුර – අලව් යකු විසින් අසන ලදී.
ගාථාවේ තේරුම
මිනිසාට අයත් විය යුතු ශ්‍රේෂ්ඨ ධනය කුමක් ද? සැපය සඳහා පුහුණු කළ යුත්තේ කුමක් ද? රස අතරෙන් මධුර රසය කුමක් ද? ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨ යැයි කිවහැක්කේ කුමන පැවැත්මක් අනුව ද?
ප්‍රශ්නය – පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක් ද?
පිළිතුරු – සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ‘බුද්ධත්වය සාක්ෂාත් කරගත් රාත්‍රි යාමයේ උන්වහන්සේ සිය පූර්ව ජන්මයන් දැන ගැනීමෙහි ඤාණය වූ පුබ්බේ නිවාසානුස්සති ඤාණය වැඩූහ.
ප්‍රශ්නය –අකුසල චෛතසිකවලින් එකකි අනොත්තප්ප චෛතිසිකය. පැහැදිලි කරන්න.
පිළිතුර – කාය – වාග් දුශ්චරිතාදීන්ට බිය නොවීම හෙවත් තැති ගැන්මක් ඇති නොවීම ලක්ෂණ කොට ඇති චෛතසිකය අනොත්තප්ප චෛතසික ය යි. අරමුණු ස්වභාවය වරදා ගැනීමේ හි දී පිළිකුල් නො කරන අහිරිකය මෙන් මෙම අනොත්තප්ප චෛතසික ය ද අරමුණු ස්වභාවය හඳුනා ගැනීමෙහි දී බියක් තැති ගැනීමක් ඇති නො වන්නේ ය. අහිරික – අනොත්තප්ප යන මේ චෛතසික දෙක සත්ත්වයන් අකුසලයෙ හි යොදවන බලශක්ති දෙකකි. මේ ශක්ති දෙකින් තොරව අකුසල් කළ නො හැකිය.
ප්‍රශ්නය – තෘතීය මහාශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත් වූ සංගායනාව සුවිශේෂ නාමයකින් හඳුන්වා තිබේ. ඒ නාමය කුමක් ද? එයට හේතුපාදක වූ කරුණු මොනවා ද?
පිළිතුර :– ප්‍රථම ධර්ම සංගායනාව පන්සියයක් මහ රහතන් වහන්සේ විසින් කරන ලද හෙයින් ‘පංච සතිකා’ නම් විය. මහාකාශ්‍යප මහ රහතන්වහන්සේ ප්‍රධාන මහාතෙරවරුන් විසින් ම කරන ලද බැවින් ‘ථෙරිකා’ ථෙරවාද, ස්ථවිරවාද යන නම් වලින් ද හැදින්වේ.
ප්‍රශ්නය – මේ අංග නවය නවාංග ශාස්තෘ සාසනය නම් වේ. ඒ මොනවාද?
පිළිතුරු – තථාගතයන් වහන්සේ විසින් නොයෙක් තන්හි දේශනා කොට වදාළ ධර්ම, විනය බුද්ධකාලීන යුගයෙහි දී ම
1.සුත්ත
2. ගෙය්‍ය
3.ව්‍යොකරණ
4. ගාථා
5. උදාන
6.ඉතිවුත්තක
7ජාතක
8.අභ්භූතධම්ම
9.වේදැල්ල
යනුවෙන් අංග නමයකට බෙදා වෙන් කරන ලදී.
ප්‍රශ්නය – දෙවියන්ට පවා පි‍්‍රය වූ නිසා ‘දෙවන පිය ‘පියදාස’ යන සම්මානනීය අන්වර්ථ නමින් ප්‍රකට වූ රජවරුන් දෙදෙනා කුමන නාමයකින් හඳුන්වනු ලැබේ ද?
පිළිතුර – දඹදිව රාජ්‍ය කළ ධර්මාශෝක මහ රජතුමා සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විචාළ දෙවන පෑතිස් මහරජතුමා ඉහත නම් වලින් හඳුන්වන ලදී.
ප්‍රශ්නය – සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂ වූ පූජනීය වස්තුවක් ගැන සඳහන් වෙයි. ඒ කුමක් ගැනද?
පිළිතුර – බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නො සිටි අවස්ථාවල දී බැහැදැකීම සඳහා සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට ආනන්ද හිමියන් විසින් රෝපණය කරන ලද බෝධින් වහන්සේ ආනන්ද බෝධිය නමින් හැඳින්වෙයි.
ප්‍රශ්නය – ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ‘ධම්ම සේනාපති’ නමින් ප්‍රකට වූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?
පිළිතුර :– සාරි නම් බැමිණියගේ පුත් උපතිස්ස ‘සාරිපුත්ත’ හෙවත් සැරියුත් නම් විය. උන්වහන්සේ පැවිදිව පසළොස් දිනයක් ගිය දා තම බෑණනුවන් වූ “දීඝනඛ” පිරිවැජියාට බුදුන් වහන්සේ දෙසූ ‘වේදනා පරිග්ගහ’ සූත්‍රය අසා රහත් වූහ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් නුවණැතියන් කෙරෙහි තමන් වහන්සේට දෙවැනි කොට අගතැන්පත් කොට උන්වහන්සේ දකුණත් සවු බවට ද පත්කළහ.
ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ සමස්ත දේශනා පාලි ත්‍රිපිටකයෙහි ප්‍රථම සංගායනාවෙහිදී එය එක්කොට සංග්‍රහ කරන ලදී. පාලි ත්‍රිපිටකය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත්ව පැහැදිලි කරන්න.
පිළිතුර – භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ නමුත් උන්වහන්සේගේ දීර්ඝ හා ඵලදායි ලෝකාර්ථ චර්යාව මගින් මානව වර්ගයා වෙත නො සඟවා දායාද කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අදත් නිර්මලව පවතී. බුද්ධ පර්නිර්වාණයෙන් තෙමසකට පසු අජාසත් රජුගේ රාජෝදයෙන් අටවන වසරෙහි දී ධර්මයෙහි පිරිසුදු බව උදෙසා රජගහනුවර ධර්ම සංගායනාවක් පවත්වන ලදී. පිවිතුරු බුද්ධ දේශනාව වියවුලකින් විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා නැවත බුද්ධ වර්ෂ 100 දී හා 236 දි රහතන් වහන්සේලාට සංගීති දෙකක් පවත්වන්නට සිදුවිය. ක්‍රි.පූර්ව 83 දී පමණ දැහැමි සිංහල නරේන්ද්‍රයෙකු වූ වට්ටගාමිණී අභය (වළගම්බා) රාජ සමයේ මාතලේ අලුවිහාරයේදී සංගායනාවක් පවත්වන ලද අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරන ලදී.
ත්‍රිපිටකය යන වචනයේ තේරුම ‘මක්ජුසාතුන’ යන්නයි. (පාලියෙන් ත්‍රිපිටක) පිටක තුන විනය පිටකය , සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය වේ.
ප්‍රශ්නය – සචෙතනික ක්‍රියා (චෙතනා සහිත) එම ක්‍රියාවලට මුල්වන ( නිධාන) අනුව බෙදීමක් සිදුවෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර – සචේතනික ක්‍රියා එම ක්‍රියාවලට මුල් වන චේතනා අනුව කුසල හා අකුසල වශයෙන් දෙවැදෑරුම් වෙයි. මෙම වෙන්කිරීම සඳහා කම්ම නිදාන හෙවත් මුල් තුනක් ධර්මයෙහි සඳහන් වෙයි. මෙහිදී කුසල පක්ෂයට අලොභ, අදොස, අමෝහ යන චෛතසිකයන්ද අකුසල පක්ෂයට ලෝභ, දෝස, මෝහ යන චෛතසිකයන්ද මූලික වෙයි.
ප්‍රශ්නය :– බෞද්ධ පිළිවෙතට අනුව ගිහි හෝ පැවිදි පුද්ගලයෙකු යහමග තෝරා ගැනීම සඳහා සංකල්පනා ත්‍රයක් පෙළ දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර – සංකල්පනා තුනකි එනම්
1. අත්තාධි පත්‍යෙය2. ලෝකාධි පත්‍යෙය 3.ධම්මාධි පත්‍යෙය
අත්තාධිපත්‍යෙය ක්‍රමයෙහිදී තමා මුල්කරගෙන සිත සදාචාරයෙහි පිහිටුවීම සිදුවෙයි.
ලොකාධිපත්‍යෙය ක්‍රමවේදයට අනුව ලෝකාපවාදයට යොමුවන ක්‍රියාවලින් වැළකි ආත්ම දමනයෙන් පධන්වීර්ය වඩා දිවිමග සරුකර ගැනීමයි. ධර්මයෙහි ස්වාක්ඛාතාදී ගුණ මෙනෙහි කරමින් ඒ අනුව දැහැමිි සිතිවිලි වඩා ධර්මානුකූල පැවැත්මට නැඹුරුවීම ධම්මාධිපතෙය්‍ය නම් වෙයි.
ප්‍රශ්නය – ධර්ම ග්‍රන්ථයන්හි (ද්වෙ ධම්මා) යනුවෙන් භව දිට්ඨි – විභව දිට්ඨි යනුවෙන් මරණින් මතු පැවැත්ම පිළිබඳව සඳහනක් වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර – මරණින් මතු පැවැත්ම පිළිබඳව පැරැණි දඹදිව දාර්ශනිකයන් එල්බලත් මතවාද දෙකක් වෙයි. සදාකාලික ආත්මයක් පිළිබඳව පිළිගත් පිරිස, භව දෘෂ්ඨවාදීන් වශයෙන්ද ‘චාර්වාක’ වැනි අන්තභෞතික වාදීන් මරණින් මතු පැවැත්මක පිළි නොගන්නා අය ‘විභව් දෘෂ්ඨවාදින් වශයෙන්ද සලකා ඇත.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment