මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..
මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක් උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක් මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක් ලිපි මාලාවක් ලෙස ඔබ අතට ගනු මැනවි!
(මෙම ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළවිය)
ජලයේ ගිලී මියගිය මහත්මයාගේ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවා කුමක්‌ද මේ සත්වයා ඉහත ස්‌වභාවයෙන් මුදවාගැනීමට කළයුත්තේ කියලා. අනුමාන වශයෙන් භික්‍ෂුව ප්‍රකාශ කළා මහා සංඝරත්නය උදෙසා දානයක් දෙන්න, මරණයට කැපවු සතුන් නිදහස් කරන්නය කියළා. දානය දෙන්න කීවේ ඒ සත්වයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබාදීමට. මරණයට කැපවු සතෙක් නිදහස් කරන්න කීවේ එම සත්වයා මරණබියෙන් තැතිගැනීමෙන් තවම ජීවත්වන නිසාය. සියක් නමකට අධික මහාසංඝරත්නයට සාංඝික දානයක් පුජාකරලා, මස්‌කඩයෙන් කුකුලෙක් නිදහස්‌කරලා අරමුණ වශයෙන් ඒ අය මතක තබාගත්තේ තම ඥාතියා ඉහත භූත ස්‌වභාවයෙන් මිදී සුගතියක් ලබාගනිත්වා කියලයි. මේ ආකාරයෙන් පිං අනුමෝදන් කළාට පසුව දිනක් භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට භික්‍ෂුවට දර්ශණය වූයේ හොඳින් අතුවලින් පිරුණු ගසකි. එම ගසේ අතු අතරින් භික්‍ෂුවට දර්ශණය නොවු අයෙක් ප්‍රකාශ කළේ 'මම දැන් සිටින්නේ වෙරළු ගසේ' කියාය. දර්ශනය මෙතැනින් නිමාවිය. අදාළ ඥාතීන්ගෙන් භික්‍ෂුව විමසුවා තම මියගිය ඥාතියාගේ නිවසේ වෙරළු ගසක් තිබෙනවාද කියලා. එවිට ඒ අය 'නැහැ' කියලා කිව්වා. එහෙමනම් ඔබලාගේ නිවසේ වෙරළු ගසක් තිබෙනවාද ඇහුවා. ඒ අය කීවා ගෙදර දොරකඩම වෙරළු ගසක් තිබෙනවාය කියලා.
බලන්න මේ සත්වයා උපාදානය කරපු හැටි. ඉහත සඳහන් කළ භූත සත්වයා වෙනුවෙන් සියක් නමක් වූ මහාසංඝරත්නයට දානයක් පිලිගන්වලා, සතුන් නිදහස් කරලා සියලුම පිංකම් සිදු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා. මේ මියගිය මහත්මයාගේ දරුවාත් දැන් සිටින්නේ මේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ. මේ සහෝදරයින් දෙදෙනා බොහෝම ලෙන්ගතුව ජීවත්වුණ දෙදෙනෙක්. වැඩිමහල් සහෝදරයා බොහෝම සද්Aධාවන්ත බෞද්ධයෙක්.
දියේ ගිලී මිය ගිය තම බාලසහෝදරයා මියගිය පසු මුලින්ම ලැබූ තැති ගත් ස්‌වභාවයේ සියුම් භූත ස්‌වභාවයක සිටියත්, තම වැඩිමහල් සහෝදරයා සහ ඥාතීන් කරපු ශක්‌තිමත් පින නිසා එම භූත ස්‌වභාවයෙන් මිදුනා. තැති ගැනීමෙන් මිදුනා. මරණ භිය පහව ගියා. එය හරියට තද නින්දෙන් අවදිවුන මනුෂ්‍යයෙක් මුහුණට වතුර ඉසගන්න වගේ. ඔහුට දැනෙන්න, දකින්න ලැබුන තමාව අරමුණු කර අනුමෝදන් කළ පින. එහෙත් මේ අවාසනාවන්ත සත්වයා ක්‍ෂණිකව ඔහුගේ කැමත්ත ඡන්ද රාගයෙන් අල්ලා ගත්තා. ඒ කැමැත්ත තමයි තමාට පිං අනුමෝදන් කිරීම සිදුකළ කුඩාකාලයේ සිට සහෝදරත්වයෙන් බැදුණු මෙන්ම මියගිය ඔහුගේ දරුවාද ඒ මොහොතේ ජීවත්වූ තම වැඩිහිටි සහෝදරයාගේ නිවසේ ඉදිරිපිට දොරටුව යාබද වෙරළු ගස. අර ශක්‌තිමත් පින දැනෙද්දීම තෘෂ්නිම්භූත භූත ස්‌වභාවයෙන් මිදුනත්, ඔහු නැවත ප්‍රතිසන්ධියක් ලැබුවේ වෙරළු ගසේ. වෙරළු ගසේ අතු අතරින් මේ සත්වයා කටහඬ පමණයි ඉදිරිපත් කළේ. ඔහුගේ කයේ ස්‌වභාවය භික්‍ෂුවට අරමුණු වුයේ නැහැ. ඔහු රුක්‌දෙවියෙක්‌ද එසේත් නොමැතිනම් පරදත්ත රූප ජීවී වැනි ප්‍රේත කොට්‌ඨාශයකට අයත් කෙනෙක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ.
මෙතැනදී සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි, මොහු පිං අනුමෝදන්ව සිටියදීත් ශක්‌තිමත් නොවු තැනක් උපාදනයකර ගැනීම. ඊට එකම හේතුව ජීවත්ව සිටිය කාලය තුළදී දානය, ශීලය, තෙරුවන් කෙරෙහි සද්ධාව ජීවිතය තුළින් පුරුදු පුහුණු නොකිරීම. ඥාතීන් දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය. මේ ඡන්ද රාගයද ඇතිවෙන්නේ දන් "මෙන් ජීවිතය තුළින් අතහැරීමේ ශක්‌තිය ඇති කරනොගැනීම නිසාය. මොහු මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු ශක්‌තිමත් ධර්මශක්‌තියක් තිබුණා නම් භූත ස්‌වභාවයෙන් මිදෙන මොහොතේ එම අතීත ධර්ම ශක්‌තිය මතුවී ශක්‌තිමත් මනුෂ්‍ය දිව්‍ය ස්‌වභාවයක් ලැබීමට ඉඩ තිබිණි යෑයි භික්‍ෂුව අනුමාන කරයි.
මේ මොහොතේ මොහු කොහේ සිටිනවා දැයි භික්‍ෂුව නොදනී. නමුත් අදාළ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවේ දැන් කුමක් කළයුතු දැයි කියලාය. 'දැන් මොනවා කරන්නද? මොහු වෙරළු ගසේ රැදිලා සිටින්නේ යමක් දැඩි ලෙස ඡන්ද රාගයෙන් අල්ලාගෙන. එම ඡන්ද රාගය තිබෙන තාක්‌කල් මොහු මෙතනින් ගලවා ගන්න බැහැ. මෙයා ගෙදර දොරටුව ඉදිරියෙම ගසට වෙලා තම සහෝදරයා, දරුවා, ඥාතීන් බලමින්, දකිමින්, සතුටුවෙමින් ඇති. ඔබ කළ යුත්තේ මේ වෙරළු ගස මුල ආසනයක් හදලා, දිනපතා එම ආසනයමත ඉදගෙන මේ ඇස, කන, නාසය, දිව, මනස, කය අනිත්‍යයයි කියලා සඡ්ඡායනය කරන්න. නැවත නැවත මෙය ඇසෙන විට ඔහු සිතන්න ගනී මේ කියන්නේ මොකක්‌ද කියලා. අර්ථය, ශබ්දය, රසය ටික ටික දැනේවි. කුසල් සිතුවිලි මතුවේවී වෙනසක් සිදුවෙන්න පුළුවන් ඔතනින් පමණයි. 'හැබැයි මොනම හේතුවක් නිසාවත් තම ඥාතියා මෙවැනි ජීවිතයක් ලබා වෙරළු ගසේ සිටිනවා යෑයි ගෙදර අනෙක් අයට කියන්න එපා' යෑයි භික්‍ෂුව කිව්වා. එයට හේතුව ජීවත්ව සිටින අයට අමනුෂ්‍ය සංඥා වැඩෙන නිසාය. තම වැඩිහිටි සහෝදරයා තමාගේ අධ්‍යත්මික වර්ධනය උදෙසා වෙරළු ගස මුල දැනටත් අනිත්‍ය සඡ්ඡායනාව කරනවා ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එය මියගිය අයට සේම ජීවත්ව සිටින අයටද ආශිර්වාදයක් මිස දුක පිණිස හේතුවන දෙයක් නොවේ. ජීවත්ව සිටින තැනැත්තාටද එය සතර අපායෙන් මිදීම සඳහා හොඳ කමටහනකි. ඔබද මේ සටහන කියවා යම් කුසල් සිතක් ඇතිවුනා නම් එම පින එම ඥාතියාට අනුමෝදන් වේවායි· සිතන්න. ඔහුට එය සුගතියක ඉපදීමට මහෝපකාරිවනු ඇත. මෙය කියවන නොකියවන පිංවත් ඔබද ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම නිසා මරණින් පසු අත්වන විපාක දැක නිරතුරුවම සතර අපායෙන් මිදීම අරමුණුකර තෙරුවන් කෙරෙහි අචල සද්ධාව, ශීලය, දානය ජීවිත තුළින් වඩන්න.
මගේ කර රැස්‌කරන්නාවු සෑම දෙයකම අනිත්‍යය බව දකින්න. ඔබ මෙසේ සතියෙන් සිහියෙන් යුතුව ජීවත්වන්නේ නම් එසේ ජීවත්වන මොහොතක් පාසා විභවේ ආලෝකය ඔබ අත්විදිනු ඇත.
2013.08.18 වන ඉරිදා දින දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:
Post a Comment