සතර අපායෙන් මිදෙමු' - 36 කොටස
අද පසලොස්‌වක පොහොය දවසක්. පිණ්‌ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක් පැමිණියා වන්දනා කරන්න. මින් එක් අම්මා කෙනෙක් අපි දන්න බොහොම සත්පුරුෂ ස්‌වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ 'අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්' ය කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ 'මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්‌ය කියලා, මා කියනවා ඔබලා වැනි මෑණිවරු දැකීමත් පිනක්‌ය කියලා. මොකද අපිව ලෝකයට බිහිකළේ, හොඳ නරක කියලා දුන්නේ අම්මලා, තාත්තලා නිසා. 'බුද්ධං සරණං ගච්ඡාමි' කියලා බුදුරජාණන්වහන්සේගේ සරණ මුළින්ම පිහිටෙව්වේ මව්වරු, පියවරු. ඒ නිසා මෑණිවරුනි අනුන්ගේ පින ගැන සිතනවා වගේම වඩාත් වටිනවා තමා කවුද කියන කාරණය සිහිපත් කරගැනීම. අපි හැමෝම අතින් ගිළිහෙන කාරණයක් මේක. ඔබේ වටිනාකම ඔබ සිතන්නේ නැහැ. අනුන් මත්තෙමයි යෑපෙන්න හදන්නේ. මේ හැම අම්මා කෙනෙක්‌ම, මේ හැම තාත්තා කෙනෙක්‌ම අතීත බුද්ධ ශාසන වලදී තම මව්කුසවල් වලින් බිහිකරපු දරුවෝ රහතන් වහන්සේලා, අරහත් භික්‍ෂුණීන් වහන්සේලා වෙලා තිබෙනවා. එවැනි ආශ්චර්යමත් පිනැති දරුවෝ බිහිකරපු අම්මලා වුණු අවස්‌ථාවලදීත් ඔබලා සිතුවේ දරුවාගේ ආශ්චර්යය පමණයි.
ඒ රහතන්වහන්සේලා සෘර්ධියෙන් වඩිනකොට 'අනේ මගේ පුතා, දුව' කියලාමයි සාධුකාර දුන්නේ. ඔබට එදාත් සිතුනේ නැහැ එවන් උතුම් දරුවන් බිහිකරපු ඔබ මොනතරම් වාසනාවන්තද, පිංවන්තද කියලා. දරුවන්ව කර මත තබාගෙන බර ඇද්දා මිසක්, බර දරාගත් ඔබගේ ශක්‌තිය ගැන හැම මොහොතකම ඔබට අමතක වුණා.
මේ මොහොතේත් ඔබ කරන්නේ එයමයි.
එමනිසා එවැනි උතුම් දූවරු, පුතනුවන් ලබන්නනට පිංකළ මෑණිවරුනි, ඔබේ පුතාගේ, දුවගේ ආශ්චර්යයන් දකිනවා වගේම, ඔබට අමතකව ඇති ඔබේ පිංවත් බවත් දකින්න. එහෙම නොවුනොත් දරුවන් ලෝකයෙන් එතෙරට යාවී. ඔබලා මෙවරත් අසරණ වේවි.
තම ඥාතිවර්ගයා තුළ අර්ථවත්ව චීවරයක් දරාගැනීමට පිනැති දරුවෙක් උපදින්නේ හේතුඵල ධර්මයක් නිසාමයි. එම ඵලය අර්ථවත්ව නෙළාගන්න ඥාති සමූහයාම දක්‍ෂවෙන්න ඕනා. දරුවා කෙරෙහි ඇති ඡන්දරාගය වැඩිවෙනකොට, දරුවා වෙනුවෙන් මැරෙන්න, නිරයට යන්න සූදානම් තාත්තලා අම්මලා ඉන්නවා. දුරදිග නොබලා,ඉක්‌මනට ගන්න තීරණ ඉක්‌මනින්ම අපව දුකට කැඳවාගෙන යනවා. දරුවා තරම් කාම වස්‌තුවක් තවත් මේ ලෝකය තුළ නැහැ. සිදුහත් කුමාරයා එදින උපන් හුරුබුහුටි, පිනැති රාහුල කුමාරයාගේ ශêරයවත් ස්‌පර්ශ නොකර ගිහිගෙදරින් නික්‌ම ගියේ දරුවා කියන කාම වස්‌තුවේ අනතුරුදායක බව දන්නා නිසාමයි. බැඳුනොත් ගැලවෙන්න බැරි බව දන්නා නිසාමයි. එම නිසා දරුවා කියන කාම වස්‌තුව අපි බොහොම පරෙස්‌සමින් පරිහරණය කරන්න ඕනේ. මොකද එය ගින්දරටත් වඩා අනතුරුදායක නිසා.
දරුවන් කෙරෙහි අපි ඇතිකරගත් ඡන්ද රාගය නිසා සසර මොනතරම් අපි සතර අපායන්හී දුක්‌විඳින්න ඇතිද? මනුෂ්‍ය අම්මාත්, තිරිසන් සත්ව අම්මාත් කියන කාරණයේදී ආදරයේ වෙනසක් නැහැ. බලවත් අකුසල් හේතුවෙන් තම දරුවන් මරාදමන මනුෂ්‍ය අම්මලා වගේම, තිරිසන් සත්ව අම්මලාත් ඉන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් සංසාරයේ හෙළපු කඳුළු මහා සාගරයේ ජලයටත් වඩා වැඩිය කියලා. මේ සා කඳුළු සාගරයක් දරුවන් වෙනුවෙන් හෙළලා මේ උතුම් ජීවිතයේදී එම කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දි හත අටක් එකතු කරලා ඔබ මියගියහොත් එය අවාසනාවක්‌මයි.
පිංවත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ කඳුළු සාගරයම මේ ජීවිතයේදීම සින්දන්න. එය කළ හැක්‌කේ දරුවන් කෙරෙහි තව තව ඡන්දරාගය සකස් කරගැනීමෙන් නොවේ. දරුවා කියන කාම වස්‌තුවේ අනිත්‍ය බව, දුක්‌ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීමෙන්.
පිංවත් මෑණියනි, මේ මොහොතේ මා භික්‍ෂුවක්, ඔබ දායිකාවක්. මේ මොහොතේ අපේ හමුවීම එසේ වුවත් අතීත සංසාරයේ කොතෙක් නම් මේ සටහන් ලියන භික්‍ෂුව ඔබට පුතෙක් වෙලා ඇතිද? ඔබේ සහෝදරයෙක්, ඔබේ ස්‌වාමිපුරුෂයා වෙලා ඉන්න ඇතිද? ඔබේ මුණුපුරෙක්, ගුරුවරයෙක් වෙලා ඉන්න ඇතිද? ඔබ වැඳිරියක් වෙලා, ඒ වැඳිරියගේ පැටවා මම වෙලා, මොනතරම් ඔබේ ශêරයේ මා එල්ලාගෙන අත්තෙන් අත්තට පනින්නට ඇතිද? ඔබ බැළලියක් වෙලා මම එම බැළලියගේ පැටවා වෙලා මොන තරම් ඔබ මාව කටින් එල්ලාගෙන තැන් තැන්වල ආරක්‍ෂාවට සඟවන්න ඇතිද? ඔබ කිකිළියක් වෙලා මම ඔබේ පැටවා වෙලා ඔබ මොන තරම් නම් පණුවන් ඇහිඳ ඇහිඳා මට කවන්නට ඇතිද? ඔබ එළදෙනෙක් වෙලා මම ඔබගේ වසුපැටවා වෙලා ඔබ මට තනබුරුලු වලින් මොනතරම් කිරි පොවන්නට ඇතිද? ඔබ කිඹුලියක් වෙලා, මම ඔබේ කිඹුල් පැටවා වෙලා පුංචි කාලයේදීම ඔබ මාව කී වතාවක් නම් මරාගෙන කන්න ඇතිද? ඔබ ප්‍රේතියක් වෙලා, එම ප්‍රේතියගේ දරුවා මම වෙලා ඔබ මට මොනතරම් සෙම් සොටු කවන්න ඇතිද? සෑම අම්මා කෙනෙක්‌ම තාත්තා කෙනෙක්‌ම මෙය තම ජීවිතයට ගලපා දකින්න.
යථාර්ථය මෙයනම් ඔබට සිතෙන්නේ නැතිද දරුවා කියන කාම වස්‌තුවේ ඇති අනතුරුදායකබව.
අපි දෙගොල්ලෝ ගණුදෙනුවක් කරන්නේ. දරුවන් නිසා මව්පියන් දුකට වැටෙනවා. ඊළඟට දරුවන් දෙමාපියන් වෙලා තම දරුවන් උදෙසා දුකට වැටෙනවා. නිමාවක්, සීමාවක්, විරාමයක් නැවතීමක් නැහැ.
ඔබේත් මගේත් ඇස් වහලා දුක ගලාගෙන යනවා.
අපි සූදානම් අපේම දෑසින් ගලාගෙන ගිය කඳුළු සාගරය මත කිමිදි කිමිදී අනතුරු අමතක කර ආශ්වාදයම සොයන්න.
හිතන්න මව්කුසක ඇති අපුලභාවය. තවත් ගර්භාෂ කුටියකට රිංගා නොගන්න බවට ඔබ ඔබට සපථ වෙන්න. ජීවත්ව සිටින දෙමාපියන්ට, දරුවන්ට යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් නැවත මව්කුසක් එපාය කියන දිශාවටම ගමන් කරන්න.
දරුවන්ට දෙමාපියන් කියන්නේත් හොඳ කමටහනක්. දරුවන්ට පුළුවන් මනසින් අනාගතයට යන්න. තමනුත් අනාගතයේදී විවාහ වෙනවා, දරුමුණුපුරන් හදනවා, වයසට යනවා... මේ දුක මටත් උරුමයි කියලා. දෙමාපියන්ට පුළුවන් අතීතයට මනසින් යන්න. අපිත් මේ දරුවන්ගේ වයසේ සිටියා දැන් සියල්ල අනිත්‍යවෙලා අපේ දුක, අපේ කඳුළු, අපේ ශ්‍රමයෙන්මයි දරුවන් ලොකුමහත් වුණේ. අපේ ශක්‌තිය ක්‍ෂයවෙලා යනකොට දරුවෝ ඒ ශක්‌තියෙන් ලොකුමහත් වෙනවා.
ඔබට පුළුවන්නම් එහෙම දකින්න, සංසාරයක් පුරාවට ඔබට අම්මා, තාත්තා වූ සියල්ලන්ටම යුතුකම් ඉටුකළ දරුවෙක් වෙනවා ඔබ.
දුකට කැමති අය දුක දෙසටම ගියාවේ. දුකට අකමැති ඔබට පුළුවන්, මුළු ලෝකයම එකම දිශාවකට ගියත් ඔබ තනියම ලෝකයේ සැබෑම සැපය ඇති දිශාවට යන්න. මේ යන ගමනේදී මුළු ලෝකයෙන්ම ඔබ කොන්වුවත්, ඔබ බයවෙන්න සැලෙන්න එපා. කව්රු නැති වුණත් ඔබ ළඟ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සිටිනවාය කියන විශ්වාසය ඇතිකරගන්න. මුළු ලෝකයම අත්හැරලා ඔබ බුදුරජාණන්වහන්සේගේ ගොඩට එන්න. මුළු ලෝකයම ඔබේ කරට අතදාගෙන සිටියත් වැඩක් නැහැ, බුදුරජාණන්වහන්සේ ඔබ ළඟ නැතිනම්. ඔබ අනාථයන් අතර තවත් අනාථයෙක් පමණයි. අනාථයින් අතර ඔබ සනාථ පුද්ගලයෙක් වෙන්න. අපි හැම වෙලාවේම ලෝකයට බයයි. සමාජයට බයයි. ඒ අපේ අසරණභාවයට හේතුව බුදුරජාණන් වහන්සේ සරණ නොකරගන්නා නිසයි, ධර්මයේ ශක්‌තිය හඳුනා නොගත් නිසයි.
මේ සටහන් ලියන භික්‍ෂුව යම් දවසක ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සරණ කරගත්තද, එදා පටන් ලෝකය කියන දෙය තඹ දොයිතුවකටවත් තැකුවේ නැහැ. 'බුදුරජාණන්වහන්සේ' කියන අයෝමය විශ්වාසය හමුවේ ලෝකය කියන්නේ හුදු මායාවක්, රැවටීමක්, අසරණභාවයක් කියන කාරණයමයි දැනුනේ. හෙටක් කියන කාරණය දැනුනේ නැහැ. රැයක් දවාලක් කියන කාරණය දැනුනේ නැහැ. මේ ඉහළට ගන්නා හුස්‌ම ගන්නා හුස්‌ම පොද පහළට ගන්නා මොහොතේ මැරෙයි කියන කාරණයයි දැක්‌කේ.
මේවා හේතුඵල ධර්මයන්. උතුම් ධර්මයේ ආශ්චර්යයෙන් ගොඩනැගෙන ඵලයක්. මේ සහ ශක්‌තිමත් ධර්ම මාර්ගයක් තිබෙනකොට ඇයි අපි අසරණවෙන්නේ, ලෝකය බදාගෙන.
2013.07.07 වන ඉරිදා දින දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:
Post a Comment