Labels

Saturday, September 19, 2015

සැප ළගාකර ගන්නා ප්‍රතිපදාව කුමක් ද?


අප සසරෙන් මිදීමට කුසල් දහම් පුරුදුකරන විට එයට එන බාධකය වන්නේ කායිකව සහ මානසිකව හටගන්නා වූ දුක්ඛදොමනස්ස. මේවා ඇතිවූ විට කලබල වී ඉක්මන් වෙනවා, ඒවායෙන් අත මිදෙන්න.

Friday, September 18, 2015

පූජනීය මව් සෙනෙහස



අප උපන් පසු, ජීවත්වීමේ දී විවිධ වයස්වලදී, විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයන් අපට හමුවෙති. බිරිඳ හෝ ස්වාමියා, දරුවන්, මිතුරු මිතුරියන් ආදීන් ඒ අතර වෙති. එහෙත් අම්මා අපට හමුවූයේ උපත සමගිනි.

Thursday, September 17, 2015

රූපාදි ස්කන්ධයේ තිබෙන ජරා මරණ දකින්නේ කොහොමද?

 

ජරා, මරණ වශයෙන් හිතා විමසා අප තුළ තිබෙන සැබෑ ස්වභාවය දැනගන්න උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහය කිරීම තුළම ශ්‍රද්ධාව, ප්‍රමෝදය, පී‍්‍රතිය, ඵස්සද්ධිය,

Wednesday, September 16, 2015

සක්වළේ ශක්තිමත් ම දේ කුමක්ද?



මේ සක්වළේ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බොහෝ ය. ඒවා ශක්තියෙන් හා විශාලත්වයෙන් ද යුක්ත වේ. ‘මහමෙර’ එවැන්නකි. අයිස් කන්දක වුවද, මතුපිටට පෙනෙන කොටසට වඩා නොපෙනෙන දිය යට ඇති කොටස වැඩි බව මීට පෙර ඔබට පසක් කළෙමු.

අවිදු අදුර දුරලන නැණ පහන

 


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස


කෝ නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සතී
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ


කාරුණික පින්වත්නි,

මිගලුද්දක පේ‍්‍රත වස්තුව


අප දැන් දන්නවා මෙසේ පේ‍්‍රතයන් ලෙස උපදින්නේ බොහෝ විට මනුස්ස ලෝකයේ දී සත්ව ඝාතනය, ලෝභය හා තද මසුරුබව, ඊර්ෂ්‍යාව සහ වෛරය, පරදාර හා පරපුරුෂ සේවනය,

පුණ්ණා මහ රහත් තෙරණිය


ජීවිතවලින් සසර විවීම කරන්නා වූ සත්ත්වයා සසර බඳින ලද තෘෂ්ණාව නම් වූ කෙලෙස් ධර්මයෝ ප්‍රහාණය කොට අපලෝකිත වූ ඛේම වූ නිවනින් සැනසුනු ඒ උතුම් රහත් තෙරණින් වහන්සේලාගේ ජීවිත සුන්දරය, මනහරය, නොඇලෙන සුළුය. නොගැටෙන සුළුය.

Tuesday, September 15, 2015

බුද්ධ චරිතය

 

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ පණිවිඩය වැඩි පිරිසකට කඩිනමින් ලබාදීම සඳහා එක් සැටනමක් වූ රහතන් වහන්සේලා ප්‍රථම ඇමතීම කුමක්ද ?

මනුෂ්‍යයාට තිබෙන මාණික්‍යය කුමක්ද?


අපගේ ශාස්තෘන් වහන්සේ සැදැහැවත් දෙව් මිනිසුන් විසින් “සමන්ත චක්ඛු” නමින් මහත් ගෞරවයෙන් හඳුන්වනු ලැබුවා. එහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකය තුළ වැසුණු නොදුටු කිසිවක් ම තිබුණේ නැහැ. ඒ ආශ්චර්යවත් සම්බුදු නුවණින් මනාකොට විසඳාලිය නොහැකි කිසිදු ගැටළුවක් තිබුණේ ද නැහැ. තමන්ට නිවැරැදි ලෙස අර්ථ වටහා ගත නොහැකි ප්‍රශ්න විසඳා ගැනීමට සැදැහැ සිත් ඇති මිනිසුන් මෙන් ම දෙව් බඹුනුත් ඒ බුදුරජාණන් වහන්සේ සොයා පැමිණියේ ඒ නිසාම යි.

දම් දෙසන අයුරු


සමාජයේ බොහෝ බෞද්ධයෝ ධර්ම දේශනා ශ්‍රවණය කරති. භික්ෂූන් වහන්සේලාත් ධර්ම දේශනා කරති. සමහරු ධර්ම දේශනා පින්කම්මාලා වශයෙන් බොහෝ මුදල් වියදම් කොට පවත්වති.

පුහුදුන් සිතේ ඇතිකරගත් අමනාපය


ක්‍රෝධය තරහව මනසට පැමිණියාට පසුව සාමාන්‍යයෙන් එම පුද්ගලයා කරන්නේ මොනවාද ?

Monday, September 14, 2015

හෙළ කතට සැනසුමේ මඟ විවර කළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ



ක්‍රි.පූ. 236 දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම හඳුන්වා දී නොබෝ දිනකින්ම ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ විය. උන්වහන්සේ ලක්දිවට වැඩම කළ දෙවන දිනයේම රජගෙදර පිරිසට දහම් දෙසූහ. ධර්මය ශ්‍රවණය කළ පිරිස අතර වැඩි දෙනෙක් කාන්තාවෝ වූහ. බණ අසා බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත් අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ බුදුසසුනේ පැවිදි වීමට කැමැත්ත පළ කළහ.

ස්වල්ප වූ වරදක් ජීවිතයට ම මහා විපතක් විය හැකිය


අප පසුගිය පොහොය දිනයන්හි කතා කලාක් මෙන් ‘සතිය’ හෙවත් ‘සිහිය’ පිළිබඳව සාමාන්‍ය ජීවිතයකට ගලපා බලමු. සාමාන්‍ය ජීවිතයකට අප ගලපා බැලුවොත්, ඕනෑම ජීවිතයක් යහපත් වූ චරිතයකින් හෙබි පුද්ගලයෙක් යැයි නම් ලබන්නේ, හැකිතාක්දුරට සියලු අවස්ථාවන්හි දී වැරැද්දක් නොවෙන්නට තරම් තම ජීවිතයේ, චරිතයේ පාලනයක් ඇති කරගත් මනුෂ්‍යයන්ටයි.

දුක් දොම්නස් හට ගන්නේ ඇයි?


මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික අදහස මැනැවින් විස්තර කරයි.

අකුසල් දුරු කොට කුසලය මතු කර ගනිමු


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
‘න තාව භික්ඛවේ අකුසලස්ස සමාපත්ති හෝති. යාව සද්ධා පච්චුපට්ඨිතා හෝති, කුසලෙසු ධම්මේසු.’

සැදැහැබර පින්වත,

නිරය මිනිස් අපාය නොවේ ද?


බුදුන් වහන්සේගේ දේශනා පරමාර්ථ සත්‍ය දේශනා හා සම්මුති සත්‍ය දේශනා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, නිර්වාණය,

දත යුතු සතර අපා තතු

 

අනේකවිධ දුක්ඛයන්ගෙන් යුක්ත වූ ප්‍රේත අපාගත උප්පත්ති ලබන්නෝ කවරහුද? තුන්සිත පහදවාගෙන දන් නොදෙන්නෝ, ඊර්ෂ්‍යාවෙන් හා ලෝභකමින් යුක්ත වූවෝ,

සසුන තහවුරු කරන පැවිදි - ගිහි සබඳතා


බුදු සසුන පවත්වාගෙන යන සිව්වනක් පිරිස ප්‍රධාන වශයෙන් ගිහි හා පැවිදි යනුවෙන් කොටස් දෙකකි. භික්‍ෂු, භික්‍ෂූණී යන දෙපිරිස පැවිදි කොටස වශයෙන්ද , උපාසක උපාසිකා යන දෙපිරිස ගිහි කොටස් වශයෙන් ද හඳුන්වා දිය හැකි ය.

බුදු වදනෙන් දියුණුවට උපදෙස්


කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපැයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත. එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම,

නිරවුල් සමාජයකට මඟ කියන චින්තතන නිදහස


 චින්තන වශයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද දාස භාවයෙන් බැහැර වීම, නිදහස යි. යමෙක්, තමන් උපන් දා පටන් හැදෙන වැඩෙන සමාජය තුළින් විවිධ අදහස් මෙන්ම ශාරීරික වශයෙන් ද පෝෂණය ලබයි.

සැම කල බැබළෙන ලොවුතුරු මුනිඳු

 

නමෝතස්ස භගවතෝ
අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
දිවාතපති ආදිච්චෝ
රත්තිං ආභාති චන්දිමා
සන්නද්ධෝ ඛත්තියෝතපති
ක්‍ධායී තපති බ්‍රාහ්මණෝ
අථ සබ්බ මහෝ රත්තිං
බුද්ධෝ තපති තේජසා’තී


කාරුණික පින්වත්නි,

භව දුක ගැන බුදු වදන්



බුදුන් වහන්සේගේ සියලු දේශනාවල මුලික අභිප්‍රාය වූයේ භවගත සත්ත්වයාගේ දුක නැති කිරීමේ ක්‍රමවේදය ඔහුට පැහැදිලි කිරීමයි. එනිසා නිර්වාණයට දුක්ඛක්ඛය යන පර්යාය නාමයක් ද වේ.

ගෝධික රහතන් වහන්සේ

 

ගෝධික හිමියන් පිළිබඳව කරුණු කාරණා සොයා බැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයා සිය හැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධික හිමියන් අපවත් වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත

Sunday, September 13, 2015

මිසදිටු අඳුර

 

2013 ක් වූ ජනවාරි 26 වන සෙනසුරාදා දින ලිපිය

තථාගතයන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් වන අතර, උන්වහන්සේ පෙන්වන මඟ ගොස් තම තමන් විසින්ම තම විමුක්තිය සලසාගත යුතු වේ.

වක්කලි මහා රහතන් වහන්සේ


අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ශ්‍රද්ධා බහුල භික්‍ෂු නම වශයෙන් අග තනතුර ලබන ලද්දේ වක්කලි මහ රහතන් වහන්සේ විසින්ය.

මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය


සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කලුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කළ බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා

අධි පොහොයක් එන්නේ ඇයි?


අමාවක, පුර අටවක, පසළොස්වක අව අටවක ආදී චක්‍රයකට, හැම වර්ෂයකටම සිදුවීම සඳහා ගතවන්නේ දින තිහයි. එහි නියමයන් නැහැ. එයමයි ස්වභාව දහමේ රීතිය කියලා කිව්වේ.

බුදුගුණ සිසිලස



හෙළ පියුමක් යම් සේ ජලයෙහි නොගැලී සුවඳ දෙමින් පවතී ද එමෙන් ම ලෝකයා සමඟ නොඇලි කටයුතු කරන බැවින් බුද්ධ යන නම භාවිත කරන බව මෙහි කියැවෙයි.

කූට විනිච්ඡයික පේ‍්‍රත වස්තුව


පේ‍්‍රත ලෝකයේ උපන්නෝ තමා විසින් කරන ලද කර්මයට ඉතා දුකසේ විපාක විඳිනවා. මිනිස් ලෝකයේ දී දුරදිග නො බලා කරන අකුසල කර්ම මරණින් මත්තේ තමා විසින්ම ඒවා ඒ ආකාරයෙන්ම ගෙවන අයුරු මෙහිදී ඉගෙන ගන්නට ලැබෙනවා. යම් පුද්ගලයෙක් අකුසල කර්මයක් කළ විට එහි විපාක එයට සමගාමීව සිය ගණනක් ගුණාත්මකව විපාක ගෙන දෙනවා

කර්මය හා පුනර්භවය


කර්මය සැමට පොදු වූවකි. දෙව් - බඹු - නර යන පිරිසට ද එය එකලෙස බලපායි. අප කළ කර්මය, සක්වළ කොතනකට අප ගිය ද සෙවණැල්ල මෙන් පසු පස ගමන් ගනී.

පරිසර හිතවාදී බුදුදහම

 
ස්වභාවික පරිසරය පිළිබඳව බුදුදහම නිර්දේශ කොට ඇත්තේ ඉතා වැදගත් සංකල්පයක් බව අප මනාව දන්නා කරුණකි. පරිසර හිතවාදය, පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් බුදු දහම මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බුදු දහම, බෞද්ධ ආකල්ප, බෞද්ධ පරිසරය, ශ්‍රාවක චර්යාවන් සහ බුද්ධ චරිතය නිරතුරුවම ස්වභාවික පරිසරය සමඟ මනා සම්බන්ධතාවයක් පැවතීමයි.

සත්‍යයේ දර්ශනය


‘නිබ්බාණ’ යන පදයෙන් තෘෂ්ණාව නැවතීමෙහි අවස්ථාව යන අරුත උපදවයි. එබැවින් තණ්හාව ප්‍රමුඛ කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් මිදීම නිවනය. එකම සංකල්පය විවිධ ක්‍රමවලින් ද නොයෙක් පර්යාය අර්ථයෙන්ද දේශනා කිරීමට සමත් වූ ඥානයෙන් පාර ප්‍රන්ත වූ භාවයක් බුදුරජාණන් වහන්සේ තුළ පැවතුණු සේක. එබැවින් එකම නිර්වාණ සංකල්පය හේතුඵල පරම්පරාව දක්වන ධර්මය අනුව අවිද්‍යා ආදි ද්වා දශකයන්ගේ නිරෝධය බව පහදයි.

මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය

 

මානසික ක්‍රියාකාරීත්වය නිරූපණය කරනු ලබන වචනයක් ලෙස ‘විඤ්ඤාණය’ සඳහන් වෙයි. ‘විඤ්ඤාණය’ යන්නෙන් සංසාරිකව ප්‍රතීත්‍ය සමුප්පන්නව පවත්නා දෙයක් අදහස් කරයි. ‘නාම රූප සමග සම්බන්ධ වනුයේ විඤ්ඤාණය යි. මානසික ක්‍රියාකාරීත්වය මිනිස් සිරුර හා සම්බන්ධතාවකින් තොර ස්වාධීන පැවැත්මක් ලෙස ගැනීම, ආදි කාලීන ඇතැම් ආත්මවාදීන්ගේ මෙන්ම නූතන ඇතැම් දාර්ශනිකයන්ගේ ද මත ය යි. මීට ප්‍රතිවිරෝධීව බුදු සමය, නාම රූප සහ විඤ්ඤාණයේ අනන්‍යෝන්‍ය පැවැත්ම විස්තර කරයි.

පෙර භවයේ ගති සිරිත්


පෙර භවයන්හි ගති සිරිත් හා අත්දැකීම් පිළිබඳව විස්තර වන බොහෝ චරිත කතාවන් බෞද්ධ සාහිත්‍යයෙන් අපට සොයා ගත හැකිය. එම කතාවන් අතර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ කතාව මෙහිලා වැදගත් වේ. භාරද්වාජ තෙරුන් බ්‍රාහ්මණ කුලයෙන් සසුන්ගත වූ අයෙකි. සසුන් ගත නොබෝ දිනකින් රහත් වීමේ භාග්‍ය උන්වහන්සේට උදාවිය.

සක්වළ අවි සහ සිත්වල සවි බල


සිතෙහි සවිය විටක අවියකි. මෙම අවිය පණ පොවා ගත් කල ලොව කවර යුද්ධ යක් වුවද නිසැකවම දිනිය හැකිය. සක් වළ සක්මනට සිතෙහි අසිරිය අතර ඇති සවිය ද හොඳින් දිස්වෙයි. අලුත් වී මුවහත් වන සිත නමැති අවිය පිළිබඳ දිග හැරෙන කරුණු හැම කලට වලංගු වන්නකි.

දානමය පින්කමකදී කළ යුතු වතාවත් රැසයි


දානය පිළිගන්වන දිනයේදී භික්ෂූන් වහන්සේ මඳ දුරක් හෝ පාගමනින් වැඩම කර විය යුතුවනවා. ඊට උඩු වියනක් ඇල්ලිය යුතුයි. පාවාඩ දැමිය යුතුයි. භේරිවාදන වාදනය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අප එම ගෞරවය දක්වන්නේ. මුතු කුඩයක් ඔසවාගෙන යනවාට වඩා උඩුවියනක් භාවිතා කරන්නේ නම් එය ඉතාම වටිනවා

පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?


අතේ ඇඟිලි මෙන් සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ ස්වභාවය ද එකිනෙකාට සපුරාම වෙනස් වේ. නිලයෙන්, ධනයෙන් පමණක් නොව නිරෝගීකමෙන්, උගත්කමෙන්, සමාජ පිළිගැනීමෙන්,  ජනප්‍රියත්වයෙන් සහ ප්‍රියමනාප පෞරෂත්වය අතින් ද මේ වෙනස කැපී පෙනෙයි. මෙලෙස එකම රටක, එකම ගමක හා එකම පවුලක වුවද එක ලෙස උපත ලබන පුද්ගලයන් තුළ පවා පැහැදිලි විවිධත්වයක් පවතී. පහසුවෙන් බැහැර කළ නොහැකි මේ ගැටලු සක්වළ සක්මන – 37 වෙනි දැක්මෙන් නිරාකරණය කෙරේ

Saturday, September 12, 2015

බෞද්ධ කමනාකරණ පිළිවෙත්


මිනිසා ස්වභාව ධර්මයේ අනර්ඝතම දායාදයකි. එසේම ඔහු ස්වභාව ධර්මයේ එක් ඒකකයක්ද වන්නේ ය. තම අවශ්‍යතා වෙනුවෙන් ස්වභාව ධර්මයේ අනෙකුත් දායාද පරිහරණය කිරීමටත් පරිභෝජනය කිරීමටත් මිනිසාට සිදුවේ. එයින් පවතින සම්පත් ක්ෂය වීමත් විනාශ වීමත් සිදු වේ. එයට හේතු වන්නේ සම්පත් පරිභෝජනයේ දී ඇතිවන අකාර්යක්ෂම භාවය, නොසැලකිල්ල, දුරාවබෝධය වැනි කරුණුය. සම්පත් ක්ෂය වෙතැයි බියෙන් ඒවා පරිහරණය නොකර සිටීම ධර්මානුකූල නොවේ. කළමනාකරණ මූල ධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගත සංරක්ෂණ වැඩ පිළිවෙළක්ද භාවිතා කළ යුතුය.

හැම ක්‍රියාවකදීම සිතිවිලි ප්‍රධානයි



 දර්ශනය යනු දැක්මයි. දෙනෙතින් දකින දේත් දර්ශන වූවත් දහමට අනුව මෙහිදී සලකනු ලබන්නේ එම පියවි ඇසට පෙනෙන දර්ශන පිළිබඳව නොවේ. නුවණින් ඥානයෙන්, බුද්ධියෙන් දකින දැක්මයි හෙවත් නුවණැසින් බලන බැල්මයි. දකින දැක්මයි.

බෞද්ධයාගේ පරිසර ප්‍රතිපත්තිය



සිගාලෝවාද සූත්‍රයේ ඇතුළත් ගාථා දෙකකි, මේ
පණ්ඩිතෝ සීලසම්පන්නෝ
ජලමග්ගීව භාසතී
භෝගේ සංහරමානස්ස
භ මරස්සේ ව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති
වම්මිකෝ වුපචීයතී
ඒවං භෝගේ සමාහත්වා
ලමත්ථෝ කුලේගිහී

ගිහි ගෙදර වසන්නට සමත් පුද්ගලයා නුවණැත්තකු හා සදාචාර සම්පන්න පුද්ගලයකු විය යුතුය. ඔහු මී මැස්සාගේ ඉරියව්වෙන් ධනය රැස් කර ගත යුතු ය. එවිට වේයාගේ තුඹස මෙන් ධන එක් රැස් වේ. මෙසේ ඔහු දිලිසෙන ගින්නක් මෙන් බැබළීමට පත් වේ.

විප්ලවයේ ප්‍රතිඵල 10

 
බුදු ඇසට ලක් වූ අය

කපිල වස්තුවෙදි නන්ද කුමාරය පැවිදි වුනේ ඔටුණු පැළඳීම,ගෙවදීම, ජනපද කල්‍යාණිය ආවාහකර ගැනීම කියන උත්සව තුනක් සූදානම් කරල තියන වෙලාවක. බුදුරජාණන් වහන්සේ සමග මාළිගාවෙ ඉඳල විහාරයට යද්දි ජනපද කල්‍යාණිය නන්ද කුමාරයට කිව්ව ඉක්මනින් ආපහු එන්න කියල

සැප විඳින්නට, බොදු පිළිවෙත්



සෑම සත්ත්වයෙකුගේම අපේක්ෂාව හා බලාපොරොත්තුව සැපසේ ජීවත් වීමයි. දුක යටපත් කොට සැප වැළඳගෙන සුඛෝපභෝගී ජීවන රටාවකට සිහින මවන පුහුදුන් මිනිසා සදාකාලිකව ම සැරිසරන්නේ සැබෑ ලොවක නොව මවාගත් මනෝ ලෝකයකයි.

රවන්න පෙර සිතන්න

 


ධර්මාශෝක රජ්ජුරුවො බොහෝ වෙහෙර විහාර හදලා ධර්මයට ලැදිව කටයුතු කළත් මරණාසන්න මොහොතේ පවන් සලනවාය කියලා ඇති වුන නොසතුට නිසා ඒ කිළිටි මනසින් මිය ගිහිල්ලා පිඹුරෙක් වෙලා උපන්නයි කියලා සඳහන් වෙනවා. එහෙම උනේ කුමක් නිසාද?

ජීවිතය දකින කැඩපත ධර්මයයි



තථාගතයන් වහන්සේ වනාහි බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියකුගේ අවතාරයෙක් හෝ මිහි පිට දෘශ්‍යමාන වූ කිසි දේවනිර්මිත මායාරූපයෙක් හෝ නොව ඉතා දීර්ඝ කාලයක් ගුණ දම් පුරමින් වුත් අනුන්ගේ උපදෙස් නැති වැ ස්වයං ශක්තියෙන් ම නුවණ වැඩීමෙන් සියල් කෙලෙස් නසා තතුස්සත්‍යයන් අවබෝධ කළ අතුල්‍ය ප්‍රාඥයෝ ය. ලෝවැස්සා විඳිනා දුක් දැක කරුණායෙන් තෙත් ළයැති ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් අවබෝධ කළ චතුස්සත්‍යධර්මය අන්‍යයනට දේ්ශනා කොට ඔවුනට සසර දුකින් මිදීමට මග පෙන්වා වදාළ සේක. උන්වහන්සේ වදාළ ඒ ධර්මය “බුද්ධාගමය” නම් වේ. උන්වහන්සේ වදාළේ කුමක් ද? නො වදාළේ කුමක් ද? යනු මෙසේ දත යුතුයි.

මානසික අසහනය අඩුකරගන්නේ කෙසේ ද?



 විවිධ දුෂ්කරතා හා ගැටලු පැන නගින විට ඔබට ඇතිවන මානසික අසහනය අඩුකර ගැනීම කෙරෙහි ඔබගේ සිත යොමුකළ යුතුවේ. ප්‍රථමයෙන් ඔබ ජීවත්වන පරිසරයේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට උත්සුක විය යුතුයි.

ලාදුරු රෝගියෙක් මහා කාශ්‍යප හිමිට දන් පුදා දෙව් සැප ලබයි


මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සෑම දිනකම වාගේ පිඬු සිඟා වඩින්නේ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන අන්ත අසරණ රෝගීන්ගෙන් පිරුණු මාර්ගවලයි. ඒ උන්වහන්සේගේ සිරිතයි.
මේ අතර එක් දිනක් මහා කාශ්‍යප මහ තෙරණුවෝ පෙරවරුවෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන නුවර දුප්පතුන් බහුල එක්තරා වීථියක පිඬු සිඟා වැඩියහ. එසේ වඩින අතරතුර එක්තරා පෙදෙසකදී ලාදුරු රෝගය වැළඳීම නිසා අතිශයින්ම දුර්වල ව ආහාර ගනිමින් සිටි අසරණ රෝගියකු දැක, මොහුට පිහිට විය යුතු ය’යි සිතා ඔහු වෙත වැඩම කළහ.

අප කොහේ සිට පැමිණෙන්නේද ?



 මම තායිලන්තයේ සිටියදී අතිවිශාල සර්පයින් දෙදෙනෙකු දුටුවෙමි. එයින් පළමුවෙනියා මගේ කලවය තරම් ලොකු අඩුතරමින් මීටර් හතක්වත් දිග පිඹුරෙකි. එවැනි විශාල සතෙකු දුටුවිට ඔබට එය විශ්වාස කළ නොහැකි වුවත් එය හැබෑවකි. අවුරුදු කීපයකට පසු නැවතත් ම විසින් ද, ආරාමයේ සිටි වෙනත් බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ද එම සතා දැක ඇත. එම සර්පයා දැන් මිය ගොස් ඇති බව මට දැනගන්නට ලැබුණි. අනෙක් විශාල සර්පයා නාගරාජයෙකි. 

Friday, September 11, 2015

ධම්මපදය



යමක වග්ගෝ

සසරක ගමන



මනුෂ්‍යයන්ගෙන් සමහරෙක් ජීවිතය අවසන් වීමෙන් පසුව දුක් බහුල වූ උපතකට පැමිණෙති. සමහරෙක් මවු කුසකට ම පැමිණෙති. සමහරු දිව්‍යාත්මයන්ට පැමිණෙත්.

කෙලෙස් නමැති මැස්සන් නැසීම

  

බුදුරජාණන් වහන්සේ එදා බරණැස් නුවර පිණ්ඩපාතයේ වැඩි සේක. එක් ගසක් අසලින් වැඩම කරද්දී උන්වහන්සේට භික්ෂුවක පෙනිණ.

අපට සැනසීම ලබාදෙන්න විශාල කැපවීමක් කළ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ


මහත් වූ බැතියෙන් ඒ අනගි ධර්ම දේශනය ශ්‍රවණය කළෙමි. එය සැබැවින්ම සිතට ශාන්තියක් විය. “රහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරන උන්වහන්සේ දකින්නට ලැබීමද භාග්‍යයකි. මට අසන්නට ලැබුණු ඒ අසිරිමත් ධර්ම දේශනය හුදී ජන ප්‍රසාදය සඳහා රට පුරා බෙදා හැරිය හැකිනම් කෙතරම් අගනේදැයි සිතක් පහළ විය. අවසානයේ මම උන්වහන්සේ හමුවට ගියෙමි.“ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාම භක්තියෙන් ශ්‍රවණය කළා. මේ ධර්මය ඒ අයුරින්ම බෙදා හරින්නට ඉඩ ලබා දෙනවා ද?“මොකක්ද පුතේ ඒ කියන්නේ?” යනුවෙන් උන්වහන්සේ කරුණාභරිතව විමසූහ.“මේ ධර්ම කරුණු කැටිකර ලිපි පෙළක් පළ කිරීම ගැනයි ස්වාමීන් වහන්ස” මම පිළිතුරු දුනිමි.හොඳයි පුතේ,