දස පුණ්‍ය ක්‍රියා අතර පළමු තැන හිමිවී ඇත්තේ දානයටයි. බෞද්ධයන් අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ දානය මහත් ගෞරවයෙන් සිදු කරනු ලබන පින්කමක් විශේෂයෙන්ම බෞද්ධයන්, භික්ෂූන් වහන්සේ වෙත පිරිනමන සාංඝික දානය සෙසු අයට ලබාදෙන දානයට වඩා ඉහළ තැනක් ලබා දී තිබෙනවා.
එහෙත් භික්ෂූන් වහන්සේට දානයක් පිරිනැමීමේදී අනුගමනය කළ යුතු නිවැරැදි වත්පිළිවෙත් ඇතැම් අය නොදන්නා බවයි පෙනෙන්නේ.
භික්‍ෂූන් වහන්සේට දානය සදහා ආරාධනා කිරීමේදී අප දිනයක් තෝරා ගන්නවාට වඩා දානමය පින්කම පවත්වනු ලබන කාලවකවානුව තීරණය කර භික්‍ෂූන් වහන්සේ හමුවීමට යාමයි වඩා වැදගත් වන්නේ. එහිදී දැහැත් අතක් හෝ දැහැත් වට්ටියක් පිළිගන්වා වැඳ නමස්කාර කර භික්‍ෂූන් වහන්සේ හා සාකච්ඡා කළ යුතුවනවා. එසේ යන අවස්ථාවේදී දැහැත් පමණක් රැගෙන යාමට අද ඇතැම් අය පුරුදු වෙලා දානයට ආරාධනා පිණිස යාමේදී භික්ෂූන් වහන්සේට ගිලන්පස රැගෙන යනවානම් එය වඩාත් වැදගත්.
පිරිතක් දේශනා කරන විට අප රාත්‍රියට භික්ෂූන් වහන්සේට චතුමධුර ඇතුළු ගිලන්පස පිළිගන්වනවා. සවස් කාලයේ විහාරස්ථානයට යාමේදී එවන් සරල ආහාරයක් භික්ෂූන් වහන්සේට පිළිගැන්වීමට අපට පුළුවන්. භික්ෂූන් වහන්සේට ගිලන්පස පූජා කරමින් දානයට ආරාධනා කරන්න පුළුවන්නම් එය අපටත් කොයිතරම් සතුටක්ද? මෙවන් ධර්මතා වත්පිළිවෙත්වලින් ඈත් වෙලා. අප නිවැරැදි චාරිත්‍ර නොකරන බව අපටම වැටහෙනවා නේද?
දිනපතාම රාත්‍රි 7.00 ට විතර පන්සලට ගිහින් ගිලන්පස දානයකර දෙන්න පුළුවන් නම් කොයිතරම් පින් සිදුවනවාද?
විශාල මුදලක් වැය කර දානමය පින්කම් කරන්න බැරි අයට සුළුවෙන් ගිලන්පස දානයක් ලබාදෙන්න පුළුවන්. බෙලිමල් වතුර ටිකක් තම්බලා පූජා කරන්න අපහසු නැහැ. ගැටලු තියෙන්නේ අප ඒ ගැන අවධානය යොමු නොකරන නිසයි. නිවසේ පවත්වන දානයට පෙර අපට විහාරස්ථානයේදීම දානමය පින්කමක් එසේ සිදු කරන්නට පුළුවන්.
භික්ෂූන් වහන්සේට තමන් දානමය පින්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන දීන වකවානු දක්වා දිනයක් යොදා ගැනීම වඩාත් උචිත වන්නේ උන්වහන්සේ බාර ගන්නා ලද වෙනත් ආරාධනා තිබෙන්නට පුළුවන් නිසයි. අප තෝරාගත් දිනයම යොදා ගැනීමට ගියහොත් භික්ෂූන් වහන්සේ කෙතරම් අපහසු තත්ත්වයට පත් වනවාද?
නිවසට භික්ෂූන් වහන්සේ වැඩම කරවා දානමය පින්කම පැවැත්වීමට තීරණය කිරීමෙන් පසු යොදාගත් දිනයට පෙර සිටම අපට බොහෝ දේ කිරීමට තිබෙනවා. ඒ සියල්ල දානය පිළිගැන්වීම සඳහා අවශ්‍ය වන සම්පත් සහ වෙනත් දේවල්.
දානය පිළිගන්වන දිනයේදී භික්ෂූන් වහන්සේ මඳ දුරක් හෝ පාගමනින් වැඩම කර විය යුතුවනවා. ඊට උඩු වියනක් ඇල්ලිය යුතුයි. පාවාඩ දැමිය යුතුයි. භේරිවාදන වාදනය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට අප එම ගෞරවය දක්වන්නේ.
මුතු කුඩයක් ඔසවාගෙන යනවාට වඩා උඩුවියනක් භාවිතා කරන්නේ නම් එය ඉතාම වටිනවා. ඒ සඳහා කී දෙනෙක් සහභාගි වනවාද? ඒ නිසා ඔබට පුළුවන් ඕනෑම අයකු මේ සඳහා සහභාගි කරවා ගන්න.
පින්කමකට සහභාගිවන සියලුම ශිල්පීන් කරන්නේ උතුම් ක්‍රියාවක් ශ්‍රේෂ්ඨ රැකියාවක්. ඒ රැකියාව අප ආරක්ෂා කර දිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ සමයේ මහා බ්‍රහ්මයා පවා බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ සක් පිඹිමින් ගමන් කරා. අද අප ඒ බුදුරජාණන් වහන්සේගේ ගෞරවය ඈත් කරලා. අද වාහනයෙන්ම භික්ෂූන් වහන්සේ නිවසට වැඩම කරවනවා. නිවසේ දොරටුවටම භික්ෂූන් වහන්සේ වැඩම කරවීමට හැකිනම් එය වඩාත් සුදුසු බව බොහෝ අය සිතනවා.
දානය පිළිගන්වලා යළිත් වාහනය නිවස අසලටම ගෙනැත් භික්ෂූන් වහන්සේ යළි වඩමවනවා. අහල පහල අය පින්කම ගැන දන්නේ නැහැ. ඇතැම් අයගේ වැරැදි මත ප්‍රකාශ නිසා බුද්ධ ශාසනයේ අප දැකපු ඒ දිවා පෙරහර අද ඇතැම්විට දකින්න නැහැ.
භික්‍ෂූන් වහන්සේට ඉදිරියෙන් සධාතුක කරඬුව වඩමවමින් ගමන් කරපු පෙරහර අද දකින්න තියෙන්නේ ඉතා කලාතුරකින්.
බෞද්ධ රටක් කියන සංකල්පය සුරක්ෂිත වුණේ මේ වගේ බෞද්ධ ආකල්පවලින් . වැඩිහිටියො ‘සාධු’ – ‘සාධු’ කියනකොට පුංචි දරුවෝ ඒ ගැන හොයල බැලුවා. බොහෝ දේ ඉගෙන ගත්තා.
චාරිත්‍ර වාරිත්‍රවලින් අපගේ ශික්ෂණ මෙන්ම හැදියාව ඉස්මතුවනවා. භික්ෂූන් වහන්ස නිවසට වැඩම කළ විට ගෙදර ගෘහමූලිකයා පැමිණ පා දෝවනය කරනවා. ඔහුගේ නිහතමානිත්වයයි . එයින් ප්‍රකාශ වන්නේ.
‘ස්වාමි පාදයාණන් වහන්සේ’ යනුවෙන් අප භික්ෂූන් වහන්සේ හඳුන්වනවා. එහි අදහස ගැන මඳක් සොයා බලන්න.
ස්වාමි යනුවෙන් හඳුන්වන්නේ භික්ෂූන් වහන්සේමය (හාමුදුරුවන්) පාදයාණන් කියන්නේ උන්වහන්සේගේ ‘දෙපා’ වලටයි. ‘වහන්’ යනුවෙන් හඳුන්වන්නේ උන්වහන්සේගේ දෙපයෙහි පලඳින පාවහන් යුගලයටයි. ‘සේ’ යනුවෙන් හඳුන්වන්නේ පාවහනේ ඡායාවයි. පාවහනේ සේයාවටත් පහළින් සිටයි අප භික්ෂූන් වහන්සේට ගරු සත්කාර කරන්නේ.
එම නිසා නිවසේදී ස්වාමීන් වහන්සේට ගරු කිරීමේ පළමු කාර්යය වන්නේ පා දෝවනයයි.
භික්ෂූන් වහන්සේගේ පාදයේ දූවිල්ලක්වත් නොතබා අපගේ නිවසට වැඩම කරවන බවට එයින් මහඟු පිළිතුරක් ලැබෙනවා.
එයින් පසු සුදු පාවාඩ මතින් වඩමවාගෙන ගොස් අසුන් මත අසුන් ගැනීමට සලස්වනවා.
ආසන සකස් කිරීමේදීද එයින් භික්ෂූන් වහන්සේට අපහසුතා ඇති නොවන බවට වග බලා ගත යුතුයි.
මහත් වියදමක් දරා කරනු ලබන පින්කමකදී භික්ෂූන් වහන්සේට පහසුවෙන් ආරක්ෂාකාරීවත් සැදැහැ සිතින් වැළඳීමට ක්‍රියා කිරීමත් ගැන අවධානය යොමු කළ යුතුවේ.
අපට පින්කම නිසි පරිදි කුසල් උපදවා ගැනීමට කළ හැකි වන්නේ එවිටයි.
දානමය පින්කමකදී කළ යුතු තවත් වතාවන් රැසක් තිබෙනවා. එවන් පිළිවෙත් නිසි පරිදි කළ යුතු අයුරු මීළඟට විමසා බලමු.
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 20 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකි
No comments:
Post a Comment