Labels

Sunday, September 13, 2015

අධි පොහොයක් එන්නේ ඇයි?


අමාවක, පුර අටවක, පසළොස්වක අව අටවක ආදී චක්‍රයකට, හැම වර්ෂයකටම සිදුවීම සඳහා ගතවන්නේ දින තිහයි. එහි නියමයන් නැහැ. එයමයි ස්වභාව දහමේ රීතිය කියලා කිව්වේ.
එහෙම උදාවන පසළොස්වක පොහොය දින ගණන නිවැරැදි විදිහට අපිළිවෙළ වූ දින දර්ශනයක සටහන් කරන්නේ කොහොමද? හඳ පායන එක කාටවත් වළක්වන්න බැහැ. ඒ ස්වභාව ධර්මය අනුව සිදුවන ක්‍රියාවක්. පුරහඳ අහසේ පායන්නේ පොහොයට


අද අධි බිනර පුර පසළොස්වක පොහොය දිනයයි. සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයකට වරක් මේ වගේ අධිපොහොය දිනයක් යෙදෙනවා. ඇයි මේ අධිපොහොය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් මෙහිදී “අධි” කියන වචනය භාවිත වන්නේ ‘වැඩි’ කියන අර්ථය සඳහා ය. අවුරුද්දකට පවතින මාස දොළහේ පුර පසළොස්වක පොහොය දින දොළහක් යෙදෙනවා. ඇතැම් අවුරුදුවල දී පුරපසළොස්වක පොහොය දහතුනක් පමණ යෙදෙනවා. මේ අයුරින් අවුරුද්දකට පුර පසළොස්වක පොහොය දහතුනක් යෙදෙන වර්ෂවලට ඉන් එක පොහොයක් ‘අධි පොහොය’ හෙවත් වැඩි පොහොය හැටියට සඳහන් කෙරෙනවා.
ඒ පොහොය දිනයට පොහොයේ තියෙන විශේෂ වැදගත්කම් නැහැ. මේ විදිහට එක පොහොය දිනයක් ඉවත් කරන්නේ දහතුන නපුරු යැයි කියන සංකල්පය අනුව නොවෙයි. අප පුරුදු වෙලා ඉන්නේ අවුරුද්දකට පුර පසළොස්වක පොහොය දොළහකට වීම නිසයි.

සත්‍ය වශයෙන්ම මේ අයුරින් වැඩි පොහොයක් එන්නේ ඇයි කියලා විමසා බැලිය යුතුයි. එසේ පොහොය වැඩිවීමට මූලික වශයෙන්ම බලපානු ලබන්නේ අප භාවිතා කරනු ලබන ලෝකය පිළිගත් දැනට පවතින දින දර්ශනය අනුවයි. දින දර්ශනයේ මාස සටහන් වන්නේ එකම ආකාරයකට නොවෙයි. එක එක ආකාරයෙන්. නිදසුනක් ලෙස බැලුවොත් ජනවාරි මාසය එක් ආකාරයටත් පෙබරවාරි මාසය තවත් ආකාරයකටයි. ඇතැම් මාසවලට දින තිස් එකයි. ඇතැම් මාස දින තිහයි. ඇතැම් මාස දින විසි අටයි.

සමහර අවුරුදුවලට දින විසි අටේ මාසය දින විසි නවය දක්වා වැඩිවෙනවා. ඒ අනුව අපට පෙනෙන්නේ මේ දින දර්ශනයේ මාස ක්‍රමය අපිළිවෙල වූ පිළිවෙලකට සකස් වී ඇති බවයි. නමුත් ලෝකය පිළිගත්ත ක්‍රමය එය නිසා අපට ඉන් බැහැර වෙන්න බැහැ.

දින දර්ශනයේ පිළිවෙළ ඒ ආකාරයට වුනත් ස්වභාවධර්මයේ පිළිවෙල ඊට වඩා වෙනස්. කෘතිමව සකස් කළ වර්තමානයේ අප භාවිතා කරන දින දර්ශනය සහ ස්වභාව දහම අතර ගැටුමක් පවතිනවා. ඒ ගැටුම අප දකින්නේ අවුරුදු ගණනකට වරක් අධිපොහොයක් උදාවීමෙනි.
ස්වභාවධර්ම නීතිය කියලා කිව්වේ විශ්වයේ ග්‍රහ තරුවල පවතින්නා වූ රිද්මයයි. හඳ පායන්නේ සහ හඳ බැස යන්නේ ස්වභාව ධර්ම රිද්මයට අනුවය. හඳක් පිරෙන්න යන දින ගණන හැමදාම එකයි. දින තිහකට වතාවක් සිංහල ක්‍රමය අනුව පුර පසළොස්වක පොහොය උදාවෙයි. හඳේ රටාවන් වුණත් පවතින්නේ එක පිළිවෙලකටයි.
අමාවක, පුර අටවක, පසළොස්වක අව අටවක ආදී චක්‍රයකට, හැම වර්ෂයකටම සිදුවීම සඳහා ගතවන්නේ දින තිහයි. එහි නියමයන් නැහැ. එයමයි ස්වභාව දහමේ රීතිය කියලා කිව්වේ. එහෙම උදාවන පසළොස්වක පොහොය දින ගණන නිවැරැදි විදිහට අපිළිවෙළ වූ දින දර්ශනයක සටහන් කරන්නේ කොහොමද? හඳ පායන එක කාටවත් වළක්වන්න බැහැ. ඒ ස්වභාව ධර්මය අනුව සිදුවන ක්‍රියාවක්. පුරහඳ අහසේ පායන්නේ පොහොයට. හඳ අහසේ පෑය වූ දාට අද පොහොය නැතැයි කාටවත් කියන්න බැහැ. කිව්වත් කවුරුවත් ඒක පිළිගන්නෙත් නැහැ.ඒ නිසාම තමයි මේ අතිරික්තය සිද්ධ වෙන්නේ. දින තිහකට වරක් උදාවන පොහොය දින තිස් එකේ මාසවලින් සටහන් කරන්න යාමෙන් සිද්ධවෙන අතිරික්තය වැඩි පොහොයක් හැටියට අරගෙන දක්වන්නේ ඒ අනුවයි. අවුරුදු ගණනකට වරක් වැඩි පොහොයක් ලෙස පොහොය ලබන්නේ වැඩි පොහොය කියලා කිව්වට ඒක ස්වභාව ධර්මයට අනුව වැඩි පොහොයක් නොවෙයි. නිවැරැදි පොහොය නමුත් අප භාවිතා කරන දින දර්ශනයේ තිබෙන ප්‍රශ්නය නිසා දින දර්ශනයට අධි පොහොය.

මේ අනුව අපට පැහැදිලි වෙනවා අධි පොහොය හෙවත් වැඩි පොහොය උදාවන්නේ කෙසේද කියලා. ස්වභාව ධර්මරීතිය ගලාගෙන යන්නේ නිවැරැදි පිළිවෙළකට. හඳ අහසේ පිරෙන කාලයට මහ මුහුදේ ජලය පවා වෙනස් ස්වභාවයක් ගන්නවා. හඳ බැස යන කාලයට ඒ ජලය ආයෙත් වෙනස් වෙනවා. හඳ පිරෙන කාලයට මිනිසුන්ගේ මානසික තත්ත්වවල සහ මනසේ ඉන්ද්‍රියවල පවා වෙනසක් ඇතිවෙනවා. හඳ පිරෙන කාලයට ඇතැම් මිනිසුන්ගේ මානසික තත්ත්වය පවා වෙනස්කම් ඇතිවෙනවා. මානසික රෝගී තත්ත්ව වැඩිවෙන්න පටන් ගන්නවා. ඒ අනුව පැහැදිලි වෙන කාරණයක් තමයි හඳත් සමග පරිසරය තුළ පවතින සියලු සන්සිද්ධි වල වෙනස්කමක් ඇතිවෙනවා කියන කාරණය. ඒ සිද්ධි දාමය ඒ හා සාපේක්‍ෂව භාවිත දින දර්ශනය අනුව සිදුවන්නේ නැහැ. නමුත් පොදුවේ එය පිළිගන්න නිසා අපටත් එය බැහැර කර හරින්න බැහැ.






 මහාචාර්ය පාතේගම
ඤාණිස්සර හිමි










ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 31 වන සිකුරාදා   දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment