‘නිබ්බාණ’ යන පදයෙන් තෘෂ්ණාව නැවතීමෙහි අවස්ථාව යන අරුත උපදවයි. එබැවින් තණ්හාව ප්‍රමුඛ කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් මිදීම නිවනය. එකම සංකල්පය විවිධ ක්‍රමවලින් ද නොයෙක් පර්යාය අර්ථයෙන්ද දේශනා කිරීමට සමත් වූ ඥානයෙන් පාර ප්‍රන්ත වූ භාවයක් බුදුරජාණන් වහන්සේ තුළ පැවතුණු සේක. එබැවින් එකම නිර්වාණ සංකල්පය හේතුඵල පරම්පරාව දක්වන ධර්මය අනුව අවිද්‍යා ආදි ද්වා දශකයන්ගේ නිරෝධය බව පහදයි.
මිනිසාට ඉපදෙමින් දුකට යොමු වීමක් නොමැති මඟක් හෝ නැවත නැවත උපදින්නේ කුමන හේතුවක් නිසා ද යන සංකල්පය මතුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස විමුක්තිය පිළිබඳ අදහස ප්‍රබල වේ. සංසාරයේ ගමන් කරවීමට තෘෂ්ණාව හේතු වන්නේය.
නිබ්බාණ යන පදයෙන් තෘෂ්ණාව නැවතීමෙහි අවස්ථාව යන අරුත උපදවයි. එබැවින් තණ්හාව ප්‍රමුඛ කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් මිදීම නිවනය. එකම සංකල්පය විවිධ ක්‍රමවලින් ද නොයෙක් පර්යාය අර්ථයෙන්ද දේශනා කිරීමට සමත් වූ ඥානයෙන් පාර ප්‍රන්ත වූ භාවයක් බුදුරජාණන් වහන්සේ තුළ පැවතුණු සේක. එබැවින් එකම නිර්වාණ සංකල්පය හේතුඵල පරම්පරාව දක්වන ධර්මය අනුව අවිද්‍යා ආදි ද්වා දශකයන්ගේ නිරෝධය බව පහදයි.
ආයතන විභංගයේදී මෙන්ම අසංඛත සංයුක්තය ආදි සූත්‍ර බොහොමයක් රාග ,ද්වේෂ, මෝහයන් ක්ෂයවීම බවය, ආර්ය සත්‍ය අරමුණ කරගත් දම්සක් පැවතුම් සුත්‍ර සම්මා දිට්ඨි සූත්‍රයන්හි තෘෂ්ණා නිරෝධය නිර්වාණය බව වදාළහ. රාග් ද්වේෂ මෝහ ක්ෂයවීම නිවන වශයෙන් සැරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර විය. සිත කිසිඳු සංකල්පයක හෝ අරමුණක නොගැටෙන ස්වභාවයක් නිවනෙහි ඇති බව තහවුරු වෙයි. දීඝ නිකායේ එන කේවට්ඨ සූත්‍රයෙහි නිවනෙහි ස්වභාවය විමසා බැලීම වැදගත්ය. ප්‍රකෘති නෙතින් දැකිය නොහැකිය. නමුත් උසස් මාර්ග ගුණයෙන් අවබෝධ කර ගත හැකිය.ඇතිවීම නැතිවීම වශයෙන් පේවිය හැකි තොටුපළ ඇති නිර්වාණ ධාතුවක් ඇත.
එහි පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූ®තයන් ද නොමැත. දිගක් පළලක් නැත. අලංකාර බවක් ද නොමැති ය. රූප සම්පත්තියක් ද නැත. මතු මත්තෙහි උපතට හේතුවන නාම - රූප ස්කන්ධ පංචකය සම්පූර්ණයෙන් නිරුද්ධ වීමකි. කායික මානසික වූ සියලුම ආශාවන් අහෝසි වනු ඇත. ක්ලේශ පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය මගින් අසංඛත තත්ත්වයක් කරා එළඹීමකි. භව නිරෝධය නිවන වේ. නැවත නැවත ඉපදීමෙන් නිදහස් වීම භවයෙන් මිදීමය. බැඳීම හෝ සිරවීම ‘රෝධ ‘ පදයෙන් ප්‍රකට වේ. එබඳු වූ බැම්මක් ද නොමැතිව නිරෝධය වේ. කුසල් අකුසල් රැස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත නැවත ඉපදීමට හේතුවේ. නිවන අවබෝධයෙන් පසු සංස්කාරයන් රැස් නොකරන බැවින් එ දුකෙහි කෙළවර. සංසාරය නිරූපණය වන පදවලට විරුද්ධ අර්ථය සැලකූ විට මෙම ගැටලුව නිරාකරණය වෙයි. සංසාරය දුකක් වන්නන්ට නිවන සැපතකි. එසේම සසර බන්ධනයක් වූයේ නම් නිවන විමුක්තියකි. මහා භයංකාර මහෝඝයක් වූ සසර කතර අර්ථ දක්වන කල්හි එය ක්ෂේම භූමියකි. සත්‍ය ලෙසම සසර ගමන නවතන නිවනක්මය, සංස්කාර ධර්මයන් තුළ පවතින ප්‍රධාන ලක්ෂණයක් ලෙස ආරම්භයක් හෙවත් ජනිත වීමක් ඇත. එසේම නැතිවීමක් හෝ අභාවයක්ද වේ. එම අතරතුර පැවති කාලයේ විපරිණාමය වූ වෙනස් වෙමින් පැවතීමක්ද ඇත. නමුත් මෙම කිසිවක් නිවනට අදාළ නැත.හේතුව නිර්වාණය හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවූ බැවින් අසංඛතය. සංඛත වූ කිසිම දෙයකට උපමා කළ නොහැක. රූපයක් සටහනක් හෝ ප්‍රමාණයක්ද නොමැත. මිනුමකින්, උපමාවකින් කරුණකින් හෝ තර්කයෙන් දැක්විය නොහැක.
ලොව පවතින අන්‍ය වූ ආගම්වල දර්ශනය අනුව පුද්ගල විමුක්තිය මරණයෙන් පසුව උරුම වන බවය. හින්දු බැතිමතුන්ගේ බ්‍රහ්ම සහවසතාව මෙන්ම ජෛන ආගමෙහි දැක්වෙන සුගතියට පත්වනුයේ මරණයෙන් පසුවය.නමුත් බුදු දහමෙහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිවන කාලයෙන් හා දේශයෙන් බැහැර වූ අධි භෞතික දෙයක්ද නොවේ. මෙලොව ජීවිතයේ දී අත්පත් කරගත හැකි වූ සමානාත්ම අවබෝධයකි. පුද්ගල අත්දැකීමෙන් තහවුරු කර ගත යුතු නිස්සාරණයකි.
මේ අයුරින් නිරෝධයත් එයට පැමිණෙන මඟත් පවතී. ජීවිතය පිදීමට පෙර මිස ඉන් පසුවද නොවේ. ආශ්‍රය ක්ෂය කළ රහතන් වහන්සේ එම තත්ත්වයට පත්වනුයේ ජීවත්ව සිටිය දීය. මෙහි ජරාමර්ශනය ගවේෂණය කරන කල්හි එය සෙවිය යුත්තේ බාහිර ලෝකයෙන් ද නොවේ. තමා විසින් ප්‍රත්‍යක්ෂ කළ හැකි සංසිඳීමකි.
මෙහිදී භාවනා වශයෙන් සිය කාර්ය හුදකලාවම කළ යුතුය. ආර්යයන් බවට පත්වන කල්හි කෙලෙසුන් ප්‍රාහාණය කිරිම උපාදිසේස නිර්වාණ අවස්ථාවය. එය කෙලෙස් පරිනිර්වාණය වේ. ජීවිතය ගෙවන අවස්ථාවෙහිම සන්දෘෂ්ටික වශයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමකි. එහිදී නිරෝධ සමාපත්තියට සම වැදීම සැම කල්හිම සිදුවීමක්ද නොමැත.බොහෝ කල්හි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයෙන් යුතුව සිටින අවස්ථාවක්ය. නිර්වාණයෙහි පරම සැපත හෙවත් නිරෝධ සමාපත්තියට අවශ්‍ය මොහොතක දී සම වැදී සිටිය හැකිය.එහිද ඇලීමක් හෝ ගැටීමක් ද නැත. කායික ලෙස සාමාන්‍ය පැවතුමෙන් වාසය කරමින් සුවසේ සමාපත්තියට සමවැදී සිටින සේක. නිබ්බාන ධාතු සූත්‍රයෙහි එය මනා ලෙස තහවුරු කෙරේ. ශාසනයෙහි යම් භික්ෂුවක් ආශ්‍රය ක්ෂය කරමින් අරහත් වෙයි. බඹසරව වැඩ නිම වන්නේය. විමුක්තිය පිළිබඳ කළ යුතු කටයුතු ද නිමා කරයි. සද්භාවයට පැමිණෙයි. මනාව පරිදි දැන මිදුනෙකි. භව සංයෝජන ක්ෂය කර ඇත. පසිඳුරන් අවිකලව ඇති බැවින් ඉටු අනිටු අරමුණද ගනියි. සැප දුක් විඳින්නෝමය, යම් කිසි කාම රාගයක් ප්‍රහාණය කෙරේද? ද්වේෂයක් බැහැර කෙරේද, මෝහයක් නොමැති වන්නේද එයට සඋපාදිසේස නිබ්බාන ධාතුව වනු ඇත. ලොව කිසිවක් අහේතුකව සිදු නොවේ. එසේම කිසිවක් එකම වූ හේතුවෙන් ද හට නොගනී. කිසිම අවස්ථාවකදී කිසිම ඵලයක් තනිව ම හට නොගනී.පෙළ දහම අනුව හේතුඵල වාදය අර්ථ දක්වා ඇත්තේ හේතු සහ ඵලය යන වදන අනුසාරයෙනි. එහිදී මතුවන පටිච්ච යනු පවතින හේතුව ලෙසය. පටිච්ච සමුප්පන්න යනු එය නිසා හටගත් ඵලය ලෙස පැහැදිලි වෙයි.ලොව නිරතුරුව පවතින නියාම ධර්මතාවකි. අමුතුම නිර්මාණයක්ද නොවේ සනාතන දහමය.
එය නොදැනීම හේතුවෙන් සත්ත්වයෝ අවුල් වූ තණපත් මෙන් සැප නැති කරන ගති ඇති දුගතියන්හි ඉපිදී සිටින්නෝය. දහම යනු ලෝක ස්වභාවයකි. එය තේරුම් ගත යුත්තකි. හේතුවෙන් පවතින යම් ධර්මයක් වේ ද එම හේතුව මනා ලෙස සර්වඥයන් වහන්සේ වදාළහ. එසේම එහිම නිරෝධයක් මැනවින් වදාළහ.
බුදු දහමෙහි විදහාලන අනුභූ®තිවාද ලක්ෂණය ද මෙම ධර්මය තුළින් ප්‍රකට වෙයි. වාස්තවික් සිද්ධාන්තයකි. ගුරුත්වාකර්ෂණය මෙන් ස්වභාවිකව පැවතීමය.අනාවරණය කර ගත් ධර්මතාවයකි. විමසා දැන අවබෝධ කර ගත හැකිය. බෞද්ධ මූල ධර්මයන් මෙන්ම සාන්දිට්ඨිකය. පවත්නා කාලයෙහි ප්‍රත්‍යක්ෂයෙන් දත යුතු ධර්මයකි. එසේම දුක නිසා ශ්‍රද්ධාව ප්‍රමෝදය පී‍්‍රතිය, කායික හා මානසික සැපය, සමාධිය, තත් වූ පරිද්දෙන් දර්ශනය වේ. අනත්‍යතාවය විරාගය, විමුක්තිය ආශ්‍රය ක්ෂය කිරීම පිළිබද ඥාන යනාදි පිළිවෙළට විදහා දැක්වෙයි.
හේතු ප්‍රත්‍ය සම්බන්ධතා අනුව විමුක්තිය ලැබීම ද පැහැදිලි කෙරේ. ටික ටික එකතු වෙයි ඇළ, දොළ, ගංගා ඔස්සේ ද ගලාගෙන යනු ඇත. අවසානයේ සාගරයට එක්විය හැකිය. දුක නම් වූ දිය බිංදු විමුක්තිය නමැති මුහුදට ගලා යාමක් පරිදි සිදු කළ දේශනාවන්මය. විවිධ වූ අරමුණ ඔස්සේ නොයෙක් ස්වරූපයෙන් ඉදිරිපත් කොට පැවතීමකි. නොයෙක් තැන්හි සිදු කළ දේශනා තුළ අන්තර්ගත සංඛ්‍යාවෙහි ද විවිධත්වයක් දක්නට ඇත. එසේම එහි පවත්නා වූ ශෛලිගත ස්වරූපයද වැදගත්ය. චතුරාර්ය සත්‍යයෙහි මුල හා අග කෙරෙහි එක එල්ලේම සම්බන්ධ වීමකි. සසරෙහි පැවැත්ම මනා ලෙස විග්‍රහ කර දක්වයි. එය කෙරෙහි දක්වන උත්සාහයේ උපරිම ඵලයක් ද විදහාලයි. අනුලෝමව ගත් කළ දුක්ඛ ප්‍රභවයක් මතු වෙයි. ප්‍රතිලෝමව සැලකකූ කල්හි දුක්ඛ ප්‍රහාණයක් විවරණය කෙරේ. අවිද්‍යා ආදි අංග දොළහ අනුලෝම ප්‍රතිලීම සහ එම දෙකෙහි එකතු වූ සමඟත් ත්‍රිවිධ ආකාරයක් දක්නට ලැබෙයි. එමගින් ගම්‍ය වනුයේ ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රත්‍ය සමුප්පාදය වේ.
මහා නිදාන සූත්‍රයේ අංග දොළහ කැටිකර ගනිමින් අංග නවයක් ලෙස පවතී. උපත හා අවසානය හේතු ඵල ධර්මය අනුව සිදුවන බව තර්කානුකූලව විස්තර කෙරේ.
එය සත්‍ය ලෙසම විද්‍යානුකූ®ලය. එමගින් අහේතුක හා අප්පච්චය වාදයන් මෙන්ම ඊශ්වර නිර්මාණ ආදි වාදයන්ද ප්‍රතික්ෂේප වෙයි. මෙහි අර්ථය වඩාත් තීව්‍ර ලෙස ව්‍යක්ත කර සැසැඳීමෙන් මනා ලෙස පැහැදිලි වේ. ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහය ‘ධම්මටිඨිකා ‘ නම් වේ. එසේම ඵල ධර්ම හැසිරවීමට වෙහෙස වීමට අවශ්‍ය වන්නා වු කරුණු සමූහය ධම්ම නියාමතා වශයෙන් දැක්වේ. මෙම ඵල ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්ම සමූහය ඉදපච්චයතා නම් වේ. පටිච්ච සමුප්පාදය වෙසෙසීම සඳහා බෙහෙවින් ප්‍රයෝග කර දැක්වීමකි. ඵලයන්ගේ පැවැත්මට මෙන්ම මෙහෙයවීමේදිත් ඇති වීමේදිත් අවශ්‍ය කරුණු සමූහය වේ.
අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ජනිත වේ. සංස්කාර ඇතිවීමට හේතු වූයේ ද අවිද්‍යාවය. එසේම සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. හේතුව නිසා ඵලය උපදී. ධර්මය තුළින් ප්‍රකට වන අරමුණ දෙකක් පටිච්ච සමුප්පාදය තුළින් දර්ශනය වේ. පළමුව සන්තානගත හා සමාජගතව ඇතිවන්නා වූ ආකාරය විවරණය කිරීමකි. දෙවනුව එය නැතිවන ආකාරය පහදා දීමය. සසර පිළිබඳ යථා තත්ත්වය හා පැවැත්ම විග්‍රහ කිරීම තුළින් මතුවන ගැටලුව විසඳාලනු ඇත. ඒ සඳහා අවශ්‍ය කුසලතා කෙරෙහි යොමු කිරීමක් ද සිදු කෙරේ. උත්තරීතර ප්‍රඥාව තුළින් නිවන අවබෝධය පිණිසය.
මෙය ඇති කල්හි මෙය වෙයි. එනම් හේතුව පැවතීම නිසා ප්‍රතිඵලයක් පවතී. මෙය ඉපදීමෙන් මෙය උපදී. හේතුව හට ගැනීමෙන් ඵලය හයට ගනී. මෙය නැති කල්හි මෙය නොවේ. හේතුව නොපවත්නා බැවින් ප්‍රතිඵලයක්ද නොපවතී. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි. හේතුවක් නොමැතිව ප්‍රතිඵලයක්ද නොමැත. එසේම වෙනස් නොවන කිසිම දෙයක් විශ්වයේ ම නැත. සෑම තැනකදීම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්ද මතුවෙයි. එක ධර්මයක අභාවය අනෙක් ධර්මයේ අභාවයටද හේතුවේ.ඇතැම් දෙයක් කාල වශයෙන් අනුක්‍රමික ව පැවැත තවත් දෙයක ඉපදීමට හේතුවේ. පරිසර සාධක හිතකරවූ විට බීජයන් වර්ධනය වේ.
එසේම යමක් ඇති කරන පවත්වන හේතුව නොමැති වූ විට එම ඵලය ද නැතිවී යනු ඇත.මෙය මේ දෙයට ප්‍රත්‍ය වෙයි.ආශ්‍රය වේ යන්න පිළිබඳවය. විශ්ව සාධක වූ සියල්ල පරාදීන පර ප්‍රත්‍යය බවක් අපේක්ෂා කරයි. සාපේක්ෂකත්වය වඩාත්ම ප්‍රකට වේ. යමක් ඇතිවන්නේ තවත් දෙයක් අනුවය. ලොව සියලුම සිද්ධීන් අන්‍යෝන්‍ය සම්බන්ධතාව මත ජනිත වූවකි. එබැවින් ඒකකත්වයක්ද නැත. සාපේක්ෂ බව බහුලව පැවතීමකි. නිරපේක්ෂ , බ්‍රහ්ම, ආත්ම, දේවත්වය වැනි මූල හේතුන් ද ප්‍රතික්ෂේප කරමින් බුදු දහම හේතුව බව සාපේක්ෂ බව ප්‍රකටව තහවුරු කරයි. අවිද්‍යාව ද මුල් හේතුව නොවේ. එය ද සාපේක්ෂය. අවිද්‍යාව හට ගන්නේ ආශ්‍රව හට ගැනීම නිසාය. නමුත් ආශ්‍රව ඇතිවන්නේද අවිද්‍යාව හේතුවෙන්ය. විඤ්ඤාණය ඇති කල්හි නාම රූප ඇතිවේ. නාම රූප හේතුවෙන් විඤ්ඤාණ ඇතිවේ. එකක් අනෙකකට අධාර වීමක් ලෙසය. දෙකම එකිනෙකාට ආනතව තැබූ බව කෝටු මිටි දෙක නොවැටෙන සේ පවතී. එකක් ඉවත් කළ විට අනෙක වැටෙනු ඇත. එසේමය.
පටිච්ච සමුප්පාදය සංයුක්ත නිකායේ ඇතුළත් චේතනා සූත්‍රයෙහි සඳහන් වන්නේ අංග දහයක් ලෙසිනි. විඤ්ඤාණය නාම රූප සලායතන ඵස්ස , තණ්හා, උපාදාන , භව ජාති, මරණ වශයෙනි. එසේම සංයුක්ත සූත්‍රයේ උපාධාන සූත්‍රයේ උපාධානිය ධර්ම වශයෙන් සැලකෙන ලෞකික නාම රූප ධර්මයන් ආස්වාදනය නැවත නැවත සෙවීමක් වැනිය. නැවත නැවත විඳින්නට උත්සාහ කිරීමකි. සසර දුක නමැති ගිනිගොඩට එකතු කරන දර වැනිය. දර පවතින තුරු ගිනි දැල්වෙයි. නොනිමි ඇවිළෙයි. දුක්ඛ ස්කන්ධය ගිනි මැලයකට උපමා කරමින් පටිච්චි සමුප්පාදය ගන්නා උපාධානය භව, ජාති, ජරා , මරණ ආදි අංග පහකින් අන්තර්ගත කර ඇත. එසේම සංයුක්ත නිකායේ අභිසමය සංයුත්තයේ එන අංග විස්සකින් සමන්විතය. අභිධර්ම පට්ඨාන ප්‍රකරණයෙහි දක්නට ඇත්තේ සුවිසි ප්‍රත්‍ය ලෙසිනි. බුද්ධ ඥාන මහිමයේ විලාසය අනුව හේතුඵල දහම අතිශයින්ම සුඛනම්‍ය බවක් විදහාලනු ඇත.
නිදහස් චින්තනය පොත ඇසුරෙනි.
(ගොඩගේ ප්‍රකාශනයකි)
අතුරුගිරියේ ධීරානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ වප් පුරපසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ඔක්තෝබර් මස 22 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ
ලිපියකි
No comments:
Post a Comment