මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Saturday, September 19, 2015
Friday, September 18, 2015
Thursday, September 17, 2015
Wednesday, September 16, 2015
Tuesday, September 15, 2015
මනුෂ්‍යයාට තිබෙන මාණික්‍යය කුමක්ද?
අපගේ ශාස්තෘන් වහන්සේ සැදැහැවත් දෙව් මිනිසුන් විසින් “සමන්ත චක්ඛු” නමින් මහත් ගෞරවයෙන් හඳුන්වනු ලැබුවා. එහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකය තුළ වැසුණු නොදුටු කිසිවක් ම තිබුණේ නැහැ. ඒ ආශ්චර්යවත් සම්බුදු නුවණින් මනාකොට විසඳාලිය නොහැකි කිසිදු ගැටළුවක් තිබුණේ ද නැහැ. තමන්ට නිවැරැදි ලෙස අර්ථ වටහා ගත නොහැකි ප්‍රශ්න විසඳා ගැනීමට සැදැහැ සිත් ඇති මිනිසුන් මෙන් ම දෙව් බඹුනුත් ඒ බුදුරජාණන් වහන්සේ සොයා පැමිණියේ ඒ නිසාම යි.
Monday, September 14, 2015
හෙළ කතට සැනසුමේ මඟ විවර කළ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ
ක්‍රි.පූ. 236 දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම හඳුන්වා දී නොබෝ දිනකින්ම ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ විය. උන්වහන්සේ ලක්දිවට වැඩම කළ දෙවන දිනයේම රජගෙදර පිරිසට දහම් දෙසූහ. ධර්මය ශ්‍රවණය කළ පිරිස අතර වැඩි දෙනෙක් කාන්තාවෝ වූහ. බණ අසා බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත් අනුලා දේවිය ඇතුළු කාන්තාවෝ බුදුසසුනේ පැවිදි වීමට කැමැත්ත පළ කළහ.
ස්වල්ප වූ වරදක් ජීවිතයට ම මහා විපතක් විය හැකිය
අප පසුගිය පොහොය දිනයන්හි කතා කලාක් මෙන් ‘සතිය’ හෙවත් ‘සිහිය’ පිළිබඳව සාමාන්‍ය ජීවිතයකට ගලපා බලමු. සාමාන්‍ය ජීවිතයකට අප ගලපා බැලුවොත්, ඕනෑම ජීවිතයක් යහපත් වූ චරිතයකින් හෙබි පුද්ගලයෙක් යැයි නම් ලබන්නේ, හැකිතාක්දුරට සියලු අවස්ථාවන්හි දී වැරැද්දක් නොවෙන්නට තරම් තම ජීවිතයේ, චරිතයේ පාලනයක් ඇති කරගත් මනුෂ්‍යයන්ටයි.
ගෝධික රහතන් වහන්සේ
ගෝධික හිමියන් පිළිබඳව කරුණු කාරණා සොයා බැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයා සිය හැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධික හිමියන් අපවත් වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත
Sunday, September 13, 2015
මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය
සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කලුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කළ බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා
පරිසර හිතවාදී බුදුදහම
ස්වභාවික පරිසරය පිළිබඳව බුදුදහම නිර්දේශ කොට ඇත්තේ ඉතා වැදගත් සංකල්පයක් බව අප මනාව දන්නා කරුණකි. පරිසර හිතවාදය, පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් බුදු දහම මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බුදු දහම, බෞද්ධ ආකල්ප, බෞද්ධ පරිසරය, ශ්‍රාවක චර්යාවන් සහ බුද්ධ චරිතය නිරතුරුවම ස්වභාවික පරිසරය සමඟ මනා සම්බන්ධතාවයක් පැවතීමයි.
සත්‍යයේ දර්ශනය
‘නිබ්බාණ’ යන පදයෙන් තෘෂ්ණාව නැවතීමෙහි අවස්ථාව යන අරුත උපදවයි. එබැවින් තණ්හාව ප්රමුඛ කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් මිදීම නිවනය. එකම සංකල්පය විවිධ ක්‍රමවලින් ද නොයෙක් පර්යාය අර්ථයෙන්ද දේශනා කිරීමට සමත් වූ ඥානයෙන් පාර ප්‍රන්ත වූ භාවයක් බුදුරජාණන් වහන්සේ තුළ පැවතුණු සේක. එබැවින් එකම නිර්වාණ සංකල්පය හේතුඵල පරම්පරාව දක්වන ධර්මය අනුව අවිද්‍යා ආදි ද්වා දශකයන්ගේ නිරෝධය බව පහදයි.
මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය
මානසික ක්‍රියාකාරීත්වය නිරූපණය කරනු ලබන වචනයක් ලෙස ‘විඤ්ඤාණය’ සඳහන් වෙයි. ‘විඤ්ඤාණය’ යන්නෙන් සංසාරිකව ප්‍රතීත්‍ය සමුප්පන්නව පවත්නා දෙයක් අදහස් කරයි. ‘නාම රූප සමග සම්බන්ධ වනුයේ විඤ්ඤාණය යි. මානසික ක්‍රියාකාරීත්වය මිනිස් සිරුර හා සම්බන්ධතාවකින් තොර ස්වාධීන පැවැත්මක් ලෙස ගැනීම, ආදි කාලීන ඇතැම් ආත්මවාදීන්ගේ මෙන්ම නූතන ඇතැම් දාර්ශනිකයන්ගේ ද මත ය යි. මීට ප්රතිවිරෝධීව බුදු සමය, නාම රූප සහ විඤ්ඤාණයේ අනන්‍යෝන්‍ය පැවැත්ම විස්තර කරයි.
පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?
අතේ ඇඟිලි මෙන් සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ ස්වභාවය ද එකිනෙකාට සපුරාම වෙනස් වේ. නිලයෙන්, ධනයෙන් පමණක් නොව නිරෝගීකමෙන්, උගත්කමෙන්, සමාජ පිළිගැනීමෙන්, ජනප්‍රියත්වයෙන් සහ ප්‍රියමනාප පෞරෂත්වය අතින් ද මේ වෙනස කැපී පෙනෙයි. මෙලෙස එකම රටක, එකම ගමක හා එකම පවුලක වුවද එක ලෙස උපත ලබන පුද්ගලයන් තුළ පවා පැහැදිලි විවිධත්වයක් පවතී. පහසුවෙන් බැහැර කළ නොහැකි මේ ගැටලු සක්වළ සක්මන – 37 වෙනි දැක්මෙන් නිරාකරණය කෙරේ
Saturday, September 12, 2015
බෞද්ධ කමනාකරණ පිළිවෙත්
මිනිසා ස්වභාව ධර්මයේ අනර්ඝතම දායාදයකි. එසේම ඔහු ස්වභාව ධර්මයේ එක් ඒකකයක්ද වන්නේ ය. තම අවශ්‍යතා වෙනුවෙන් ස්වභාව ධර්මයේ අනෙකුත් දායාද පරිහරණය කිරීමටත් පරිභෝජනය කිරීමටත් මිනිසාට සිදුවේ. එයින් පවතින සම්පත් ක්ෂය වීමත් විනාශ වීමත් සිදු වේ. එයට හේතු වන්නේ සම්පත් පරිභෝජනයේ දී ඇතිවන අකාර්යක්ෂම භාවය, නොසැලකිල්ල, දුරාවබෝධය වැනි කරුණුය. සම්පත් ක්ෂය වෙතැයි බියෙන් ඒවා පරිහරණය නොකර සිටීම ධර්මානුකූල නොවේ. කළමනාකරණ මූල ධර්ම ආරක්ෂා කර ගනිමින් අනාගත සංරක්ෂණ වැඩ පිළිවෙළක්ද භාවිතා කළ යුතුය.
බෞද්ධයාගේ පරිසර ප්‍රතිපත්තිය
සිගාලෝවාද සූත්‍රයේ ඇතුළත් ගාථා දෙකකි, මේ
පණ්ඩිතෝ සීලසම්පන්නෝ
ජලමග්ගීව භාසතී
භෝගේ සංහරමානස්ස
භ මරස්සේ ව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති
වම්මිකෝ වුපචීයතී
ඒවං භෝගේ සමාහත්වා
ලමත්ථෝ කුලේගිහී
ගිහි ගෙදර වසන්නට සමත් පුද්ගලයා නුවණැත්තකු හා සදාචාර සම්පන්න පුද්ගලයකු විය යුතුය. ඔහු මී මැස්සාගේ ඉරියව්වෙන් ධනය රැස් කර ගත යුතු ය. එවිට වේයාගේ තුඹස මෙන් ධන එක් රැස් වේ. මෙසේ ඔහු දිලිසෙන ගින්නක් මෙන් බැබළීමට පත් වේ.
ජීවිතය දකින කැඩපත ධර්මයයි
තථාගතයන් වහන්සේ වනාහි බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියකුගේ අවතාරයෙක් හෝ මිහි පිට දෘශ්‍යමාන වූ කිසි දේවනිර්මිත මායාරූපයෙක් හෝ නොව ඉතා දීර්ඝ කාලයක් ගුණ දම් පුරමින් වුත් අනුන්ගේ උපදෙස් නැති වැ ස්වයං ශක්තියෙන් ම නුවණ වැඩීමෙන් සියල් කෙලෙස් නසා තතුස්සත්යයන් අවබෝධ කළ අතුල්‍ය ප්‍රාඥයෝ ය. ලෝවැස්සා විඳිනා දුක් දැක කරුණායෙන් තෙත් ළයැති ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් අවබෝධ කළ චතුස්සත්යධර්මය අන්‍යයනට දේ්ශනා කොට ඔවුනට සසර දුකින් මිදීමට මග පෙන්වා වදාළ සේක. උන්වහන්සේ වදාළ ඒ ධර්මය “බුද්ධාගමය” නම් වේ. උන්වහන්සේ වදාළේ කුමක් ද? නො වදාළේ කුමක් ද? යනු මෙසේ දත යුතුයි.
ලාදුරු රෝගියෙක් මහා කාශ්‍යප හිමිට දන් පුදා දෙව් සැප ලබයි
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සෑම දිනකම වාගේ පිඬු සිඟා වඩින්නේ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන අන්ත අසරණ රෝගීන්ගෙන් පිරුණු මාර්ගවලයි. ඒ උන්වහන්සේගේ සිරිතයි.
මේ අතර එක් දිනක් මහා කාශ්‍යප මහ තෙරණුවෝ පෙරවරුවෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන නුවර දුප්පතුන් බහුල එක්තරා වීථියක පිඬු සිඟා වැඩියහ. එසේ වඩින අතරතුර එක්තරා පෙදෙසකදී ලාදුරු රෝගය වැළඳීම නිසා අතිශයින්ම දුර්වල ව ආහාර ගනිමින් සිටි අසරණ රෝගියකු දැක, මොහුට පිහිට විය යුතු ය’යි සිතා ඔහු වෙත වැඩම කළහ.
අප කොහේ සිට පැමිණෙන්නේද ?
මම තායිලන්තයේ සිටියදී අතිවිශාල සර්පයින් දෙදෙනෙකු දුටුවෙමි. එයින් පළමුවෙනියා මගේ කලවය තරම් ලොකු අඩුතරමින් මීටර් හතක්වත් දිග පිඹුරෙකි. එවැනි විශාල සතෙකු දුටුවිට ඔබට එය විශ්වාස කළ නොහැකි වුවත් එය හැබෑවකි. අවුරුදු කීපයකට පසු නැවතත් ම විසින් ද, ආරාමයේ සිටි වෙනත් බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ද එම සතා දැක ඇත. එම සර්පයා දැන් මිය ගොස් ඇති බව මට දැනගන්නට ලැබුණි. අනෙක් විශාල සර්පයා නාගරාජයෙකි.
Friday, September 11, 2015
අපට සැනසීම ලබාදෙන්න විශාල කැපවීමක් කළ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ
මහත් වූ බැතියෙන් ඒ අනගි ධර්ම දේශනය ශ්‍රවණය කළෙමි. එය සැබැවින්ම සිතට ශාන්තියක් විය. “රහතුන් වැඩි මග ඔස්සේ ගමන් කරන උන්වහන්සේ දකින්නට ලැබීමද භාග්‍යයකි. මට අසන්නට ලැබුණු ඒ අසිරිමත් ධර්ම දේශනය හුදී ජන ප්‍රසාදය සඳහා රට පුරා බෙදා හැරිය හැකිනම් කෙතරම් අගනේදැයි සිතක් පහළ විය. අවසානයේ මම උන්වහන්සේ හමුවට ගියෙමි.“ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතාම භක්තියෙන් ශ්‍රවණය කළා. මේ ධර්මය ඒ අයුරින්ම බෙදා හරින්නට ඉඩ ලබා දෙනවා ද?“මොකක්ද පුතේ ඒ කියන්නේ?” යනුවෙන් උන්වහන්සේ කරුණාභරිතව විමසූහ.“මේ ධර්ම කරුණු කැටිකර ලිපි පෙළක් පළ කිරීම ගැනයි ස්වාමීන් වහන්ස” මම පිළිතුරු දුනිමි.හොඳයි පුතේ,
Subscribe to:
Posts (Atom)
















































