වර්තමානයේ විශේෂයෙන් පුරපසළොස්වක පොහොය දිනයෙහි මෙම සීලසමාදානය විශේෂ වශයෙන් සිදු වෙනවා. මෙයට වසර තිහ හතළිහකට පෙර නම් සතරපෝයට මත්තෙන් අපේ රටේ උවසු උවැසියන් යම් පමණක් පිරිස් මේ අටසිල් සමාදන් වුණා. අනුරාධපුර, කතරගම කිරිවෙහෙර, මහියංගණ, මුතියංගණ ආදී මහා විහාරස්ථානයන්හි දහස් ගණනින් පුරපසළොස්වක පොහොය දිනයන්හි මේ චාරිත්‍රය අනුගමනය කරන උවසු උවැසියන් දක්නට ලැබෙනවා. ලංකාවේ සෑම
මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Monday, December 12, 2016
පොහොයට අටසිල් සමාදානය අර්ථවත් කරමු
දන් දුන් බත් පතෙහි ලැබූ පින මහඟුය
"දානයෙන් උපන් සියලු තැන ආහාර ලැබේවායි ද ප්‍රාර්ථනා කළේය. සිතේ අදහස පුන් සඳක් සේ ඉටුවේවායිද පසේ බුදුහිමියෝ පැතූහ."
අතීතයේ බරණැස් සිටුතුමා හදිසියේ කාලක්‍රියා කළෙන් රජතුමා ඔහුගේ පුතු ගන්ධ නම් කුමාරයාට සිටු තනතුර ප්‍රදානය කළේය. ගන්ධ සිටුවරයා නමින් ඔහු ප්‍රසිද්ධ විය. සිටු මාලිගයේ භාණ්ඩාගාරික වරයා නවක සිටු තුමන්ට භාණ්ඩාගාරය හැර පියා විසින් රැස් කොට තැන්පත් කොට ඇති අති මහත් ධනය, පෙන්වීය. පියා මෙම ධනය රැගෙන නොගොස් මෙසේ තැන්පත් කර ගියේ ඇයිදැයි
ඉලක්කයක් නැතිව ජීවත්වන්නා අයාලේ යන ගවයෙක් වගේ
පාසල් අධ්‍යාපනය ලබන කාලය ජීවිතයේ වටිනාම කාලයයි. අනාගතය තීරණය කරන කාලයයි. ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට හෙට දවස ගැන ශක්තිමත්වූත්, යහපත්වූත් බලාපොරොත්තුවක් තිබිය යුතුයි. එය මුදුන් පමුණුවා ගන්නට නම් හොඳ ඉගෙනීමක් ලැබිය යුතුයි. උදාවී තිබෙන්නේ මේ වසරේ අවසන් කාලසීමාවයි. දුවේ, පුතේ, ගෙවුන වසරේ ඉගෙනීමේ කටයුතුවල අතපසුවීම් වන්නට ඇති. දුර්වලකම් අඩුපාඩු තිබෙන්නට ඇති. එළඹෙන වසරට ඔබ මුහුණ දිය යුතු වන්නේ අඩුපාඩු , දුර්වලකම් නිසා පරාජිත වූ සිතින් නොවේ. ඒ මතින් නැඟී සිටීමේ ශක්තිමත්, ධෛර්මත් සිතිනි.
ඉලක්කයක්, අරමුණක් නැතිව යන ගමන අයාලේ යන ගවයකුට සමානය. අයාලේ යන ගවයා ගමනේ කෙළවර නොදනී.
සම්බුද්ධ ශාසනයේ ලාංකීය නිජබිම මහමෙවුනාව
මහාවංශයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙව්නා උයන වූ කලී මේ කල්පය තුළ පහළ වු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ මහා පින්බිමකි. උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්ෂයන්ද මහමෙව්නා උයනේ පැවති බව එහි සඳහන්ය.
මිහිඳු මහරහතන් වහන්සේට මහමෙව්නාව පූජා කිරීමෙන් පසු, ඒ පින්බිම තුළ ස්ථාපනය කළ යුතු වූ පුණ්‍යස්ථාන අටක් මිහිඳු මාහිමියන් විසින් දෙවන පෑතිස් රජුට පෙන්වා දී ඇත. එම පුණ්‍යස්ථාන අට මෙසේය.
දේශීය සමාජ - සංස්කෘතික අනන්‍යතාව විචිත්‍රවත් කළ මෙහෙණ සස්න හා මහා බෝධිය
සංවිධානාත්මක බවින් තොරව පැවැති ආගමික පදනමක් පැවැති සමාජයට සංවිධිත බවක් ලබාදීමට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලාංකේය ජාතික හා සංස්කෘතික අන්‍යතාවය තවදුරටත් ඔපවත් කරලීමට මෙන්ම වර්ණවත් කරලීමට සංඝමිත්තා තෙරණියගේ ආගමනය හා ශ්‍රී මහාබෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටුවීම වැදගත් පසුබිමක් නිර්මාණය කරලීය.
එබැවින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස, ශ්‍රී ලංකා ආගමික හා ජාතික ඉතිහාසයේ සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සනිටුහන් වන කාලපරිච්ඡේදයක් ලෙසින් වසර දෙදහස් තුන්සිය ගණනක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජන විඤ්ඤාණයට බද්ධ වෙමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කරගෙන තිබේ. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ලංකාගමනයත් මහබෝධිය වැඩමවීමත් ඒමඟින් දේශීය සංස්කෘතියේ ප්‍රවර්ධනයට ඇති කළ බලපෑමත් මේ සඳහා පාදක වූ බව පැහැදි කරුණකි.
ථෙරවාදී ධර්මය සුරැකි මහා විහාරය
මිහිඳු මා හිමියන් බැහැදැක, බණ අසා බුදුදහම සරණගිය තිස්ස රජතුමා විසින් අනුරපුර අගනුවරට වැඩම කරන ලෙස උන්වහන්සේට ආරාධනා කරනු ලැබීය. ඒ ආරාධනය පිළිගත් මිහිඳු මාහිමියෝ පළමුවෙන් අනුරපුර නන්දන උයනට වැඩම කළහ. නන්දන උයනේ වටපිටාව හා පරිසරය තමන්ට අගෝචර වූයෙන් ආගම දහමට, බණ භාවනාවට වඩාත් යෝග්‍ය ස්ථානයක් සලසන ලෙස මිහිඳු මාහිමියෝ තිස්ස රජුට අනුශාසනා කළහ. ඒ අනුව මහා මේඝ වනය මිහිඳු මාහිමියන්ට ගෝචර වනසේ සකස් කොට එතැනට මහා මේඝවනාරාමය ලෙස නම් තබා මිහිඳු මාහිමියන්ගේ දෝතට රන් කෙන්ඩියෙන් පැන් වඩා සඟ සතු කොට පූජා කරනු ලැබීය. මේ උතුම් පුණ්‍ය කර්මය කළ මොහොතේ මහ පොළොව කම්පා වූ බව වංශ කථාවල විවරණය වී ඇත.
උඳුවප් පොහොයයි මෙහෙණි සස්නයි
දෙසැම්බර් මාසය තමයි උඳුවප් කියලා කියන්නේ ඒ මාසේ පසළොස්වක පෝය අපට ශාසනික වශයෙන් බොහෝ වැදගත් වෙනවා. එයට හේතුව ලංකාවේ වේගවත් සංවර්ධනයකට අඩිතාලම වැටුනේ ඒ පොහෝ දිනයේ වීමයි.
දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණිය (මිහිඳු මහ රහතන් වහන්සේගේ නැගණිය) ලංකාවට වැඩම වීමත්, එතුමිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමත් දහ අට කුලයකට අයත් පිරිසක් ලංකාවට පැමිණීමත් සිදුවූයේ උඳුවප් පුර පෝදාය.
පූජනීය වූ පින්බර බෝධිය
යස්සමූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධිපාදපං
පින්වත්නි ,
සකල ජනමන සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමි දම්පුරා දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවණ යට වජ්‍රාසනාරූඪව සියලු කෙලෙසුන් සුන්කොට සිව්සත්දම් තම නැණින්ම ප්‍රත්‍යක්ෂකොට ඒ උතුම් ලොවුතුරා බුද්ධත්වයට පැමිණ වදාළ සේක.
දෙලොව සැනසෙන අමා දහම
වර්තමානයේ මාර්ගඵලලාභීහු නැතැයි කිව නොහැකිය
පිළිතුර - සත්වයන්ගේ පුනර්භවය අනුව මිනිසත් බව ලැබීම ඉතා දුර්ලභය. සැදැහැසිතින් ඉතා කුඩා ප්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි වඩන අයෙක් දිව්‍ය සම්පත් ලබති. සමාජ හිතකාමී හා සත්ව හිතවාදී සුළු ක්‍රියාදාමයකින් වුව දිව්‍ය ලෝකය ලැබිය හැකි බව “විමාන වත්ථු” විමසීමෙන් පෙනේ.
මනුෂ්‍ය භවය සුගති භව අතර විශේෂයි. ලොව්තුරු බුදුවරු පහළ වන්නේ මිනිස් ලෝකයේ මිනිසකු ලෙසයි. වර්තමාන මිනිස් ලෝකයේ සිටින සියලු මනුෂ්‍යයෝ ම පව්කාරයෝ නොවෙති. මිනිසා පව්කාරයෙකු ලෙස පවසනුයේ නිර්මාණවාදී ආගම්වලයි. මිනිස් භවය ලැබීමම මහා පිනකි. මේ මහා පින වැරදි කාය-වාග්-කර්ම නිසා නසා ගන්නෝ ලොව බහුලයි. එබැවින් මිය යන්නවුන් අතරින් කොටසක් අපා ගත වෙති. පුණ්‍ය චේතනා ගොඩනගා ගන්නා බෞද්ධයෝ අපමණ සිටිති.
කාන්තා පැවිද්දේ අතීතය සහ වර්තමානය
ථෙරවාද බෞද්ධ දර්ශනය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. මේ සම්බන්ධ විස්තර දීපවංශය, මහාවංශය, චූලවංශය යන වංශ කථා වලින් සහ චීන මූලාශ්‍ර වලින් දැක්වේ. චීන මූලාශ්‍රයන් වැදගත් වන්නේ ක්‍රි.ව. පස්වන සියවස කාලයේදි චීනයේ භික්ෂුණී ශාසනය ස්ථාපිත කිරීමට අදාළ ඉතිහාසය අතින් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ භික්ෂුණී ශාසනය නැවත වරක් ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාවලිය සහ එය ප්‍රථමවරට තායිලන්තයේ සහ ටිබැටයේ ස්ථාපිත කිරීමේ තොරතුරු අතින් ද ඉතා වැදගත්ය. ආචාර්ය තේසා බර්තෝලමියුස් (Tessa Bertholemuze) බෝ සෙවනේ කාන්තාවෝ (Woman Under the Bo Tree ) 1944 යන විමර්ශන ග්‍රන්ථයේ සවිස්තර වාර්තාවක් ඇත.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ
සමහර කර්ම අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව අහිමිකර දමයි. උදාහරණයක් ලෙස සංසාරය තුළ ගමන් කරන ගමනේදී කවදා හෝ දවසක ආනන්තරීය පාපකර්මයක් සිදුකොට තිබෙනවා නම්, හෝ සිදුකළ හොත් එම ආනන්තරීය පාපකර්මවල ස්වභාවයට අනුව කිසිඳු ඉඩහසරක් නොමැතිව අඛණ්ඩව විපාක දෙනු ලබයි.
නිවැරැදි වීම යනුචෛතසිකයන් හඳුනා ගැනීමයි
කය සහ වචනය පාලනය කර ගැනීමට හැකි වුවත්,කය සහ වචනය තුළින් සිදුකෙරෙන පාපකර්ම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නම්, පළමුවෙන්ම පවෙහි නොඇලීම යන කාරණාව වටහාගත යුතුයි.අප සියලු දෙනාගේම මනස රාගයට ඉතාම ලැදිව කටයුතු කිරීමට කැමැතියි.
පෘතග්ජන භූමිය ඉක්මවා යෑම
සෝවාන්ඵලයට පත්වීමට කැමැති පුද්ගලයා විසින් පළමුව කළ යුතු වන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් පිරිසුදු නිර්මල බුදුදහම ශ්‍රවණය කොට හෝ කියවා හෝ ඒ ගැන දැනුවත්වීමයි. ඉන්පසු එම ධර්මය තුළින් සෝවහන්ඵලය සාක්ෂාත් කළ හැකිදැයි නුවණින් විමසා බැලීම කළ යුතු වන අතර, එසේ කළ හැකිබව වටහා ගැනීමෙන් පසු ආර්ය සීලයෙන් සිල්වත් විය යුතු වෙනවා."
Sunday, December 11, 2016
ත්‍රිලක්‌ෂණය විකෘති නොකරනු!
අනිච්ච යනු අනිත්‍ය නොවන්නේද?
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පතල වූ මහා කරුණාවෙන් යුතුව ලෝ වැසියා දුකින් එතෙර කරවනු වස් අකුරු අටකින් හා පද තුනකින් යුතු ධර්මයක් දේශනා කරන සේක. එය ත්‍රිලක්‌ෂණය නම් වේ. එකී ත්‍රිලක්‌ෂණයෙන් දක්‌වනුයේ සංඛත ධර්මයන්ගේ යථාවයි. එනම් අනිත්‍ය ස්‌වභාවය, දුක්‌ඛ ස්‌වභාවය, අනාත්ම ස්‌වභාවය යන ලක්‌ෂණ තුනයි.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි පතල වූ මහා කරුණාවෙන් යුතුව ලෝ වැසියා දුකින් එතෙර කරවනු වස් අකුරු අටකින් හා පද තුනකින් යුතු ධර්මයක් දේශනා කරන සේක. එය ත්‍රිලක්‌ෂණය නම් වේ. එකී ත්‍රිලක්‌ෂණයෙන් දක්‌වනුයේ සංඛත ධර්මයන්ගේ යථාවයි. එනම් අනිත්‍ය ස්‌වභාවය, දුක්‌ඛ ස්‌වභාවය, අනාත්ම ස්‌වභාවය යන ලක්‌ෂණ තුනයි.
අසිරිමත් දිනීමක්
සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරා ඉරා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර ශෝභමාන මාවත කරවකුගේ වුව සිත් තුළ පවතිනු ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහ යතිවරයාණන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහණ වන අරණකදීය. නම් ගොත හෝ රුව පවා හෙළි කිරීමට අකමැති වූ උන්වහන්සේගේ මුව මඬලින් ගලාගිය අමා සදහම් දියෙන් බිඳක් අප ඔබ සිත් අභිමුව තබමු.
ගිහි ජීවිතය නැමැති කොටු පවුර තුළ සිරවී දිර්ඝ කාලයක් කම්කටොලු අනුභව කළ උපක ආජීවකයා තමා සරණ ගිය කපටි බිරින්දෑවගෙනුත් වංගහාරයෙනුත් මිදී සම්මා සම්බුදුන් සොයා ආවේය.
ගිහි ජීවිතය නැමැති කොටු පවුර තුළ සිරවී දිර්ඝ කාලයක් කම්කටොලු අනුභව කළ උපක ආජීවකයා තමා සරණ ගිය කපටි බිරින්දෑවගෙනුත් වංගහාරයෙනුත් මිදී සම්මා සම්බුදුන් සොයා ආවේය.
ඇවිලෙන ගිනි මැද සුවයක්
'රත්තෝ ඛො බ්‍රාහ්මණ, රාගෙන, අභිභූතො පරියාදින්න චිත්තෝ කායේන දුච්චරිතං චරිති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිFවා වාචාය දුච්චරිතං චරිFවා මනසා දුච්චරිතං චරිFවා කායස්‌ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්ප-ජති. තස්‌මායං රාගාග්ගි පහාතබ්බෝ, පරිව-ෙ- තබ්බෝ න සේවිතබ්බො ති''
'බ්‍රාහ්මණය රාගයෙන් රත් වූයේ මැඩුණේ රාගයෙන් හාත්පසින් ගත් සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි.
'බ්‍රාහ්මණය රාගයෙන් රත් වූයේ මැඩුණේ රාගයෙන් හාත්පසින් ගත් සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි.
Tuesday, November 29, 2016
මානය දියුණුවට බාධාවකි
" භාරතයේ බොහෝ ශාස්තෘවරු සිටියත් ඒ සියල්ලෝ ම අතර බුදුරදුන් මනා නිහතමානී ගුණයෙන් යුක්ත විය. ඒ සඳහා බොහෝ උදාහරණ සැපයිය හැකිය. අන්‍ය ඉගැන්වීම්වල ඇති යහපත් දේ උකහා ගැනීමට බුදුරදුන් නිහතමානී වූහ. ජෛන පංච විරතිය ඊට කදිම නිදසුනකි. එහෙත් ඇතැම් ශෘස්තෘවරු බුදු දහමේ ඇති හරය එකතු කර ගැනීමට මැලිවූහ. ඊට දැක්විය හැකි හොඳම අවස්ථාව සංජයගේ ප්‍රකාශයයි. සංජයට උපතිස්ස කෝලිත දෙපළ බුදු දහමේ සත්‍ය ප්‍රකාශ කළ විට ඔහු එය බාරගැනීමට මැලි විය. එපමණක් නොව තමන්ට හැලියක්ව සිට හැන්දක්ව විය නොහැකි බවයි."
බුදුරදුන් තුළ පැවති නායකත්ව ගුණ අතර සහනශීලීත්වය ඉතා වැදගත් වූ ගුණයකි. ශ්‍රාවකයන් උදෙසා මෙන් ම තම අනුගාමිකයන් උදෙසා ද සහනශිලීත්වයෙන් යුක්තව කටයුතු කළහ.
ජීවිතය සැපවත් කරන අරපිරිමැස්ම
"රජය ඇතැම් සම්පත් ජනතාවට ලබා දෙන්නේ ලාභයට වඩා සේවාවක් වශයෙනි. විදුලිය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පහසුකම් සැලසීමේදී රජය ක්‍රියා කරන්නේ සුබසාධකයකු වශයෙනි. "
පින්වත්නි බුදුන්වහන්සේ දේශනා කළ ධර්ම දේශනා අතර ලෞකික ජීවිතයෙහි සාර්ථකත්වය උදෙසා වදාළ එක් මාතෘකාවක් නම් අරපිරිමැස්මයි. මෙය බෞද්ධ සම්ප්‍රදායෙහි ඉතා ඉහළින් අගැයීමට ලක්වූවක් බව බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් මැනවින් ප්‍රකට වෙයි. අධිපරිභෝජනවාදී හා තරගකාරී ආර්ථික ක්‍රමයක් තුළට තල්ලු වී ගොස් සිටින ලෝකවාසීන් අරපිරිමැස්මෙන් තොරව යන ගමන කොතැනින් නිමාවේදැයි සිතා ගැනීමට පවා බැරි තරම් ය. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයින්ට යථාලාභ සන්තුෂ්ටිය අදාළ කරගත් අල්පේච්ඡ ජීවිතයක් නිර්දේශ කරන අතර එවැනි බෞද්ධ ජීවන ක්‍රමයක් මත මිනිසා පමණක් නොව ගහකොළ, සතා සීපාවා මෙන්ම ජලය, භූමිය වැනි පරිසර සාධක ද නොනැසී ආරක්ෂා වෙයි.
Thursday, November 24, 2016
ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය
වාම ශ්‍රී දළදා වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ගී‍්‍රවා ධාතුන් වහන්සේ මෙන්ම බොහෝ ශාරීරික ධාතුන් වහන්සේලාත්, ජයශ්‍රී මා බෝධින් වහන්සේ, පාත්‍රාධාතුන් වහන්සේ වැනි පාරිභෝගික ධාතුන් වහන්සේලාත් වැඩ සිටින්නේ මේ පුංචි ශ්‍රී ලංකාද්වීපයෙහිය. මේ කී පූජාවස්තුන් වටා පූජා සංස්කෘතියක් නිර්මාණය වීම දක්වා ලාංකීය ජනජීවිතය තුළට ප්‍රබල බලපෑමක් මේ නිසා ඇතිවී තිබේ.
අනෙකාගේ ජයග්‍රහණය දරාගැනීමේ නොහැකියාව ඊර්ෂ්‍යාවයි
මහා ප්‍රජාපතී ගෝතමිය සිදු කළ චීවර පූජාව
අද දහම් ලිපිය සඳහා අප සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්නාසකයේ විභංග වර්ගයට අයත් දක්ෂිණා විභංග සූත්‍ර දේශනාව පිළිබඳවයි. දන් පූජා කළයුතු වන්නේ කවුරුන් උදෙසා ද. එසේ පූජා කරනු ලබන දාන වර්ග මොනවාද? එසේ පූජා කරන්නා වූ දානයන් හි ආනිසංස මොනවාදැයි මේ දක්ෂිණා විභංග සූත්‍ර දේශනාවෙන් පැහැදිළිකොට දක්වනවා.
අපි පළමු කොට සූත්‍ර දේශනාවෙහි අදහස තේරුම් ගෙන පසු ලිපි පෙළකින් මෙහි සඳහන් වන දානයන් හා එහි ආනිසංස පිළිබඳව සාකච්ඡා කරමු.
භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරනවා. දිනක් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අලුතින් කළ වස්ත්‍ර යුගලයක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට මනාකොට වන්දනා කරමින් අනතුරුව එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වූ මහා ප්‍රජාපතී ගෝතමි දේවිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ සඳහන් කළා. භාග්‍යවතුන් වහන්ස, මා සතු මේ අලුත් වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පිළියෙල කළේ. මා විසින් ම නූල් කැට එනම් නූල් කඩමින් මා විසින් ම වියන ලද්දක්. මා විසින් එසේ සකස් කරන ලද මේ වස්ත්‍රය මා කෙරෙහි අනුකම්පා කොට පිළිගනු ලබනු සේක්වා.
අපල සපල කරගෙන ප්‍රශ්නවලින් ගොඩඑමු
රස තෘෂ්ණාවෙන් වැනසෙන්නට ගිය සුන්දර සමුද්ද තෙර වත
බොහෝ විට බොහෝ පිරිස් සමඟ දෙව්රම් වෙහෙරට යාමටත් නිතර නිතර බුදුරදුන්ගෙන් ධර්ම ශ්‍රවණයටත් හුරු පුරුදුව සිටි සුන්දර සමුද්ද එක් දිනක් පිරිසක් සමඟ දහම් අසද්දී ගිහිගෙයි වසමින් පිරිසුදු බ්‍රහ්මචර්යාව රැකිය නොහැකි අයුරු පෙන්වා දුන් බුදුරදුන්ගේ දෙසුමක් කෙරෙහි විශේෂයෙන් පැහැදිණි. එසේ නම් පැවිදි විය යුතු යැ’යි අදිටනින් ඔහු ඒ සඳහා බුදුරදුන් වෙතින් අවසර ප්‍රාර්ථනා කළේය. එහෙත් දෙමාපිය අනවසරයෙන් පැවිද්ද ලබා දිය නොහැකි බව බුදු හිමියන් වදාළ බැවින් නිවසට පැමිණි ඔහු තම අදහස දෙමාපියන් ඉදරියේ තැබුවේය.
ධර්මය පහුරක් වැනිය එය එතෙර වීමට මිස කර තබාගෙන යාමට නොවේ
" මෙම කරුණ උපමා කතා ගෙනහැර දක්වමින් සඳහන් කරන්නේ මෙලෙසිනි. සර්පයෙකුගෙන් වැඩ ඇති පුරුෂයෙක් වනයට ගොස් සර්පයකු දැක කඳින් හෝ වල්ගයෙන් හෝ අල්ලා ගනියි. එසේ අල්ලා ගත් කළ සර්පයා පෙරලා අල්ලා ගත් පුරුෂයාටම පහර දෙන්නාක් මෙන් ධර්මය අවැසි පුද්ගලයෙක් වැරදි ලෙසින් ධර්මය අල්වා ගතහොත් ඔහුට ම පෙරළා දීර්ඝ කාලීන දුකට හේතුවක් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාව විස්තර කර දෙයි."
අලගද්දූපම සූත්‍ර දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා සමයක ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂූන් වහන්සේ අරබයාය. අලගද්දූපම සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් සූත්‍ර දේශනාවකි. ‘අලගද්ද’ යනු සර්පයා යන අදහසයි. සර්පයෙක් උපමා කොට දේශනා කළ සූත්‍රයකි. ඕපම්ම වර්ගයට අයත් සූත්‍ර දේශනා සියල්ල ම දේශනා කර තිබෙන්නේ උපමා කතා ආදේශ කරගෙනය.
ධාර්මික ගොවිතැනක් වස විස නැති රටක්
‘අනාගත දහම වන්නේ විශ්ව ලෝකීය ආගමකි, එය ස්වකීය සර්වබලධාරි , මැවුම්කාර දෙවියන් ඉක්මවා යා යුතු අතර සිද්ධාන්තයක් ලෙස සළකා හුදු මතයක් සහ දේව ධර්මවාද වලින් බැහැර වූවක් විය යුතුය. ස්වභාවිකත්වයත්, අධ්‍යාත්මිකත්වයත් යන දෙකොටසම අන්තර්ගත කර ගනිමින් එහි පදනම කරගත යුත්තේ, ස්වභාවිකත්වයේ හා ආධ්‍යාත්මයේ එක්වීම,සියලුම දේ තුළින් ඍජුවම අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වීම නිසා හට ගන්නා ධාර්මික අවබෝධයයි.”
ගීතයෙන් බණ කී ධර්ම ප්‍රචාරකයා
අර්ථාඞ ගෘහේ නිවර්තන්ති
ක්ෂමසානේ මිත්‍ර බාන්ධවාඞ
සුකෘතං දුෂ්කෘතං චෛව
ච්ඡන්තමිව ගච්ඡති
මේ සම්භාවිත ධර්මපාඨයෙන් කියැවෙන්නේ අප ගත කරන මේ ජීවිතයේ අවසානය පිළිබඳවය. ජීවිත කාලයක් පුරා රැස්කරනු ලබන ධනය හා වත්කම් නිවසේ හෝ බැංකු ගිණුම්වල නවතිනු ලැබේ. ඉතා ආදර සමාදර පෙරටුව ඇසුරු කළ දූ දරුවන් ආදි ඥාති මිත්‍ර පිරිස සුසාන භූමියේ නවතිනු ලැබේ. එහෙත් එසේ අතර මග නතර නොවී අප සමගම අනිවාර්යයෙන්ම ගමන් කරන එක් දෙයක් ඇත. එනම් ජීවත්වන කාලය පුරා අප විසින් කරන හොඳ හා නරක ක්‍රියාවන්හි ප්‍රතිඵලයයි. එසේත් නැතිනම් සිත කය වචනය යන තුන්දොර මෙහෙයවා කළ කී හොඳ හෝ නරක දෙයෙහි ආනිශංස හෝ විපාක ශක්තියයි.
මේ නයින් සලකන විට පසුගියදා රාජ්‍ය ගෞරව මැද අවසන් ගමන් ගිය ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්, තම කර්මානුරූප ගමනේ දී ගෙන යන්නට ඇත්තේ කුමක්ද? වයස අවුරුදු 88ක් තරම් දීර්ඝ වූ එතුමාගේ ජීවන කාර්යය සංසිද්ධිය විමසා බලන විට පෙනී යන්නේ, මහා පරිමාණ කුසලානිසංස ප්‍රමාණයක් එතුමා පරලොවට ගෙන යන්නට ඇති බවය. ඒ පිළිබඳ ධර්මානුකූලව විමසා බැලීම ජීවත්ව සිටින,
හොඳ - නරක විනිශ්චයෙහිබොදු පිළිවෙත
හොඳ , නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදි මඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන පුද්ගලයා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු බුදුරදුන්, දහම් හා සඟුන් සරණ යයිද (යො ච බුද්ධං ච ධම්මං ච සරණං ගතො) එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි (චත්තාරි අරිය සච්චානී සම්මපඤ්ඤාය පස්සති) දක්වන සඳහනින් ද ඉස්මතුකොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතිය හා පුද්ගල ශක්‍යතා ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරැදිව හඳුනාගත යුත්තකු විය යුතුය. එබඳු පුද්ගලයකුගේ බුද්ධිමය අවකාශය ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරැදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.
පුද්ගලයකුගේ ශක්‍යතාවය පිළිබඳව තමා විසින් නිශ්චය කළයුතු බවත් අගැයුම ද ඉන් ලබන ඵලයද තමා සතුවන ආකාරයත් බුදුදහමින් අවධාරිතය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. (අත්තා හි කිර දුද්දම)අපහසු වුවද තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය.
ධර්ම දානයෙහි ආනිශංස රැසක්
“සද්ධම්මො පරම දුල්ලභො” සද්ධර්මය පරම දුර්ලභය. සද්ධර්මය යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොට දෙසා වදාළ නවලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මය වේ. අනුන් වෙනුවෙන් ධර්ම දානය කළ හැකි ක්‍රම කිහිපයක් දැක්වේ. ධර්ම දේශනා කිරීම, කරවීම, හා ධර්ම පූජා කිරීම, දහම් පොත් පත් මුද්‍රණය කර බෙදා දීම,ධර්මය ඉගැන්වීම, සීලයෙහි පිහිටුවීම, ධර්මය ඉගෙන ගන්නා සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම, ධර්ම ශාලා කරවීම, ධර්මායතන කරවීම මේ සියලු දේ ධර්ම දානමය කුසලය ලැබීමට හේතු වේ.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන විට එක්තරා දෙවියෙක් පැමිණ දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද?
එක් පැත්තක් දකින්නෝ වාද කරමින් ගැටෙන්නෝ
‘සැවැත්නුවර එක්තරා රජෙක් විය. හෙතෙම එක් පුරුෂයකු අමතා, ‘එම්බා පුරුෂය, සැවැත් නුවර යම්තාක් උපතින්ම අන්ධ වූවන් වේ නම් ඔවුන් එක් තැනකට රැස් කරව“යි අණ කළේය. රජ අණ ලත් පුරුෂ තෙමේ එසේම කළේය. රජුටද ඒ බව දැන්වීය. “එසේ නම් සගය, ඒ ජාත්‍යන්ධයනට ඇතෙකු දක්වව“යි රජ තෙමේ දෙවනුව අණ කළේය. පුරුෂ තෙමේ, ඇතා මෙබඳු යැයි ඇතැම් අන්ධයන්ට ඇතුගේ හිස දැක්වීය. (අතගෑමට සලස්වන ලදී) ඇතැමුනට කන දැක්වීය. ඇතැමුනට ඇතුගේ දළයක් ද, ඇතැමුනට සොඬ ද දැක්වීය. ඇතැමුනට දැක්වූයේ ඇතුගේ කඳ හෙවත් සිරුරය. ඇතැමුන්ට පයක්ද,ඇතැමුන්ට කළවද දැක්වීය. ඇතැම් අන්ධයන්ට ඇතුගේ නගුට දැක්වූ අතර ඇතැමුන්ට වල්ගය දැක්වීය.
රජ තෙමේ උප්පත්ති අන්ධයන් වෙත පැමිණියේය. තොප විසින් ඇතා දක්නා ලද්දේ දැයි විමසුවේය. එසේය දේවයන් වහන්ස, අපි ඇතා දැක්කෙමු. අන්ධයෝ පැවසුහ. ඇතා කෙබඳුද? යනු රජු ඉන්පසුව ඇසූ ප්‍රශ්නයයි.
හිස අත ගෑ ජාත්‍යන්ධයෝ ඇතා කළය බඳු යැයි කීහ. කන අත ගෑවෝ ඇතා කුල්ලක් වැනි යැයි කීහ. දළ අත ගෑවෝ ඇතා හී වැල වැනි යැයි කීහ. සොඬ අතගෑවුන් පැවසුවේ ඇතා නඟුල් හිස බඳුය යනුවෙනි.
ප්‍රවේශමෙන් වචන පරිහරණය කරන්න
බුදුරජාණන් වහන්සේ අපට නිවන පිණිස උතුම් මාර්ගයක් පෙන්වා ඇත. එනම් අංග අටකින් යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ තුළ විග්‍රහ වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන කාරණා ප්‍රගුණ කිරීම පිළිබඳවයි. සීලය අංග තුනකි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවයයි. සමාධි යටතේ අංග තුනක් විග්‍රහ වේ. එනම් සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධිය ප්‍රඥා කොටස යටතේද අංග දෙකක් විග්‍රහ වේ. එනම් සම්මා දිට්ඨියත්, සම්මා සංකල්පයත්ය.මෙසේ බෙදා දැක්වීමේදි මුල් මාර්ග අංග දෙක ප්‍රඥා කොටසට අයිති වුවද නිවන් මග ඔබ තුළ ප්‍රගුණ වන්නේ සීල,
සම්මා දිට්ඨිය තුළින් දැනගන්නා කුසලය සහ කුසල මූලය
සොරකම සහ වැරැදි කාම සේවයනයයි.'
තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දුක් විඳින මිනිසුන්ට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දෙසා වදාළ සේක. ඒ මාර්ගයේ ගමන් කොට නිදහස් වූ තථාගතයන් වහන්සේ අපටද ඒ මාර්ගය වදාළේ අප කෙරෙහි ඇති වූ අප්‍රමාණ වූ කරුණාව නිසාවෙනි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අප ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන දෙකෙන් එකකට අයත් වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ දෙක අතරින් වර්ණනා කළ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය කවරාකරදැයි සම්මාදිට්ඨි සූත්‍රයෙන් මනාව පිළිබිඹු වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා
1. අකුසලය දැන ගනියි.
2. අකුසල මූලය දැනගනී,
3. කුසලය දැන ගනී.
4. කුසල මූලයද දැන ගනී.
අකුසලය වශයෙන් දස අකුසලය මෙසේ විස්තර වෙයි.
(1. ප්‍රාණඝාතය
(2. අදත්තාදානය
(3. කාමමිථ්‍යාචාරය
(4. මුසාවාදය
(5. කේලාම් කීම
(6. රළු වචන කීම
(7. හිස් වචන කීම
(8. විෂම ලෝභය
(9. ව්‍යාපාදය
(10. මිත්‍යාදෘෂ්ටිය යන අකුලසයන්ය.
ඒ වගේම මෙම අකුසලයන්ට හේතු වන්නා වූ අකුසල මූලයන් දක්වා තිබේ
1. ලෝභය
2. ද්වේශය
3. මෝහය යන අකුසල මූලයන්ය.
සම්මාදිට්ඨිකයා කුසලයද, කුසල මූලයද දැන ගන්නා බව ඉන්පසු දක්වා තිබෙයි. මෙහිදී දස කුසලය මෙසේ දක්වයි. ප්‍රණඝාතයයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිථ්‍යාචාරයෙන් වැළැකීම, බොරු කීමෙන් වැළැකීම, කේළාම් කීමෙන් වැළැකීම, පරුෂ වචනයෙන් වැළැකීම, හිස් වචනයෙන් වැළැකීම, විෂම ලෝභයෙන් වැළැකීම, ව්‍යාපාදයෙන් වැළැකීම මෙන්ම සම්මා දිට්ඨිය ද කුසලයක් වෙයි.
ඒ වගේම මෙම කුසලයන්ට හේතු වන්නා වූ කුසල මූලයන් මෙසේ දක්වා තිබේ.
1. අලෝභය කුසල මූලයකි,
2. අද්වේෂය කුසල මූලයකි
3. අමෝහය කුසල මූලයකි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මේ කියන ලද අකුසලයත් අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් මනා ලෙස දැන ගනීද, ඔහු සියලු ආකාරයෙන් රාගානුසය නැතිකොට පටිඝානුස්සය දුරු කොට මම ය යන දෘෂ්ඨිය මුල්කරගත් මානානුසය නසා අවිද්‍යාව හැර දමා විද්‍යාව උපදවා මේ ආත්ම භවයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳව ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මය ගැන පැහැදෙන ලක්ෂණයෙන් යුක්ත වෙයි. පෘථග්ජන භූමිය ඉක්මවා ලෝකෝත්තර භූමියට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආර්ය ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨිය පිහිටන්නේ ඔහු කාරණා හතරක් ගැන මනා ලෙස දැන ගන්නා බැවිනි. ඒවානම්
1. අකුසලය දැන ගනී,
2. අකුසල මූලය දැනගනී,
3. කුසලය දැනගනී,
4. කුසල මූලය දැනගනී.
මෙයට අමතරව ආර්ය ශ්‍රාවකයා අකුසලය නමින් නම් කරන ලද දස අකුසල් මනාලෙස දැන ගනී. එයට හේතු වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් බව මනා ලෙස දැන ගනී. දස අකුසලයන්ගෙන් වැළැකීම දස කුසලය බව දැන එයට හේතුව අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් බව මනා ලෙස දැනගනී.
මේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් වී දස අකුසල් සිදු වන්නේ කෙසේද? සිතෙහි කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරයද තුනකි. ඒ අනුසය, පරියුට්ඨාන හා විතික්කම යි. අනුසය අවස්ථාවේ ක්‍රියාත්මක වන සිතිවිලි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් වශයෙන් දැක්වේ. පරියුට්ඨාන අවස්ථාව යනු - සිතින් සිතන අවස්ථාවයි. ලෝභ, ද්වේෂ මෝහ මනසින් ක්‍රියාත්මක කිරීම චේතසික කර්ම වශයෙන්ද දක්වා තිබේ. චේතසික කර්ම වශයෙන් හඳුන්වනු හෙවත් සිතින් කරන පව් තුනකි. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි ඒවායි. මේවා සිතෙහි කි‍්‍රයාත්මකවීම පරියුට්ඨාන අවස්ථාව හෙවත් ඇතුළත සිතිවිලි කැකෑරෙන අවස්ථාව ලෙසින් දැක්වේ. මේවා සිතෙහි ම යෙදෙන අකුසල කර්ම නිසා, පව් නිසා චේතසික කර්ම වශයෙන් දක්වා තිබේ. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි සිතෙහි පාලනය කර ගත නොහැකි විට ඒවා කයින් සහ වචනයෙන් ක්‍රියාත්මක වේ. එළියට දැමේ. පිට කෙරේ. සමාජගත කෙරේ. විතික්කම අවස්ථාව යනු එම අවස්ථාවටයි. සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය, සොරකම සහ වැරැදි කාම සේවයනයයි. බොරුකීම, කේළාම්කීම, පරුෂවචන කීම, හා හිස් වචන කීම වචනයෙන් සිදුවන පව් හතරයි. මේ අනුව සිත, කය සහ වචනය යන තුන් දොරින් සිදු කරනු ලබන වැරැදි සියල්ල දහයකි. මේ දහය ම සිදු කරනු ලබන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් නිසාය.
මේ අකුසල මූලයන් අතුරෙන් මෝහය නම් වූ අකුසලය සෑම අකුසල ක්‍රියාවකට මුල් වෙයි. අනෙක් සිතිවිලි ඒ ඒ ක්‍රියාව අනුව වෙනස් වෙයි. ඒ අනුව ලෝභය මුල් වී අභිජඣාව නම් සිතින් කරනු ලබන පව් ද, සොරකම හා කාමය වරදවා හැසිරීම නම් කයින් කරනු ලබන පව්ද, බොරුකීම නම් වචනයෙන් කරනු ලබන පවද සිදුවෙයි. ද්වේෂය මුල් වී ව්‍යාපාදය නම් වූ සිතින් කරනු ලබන පවද, සත්ත්ව ඝාතනය නම් වූ කයින් කරනු ලබන පවද සිදුවෙයි. පරුෂ වචනකීම සහ කේලාම්කීම නම් වූ වචනයෙන් කරනු ලබන පව්ද සිදුවෙයි. මෝහය මුල් වී මිච්ඡාදිට්ඨි නම් වූ සිතින් කරන වරද ද, හිස් චචනකීම නම් වූ වචනයෙන් කරනු ලබන පවද සිදුවයි. මෙහිදී කයින් වචනයෙන් සිදු කරනු ලබන පව් චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. කයින් වචනයෙන් සිදු කරනු ලබන එම ක්‍රියාවන්නට සෘජුවම සිතින් කරනු ලබන වැරැදි හෙවත් නරක සිතිවිලි වන අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි තුන මුල්වන බැවින් ඒවා චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. මේ කියන ලද ක්‍රමවේදය මනා ලෙස දැනගැනීම “අකුසලං ච පජානාති” වශයෙන් හඳුන්වයි. එසේ ම අකුසලයන් නිසා ඇති වන විපාක මිහිරි ඒවා නොවන බවත්, කටුක වේදනාබර ඒවා බවත් ඒවා නිසා දුක් විඳින්නට සිදුවෙන බවත් ඒ අනුව මෙලොව සහ පරලොව කිසියම් දුකක් තිබේනම් එයට මුල මේ ලෝභ, ද්වේශ, සහ මෝහයන් නිසා ඇති වූ අකුසල කර්මයන් බව දැන ගැනීමද මෙහි දී “අකුසලංච පජානාති” යන්නෙන් අදහස් කරයි.
ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේශ, මෝහ සිත තුළ ඇති වන්නේ කෙසේදැයි නුවණින් දැන ගනී. සත්ත්වයා තම ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නම් වූ අරමුණු පි‍්‍රයමනාප ලෙසින් රස විඳින්නට යාම නිසා මෙම අකුසල මූලයන් සිතෙහි ඇතිවයි. උදාහරණ ලෙස යමෙක් ඇසින් රූපයක් දකී. ඒ රූපය ලස්සන රූපයක් නම් පි‍්‍රයමනාප රූපයක් නම් ඒ තැනැත්තාගේ සිතෙහි ඒ රූපය නිසා කිසියම් වින්දනයක් ඇතිවෙයි. එය වේදනාව යනුවෙන් පැවසේ. පි‍්‍රයමානප රූප නිසා ඇතිවෙන වේදනාව සුඛ වේදනාවකි. අපි‍්‍රය අමනාප රූපයක් නම් ඇතිවන්නේ එය දුක්ඛ වේදනාවකි. පි‍්‍රයත් නැති, අපි‍්‍රයත් නැති රූපයක් නම් ඇතිවන්නේ මැදහත් වේදනාවකි. මෙයත් උපේක්ෂා වේදනාවක්. මේ කියන ලද සුඛ වේදනාව නිසා ඇතිවන්නේ ලෝභයක්. දුක්ඛ වේදනාව නිසා ඇතිවන්නේ ද්වේෂයක්. උපෙක්ඛා වේදනාව නිසා ඇතිවන්නේ මෝහයකි. ඒ අනුව සිතෙහි වන අකුසල මූලයන්ට හේතු වී තිබෙන්නේ මේ තුන් ආකාර වේදනාවයි. “අකුසල මූලං ච පජානාති” යන ප්‍රකාශයෙන් කියැවෙන්නේ ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේෂ, මෝහ ඇති වන්නට හේතු වූ මේ ත්‍රිවිධාකාර වේදනාව ද මනා ලෙස දැනගන්නා බවයි.
තලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
සසර අපාගතනොවන්නෝ
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධානතම බලය හා ශක්තිය හිමි වී ඇති කර්මය’යි කියනවිට එය සියයට සියයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවා. මෙහිදී චේතනාත්මක කර්මය’යි අප විසින් අදහස් කර තිබෙන්නේ. මේ කරුණ වැඩිදුරටත් පෙළෙහි පෙන්වා දෙන්නේ “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා” මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ, කර්මය කියලා කියන්නේ චේතනාව” යන අදහසයි. යමක් සිතිවිලි වශයෙන් සිතූ පමණටම එය කර්මයක් විය හැකි බව ඒ විදියෙන් ගත්තහම ඒ කියන කර්ම රැස් කරන ප්‍රධානම මාර්ග තුනක් වෙනවා.
නිවනට මඟ සදන පීති සම්බොජ්ඣංගය
සත්ත බොජ්ඣංගයන් අතර සිව්වැන්න සේ සැලකෙන්නේ පීති සම්බොජ්ඣංගයයි. සතුට විපුල භාවය, සමෘද්ධිය වැනි අරුත් එම වචනයෙහි ගැබ් වී ඇත. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් කියවෙන්නේ අරූපි ධර්මයෙකි. එය එසේ කී පමණින් පීති සම්බොජ්ඣංග ධර්මය වැටහෙන්නේ නැත.
දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන චතුරාර්ය සත්‍යය තේරුම් ගත් යම් සිතක් වේ නම්, එම සිතෙහි ඇතුළත් ව තිබෙන සති,
ගිනියම් වූ සිතැඟිවලට ඉඩදෙන්න එපා
‘අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමී - කෝ ඉමං විජටයේ ජටං’
තං තං ගෝතම පුච්ඡාමී - කෝ ඉමං විජටයේ ජටං’
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස! මේ ලොව මිනිසුන්ගේ ඇතුළාන්තය ගැටලුව. බාහිරත් ගැටලුය. ලිහා ගන්නට බැරි, විසඳා ගන්නට බැරි පැටලිලි ගොඩක සිරවී මිනිසුන් විඳින මේ වේදනාව, පීඩාව, අසහනකාරී බව විසඳන්නට සමතා කවරෙක්ද?
Monday, November 21, 2016
මත් උවදුර බුදුන් වහන්සේ විග්‍රහ කළ අයුරු
මුදල් හම්බ කරන්නවුනට හොඳම ජාවාරමක් වූ බාල, තරුණ, මහලු කොයි කවුරුත් පහසුවෙන් පොළඹවා ගත හැකි. පහසුවෙන් වැළඳ ගත හැකි, දුක සේ බැහැර කළ යුතු මත් වතුර, මත්ද්‍රව්‍ය වර්තමාන ලෝකයේ සංවර්ධනය වූ සහ සංවර්ධනය වන්නාවූ හැම රටකම පාහේ මුහුණ පාන්නට සිදුවී ඇති ප්‍රධාන පෙළේ උවදුරකි.
පුද්ගලයා හා සමාජය දැනුමෙන්, විනයෙන් පසෙකට ඇද දමන, අර්ථයෙන් ධර්මයෙන් පිරිහීමට පත්කරන, සාමය, සංවරය හා සදාචාරය වල්බිහි කරවන, සුව පහසුව, සෞඛ්‍ය අකා මකාදමන, සිහිය නුවණ විකල් කරන,
අර්හත් ධජයෙන් ලොවම එකලු කළ ඉල් මහ පොහොයේ අසිරිය
මහ රහතන් වහන්සේ සැට නමක් ලොව මුල්වරට ධර්ම ප්‍රචාරක කටයුතු ඇරැඹීම , බුදුරදුන් තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම වීම, සැරියුත් මහරහතන් වහන්සේගේ මෑණියන් මගඵල ලැබීම හා උන්වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම, මෙත් බෝසතුන් නියත විවරණ ලැබීම හා පසුවස් පවාරණය කළ යුතු දිනය මෙන්ම කඨින චීවර පූජාව සිදු කළ හැකි අවසන් දිනය ආදී බොහෝ ශාසනික වටිනාකම ඇති දිනයක් ලෙස ඉල් මස පුර පසළොස්වක දිනය හඳුන්වා දීමට පුළුවන.
බුදුරජාණන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් වහන්සේ සමඟ මුල්වරට වස් සමාදන් වූ අතර එම වස් කාලයේදීම ප්‍රථම ධර්ම දේශනාව පවත්වා උන්වහන්සේ සැමටම රහත්වීමට මග පෙන්වා වදාළ සේක.
Friday, November 18, 2016
Thursday, November 17, 2016
මාර්ගයන් අතර විශිෂ්ටතම මාර්ගය
මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා
පින්වත්නි,
මෙය ධම්ම පද පාලියෙහි විසිවන (20) වග්ගයෙහි ආරම්භයෙහිම දැක්වෙන එකට සම්බන්ධවී ඇති ගාථා සතරක ආරම්භක ගාථාවයි.
ලොව අතීතයෙහි පහළ වී ඇත්තාවූත්, වර්තමානයෙහි පහළව පවත්නාවූත් අනාගතයෙහි පහළවිය හැකිවූත් සියලු ආගමික ශාස්තෘන් හා ඔවුන් විසින් දක්වන ලද හා දක්වනු ලබන ආවසානික විමුක්තීන් හා එම විමුක්ති සාදනය සඳහා පෙන්වා දුන් හා පෙන්වා දෙනු ලබන සියලු විමුක්ති මාර්ගයන් අතරින්,
Sunday, November 6, 2016
විරිය සම්බොජ්ඣංගය
සප්ත බොජ්ඣංගයන් අතර තුන්වැන්න සේ සැලකෙන්නේ විරිය සම්බොජ්ඣංගයයි. වීර්යය කායික ,මානසික වශයෙන් දෙවැදෑරුම් වෙයි. එය බොජ්ඣංගයක් වශයෙන් ගත් විට එයින් මානසික ශක්තිය අපේක්ෂා කරනු ලැබේ. පටන් ගත් කටයුතු අතර මග නොනවත්වා නිමාවක් දක්නා තුරු කිරීම වීර්යයේ ලක්ෂණයයි. එම ගති ලක්ෂණය ඇත්තෝ වීර ගණයෙහිලා සැලකෙති.
ආරම්භක ධාතු , නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්යය තුන් වැදෑරුම් වෙයි. ඒවා අනුපිළිවෙළින් ගත් විට එකකට වඩා එකක් ප්‍රබලය. ආරම්භක ධාතු වශයෙන් සැලකෙන පළමු වන වීර්යය කාමාශාවන් දුරු කිරීම පිණිසත්, නික්කම ධාතු නමින් සැලකෙන දෙවන වීර්යය කෙලෙස් සංසිඳුවීම පිණිසත්, පරක්කම ධාතු නමින් සැලකෙන තෙවන වීර්යය කෙලෙස් බැමි කඩා බිඳ දැමීම පිණිසත් හේතු වෙයි.
මියගිය අතීතය නූපන් අනාගතය හා අත්දකින වර්තමානය
දිනක් බුදුරදුන් හමුවීමට පැමිණි එක් දේවතාවෙක් උන්වහන්සේගෙන් මෙසේ විමසුවේය. වනගත ව වැඩ සිටින, එක් වේලක් අහර වළඳන, ශාන්ත වූ බ්‍රහ්මචාරී පැවිද්දෝ කුමක් නිසා ප්‍රසන්න පෙනුමෙන් යුක්ත වන්නෝද?බුදුරජාණන් වහන්සේ
මෙසේ වදාළහ. ඔවුහු අතීතය (ඉකුත් වූ දේ ) ගැන ශෝක නොකරති. අනාගතයේ (නොලැබුණු දේ ) ගැන නොපතති. එබැවින් වර්තමානයෙහිම යැපෙති. අනාගතයට අයත් (නොලත් දෙය ) පතන, අතීතයට අයත් (ඉකුත් වූ දෙය ගැන) ශෝක කරන අනුවණයෝ සිඳ දැමූ බව දණ්ඩක් මෙන් වියැලෙත්. ඔවුන්ගේ වර්ණය (පෙනුම) දකින්නන් පහදවන්නේය
මෙහි පළමු ප්‍රකාශය සියලු කෙලෙසුන් කෙරෙන් මිදී ගත් බුද්ධාදී උතුමන්ගේ නොවේ නම් වනගතව පැවිදි දම් පිරූ විරාගී උතුමන්ගේ චින්තනය අර්ථවත් කරයි. දෙවන ප්‍රකාශය කෙලෙස් භරිත වූ අවිදු අඳුරෙහිම වසන්නා වූ අනුවණ ලෝ වැස්සන් ගැන එනම් අප ගැන කියන්නකි.
Thursday, October 27, 2016
සිතිවිලි හා විමුක්තිය
සිත හැදීම යනු චින්තනය සැකසීම වේ.
ධාර්මික ගොවිතැනකට බුදු දහමේ මඟ
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ ගොවිතැන් සහ ඒ හා බැඳි පැවැති සංස්කෘතික ලක්ෂණ අගය කරමින් දේශනා ගණනාවක් අපට දැකගත හැකිය. ගොවියා යනු ‘බෙත්තානං ආධිපතීනි ඛත්තියෝ’ යනුවෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇත්තේ කෙතට අධිපති වංශය රාජවංශය යනුයි. මෙය සිංහල වහරේ කියැවෙන්නේ ගොවියා රජකමට පවා සුදුසු වන බවයි.
එසේම ගොවිතැන ධාර්මික ව්‍යාපාරයක් වන බවත් එය මූලික බෞද්ධ දර්ශනයක් සමඟ බැඳී පැවැති බවත් සූත්‍ර දේශනා විග්‍රහයේදී මනාව පැහැදිලි වේ. භික්ෂූන් වහන්සේගේ චීවරය සකස් වනුයේ ද කුඹුරේ ඇති ස්වභාවය අනුකූල කරගනිමිනි. කුඹුරේ ඇති ක්‍රමවත් බව සහ බිම් සැකසීමේ ඇති සුවිශේෂි ලක්ෂණ බුද්ධ චීවරයට එක් කිරීම විශේෂත්වයකි.
පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් තිබේද?
බුදු දහම තුළ දුක පමණක් විග්‍රහ කර ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලැබුවද, බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳවද විමර්ශනය කරමින් විග්‍රහ කර දේශනා කර තිබෙනවා රූපය ආස්වාදයක් බව දැනගත් පසු රූපයේ ආදීනවයන් කෙසේද? නිස්සරණය කෙසේද? යනුවෙන් විමර්ශනය කරමින් ලබාගත් නිවැරැදි අවබෝධය සියලු සත්වයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාරා ඇත. වේදනාවෙන් ලැබෙන ආස්වාදය කුමක්ද?ආදීනවය කුමක්ද?නිස්සරණය කුමක්ද? ෙමි ආදී වශයෙන් සංඥා , සංස්කාර, විඤ්ඤාණ ආදී වශයෙන් විමර්ශනය කරමින් බෝධිසත්ව අවධිය තුළම මෙම තත්වය විග්‍රහ කරගැනීම සඳහා කල්පනා කර තිබෙනවා.
වර්තමාන සමාජ ක්‍රමය අතීත සමාජයත් සමඟ අර්ථවත්ව ගැළපිය යුතුයි
පරණ කොස් ලෑලි කෙතරමි වටිනවා වුවත්, සියල්ල අලුතෙන්ම ලබාගත යුතුය යන සංකල්පය මත එම කොස් ලෑලි ඉවත්කර නොවටිනා ලීයක් පොලිස් කරමින් භාවිතයට ගන්න අවස්ථා නැතිවා නොවෙයි. ලූණූ මිදෙල්ල වැනි ලීයක් පොලිස් කර දුන් විට එය ලබාගනී.
Subscribe to:
Posts (Atom)














